Friday, December 19, 2014

ලෝකය නැමැති ගමේ.......



සදා නොමැකෙන ගී පද සාම්ප්‍රදායකට ජිවය ලබාදුන් ප්‍රේමකීර්ති ද අල්විස් නම් අමරණිය  ගේය පද රචකයාට සහ ලාංකීය උපහාස ගීතයේ සලකුණ  වූ ෆ්‍රෙඩී සිල්වා නම් අනර්ග ගායකයාට උපහාරක් වේවා ...

(දිවයින පුවත් පතක දැක්ක ලිපයක් නිසා තමයි මේ සින්දු ටික දාන්න හිතුනේ .එකෙන් උපුටා ගත් කොටසකුත් පහලින් එකතු කලා )

"ප්‍රේමකීර්ති ලාංකික සාම්ප්‍රදායික සංස්‌කෘතික හා ජනප්‍රිය සංස්‌කෘතිය යා කළ පාලමක්‌ වැන්න. ඔහු තම නිර්මාණ තුළින් කිසිවිටෙක සම්ප්‍රදාය හෑල්ලු කළේ වත්, අවමානයට පත් කළේ වත් නැත. ඊට හොඳම සාධකය වන්නේ ප්‍රෙඩී සිල්වා චරිතයයි. එවකට ප්‍රෙඩී සිල්වා ජනප්‍රිය වුවත්, සමාජය ඔහු පිළිගැනීමකට ලක්‌ කළේ නැත. පරණ කෝට්‌ ගීතයත් සමග ජනප්‍රිය වූ ප්‍රෙඩී ශීඝ්‍ර ගමනකට මුල පිරුවේ සිනමා නළුවකු ද වෙමිනි. ඒ පසුපස සිටි දැවැන්ත චරිතය ප්‍රේමකීර්ති බව දන්නේ අතළොස්‌සකි. ප්‍රෙඩී ගායනා කළ, "අලුත් කලාවක්‌", "ආරොන් මාමා", "පාන්කිරිත්තා", "නෑදෑයෝ", "හඳමාමා", "කැකිල්ලේ ර-ජුරුවෝ", "කුණ්‌ඩුමනී", ආදී ගීතවල නිර්මාණ හිමිකරුවා ප්‍රේමකීර්ති බව දන්නෝ කවරහුද? වරක්‌ මෙම උපහාස ගීත පිළිබඳ සඳහන් කරමින් ප්‍රේමකීර්ති කීවේ, "ලංකාවේ අපට අපේම කියා උපහාස සාහිත්‍යයක්‌ ඇති බවයි." ඔහු ඊට දුන් උදාහරණය වූයේ, අන්දරේ, කුංකුණාවේ හාමුදුරුවෝ සහ යක්‌කඩුවේ ප්‍රඥරාම හිමි යන චරිතය. කොළඹ යුගයේ කවියන් කිහිප දෙනකුගේ නම් ද ඔහු කීවේය. ඒ අනුව, සම්භාව්‍ය උපහාස ගීයේ නිර්මාතෘවරයා වන්නේ ද ප්‍රේමකීර්ති බව මගේ විශ්වාසයයි....."

(සමරවීර මුදලිගේ දොන් ආරියරත්න ද අල්විස්‌ )

**********************************************************

අමුතු ඇඳුම් ඇඳ හඬවන

අමුතු ඇඳුම් ඇඳ හඬවන 
රබානකි අතේ
පොළොවෙ ඉඳන් අඩි දහයක් 
විතර උස ඇතේ...
ආකාසෙ ඔළුව වදියි 
කියල බය හිතේ...
බොරු කකුල් කාරයෙක් එනවා 
අන්න අර පුතේ...

උණ බම්බු දෙකක් උඩ 
මිනිහා ඉන්නෙ කොහොමද 
එයා අපි වාගේ මහ පොළොවේ 
පයින් යනවද
මට තේරෙන්නෙ නෑ 
තාත්තෙ කියල දෙනවද...
එයා උඩින් යන්නේ ඇයි 
පහළින් යන්න බැරුවද...

බොරු අහංකාරකම් 
කෙනෙකුගෙ නැතිවුණොත් හිතේ
එයා උඩින් නොවෙයි බිමින් 
ගියත් වැරැද්දක් නැතේ
බොරුකකුල් මෙයා වාගෙ 
බැඳල නැති නමුත් පුතේ...
ඔය වාගෙ උඩින් යන ඈයෝ
හුඟක් ලොව ඇතේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සනත් නන්දසිරි
ගායනය : ෆ්‍රෙඩී සිල්වා 

ගිගිරි ජගරි හඬවනා

ගිගිරි ජගරි හඬවනා කසෙන් අසුට තලමිනා
තීරු පට්ට තීරු තීරු කළම්ඹා එමී..
කඩු ද කොඩි ද වන වනා පනම් පෝරු උසුලනා
නම්බුකාර තෝම්බුලගෙමහාරාජා මං

ඔලිඳ ඇට අඩුක්කුවක් ඔඩොක්කුවේ දමන්..
පිච්ච මල් කැලෑවෙ ලෙච්චමී...
තාලි පෙට්ටි ආරනූල් අරුංගල් අරන්
මං කඩෙන් බලන්න ආවෙමි..

ආඬවනේ.. ඇයි ද මේ...

සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ
මා දිහා බලන්න ලෙච්චමී...
ඔන්ඩු රෙන්ඩු මූනු කියල ඇඟිලි ගනිමිනා
තල් වැටෙන් එබීල බලමිනා...

අසු පිටේ නැගීල උඹව යන්න එක්කරන්
එන තුරා ම ඉන්නෙ රත්තරං...
ආඬවනේ... ඇයි ද මේ...
සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ
මා දිහා බලන්න ලෙච්චමී..

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සරත් දසනායක
ගායනය: ෆ්‍රෙඩී සිල්වා

ලෝකය නැමැති ගමේ.......

ලෝකය නැමැති ගමේ
යහගුණ මාවතේ
පළවෙනි තැන සිටියා වූ 
ගුණ යහපත් නම් මිනිසා
ආ ගිය අතක් නැතේ...
ලෝකය නැමැති ගමේ...

ඇත්තට ගරු කරනා ගතියයි
යුක්තිය සිය පණ මෙන් සුරකියි
කාටත් නැමෙනා සුළු හිසකුයි
අනේ... 
එය ඔහු හැඳිනිය හැකි ලකුණුයි...

කිලුටක් හිත තුළ නොමැති කිසී
පවසයි ඇති තතු තැන දි නිසී
අවසන් වර දකිනා විට දී
අයියෝ...
උන්නේ තොප්පියකුයි පැළදී...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

දවසක්දා කකුළුවෙකුට...

දවසක්දා කකුළුවෙකුට මොනවද හිතිලා
කෙලින් යන්න ටියුෂන් දෙන පන්තියකට ගියා
මාස හයක් පාඩම් වැඩ තැපෑලෙන් කළා
කෙලින් යාමේ උපාධියෙන් ඉහළින් ගොඩ වුණා.

හරි තේජස් මැද කකුළු කොලුවා කෙලින් ගමන් ගියේ
ඇයි වදේ වැරදියට යන්නේ කවුරුත් විමසුවේ
නැහැ සීයේ මේක නියම ගමන තමයි අපේ රැහේ
ඌ කිව්වා නමුත් කවුරුත් නැහැ කෙලින් ගමන් කළේ

ටික කලක් කකුළු කොලුවා ඔහොම කෙලින් ගමන්කළා
මූ අංග විකල කකුළුවෙකුයි සැවොම විහිළු කළා
මේ සැවොම ඇදට යනවා නම් මටත් මොකෝ කියා
සහතිකය ඉරා දමා ඌත් පරණ ගමන ගියා.

පද රචනය  - ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය - ‍‍ෆ්‍රෙඩී සිල්වා.  

පාන්දරින්...

පාන්දරින්...
පාන්දරින් කුකුළො හඬන්නා
අපි තැටිය අරං පෝලිමෙ යන්නා
එළිවෙන ජාමේ
පාන්දර ජාමේ...

උදේ පාන්දරින් පහට දෙද්දි 
බතල තම්බලා
ඒවා කන්න ලුණු නැති විට
සිහිවෙනවා අම්මලා
අම්මෙ නුඹේ රස කිරි බීලා
මම කොහොම ඉන්නෙ හිර ගෙයි වැටිලා
එළිවෙන ජාමේ
පාන්දර ජාමේ...

