Showing posts with label ගුරු ගීත. Show all posts
Showing posts with label ගුරු ගීත. Show all posts

Tuesday, October 6, 2015

"එක මලක නම් නොවේමයි මල් යායක සිරස නැමෙයි"



ඕන් අද ගුරු දිනය ලු......ගුරුවරයා ගැන මෙන්න මෙහෙම ලියා තිබුනා තැනක .

"ගරු කිරීමට සුදුසු තැනැන්තා, ගුරුවරයා වෙයි. සිය ගෞරවාන්විත සේවාව නිසා සමාජයේ වන්දනීයත්වයට භාජනය වන එකම තැනැත්තා ද ගුරුවරයා වෙයි. ගුරුවරයා වෘත්තිකයෙකි. නමුත් සෙසු වෘත්තිකයන් නොලබන සමාජ ගෞරවය, වන්දනීය බව ලබන්නේ, ගුරුවරයා පමණකි.සෑම ප්‍රශස්ත ගුරුවරයකුගේම අරමුණ වන්නේ තමා තරුවක් නම් තම සිසුවා සුර්යයා මෙන් බබළනු දැකීමයි. එබඳු උදාර වූ, උතුම් වූ චින්තනයකින් පිරිපුන්ව සිය සේවාව සිදු කරන එකම වෘත්තිකයාද ගුරුවරයා පමණකි."


මට මතකයක් නැ එහෙම දිනයක් අපි ඉස්කෝලේ යන කාලේ තිබුනාද කියලා .තිබුනත් නොතිබුනත් අපි හැමදාම ඒ ගුරුවරුන්ට ගරු කළා .නමුත් මේ කාලේ අහන්න දකින්න ලැබෙන දේ වලින් ඔය උඩින් කියලා තියන දේ "ගුරුවරයා" ගැනද එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැනද කියන්නේ කියලා හිතෙනවා .... 
ඒ මොනදේ උනත් අද අපි ඉන්න මේ තත්වයට හරි එන්නට මඟ පෑදු ඒ "ගුරු උතුමන්ට" උපහාරයක්ම වේවා !!!!