Tuesday, December 30, 2014

දොළොස් මහක් ගතවී යන මොහොතේ......

අවුරුද්දක් ඉවර වෙලා තව අවුරුද්දකුත් ආවා....ඔන්න සින්දු ඇනෝත් හැමෝටම සුභ පතනවා ලබන්නාවූ 2015 වසර සතුට පිරි  සාමයෙන් සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා  !!!!!!






දොළොස් මහක් ගතවී යන මොහොතේ
අන්තිම දවසේ මැදියම් රෑ
කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා
කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා

අවුරුද්දක් තිස්සේ කළ කී දේ 
මතක් වෙනකොටත් සමහර එව්වට 
මටම හිනා මස්සිනේ
අවුරුද්දක් තිස්සේ කල කී දේ 
මතක් වෙන කොටත් සමහර එව්වට 
මට ඇඬෙනව මස්සිනේ
උඹ අඬන්ටෙපා මස්සිනේ
අඬන එකා දැන හිනැහෙන්ටෙපා මස්සිනේ
උඹ අඬන්ටෙපා මස්සිනේ
අඬන එකා දැන හිනැහෙන්ටෙපා මස්සිනේ


දොලොස් මහක් ගතවී යන මොහොතේ...


හපන්කමක් ඇති අලුත නැගී එන 
කෙනෙක් දුටුවොතින් හිත සන්තෝසෙන් 
අත දීපන් මස්සිනේ
අලුත් කෙනෙක් දුටුවොතින් මමත් හරි ආසයි 
ඒත් ඔය කපන්න බැරි අත 
ඉබින්ටෙපා මස්සිනේ
නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා
නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා
නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා


දොලොස් මහක් ගතවී යන මොහොතේ...


පොළෙන් පොළට ගිය පොල් වෙළඳාමෙන් 
යාන්තමට වගෙ ජාම් බෙරුණා 
ඒත් මදැයි මස්සිනේ
ගොනා පිටේ හකුරුත් පටවාලා 
වක්කඩේ හකුරු හංගා තියලා 
හනේ වෙච්චි දේ මස්සිනේ
දැන් ගිය හකුරට නාඬන්නේ
ඔය තියෙන හකුර රැක ගන්නේ
දැන් ගිය හකුරට නාඬන්නේ
ඔය තියෙන හකුර රැක ගන්නේ

දැන් ගිය හකුරට නාඬන්නේ
ඔය තියෙන හකුර රැක ගන්නේ .....//


ගායනය - රෝහණ බැද්දගේ, බන්ධුල විජේවීර
සංගීතය, ගී පද - රෝහණ බැද්දගේ

මෙතැනින් ගන්න


-------------------------------------------------------------------------
ප :ලි  
බොලොග් කියවන්නෙක් විදිහට අවුරුදු ගානක් ඉඳලා නිකමට පටන්ගත්ත මේ බොලොග් කට්ට නිසා අලුත් ජිවිතයක් ගත කරනවා වාගේ .උදේ හවස මෙතනට ඇවිත් කවුරුද ඇවිත් ඉන්නේ කියලා බැලුවේ නැත්නම් කෑවේ නැ වාගේ .ඒ හැමෝම මට මේ කෙටි කාලය තුල ලබා දුන්නු සහයෝගය නිසයි .අලුත් මිත්‍රයෝ සෙට් එකක්ම මුණ ගැහුන නිසයි .අලුත් අවුරුද්දේ මුණ ගැහෙමු .හැමෝටම බොහොමත්ම ස්තුතියි .හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!

(අපේ මෙව්වා එක ලබන අවුරුද්දෙත් ගල් හොදේ.ජිවත් වෙලා හිටියොත් 15න් පස්සේ එන්නම්  )

Friday, December 19, 2014

ලෝකය නැමැති ගමේ.......
















සදා නොමැකෙන ගී පද සාම්ප්‍රදායකට ජිවය ලබාදුන් ප්‍රේමකීර්ති ද අල්විස් නම් අමරණිය  ගේය පද රචකයාට සහ ලාංකීය උපහාස ගීතයේ සලකුණ  වූ ෆ්‍රෙඩී සිල්වා නම් අනර්ග ගායකයාට උපහාරක් වේවා ...

පොස්ට් එක අප්ඩේට් වෙන්නේ නැති නිසා මෙතැනින් බලන්න ...ලෝකය නමැති ගමේ ...

ලෝකය නැමැති ගමේ.......



සදා නොමැකෙන ගී පද සාම්ප්‍රදායකට ජිවය ලබාදුන් ප්‍රේමකීර්ති ද අල්විස් නම් අමරණිය  ගේය පද රචකයාට සහ ලාංකීය උපහාස ගීතයේ සලකුණ  වූ ෆ්‍රෙඩී සිල්වා නම් අනර්ග ගායකයාට උපහාරක් වේවා ...

(දිවයින පුවත් පතක දැක්ක ලිපයක් නිසා තමයි මේ සින්දු ටික දාන්න හිතුනේ .එකෙන් උපුටා ගත් කොටසකුත් පහලින් එකතු කලා )

"ප්‍රේමකීර්ති ලාංකික සාම්ප්‍රදායික සංස්‌කෘතික හා ජනප්‍රිය සංස්‌කෘතිය යා කළ පාලමක්‌ වැන්න. ඔහු තම නිර්මාණ තුළින් කිසිවිටෙක සම්ප්‍රදාය හෑල්ලු කළේ වත්, අවමානයට පත් කළේ වත් නැත. ඊට හොඳම සාධකය වන්නේ ප්‍රෙඩී සිල්වා චරිතයයි. එවකට ප්‍රෙඩී සිල්වා ජනප්‍රිය වුවත්, සමාජය ඔහු පිළිගැනීමකට ලක්‌ කළේ නැත. පරණ කෝට්‌ ගීතයත් සමග ජනප්‍රිය වූ ප්‍රෙඩී ශීඝ්‍ර ගමනකට මුල පිරුවේ සිනමා නළුවකු ද වෙමිනි. ඒ පසුපස සිටි දැවැන්ත චරිතය ප්‍රේමකීර්ති බව දන්නේ අතළොස්‌සකි. ප්‍රෙඩී ගායනා කළ, "අලුත් කලාවක්‌", "ආරොන් මාමා", "පාන්කිරිත්තා", "නෑදෑයෝ", "හඳමාමා", "කැකිල්ලේ ර-ජුරුවෝ", "කුණ්‌ඩුමනී", ආදී ගීතවල නිර්මාණ හිමිකරුවා ප්‍රේමකීර්ති බව දන්නෝ කවරහුද? වරක්‌ මෙම උපහාස ගීත පිළිබඳ සඳහන් කරමින් ප්‍රේමකීර්ති කීවේ, "ලංකාවේ අපට අපේම කියා උපහාස සාහිත්‍යයක්‌ ඇති බවයි." ඔහු ඊට දුන් උදාහරණය වූයේ, අන්දරේ, කුංකුණාවේ හාමුදුරුවෝ සහ යක්‌කඩුවේ ප්‍රඥරාම හිමි යන චරිතය. කොළඹ යුගයේ කවියන් කිහිප දෙනකුගේ නම් ද ඔහු කීවේය. ඒ අනුව, සම්භාව්‍ය උපහාස ගීයේ නිර්මාතෘවරයා වන්නේ ද ප්‍රේමකීර්ති බව මගේ විශ්වාසයයි....."

(සමරවීර මුදලිගේ දොන් ආරියරත්න ද අල්විස්‌ )

**********************************************************

අමුතු ඇඳුම් ඇඳ හඬවන

අමුතු ඇඳුම් ඇඳ හඬවන 
රබානකි අතේ
පොළොවෙ ඉඳන් අඩි දහයක් 
විතර උස ඇතේ...
ආකාසෙ ඔළුව වදියි 
කියල බය හිතේ...
බොරු කකුල් කාරයෙක් එනවා 
අන්න අර පුතේ...

