Wednesday, December 3, 2014

මව් ගුණ ගී (දෙවැනි කොටස )



හැමෝම මේ දවස් වල මව් ගුණ ගී වයන නිසා මෙන්න දෙනවා කිව්ව මව් ගුණ ගී දෙවන කොටස..කලින් පොස්ට් එකේ හැමෝම මතක් කරපු ඒවා තමයි මේකට ගත්තේ .....අලුත් ඒවාත් මතක් කරන්න .මේකේ තියන සින්දු ඔක්කොම පහලම ලින්ක් ඒකෙන ගන්න පුළුවන් . ස්තුතියි



01.මේ ජීවනයේ මුළු සංසාරේ.......

මේ ජීවනයේ මුළු සංසාරේ
උදාරයි... උදාරයි... උදාරයි ආදරේ...
මහද ගිලෙන්නේ පෙම් සිලිලරේ
උදාරයි... උදාරයි... උදාරයි ආදරේ
මේ ජීවනයේ..
දෑත දෑතේ බැඳ ඈ ලංවී
මට පෑව ආදරේ
සනසාලු ලාලන කාලේ
දිවි තෙක්ම සිහි කෙරේ
ඒ නිල් දෑසේ බැල්මෙන් කැල්මෙන්
මා යන ගමනට දිරි දෙයි
මේ ජීවනයේ මුළු සංසාරේ... මේ ජීවනයේ...
සුවඳ හාදු දුනි සතපාලා
යහනාවේ මා හොවා
පින්සාර ඇයගේ තුරුලේ
සැනසේ රජුන් පවා
ඒ දරුවකුගේ පණ වැනි උත්තම
අම්මාගේ ආදරයයි..
මේ ජීවනයේ.

ගායනය - එච්. ආර්. ජෝතිපාල
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - පී. එල්. ඒ. සෝමපාල


02. මතකය ඇසුරින් සිහියට ගන්නට

මතකය ඇසුරින් සිහියට ගන්නට
නිතරම වෙහෙසුනෙමි
මට පමණක් ඒ පින නැත්තේ ඇයි
නිරතුරු වැළපුනෙමි
අම්මා... අම්මා යැයි කීමට
කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක චායාවක් ඇත
ඒ ඔබ බව දනිමි

ඉස්සර දවසක උදෑසනක ඔබ
මා නළවන්න ඇතී
මා හඬනා විට දුක ඉපදී මට
ලේ කිරි දෙන්න ඇතී
මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද
මුව සිප ගන්න ඇතී
ඔබ යන විට මා කැටුව යන්න නම්
අමතක වෙන්න ඇතී

අම්මා... අම්මා යැයි කීමට
කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි


ගායනය - ඉන්ද්රාණි පෙරේරා
සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන

03. මේ නොනිමෙන දිවි ගමනේ

මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මඟ පෙනෙන තුරා
අම්මේ ඔබෙ පුතෙකු වෙලා
මම එන්නම් සසර පුරා
මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මඟ පෙනෙන තුරා
පියතුම නැතිදා ඉඳලා
ගියෙ නැහැ මා තනි කරලා
කුසගිනි මට නොම දීලා
දුක වේදනාව නිවලා
අම්මේ ඔබ බුදු වේවා
මව් ගුණ ගී ගයනෙමි මා
මේ නොනිමෙන
පැටලී ලෝ මායාවෙන්
ගලවා මා අවමානෙන්
නුවණැස මගෙ පහදාලා
දියුණුවේ මඟ පෙන්නාලා
ලැබූ ඒ ආශිර්වාදේ
දිවි මාවත එළිය වුණේ
පියතුම නැතිදා ඉඳලා
ගියෙ නැහැ මා තනි කරලා
කුසගිනි මට නොම දීලා
දුක වේදනාව නිවලා
අම්මේ ඔබ බුදු වේවා
අම්මේ ඔබ බුදු වේවා...........

ගායනය - එච් .ආර් ජෝතිපාල
ගී පද : තිස්ස ඩයස්
හින්දි තනුවකි(හින්දි චිත්‍රපටිය : ටවර් හවුස්)

04. දුනුකෙයියා මලක් වගේ

දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවද දැනෙනවා
පසළොස්වක සද වාගේ එළිය ගෙනෙනවා
මගේ අම්මා මට ජීවන සුවය සදනවා............

