Tuesday, October 6, 2015

"එක මලක නම් නොවේමයි මල් යායක සිරස නැමෙයි"



ඕන් අද ගුරු දිනය ලු......ගුරුවරයා ගැන මෙන්න මෙහෙම ලියා තිබුනා තැනක .

"ගරු කිරීමට සුදුසු තැනැන්තා, ගුරුවරයා වෙයි. සිය ගෞරවාන්විත සේවාව නිසා සමාජයේ වන්දනීයත්වයට භාජනය වන එකම තැනැත්තා ද ගුරුවරයා වෙයි. ගුරුවරයා වෘත්තිකයෙකි. නමුත් සෙසු වෘත්තිකයන් නොලබන සමාජ ගෞරවය, වන්දනීය බව ලබන්නේ, ගුරුවරයා පමණකි.සෑම ප්‍රශස්ත ගුරුවරයකුගේම අරමුණ වන්නේ තමා තරුවක් නම් තම සිසුවා සුර්යයා මෙන් බබළනු දැකීමයි. එබඳු උදාර වූ, උතුම් වූ චින්තනයකින් පිරිපුන්ව සිය සේවාව සිදු කරන එකම වෘත්තිකයාද ගුරුවරයා පමණකි."


මට මතකයක් නැ එහෙම දිනයක් අපි ඉස්කෝලේ යන කාලේ තිබුනාද කියලා .තිබුනත් නොතිබුනත් අපි හැමදාම ඒ ගුරුවරුන්ට ගරු කළා .නමුත් මේ කාලේ අහන්න දකින්න ලැබෙන දේ වලින් ඔය උඩින් කියලා තියන දේ "ගුරුවරයා" ගැනද එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැනද කියන්නේ කියලා හිතෙනවා .... 
ඒ මොනදේ උනත් අද අපි ඉන්න මේ තත්වයට හරි එන්නට මඟ පෑදු ඒ "ගුරු උතුමන්ට" උපහාරයක්ම වේවා !!!!


----------------------------------------------------------------------
අකුරු කරන්නට පොඩි සංදියෙ බාලේ
මතකයි මව්පියන් නුඹ මට දුන් තාලේ
දෙපතුල වටී දෑතින් වැඳ ඒ කාලේ
දුන් දුන්කොළ බුලත් වේලුණි මැද සාලේ......

පාඩම් කියා දී හඬ ගෑ උගුර තලා
රජ පෙරහැරට නුඹ වැන්නන් එකතු කළා
වේවැල් කොටු නාරං අතු ඉවත හෙළා
මම එතැනම ය ඉමි ගුරු නිවසටම වෙලා......

නුඹලෑ නමින් කැපකොට හොඳ කලවයස
කොපමණ රජුන් හැදුවද ගණිමු ද කෙලෙස
නොහැඟෙන ලෙසින් පෑදූ බව සිය නැණැස
පසුකර පියමනිති දරුවෝ ගුරු නිවස......

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සංගීතය හා ගායනය: වික්ටර් රත්නායක
------------------------------------------------------------------
පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
සාමා අමර විකුණති බස් පොළේ කජු
කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ
රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
පැන මඩ කඩිති වැව් තාවලු ...

සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: මහින්ද චන්ද්‍රසේකර
---------------------------------------------------------------------

පියාඹා ඉහටත් උඩින් හැමගේ
සිංදු කියනා කුරුල්ලනි අහසේ
දුටුවාද ඔබ පයින් ඇවිදින
වාරු නැති වුණ ගුරුතුමා ඔබගේ
පර වෙලා නෑ පා පියුම් ඔහුගේ
පියාඹා ඉහටත් උඩින් හැමගේ....
නොපා වේවැල් කෝටු දෑතට
නොදී වල් කොළ අතුට නිදි සුව
දිවා රෑ දුන් ශිල්ප විකුණන සේ
පියාඹා යති කුරුල්ලෝ අහසේ
හිඳී ගුරු දෙවි කන්තෝරු මිදුලේ....
නොදී නිදහන් ගරන මන්තර
පිදී පිරිසිදු උතුම් ශිල්පය
පතුරුවා එළි පහන් දස දහසේ
නිවී යයි ඒ පහන තෙල් නැති සේ
කුමට ඉර හඳ වුණත් ඔබ අහසේ...

පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - නෙළුක දීමන්ත ලියනගේ
-------------------------------------------------------------------
ගුරු තරුව සෙමෙන් බැස යයි
ගැල් එළිය නොයා නවතියි
නුබ කොපුල් තලා වැහිබිදු තවරා 
ගුරු තරුව සෙමෙන් බැස යයි
ගුරු තරුව සෙමෙන් බැස යයි...

පරපුරක සිහින යාත්‍රා
තොටුපොළට යවා හරවා
පුතු සෙනේහයෙන් ලොව කියා දුන්න
ගුරු පාද පියුම් සුවදයි...

එක මලක නම් නොවේමයි
මල් යායක සිරස නැමෙයි
පුතු සෙනේහයෙන් ලොව කියා දුන්න
ගුරු පාද පියුම් සුවදයි...

ගුරු තරුව සෙමෙන් බැස යයි
ගැල් එළිය නොයා නවතියි
නුබ කොපුල් තලා වැහිබිදු තවරා 
ගුරු තරුව සෙමෙන් බැස යයි
ගුරු තරුව සෙමෙන් බැස යයි...

ගායනය: පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේ

-----------------------------------------------------------------
මිහිකත නලවාලා
මග මල් ගන්වාලා
පාසල වෙත යන මේ
පිටිසර හෙළ ගුරු ලිය සැරදේ

සුදු හෙළ සාරිය ඇඳලා හැඩ කොටැ
ඉඟ වට රැළි ලෙළවා දිගු නිල් වරලස
පීරා නිසි ලෙස මල් දවටා බැඳලා
ගෙල වට මුතු මාලේ දෝතේ වළලු සැලේ
සිරියා සපුරා පිරියා පතුරා යන සුරතල් ලීලා

ඕලු නෙළුම් ඈ නෙක මල් පිබිදී
අහෝ විලේ සිරියා ජයම මලක් ඉන්
නෙලා ගනියි ඕ හා හා කුමටද ඒ
බාල ලියේ ඔබගේ සුහදා හට වෙද ඒ
සුරතලියේ ඔබ හදවත පතුලේ
පෙම් මල කා සතුදෝ..

මිහිකත නලවාලා...

ගායනය, සංගීතය - සුනිල් සාන්ත
ගී පද - හියුබත් දිසානායක
--------------------------------------------------------------------
ප ලි ...
කියමු බලන්න හැමෝගෙම රසවත් අත්දැකීම් . උදේ හිතුනේ මේක පොස්ට් කරන්න .ඒ නිසා මතක් වුන සින්දු ටික විතරයි දැම්මේ .තව තියනවා නම් මතක් කරන්න

46 comments:

  1. අද පොඩි මෙන්ඩත් මල් පොකුරක් බුලත් අතක් ටිචර්ගේ චිත්‍රයක් ඇදගෙන ලියුමකුත් ලියාගෙන ගියා..
    තාත්තාත් ටිචර්ව මතක් කරා කියන්න කිව්වලු.

    ReplyDelete
    Replies
    1. ලියුම දුන්නේ උඹද ? .....පොඩි කාලේ ඉඳලා හොඳ දේවල් පුරුදු කරන එක ලොකු දෙයක් මචෝ ...

      Delete
  2. කියන්න තියෙනවා බං. වෙලාවක් නෑ ඒකයි අවුල

    ReplyDelete
    Replies
    1. යකෝ යහපාලානේ ආවත් හරි මෙන්න මේකට වෙලාවත් නැති වෙලා ...මට මල පනිනවා චාමර ..සොරි දෙශෝ ..හැක් හැක්

      Delete
  3. ඈ කොන්ඩේ දිගට දාලා හැම උදේම එනවා..
    පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා..
    පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ..
    එයාට අපි ටීචර් කියලයි අමතන්නේ.. :)

    ගුරු සෙනෙහසට කව ගී කියවුනා මදි වත්දෝ කියල හිතෙනවා..
    මතක ගොඩායි..