උණ බම්බු දෙකක් උඩ 
මිනිහා ඉන්නෙ කොහොමද 
එයා අපි වාගේ මහ පොළොවේ 
පයින් යනවද
මට තේරෙන්නෙ නෑ 
තාත්තෙ කියල දෙනවද...
එයා උඩින් යන්නේ ඇයි 
පහළින් යන්න බැරුවද...

බොරු අහංකාරකම් 
කෙනෙකුගෙ නැතිවුණොත් හිතේ
එයා උඩින් නොවෙයි බිමින් 
ගියත් වැරැද්දක් නැතේ
බොරුකකුල් මෙයා වාගෙ 
බැඳල නැති නමුත් පුතේ...
ඔය වාගෙ උඩින් යන ඈයෝ
හුඟක් ලොව ඇතේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සනත් නන්දසිරි
ගායනය : ෆ්‍රෙඩී සිල්වා 

ගිගිරි ජගරි හඬවනා

ගිගිරි ජගරි හඬවනා කසෙන් අසුට තලමිනා
තීරු පට්ට තීරු තීරු කළම්ඹා එමී..
කඩු ද කොඩි ද වන වනා පනම් පෝරු උසුලනා
නම්බුකාර තෝම්බුලගෙමහාරාජා මං

ඔලිඳ ඇට අඩුක්කුවක් ඔඩොක්කුවේ දමන්..
පිච්ච මල් කැලෑවෙ ලෙච්චමී...
තාලි පෙට්ටි ආරනූල් අරුංගල් අරන්
මං කඩෙන් බලන්න ආවෙමි..

ආඬවනේ.. ඇයි ද මේ...

සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ
මා දිහා බලන්න ලෙච්චමී...
ඔන්ඩු රෙන්ඩු මූනු කියල ඇඟිලි ගනිමිනා
තල් වැටෙන් එබීල බලමිනා...

අසු පිටේ නැගීල උඹව යන්න එක්කරන්
එන තුරා ම ඉන්නෙ රත්තරං...
ආඬවනේ... ඇයි ද මේ...
සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ
මා දිහා බලන්න ලෙච්චමී..

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සරත් දසනායක
ගායනය: ෆ්‍රෙඩී සිල්වා

ලෝකය නැමැති ගමේ.......

ලෝකය නැමැති ගමේ
යහගුණ මාවතේ
පළවෙනි තැන සිටියා වූ 
ගුණ යහපත් නම් මිනිසා
ආ ගිය අතක් නැතේ...
ලෝකය නැමැති ගමේ...

ඇත්තට ගරු කරනා ගතියයි
යුක්තිය සිය පණ මෙන් සුරකියි
කාටත් නැමෙනා සුළු හිසකුයි
අනේ... 
එය ඔහු හැඳිනිය හැකි ලකුණුයි...

කිලුටක් හිත තුළ නොමැති කිසී
පවසයි ඇති තතු තැන දි නිසී
අවසන් වර දකිනා විට දී
අයියෝ...
උන්නේ තොප්පියකුයි පැළදී...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

දවසක්දා කකුළුවෙකුට...

දවසක්දා කකුළුවෙකුට මොනවද හිතිලා
කෙලින් යන්න ටියුෂන් දෙන පන්තියකට ගියා
මාස හයක් පාඩම් වැඩ තැපෑලෙන් කළා
කෙලින් යාමේ උපාධියෙන් ඉහළින් ගොඩ වුණා.

හරි තේජස් මැද කකුළු කොලුවා කෙලින් ගමන් ගියේ
ඇයි වදේ වැරදියට යන්නේ කවුරුත් විමසුවේ
නැහැ සීයේ මේක නියම ගමන තමයි අපේ රැහේ
ඌ කිව්වා නමුත් කවුරුත් නැහැ කෙලින් ගමන් කළේ

ටික කලක් කකුළු කොලුවා ඔහොම කෙලින් ගමන්කළා
මූ අංග විකල කකුළුවෙකුයි සැවොම විහිළු කළා
මේ සැවොම ඇදට යනවා නම් මටත් මොකෝ කියා
සහතිකය ඉරා දමා ඌත් පරණ ගමන ගියා.

පද රචනය  - ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය - ‍‍ෆ්‍රෙඩී සිල්වා.  

පාන්දරින්...

පාන්දරින්...
පාන්දරින් කුකුළො හඬන්නා
අපි තැටිය අරං පෝලිමෙ යන්නා
එළිවෙන ජාමේ
පාන්දර ජාමේ...

උදේ පාන්දරින් පහට දෙද්දි 
බතල තම්බලා
ඒවා කන්න ලුණු නැති විට
සිහිවෙනවා අම්මලා
අම්මෙ නුඹේ රස කිරි බීලා
මම කොහොම ඉන්නෙ හිර ගෙයි වැටිලා
එළිවෙන ජාමේ
පාන්දර ජාමේ...

දරුවො හදන්නට කොච්චර
වෙහෙසෙනව ද අම්මලා
දැනුණේ මට ඉන්නකොට යි 
මේ කූඩුවෙ හිරවෙලා
ඉක්මන් වී දුර දිග නොබලා
අද ලත වෙනවා හිර ගෙයි වැටිලා
එළිවෙන ජාමේ
පාන්දර ජාමේ...

පැදුර එලා ගල් ඇඳ උඩ
නිදියන විට රෑ පුරා
අම්මා මා නැළ වූ හැටි 
සිහිවෙනවා හිතපුරා
නිදහස් වන දා එක පිම්මේ
ඔබෙ දෙපා ළඟට එනවා අම්මේ
එළිවෙන ජාමේ
පාන්දර ජාමේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

අහසට බයේ ද ..

අහසට බයේ ද පොළොවට බයේ ද
පාගපං මස්සිනේ...
සුළඟින් පුරෝපු යකඩින් නමාපු
සයිකලේ ගැස්සුනේ මම නෙවෙයි
සයිකලේ ගැස්සුනේ....

සක් දෙවිතුමා ද අන්තිම වුණාම
පෑගුවෙත් සයිකලේ..
ඇයි ඔහෙ බයේ ද කලිසම කොහේද
පාගපං මස්සිනේ මගෙ නෙවෙයි
පාගපං මස්සිනේ...

කණ්නාඩි කුට්ටම දුර ඈත දැක්කම
ඇස් දෙකත් ලෙඩ වෙලා...
වැටුණත් උළුකුව තෙල් ගා වැළකුව
පරපුරේ ඉපදිලා පරපුරේ ඉපදිලා....

ලංකාව මා ළඟ ඔහෙ ප්‍රංශෙ යනව ද
සයිකලේ නව නවා...
මොනවද හිතවත දොඩවන්නෙ කටමැත
මගෙ දෙපා ගැහෙනවා 
මගෙ දෙපා ගැහෙනවා...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් දළුගම
ගායනය : ෆ්‍රෙඩී සිල්වා සහ රෝයි ද සිල්වා

දොඹ ගස් වල මල් පිපිච්ච 

දොඹ ගස් වල මල් පිපිච්ච 

අතු ඉති ටික සොලවාලා

පොල් අත්තේ හැඩය එන්න

මිදුල පුරා අතුගාලා

උදේ පාන්දර වැල්ලෙන් 

දැලි පොතු කටු අහුලාලා

රේල් පාර පැන පැන එයි

මල් රෙද්දක් පොරවාලා

මල් රෙද්දක් පොරවාලා...