සංසාරෙන් සංසාරෙට එකට ආ බැදී 
කෙනෙක් නොමැත දරුවෙකු හට 
මවක සේ ලැදී.........
අම්මා යන සමාධියට ඉදිමි සමවැදී
ඔබෙ ගුණ කීමට හෝඩියේ 
අකුරු මට මදී..............//

සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ
ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිමෙනවා අම්මේ
සක්විති රජවරුනගේ දණ ඔබ ලග නැම්මේ
සිරිමා බෝ මුල මතු දින 
බුදුවෙනු අම්මේ.............//

ගායනය : සුජාතා අත්තනායක
පද රචනය : හේමසිරි ද අල්විස් 
සංගීතය - වී .හේමපාල පෙරේරා


05. අම්මා ජීවන උයන් තෙරේ

අම්මා ජීවන උයන් තෙරේ
නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ

සඳවතුරින් ලොව රුහිරෙන් දියකොට
අමිලවු සෙනෙහස පුතුට පොවනු මැන
සෙනෙහස ගිලිහී වියැලුණු පුතු ලොව
මවුණි ඔබේ කිරි දියෙන් තෙමණු මැන

කඳූලින් ඉපදී කඳුලෙන්ම මියැදෙන
රණමඬලේ මිණි පහනක් වෙනු මැන
දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ
මා තුරුළට ගෙන නිඹඳ සරනු මැන

අම්මා ජීවන උයන් තෙරේ
නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ.

ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
ගී පද - සුදන්ත බී. පෙරේරා


06. දෙවෙනි බුදුන් ලෙස

දෙවෙනි බුදුන් ලෙස
ලොවම උවම් කළ
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලඳ
අම්මා... අම්මා... අම්මා...

දෙසවන් සනසා මා නැලවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියා දුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිපගන්නට ඔබ මා ලග නැත
අම්මා... අම්මා... අම්මා...

ඇසට අඬන්නට කඳුළුලි දුන් ඔබට
ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිපගන්නට ඔබ මා ලග නැත
අම්මා... අම්මා... අම්මා...

ගායනය - සුනිල් එදිරිසිංහ 
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න 
තනුව - රෝහණ වීරසිංහ

07. උකුලට නාවත්

උකුලට නාවත් එදාවගේ .. මා පොඩි පුතු අම්මේ 
යොදුනක් ඈතින් උන්නත් මා 
මා ඔබ ලග අම්මේ.

කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල් මට සෙවනැල්ලක් වෙයි
සුවද ඔබේ අම්මේ

අත පය දැඩි වී වැඩිහිටි වූ මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි දිය රැස් දහරේ
මතු මතු දා අම්මේ
මා ඔබ ලග අම්මේ

ගායනය - රූකාන්ත ගුණතිලක 
ගී පද - අජන්තා රණසිංහ 


08 . තව ටික දොහයි 

තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න
මගෙ රත්තරන් අම්මේ මං පඩි අරන්
අද හෙට එනතුරු ගමට
තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි උඹට..

වනන්තරේ මහ රූස්ස ගහ කොළ බිමට සමතලා කර අම්මේ
රාස්සයින් වගෙ යන්ත්ර සූත්තර මහ සද්දෙන් යනවා අම්මේ
සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා වේල්ල බඳිනා හැටි අම්මේ
බලාන ඉන්නට උඹවත් දවසක එක්කරගෙන එන්නම් අම්මේ..

