Sunday, November 23, 2014

අපෙ සිත්වල නෑ ක්‍රෝදේ විහිළුවටයි විවාදේ...............




කරුණාරත්න අබේසේකර හා ගුණරත්න අබේසේකර යන 

දෙසොහොයුරන් හා ජෝතිපාල හා මිල්ටන් පෙරේරා යන ගායකයන්

දෙපළගේ සුසංයෝගයෙන් බිහිවූ සොඳුරුතම ගී පෙළක්. ගීතයකට 

පිළිතුරු ගීත ලෙස බිහිවූ මෙම ගී පෙළ රසික හදවත් අමන්දානන්දයට 

පත්කළේය.බලන්න මේක කොතරම් සුන්දර වාදයක් උනාද කියලා.

අපේ අවාසනාව මෙවැනි නිර්මාණ අද බිහි නොවීමයි ..... 



01.අනංගයා මන් අනංගයා......

අනංගයා මන් අනංගයා අනංගයා මන් අනංගයා
ආදරේ ප්‍රේමයේ සුරලොව තනතුරු දැරූ
අනංගයා මන් අනංගයා අනංගයා මන් අනංගයා

රාම සිතා එක්වුණේ රාධ ක්‍රිෂ්ණා ලන්වුණේ
සාලිය කුමරුට අශෝක මාලාවන් අත්වුණේ
මා හින්දය් මේ ලොවේ හැම යුවලම එක්වුණේ
අර සුර ලොවෙ මනු ලොවේ කොතැනත් මගෙ බල පෙනේ

තරුණ හදක් සොයනවා මල්සර පහ යොදනවා
මේ උක්දඩු දුන්න නමා මල් හීයෙන් විදිනවා
කුල බලේ නිල බලේ දන බලේ පන්නලා
අතුපැලේ මාලිගේ පෙම්වතුන් ලන්කලා

පැන දුවන්න ඕන නෑ දුක් විදින්න ඕන නෑ
මා ජීවත්වනතුරු මේ පෙම්ලෝකය පාළු නෑ
ආදරේ ප්‍රේමයේ සුරලොව තනතුරු දැරූ
මල්සරා පෙම්සරා මගුල් සක්වලේ රජා

ගායනය - එච් .ආර් ජෝතිපාල 
ගී පද - ගුණරත්න අබේසේකර  


මේකට පිලිතුරු ගීය................

02.සුපෙම් ලොවේ කුසුම්සරා......

සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා
ඔය අනංගයා තමය් මහා පෙම්හොරා

රාජ දරුවො රාජ ඔටුනු අත්හළේ
සාලිය කුමරුන් රැදෙව්වෙ රොඩි පැලේ
රාවණ රජු සිතා කුමරි හිරකළේ
වානරා හනුමන්ත මන්ද මැව්වෙ ගිනිමැළේ
කුස නර නිරිදා ඩුක් වින්දේ ඇත්හලේ
අනංගයා නිසයි 

කුලය නිලය ධනය බලය සලකලා
වටින තරුණ තරුණියන්ව නැතිකළා
වස විෂ බොන්නේ මිය යන්නේ එල්ලිලා
අනංගයා නිසයි 

දෙමපියන් වැඩිහිටියන් නොසලකයි 
උදේ දවල් රෑ යාමේ දහ දුකයි 
මේ මල් හීසර විදින දුන්න හරි සැරයි 
අනංගයා වසයි 

ගායනය - මිල්ටන් පෙරේරා 
ගී පද - කරුණාරත්න අබේසේකර  

03.පෙම්වතුන්ට සරනේ....

පෙම්වතුන්ට සරණේ අනංගයා මමනේ
පෙම් සටනින් පැරදී දොස් නැගීම වැරදී

පෙමින් වෙලී කාලිදාස මහා කවක් බිහිකළේ
කලාකාමි කවි සිත් වල කවි රසයක් මතු කළේ
සන්ගීතය පෙම් ගීතය පණගන්වා ඔප කළේ
අනංගයා මමය් ලොවේ මහා හපන්කම් කළේ

මහානාග ළග ෂීලා ජයපාලද මාලිනී
ආදරයෙන් එකතු උණා අතුල සමග රෝහිණී
නැපෝලියන් සීසර් වැනි අයටත් ආලය දැනී
මගෙහීසර පහර ලබා පෙම්ගීයෙන් මත්වුනී

ඉස්තිර ආලය නොතකා දෙතුන්දෙනෙක් ගැන සිතා
වස බොන්නේ මිය යන්නේ චපල සිතක් ඇති නිසා
කවුරුන් කොය් ලෙස කීවත් රජා මගුල් සක්වලේ
තරුණ ලොවේ රජදහනේ මම පෙන්වමි මගෙ බලේ

ගායනය - එච් .ආර් ජෝතිපාල 
ගී පද - ගුණරත්න අබේසේකර

මේකට පිලිතුරු ගීය................

04.අනංගයා සරණේ .....