දරුවො හදන්නට කොච්චර
වෙහෙසෙනව ද අම්මලා
දැනුණේ මට ඉන්නකොට යි 
මේ කූඩුවෙ හිරවෙලා
ඉක්මන් වී දුර දිග නොබලා
අද ලත වෙනවා හිර ගෙයි වැටිලා
එළිවෙන ජාමේ
පාන්දර ජාමේ...

පැදුර එලා ගල් ඇඳ උඩ
නිදියන විට රෑ පුරා
අම්මා මා නැළ වූ හැටි 
සිහිවෙනවා හිතපුරා
නිදහස් වන දා එක පිම්මේ
ඔබෙ දෙපා ළඟට එනවා අම්මේ
එළිවෙන ජාමේ
පාන්දර ජාමේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

අහසට බයේ ද ..

අහසට බයේ ද පොළොවට බයේ ද
පාගපං මස්සිනේ...
සුළඟින් පුරෝපු යකඩින් නමාපු
සයිකලේ ගැස්සුනේ මම නෙවෙයි
සයිකලේ ගැස්සුනේ....

සක් දෙවිතුමා ද අන්තිම වුණාම
පෑගුවෙත් සයිකලේ..
ඇයි ඔහෙ බයේ ද කලිසම කොහේද
පාගපං මස්සිනේ මගෙ නෙවෙයි
පාගපං මස්සිනේ...

කණ්නාඩි කුට්ටම දුර ඈත දැක්කම
ඇස් දෙකත් ලෙඩ වෙලා...
වැටුණත් උළුකුව තෙල් ගා වැළකුව
පරපුරේ ඉපදිලා පරපුරේ ඉපදිලා....

ලංකාව මා ළඟ ඔහෙ ප්‍රංශෙ යනව ද
සයිකලේ නව නවා...
මොනවද හිතවත දොඩවන්නෙ කටමැත
මගෙ දෙපා ගැහෙනවා 
මගෙ දෙපා ගැහෙනවා...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් දළුගම
ගායනය : ෆ්‍රෙඩී සිල්වා සහ රෝයි ද සිල්වා

දොඹ ගස් වල මල් පිපිච්ච 

දොඹ ගස් වල මල් පිපිච්ච 

අතු ඉති ටික සොලවාලා

පොල් අත්තේ හැඩය එන්න

මිදුල පුරා අතුගාලා

උදේ පාන්දර වැල්ලෙන් 

දැලි පොතු කටු අහුලාලා

රේල් පාර පැන පැන එයි

මල් රෙද්දක් පොරවාලා

මල් රෙද්දක් පොරවාලා...



දැලෙන් ගත්තු හාල්මැස්සො

කූඩය නෑඹිලියෙ දමා

ඉහටි කඩා ළිඳ අද්දර

මද අව්වේ දෙදණ නමා
දවල් බතට ලිප ගිනි 
අවුලනකොට තව නොවී පමා
නොදැනෙන බඩගිනිත් දැනෙනවා
සුවඳට ඇදෙන හමා...

පොඩි නින්දක් නිදාගනී 
පැදුර එලා ගෙදර පිලේ
අවදි වෙලා කඹෙත් අරං 
යයි නටවා වතුර කළේ
පාන පත්තු කර හවසට 
කඩවර දෙයියන්ගෙ පැලේ
මොනවා පැතුවත් මොකටද
තවමත් දෙන්නා දෙපොලේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

බුලත් වඩියක් හපාලා

බුලත් වඩියක් හපාලා
හඳයා...
බංගලාවේ දොරකඩ හිටියා...

හාමු මොරොන්දන් 
සුපිරින්ටැන්ඩන්
තේජස්භාවෙන් හිටගත්තා...

මොකට ද ආවේ හඳයා 
සුපිරින්ටැන්ඩන් ඇසුවා
නිකං ආවේ රාලහාමී
හඳයා...
උරහිස කැසුවා...

නිකම් මොකට මෙහි ආවේ
සුපිරින්ටැන්ඩන් ඇසුවා
එහෙනම් නිකම් ම පලයන්
සුපිරින්ටැන්ඩන් කිව්වා...

හුඟක් දෙනා අද ලෝකේ
බොරුවට බයාදු වෙනවා
හඳයා යනතෙක් ඉඳලා
සුපිරින්ටැන්ඩන් හිතුවා...

ආපසු අත්පුඩි ගහලා
හඳයව ගෙන්නා ගත්තා
මිනිහට හොඳ හැටි බැනලා
ආ කාරණෙ දැනගත්තා...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

යකඩ කටේ දොර ඇරිලා ....

යකඩ කටේ දොර ඇරිලා 
කන් අඩි පුපුරයි මොනව කරන්නද
මට තේරෙන්නේ නෑ
ඉල්ලන දේ ලැබෙන තුරා
යන්නෙම නෑ මං තව තව දොඩනවා
කට වහගන්නේ නෑ...

යකඩ කටේ දොර ඇරිලා 
කන් අඩි පුපුරයි මොනව කරන්නද
මට තේරෙන්නේ නෑ...

ආවට වෙස් බැඳ නැත රැවටෙන්නේ
මායම් වලින් නැහැ අපි පැරදෙන්නේ...
කෝලම් කතා නෙවැ අද දොඩවන්නේ
ආලෙන් බැඳේ නම් නැත පරදින්නේ...

මගෙ මෝඩ කම ඊයෙ මයිනන්ට වික්කා...

රූපෙන් පලක් නැත කට දොඩවයි නම්
කෝපෙන් කියන්නෙමි බය නැත මා නම්...
හීනෙන් ගෙනාවත් ලොකු වෙද ඇදුරන්
ආයෙත් මගේ කට නවතියි ද දොන් ඩොන්..

නුඹ ඔහොම නැටුවාට මමමයි නේ ලොක්කා...

ඉල්ලන දේ ලැබෙන තුරා
යන්නෙම නෑ මං තව තව දොඩනවා
කට වහගන්නේ නෑ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : පී.එල්. ඒ. සෝමපාල
ගායනය : ෆ්‍රෙඩී සිල්වා සහ ඇන්ජලීන් ගුණතිලක


නෝනා කාගේද කාගේ නෝනාද

නෝනා කාගේද කාගේ නෝනාද
නෑඹුල් මල සේ පිපීලා
මේ කොහිදෝ යන්නේ පාවී
ආදරියේ මගෙ සීදේවී
පැණි බිඳුවේ මුදු කෝමල ඉඟ සුඟ නළවාලා...

මොහු කවුදෝ ඔහෙ කොහේදෝ
මොකෝ මෙසේ විලංබීත මූණේ
බොර ලිං පතුලේ මැඩියා සේ
ඉහ අඟ නැති වූ ගෝනා සේ
ඇහැ අඳ වී ගිය ලූලා සේ
ඇයි දුවන්නෙ කොහේද මේ...

දුක් වින්දේ අපි දෙන්නා
නොකා නොබී පෙමින් භූත වීලා
පොල් අතු අතරේ සඳ වාගේ
රැල්ලට පෑවූ මුතු වාගේ
හදවත මැද්දේ පණ වාගේ
අපි පතන්නෙ ඔහේල නේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් දළුගම
ගායනය : මිල්ටන් පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා,සුජාතා අත්තනායක, ඇන්ජලින් ගුණතිලක

හිතට නොගෙන යන ගමනට

හිතට නොගෙන යන ගමනට
තුන් ලෝකෙන් එන තහංචි
පුංචි පුතා ලොකු වෙනකොට
ලොකු කම් කළ යුතුයි පුංචි...

හඳට ගිහින් හඳ පාගා
ආපහු එන යුගයකි මේ
තවමත් අපි මහ පොළවේ
ඉන්නා එක නොවැ පුදුමේ...

කළොත් පුහුණු තමන්ගෙ හිත
හඳ ගෙන එන්නත් බැරි නැත
සැලසෙන කාගෙත් යහපත 
වැඩක නිතර යොදවමු අත...

අයන්න මෙන් මුල් තැන ගෙන
හැම තැන පෙරමුණ ම ලබා
බාධක කටු පඳුරු මුලින් 
ගලවා වෙන අතක තබා...

ගඟ බැසගන යන්නා සේ
තද ආත්ම විශ්වාසේ
දිනුවොත් ලොව දිනුවා සේ
ඔබමයි දෙවියා දේසේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : ෆ්‍රෙඩී සිල්වා


සුපුන් චන්ද්‍රා ගෙනත් 

සුපුන් චන්ද්‍රා ගෙනත් 
මිදුලෙ තියලා
රබන් ගහලා 
මඟුල් මඩුව බැඳලා
ඔයා ගෙන එන්නේ මං
ගමේ රජ වෙන්නේ මං
තොරන් බැඳලා 
බොමී ජය පානේ...