    ReplyDelete
    Replies
    1. ඇය කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
      පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
      පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
      එයාට අපි ටීචර් කියලයි අමතන්නේ

      කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
      පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
      පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
      එයාට අපි ටීචර් කියලයි අමතන්නේ

      අපෙ පංතියෙ ළමයි එක්ක ඈ හරි යාළුයි
      ඈ පාසල් නාව දාට පන්තිය පාළුයි …//
      ගමරාළගෙ කතාවටයි අපි හරි ආසා
      කවදාවත් නෑ පන්තියේ කරනෙන ඝෝසා

      කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
      පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
      පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
      එයාට අපි ටීචර් කියලයි අමතන්නේ

      සිනා ගෙනෙන කතා තමා ඇය පවසන්නේ
      ආදරයෙන් සැමදා අප හට සලකන්නේ …//
      ඇය අසළම ගැවසෙන්නට අපි හරි ආසයි
      මේ පන්තිය දමා යන්න අපි ලෝබයි

      කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
      පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
      පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
      එයාට අපි ටීචර් කියලයි අමතන්නේ…
      එයාට අපි ටීචර් කියලයි අමතන්නේ...

      කවි ගී කියවෙලා හොඳටම මදි තමයි මචෝ ...මතක ගොඩාක් නම් පොස්ට් එකක් ලියපන් කල්ලා ..

      Delete
  4. පොඩ්ඩක් ඉන්න සින්දුඇනෝ. මම හාර්ඩ් ඩිස්ක් එක පෙරලලා තව සින්දු ටිකක් ගෙනැල්ලා මෙතන දාන්නම්.

    ReplyDelete
    Replies
    1. යකෝ මම මෙතැන දවසක් විතර හිටගෙන ඉන්නවා ....වැස්ස නිසා උඹ දැන් පයින්ද එන්නේ ...
      හදිසි නැ කසුනෝ හිමින් දාපන් ..

      Delete
  5. ආයිබෝං කිව්වා උදේ පාන්දර එහෙනං :D
    කෝ මේ ඩූඩ් බොස්ලා අපේ වෙන්ඩ සෑර් මනෝෂ්ලා එහෙම..

    ReplyDelete
    Replies
    1. හැක්. උදේ පාන්දරින්ම සමරලාද දන් නෑ..:D

      Delete
    2. වැඩක් නෑ බං කතාකරල.. කාලකණ්ණියි..

      Delete
    3. වැඩක් නෑ බං කතාකරල.. කාලකණ්ණියි..

      Delete
    4. මෙන්න කම්මලයාගේ මල්ලි

      Delete
    5. පත්තරේ එයාලා නැ ...සමරන්න ගිහින් .මෙන්ඩෝ මේක නම් හොඳ දෙයක් නෙවෙයි .කම්මලයා හැමෝටම බෝ කරනවා වාගේ ...මනෝ ඕවා ඔහොම තමයි මචෝ ..

      Delete
  6. ඔන්න අපේ එකත් පාන්දරම ටීචර්ට තෑග්ගක් එහෙම අරං ගියා.

    ReplyDelete
    Replies
    1. ඒවා යුතුකන් නොවැ ..ප්‍රසාට යන්න වෙන්නේ නෑනේද ? මොකද සිකියුරිටි ගාට් නෝනා ඉන්නවානේ නේද ? හැක් හැක්

      Delete
  7. අපේ උන්දැත් අද තෑගි බෝග අරං එයි.
    මගේ ගුරුතුමා කියන්නෙ 7 වසරෙ ඉදන් 11 වසර පංතිය බාරව හිටිය සෝමරත්න ගුරුතුමා. හැම පංතියකම පන්ති බාර ගුරුවරය අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් උනත් අපේ ගුරුතුමා වෙනස් නොවුන කතාව කිවුවෙ විශ්‍රාම සුවයෙන් ඉද්දි අපි එතුමව බලන්න ගිය දවසක.
    විදුහලපති තුමා කිවුවලු 7-3 පංතියේ ( අපේ ඉස්කෝලෙ පන්ති තියෙන්නෙ 7-1 , 7-2 පිලිවෙලට ) ළමයි ටික හදාගත්තෙ නැත්නම් මදාවි රැලක් තමයි හැදෙන්නෙ කියල. ඉන් පස්සෙ ජීවිතේටවත් ළමයෙකුට ගහපු නැති මෙතුමා කවදාවත් විනය ප්‍රශ්නයක් නැති විදිහට අපේ පංතිය හදා ගත්ත.
    තාමත් මගේ දරුවො ටික කියල අපි එනකම් බලාගෙන ඉන්නව , අපේ පෝරුවට නැගපු හැම එකාටම අශ්ඨක කිවුවෙ එතුම. මෙතුම ගැන ලියන්නවට වඩා එතුම කියල දීපු මාර්ගයේ යන එක තමයි එතුමට කරන ලොකුම උපහාරෙ.