අනංගයා සරණේ පෙම්වතුන්ගේ මරණේ 
තරුණ තරුණියන්ට නොමැත දෙවියනි රැකවරනේ
බ්‍රිතානියේ කිරුළ අයිති විල්සන් අධිපදයා 

මල් සරගෙ හීය වැදී රජ සැප හැරදා ගියා 

දුෂ්මන්තා කුමරු සමග ශකුන්තලා පැටලුනේ 
මල් දුන්නෙන් විදපු නිසයි ඇවිදිනකොට ඇය අනේ ..කවියන් ගත් කරුවන් ලොව උමතුවෙලා වැළපුණේ 
අනංග හී සරය නිසයි සක් දෙවියන් ගොළු උණේ 

ලෙයිලා මජ්නූ පෙම් කතාව හද දෙදරන පුවතකි 
කුසුම් සරා වාසි අතට පගා ගහන මිනිසෙකි
සෙල්ලම් බට දුන්නෙන් විද මුවා වෙලා සැඟවිලා 

මිල්ටන් වැනි මහ කවියන් මල් සරාට රැවටුණා 
රෝමියෝ ජුලියට් වාගේ පෙම් බැඳියන් රැවටුණේ 
මල් දුනුවට මල් සරාය මැව්වේ හද ගිනි මැලේ....

ගායනය - මිල්ටන් පෙරේරා 
ගී පද - කරුණාරත්න අබේසේකර  

අන්තිමට ජෝති මිල්ටන් එකතු කරල මෙහෙම සින්දුවක් හැදුවා......

05.අපි සන්තෝසෙන් ඉන්නේ...

අපි සන්තෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ
අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී
එක හැලියේ බත් කන්නේ එක සෙව්නේ නිදියන්නේ
අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී

අපෙ සිත්වල නෑ ක්‍රෝදේ විහිළුවටයි  විවාදේ
අනුනට නෑ ඔරවන්නේ අවිහින්සක ලෙස ඉන්නේ
සැපතේ විපතේ වේවා එක්වී එකටම ආවා
අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී

සින්හල රජිඩෙකු පෙරදා මිතුදමේ අගය පහදා
තම හිතවත්කම පෙන්වා මහ ගිනිමලයට පැන්නා
දුක සැප දෙකේම වාසෙ ඇදි බිත් සිතුවම් රූසේ
අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී

හැමදා උපදින වාරේ හමුවේවා සංසාරේ
කවදත් එකටයි ඉන්නේ කිසිවිට නෑ වෙන් වන්නේ
ජීවිතේ මිහිර විදිමු ප්‍රීතියෙන් ගීත ගයමු
අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී

ගායනය - ජෝති / මිල්ටන් 
ගී පද - කරුණාරත්න අබේසේකර / ගුණරත්න අබේසේකර

 අනංග වාදයේ සින්දු ඔක්කොම මෙතනින් අහන්න


.............................................................................
ප .ලි
මේ සිදුවීම ගැන වැඩි විස්තර අපිත් එක්ක බෙදාගන්න එකතු වෙන්න . වැරදි තියනවානම් පෙන්නා දෙන්නෝ ....

Wednesday, November 19, 2014

මව් ගුණ ගීත ..........



පියගුණ ගී කලින් පොස්ට් එකේ දාපු නිසා මේ ගමන මව් ගුණ ගී ටිකක් දාන්නම් .කලින් එකේදී මම ඉල්ලා හිටියා පොස්ට් එකේ නැති සින්දු මතක් කරන්න කියලා .බලමු මේ පොස්ට් එකේදී වත් මතක් වෙයි ද කියලා .මව් ගුණ ගී නම් පොස්ට් කීපයක් දාන්න වෙයි වාගේ ....


01-ආදරයේ උල්පත වූ අම්මා

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ...
‍ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී...

සඳ දිය කොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූවා...
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා...

ආද‍රයේ උල්පත වූ...//

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැදී
ගෙන දී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා...

ආදරයේ උල්පත වූ...//

ගායනය හා සංගීතය -වික්ටර් රත්නායක
පද රචනය-  ප්‍රේමකීර්ති ද අල්විස්
මෙතැනින් අහන්න 


02- මිහි මඬලේ අඳුරු කුසේ

මිහි මඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා..
අහස් තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා..
නිල් දෙරණේ තුරුලිය මත
මල් සම්පත අම්මා..
තුරුලිය මත පිපි කුසුමේ
පර සම්පත අම්මා...

සිය දහසක් නෙක ලෝදා
එළිය කරන අම්මා..
සොලොස් කලා පිරි පුරහඳ
එළිය කරන අම්මා...

මිහි මඬලේ අඳුරු කුසේ...

සඳ නැති රෑ සක්වල තරු
එළිය කරන අම්මා...
උදා ගිරෙන් ලොවට අදින..
ලහිරු මඬල අම්මා...

මිහි මඬලේ අඳුරු කුසේ...

