(ළමා ගීත සෙට් එකක් දාන්න හදලත් මේ වෙන දේවල් වලට මොන සින්දුද කියලා හිතුනා )
“මගේ රත්තරන් දුවේ පුතේ….
ඔයා මිනිස් ලොව උපන්නේ වැරදි තැනක මයෙ දුවේ පුතේ….
මේ ලෝකෙ සිරියාවන්ත නෑ දුවේ පුතේ,කියන තරම් ලස්සන නෑ දුවේ පුතේ…"
-----------------------------------------------------------
සිඟිති මා බිළින්දෝ
මොටද මල් පිය පොඩි ඔසවන්නේ
ටිකිරි මා බිළින්දෝ
මිනිස් ලොව දොරටුව වෙත යන්නයි
කැකුළු පිනි විසිරුණු අරුණලු පියැවිල්ලේ
අසනු මා බිළින්දෝ
නිසල දිය ඇති තැන වෙයි ගැඹුරූ
සිතනු මා බිළින්දෝ
මලක නටු අතරෙද විස කටු තියෙයි
රුසිරු හිම කඳුවැටි අතරෙ ද ගිනි කඳු තියේ
කිරි පැණි හඳ හාමි ලා
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
අවිහිංසක හා පැටව් ඒ ලෝකෙ නෑ බිළින්දෝ
පිරිසිදු සිත් සැහැල්ලූ සොයනු බෑ
විසකුරු රළු මිනිස්සුන් මග හිඳීවී බිළින්දෝ...
කැකුළු මා බිළින්දෝ
කුමට දත් විදහා හිනැහෙන්නේ
ටිකිරි මා බිළින්දෝ
මිනිස් ලොව විසිතුරු දැකගන්න යි
කැකුළු පිනි විසිරුණු අරුණලු පියැවිල්ලේ
රතුකැට අත ඇති තුරා
වටවේවි බෝ බිළින්දෝ
හිත මිතුරන් නුඹ වටා
හැමදාම නෑ බිළින්දෝ
කඳුළෙදි දුක ඉහිල්ලූ යහළුවෝ
වැලපෙන තැන හිනැස්සු
අය හිඳින්නේ බිළින්දෝ
කිරි පැණි හඳ හාමි ලා
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
අවිහිංසක හා පැටව්
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
පිරිසිදු සිත් සැහැල්ලූ
සොයනු බෑ
විසකුරු රළු මිනිස්සුන්
මග හිඳිවී බිළින්දෝ
කිරි පැණි හඳ හාමි ලා
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
අවිහිංසක හා පැටව්
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
රතුකැට අත ඇතිතුරා
වටවේවි බෝ බිළින්දෝ
හිත මිතුරන් නුඹ වටා
හැමදාම නෑ බිළින්දෝ...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : සරත් ද අල්විස්
ගායනය : සුජාතා අත්තනායක
කියල වැඩක් නැහැ බං දරුවන්ට වෙන දේවල් දවස ගානෙ .....
ReplyDeleteඅනේ මන්දා කෙන්ජි අය්යේ මේ මොනා වෙනවද කියලා .අම්මා තාත්තා වත් විස්වාස කරන්න බැරි සමාජයක් මේ හැදෙන්නේ ....
Deleteමං අද උදේ මීටින් එකේදිත් අපේ උන්ට කියුවේ මේකමයි.. එක දවසක් නෙවෙයි දවස් තුන්සිය හැටපස් දවසම ළමයින්ගේ.. ළමයින්ගේ ලෝකයෙන් ඉල්ලා ගත්ත පොඩි ඉඩක තමයි අපි ජිවිත හසුරුවා ගන්න ඕනි.. එත් වෙන්නේ එකේ අනිත් පැත්ත.. අනිච්චේ..