බින්තැන්නේ මං දහ දුක් විඳලා මෙදා ගමට ආ දා අම්මේ
උඹේ අතින් මගෙ දෑතේ කරගැට අතගාලා නාඬන් අම්මේ
මහියංගණයේ හේවිසියේ හඬ හැන්ඳෑවට ඇහුනම අම්මේ
සිල් අරගෙන නුඹ ඉන්නා තාලය අනේ මතක් වෙනවා අම්මේ

වත්ත පහල පොල් අතු ඇහිදින්නට උදෙන්ම යන්න එපා අම්මේ
උදේ රැයින් ඔය පිනි බාලා උඹ ලෙඩා දුකා වෙයි මගෙ අම්මේ
ගිනි මද්දහනේ බැරි බැරි ගාතේ ගම්මැද්දේ නොගිහින් අම්මේ
රැයක් නෑර මට හීනෙන් පෙනි පෙනි මං එනතුරු ඉඳහන් අම්මේ

ගායනය -විජය කුමාරතුංග
ගී පද - අජන්තා රණසිංහ
සංගීතය - එච්. එම්. ජයවර්ධන

09. ගායෙන් මං මුදවලා

ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
අම්මා.......

පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බරබාග ලෝකේ නැති කළා
බෝසත්කම තවරලා ලාලිත්‍යය මතු කළා
කාටත් වැඩි ආදරේක ගිල්වලා
අම්මා.....

කේලම් මලු තාත්තාට විය එයා පුරවලා
ගානෙන් මගෙ ආත්මේම හැඩ කළා
තාමත් අත අල්ලලා පාරෙත් සුරතල් වෙලා
ඈටත් මුළු ජීවිතේම මං වෙලා
අම්මා.....

ගායනය : සංගීත් විජේසූරිය

10. නපුරු වෙන්න එපා කියලා

නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා
දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා
ඇගෙ ආදර ලේ කිරි මම රසකර බිව්වා
මගෙ ලෝකය මගෙ විශ්වය ගෙඩර බුදුන් අම්මා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා
කඳුලු බිංදු හංගා මට සුර සැප දුන්නා
රස මසවුළු මට දීලා ඇය නොකාම උන්නා
දරු සෙනෙහස හින්දා අපමන දුක් වින්දා
දුක් කරදර ඇය විඳගෙන මට සුවයම දුන්නා
මා ආදර මගෙ අම්මා

පද රචනය - ෂෙහාන් ගලහිටියාව 
සංගීතය – පි‍්‍රයන්ත නාවලගේ 
ගායනය – චාමර වීරසිංහ 


11. අම්ම එහෙම කරයිද තම පුතාට...

අත් මිට කාසි පනම් ඇති විට…
එතකොට ගෑණුත් ඇති වට පිට…
එයල අත මිට නැති දා හැර යයි යන්නට…
නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට…
සමහර තරුණ, තරුණියන්ට රැවටිලා…
අසරණ මෑණියන්ට වෙනස්කම් කළා…
ගෑණු ඕනතරම් ලෝකෙ හරිම කරදරේ…
එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ…

එදා චූල පදුම රජතුමාගෙ බිසවට…
පිපාසෙ උන කාන්තාරෙ යනකොට…
රජා උරේ පලළ ලේ දුන්නනෙ බොන්නට…
රජු එතරම් ආදරෙන් හිටියෙ බිසවට…
ඇය ආස හිතිල අත පය නැති කොරෙකුට…
රජාව එක්කන් ගොස් මහ කන්දක් මුදුනට…
තල්ලු කෙරුව ඒ කන්දෙන් පහලට…
අම්ම එහෙම කරයිද තම පුතාට…

එදා රජතුම සහ බිසව කැලේ යනවිට….
වැදි කුමරෙක් කඩා පැන්න සටනට…
ඒ වැදි කුමරගෙ හැඩි දැඩි වූ සිරුරට…
ආස හිතුන රජතුමාගෙ බිසවට…
කඩුව ඇගෙන් රජතුම ඉල්ලූ විට…
කඩු කොපුව රජුට, කඩුව දුන්න වැද්දට…
අන්න ඒක නිසා නහින්න වුනා රජාට…
ළමයො අම්ම එහෙම කරයිද තම පුතාට…
ඔබෙ බිරිඳව ඔබේ ළඟට කැන්දා…
ඇගෙ වැරදි ඇතොත් කියල දෙන්න පහදා…
ඔබ බිරිඳට ආදරෙන් ඉන්න සැමදා…
මොකද ඔබෙ අම්මත් ගෑණු කෙනෙක් හන්දා…

සමහර තරුණ, තරුණියන්ට…

ගායනය - එම්.එස්.ප්‍රනාන්දු

12.අම්මා... අම්මා...