ගායනය/සංගීතය : නන්දා මාලනී
පද රචනය :ඩබ්ලිව් ඒ. අබේසිංහ
මෙතැනින් අහන්න 

03- සියක් ආයු ලැබ

සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් - ඔබ ජීවත් වේවා
මෙතේ බුදුන් කල ලොවේ උතුම් ළඳ
විශාකාව වේවා

මහා පොළොව සේ නිහඬ නිසංසල
ඔබේ දයාබර හදින් ගලා එන
ආදර ගීතය ලොව සනහාලන
බුදු බණ පදයක් වේවා

ගතේ රුහිරු ලේ කිරි පෙව් සෙනෙහස
සුවඳ ගලා ගිය ඔබෙ මව් හදවත
නිවන් පුරට යන මංපෙත හෙළි කළ
පහන් ටැඹක් වේවා

ගායනය : ටී.එම්. ජයරත්න
පද - රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය - එච්.එම්. ජයවර්ධන
මෙතැනින් අහන්න


04- කඳුළු හෙලා නෑඹිලියට

කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා
සුසුම් හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා
වෙල් දෙණි වල ඇවිද ගොසින්
වෙරළු ගෙනැත් අම්මා

ඉණි වැට ළඟ බලා හිදී අපි එන තුරු අම්මා
මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
අම්මාවරුන් දුක් වින්ඳා හඬාලා

දරුවන් අනේ රජ වෙන තුරු මග බැලුවා
දුක සැපබලන්නට නාවත් සෙත් පැතුවා
දරු සෙනෙහසින් මුහුඳත් කඳුලක් කරවා
බුදුවන පුතුන් හට ඇය ඉණිමං තැනුවා

පද රචනය: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය: බන්ධුල විජේවීර
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
මෙතැනින් අහන්න


05 - කසාවත ගත දැවටි

කසාවත ගත දැවටි ඇති මට
නුඹේ මළ ගමදී
වටා පතගෙන නුඹේ ගුණ කඳ
කියනු බැහැ අම්මේ//

සියක් මවු ගුණ කියා ඇතිමුත්
සෙනෙහේ සිතුවිල්ලෙන්
බිදක් නුඹේ ගුණ කියනු කොහොමද
නෙතග කදුළැල්ලෙන්...//

කසාවත ගත........

පෙරුම් පිරුවත් සසර කතරෙහි
යළිත් හමුවේ නම්
නිවන් දක්නට එක්ව පැතුමක්
පතන්නම් සෙනෙහෙන්...//

කසාවත ගත........

ගායනය - ටී.එම්. ජයරත්න
පද රචනය - කැටවල බුද්ධසිරි හිමි
සංගීතය -අශෝක කොවිලගේ
මෙතැනින් අහන්න

06 - කරුණා සුවඳ තවරාලූ

කරුණා සුවඳ තවරාලූ හද පියුමේ
මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
ලේ කිරි කරලා මට පොවලා 
මා හැදු වැඩු අම්මේ
පුංචිකාලෙ දණ ගාගෙන යන විට 
නැගිටින්නට අත දුන් අම්මේ
හොඳින් නරක දේ වෙන්කරලා
ඔවදන් දුන් අම්මේ
මතු සංසාරෙදි ඔබේම පුතු ලෙස 
උපදින්නට පතනෙමි අම්මේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
බඩගිනි වීලා හැඩු විටදී 
මට බත් කැවු අම්මේ
පාසල් යවලා උගන්නලා මට
මා ලොකු මිනිසෙකු කළ අම්මේ
ආදරයෙන් මට අඩගහලා 
පුතා කියූ අම්මේ
ඔබ මතු බුදුවී දහම් දෙසන විට 
මමත් නිවන් දකිනෙමි අම්මේ..........

ගායනය - නිහාල් නෙල්සන්
ගී පද - කොලින්ස් අලුත්ගේ
මෙතැනින් අහන්න

07- දවසක් පැල නැති ‍හේනේ 

දවසක් පැල නැති ‍හේනේ 
අකාල මහ වැහි වැස්සා 
තුරුලේ හංගාගෙන මා 
ඔබ‍ තෙමුනා අම්මේ
පායනතුරු හිටි පියවර 
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යටකරගෙන 
නින්දා වැහි වැගිරුනදා
බිරිඳකගේ සෙනෙහෙ ගියා 
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී 
දැනුනා මට අම්මේ

කොළඹ අහස කළුකරගෙන 
මුහුදු හුළඟ හඬලනකොට ‍
ඔටුන්න බිම දා දුවගෙන 
එන්නද එක පිම්මේ
මම එනතුරු ඉදිකඩ ළඟ 
ඉන්නවාද අම්මේ

ගායනය /සංගීතය - ගුණදාස කපුගේ
පද රචනය - රන්බණ්ඩා සෙනෙවිරත්න 
මෙතැනින් අහන්න

08- වෙහෙරක් වගේ

වෙහෙරක් වගේ පිංදුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ....

සයුරක් වගේ කිරි දුන් කෙනෙක්
වෙරළක් වගේ පණ දුන් කෙනෙක්
ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ....

කදුළක් වෙලා දුක් වූ කෙනෙක්
දියඹක් වෙලා තුටු වූ කෙනෙක්
ගගුලක් වෙලා පැන් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ....