හපොයි මූණේ හැටී
ගෙරෙව්වා සේ කොටී
මොකෝ මාගේ ප්‍රේමී
පැටික්කී...
නෑදෑයෝ හා 
ගෙන එන්නේ ඔයා
අසුන් බැඳපූ කරත්තේ නැඟී...
ආදරේ මගේ අනේ
එපා එපා යන්නෙපා...

මගේ මැණිකේ පණේ
පණේ මැණිකේ මගේ
සිනාසී සනසන්නම් 
ප්‍රියාවී...
ඉල්ලන්නෙපා
හඳ දෙන්න නම් බෑ
මගේ හර්දේ බැබළේවී සොඳින්...
ආදරේ මගේ අනේ
එපා එපා යන්නෙපා...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් දළුගම
ගායනය : ෆ්‍රෙඩී සිල්වා


අපි කාටද බය

අපි කාටද බය
අපිට කවුදෑ බය........

එකතු කළත් උත්තරේට
එන්නෙ අපිට බිංදු
කොයිකවුරුත් පණ යන තුරු 
කියන්නෙ ඔය සින්දු
කොයි කාගෙත් ඉතිහාසේ
හැටි නැතුව ද අපි දන්නේ
ඇලපිල්ලක් වැඩි හින්දත්
කෙස් ගහ කොස් ගහ වෙන්නේ

ගමෙන් ඇවිත් සිදාදියේ
නැංගූරම් දැම්මේ
බොරු චන්ඩියො අපි දැක්කම
දුවන්නෙ එක පිම්මේ..
උඩ කරණම් බිම කරණම්
කජු කන ගානයි මල්ලී
පය ලිස්සා බිම වැටුණත්
අපෙ කොන්ඳ කෙලින් මල්ලී

මහපාරේ යන අටපට්ටම්
කැරකෙන කූඩු
හිනාවුණත් රැව්වත් උන්
අපිට නොවෙයි පාඩු
ඔය ආලේ ගල් මාලේ
කවුදෝ දැම්මේ බෙල්ලේ
හොඳ කාලේ ආ වේලේ
බඹරෙත් කැරකේ වැල්ලේ....

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා

කිරා... බුදි ද

කිරා... බුදි ද දැන්... බුදි ද දැන්
කිරා....බුදි ද දැන්... බුදි ද දැන්
කිරා... බුදි ද දැන්... බුදි ද දැන්
කිරා... බුදි ද දැන්... බුදි ද දැන්

දවල් පැයේ කෑම කාල
මේසය උඩ ඉහ තියාල
කන්තෝරුවෙ මැදට වීල
කිරා බුදි ද දැන්...

ෆෑන් ඔහේ කැරකෙනවා
ලයිට් ඔහේ පත්තුවෙනව
ඔරලෝසුව ඔහෙ දුවනව
සමහරු සෙල්ලම් කරනව...

අටයි තිහට වැඩට ආවෙ
දහයට තේ වතුර බීවෙ
කෑම කාලා දැනුයි ආවෙ
ඔහොම ද වැඩ කරන තාලෙ...

කාලය නොදැන ම ගෙවෙන්නෙ
වැඩ කටයුතු මඟ හැරෙන්නෙ
රාජකාරි නෑ කෙරෙන්නෙ 
රට කොහොමද දියුණු වෙන්නෙ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : ෆ්‍රෙඩී සිල්වා


ආරොන් මාමා

ආරොන් මාමා වයසක මිනිහෙකි
ඉපදුණ අපෙ ගම්මානේ
මිනිහගෙ ජොබ් එක කේළම් කීමයි
තැන තැන කඩපිල් ගානේ
නිතරම හීනෙන් බයවෙල වාගෙයි
ලේ කඳුළක් නෑ මූණේ
දවසක් දා කළ වැඩක් කියන්නම් 
අහගන ඉන්න ම ඕනේ...
ආරොන් මාමා......

රටේ තොටේ වග තොරතුරු හොය හොය
දවසක් ගම වට ඇදුණා
සාතන් අප්පුගෙ ගේ ළඟ දී
පොඩි කලබලයක හඬ ඇහුණා
මිනිහා දනි පනි ගන්නා
බිත්තිය අයිනට දුව පැන්නා
ජරමර සද්දෙට කණ දීගෙන උන්නා...
ආරොන් මාමා......

ගහපිය මරපිය ඔලුවට කොටපිය
පාලි සංස්කෘතත් කිව්වා
සාතන් අප්පුගෙ කොලුවා දුව පැන
යකඩ පොල්ලකුත් හෙව්වා
කිසි සැකයක් දැන් නෑනේ
මිනිහෙක් මැරුවා වාගෙයි නේ
මුළු ගමට ම අඬ බෙර ගහමින් දිව්වා... 
ආරොන් මාමා......

සාතන් අප්පු මිනිහෙක් මැරුවා
ආරොන් ඩොලාට කිව්වා
ඩොලා ජෙමාලට ජෙමාල ජොසීට 
ජොසීල ඇගීට කිව්වා
ගම ම කුලප්පුව දිව්වා
සාතන් අප්පුව හැම හෙව්වා
කඩු පොලු අරගෙන ගෙය වැටලෙව්වා...
ආරොන් මාමා......

කාවද මැරුවේ කියපිය කියලා
සාත ව අල්ල ල ඇහුවා
මිනිහා හිනැහී මරාපු පොළඟෙක්
ගෙයි මැද සාලෙන් තිව්වා
ඔලුවට ගැහුවේ මූගේ 
මූ හිටියේ ඇඳ යට මාගේ
ගැහි ගැහි කුකුළෙක් වාගේ 
ආරොන් පැන දිව්වා...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ෂෙල්ටන් පෙරේරා
ගායනය : ෆ්‍රෙඩී සිල්වා


ඉරෙන් අරන් එමි

ඉරෙන් අරන් එමි ඩී විටමින්
ගෙනත් පොවමි පොඟවා
පැරීසියේ ඉතාලියේ 
ඉරෙන් මිසක් ගෙනෙන්නෙපා...

කඳ ගියත් හිස කෙලින්
හිස ගියත් අපි කෙලින්
කට මැත දොඩලා පිම්බට නටලා
නෑනෙ නෑනෙ ජය ගත්තේ...

කටු වලින් පණ දෙමි
පණ ඇතොත් කටු දෙමි
මම නුඹෙ ලයිලා
අනෙ මගෙ මජ්නු
අන්ද මන්ද මනු ලෝකේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සරත් දසනායක
යුග ගායනය : ෆ්‍රෙඩී සිල්වා සහ ඉන්ද්‍රානි පෙරේරා

ඇලඩින් ගේ පුදුම පහන

ඇලඩින් ගේ පුදුම පහන
දැන් තියෙන්නෙ මගේ ගාව...
එපා නිවන්න මිතුරෝ 
එපා නිවන්න...

අලි බබා ගෙ හොරු හතලිහ
දැන් ඉන්නේ මගේ ගාව...
කතා එපා මිතුරෝ වැඩි 
කතා එපා මිතුරෝ...

මළකඩ කෑ කඩු කොපුවේ
නූලෙනි බොහො තැන් කැපුවේ...

හිත ඇතුලෙන් ලිත ඇතුලෙන්
දෙවිදියක් ය ලොව හිතුවේ...

වරම් දෙන්න රැකවරණේ
හරෝ හරා පිළිසරණේ...

මොකටද මිතුරෝ......

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් දළුගම
යුග ගායනය : ෆ්‍රෙඩී සිල්වා සහ නිහාල් නෙල්සන්


දේවී මා... සීදේවී...

දේවී මා... සීදේවී...
මහරාජා මං ආවා 
නුඹගේ සුදු නෝනේ
මීහරකා පිට හීලෑ
නහයෙන් ඉව අල්ලා ලා...

තරු එළවා එනවා 
හඳ පිහදා එනවා
ඉර ගිලලා ආවා
හඳ හාමී මගෙ හාමී
මං ආවේ ඔබෙ දෑසේ එළියෙන්...

වැල්ලෙන් තෙල් මිරිකා ගන්නම්
කොටුවෙන් අටු පුරවා දෙන්නම්
හනුමන්තා වාගේ මං ඉන්නම්
ආ හා හා සුදු නෝනේ
ඔයානෙ මාගේ නටන පරෙයියා...