දැලෙන් ගත්තු හාල්මැස්සො

කූඩය නෑඹිලියෙ දමා

ඉහටි කඩා ළිඳ අද්දර

මද අව්වේ දෙදණ නමා
දවල් බතට ලිප ගිනි 
අවුලනකොට තව නොවී පමා
නොදැනෙන බඩගිනිත් දැනෙනවා
සුවඳට ඇදෙන හමා...

පොඩි නින්දක් නිදාගනී 
පැදුර එලා ගෙදර පිලේ
අවදි වෙලා කඹෙත් අරං 
යයි නටවා වතුර කළේ
පාන පත්තු කර හවසට 
කඩවර දෙයියන්ගෙ පැලේ
මොනවා පැතුවත් මොකටද
තවමත් දෙන්නා දෙපොලේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

බුලත් වඩියක් හපාලා

බුලත් වඩියක් හපාලා
හඳයා...
බංගලාවේ දොරකඩ හිටියා...

හාමු මොරොන්දන් 
සුපිරින්ටැන්ඩන්
තේජස්භාවෙන් හිටගත්තා...

මොකට ද ආවේ හඳයා 
සුපිරින්ටැන්ඩන් ඇසුවා
නිකං ආවේ රාලහාමී
හඳයා...
උරහිස කැසුවා...

නිකම් මොකට මෙහි ආවේ
සුපිරින්ටැන්ඩන් ඇසුවා
එහෙනම් නිකම් ම පලයන්
සුපිරින්ටැන්ඩන් කිව්වා...

හුඟක් දෙනා අද ලෝකේ
බොරුවට බයාදු වෙනවා
හඳයා යනතෙක් ඉඳලා
සුපිරින්ටැන්ඩන් හිතුවා...

ආපසු අත්පුඩි ගහලා
හඳයව ගෙන්නා ගත්තා
මිනිහට හොඳ හැටි බැනලා
ආ කාරණෙ දැනගත්තා...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

යකඩ කටේ දොර ඇරිලා ....

යකඩ කටේ දොර ඇරිලා 
කන් අඩි පුපුරයි මොනව කරන්නද
මට තේරෙන්නේ නෑ
ඉල්ලන දේ ලැබෙන තුරා
යන්නෙම නෑ මං තව තව දොඩනවා
කට වහගන්නේ නෑ...

යකඩ කටේ දොර ඇරිලා 
කන් අඩි පුපුරයි මොනව කරන්නද
මට තේරෙන්නේ නෑ...

ආවට වෙස් බැඳ නැත රැවටෙන්නේ
මායම් වලින් නැහැ අපි පැරදෙන්නේ...
කෝලම් කතා නෙවැ අද දොඩවන්නේ
ආලෙන් බැඳේ නම් නැත පරදින්නේ...

මගෙ මෝඩ කම ඊයෙ මයිනන්ට වික්කා...

රූපෙන් පලක් නැත කට දොඩවයි නම්
කෝපෙන් කියන්නෙමි බය නැත මා නම්...
හීනෙන් ගෙනාවත් ලොකු වෙද ඇදුරන්
ආයෙත් මගේ කට නවතියි ද දොන් ඩොන්..

නුඹ ඔහොම නැටුවාට මමමයි නේ ලොක්කා...

ඉල්ලන දේ ලැබෙන තුරා
යන්නෙම නෑ මං තව තව දොඩනවා
කට වහගන්නේ නෑ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : පී.එල්. ඒ. සෝමපාල
ගායනය : ෆ්‍රෙඩී සිල්වා සහ ඇන්ජලීන් ගුණතිලක


නෝනා කාගේද කාගේ නෝනාද

නෝනා කාගේද කාගේ නෝනාද
නෑඹුල් මල සේ පිපීලා
මේ කොහිදෝ යන්නේ පාවී
ආදරියේ මගෙ සීදේවී
පැණි බිඳුවේ මුදු කෝමල ඉඟ සුඟ නළවාලා...

මොහු කවුදෝ ඔහෙ කොහේදෝ
මොකෝ මෙසේ විලංබීත මූණේ
බොර ලිං පතුලේ මැඩියා සේ
ඉහ අඟ නැති වූ ගෝනා සේ
ඇහැ අඳ වී ගිය ලූලා සේ
ඇයි දුවන්නෙ කොහේද මේ...

දුක් වින්දේ අපි දෙන්නා
නොකා නොබී පෙමින් භූත වීලා
පොල් අතු අතරේ සඳ වාගේ
රැල්ලට පෑවූ මුතු වාගේ
හදවත මැද්දේ පණ වාගේ
අපි පතන්නෙ ඔහේල නේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් දළුගම
ගායනය : මිල්ටන් පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා,සුජාතා අත්තනායක, ඇන්ජලින් ගුණතිලක

හිතට නොගෙන යන ගමනට

හිතට නොගෙන යන ගමනට
තුන් ලෝකෙන් එන තහංචි
පුංචි පුතා ලොකු වෙනකොට
ලොකු කම් කළ යුතුයි පුංචි...

හඳට ගිහින් හඳ පාගා
ආපහු එන යුගයකි මේ
තවමත් අපි මහ පොළවේ
ඉන්නා එක නොවැ පුදුමේ...

කළොත් පුහුණු තමන්ගෙ හිත
හඳ ගෙන එන්නත් බැරි නැත
සැලසෙන කාගෙත් යහපත 
වැඩක නිතර යොදවමු අත...

අයන්න මෙන් මුල් තැන ගෙන
හැම තැන පෙරමුණ ම ලබා
බාධක කටු පඳුරු මුලින් 
ගලවා වෙන අතක තබා...

ගඟ බැසගන යන්නා සේ
තද ආත්ම විශ්වාසේ
දිනුවොත් ලොව දිනුවා සේ
ඔබමයි දෙවියා දේසේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : ෆ්‍රෙඩී සිල්වා


සුපුන් චන්ද්‍රා ගෙනත් 

සුපුන් චන්ද්‍රා ගෙනත් 
මිදුලෙ තියලා
රබන් ගහලා 
මඟුල් මඩුව බැඳලා
ඔයා ගෙන එන්නේ මං
ගමේ රජ වෙන්නේ මං
තොරන් බැඳලා 
බොමී ජය පානේ...

හපොයි මූණේ හැටී
ගෙරෙව්වා සේ කොටී
මොකෝ මාගේ ප්‍රේමී
පැටික්කී...
නෑදෑයෝ හා 
ගෙන එන්නේ ඔයා
අසුන් බැඳපූ කරත්තේ නැඟී...
ආදරේ මගේ අනේ
එපා එපා යන්නෙපා...

මගේ මැණිකේ පණේ
පණේ මැණිකේ මගේ
සිනාසී සනසන්නම් 
ප්‍රියාවී...
ඉල්ලන්නෙපා
හඳ දෙන්න නම් බෑ
මගේ හර්දේ බැබළේවී සොඳින්...
ආදරේ මගේ අනේ
එපා එපා යන්නෙපා...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් දළුගම
ගායනය : ෆ්‍රෙඩී සිල්වා


අපි කාටද බය

අපි කාටද බය
අපිට කවුදෑ බය........

එකතු කළත් උත්තරේට
එන්නෙ අපිට බිංදු
කොයිකවුරුත් පණ යන තුරු 
කියන්නෙ ඔය සින්දු
කොයි කාගෙත් ඉතිහාසේ
හැටි නැතුව ද අපි දන්නේ
ඇලපිල්ලක් වැඩි හින්දත්
කෙස් ගහ කොස් ගහ වෙන්නේ

ගමෙන් ඇවිත් සිදාදියේ
නැංගූරම් දැම්මේ
බොරු චන්ඩියො අපි දැක්කම
දුවන්නෙ එක පිම්මේ..
උඩ කරණම් බිම කරණම්
කජු කන ගානයි මල්ලී
පය ලිස්සා බිම වැටුණත්
අපෙ කොන්ඳ කෙලින් මල්ලී

මහපාරේ යන අටපට්ටම්
කැරකෙන කූඩු
හිනාවුණත් රැව්වත් උන්
අපිට නොවෙයි පාඩු
ඔය ආලේ ගල් මාලේ
කවුදෝ දැම්මේ බෙල්ලේ
හොඳ කාලේ ආ වේලේ
බඹරෙත් කැරකේ වැල්ලේ....