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ගී පද -පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි

09- සොම්නස හෝ සන්තාපය

සොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවේ සිහිවේ අම්මා
කරුණා ගුණයේ සාරය සොයලා නිමකට පිළිරුව අම්මා

ආදරයේ බලමහිමේ රතු ලේ සුදු වූවා
මෑණිය ගේ සෙනෙහසිනේ රට ජාතිය හැදුවා
නිල්මිණි රන්කැට මේවා ඕනේද ඕනෑ නෑ ළග අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා

පාවෙන සුළගේ සිසිලස මවමින් පෙන්වයි සාමය අම්මා
ජීවනයේ පුජාවෙන් පිදුවත් මදි අම්මා
නිල්මිණි රන්කැට මේවා ඕනේද ඕනෑ නෑ ළග අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා

ගායනය / සංගීතය -සුසිල් පේ‍්‍රමරත්න
ගී පද - සරත් විමලවීර 
10- ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් සිත නෑ නිදි විඳ ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැනනින්දේ හීන දකින්නේ
මහ මායාවනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ

ගමට කලින් හිරු....

වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙන විට විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවට ඇවිලෙන පහන් වැටක් වී තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විශාකාව වී මෙත් මග නෙත් හමුවේවා
ඇත් රැජිණියනේ ඔබෙ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා

ගමට කලින් හිරු....

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ගී පද /සංගීතය  - සුනිල් දයානන්ද කෝනාර


.....................................................................................................
ප .ලි
වැරද්දක් තියනවානම් නිවැරදි කරගන්න පෙන්නලා  දෙන්නෝ ............
ජය වේවා ..
-----------------------------------------------------------------------------

Wednesday, November 12, 2014

පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි ....!!!!!!

ඕන් එහෙනන් ආවඩා ආයුබෝවේවා කියලා හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා මේ සින්දු ටික එකම තැනකට ගත්තා. හැමෝම කියනවානේ පිය ගුණ ගී ලියවුනා මදි කියලා .ඉතින් අපි හැමෝම දන්නා ඒවත් මෙතැනට එකතු කරන්න බලමු .ඊට පස්සේ බලමුකෝ ලියවෙලා තියනවා මදිද කියලා :)



දරු දුක උහුලා
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා

මහ මෙර වැනි බර සිතින් උහුලනා
කඳුළැලි සමුදුර නෙතින් සඟවනා
දරු දුක උහුලා
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා

මව් ඇතිදාටත් සෙනෙහස පුදලා
මව් නැතිදාටත් තුරුලේ රකිනා
සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා


ගායනය - අමරදේව 
ගීපද - ධර්මසිරි ගමගේ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස.
(පූජා චිත්‍රපටයෙන්)


....................................................................






පිතු සෙනෙහේ පිදු පියකු නොමැති ලොව
දූ දරුවන් හිනැහී ඇතිදෝ
උන්ගේ සිත රැඳි තනිය මකන්නට
මවුනට කවදා හැකි වේදෝ

හිරු මඬලක් සේ කිරණ බෙදාදී
නුග සෙවණක් සේ සිසිල සදා දී
ජිවිතයේ බර උරින් දරා
පියවරුමයි ලොව මහ සයුරක් වී
ලොවම නිවා ලන්නේ

මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
පෙරුම් පුරා එන සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ
පියවරුමයි ලොව බුදු වන මවුනට
ඒ විවරණ දෙන්නේ


ගී පද: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: දීපිකා ප්‍රියදර්ශණී


....................................................................






සියක් උල්පත් මවා දී නිසලව ඉඳිනා
නමක් නැති මහ කන්ද ඔබ
අප්පච්චි..අප්පච්චී....

ඔබෙන් දිය ලැබ සාරවූ
තුරුණු කෙත් වතු දෙස බලා
නොපෙනෙනා තරමින් සිනාසී
නිසලවම ඉඳිනා
අප්පච්චී..අප්පච්චී

මෙහෙවරට ආලයේ සිතා
වෙහෙස නොබලා වෙහෙසෙනා
තෙත් ගුණය මෙත් ගුණය සඟවා
අකම්පිත වත් පා
අප්පච්චී අප්පච්චී

සියක් උල්පත් මවාදී නිසලව ඉඳිනා
නමක් නැති මහ කන්ද ඔබ
අප්පච්චි අප්පච්චී


ගායනය: කසුන් කල්හාර..



....................................................................






අන්දර යායේ වැව්  තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොළේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී…

වලාකුළේ දා බිඳු තවරා
මහ පොළොවට මහ වැසි ගෙනෙනා
දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
පුතු සෙනෙහේ කඳුළැලි සලනා…

තුරු හිස මුදුනේ මල් පලඳා
කැකුළු මුවට පලවැල නෙළුවා
ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ
සිදාදියට එන මං තැනුවා… 

පද - කුමාර ලියනගේ
තනුව - රෝහණ ධර්මකීර්ති
හඬ - කරුණාරත්න දිවුල්ගනේ


....................................................................