පානා ඔය සුරතල් මල්ලේ
මගෙ සිත උතුරයි කෙල්ලේ
පාවී යයි සිනහා රැල්ලේ
බඳිනව ම යි සහතික ම යි
රාලහාමී ගෙනවිල්ලා නෝනේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : එම්. කේ. රොක්සාමි
ගායනය : ෆ්‍රෙඩී සිල්වා


එනකොට එනවා හිනාවෙවී

එනකොට එනවා හිනාවෙවී
යනකොට යනවා කතා නොවී
නැති ඈයෝ ඇති ඈයෝ
කාටත් නැති ඈයෝ
කවුද මැව්වෙ මේ ඈයෝ
නෑදෑයෝ... හයියෝ...නෑදෑයෝ.....

ඉරිසියාව ලෝකෙට උපදින්නේ
ඕන්න ඔය නෑදෑයින් ගෙන් නේ
දහක් ගත්තොතින් ඒ අය ගොන්නේ
හොඳ නෑයෙක් කලකිනි හමුවන්නේ
දුකේ දි ඕනෑ ඈයො යි නෑයෝ
එහෙම නොවේ නම් මොකට ද නෑයෝ
මගේ හැඟුමෙ හැටියට නෑදෑයෝ
හොඳ හිත ඇති යාළුවො නම් නෑයෝ

මාමා නැන්දා ලේලි බෑනා
අප්ප කුඩප්පා හා ලොකු නෑනා
නෑ කම උරුමය අඬහැර පානා
යන එන ඉන්නා කිසි දින නේනා
මඟුල්තුලා වල දී වටවෙන්නා
අතමිට ඇති කල වටේ නටන්නා
දියුණුව දැක්ක ම අඬා වැටෙන්නා
කොච්චර කෙරුවත් නෑ යි කියන්නා

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : ෆ්‍රෙඩී සිල්වා.


පාන් කිරිත්තා තක්කිට තරිකිට 

පාන් කිරිත්තා තක්කිට තරිකිට 
උඩ පැන පැන නටතෙයි
පාන් කිරිත්තී රබාන අරගෙන
කර බාගෙන වයතෙයි...
උන්ගේ පැටවුන් වටේට ඉඳඟන
දෑතින් හඬ තලතෙයි
මේවා බල බල තනි කෑදැත්තෙක්
කීචි බීචි කියතෙයි...

පාන් කිරිත්තා තමන්ගෙ පාඩුවෙ 
නැටුම පටන්ගත්තේ
අහල පහළ කිසිවෙකුටත් ඒකෙන්
හිරිහැරයක් නැත්තේ...
කොහේද ඉඳ පැමුණුනු කෑදැත්තා
වහලා අර අත්තේ
උන්ගේ නැටුමට බාධා කරමින්
ගීය පටන්ගත්තෙ...

පාන් කිරිත්තා නැටුම නවත්තා
කේන්තියෙන් ආවා
කෑදැත්තාගේ කළු අත්තටුවෙන්
අල්ලා සෙලවූවා...
ඊට පස්සෙ ඌ සට සට ගාලා
මොන මොනවද කීවා
ළඟට කිට්ටු වී මා ද ගොළු වතින්
ඊට සවන් පෑවා...

අනුන්ගෙ වැඩ ගැන විවේචනය
කර කර ඉන්නවට වඩා
තමන් දන්න දේ හරියට කරපන්
කියලා කීය හඬා......

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: ෆ්‍රෙඩී සිල්වා


ජැක් සහ ජිල්

ජැක් සහ ජිල් දවසක් දා 
කන්දක් උඩට ගියා
ඉක්මන් ගමනින් ඉහළ නැග්ග ජැක්
වැටුණා "දඩස්" කියා
හිටපු ගමන් උඩ යන්න හිතන අය 
වැටෙයි කියා
ජැක් ලා ජිල් ලා පෙන්නා දුන්නා 
නේද එදා...
ජැක් ඇන්ඩ් ජිල් ලා කන්දෙ ගිහිල්ලා
ජැක් ඇන්ඩ් ජිල් ලා කන්දෙ ගිහිල්ලා...
රම් පිට පම් පම් පම්...

හස්තියෙකුගෙ වලිගේ එල්ලිලා 
එක ගමරාල කෙනෙක්
දිව්‍ය ලෝකෙ යන්නට ගිය දවසෙත් 
වුණාලු මෙහෙම දෙයක්...
ජැක්ලා වැටුණේ කකුල ලිස්සලයි 
අපෙ අය වැටුණේ කට වැඩි හින්ඳයි...

විස්මත් එරොප්ලේන් රොකට් උඩ 
ගියාට මහ සද්දෙන්
නතර වෙන්නෙ අවසානෙ දි පොළවේ 
හතර රියන මැද්දෙන්...
අහංකාරෙ නම් රෝගෙන් පිස්සු 
තවමත් පෙළෙනව අපේ මිනිස්සු...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

මාමේ මේ බකමූණා

මාමේ... 
මේ බකමූණා හා හා හ්ම් හ්ම් ගෑවා
බිළිඳු නළෝලා... නළෝලා... 
මාමේ...
මේ මූ මීමා කන්දෙන් පැන ආවා
බිළිඳු නළෝලා... නළෝලා...
මාමේ...

කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියා
ගඟ දෙගොඩින් එය ගලා ගියා
නැළවිලි ගී අහලා ඇතේ
ඒවා හරි පරණයි පුතේ
අලුතින් හදලා නැළවිලි ගීයක්
මාමා කියයි නළෝලා...

දොයි දොයි දොයි මගෙ දොයිය පුතේ
දියුණට යන අය දුටොත් පුතේ
කටු ගසනා අය හුඟක් ඇතේ
නුඹ ඒ වැන්නෙක් නොවෙන් පුතේ
මිනිසුන් අතරේ මිනිසෙක් වාගේ
හිටපන් පුතේ සිනා වී...

කළත් විවේචන බොහෝ දෙනා
වැඩක් ඇති වැඩක් කරනු මනා
නොකළොත් කාටත් බොරු වංචා
හොඳ මිනිහෙක් වෙයි මේ පැංචා
තුරුලට ගන්නා නට නට ඉන්නා
නිදියන් පුතේ සමා වී...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා


අන්දරේ මම 

දන්නා වූ රට පැවතෙන්නා වූ පෙර සිට
අන්දරේ මම අන්දරේ....
ලොක්ක හිනාවට මක්කා වුණත් මම 
ඉන්නෙ නැහැ දුක් ගින්දරේ
සත්කාර ලැබුණාට සංතෝස තිබුණට
රජ ගෙදර ඇති කාමරේ
දැක්කාම බඩ කට ටක් ගාලා පිරෙනව
පොඩ්ඩන්ටයි මම ආදරේ

සද්දේට දිය යට විද්දාට හරියට
පැහැදුණා රජු මා කෙරේ
සම්මාන දුන්නට පම්පෝරි නෑ කට
විනෝදෙට රස ආකරේ
නෝනාට දේවිට රාජ කුමාරිට
විහිළු කෙරුවා එක සැරේ
පංකාදු ගානට යන්නා සභාවට
ඇමතිවරු සහ පිරිවරේ

හොස්ස අගින් නිල මැස්සෙක් ගියාත් ඇති
මුහුණ දික් වෙන මිනිසුනේ
ඇස් දෙක රතු කර ගන්න එපා මම 
කොලොප්පමට ම යි ඉපදුණේ

පදරචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : උපේන්ද්‍ර සහ ජස්ටින් පෙරේරා
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

ඇටසැකිල්ල වාගේ

ඇටසැකිල්ල වාගේ ඔටුන්න දාගෙන
රාජ සභාවේ අසුන බලා....
අපෙ කැකිල්ලෙ රජ්ජුරුවොයි ඔය එන්නේ
ඉඳපල්ලා නිෂ්ශබ්ද වෙලා...

නුවණක්කාරගේ මොට්ටපාල...

මොට්ටපාල උඹ වැරදිකාරය ද 
ඒබරං ගෙ කණ කැපුවාට
ඇත්ත නොකීවොත් කසෙන් ගහනවා 
පේන තුරා හඳෙ ආවාට...
කොණ්ඩෙ කපද්දී බෙල්ල ඇල්ලුව ම 
මිනිහට හංකිති කැවුණා
මිනිහ හිනා වී කලබල කෙරුව ම 
දැළි පිහියට කණ කැපුණා...

බේගල් හාමුගේ සත්‍යපාල...

බේගල් හාමුගෙ සත්‍යපාල උඹ 
නැන්සි අක්කලගෙ කුකුළා
මල්ලක දාගෙන ගියයි කියන්නේ 
ඇත්ත ද අත්තටු හකුළා...
බේගල් හාමුගෙ සත්‍යපාල මම 
එනමුත් කියන්නෙ ඇත්තයි
මම ඔය කුකුළව සොරකම් කෙරුවේ
නැන්සි අක්ක දැනුවත්වයි...

