Wednesday, January 22, 2020

කවදාද අප හමු වන්නේ....

Related image
ඔබේ පැල
පැලේ පිළ
පිළේ නිදි පැදුර මත
මට මගේ මල් යහන
මත ‍නොමැති සුවය ඇත

බාල කාලේ එකම
ගුරු ගෙදර අකුරු කළ
එකම කෙළිමඬල වැද
කෙළිදෙලෙන් ඇවිද ගිය

ඔබ මෙදා පැල්පතක
මා සඳැල්ලකය අද
යස ඉසුරු පවුරකින්
මට අහිමි වීය ඔබ

ගාමිණී නොවේ ඔබ
චිත්‍රාව සොයා ආ
සාලියත් නොවේ ඔබ
මාලාව සොයා ආ

සදාකල් ඔබ පැලේ
මා සඳැල්ලේ මෙතැන
පැතුම පමණකි සතුට
කඳුළ පමණකි උරුම


ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - මර්වින් පෙරේරා






--------------------------------------------------------------------------------------


මුළු නුවරම නිදි ගත් මේ මොහොතේ
ඔබ පමණක් අවදිව ඇත යහනේ
එකම හඳක් එක තරුවක් යට
ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ

වන උයන් පුරා මල් සමය උදා වේ
දිය දම් දිනිතිය යොවුන් වියේ
අප මධුර මිලනයේ තියු ගී රාවේ
ප‍්‍රාර්ථනා කරන්නේ
කවදාද අප හමු වන්නේ
ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ

පෙර ආත්මයක මධු සුවඳ සිනා සී
ඉඟි කරනා කල රාති‍්‍රයේ
හද සොවින් වලප්නා
නිදි නොලබා මාළිගා මවන්නේ
උන්මාද චිත‍්‍රා දෝ මා
ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ

ගායනය - නන්දා මාලිනී
සංගීතය - ලයනල් අල්ගම
ගී පද - සුනිල් ආරියරත්න



14 comments:

  1. හායි සිංදු ඇනෝ .සෝක් පෝස්ට් එක

    ReplyDelete
    Replies
    1. දෙමාපියෝ දැක්කා වාගේ ...පත්ත්රයා ඉන්න ලස්සන ....ස්තුතියි මචන් ...ලස්සනයි නෙහ්

      Delete
    2. පත්තරමල්ලි අයියා කොහොම ඉන්නකොටද ලස්සන?

      Delete
  2. මාත් ආවා. ඔය සිංදු දෙක අහලම මොනව හරි ලියන්නං...

    ReplyDelete
    Replies
    1. ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ....

      Delete
  3. පද වැල, තනුව, සංගීතය , ගායනය, සියල්ලම සම්පූර්ණ වෙච්ච අපේ ගීත සාහිත්‍යය පෝශනය කරපු ගීත මෙව්වා.. හැකිනම් සුනිල් එදිරිසිංහයන්ගේ " දරමිටි බැඳගෙන" කියන ගීතයත් බ්ලොග් එකට එකතු කරන්න..

    ReplyDelete
    Replies
    1. දර මිටි බැඳගෙන නියඟය අවුලා
      සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
      වැවට දිරාගිය කඳ උඩ හිටගෙන
      කොකුනේ කාටද හිනැහෙන්නේ

      දෝතින් බොන්නට දියට නැමී
      කෙකටිය ගාලෙන් ඉගිළෙවා
      හඳ පානට උඹ නිකිණි මහේ
      වැව් ඉස්මත්තේ හැංගෙනවා

      අහස පිහින්නට ඉපල තනා
      ගහකොළ දළු මල් දන් දෙනවා
      කුරහන් අහුරක සුවඳ අගේ
      සිඟිති පැටව් දැක සිහිවෙනවා

      ගී පද - ලූෂන් බුලත්සිංහල
      ගී තනු - රෝහණ වීරසිංහ
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete
  4. පෙර ආත්මයක, එක රාත්‍රියක
    මධු කුසලානේ දෙතොලේ රැඳෙව්වේ
    ඒ ඔබයි සොඳුරේ.... ඔබයි සොඳුරේ....

    පෙර ආත්මයක, එක රාත්‍රියක
    සොමි සඳපානේ රසුදැල් සෙලෙව්වේ
    ඒ ඔබයි මිහිරේ.... ඔබයි මිහිරේ....

    මේ ටික ලියුවේ සිංදු ඇනෝ බ්ලොග් එක ලියන මහත්මයාට හෝ මහත්මියට .. ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. මේ ගඟ එදා වගේමයි
      අප හමු වූ දා
      සිලි සිලි හඬ දී
      සිනාසුණා
      ගඟ නෑ වෙනස් වුණේ
      අපි අද වෙනස් වෙලා...

      ඒ දිය රැලි මෙහි නෑ
      සයුරට එකතු වෙලා
      මොහොතින් මොහොතට
      වෙනස් වෙවී
      ගඟ අද අලුත් වෙලා...

      සල්ගස එදා වගේමයි
      අප හමු වූ දා
      මල් පෙති සල සල
      සිනාසුණා
      ගස නෑ වෙනස් වුණේ
      අපි අද වෙනස් වෙලා.

      Delete
  5. ලස්සනයි. හිත නිවන ගී.


    ReplyDelete
  6. දවසින් දවසට කොළයෙන් කොළයට
    කොළ අඩුවෙනවා දින දසුනේ
    මොහොතින් මොහොතට මා ගැන සටහන්
    වියැකී යනවා ඔබ මනසේ...

    පුරපස අවපස වෙනසක් වූව ද
    ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
    මගෙ ඒ සිතිවිලි හා සබැඳේවි ද
    මුදු සිතිවිලි ඔබ හද මැදුරේ...

    සිතුවෙමි සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
    මගෙ හිත චංචල වූයේ නෑ
    දින දසුනේ තව එක කොළයක් ඇත
    එක දවසකි ඉතිරිව ඇත්තේ...

    සිතන්න බොළඳියෙ මගේ කුටියටත්
    ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
    නව දින දසුනක් එනවා...

    ReplyDelete
  7. සංසාරයේ හැම වාරයේ
    නුඹේ සෙනෙහේ රැදෙමි සදා
    මට කී කතා සවනේ රැදේ
    ඔබ කොයිබදෝ සොයමි ලදේ

    හන්තාන ගැන කියවෙන මේ සින්දුවේ මුල මතක කාටද

    ReplyDelete