අම්මා අමා අමොද කරුණා නිධානේ
ඔබගේ මුවින් පෑදුණා...

මේ ඔබගෙ පා යුවළ යට පෑගෙනා
දූවිලි වාගෙයි මගෙ චේතනා...
පාළුව හා සෝක දුක් වේදනා...
අම්මා ඔබගෙන් සේදී ගියා

ආදර සාගරය ඔබගේ තමා
ජීවිතේ මී විතට ගෙන දුන් අමා...
මා හදේ මල් යහනා මැවේ...
අම්මා ඔබගෙ සුවඳ සොයා

අම්මා... අම්මා... අම්මා...


ගී පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය - පි එල් ඒ සෝමපාල
ගායනය : වී. වර්ධරාජා

මෙතැනින් සින්දු ඔක්කෝම අහන්න නැත්නම් බාගන්න

-------------------------------------------------------------------------------------
ප .ලි
මේවගේ අඩු පාඩු ඇත්නම් පෙන්නා දෙන්න .
---------------------------------------------------------------------------------------

46 comments:

  1. නියමයි මචෝ. තව අපිට අමතකවුනු, දැන් අහන්න නැති මව් ගුණ ගීත තියෙන්නත් පුළුවන් නේද. එහෙම හොයා ගන්න පුළුවන් උනොත් තුන්වෙනි කොටසකුත් දාන්න පුළුවන්නෙ. ජය වේවා!!! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ ...
      තුන්වෙනි කොටස නෙවෙයි කොටස් 10 කට සින්දු තියනවා ...
      බලමු බලමු ....

      Delete
  2. ආදරය කරුණා දයා ගුණ සාගරය පරදයි,
    නොනිවෙනා ගිණි උසුළනා හද මිහිකතද පරදයි,
    මාතුපාදං නමාමී///

    මුල්ම විවරණ ලැබුවෙ බෝසත් අම්මා කෙනෙකු අතින්,
    මා හා සමකල හැකිය අම්මා පැවසු සේක බුදුන්,
    අම්මා...///
    පැවසු සේක බුදුන්, පැවසූ සේක බුදුන්....

    ආදරය කරුණා දයා ගුණ...

    සෙනෙහසට මුළු ලොවම පූජිත අම්ම ගෙදර බුදුන්,
    තබා නළලත දෙපා සිඹ සිඹ වඳිමු පුදමු බැතින්,
    අම්මා...///
    වඳිමු පුදමු බැතින්, අම්මා පුදමු බැතින්....

    ආදරය කරුණා දයා ගුණ...

    ------------------------------------
    ආදරය කියන වචනය නැතිව අම්මා ගැන සින්දු ලියවිලා ඇත්නම් ඒ බොහොම ටික වෙන්න ඇති නේද?
    ලේබල් පාරකුත් දාමුද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මදාවියෝ සින්දුවට .මේක සිසිර සේනාරත්න , ඉන්ද්‍රානි යුවල නේද ගායනය කරන්නේ .මේකත් එකතු කරමු .
      මචෝ මොකක්ද ලේබල් සීන් එක ????

      Delete
    2. පෝස්ට් එක ලියද්දි ලේබල් යටතේ පෝස්ට් ටික කාණ්ඩ කරන්න. දැන් මේක අම්මා ගැන උඹ ලියපු දෙවන එකනෙ. එතකොට ඒ වගේ එකම කාණ්ඩයේ ඒවා ඒ ලේබල් එක යටතෙ බලන්න පුලුවන්.
      අනේ, කවුරු හරි මේකට කියාදෙන්නකෝ!

      Delete
    3. මදාවියෝ ඉතින් මචෝ මම එහෙම ලේබල් කරලනේ තියෙන්නේ ..
      එකේ වැරද්දක් තියනවාද ?

      Delete
    4. සොරි බං දැක්කෙ නෑනෙ. ඔන්න මමම ටොක්කක් ඇණ ගත්තා.

      Delete
    5. ඕක මොකක්ද බන් . මේ දවස් වල දැකපු නැති ඒවා ගැන මොනතරම් කට්ටිය කෑගහනවාද ? ...