දෙපැත්තෙ කාරණ සළකල බලලයි 
දෙන්නෙ තීන්දුව උදහස්
පැමිණිළිකරුවොයි වැරදිකාරයෝ
විත්තිකාරයෝ නිදහස්...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

අතක සෙළවෙනා ළා දළු 
අතක සෙළවෙනා ළා දළු කොහොඹ මිටියකී
කලේ ගින්දරයි එය හිස මතේ දැල්වුණී
නටා දෙපස යන එන දන පිනා සිතු ලෙසේ
ඇදේ කොහොඹ කළ කරුවෙක් ඔන්න පෙර ලෙසේ...//

පරළ වෙවී සිතු සැනෙකින් කවි ගී ගයමින්
විරල කෙනෙකි ඔහු ඔබ හා මා වැනි අතරින්
වයන පදට නටන දෙපය වෙව්ලමින් ඇදේ
බලන කාට වුව විස්මයෙ ලකුණ පිළිසිඳේ...

මොකක්ද බැලුවම දෙවියන් කෙරේ බැති කමයි
පරළ වෙන්නෙ ඒ හින්දයි එය ද ගැති කමයි
හිසේ කොහොඹ කල නැති මුත් පරළ වුණු සිතේ
මෙසේ නටන වෙනත් අයත් ඇතේ මිහිමතේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : උපේන්ද්‍ර සහ ජස්ටින් පෙරේරා
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

හඳ මාමා

හඳ මාමා උඩින් යතේ
අපෙ මාමා බිමින් යතේ...

හඳ මාමයි අපෙ මාමයි දෙන්නා
එක කන්තෝරුවෙ වැඩ කෙරුවේ
දෙන්නට දෙන්නා කිරි පැණි වාගෙයි
කන්තෝරුවෙ නිලතල දැරුවේ...
හඳ මාමා හැම මොහොතෙම ඉදිරියෙ 
අනාගතය ගැනමයි බැලුවේ
අපෙ මාමා ඔහෙ කකුල් වන වනා 
එදා දවස ගැනමයි හිතුවේ...

දියුණු වන්න වේලාවක් නැති විය
අපෙ මාමා තව පහළ ගියා
රාජකාරි හරි අකුරට ඉටුකළ 
හඳ මාමා තව ඉහළ ගියා...
නිතරම තමන්ගෙ අනාගතය ගැන 
සිතීම වැදගත් නොවෙද කියා
ආකාසේ ඉඳ තැන්පත් ගතියෙන්
ඇත හඳ මාමා දෙනෙත අයා...

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: ෆ්‍රෙඩී සිල්වා

බානුමතී......

බානුමතී... බානුමතී......
බානුමතී... බානුමතී......

කෝපි කැලේ මල් වැස්සේ
උදේ පාන්දර පින්නේ
ඒ දණ්ඩේ නාන තොටේ
හැන්දෑවට හමු වන්නේ
කුඹුක් ලිඳේ වතුර කළේ...
උකුළෙ තියා නළවන්නේ...
දණක් ලඟට දිග කොණ්ඩේ
පනාවෙන් ද පීරන්නේ..
බානුමතී... බානුමතී

පිටි කොටලා පිළිකන්නේ
මූණෙ පියර ගෑවා සේ
පෙනේරයෙන් ඇතුල් පතට
පිටි හළනා තාලෙ ඇසේ
අප්පොච්චිගේ කෝපිකඩේ.....
නුඹ හදනා කෝපි රසේ
හරි උණුසුම් හැමදාමත්
ඒකයි එන්නේ මෙලෙසේ.....
බානුමතී....බානුමතී....

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සරත් බාලසූරිය
ගායනය: ෆ්‍රෙඩී සිල්වා


මන්නාරම් පිටි වැල්ලේ...

මන්නාරම් පිටි වැල්ලේ

මදටිය වැල් ඔංචිල්ලේ

කොණ්ඩෙ කඩන් හඳට අඬන්

සිංදු කියන්නේ

කුණ්ඩුමණී . . .//



නැහැයේ කරාඹුව දෙකණේ

කඩුක්කං දමා සියොළඟ

මොට්ටැක්කිලියෙන් හැඩකොට

වසා ඉඟ නමා



උළුඳු කොටා තල වේලා

තල්පත මත ගිණි අව්වේ ලා

කුණුඩුමණී . . .

සෙම්බුතාලි උකුලේ හොවා
ආඬි ලිඳෙන් දිය ඇදලා
ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
හැන්දෑවට කෝවිල් ගොස්

පොල් ගහලා නළලේ අළුගා
කුණ්ඩුමණී . . .
මන්නාරම් පිටිවැල්ලේ . . .
ගොම ඉහලා හැදූ ගෙබිම

පිච්ච මලින් සරසාලා
කෙසෙල් ගස් දෙකක්
දොරකඩ සිටුවා තබලා
කුම්බු ඝටම් මෘදංග නද

මුළු ගමටම හඬවා තියලා 
කුණ්ඩුමණි . . .

සණ්ඩු කරලා බැණුම් අහලා 
හැංගි හැංගි බැන්ද ප්‍රේමි
මහ රාජා ආ කළ ගෙට තිරික්කලෙන් බැසලා
කුණ්ඩුමණී යන පෙරහර බලා හිඳිමි

කීකරු වීලා
කුණ්ඩුමණී . . .

පද රචනය- ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක
ගැයුම - ෆ්‍රෙඩී සිල්වා

තේ කූඩය පිටේ බැඳන් 
(නිවැරදි කිරීමයි .මේ ගීතයේ පද රචනය ප්‍රේම්ගේ නොව හේමසිරි හල්පිටගේ විය යුතුයි .සිදු වූ වරදට සමා වන්න )

තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්

මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී

මගෙ ලෙංගතුකමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන්

තනිපංගලමේ ඉන්න වරෙන් ලෙච්චමී



දැක්කම ඔය වගෙ කියාවි මටම කරච්චල් කොරාවි

මාත්තියා මොකද්ද මට විහිළු කරන්නේ

ලැයිමෙ ඈයො පද හදාවි පූච්චානම් මට කියාවි

ආඬවනේ ඕවට මම කැමතිම නෑනේ





සිදාදියේ රේල් පොළට නුඹ එක්කරගෙන යන්නම්

අත පිරෙන්න හිත පිරෙන්න මණි බඩු අරගෙන දෙන්නම්

මාත්තියා එක්ක අපෝ මට බැරියෝ ඒකටනං
වත්තෙ ඉඳිල්ලත් නැතිවෙයි මට මොකටද ඔය කෝලම්
තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්...

වත්තෙ මහත්තයා වෙලත් විඳගෙන මේ නව නින්දා
‍මම මේ හැටි වද විඳින්නෙ නුඹ හට ආදරෙ හින්දා
අපෙ අප්පගෙ ආඩපාල අහන්න මට බැරි හින්දා
මාත්තියා දන්නෙ නැද්ද ගිය සුමානෙ මම බැන්දා
තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්...

තනිපංගලමේ ඉන්න වරෙන් ලෙච්චමී

මාත්තියා මොකද්ද මට විහිළු කරන්නේ....

ගායනය - ෆ්‍රෙඩී සිල්වා, කලාවතී
ගී පද - හේමසිරි හල්පිට

පරණ කෝට්...  

(නිවැරදි කිරීමයි .මේ ගීතයේ පද රචනය ප්‍රේම්ගේ නොව සුනිල් ආරියරත්නගේ විය යුතුයි .සිදු වූ වරදට සමා වන්න )

පරණ කෝට්...//

පිත්තල බොත්තම් ඇල්ලූ  මුලාදෑනි බුරුත කෝට් 
මෙන්න ගෙනාවා... මෙන්න ගෙනාවා...

පරණ කෝට්... පරණ‍ කෝට්...

දොස්තරවරු - මන්තිරිවරු 
පෙට්ටගමක් විතර මහත අබ්බගාත් ජෙන්ට්ල්මන් 
දියෙන් ගොඩින් ‍‍රොකට් එකෙන් ඒරොප්පෙන් අරං ආව 
අණ්ඩ දමා කට්ට කුමංජල්අල්ලා අරස්සාකර 
කළු කලිසම් පරණ කෝට්
මෙන්න ගෙනාවා...//

පරණ කෝට්... පරණ‍ කෝට්...

නාකි වෙච්ච රූ රැජිනක් බ්‍රහ්මදත්ත රජ කාලේ 
සැන් පව්ඩර් සුවඳ කැවූ  සාරි හැට්ට සාරි ගවොම් 
කිතුල් රැන් වගේ හවරි මෙන්න ගෙනාවා ....