    ReplyDelete
    Replies
    1. මටත් තියෙනවා ඒ වගේම කතාවක්.. 9-10-11 වසරවල අපේ පංතිය භාරව හිටපු අපේ ආදරණිය 'ගීතා' ටිචට (ගිතාන්ජලි හේමචන්ද්‍ර මැතිනියට) නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙන්න.. නැත්නම් අපි මැරිලා හිටවපු තැන්වල මෙලහකට මහා ගස්..

      Delete
    2. කම්මලේ ,කාමියා මටත් ඉන්නවා ඔය වාගේ ගුරුවරු දෙන්නෙක් ...එක්කෙනෙක් "සෝමා" ටීචර් ,රත්නායක සර් .....උඹ කිව්වා වාගේ මතක ගොඩයි ..

      Delete
    3. //අපේ උන්දැත් අද තෑගි බෝග අරං එයි//
      කම්මලේ අපේ උන්දැ හොඳ වැඩක් කරලා ...පන්තියේ ළමයි එකතුවෙලා දුන්නු තෑගි වගයක් (ගිෆ්ට් වවුචර් එක්කම ) ඒ පන්තියේම ඉගෙන ගන්නා ළමා නිවාසෙක දුවලා දෙන්නෙකුට බෙදලා දීලා ....එයා පුදුම සතුටකින් කතා කලේ ......මල් දෙක තුනක් ගෙදර අරන් ඇවිත් තිබුනා .එත් මචෝ මම හොඳටම බැන්නා හම්බවුන බුලත් ටික ගෙනාවේ නැති එකට නම් ...හැක් හැක්

      Delete
  8. මං කියල තියෙන ටික උඹ කියෙව්වනෙ නේද මචං ආයෙ වෙන කියන්න දෙයක් නෑ.. හැබැයි උඹ කීව වගේ අදත්
    වේවැල් කසාය තිබ්බ නං අපි කෑව වගේ අම්ම මෝ නැතිව ගුටි කෑව නං අද ඔය තත්වෙ නැ
    ඕවට වග කියන්නත් ඕන ඉගෙන ගත්තය කියන සම හරක් තමයි බං..
    සිංදු ටිකට ං පට්ට තැංකිවු දෙකම දෙකයි අහල තියෙන්නෙ
    උඹ ඉන්නෙකෙන් පරණ සිංදු ඇහෙනව බං
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. //ඕවට වග කියන්නත් ඕන ඉගෙන ගත්තය කියන සම හරක් තමයි බං..//
      ++++++++++++++++++++
      මෙන්න මේක තමයි තිත්ත ඇත්ත බන් ......
      //උඹ ඉන්නෙකෙන් පරණ සිංදු ඇහෙනව බං// මාත් අර මදාවියා වාගේ "keep" ට මේක බාරදීලා යනවා මචෝ ....එපා වෙලා ඉන්නේ .

      "ලෝකය පෙරලෙයි කාලෙ ගෙවී යයි මරුවා ළඟා වෙනවා"

      Delete
  9. ස්තුතියි සින්දු ඇනෝ. ගුරුවරයෙක් ගැන උඹලට වැටහීමක් ලබාගන්න මම මේ අපේ රවියගෙ පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකයි ඒකට රවියා දාපු උත්තරයයි මෙතන අලවන්නම්. ඒක විහිළුවට වගේ ලිව්වට ඒකෙන් පෙන්නන්නේ සමාජ ඛේදවාචකයක්. කොටින්ම මම ගුරුවරයෙක් කියලා හඳුන්වාගන්නවත් කැමති නැති ඇයි කියලා හැඟීමක් උඹලට ඇතිවේවි.
    http://ranrandil.blogspot.com/2015/09/354-story-of-my-marriage-7-she-moved.html?showComment=1443520970600#c1356254111135675519
    මේ මගෙ කමෙන්ට් එක:
    @කල්‍යාණ මිත්‍රයා: අඩෝ උඹ කියන්නෙ වෙන එකක්. කොටින්ම මම එහෙම එකෙක් තමයි. මේ ගිය වාරෙදි කොල්ලෙක් මට fucking asshole කියලා උගෙ පන්ති තහනම් කලේ දවස් දෙකයි. (හරිනම් සුමාන දෙකක් වෙන්න ඕනෙ) fucking වලට එක දවසයි. asshole වලට දවසයි. ඔය වචන දෙක අවප්‍රමාන වෙලා තියෙන හැටි බලහං, ලංකාවෙ රුපියලත් එහා.ලෝකෙට ගිය කල! කොහොම නම්බුකාර කමට තිබිච්ච වචන දෙකක්ද! සංසාරේ!
    මේ රවියගෙ පිළිතුර.:D
    Henry,