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා

කිරා... බුදි ද

කිරා... බුදි ද දැන්... බුදි ද දැන්
කිරා....බුදි ද දැන්... බුදි ද දැන්
කිරා... බුදි ද දැන්... බුදි ද දැන්
කිරා... බුදි ද දැන්... බුදි ද දැන්

දවල් පැයේ කෑම කාල
මේසය උඩ ඉහ තියාල
කන්තෝරුවෙ මැදට වීල
කිරා බුදි ද දැන්...

ෆෑන් ඔහේ කැරකෙනවා
ලයිට් ඔහේ පත්තුවෙනව
ඔරලෝසුව ඔහෙ දුවනව
සමහරු සෙල්ලම් කරනව...

අටයි තිහට වැඩට ආවෙ
දහයට තේ වතුර බීවෙ
කෑම කාලා දැනුයි ආවෙ
ඔහොම ද වැඩ කරන තාලෙ...

කාලය නොදැන ම ගෙවෙන්නෙ
වැඩ කටයුතු මඟ හැරෙන්නෙ
රාජකාරි නෑ කෙරෙන්නෙ 
රට කොහොමද දියුණු වෙන්නෙ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : ෆ්‍රෙඩී සිල්වා


ආරොන් මාමා

ආරොන් මාමා වයසක මිනිහෙකි
ඉපදුණ අපෙ ගම්මානේ
මිනිහගෙ ජොබ් එක කේළම් කීමයි
තැන තැන කඩපිල් ගානේ
නිතරම හීනෙන් බයවෙල වාගෙයි
ලේ කඳුළක් නෑ මූණේ
දවසක් දා කළ වැඩක් කියන්නම් 
අහගන ඉන්න ම ඕනේ...
ආරොන් මාමා......

රටේ තොටේ වග තොරතුරු හොය හොය
දවසක් ගම වට ඇදුණා
සාතන් අප්පුගෙ ගේ ළඟ දී
පොඩි කලබලයක හඬ ඇහුණා
මිනිහා දනි පනි ගන්නා
බිත්තිය අයිනට දුව පැන්නා
ජරමර සද්දෙට කණ දීගෙන උන්නා...
ආරොන් මාමා......

ගහපිය මරපිය ඔලුවට කොටපිය
පාලි සංස්කෘතත් කිව්වා
සාතන් අප්පුගෙ කොලුවා දුව පැන
යකඩ පොල්ලකුත් හෙව්වා
කිසි සැකයක් දැන් නෑනේ
මිනිහෙක් මැරුවා වාගෙයි නේ
මුළු ගමට ම අඬ බෙර ගහමින් දිව්වා... 
ආරොන් මාමා......

සාතන් අප්පු මිනිහෙක් මැරුවා
ආරොන් ඩොලාට කිව්වා
ඩොලා ජෙමාලට ජෙමාල ජොසීට 
ජොසීල ඇගීට කිව්වා
ගම ම කුලප්පුව දිව්වා
සාතන් අප්පුව හැම හෙව්වා
කඩු පොලු අරගෙන ගෙය වැටලෙව්වා...
ආරොන් මාමා......

කාවද මැරුවේ කියපිය කියලා
සාත ව අල්ල ල ඇහුවා
මිනිහා හිනැහී මරාපු පොළඟෙක්
ගෙයි මැද සාලෙන් තිව්වා
ඔලුවට ගැහුවේ මූගේ 
මූ හිටියේ ඇඳ යට මාගේ
ගැහි ගැහි කුකුළෙක් වාගේ 
ආරොන් පැන දිව්වා...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ෂෙල්ටන් පෙරේරා
ගායනය : ෆ්‍රෙඩී සිල්වා


ඉරෙන් අරන් එමි

ඉරෙන් අරන් එමි ඩී විටමින්
ගෙනත් පොවමි පොඟවා
පැරීසියේ ඉතාලියේ 
ඉරෙන් මිසක් ගෙනෙන්නෙපා...

කඳ ගියත් හිස කෙලින්
හිස ගියත් අපි කෙලින්
කට මැත දොඩලා පිම්බට නටලා
නෑනෙ නෑනෙ ජය ගත්තේ...

කටු වලින් පණ දෙමි
පණ ඇතොත් කටු දෙමි
මම නුඹෙ ලයිලා
අනෙ මගෙ මජ්නු
අන්ද මන්ද මනු ලෝකේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සරත් දසනායක
යුග ගායනය : ෆ්‍රෙඩී සිල්වා සහ ඉන්ද්‍රානි පෙරේරා

ඇලඩින් ගේ පුදුම පහන

ඇලඩින් ගේ පුදුම පහන
දැන් තියෙන්නෙ මගේ ගාව...
එපා නිවන්න මිතුරෝ 
එපා නිවන්න...

අලි බබා ගෙ හොරු හතලිහ
දැන් ඉන්නේ මගේ ගාව...
කතා එපා මිතුරෝ වැඩි 
කතා එපා මිතුරෝ...

මළකඩ කෑ කඩු කොපුවේ
නූලෙනි බොහො තැන් කැපුවේ...

හිත ඇතුලෙන් ලිත ඇතුලෙන්
දෙවිදියක් ය ලොව හිතුවේ...

වරම් දෙන්න රැකවරණේ
හරෝ හරා පිළිසරණේ...

මොකටද මිතුරෝ......

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් දළුගම
යුග ගායනය : ෆ්‍රෙඩී සිල්වා සහ නිහාල් නෙල්සන්


දේවී මා... සීදේවී...

දේවී මා... සීදේවී...
මහරාජා මං ආවා 
නුඹගේ සුදු නෝනේ
මීහරකා පිට හීලෑ
නහයෙන් ඉව අල්ලා ලා...

තරු එළවා එනවා 
හඳ පිහදා එනවා
ඉර ගිලලා ආවා
හඳ හාමී මගෙ හාමී
මං ආවේ ඔබෙ දෑසේ එළියෙන්...

වැල්ලෙන් තෙල් මිරිකා ගන්නම්
කොටුවෙන් අටු පුරවා දෙන්නම්
හනුමන්තා වාගේ මං ඉන්නම්
ආ හා හා සුදු නෝනේ
ඔයානෙ මාගේ නටන පරෙයියා...

පානා ඔය සුරතල් මල්ලේ
මගෙ සිත උතුරයි කෙල්ලේ
පාවී යයි සිනහා රැල්ලේ
බඳිනව ම යි සහතික ම යි
රාලහාමී ගෙනවිල්ලා නෝනේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : එම්. කේ. රොක්සාමි
ගායනය : ෆ්‍රෙඩී සිල්වා


එනකොට එනවා හිනාවෙවී

එනකොට එනවා හිනාවෙවී
යනකොට යනවා කතා නොවී
නැති ඈයෝ ඇති ඈයෝ
කාටත් නැති ඈයෝ
කවුද මැව්වෙ මේ ඈයෝ
නෑදෑයෝ... හයියෝ...නෑදෑයෝ.....