පරණ කෝට්... පරණ‍ කෝට්...
එනගලන්තේ පරණ පැටන් කොලොම්පුරේ අලුත් පැටන් 
කොලොම්පුරේ පරණ පැටන් මේ පැත්තේ අලුත් පැටන් 

පරණ කෝට්... පරණ‍ කෝට්...

ඇමති කමට තට්ටු වෙලා දැන් හොඳටම කෙට්ටු වෙලා 
ඇමති කාලේ ඇන්ද ඇදුම් මෙන්න ගෙනාවා 
රාජකීය උණුසුම ඇති ඇදුම් ගෙනාවා ..

පරණ කෝට්... පරණ‍ කෝට්..

ගායනය - ෆ්‍රෙඩී සිල්වා,
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න

.............................................................................
ප:ලි

ගීත වල වචන වල ඇති අඩු පාඩු වැරදි ඇතොත් පෙන්නා දෙන්නෝ ....
මේ සම්බන්දව ඇති අත්දැකීම් මතකයන් අපිත් එක්ක බෙදාගන්න එකතු වෙන්න.... 

53 comments:

  1. මචෝ...සින්දු කන්දරාව.. ඊටත් වටිනවා මේ හැම එකක්ම ඩවුන්ලෝඩ් කරගන්න දීපු අවස්ථාව. මම දැන් මේ ඒ ටික ඩවුන්ලෝඩ් කරනගමන්.

    "ගිගිරි ජගරි හඬවනා" ගීයට මමත් යමක් ලිව්වා. ඒ නිසා තමයි මාත් මේ සුසංයෝගය ගැන දැනගත්තේ. ඒ ටික මට උඹල කියල දුන්නා.

    ප්‍රේම කීර්ති-වික්ටර් රත්නායක, රත්න ශ්‍රී-කපුගේ, සුනිල් ආරියරත්න-නන්දා මාලිනී, මේ වගේ සුසංයෝගයක් වගේම මේ ප්‍රේමකීර්ති-ෆ්‍රෙඩී සිල්වා සුසංයෝගය ගැන මං දැනගත්තෙ මෑතකදි.

    බොහොම රසවත් මාතෘකාවක් වෙයි. අපි බලමු ඉදිරියට යන සංවාදය..

    ReplyDelete
    Replies
    1. තව අපි නොදන්න මේ වාගේ සුසංයෝග තව කොච්චර ඇතිද මනෝ .බලමු ඉස්සරහට හම්බ උනොත් බෙදාගන්නම් .මේක කොච්චර රසවත් උනත් වැඩිය සංවාද බලාපොරොත්තු වෙන්න බැ .මොකද වේවා ගැන විස්තර දන්නා අයට හොදටම උන හැදිලා .8 න් පස්සෙවත් බලමු ..

      Delete
    2. //කොච්චර රසවත් උනත් වැඩිය සංවාද බලාපොරොත්තු වෙන්න බැ .මොකද වේවා ගැන විස්තර දන්නා අයට හොදටම උන හැදිලා .//

      :D :D

      Delete
  2. හරිම වටින පෝස්ට් එකක් මචෝ. ෆ්‍රෙඩී සිල්වා මහතාගෙ සින්දු පහ හයක් අහල තිබ්බට මෙච්චර සින්දු ගොඩක් තියෙනව කියල දැන ගත්තෙ අද. අනිත් වැදගත් කාරනේ තමා ප්‍රේම කීර්ති ද අල්විස් මහතාගෙ ගේය පද නිර්මාණයන් කියල දැන ගත්ත එක. ගොඩක්ම වටිනවා මේ පෝස්ට් එක මචන්. තව අපි නොදන්නා දේවල් ඉදිරියේදීත් කියවන්න රසවිඳින්න අසාවෙන් බලාගෙන ඉන්නව. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ෆ්‍රෙඩී සිල්වාගේ තව සින්දු ගොඩක් තියනවා මචෝ අපි අහලා නැති .හම්බ උනොත් අනිවා දෙනවා මචෝ .ස්තුතියි අගය කිරීමට ..

      Delete
  3. වෙන්ටැති. ඒත් ප්‍රෙඩී නැත්නං මේ ගීත බිහිවෙන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ..ප්‍රෙඩ් නැත්නම් මේවා ප්‍රේම් ලියන්නෙත් නැනේ මචෝ .මොකෝ මේවා අමරදේව මාස්ටර් ලවා කියවන්නැයි හිටන් ..

      Delete
  4. කියන්න ලැජ්ජයි මචෝ අහල තියෙන්නෙ සිංදු අටයි හරියටම අටයි...
    මං මේ ඔක්කම බාගන්න ගමන්...
    ස්තූතියි සිංදුවො බොලාට මේකට ඩවුන්ලෝඩ් ලිංක් එකක් එක් කලාට
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. මහේෂ් සමහර සින්දු මමත් අහන්නේ මෙහෙම ලියන්න හොයනකොට මචෝ ..

      Delete
  5. ඇත්තටම අහපු සිංදු තියෙන්නෙ ටිකයි. මේවා ෆිල්ම් වල සින්දුද ?

    ReplyDelete
    Replies
    1. කම්මලේ මචෝ සමහර සින්දු ෆිල්ම් වල ඒවා තමයි .මම අයෙ සින්දු දාන කොට ඒ ගැනත් සඳහන් කරන්නම්කෝ ...

      Delete
  6. සිංදුවෝ.. මේ සිංදු එකක් දෙකක් හැර අනිත්වා ඔක්කොම වගේ අහල තිබ්බට මේ තරම් රස පුරාවෘතයක් එතන තියෙන වගට හාංකවිසියක් දැනං උන්නේ නෑ.. බොට කොහොම ස්තූති කරන්නද මේ තොරතුරු වලට.. සිංදුවල පදමාලාව කියවගෙන යනකොට මට ප්‍රේමකීර්ති ගැන පුදුම හැඟීමක් ආවා..

    බලපං බොරු කකුල් කාරයොන්ගෙන් පටං ගත්තම.. කන්තෝරුවේ කිරාද, ආරොං මාමද, නෑදෑයෝද, කොහොඹ කලේද, අපේ මාමද, බානුමතී, කුණ්ඩුමනී, ලෙච්චිමීලද, පරණ කෝට් කාරයද, කැකිල්ලේ, අන්දරේ, ජැක් ඇන්ඩ් ජිල්, පාන්කිරිත්තෝ එකී මෙකී නොකී පරාසය.. තනි මිනිහෙකුට මෙච්චර පොඩි කාලෙකදි.. එක පුද්ගලයෙකුට එක විශයක් සම්භන්දයෙන් මෙච්චර විවිධත්වයක්.. ප්‍රෙමාත් අපේ සිංදු ඇනෝට දෙවනි නෑ (හෝ එහි ප්‍රති විරුද්ධය) වගේ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කමියෝ ප්‍රේම් ගැන කියන්න වචන නැ බන් .අපිට වාසනාවක් ලැබුනා එතුමාගේ නිර්මාණ එතුමා ජීවත්වෙලා ඉන්නකොටම රස විදින්න .මට හිතෙන දෙයක් තමයි දැන් බිහිවෙන සින්දු වලට මෙහෙම වෙන්න හේතුව ප්‍රේම් ,කරු අය්යලා තිබුන හැම වචනයක්ම අරන් සින්දු ලියලා තියන නිසා කියලා ..
      //ප්‍රෙමාත් අපේ සිංදු ඇනෝට දෙවනි නෑ//
      අනේ කමියෝ පොස්ට් එකට හෙඩිම ලියාගන්න බැරි මම මේ උත්තමයාගේ කෙස් රොදක් තරම් නැ මචෝ ..

      Delete
  7. සින්දූර්.. උඹටත්.. ඒ ළිපිය ලියු එකාටත්.. නිවන් දකින්න මෙ පිනාම ඇති.. මම හිතන්නේ.. ප්‍රේමකීර්ති උපහාර් එකෙත් සම්පූර්ණයෙන් අමතක කරපු පුදගලයෙක්.. ප්‍රෙඩී සිල්වාව කවදාවත් අනුස්මරණය කරන එකක් නෑ.. උන් සම්බහිය කළාකාරයෝ නෙමෙයිනේ.. අද මේ වගේ සින්දු ලියන්නත්, කියන්නත් එකෙක්වත් නෑ.. මේ ගහන කණේ පාරවල්.. කඩු පාරවල් වලට වඩා සැරයි..

    නැවතත් බොහෝම ස්තූතියි මේ කළ උපහාරයට...