      Delete
  3. අඩුපාඩු නැත මචං..එල ද බ්‍රා..
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. උඹලා ආවේ නැත්නම් තමයි මචෝ මෙතැන ලොකුම අඩු පාඩුව වෙන්නේ ...පොඩි මෙන්ඩිට ළමා ගීත ටික දුන්නද සින්දු ඇනෝ මාමා දුන්නා කියලා ...
      බ්‍රෑන්ඩ් එක නම් ගල් තමයි ...

      Delete
    2. මුල ඉදන් කියන්න වුනා සින්දු ඇනෝ මාමා ගැන..
      පොඩි මෙන්ඩියාගේත් බ්‍රෑන්ඩ් එක ගල් වෙයිද බං?

      Delete
    3. "අප්පා කල දේ පුතා කොකලොත් නොට්ටිගේ පුතා කිව්වළු " ...හැක් හැක්

      Delete
  4. අලුතින් සිංදු තුනක් හම්බුනා මචෝ.. අපි කොච්චර මවු ගුණ ගී අහල තිබුනත් නෑසූ ගී කෙතරම් ඇතිද.

    මෙන්න මේක මගෙන්,

    සඳ පාන වගේ මූණ ඔබේ හරි සිරියාවයි
    කිරි මූද වගේ සිනා සපිරි මුව මදහාසයි
    පිපි මලක් වගේ ගුණ සුවඳින් ඇය සරුසාරයි
    මගෙ අම්මට මං හැමදාමත් හරිම ආදරෙයි..

    ReplyDelete
    Replies
    1. අන්න ඔහොම මතක් වෙන ඒවා කියන්න ...ඊළඟ එකට දාමු .කාටද ආඩම්බර මව් ගුණ ගී වැඩිම ප්‍රමාණයක් එකම තැනකින් ගන්න තිබුනාම ..
      ස්තුතියි මනෝ ..

      Delete
  5. ආත්මයම උණුසුම් වෙන ගීත රැසක්. ඔබට ස්තුතියි සිංදු ඇනෝ...

    ReplyDelete
    Replies
    1. ඔබේ සැප මගේ සතුටයි දිලිනි ....

      Delete
  6. ඇතුල් හිතේ හිත පතුලේ පරිස්සමින් හන්ගා
    තුරුල් සුවේ සියුමැල්ලේ පිරි මැද නිදි කරවා
    පතුල් පවා සිබ සිබ නිදුකින් මා කර පින්නා
    නැලවිල්ලේ ආත්මයම උනුහුම් කල අම්මා
    මගේ… අම්මා…

    වචන රහිත දිගම තේම ගීය කවිය අම්මා
    දුකින් තොරව දිවි ගෙවන්න පාර කිව්වෙ අම්මා
    නැති බැරු කම් හංගා ඇති ලේ පිරි මහලා
    කවා පොවා හැදුවේ අම්මා
    ආත්මයම පැතුවේ අම්මා…

    හරිම තැනින් පටන් ගන්න කියා දුන්නු හින්දා
    හොදම දෙයක් කරන්න යද්දි සතුටු වෙන්නෙ අම්මා
    සැප විදිනවා දැකලා හිස සිබ සුව පතලා
    හිනා වෙවී හැඩුවේ අම්මා
    ආත්මයම හැදුවේ අම්මා…

    ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්

    ReplyDelete
    Replies
    1. ඊළඟ වටයට යොමු කරනවා ...

      Delete
    2. මෑත කාලයේ හදවතට දැනුන සිංදුවක්,

      Delete
    3. මම අසංගගේ කලින් කැමතියි .දැන් නම් එපා වෙනවා .මේකා හැම එකටම පන්සලේ ගන්ටාරේ අදිනවානේ ....මකාගේ යලක්

      Delete
    4. පැහැසර අරුණක, සෙනෙහසකට අරුතක් කියපු අසංක අනේ මංද.

      Delete
    5. පැහැසර අරුණක ඉරමල පිපුනාවේ...
      යුගදුරු යුගදුම සැනකින් නිවුනාවේ...
      හිමිදිරියේ...සීතල හීනෙක දැවටීවත්
      පරවි පියාපත් ඇසුනාවේ...