    / මේ ගිය වාරෙදි කොල්ලෙක් මට fucking asshole කියලා උගෙ පන්ති තහනම් කලේ දවස් දෙකයි. (හරිනම් සුමාන දෙකක් වෙන්න ඕනෙ) /

    Heh, it's obvious that you have misunderstood the situation Macho…That student was punished under item 12 sub item 12 C of Maldives Student's Dicipline Code

    Relevant portion is quoted here for your convenience please.

    Maldives Student's Discipline Code

    Item 12 :

    Sub Item 12 C : Teaching staff evaluations carried out by the management are strictly confidential. Revealing the same publicly would be considered as a a breach of student's code of conduct and the offender would be suspended for two (2) days.

    So happy teachers' day for happy teachers.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩුඩ් අය්යේ ...මගේ වයිෆ් ගුරුවරියක් නිසා යම්තාක් දුරකට ඔය තත්වය මම දන්නවා ...ඇත්තටම දැන් තියෙන්නේ පුදුම සමාජ ඛේදවාචකයක්...

      Delete
    2. ලංකාවෙ ඉස්කෝලවල තත්වය ඔය තරම්ම දරුණුයි කියලා මම හිතන්නේ නෑ සින්දුවා.

      Delete
    3. උඹට කියන්න අය්යේ මගේ වයිෆ් ගේ යාලුවෙක් පත්වීම අතැරලා ගියා කොළඹ ඉතාම ඉහලින්ම ඔන්න පිරිමි විදුහලක උන සිදු වීමක් නිසා ...එයා කියන කතා ඇහුවම හිතෙනවා බන් අපි ඉන්නේ කොහෙද කියලා ... (කලින් අපි සාරිය ඇතුලෙන් පෙනෙන බඩ දිහා බලලා පොඩියට ආතල් ගත්තා ඇරෙන්න ඕවා අතගාලා බලන්න ගියේ නැනේ ...)

      Delete
  10. ..//තිබුනත් නොතිබුනත් අපි හැමදාම ඒ ගුරුවරුන්ට ගරු කළා//..

    මමත් ගුරැවරයෙක්.මේ වෙනකොට කෙටිකලකට පමනක් වෘත්තියෙ නියලෙන්නේ නැ.
    අපි ඉස්කෝලේ ගිය කාලෙත් අදත් අතර ලොකු වෙනසක්නම් තියනවා.අපේ අප්පච්චිලා කියන දෙයක් තමයි ඒ අයගේ කාලේ ගුරුගෞරවය ඉහලින්ම තිබුනා කියන එක.අපේ කාලය වනවිටත් ඒක නොනැසි තිබුනා.නමුත් මේ වනවිටනම් ගුරුවරුත් ගෞරවය නැති කරගෙන සිසුන් ගෞරව කරන්නෙත් නැති තත්ත්වයක් උදාවෙලා තිබෙන්නේ.කොහොම උනත් අපිට මුලින්ම අයන්න ආයන්න ලියන්න කියවන්න පුරැදු කරපු අපේ මුල්ම ගුරුවරයගේ ඉදලා අපේ දිවිමගට ආලෝකයක් වුන සියලුම ගුරුදෙමාපියවරැන්ට අපි හැමෝම සදාණයැගැතියි.

    මම ඉස්කොලේ ගිය කාලේ අපේ ඉස්කෝලේටත් නයෙක් රිංගලා මහා කලබගෑනියක් කරානේ.ඔන්න යට ඉන්නවා ඒ නයා.