    ReplyDelete
    Replies
    1. අද මේ වගේ සින්දු ලියන්නත්, කියන්නත් එකෙක්වත් නෑ.. මේ ගහන කණේ පාරවල්.. කඩු පාරවල් වලට වඩා සැරයි..
      +++++++++++++++++++++++++++++++++++++++++
      මෙන්න මේක තමයි මාතලන් අය්යේ සුපිරිසිදු ඇත්ත ..
      තව මෙහෙම අමතක කල "පොරවල්" කොච්චර ඉන්නවාද ...
      ස්තුතියි මචෝ ඇගයීමට ..

      Delete
    2. මාතලං.. උඹම දවසක් කිව්ව වගේ "විශවකර්මයෝ"

      +++++++++++++++++++++++++++++++++

      Delete
  8. තව අවුරුද්දක් යද්දි සිංහල සින්දු ලිරික්ස් ගැන ගැටලුවක් එන එකක් නෑ.
    මේක හෙන උසයිනෙ සින්දූර්.

    ReplyDelete
    Replies
    1. මේ සුන්දර මිනිසුන්ය.

      Delete
    2. මදාවියෝ සින්දු ටික අඩු කරන්න ලෝභ හිතුනා මචෝ .කොටස් දෙකකට දාන්න හිතුනා එත් සින්දු මඟ ඇරෙයි කියලා ඔන්න ඔහේ එකටම දැම්මා .
      මේ මිනිස්සු හැමදාම ජිවත් වෙනවා ....ඒ කරලා තියන නිර්මාණ හැමදාටම අදාලයි .

      Delete
  9. මෙහි තිබෙන ගීත බොහොමයක් අපි පාසල් සිසුන් අවධියේදී ඇසු ගීත. සමහර ඒවා චිත්‍රපටි පසුබිම් ගීත. ෆ්‍රෙඩී සිල්වා මුල් කාලයේදී, කලා ලෝකයේ යම් තැනක් ලබාගන්නට අතිශයින් වෙර දැරූ පුද්ගලයෙක්. මුල් කාලයේදී ඔහු සංගීත සංදර්ශන වලදී විකාර රූපී ශෛලියේ ප්‍රාසාංගික අංග ඉදිරිපත් කරමින්, ඉහල නගින්නට උත්සාහ කළා. එහිදී ඔහුට වැදුනේ, හුදු විහිළුකාරයෙක් කියන ලේබලය පමණයි.

    නමුත් ඔහුගේ කුසලතා හඳුනාගෙන ඔහුට ඉදිරියට යන්නට මාර්ගය පාදා දුන් අය කීප දෙනෙක් ඉන්නවා.

    රංගනය අතින් ඔහු ඉහල නැගීම ආරම්භ කලේ, සේන සමරසිංහ සහ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා වැනි අධ්‍යක්‍ෂ වරුන් ඔහුගේ ප්‍රතිභාව හඳුනා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන්.

    ඔහුගේ ගායන හැකියාව උද්දීපනය කරන්නට අත හිත දුන්නේ ප්‍රධාන වශයෙන්ම ප්‍රේමකීර්ති ද අල්විස්. ප්‍රේමකීර්ති මරා දැමුවාට පසු අපේ ගීත ක්ෂේත්‍රයේ ගායක ගායිකාවන් රැසක් 'ගී ගායනයේ මරණයට' පත්වුනා. එයට එකම හේතුව ප්‍රේමකීර්ති ඒ සියලු ගායක ගායිකාවන්ගේ ප්‍රතිභාව වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන ඔවුන්ට 100% ක් ගැලපෙන ගීත ලියන්නට දැන සිටි නිසයි.

    ප්‍රේමකීර්තිගේ මරණයෙන් පසු ෆ්‍රෙඩීට 'අපල කාලයක්' උදාවුනා. ඔහුට මෙලොව සිටි හොඳම හිතවතා, සගයා, උදව්කරුවා, නැතිවීම නිසා, ෆ්‍රෙඩී සිල්වා බහින කලාවට වැටුනා. ෆ්‍රෙඩීගේ අනන්‍යතාව අදටත් කිසිවකුට අනුකරණය කල නොහැකියි.

    ඔබ මෙහි දක්වා නැති, ෆ්‍රෙඩීගේ තවත් ලස්සන ගීතයක් මෙතනින් බලන්න පුළුවන්.

    https://www.youtube.com/watch?v=fRpMF2yCJ6U

    කමෙන්ට්ස් වලට යූ ටියුබ් වීඩියෝ සහ ඕනෑම පින්තූරයක් දැමිය හැකි ආකාරයට මේ බ්ලොග් අඩවිය සකසන මෙන් කාරුණිකව ඉල්ලනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක මහත්තයෝ මේ විස්තර අපිත් එක්ක බෙදා ගත්තාට .මට ඕනෑ උනෙත් මෙහෙම විස්තර දන්නා අයගේ මතකයන් අවුස්සන්න ..එත් ඒ අයට හොඳම උන .මේ දේවල් මතක් වෙන්නේ නැ ...
      //කමෙන්ට්ස් වලට යූ ටියුබ් වීඩියෝ සහ ඕනෑම පින්තූරයක් දැමිය හැකි ආකාරයට මේ බ්ලොග් අඩවිය සකසන මෙන් කාරුණිකව ඉල්ලනවා.//
      මෙහෙම කරන්න මම දන්නේ නැතෝ .උපදෙස් බලාපොරොත්තු වෙනවා ...

      Delete
    2. http://helplogger.blogspot.com/2012/03/add-videosimages-in-bloggerblogspot.html

      http://yabtb.blogspot.com/2012/03/embed-youtube-in-blogger-comments.html

      http://fullyblogging.blogspot.com/2012/03/add-videosimages-in-bloggerblogspot.html

      Delete
  10. ගිගිරි ජගිරි හඬවනා සින්දුව මම මුලිනම් ඇහුවේ පත්තර මල්ලි කියපු වෙලාවක, ඇත්තටම ජෝතිපාල හා සමාන ගායකයෙක් මටනම් ෆ්‍රෙඩී , එත් ජෝතිපාල වගේම ෆ්‍රෙඩී අයත් වුනෙත් ප්‍රබුද්ධ පරපුරට නෙවෙයි , එතනදිත් ජෝතිපාලට දීපු තැනවත් ෆෆ්‍රෙඩී ට දෙන්න කුහකයෝ බය වුනා . ස්තුත්යි සින්දු ඇනෝ

    ReplyDelete
    Replies
    1. //එත් ජෝතිපාල වගේම ෆ්‍රෙඩී අයත් වුනෙත් ප්‍රබුද්ධ පරපුරට නෙවෙයි , එතනදිත් ජෝතිපාලට දීපු තැනවත් ෆෆ්‍රෙඩී ට දෙන්න කුහකයෝ බය වුනා//
      මෙන්න මේක තමයි අපේ හෙනේට හිට්ටේ මචෝ ...

      Delete
  11. මට කියන්න තියෙන්නෙ සිංදුවෝ ඒ අහිංසක සමනලයාට වෙඩි තියපු හඩ්ඩාට හෙන ගහපං.. !!!!!

    එච්චරමයි ……

    ReplyDelete
    Replies
    1. සොහොනටත් හෙනගහපන්. කාලකණ්නියාට.

      Delete
    2. පත්තරයෝ මට ඕකව දකින කොටත් ඇඟේ මාළු නටනවා .උදේට ටොයිලට් කටෙන් රෙනවා දැන් ගුවන් විදුලියේ ....
      මනෝ එහෙම හෙන ගහන්න ඕනෑ එවුන් තව කොච්චර ඉන්නවාද බන් .
      මේවා අපේ අවාසනාවට උන දේවල් මචෝ ..

      Delete
  12. පත්තෙර් කියලා තියෙන කතාව කියන්නමයි මටත් හිත කිව්වේ............. ඒත් පත්තරයා ඒක කියලා............. මේ මනුස්සයා මනුස්සයෙක් විතරක් ම නෙමෙයි සින්දුවෝ......... ගීතවත් බව උපතින් ම අරං අාපු අව්‍යාජයෙක්.................... ප්‍රෙඩී කියන්නේ ඒකට ම ගැලපෙන මිනිහෙක්........

    ReplyDelete
    Replies
    1. මාතලන් කියනවා වාගේ විශ්වකර්ම මිනිස්සු ...ස්තුතියි කුරුට්ටෝ

      Delete
  13. මේ සින්දු බොහොමයක් මතුවුනේ ප්‍රෙම්-හඩ්ඩා හබය නිසයි.

    මේ වගේම හඩ්ඩත් ප්‍රෙඩියට සින්දු ලිව්ව. මතකනෙ මම අර බොට දවසක් මම උඹට කිව්වම හොයල දුන්න මේ සින්දුව.