      සිත සිරකොට බැදි දඬු වැට බිදුනාවේ...
      සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ...
      සිත සිරකොට බැදි දඬු වැට බිදුනාවේ...
      සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ...

      පැහැසර අරුණක...

      ලියවැල් ඇහැරී යලි මල් පිපුනාවේ...
      දෑලම යා කල ඉදු සැව් ඇදුනාවේ...
      ලියවැල් ඇහැරී යලි මල් පිපුනාවේ...
      දෑලම යා කල ඉදු සැව් ඇදුනාවේ...

      පැහැසර අරුණක...

      ගායනය : අසංග ප්‍රියමන්ත පීරිස්
      පද රචනය : නිලාර් එන්. කාසිම්

      Delete
    6. අසංක මුලින්ම කරලියට ආවේ 93 (92 ද මංදා) තිබ්බ සිංහ ගී උදානය කියන ප්‍රෝග්‍රෑම් එකෙන්.. ඒ කාලේ තිබ්බ හොඳම රියැලිටි ශෝ එකක්.. ඊට පස්සෙ දිගටම ගියෙ නැත්තෙ මොකද මංදා.. අසංක තමයි පළවෙනියා උනේ.. ඌව පළාතෙන් එක වෙලා තරඟෙට ගිය අපේ පොඩි අක්කා තමයි තුන්වෙනියා වුනේ.. මාත් ගියා ෆිනාලේ එක බලන්න.. අසංකයා අමරදේව මාස්ටර්ගේ සිංදු කිව්වා අමරදේවට වඩා ලස්සනට.. එතැන ඉඳල අසංකයා මාර නැග්මක් නැග්ගේ.. දැන්නම් වැරදි පුරුදු අත ඇර ගන්න බැරි උන නිසා චාටර් වෙලා ඉන්නේ.. දෙයියනේ කියල අපේ පොඩි අක්කනම් ගෙදර පැදුරු පාටියකින් එහාට ගියේ නෑ..

      Delete
    7. අර ග්‍රැමෆෝන් මල යට ඉඳලා "ඉපිද මැරේ යලි ඉපදෙ " සින්දුව කිව්වා මතකයි ..

      Delete
  7. මලක රුව කොහෙද නැතිදා හිරු එළිය.. ලස්සන ලමා ගීයක් අම්ම ගැන කියන.. අපේ ගෙදර පොඩි උන් නිතර කියනවා.. යූ ටියුබ් ලින්ක් එකත් මෙතන තියෙනව.. ජය ශ්‍රී!

    https://www.youtube.com/watch?v=3Lc6SPq8xMg

    ReplyDelete
    Replies
    1. කමියෝ ස්තුතියි මචෝ සින්දුවට ....

      Delete
  8. අම්ම ගැන සිංදු දැම්මොත් කොටස් පහක් විතර දාන්න පුළුවන් වෙයි. පසුගිය පොස්ට් එකේ මම ඉල්ලපු සිංදුව දැම්මට ස්තුත්යි සිංදු මචෝ.

    ReplyDelete
    Replies
    1. එකනේ කම්මලේ මචෝ දැනට සින්දු හැටකට වැඩිය තියනවා .පද ටික ලියන්න ඕනෑ ..
      ස්තුති මොකටද බන් මේ බ්‍රෑන්ඩ් එක ගල් සෙට් එකට ....

      Delete
    2. http://www.topsinhalamp3.com/categories/maw-guna-geetha-mp3-songs.php

      Delete
    3. ස්තුතියි තිලංක ....මම මෙතැනට යනවා නිතරම .

      Delete
  9. mama kalin psot eke mathak karapuwaa dala nene ayyo...

    ReplyDelete
    Replies
    1. හයියෝ ....සොර්ර්රි සප්‍රියෝ ...
      අපි එක ඊළඟ එකට දාමු . අනිත් කෑල්ල තවත් රසවත් නේ .....

      Delete
    2. එක රූපෙන් දෙන්නෙක් ඉන්නවාද ? එක්කෙනාමද ? පොදු අපේක්ෂකයාද ?