    නයා

    ReplyDelete
    Replies
    1. //කොහොම උනත් අපිට මුලින්ම අයන්න ආයන්න ලියන්න කියවන්න පුරැදු කරපු අපේ මුල්ම ගුරුවරයගේ ඉදලා අපේ දිවිමගට ආලෝකයක් වුන සියලුම ගුරුදෙමාපියවරැන්ට අපි හැමෝම සදාණයැගැතියි.//+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      උදය නැගිට මුව සෝදාලා තේ පැන් බී පාසැල් ආවා
      කෙසෙල් කන් ද ආප්පත් කාලා මමත් හනික ආවා
      පානුයි සම්බෝලයි කාලා ඔන්න මමත් ආවා
      හීල් බතුයි පොල් සම්බෝලයි උදේට මම කෑවේ
      කන්න දෙයක් නෑ බඩ ගින්නේ මම හෙමින් හෙමින් ආවා //

      අන්න හොඳයි නුඹලා සෑම දෙනා ඉගෙන ගන්ට ආවා
      හොඳ ලෙස පාඩම් දෙන ළමයට මම බෝනික්කෙක් දෙනවා
      උඹ කියපං දැන් සංගීත පාඩම
      සරිගම පධනිස සනිධප
      සනිධප මගරිස සරිගම පධනිස
      ගණන් ඉලක්කම් උඹ කියපන් දැන්
      වන් ටූ ත්‍රී ‍ෆෝ ෆයිව් සික්ස් සෙවන්
      පළවෙනි පාඩම උඹ කියපන් දැන්
      ඒ බී සී ඩී ඊ එෆ් ජී
      එච් අයි ජේ කේ එල් එම් එන්
      ඉතිරි හරිය උඹ කියපන් දැන්
      ඕ පී කියු ආර් එස් ටී යූ වී ඩබ්ලිව් එක්ස් වයි ඉසෙඩ්
      අන්න හොඳයි නුඹලාගේ පාඩම් බොහොම හොඳට දුන්නා
      හුගක්ම හොඳ මේ ළමයා පමණයි බෝනික්කෙක් දෙනවා
      උදය නැගිට මුව සෝදාලා තේ පැන් බී පාසැල් ආවා

      ගායනය – එඩී ජයමාන්න, ජෙමිණි කාන්තා, බර්ට්‍රම් ප්‍රනාන්දු
      ගී පද – ජී.එල්.ජේ. නන්දනකීර්ති
      සංගීතය – සී.එන්. පාන්ඩුරංගන

      (කපටි ආරක්ෂකයා චිත්‍රපටයෙන් )

      Delete
  11. මගේ දෙමව්පියන් ගුරුවරුන් වීමේ අගය මට අදත් දැනෙනවා. ගුරුවරුන්ව අගය කරන්න විශේෂ දිනයක් අවශ්‍ය නැහැ. නියම ගුරුවරු හැමදාම ළමයින්ගේ හිතේ 'වැඩඉන්නවා'.

    ReplyDelete
    Replies
    1. //නියම ගුරුවරු හැමදාම ළමයින්ගේ හිතේ 'වැඩඉන්නවා'.//
      +++++++++++++++++++++++
      අන්න නියම වචනේ විචා ...
      ස්තුතියි ..

      Delete
  12. මචං නම පූර්ණ නෙමෙයි නේද???

    ReplyDelete
    Replies
    1. චතුරංග ප්‍රශ්නය සම්"පුර්ණ " නැ ...හැක්
      උඹ මගේ නමද මචෝ අහන්නේ ...ඔන්න ඔය පත්තරයා ගෙන් හරි මෙන්ඩගෙන් හරි ඇහුවොත් කියයි ..

      Delete
  13. බහුතරයක් ගුරුවරු වරු මහ අපත කාලකණ්ණි ජාතියක් බං.ඊයෙ ගුරු දිනේදි මහා කලකිරීමක් දැනුනෙ බං. ගුරුවරු හදන තැනත් මෙහෙමනම්, ගුරුවරු හදන ගුරුවරුවරුත් එහෙමනම්, මේ ගුරු ජීවිත ගැන දැනෙන්නෙ අපරිමිත කලකිරීමක්..

    මං ඒ ගැන ලිව්ව බං කයියක්. කියවල බලහං..

    ReplyDelete
    Replies
    1. හපොයි මෙන්න ගුරු සිසුවා හොඳටම කලකිරිලා ,,,,ඔහොම බෑ මලේ .ඔයිට වඩා භයානක සමාජයකට තමයි උඹ එන්න යන්නේ .අනික උඹලාගේ වගකීමක් තමයි ඔය දේවල් අදර්ස්හෙට අරන් මතු පරපුර හොඳ පැත්තකට යොමු කරන එක .....

