Showing posts with label ගලගෙදර හක්. Show all posts
Showing posts with label ගලගෙදර හක්. Show all posts

Monday, November 30, 2015

"දකින දසුනේ දෙනෙත රැඳුනේ සොඳුරු රුව ඔබ වේ"




ගීතයක්‌ රස විඳින්නට විශේෂ තුන් කට්ටුවක සුසංයෝගය  ඉතා වැදගත් වෙයි. ගීතයක පදමාලාව ගායනය මෙන්ම ඊට ඉතා මියුරු තනු නිර්මාණයක්‌ ඇතුළත් නොවුණහොත් එය සාර්ථක ගීතයක්‌ ලෙස අපේ හදවතේ සදාකාලිකව සටහන් නොවේ.

* දකින දසුනේ දෙනෙත රැඳුනේ සොඳුරු රුව ඔබ වේ....
* හිටින්න පොඩ්ඩක්‌ හිටින්න දුවන්නේ ඇයි ඔයා..
* හංස ධෙනුව හංසයාගේ
* පැන පැන එන සඳේ
* සීතලේ මල්වනේ පාවෙලා 
* හද සන්තානේ ඇති සන්තෝසේ
* ආදරණීය බබෝ 
* ප්‍රංශයෙන් රැජන ආවා 
* ඈත වනපෙත සරසාලා
* පායයි මේ රෑ සඳවතී 
* අලුත් කලාවක් හොයා ගත්තා මං
* නොයිඳුල් වන මල්,  
                                        ආදි ජනප්‍රිය ගීත වල තනු හා සංගීතය නිර්මාණය කල සංගීතවේදියා මතකද ? ඔබට විස්වාස කිරීමට හැකිද ඒ තනු නිර්මාණ කරුවා සංගීතය ගැන මූලික දෙයක් වත් ඉගෙන නොගත් කෙනෙකු කියා ...ඔහුගේම වචන වලින් කිවහොත් "මම සංගීතයේ මුල අකුරවත් ඉගෙන ගෙන නම් නෑ. කොටින්ම සංගීතය ගැන මට කිසිම දැනුමක් නෑ. මේසයකට තාලයකට තට්ටුවක් දානවා ඇරුනහම කිසිම සංගීත භාණ්ඩයක් වාදනය කරන්න මම දන්නෙ නෑ"...ඒ වෙනකෙකු නොව රටක් ජනතාවක් නැළවෙන ගී තනු නිර්මාණය කල "මොහමඩ් මොහිදීන් අබ්දුල් හක්" එහෙම නැත්නම් "ගලගෙදර හක්" කියන සංගීතවේදියා. එතුමාගේ විශිෂ්ඨ නිර්මාණ කීපයක්   තමයි මේ . උපතින්ම මුස්‌ලිම් ජාතිකයෙක්‌ වන මෙතුමාගේ  උපන් ගම ගලගෙදර. මුලින්ම අධ්‍යාපනය ලැබුවේ ගම්පොළ සහිරා විදුහලෙන් . ඉන් පසුව 6 ශ්‍රේණියේ සිට උසස්‌ පෙළ දක්‌වා යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙන ගත්තා.