ඉරිසියාව ලෝකෙට උපදින්නේ
ඕන්න ඔය නෑදෑයින් ගෙන් නේ
දහක් ගත්තොතින් ඒ අය ගොන්නේ
හොඳ නෑයෙක් කලකිනි හමුවන්නේ
දුකේ දි ඕනෑ ඈයො යි නෑයෝ
එහෙම නොවේ නම් මොකට ද නෑයෝ
මගේ හැඟුමෙ හැටියට නෑදෑයෝ
හොඳ හිත ඇති යාළුවො නම් නෑයෝ

මාමා නැන්දා ලේලි බෑනා
අප්ප කුඩප්පා හා ලොකු නෑනා
නෑ කම උරුමය අඬහැර පානා
යන එන ඉන්නා කිසි දින නේනා
මඟුල්තුලා වල දී වටවෙන්නා
අතමිට ඇති කල වටේ නටන්නා
දියුණුව දැක්ක ම අඬා වැටෙන්නා
කොච්චර කෙරුවත් නෑ යි කියන්නා

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : ෆ්‍රෙඩී සිල්වා.


පාන් කිරිත්තා තක්කිට තරිකිට 

පාන් කිරිත්තා තක්කිට තරිකිට 
උඩ පැන පැන නටතෙයි
පාන් කිරිත්තී රබාන අරගෙන
කර බාගෙන වයතෙයි...
උන්ගේ පැටවුන් වටේට ඉඳඟන
දෑතින් හඬ තලතෙයි
මේවා බල බල තනි කෑදැත්තෙක්
කීචි බීචි කියතෙයි...

පාන් කිරිත්තා තමන්ගෙ පාඩුවෙ 
නැටුම පටන්ගත්තේ
අහල පහළ කිසිවෙකුටත් ඒකෙන්
හිරිහැරයක් නැත්තේ...
කොහේද ඉඳ පැමුණුනු කෑදැත්තා
වහලා අර අත්තේ
උන්ගේ නැටුමට බාධා කරමින්
ගීය පටන්ගත්තෙ...

පාන් කිරිත්තා නැටුම නවත්තා
කේන්තියෙන් ආවා
කෑදැත්තාගේ කළු අත්තටුවෙන්
අල්ලා සෙලවූවා...
ඊට පස්සෙ ඌ සට සට ගාලා
මොන මොනවද කීවා
ළඟට කිට්ටු වී මා ද ගොළු වතින්
ඊට සවන් පෑවා...

අනුන්ගෙ වැඩ ගැන විවේචනය
කර කර ඉන්නවට වඩා
තමන් දන්න දේ හරියට කරපන්
කියලා කීය හඬා......

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: ෆ්‍රෙඩී සිල්වා


ජැක් සහ ජිල්

ජැක් සහ ජිල් දවසක් දා 
කන්දක් උඩට ගියා
ඉක්මන් ගමනින් ඉහළ නැග්ග ජැක්
වැටුණා "දඩස්" කියා
හිටපු ගමන් උඩ යන්න හිතන අය 
වැටෙයි කියා
ජැක් ලා ජිල් ලා පෙන්නා දුන්නා 
නේද එදා...
ජැක් ඇන්ඩ් ජිල් ලා කන්දෙ ගිහිල්ලා
ජැක් ඇන්ඩ් ජිල් ලා කන්දෙ ගිහිල්ලා...
රම් පිට පම් පම් පම්...

හස්තියෙකුගෙ වලිගේ එල්ලිලා 
එක ගමරාල කෙනෙක්
දිව්‍ය ලෝකෙ යන්නට ගිය දවසෙත් 
වුණාලු මෙහෙම දෙයක්...
ජැක්ලා වැටුණේ කකුල ලිස්සලයි 
අපෙ අය වැටුණේ කට වැඩි හින්ඳයි...

විස්මත් එරොප්ලේන් රොකට් උඩ 
ගියාට මහ සද්දෙන්
නතර වෙන්නෙ අවසානෙ දි පොළවේ 
හතර රියන මැද්දෙන්...
අහංකාරෙ නම් රෝගෙන් පිස්සු 
තවමත් පෙළෙනව අපේ මිනිස්සු...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

මාමේ මේ බකමූණා

මාමේ... 
මේ බකමූණා හා හා හ්ම් හ්ම් ගෑවා
බිළිඳු නළෝලා... නළෝලා... 
මාමේ...
මේ මූ මීමා කන්දෙන් පැන ආවා
බිළිඳු නළෝලා... නළෝලා...
මාමේ...

කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියා
ගඟ දෙගොඩින් එය ගලා ගියා
නැළවිලි ගී අහලා ඇතේ
ඒවා හරි පරණයි පුතේ
අලුතින් හදලා නැළවිලි ගීයක්
මාමා කියයි නළෝලා...

දොයි දොයි දොයි මගෙ දොයිය පුතේ
දියුණට යන අය දුටොත් පුතේ
කටු ගසනා අය හුඟක් ඇතේ
නුඹ ඒ වැන්නෙක් නොවෙන් පුතේ
මිනිසුන් අතරේ මිනිසෙක් වාගේ
හිටපන් පුතේ සිනා වී...

කළත් විවේචන බොහෝ දෙනා
වැඩක් ඇති වැඩක් කරනු මනා
නොකළොත් කාටත් බොරු වංචා
හොඳ මිනිහෙක් වෙයි මේ පැංචා
තුරුලට ගන්නා නට නට ඉන්නා
නිදියන් පුතේ සමා වී...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා


අන්දරේ මම 

දන්නා වූ රට පැවතෙන්නා වූ පෙර සිට
අන්දරේ මම අන්දරේ....
ලොක්ක හිනාවට මක්කා වුණත් මම 
ඉන්නෙ නැහැ දුක් ගින්දරේ
සත්කාර ලැබුණාට සංතෝස තිබුණට
රජ ගෙදර ඇති කාමරේ
දැක්කාම බඩ කට ටක් ගාලා පිරෙනව
පොඩ්ඩන්ටයි මම ආදරේ

සද්දේට දිය යට විද්දාට හරියට
පැහැදුණා රජු මා කෙරේ
සම්මාන දුන්නට පම්පෝරි නෑ කට
විනෝදෙට රස ආකරේ
නෝනාට දේවිට රාජ කුමාරිට
විහිළු කෙරුවා එක සැරේ
පංකාදු ගානට යන්නා සභාවට
ඇමතිවරු සහ පිරිවරේ

හොස්ස අගින් නිල මැස්සෙක් ගියාත් ඇති
මුහුණ දික් වෙන මිනිසුනේ
ඇස් දෙක රතු කර ගන්න එපා මම 
කොලොප්පමට ම යි ඉපදුණේ

පදරචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : උපේන්ද්‍ර සහ ජස්ටින් පෙරේරා
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

ඇටසැකිල්ල වාගේ

ඇටසැකිල්ල වාගේ ඔටුන්න දාගෙන
රාජ සභාවේ අසුන බලා....
අපෙ කැකිල්ලෙ රජ්ජුරුවොයි ඔය එන්නේ
ඉඳපල්ලා නිෂ්ශබ්ද වෙලා...

නුවණක්කාරගේ මොට්ටපාල...

මොට්ටපාල උඹ වැරදිකාරය ද 
ඒබරං ගෙ කණ කැපුවාට
ඇත්ත නොකීවොත් කසෙන් ගහනවා 
පේන තුරා හඳෙ ආවාට...
කොණ්ඩෙ කපද්දී බෙල්ල ඇල්ලුව ම 
මිනිහට හංකිති කැවුණා
මිනිහ හිනා වී කලබල කෙරුව ම 
දැළි පිහියට කණ කැපුණා...

බේගල් හාමුගේ සත්‍යපාල...

බේගල් හාමුගෙ සත්‍යපාල උඹ 
නැන්සි අක්කලගෙ කුකුළා
මල්ලක දාගෙන ගියයි කියන්නේ 
ඇත්ත ද අත්තටු හකුළා...
බේගල් හාමුගෙ සත්‍යපාල මම 
එනමුත් කියන්නෙ ඇත්තයි
මම ඔය කුකුළව සොරකම් කෙරුවේ
නැන්සි අක්ක දැනුවත්වයි...