      ආ.......ආ.......//
      අප කොහේද මේ යන්නේ
      රට කොහේද මේ යන්නේ
      කොතැන තිබෙන වරදක්දෝ
      කවදා වුනු වරදක්දෝ
      කවදා කොතැනක කවුරු කරපු වරදක්දෝ
      ආ.......ආ.......//
      මුලු ලොවටම ආදරය කරන්නට
      හැකි මිනිසුන් බිහිවන මතු දවසක
      ඔබත් සිනාසී..මමත් සිනාසී..
      ලොවම හිනාවෙන ඒ දවසේ..
      'මුලු ලොව ඔබට කියයි මෙලෙසින්'
      'මම ආ..දරෙයි'


      නා‍ට්‍ය‍ය‍ - ගුරු තරුව

      Delete
  14. ගුරුවරුන්ට ඉස්සර තිබ්බා සමාජමය පිළිගැනීමක්, ඒ වගේම එයාලට තිබ්බේ නෑ හොඳ ආර්ථික ස්ථාවරත්වයක් . පැනමඩ කඩිති ගීතයේ වගේ අත්දැකීම අකුරු වෙන්නේ ඒ හරහා , එත් ලෝකය වාණිජ රැල්ලට යනවත් එක්කම ගුරුවරයා කෙරෙහි තිබ්බ ගෞරවයත් අවප්‍රමාණ වෙලා ගිහිං . අද වෙනකොට අවංක ගුරුවරුන් සහ අවංක ශිෂ්‍යයන් කියන දෙගොල්ලොම නැතිවේගෙන යන තැනට ඇවිත්

    ReplyDelete
    Replies
    1. //වාණිජ රැල්ලට යනවත් එක්කම ගුරුවරයා කෙරෙහි තිබ්බ ගෞරවයත් අවප්‍රමාණ වෙලා ගිහිං//

      'අ' යනු අකුරෙන් කුමක් කියමුව
      'අ' යනු අකුරෙන්..අම්මා..
      ලොවම ණයගැති සෙනෙහෙබර අම්මා..
      'අ'යන්න 'අ'
      අන්ඩරේ අන්ඩරේ
      'අ'යනු අකුරෙන්..අන්ඩරේ..

      'ආ'යන්නෙන් අපි කුමක් කියමුව
      'ආ'යන්නෙන් අපි..ආදරේ..
      ලොව අපට අප ලොවට පුදනා ආදරේ..
      'ආ'යනු 'ආ'
      ආජුතපර ලාහිලා බීජුතපර ලාහිලා
      'ආ'යන්නෙන් ආජුතපර ලාහිලා

      'මැ'යන්නෙන් අපි කුමක් කියමුව
      'මැ'යන්නෙන් යස මැදින් පුන් පෝදා..
      නිහඬ නිසසල මැදින් පුන් පෝදා
      'මැ'යන්න- මැ
      මැන්ටලේ..මැන්ටලේ..
      'මැ'යනු අකුරෙන් මැන්ටලේ.............

      නාට්‍ය‍ය‍ - ගුරු තරුව

      ඔන්න ඔකයි ඉවාන් දැන් තත්වය ....

      Delete
  15. ලස්සන ගුරු ගීත ටිකක් සින්දුවෝ.................... අගෙයි

    ReplyDelete
  16. කදිමයි සින්දුවෝ..
    ජයවේවා...

    ReplyDelete
  17. අපේ සෙට් එක නම් තවම සෙට් උන ගමන් කියන්නෙත් අපෙ ගුරුතුමා යයි තාමත්....සින්දුව....... සින්දු ටික නම් නියමයි........

    ReplyDelete
    Replies
    1. ඔය ගීතය නොකියන කෙනෙක් නැ අමිල ...හැමෝටම දෙයක අගය දැනෙන්නේ ඒවා නැති උනාම .
      ස්තුතියි මචෝ

      Delete
  18. http://madhumadhavi135.blogspot.com/2015/10/blog-post_12.html

    ReplyDelete
    Replies
    1. අලුත් විදිහට ඇගයීමට ස්තුතියි මදාවියෝ ...

      Delete
  19. Sindu download karagnna vidihk nane link weda ne

    ReplyDelete