මහ කනදරා වැව ඉස්මත්තේ
සොහොන් සුළං ඉකි බිදින කනත්තේ
මහ බැත කන්දක් රකින තාත්තේ
දෙනෙතට නින්දක් නැතිද දැනෙන්නේ//

රං කොත වාගේ ගං මැංඩිය මැද
පිං හිත කවදාවත් නැත පෑරී
මතු බුදු වෙන් බෝධියක් අසල නොව
මහ කනදරා වැවේ
නිසසල ඉස්මත්තේ

මහ කනදරා වැව ඉස්මත්තේ
සොහොන් සුළං ඉකි බිදින කනත්තේ
මහ බැත කන්දක් රකින තාත්තේ
දෙනෙතට නින්දක් නැතිද දැනෙන්නේ//



ගායනය - සනත් දේවප්‍රිය 

පද සහ සංගීතය - සුනිල් දයානන්ද කෝනාර 






....................................................................






වන්නි වන පෙතේ 
ගම් දනව් පුරා නිවහන 
වංක ගිරි වනේ වෙසතුරු 
සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..…

කන්ට බෑ කියා තනියම එන්ට යයි කියා ගමටම 
බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පලදී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..

කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනියම බුදිති බෝ දුකින් 

ගායනය : සුනිල් එදිරිසිංහ

පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ



....................................................................







සාර විටක් දී 
ව්‍යාජ මුවින් ඔබ 
උන් පිනවා හිනැහෙනවා 

අපේ දිළිඳු නිවසේ 
අණ සක්විති 
ගෙජ්ජි හඬවමින් 
විකට මුවින් 
දෙනෝ දහක් මැද 
විනෝදයක් වී 
අප ජිවත් කරවනවා 

මගේ තාත්තේ 
වැලපෙන මා හිත 
ඔබ පය පාමුල 
හඬා වැටී හිඳිනා 

පාට පාටින් පාර පුරා 
පාන රැඟුම මා 
කඳුලු අතරින් බලා හිඳින්නෙමි 
නොපෙනෙන මානෙක මුවා වෙවී 

නැති බැරි කම් දුක හිත පටවාගෙන 
කහට බැඳුනු මුව දත් විදහා 
සාර විටක් දී ව්‍යාජ මුවින් ඔබ 
උන් පිනවා හිනැහෙනවා 

මගේ තාත්තේ 
ඔබෙ අසරණ රුව 
එක මොහොතක මට 
රජෙක් වගේ පෙනෙනා 

අපේ දිළිඳු නිවසේ 
අණ සක්විති 
ගෙජ්ජි හඬවමින් 
විකට මුවින් 
දෙනෝ දහක් මැද 
විනෝදයක් වී 
අප ජිවත් කරවනවා 

මගේ තාත්තේ 
වැලපෙන මා හිත 
ඔබ පය පාමුල 
හඬා වැටී හිඳිනා



ගායනය - අමරසිරි පීරිස්

ගී පද -අජන්තා රණසිංහ
සංගීතය -ප්‍රේමසිරි කේමදාස


....................................................................







රන්මැලිසෑය විය දිවි අඹරට නැගුණ
සුදොවුන් පියා විය සක්විති මග තනන 
සමනළ පවුව විය දුක සැප සම දරණ
පිය මහ රජුනි අප ගෙපැලේ රජ කරන

අසනි වැසි රුදුරු වග වළසුන් අතරේ 
සිවුමහ දෙවිඳු වී නිති රැකවල් සැදුවේ 
හිරුටත් කලින් අවදිව කෙත්වත් තැනුවේ 
බෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ..... 

බුධදස් නිරිඳු සේ අත් බෙහෙතක් හදලා 
පැල ඉනි වැටෙත් ගණපති රූපය ඇඳලා 
තුසිතෙක ඉසුරු පැලවට සිවුකොණ තබලා 
ලොවුතුරු සුව විඳි අප රජවනු දැකලා ......


ගී පද :- පුජ්‍ය කිරඹ සුමංගල හිමි 

ගී තනු : - මනෝරි උග්ගලගේ
ගායනය :- සුනිල් එදිරිසිංහ



....................................................................







ගෙඩි සියයක් බිම හෙළුවත් 
අපප්චිට එක ගෙඩියයි
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ

ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ

පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියාගන්න නංගියේ
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ

ගෙඩි සියයක්...//


ගායනය : නන්දා මාලිනී

පද රචනය : සමන් ප්‍රියදර්ශන
සංගීතය : ආනන්ද ගමගේ 


....................................................................






දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න
ගුරු හරු කම් හොඳ නොහොඳ ත් කියලා දුන්න
මහළු ව බැරි වුනාම ඔබ හට ඇවිදින්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න......//

ලෙඩක් දුකක් හැදුනාමත් ළඟම දැවටෙන
උකුල් තලේ උරේ තබා නටා නළවන...
සුරංගනා කතා කියා කතා පවසන
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින......

වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා
මම තරුණෙකි කවදා හෝ එය ඉටුවෙන දා...
දෙපා නැමඳ බුලත් අතින් තෑගී ගෙනෙන දා
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදා නොවරදා.....



පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව හා සංගීතය: පුණ්‍යසිරි මහවත්ත
ගායනය: සිසිර කුමාර ප්‍රනාන්දු

....................................................................