දෙපැත්තෙ කාරණ සළකල බලලයි 
දෙන්නෙ තීන්දුව උදහස්
පැමිණිළිකරුවොයි වැරදිකාරයෝ
විත්තිකාරයෝ නිදහස්...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

අතක සෙළවෙනා ළා දළු 
අතක සෙළවෙනා ළා දළු කොහොඹ මිටියකී
කලේ ගින්දරයි එය හිස මතේ දැල්වුණී
නටා දෙපස යන එන දන පිනා සිතු ලෙසේ
ඇදේ කොහොඹ කළ කරුවෙක් ඔන්න පෙර ලෙසේ...//

පරළ වෙවී සිතු සැනෙකින් කවි ගී ගයමින්
විරල කෙනෙකි ඔහු ඔබ හා මා වැනි අතරින්
වයන පදට නටන දෙපය වෙව්ලමින් ඇදේ
බලන කාට වුව විස්මයෙ ලකුණ පිළිසිඳේ...

මොකක්ද බැලුවම දෙවියන් කෙරේ බැති කමයි
පරළ වෙන්නෙ ඒ හින්දයි එය ද ගැති කමයි
හිසේ කොහොඹ කල නැති මුත් පරළ වුණු සිතේ
මෙසේ නටන වෙනත් අයත් ඇතේ මිහිමතේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : උපේන්ද්‍ර සහ ජස්ටින් පෙරේරා
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

හඳ මාමා

හඳ මාමා උඩින් යතේ
අපෙ මාමා බිමින් යතේ...

හඳ මාමයි අපෙ මාමයි දෙන්නා
එක කන්තෝරුවෙ වැඩ කෙරුවේ
දෙන්නට දෙන්නා කිරි පැණි වාගෙයි
කන්තෝරුවෙ නිලතල දැරුවේ...
හඳ මාමා හැම මොහොතෙම ඉදිරියෙ 
අනාගතය ගැනමයි බැලුවේ
අපෙ මාමා ඔහෙ කකුල් වන වනා 
එදා දවස ගැනමයි හිතුවේ...

දියුණු වන්න වේලාවක් නැති විය
අපෙ මාමා තව පහළ ගියා
රාජකාරි හරි අකුරට ඉටුකළ 
හඳ මාමා තව ඉහළ ගියා...
නිතරම තමන්ගෙ අනාගතය ගැන 
සිතීම වැදගත් නොවෙද කියා
ආකාසේ ඉඳ තැන්පත් ගතියෙන්
ඇත හඳ මාමා දෙනෙත අයා...

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: ෆ්‍රෙඩී සිල්වා

බානුමතී......

බානුමතී... බානුමතී......
බානුමතී... බානුමතී......

කෝපි කැලේ මල් වැස්සේ
උදේ පාන්දර පින්නේ
ඒ දණ්ඩේ නාන තොටේ
හැන්දෑවට හමු වන්නේ
කුඹුක් ලිඳේ වතුර කළේ...
උකුළෙ තියා නළවන්නේ...
දණක් ලඟට දිග කොණ්ඩේ
පනාවෙන් ද පීරන්නේ..
බානුමතී... බානුමතී

පිටි කොටලා පිළිකන්නේ
මූණෙ පියර ගෑවා සේ
පෙනේරයෙන් ඇතුල් පතට
පිටි හළනා තාලෙ ඇසේ
අප්පොච්චිගේ කෝපිකඩේ.....
නුඹ හදනා කෝපි රසේ
හරි උණුසුම් හැමදාමත්
ඒකයි එන්නේ මෙලෙසේ.....
බානුමතී....බානුමතී....

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සරත් බාලසූරිය
ගායනය: ෆ්‍රෙඩී සිල්වා


මන්නාරම් පිටි වැල්ලේ...

මන්නාරම් පිටි වැල්ලේ

මදටිය වැල් ඔංචිල්ලේ

කොණ්ඩෙ කඩන් හඳට අඬන්

සිංදු කියන්නේ

කුණ්ඩුමණී . . .//



නැහැයේ කරාඹුව දෙකණේ

කඩුක්කං දමා සියොළඟ

මොට්ටැක්කිලියෙන් හැඩකොට

වසා ඉඟ නමා



උළුඳු කොටා තල වේලා

තල්පත මත ගිණි අව්වේ ලා

කුණුඩුමණී . . .

සෙම්බුතාලි උකුලේ හොවා
ආඬි ලිඳෙන් දිය ඇදලා
ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
හැන්දෑවට කෝවිල් ගොස්

පොල් ගහලා නළලේ අළුගා
කුණ්ඩුමණී . . .
මන්නාරම් පිටිවැල්ලේ . . .
ගොම ඉහලා හැදූ ගෙබිම

පිච්ච මලින් සරසාලා
කෙසෙල් ගස් දෙකක්
දොරකඩ සිටුවා තබලා
කුම්බු ඝටම් මෘදංග නද

මුළු ගමටම හඬවා තියලා 
කුණ්ඩුමණි . . .

සණ්ඩු කරලා බැණුම් අහලා 
හැංගි හැංගි බැන්ද ප්‍රේමි
මහ රාජා ආ කළ ගෙට තිරික්කලෙන් බැසලා
කුණ්ඩුමණී යන පෙරහර බලා හිඳිමි

කීකරු වීලා
කුණ්ඩුමණී . . .

පද රචනය- ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක
ගැයුම - ෆ්‍රෙඩී සිල්වා

තේ කූඩය පිටේ බැඳන් 
(නිවැරදි කිරීමයි .මේ ගීතයේ පද රචනය ප්‍රේම්ගේ නොව හේමසිරි හල්පිටගේ විය යුතුයි .සිදු වූ වරදට සමා වන්න )

තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්

මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී

මගෙ ලෙංගතුකමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන්

තනිපංගලමේ ඉන්න වරෙන් ලෙච්චමී



දැක්කම ඔය වගෙ කියාවි මටම කරච්චල් කොරාවි

මාත්තියා මොකද්ද මට විහිළු කරන්නේ

ලැයිමෙ ඈයො පද හදාවි පූච්චානම් මට කියාවි

ආඬවනේ ඕවට මම කැමතිම නෑනේ





සිදාදියේ රේල් පොළට නුඹ එක්කරගෙන යන්නම්

අත පිරෙන්න හිත පිරෙන්න මණි බඩු අරගෙන දෙන්නම්

මාත්තියා එක්ක අපෝ මට බැරියෝ ඒකටනං
වත්තෙ ඉඳිල්ලත් නැතිවෙයි මට මොකටද ඔය කෝලම්
තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්...

වත්තෙ මහත්තයා වෙලත් විඳගෙන මේ නව නින්දා
‍මම මේ හැටි වද විඳින්නෙ නුඹ හට ආදරෙ හින්දා
අපෙ අප්පගෙ ආඩපාල අහන්න මට බැරි හින්දා
මාත්තියා දන්නෙ නැද්ද ගිය සුමානෙ මම බැන්දා
තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්...

තනිපංගලමේ ඉන්න වරෙන් ලෙච්චමී

මාත්තියා මොකද්ද මට විහිළු කරන්නේ....

ගායනය - ෆ්‍රෙඩී සිල්වා, කලාවතී
ගී පද - හේමසිරි හල්පිට

පරණ කෝට්...  

(නිවැරදි කිරීමයි .මේ ගීතයේ පද රචනය ප්‍රේම්ගේ නොව සුනිල් ආරියරත්නගේ විය යුතුයි .සිදු වූ වරදට සමා වන්න )

පරණ කෝට්...//

පිත්තල බොත්තම් ඇල්ලූ  මුලාදෑනි බුරුත කෝට් 
මෙන්න ගෙනාවා... මෙන්න ගෙනාවා...