      Delete
  10. සින්දුවෝ..වැඩේ නම් නියමයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විභියෝ ..
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  11. සංගීත්තෙ ගව සිංදුවක් තියෙනව සිංදුව නාහපු සිංදු නැති වෙන්න බෑ නෙව

    අම්මේ .. ඔබ මතු බුදු වෙන්න එපා
    ආයෙත් මං උපදින හංදා මගෙම වෙන්න අම්මා

    ReplyDelete
    Replies
    1. මහේෂ් මේක නේද ....අපි මේකත් එකතු කරමු

      අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා
      ආයෙත් මං උපදින හන්දා
      මගෙම වෙන්න අම්මා
      අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා

      යස ඉසුරට ලොබ බැද ලංවුන
      අඟනුන් ඇයි අම්මේ මට පිටුපාලා ගියේ
      ලෙඩ දුක් කරදර මා වටක‍රගෙන
      ඒත්මගේ අම්මා මගේ ලගම උන්නා

      මහළු මඩම් මොකටද මගෙ අම්මට
      මමම සුවය දෙන්නම්
      ඔබගෙ ලඟම ඉන්නම්
      මේ භවයෙදි පැතුම් පතන්නේ
      මතු භ‍වයේ අම්මේ ඔබේම පුතු ‍වෙන්නයි

      අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා
      ආයෙත් මං උපදින හන්දා
      මගෙම වෙන්න අම්මා
      මේ සස‍රෙදිත් ඔබයි මගෙ අම්මා
      මතු සසරේදිත් ඔබයි මගෙ අම්මා

      ගායනය - සංගීත් විජේසුරිය

      Delete
  12. උබට තව පෝස්ට් 10-15 විතර දාන්න වෙයි අම්මා ගැනනම්.
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. උඹලගෙන් සපෝර්ට් එකක් නෑනේ ....සින්දු මතක කරපල්ලකෝ .10-15 නෙවෙයි ඊට වඩා දාමු ...

      Delete
  13. බොක්කා . … පිට් තමා !!

    ReplyDelete
    Replies
    1. උඹට රතු ඉරත් ගහලා තියෙන්නේ මචෝ ....හැක් හැක්
      ස්තුතියි
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  14. සමිතගෙ සින්දුවක් තියෙනවා “අම්මා සදාදර ඔබයි මගේ අම්මා“ කියලා. තව මචං නිර්මලා රණතුංග කියනවා පට්ට සින්දුවක්, වචන මතක නෑනෙ. උඹට අහුවෙයි සුටුස් ගාලා. ඒ දෙකම දාපං ඈ....
    නැත්තං බොට වෙඩිතියනව සෙක්සපෝං එකකිං ඒඩ්ස් හැදිල මැරෙන්න.

    ReplyDelete
    Replies
    1. යකෝ ඒඩ්ස් ....මැකුවොත් හිරේ නේ .මම බොට සින්දු දෙන්නම් .සෙක්සපෝං එක දියන් .අනික උඹම තියාගනින් ..හැක්

      සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා
      මෙතේ බුදුන් දැක නිවන් මගට යන දා
      මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා
      අම්මා සදාදර ඔබයි මගේ අම්මා

      ගායනය - සමිතා මුදුන්කොටුව

      ඉපදුණ දා මා හඩා වැටෙන්නැති
      අම්මේ ඔබ හිනැහෙන්න ඇතී.....
      දෙතනේ කිරි දී මා සනසන්නැති
      අම්මේ ඔබ හිනැහෙන්න ඇතී.......

      ගායනය -නිර්මලා රණතුංග

      මේ දෙක ගැනද කිව්වේ .ඊළඟ දාමු මචෝ ...

      Delete
  15. හත් ඉලව්වේ මං වහන් වෙලා හිටපු ටික දවසට මේකා බ්ලොගක් දාන්නත් පටන් අරන් , හිටු කියවන්න, කොන්ග්රජුලෙසන් ඔන්න .පරක්කුවෙලා හරි කිව්වා

    ReplyDelete
    Replies
    1. ඉවානෝ , උඹලා නැති බ්ලොග් ගල් නැති පාටියක්‌ වගේ මචෝ .මට බ්ලොග් කරනවාට වඩා වටිනවා උඹලාගේ බ්ලොග් කියවන එක . බොහොමත්ම ස්තුතියි බොක්කෝ ..............

      Delete