අව්වේ මුතු කැට වපුරා
ඒ මුතු පණමට හරවා
අපේ කුසේ ගිණි නිවලා
නුඹ කුස ගින්නේ
ඉද හිනැහෙන්නේ අපේ අප්පච්චි
නුඹ කුස ගින්නේ අපේ අප්පච්චි

අපා දෙපා සිව්පාවුන්
ගෙන එන වින වලකන්නට
සනසා නුඹ අප වටකර දඬු වැට වෙද්දී
මහා කැළේට ඇස් මානා අපේ අප්පච්චී

ජීවිතයේ බඹර වෙලින්
පැණි හොයලා රූටන්නේ
හිත හයියට කල වැල් පොට වර පොට වෙච්චී
විරිය පාරමිත පුරන අපෙ අප්පච්චී



ගායනය - ක්‍රිෂාන්ත එරන්දක



....................................................................






දිවියම වාගේ දියකර ප්‍රාණේ..
දුකසේ දිවි ගෙවන්නේ කොහොමැයි..
මේ මනු ලෝකේ සුරිදුනි මාගේ..
දෙවියොත් මගෙ ආදර තාත්තයි..

පපු ගැබිනා දරු පෙමිනා
උතුරණ තාත්තා..
බිම වැටිලා වදිනෙමි මා
මගෙ බුදු තාත්තා...//

දිව රෑ දෙකේ වෙලිලා දුකේ
සැනසීම දන් දී ඔබේ..
දරුවන් නිසා විදිනා සොවේ..
දෙවියන් ද පුදුමෙන් සැලේ..
මේ සංසාරේ පිං වැස්සාවේ 
වදිමී සැමදා රජුනේ...

පපු ගැබිනා දරු පෙමිනා
උතුරණ තාත්තා..
බිම වැටිලා වදිනෙමි මා
මගෙ බුදු තාත්තා...//

සිතුසේ නොබී සිතුසේ නොකා
දරුවන්ට දුන්නා සුවේ..
බෝසත් ගුණේ පුරනා නිසා..
නිවනින්ම සැනසුම් ලැබේ..
මේ සංසාරේ පිං වැස්සාවේ 
වදිමී සැමදා රජුනේ...

දිවියම වාගේ...//

ගායනය : චාමර වීරසිංහ

පද රචනය : ශෙහාන් ගලහිටියාව
සංගීතය : ප්‍රියන්ත නාවලගේ

....................................................................





නිල් අහස පුරා උණුසුම සදලා  
සැමදා මගේ තාත්තා 
සෙනෙහස වපුරා මහමෙර උතුරා සැමදා 
මගේ තාත්තා 

සිහිනයේ සැබෑව මට පහදා 
සෙවනැල්ලෙත් නුඹ මා ළඟ උන්නා 
නිදි නැති කප්තුර බොහො සේ ගෙව්නා 
ඔබ හින්දා මං ලෝකය දිනුවා 

සිනහව කැන්දා  කඳුළැල් සඟවා 
නුඹ උන්නා මගේ තාත්තා 
දෙවිවරු පරදා නුඹ මට සැනසුම සැදුවා 
මගේ තාත්තා 

නෙතු වෙහෙසා බලමින් උන්නා 
මා දිනු ලෝකය දෝතට රන්දා 
දෙපා මුලින් තවත් නුඹ හිඳුවා
ආයෙත් නොයෙන්න නුඹේ නෙතු වැසුනා

කොහෙදෝ නුඹ ඈතක ඇදුනා 
සැනසී හිඳින්න මා දැන් දිනුවා ……



ගායනය - රොමේෂ් /ලක්ෂාන්

....................................................................







අපේ තාත්තා තණතිල්ලේ රෝල අදිනවා 
කඩුළු දෙක අතරෙ කහවණු දෝරෙ ගලනවා
නැති බැරි කම හොඳින් ඔතා කඩදහි පන්දුවක් හදා
අපි ඉඳගෙන පොල් පිත්තෙන් එයට තලනවා
ඒ පන්දුව ගෙයි දොරකඩ තාම වැටෙනවා ……

තාත්ත හැදු තණතිල්ලේ පන්දුව දඟ කැවී ඇවිත්
සුපිරි පිතිකරුගෙ කඩුල්ල බිඳිලා යනවා
හැමදාමත් නොදැවි ඉන්න මාන් බලනවා
කුස ගින්දර මැද අපි හැමදාම තැවෙනවා…

කහට උගුරකින් තොලකට තෙමාගෙන අපේ තාත්ත
කුසරැලි දඟ කැවෙන් අයුරු බලා හිඳිනවා
ඔල්වරසන් හඬ මැද මධු සාද මැවෙනවා
දුනුවත් පැරදුනත් අනේ සල්ලි ලැබෙනවා…



ගායනය . අසංග ප්‍රියමන්ත

....................................................................






නිය පෙළ සිඳලයි දෑත පාන්නේ

තුරුළට ගන්නට ආදරයෙන්
දැලිපත සිඳලයි කොපුල පාන්නේ
මුව සිප ගන්නට ආදරයෙන්

මව් නැති යාමේ මා උර මඬලේ
දෙතොල් හොවයි කිරි සුවඳ සොයා
දහදිය සුවඳක් දැණුනි ද පුතුනේ
දෙරණට මුහුවන නුඹ වෙනුවෙන්

නිදි නැති යාමේ මා ළය තුරුලේ
කැලුම් ගෙනෙයි මුදු සිනහ පපා
උණුසුම් සුසුමක් දැණුනි ද පුතුනේ
පවනට මුහුවන නුඹ වෙනුවෙන්



ගේය පද -සිසිර දිසානායක 
සංගීතය - ජයන්ත රත්නායක
තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

....................................................................