පරණ කෝට්... පරණ‍ කෝට්...

දොස්තරවරු - මන්තිරිවරු 
පෙට්ටගමක් විතර මහත අබ්බගාත් ජෙන්ට්ල්මන් 
දියෙන් ගොඩින් ‍‍රොකට් එකෙන් ඒරොප්පෙන් අරං ආව 
අණ්ඩ දමා කට්ට කුමංජල්අල්ලා අරස්සාකර 
කළු කලිසම් පරණ කෝට්
මෙන්න ගෙනාවා...//

පරණ කෝට්... පරණ‍ කෝට්...

නාකි වෙච්ච රූ රැජිනක් බ්‍රහ්මදත්ත රජ කාලේ 
සැන් පව්ඩර් සුවඳ කැවූ  සාරි හැට්ට සාරි ගවොම් 
කිතුල් රැන් වගේ හවරි මෙන්න ගෙනාවා ....

පරණ කෝට්... පරණ‍ කෝට්...
එනගලන්තේ පරණ පැටන් කොලොම්පුරේ අලුත් පැටන් 
කොලොම්පුරේ පරණ පැටන් මේ පැත්තේ අලුත් පැටන් 

පරණ කෝට්... පරණ‍ කෝට්...

ඇමති කමට තට්ටු වෙලා දැන් හොඳටම කෙට්ටු වෙලා 
ඇමති කාලේ ඇන්ද ඇදුම් මෙන්න ගෙනාවා 
රාජකීය උණුසුම ඇති ඇදුම් ගෙනාවා ..

පරණ කෝට්... පරණ‍ කෝට්..

ගායනය - ෆ්‍රෙඩී සිල්වා,
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න

.............................................................................
ප:ලි

ගීත වල වචන වල ඇති අඩු පාඩු වැරදි ඇතොත් පෙන්නා දෙන්නෝ ....
මේ සම්බන්දව ඇති අත්දැකීම් මතකයන් අපිත් එක්ක බෙදාගන්න එකතු වෙන්න.... 

Wednesday, December 3, 2014

මව් ගුණ ගී (දෙවැනි කොටස )



හැමෝම මේ දවස් වල මව් ගුණ ගී වයන නිසා මෙන්න දෙනවා කිව්ව මව් ගුණ ගී දෙවන කොටස..කලින් පොස්ට් එකේ හැමෝම මතක් කරපු ඒවා තමයි මේකට ගත්තේ .....අලුත් ඒවාත් මතක් කරන්න .මේකේ තියන සින්දු ඔක්කොම පහලම ලින්ක් ඒකෙන ගන්න පුළුවන් . ස්තුතියි



01.මේ ජීවනයේ මුළු සංසාරේ.......

මේ ජීවනයේ මුළු සංසාරේ
උදාරයි... උදාරයි... උදාරයි ආදරේ...
මහද ගිලෙන්නේ පෙම් සිලිලරේ
උදාරයි... උදාරයි... උදාරයි ආදරේ
මේ ජීවනයේ..
දෑත දෑතේ බැඳ ඈ ලංවී
මට පෑව ආදරේ
සනසාලු ලාලන කාලේ
දිවි තෙක්ම සිහි කෙරේ
ඒ නිල් දෑසේ බැල්මෙන් කැල්මෙන්
මා යන ගමනට දිරි දෙයි
මේ ජීවනයේ මුළු සංසාරේ... මේ ජීවනයේ...
සුවඳ හාදු දුනි සතපාලා
යහනාවේ මා හොවා
පින්සාර ඇයගේ තුරුලේ
සැනසේ රජුන් පවා
ඒ දරුවකුගේ පණ වැනි උත්තම
අම්මාගේ ආදරයයි..
මේ ජීවනයේ.

ගායනය - එච්. ආර්. ජෝතිපාල
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - පී. එල්. ඒ. සෝමපාල


02. මතකය ඇසුරින් සිහියට ගන්නට

මතකය ඇසුරින් සිහියට ගන්නට
නිතරම වෙහෙසුනෙමි
මට පමණක් ඒ පින නැත්තේ ඇයි
නිරතුරු වැළපුනෙමි
අම්මා... අම්මා යැයි කීමට
කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක චායාවක් ඇත
ඒ ඔබ බව දනිමි

ඉස්සර දවසක උදෑසනක ඔබ
මා නළවන්න ඇතී
මා හඬනා විට දුක ඉපදී මට
ලේ කිරි දෙන්න ඇතී
මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද
මුව සිප ගන්න ඇතී
ඔබ යන විට මා කැටුව යන්න නම්
අමතක වෙන්න ඇතී

අම්මා... අම්මා යැයි කීමට
කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි


ගායනය - ඉන්ද්රාණි පෙරේරා
සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන

03. මේ නොනිමෙන දිවි ගමනේ

මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මඟ පෙනෙන තුරා
අම්මේ ඔබෙ පුතෙකු වෙලා
මම එන්නම් සසර පුරා
මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මඟ පෙනෙන තුරා
පියතුම නැතිදා ඉඳලා
ගියෙ නැහැ මා තනි කරලා
කුසගිනි මට නොම දීලා
දුක වේදනාව නිවලා
අම්මේ ඔබ බුදු වේවා
මව් ගුණ ගී ගයනෙමි මා
මේ නොනිමෙන
පැටලී ලෝ මායාවෙන්
ගලවා මා අවමානෙන්
නුවණැස මගෙ පහදාලා
දියුණුවේ මඟ පෙන්නාලා
ලැබූ ඒ ආශිර්වාදේ
දිවි මාවත එළිය වුණේ
පියතුම නැතිදා ඉඳලා
ගියෙ නැහැ මා තනි කරලා
කුසගිනි මට නොම දීලා
දුක වේදනාව නිවලා
අම්මේ ඔබ බුදු වේවා
අම්මේ ඔබ බුදු වේවා...........

ගායනය - එච් .ආර් ජෝතිපාල
ගී පද : තිස්ස ඩයස්
හින්දි තනුවකි(හින්දි චිත්‍රපටිය : ටවර් හවුස්)

04. දුනුකෙයියා මලක් වගේ

දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවද දැනෙනවා
පසළොස්වක සද වාගේ එළිය ගෙනෙනවා
මගේ අම්මා මට ජීවන සුවය සදනවා............

සංසාරෙන් සංසාරෙට එකට ආ බැදී 
කෙනෙක් නොමැත දරුවෙකු හට 
මවක සේ ලැදී.........
අම්මා යන සමාධියට ඉදිමි සමවැදී
ඔබෙ ගුණ කීමට හෝඩියේ 
අකුරු මට මදී..............//

සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ
ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිමෙනවා අම්මේ
සක්විති රජවරුනගේ දණ ඔබ ලග නැම්මේ
සිරිමා බෝ මුල මතු දින 
බුදුවෙනු අම්මේ.............//

ගායනය : සුජාතා අත්තනායක
පද රචනය : හේමසිරි ද අල්විස් 
සංගීතය - වී .හේමපාල පෙරේරා


05. අම්මා ජීවන උයන් තෙරේ

අම්මා ජීවන උයන් තෙරේ
නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ

සඳවතුරින් ලොව රුහිරෙන් දියකොට
අමිලවු සෙනෙහස පුතුට පොවනු මැන
සෙනෙහස ගිලිහී වියැලුණු පුතු ලොව
මවුණි ඔබේ කිරි දියෙන් තෙමණු මැන

කඳූලින් ඉපදී කඳුලෙන්ම මියැදෙන
රණමඬලේ මිණි පහනක් වෙනු මැන
දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ
මා තුරුළට ගෙන නිඹඳ සරනු මැන

අම්මා ජීවන උයන් තෙරේ
නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ.

ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
ගී පද - සුදන්ත බී. පෙරේරා


06. දෙවෙනි බුදුන් ලෙස

දෙවෙනි බුදුන් ලෙස
ලොවම උවම් කළ
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලඳ
අම්මා... අම්මා... අම්මා...

දෙසවන් සනසා මා නැලවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියා දුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිපගන්නට ඔබ මා ලග නැත
අම්මා... අම්මා... අම්මා...

ඇසට අඬන්නට කඳුළුලි දුන් ඔබට
ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිපගන්නට ඔබ මා ලග නැත
අම්මා... අම්මා... අම්මා...

ගායනය - සුනිල් එදිරිසිංහ 
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න 
තනුව - රෝහණ වීරසිංහ

07. උකුලට නාවත්

උකුලට නාවත් එදාවගේ .. මා පොඩි පුතු අම්මේ 
යොදුනක් ඈතින් උන්නත් මා 
මා ඔබ ලග අම්මේ.

කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල් මට සෙවනැල්ලක් වෙයි
සුවද ඔබේ අම්මේ

අත පය දැඩි වී වැඩිහිටි වූ මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි දිය රැස් දහරේ
මතු මතු දා අම්මේ
මා ඔබ ලග අම්මේ

ගායනය - රූකාන්ත ගුණතිලක 
ගී පද - අජන්තා රණසිංහ 


08 . තව ටික දොහයි 

තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න
මගෙ රත්තරන් අම්මේ මං පඩි අරන්
අද හෙට එනතුරු ගමට
තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි උඹට..

වනන්තරේ මහ රූස්ස ගහ කොළ බිමට සමතලා කර අම්මේ
රාස්සයින් වගෙ යන්ත්ර සූත්තර මහ සද්දෙන් යනවා අම්මේ
සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා වේල්ල බඳිනා හැටි අම්මේ
බලාන ඉන්නට උඹවත් දවසක එක්කරගෙන එන්නම් අම්මේ..

බින්තැන්නේ මං දහ දුක් විඳලා මෙදා ගමට ආ දා අම්මේ
උඹේ අතින් මගෙ දෑතේ කරගැට අතගාලා නාඬන් අම්මේ
මහියංගණයේ හේවිසියේ හඬ හැන්ඳෑවට ඇහුනම අම්මේ
සිල් අරගෙන නුඹ ඉන්නා තාලය අනේ මතක් වෙනවා අම්මේ

වත්ත පහල පොල් අතු ඇහිදින්නට උදෙන්ම යන්න එපා අම්මේ
උදේ රැයින් ඔය පිනි බාලා උඹ ලෙඩා දුකා වෙයි මගෙ අම්මේ
ගිනි මද්දහනේ බැරි බැරි ගාතේ ගම්මැද්දේ නොගිහින් අම්මේ
රැයක් නෑර මට හීනෙන් පෙනි පෙනි මං එනතුරු ඉඳහන් අම්මේ

ගායනය -විජය කුමාරතුංග
ගී පද - අජන්තා රණසිංහ
සංගීතය - එච්. එම්. ජයවර්ධන

09. ගායෙන් මං මුදවලා

ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
අම්මා.......

පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බරබාග ලෝකේ නැති කළා
බෝසත්කම තවරලා ලාලිත්‍යය මතු කළා
කාටත් වැඩි ආදරේක ගිල්වලා
අම්මා.....

කේලම් මලු තාත්තාට විය එයා පුරවලා
ගානෙන් මගෙ ආත්මේම හැඩ කළා
තාමත් අත අල්ලලා පාරෙත් සුරතල් වෙලා
ඈටත් මුළු ජීවිතේම මං වෙලා
අම්මා.....

ගායනය : සංගීත් විජේසූරිය

10. නපුරු වෙන්න එපා කියලා

නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා
දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා
ඇගෙ ආදර ලේ කිරි මම රසකර බිව්වා
මගෙ ලෝකය මගෙ විශ්වය ගෙඩර බුදුන් අම්මා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා
කඳුලු බිංදු හංගා මට සුර සැප දුන්නා
රස මසවුළු මට දීලා ඇය නොකාම උන්නා
දරු සෙනෙහස හින්දා අපමන දුක් වින්දා
දුක් කරදර ඇය විඳගෙන මට සුවයම දුන්නා
මා ආදර මගෙ අම්මා

පද රචනය - ෂෙහාන් ගලහිටියාව 
සංගීතය – පි‍්‍රයන්ත නාවලගේ 
ගායනය – චාමර වීරසිංහ 


11. අම්ම එහෙම කරයිද තම පුතාට...

අත් මිට කාසි පනම් ඇති විට…
එතකොට ගෑණුත් ඇති වට පිට…
එයල අත මිට නැති දා හැර යයි යන්නට…
නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට…
සමහර තරුණ, තරුණියන්ට රැවටිලා…
අසරණ මෑණියන්ට වෙනස්කම් කළා…
ගෑණු ඕනතරම් ලෝකෙ හරිම කරදරේ…
එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ…

එදා චූල පදුම රජතුමාගෙ බිසවට…
පිපාසෙ උන කාන්තාරෙ යනකොට…
රජා උරේ පලළ ලේ දුන්නනෙ බොන්නට…
රජු එතරම් ආදරෙන් හිටියෙ බිසවට…
ඇය ආස හිතිල අත පය නැති කොරෙකුට…
රජාව එක්කන් ගොස් මහ කන්දක් මුදුනට…
තල්ලු කෙරුව ඒ කන්දෙන් පහලට…
අම්ම එහෙම කරයිද තම පුතාට…

එදා රජතුම සහ බිසව කැලේ යනවිට….
වැදි කුමරෙක් කඩා පැන්න සටනට…
ඒ වැදි කුමරගෙ හැඩි දැඩි වූ සිරුරට…
ආස හිතුන රජතුමාගෙ බිසවට…
කඩුව ඇගෙන් රජතුම ඉල්ලූ විට…
කඩු කොපුව රජුට, කඩුව දුන්න වැද්දට…
අන්න ඒක නිසා නහින්න වුනා රජාට…
ළමයො අම්ම එහෙම කරයිද තම පුතාට…
ඔබෙ බිරිඳව ඔබේ ළඟට කැන්දා…
ඇගෙ වැරදි ඇතොත් කියල දෙන්න පහදා…
ඔබ බිරිඳට ආදරෙන් ඉන්න සැමදා…
මොකද ඔබෙ අම්මත් ගෑණු කෙනෙක් හන්දා…

සමහර තරුණ, තරුණියන්ට…

ගායනය - එම්.එස්.ප්‍රනාන්දු

12.අම්මා... අම්මා...

අම්මා අමා අමොද කරුණා නිධානේ
ඔබගේ මුවින් පෑදුණා...

මේ ඔබගෙ පා යුවළ යට පෑගෙනා
දූවිලි වාගෙයි මගෙ චේතනා...
පාළුව හා සෝක දුක් වේදනා...
අම්මා ඔබගෙන් සේදී ගියා

ආදර සාගරය ඔබගේ තමා
ජීවිතේ මී විතට ගෙන දුන් අමා...
මා හදේ මල් යහනා මැවේ...
අම්මා ඔබගෙ සුවඳ සොයා

අම්මා... අම්මා... අම්මා...


ගී පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය - පි එල් ඒ සෝමපාල
ගායනය : වී. වර්ධරාජා

මෙතැනින් සින්දු ඔක්කෝම අහන්න නැත්නම් බාගන්න

-------------------------------------------------------------------------------------
ප .ලි
මේවගේ අඩු පාඩු ඇත්නම් පෙන්නා දෙන්න .
---------------------------------------------------------------------------------------