    රුපියල් ලක්ෂයක් තෑගි ලංකාවෙන් හොයලා දෙන්න
    අවුරුදු ගානක්ම හොයනවා ..
    බොහොම කලක් තියෙන දිවිය ..
    හම්බ උනොත් ගෙනත් දෙන්න
    නොකා නොබී මාත් හොයනවා ..

    ලඳක් නොවෙයි හැඩරුව ඇති දෙයක් නොවෙයි බොහොම වටින
    ඒ උනාට අපිට වටිනවා
    කරුණාකර හොයා දෙන්න තෑගි මුදල අරන් යන්න
    රුපියල් ලක්ෂයක් තියනවා ..

    මලක් නෙවෙයි වලක නෙවෙයි
    ඔබත් නෙවෙයි මමත් නෙවෙයි
    උඩ පැන පැන තවම හොයනවා
    ඔයක් නෙවෙයි ගඟක් නෙවෙයි
    යකෙක නෙවෙයි සතෙක් නෙවෙයි
    තිබුන දෙයක් තවම සොයනවා ..
    රටක් වටින දෙයක් මේක ඉස්සර අපේ රටේ තිබුන
    නිධානයක් වගේ හොයනවා
    රනින් පිරුන නිධානයක් නෙවෙයි ඒක අතගෑවෙන
    ජිවත් වෙන අපිට වටිනවා ..

    සල්ලි වලට ගන්නට බැරි දෙයක් මේක හොයලා දෙන්න
    ලක්ෂ මුදල මෙන්න ගෙනාවා
    තියන තැනක්වත් කියන්න එහෙන් ගිහින් බලාගන්න
    මමත් තවම මේක හොයනවා ..
    අටුවල නැ පුටුවල නැ
    ගමේ නගරේ කොහෙවත් නැ
    හැම මුල්ලේම තවම හොයනවා
    සාධාරණකම තියනා තැනක් ලෝකේ පෙන්නා දෙන්න
    ලක්ෂයකින් තෑග්ග දෙනවා ...

    රුපියල් ලක්ෂයක් .....

    ගායනය -ෆ්‍රෙඩ් සිල්වා

    ඔය උපහාස ගී කළාව ෆ්‍රෙඩීගෙන් පස්සෙ මාමයි බෑණයි අපූරුවට කරා. දැන් යම් තමකට සහන්ල කරගෙන එනව. කියන්න මිනිස්සු ඉන්නව, ලියන්නයි නැත්තෙ.

    අර කියන්නෙ "xxx" ෆ්‍රෙඩියත් එහෙම එකෙක්. පුදගලික ජීවිතේ මොනා කරගත්තත් ඌ නියම පොරක්.

    දවසක් මිනිහ රේඩියෝ ඉන්ටර්වීව් එහෙක කියනව "මම ගාමිණී මහත්තයගෙත් ගෝලය, එයාගෙ පුතාගෙත් ගෝලය" කියල. ඒ එක්කම කියනව, "හැබැයි මට වඩා සමහර නිළියො දස්සයි, ඒ අය ගාමිණී මහත්තයටත් කෙල්ල, එයාගෙ පුතාටත් කෙල්ල" කියල. ඒ කතාවෙ තිබ්බ උපහාසෙ කී දෙනෙක් තේරුන්ගත්තද ගණං ගත්තද මන්ද!

    ReplyDelete
    Replies

    1. අර කියන්නෙ "unsung heros" ෆ්‍රෙඩියත් එහෙම එකෙක්.

      Delete
    2. දෙය්යන්ගේ පිහිටෙන් අපේ සිංහයාට උන හැදිලා නැ වාගේ .බොහොම ස්තුතියි ඉන්දික අය්යා විස්තර බෙදා ගන්න ආවට .ජෝති ,ෆ්‍රෙඩ් කියන්නේ මටනම් පට්ට පොරවල් ..

      Delete
    3. ඔන්න කතන්දර.. උඩ සිංදුව හඩ්ඩ ලිව්ව කිව්වමත් පුදුමයි. මිනිස්සුන්ගෙ හැටි!!

      Delete
  14. ප්‍රෙඩීලගෙන් ගීත රචකයො වැඩ ගත්තට චිත්‍රපට අද්යක්සකල වැඩ ගත්තද මංද.
    උඹේ කවුතුකාගාරෙනං බොහොම සරුයි සින්දුවෝ. දිනෙන් දින දියුණු වේවා!!!

    ReplyDelete
    Replies
    1. විසිටරයෝ කොහෙද බොල ගිහින් හිටියේ ..මේ මිනිසුන්ගේ වටිනාකම හැමෝටම දැනුනේ මේ මිනිස්සු නැති උනාම මචෝ ...

      Delete
  15. හනේ අම්මේ..මෙච්චර සින්දු කන්දරාවක් දැක්කමයි බන්.

    -

    මොනවා වුනත් ඒ ශ්‍රේෂ්ඨ කලාශිල්පීන් දෙන්නට මේ විදියට විද්‍යුත් උපහාරයක් කිරීම ගැන උඹට අපගේ ම්රනාමය.

    ReplyDelete
  16. දැනුයි දැක්කේ. ලස්සන සින්දු ටික. පරණ ඒවා ගොඩක්.

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි දැකපු එකම ලොකු දෙයක් අජිත් අය්යේ ...

      Delete
  17. Sthuthiya kiyalanima karannabe Sinduano,Rachakaya kawdakiyala danne nethi sindu thunak thiyenawa Fredi ge Aron mama kalema ahanna lebunu "Kawda othana ei hitagena wadiwenna wadiwenna" "Balla"-sangeethya stanly peiris,"Policiya langa upawasaye kalu balu Mahathek Paminillak uge minihek kala hiri herayak"puluwannam ewath palakaranna,(Ranjan-Düsseldorf)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ඔබ තුමාව සහ බොහොම ස්තුතියි තව ලස්සන සින්දු මතක් කලාට .මේවත් වෙනම පොස්ට් එකකින් එකතු කරමු ...

      Delete
  18. හුඟක් වටින පෝස්ට් එකක්.. අහලා නොතිබ්බ සින්දු ගොඩක් අහුවා .. ස්තූතියි....

    ReplyDelete
  19. සුපිරි සහෝ කියන්න වචන නෑ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අචාර්යතුමෝ ....

      Delete
  20. ඔය මොකා ශාස්ත්‍රීය ටෝක් දුන්නත් ට්‍රිප් එකක් යනකොට, බීපුවම, සාජ්ජෙකදී මුලටම එන්නෙ පීචං කියල කොන් කරපු ගායකයෝ ටික තමා... එක ඉස්සරහටත් එහෙම වේවි. පීචං කියල හෙළාදැකපු කලාකාරයෝ කවදාවත් ඇගයීමකට ලක් වෙන්නේ නෑ... පපර බෑන්ඩ් එකක් "කුන්ඩුමනී" සින්දුව ගැහුවොත් කකුල් දෙකම කපපු එකෙක් උනත් නටන්න ගන්නවා...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා සජ්ජා ....
      මේක තමයි මචෝ සුපිරිසිදු ඇත්ත.මම එකනේ කියන්නේ ලංකාවේ කළා කාරයෝ නැ කියලා .ඉන්නේ ඔක්කොම නලා කාරයෝ .අලුත් එකෙක් පොඩ්ඩක් හරි හොද දෙයක් කලොත් ඒක උන්ට දිරවන්නේ නැ ...

      Delete
  21. මම සොයමින් සිටිය සින්දු ටිකක් - ඇත්තෙන්ම දුර්ලභ එකතුවක්. වටිනා වැඩක්. ඉස්තුතියි !!

    ReplyDelete
    Replies
    1. ඔබේ සැප මගේ සතුටයි ....සාදරයෙන් පිළිගන්නවා දහසක් ..

      Delete
  22. "මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්" ගීතයත් දාන්න

    මෙන්න ලින්ක් එක
    http://www.sinhalasongs.lk/songs/freddie-silva/mamai-motta-pala.mp3

    ReplyDelete
  23. A.D. Ranjithtissa KumaraAugust 3, 2018 at 11:51 AM

    සින්දු ඇනෝ ....පුලුවන්නම් ෆ්‍රෙඩි සිල්වා මහත්මයාගේ "නසීමා" ගීතයේ mp3 එකක් හොයල දෙන්න පුලුවන්ද ??

    අඩසඳ මැද තනි තරුවක් බටහිර අහසේ දිලුණා
    හැන්දෑවට මුහුදු තිරේ අප හමු වුවා
    fb දැම්මත් කමක් නැහැ


    ගීයේ වචන තැනින් තැන මතක ....

    ReplyDelete