සුමුදු කුමුදක් පිපී පුරුදු සුවඳක් ගෙනෙයි

සොලොස් කලා පිරි සඳක් සිනාසෙන මේ රාත්‍රි යාමයේ.. 
මං බාලේ උර තලයේ රන්දා අනන්ත ආදරයෙන්
දුන්න ඔවා මට තාම ඇසේ රහසේ
පියාණනේ.. පියාණනේ..
පියාණනේ.. පියාණනේ..

ආශිර්වාද ඇසේ ලොවෙන් නින්දා වරුසාවන් අතරේ

මට දැනුදු දැනේ.. ඔබේ අගේ දිවා ‍රැයේ
නින්දා අභියස මහමෙර වන් පියාණනේ..

මල් මාලා ගෙලට ඇතී අවමන් වරුසාවන් අතරින්

මට දැනුදු ඇසේ.. ඔබේ අගේ දිවා ‍රැයේ
අවමන් අභියස නොසැලී හුන් ඔබේ සෙනේ..

සුමුදු කුමුදක් පිපී පුරුදු සුවඳක් ගෙනෙයි

සොලොස් කලා පිරි සඳක් සිනාසෙන මේ රාත්‍රි යාමයේ.. 
මං බාලේ උර තලයේ රන්දා අනන්ත ආදරයෙන්
දුන්න ඔවා මට තාම ඇසේ රහසේ
පියාණනේ.. පියාණනේ..
පියාණනේ.. පියාණනේ..




ගායනය: ගුණදාස කපුගේ

....................................................................






පියානනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ 
ඔබේම පුතු වේවා


ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මාරජ කරවා
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ

නෑ ඔබවන් පියවරු හමුවන්නේ

හිත මිතුරන් මා
හැරගිය දවසේ
ලොවම එරෙහිවී
තනිඋනු මොහොතේ
ඔබේ පැලේ නැත දොරගුලු ලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියැලෙන්නේ


ගායනය - අබේවර්ධන බාලසූරිය

සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - සුනිල් ආරියරත්න

....................................................................






සෙනෙහස පුදා අම්මාවරුන් වගේ.....
දහදිය හෙලා මහ සාගරය වගේ.....
ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ.....
ඇති දැඩි කලා අප සමනළ පැටවු වගේ....

අක්කණ්ඩියේ.....පොඩිකාලේ....පොඩිකමට...../­/
කල වරදකටවත් තැළුවේ නැත අපට........//
සෙනෙහස තිබුණි උතුරා මහමෙර උසට.....
පියෙකුගෙ කදුළු මුතු කැට වුනි දරුකමට.....

පියවරු සිටින දරුවන් හට තනි නැතුවා....
තනි නැතුවා......
මව්වරු සිටින දරුවන් හට තනි නැතුවා.....
තනි නැතුවා......
මව් පියවරුන් ඉර හද මෙන් ළග හිදුවා......
දරුවන් පාන හසරැළි අපහට නැතුවා.....

සෙනෙහස පුදා අම්මාවරුන් වගේ.....
දහදිය හෙලා මහ සාගරය වගේ.....
ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ.....
ඇති දැඩි කලා අප සමනළ පැටවු වගේ....



ගායනය - මාලනී බුලත් සිංහල / සන්ධ්‍යා බුලත්සිංහල 

පද රචනය -රඹුකන සිද්ධාර්ථ හිමි


....................................................................






අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
එ ඉර හදෙන් නුබේ ලෝකය එලිය වුනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී

සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි පර මට දැනුනේ
මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නූනේ

මවකට මුවා වී නුබ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මාවරුන් පමනද මතු බුදුවන්නේ



පද රචනය -  මාලනී ජයරත්න
සංගීතය   - රෝහණ වීරසිංහ
ගායනය   -    ටී ඇම් ජයරත්න

....................................................................






කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදළු කරන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්යි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

දුම් ගොටු අතරේ කම්මල් ඇතුලේ
දැ‍තිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

කරදිය ගැඹරේ...//



ගායනය: එඩ්වඩ් ජයකොඩි

පද රචනය: ප්‍රේමකුමාර ජයවර්ධන
සංගීතය: රෝහණ වීරසිංහ

..............................................




මහමෙර සේ සිටි පියාණනේ
බලා සිටින්නේ ඇයි ඔබ මා දෙස
නන්නාඳුනනා ආගන්තුකයෙකු සේ

වැටි වැටි ඇවිදින ළදරු වියේ 

ඔබෙ සුළැඟිල්ලයි පිහිට වුණේ
මගතොට වැරදුන යෞවනයේ
නුවණැස පෑදූවේ

වියැලුණු නෙතු අග හිස් බැල්මේ
මුමුණන වදනත් ගොළුවෙන්නේ
සසරෙහි ඇවිදින දිගු ගමනේ
යළි පිය-පුතු වේදෝ

ගායනය - දුලිප් ජයකොඩි

පද රචනය - මෛත්‍රී පනාගොඩ
සංගීතය - ඉන්ද්‍රජිත් මිරිහාන
.................................................................


     
මිදුලේ වැලි මාළිඟාවෙ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩිවෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
‍ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

පීනා සිප් සයුර දෙතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමි
මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමී

එපා ඔටුනු මගෙ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනාසිසී මා එන මඟ හිඳිනු මැනේ
දුවේ කියා මා අමතන් පියාණනේ

පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - පේෂලා මෙන්ඩිස්
.................................................................



රුක් අත්තන මල මුදුනේ
ඹමරු නටන හැන්දෑවේ
සැදෑ අදුර පියමන් කර - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...

මුතු පිණි දැල් සැලෙන ඔබේ
උදා දිමුතු හිරු එලියේ..
පුතුසවනට රහස් කියා - පියමන් කරලා
අප වෙනුවෙන් දවස ගෙවා - වෙහෙසී එන්නේ

රුක් අත්තන මල මුදුනේ...//

පතොක් වැටිය උඩින් වැදී
දිවයුරු මිය යන මොහොතේ
පුරා හදක් සේ ඈතින් කවුරුද එන්නේ..
පුතුනි බලන් යොමා නුවන් කවුරුද ‍එන්නේ..

රුක් අත්තන මල මුදුනේ...//

ගායනය: විශාරද නන්දා මාලිනී
පද රචනය: මහින්ද අල්ගම
සංගීතය: නන්දා මාලිනී
.................................................................



තාත්තා මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා
ඒ ඇරපු සත්තම් වලට කන්දෙක මගේ පිරුනා
එදා මට පෙනුනේ ඔබ හතුරෙක් වාගේ තාත්තේ
 අද මට පෙනෙන්නේ ඔබ දෙවියන් වාගේ තාත්තේ


ඉස්කෝලේ ගිහින් ඇවිත් පොත පත විසිකරලා 
කට්ටි පන්න දා ගෙදරට වෙට්ටු දමලා 
අහුවුනාම බේරෙන්නට කිව්වම බොරු ගොතලා 
දුන්නේ නැද්ද කන පැලෙන්න කෙන්න්තියෙන් බැනලා ..


එදා මට පෙනුනේ ඔබව ......


සංගීතෙන් ඉහල යන්න අප උනන්දු කරලා 
පුරුදු පුහුණු කෙරුවේ දරුණු නීති දමාලා 
ඇත පසු කම් උනොත් අපෙන් අඩිය පොලවේ ගහලා 
කැ ගැසූ හැටි මතකයි මට තරහෙන් ඔරවාලා ...


එදා මට පෙනුනේ ඔබව ......

කරපු කියපු දේවල් ගැන දැන් හරුවම හැරිලා 
පේනවා ඒ සේරම කලේ අපේ හොඳටයි කියලා 
කොයි ලෝකෙක හිටියත් ඔබ අප හැමගෙන් මිදිලා 
තාත්තේ ඔබේ පිහිට අදත් තියේ අපට ලැබිලා ..


තාත්තා මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා...


ගායනය - ජිප්සීස් 

.................................................................

සෙවණැලි මියයන හැන්දෑවේ

සෙවණැලි මියයන හැන්දෑවේ
පිල උඩ ඉඳගෙන
ඈත බලා ඉන්නේ
සීපද මුමුනන්නේ
ඒ හඬ ඇසෙනවදෝ
නෙතු යුග තෙත් වෙන්නේ
ඒ දුක දැනෙනවදෝ

වැලිබත් ඉව් මිදුලේ
පළඟැටියන් රජ වී
පුතු ගැන සිහි වෙනවා
මතකය බොඳ වෙනවා
සෙවණැලි මියයන......

මගෙ හිරැ මියෙන වෙලේ
ඔබෙ හිරැ ඉපදෙනවා
නෙතු පියවෙන්න කලින්
එනවද මගෙ පුතුනේ
සෙවණැලි මියයන...

ගායනය : අමරදේව
පද රචනය: මෛත්‍රී පනාගොඩ
සංගීතය: රෝහණ වීරසිංහ

.................................................................



ප .ලි 
බොලොග් ලියන්න නම් කිසිම අදහසක් නැ .මොකද මට ලියන්න බෑ ...හැක් හැක් 
හැමෝගෙම ඉල්ලීම නිසා තමයි මෙහෙම කරන්න හිතුනේ .බලමු වෙලාව තියන විදිහට හැම තැනම තියන ඒවා මෙහෙම එකතු කරන්නම් .වැරදි ඇතොත් පෙන්නා දෙන්න ....
මනොෂ් සහ පත්තර මල්ලිට විශේෂ ස්තුතිය මාව උනන්දු කලාට හා දේශකයාට මගේ විශේෂ ප්‍රණාමය මාව අගය කලාට ....

ස්තුතියි - බ්‍රෑන්ඩ් එක ගල් 

ඉවාන් පවුලුෂා ගේ මේ පොස්ට් එක බැලුවාම මතක් උනේ ...