ReplyDeleteගොඩක් දෙමාපියෝ අවුරුද්ද පුරාම මහන්සි වෙන්නේ දරුවන්ගේ අනාගතේ සාර්ථක කරන්න ...මේ එක එක දවස් නම් කරලා ඒවා සමරන්නේ මොකටද කියලා මට තේරෙන්නේ නැ බන් ,,,
Deleteමේ ලෝකෙ ලස්සන නෑ තමයි සින්දු. ස්වභාවධර්මයාට වැරදුනු එකම තැන තමයි මනුස්සයා කියන සතා හදපු එක. සමහර පර්යේෂකයො කියන විදිහට මනුස්සයා කියන්නෙ මේ ලෝකෙට පිටින් ආපු කාගෙ හරි පරීක්ෂණයක් විදිහට හැදුනු සත්තු ජාතියක් වෙන්න ඇති කියන එක ඇත්ත වෙන්න ඕනෙ. මොකද හැම දේම හරියට හදපු ස්වභාවධර්මෙට මෙච්චර වරදින්න විදිහක් නෑ.
ReplyDelete//මනුස්සයා කියන්නෙ මේ ලෝකෙට පිටින් ආපු කාගෙ හරි පරීක්ෂණයක් විදිහට හැදුනු සත්තු ජාතියක් වෙන්න ඇති// +++++++++++++
Deleteමෙන්න මේකනම් ඇත්ත වෙන්න ඇති මචන් ."හැමදේම අයිති මනුස්සයාට" වාගේ තමයි ජිවත් වෙන්නේ ..
මේ තමයි ප්‍රේමකීර්තිගේ තුන්කල් දැක්ම . එදා ප්‍රේමකීර්ති අදහස් කරපු දේ අද සමාජයේ සාමන්‍ය දෙයක් වෙන තරමට සුලබ වෙලා .කොහොම වුනත් මේ සියල්ල "සිංදු ඇනෝ ගෙන් පමණයි "
ReplyDeleteමාතගේ වචනෙන් කියනවානම් "විශ්ම කර්මයෝ "
Deleteස්තුතියි ඉවාන්
උගුරත් හිරවෙලා ගියා සිංදු. ඕවා ගැන කතාකරන්නවත් හිතෙන්නේ නෑ. ඒත් කතා නොකරත් බෑ.
ReplyDeleteමම මේ ලඟදි යාලුවෙක්ට කතා කරලත් කිවේ පොඩි එවුන් පරිස්සන් කරපන් හැමදේටම කලින් කියලා .
Deleteස්තුතියි දිලිණි
සුභ ළමා දිනයක්.. අද ජාත්‍යන්තර ළමා දිනය නෙමෙයි..
ReplyDeleteස්තුතියි ලේක්චරයෝ ...නිවැරදි කරන්නම්
Deleteදවස ගානේ දරැවෝ එකිනෙකා බිලිවෙනවා වැඩිහිටියන්ට.දරැවන්ට අත්වැලක් විය යුතු ආරක්ෂාව සැපයිය යුතු වැඩිහිටියෝම දරැවන්ගේ ලෝකය විනාශ කරනවා...
ReplyDeleteමේකේ වරද කොතැනද ? හැමෝම පැලැස්තර විසදුම් හොයනවා මිසක් ස්ථිර විසදුමක් නැ ..
Deleteවියලී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුණේ
ReplyDeleteවැහැරී ගිය උකුලේ නැත සුව යහනක් සැදුනේ
කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ
හිරු ගිලිහෙන මොහොතක නුඹ මඟ අයිනක රැඳුනේ
උපන් බිමට නුඹ වැඩිවා මිසක දුවේ
වැදූ මවට නුඹ වැඩියක් වේද දුවේ
දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ
නැවු නැඟිලා දුරු රටකට යන්න දුවේ
පෙර කල මහ පිං මහිමෙනි මේ දෙස උපදින්නේ
ඉපදෙනු මිස රැඳෙනා පින ඇයි නුඹ සතු නොවුනේ
දරුවන් ඇස කඳුලින් ළය උණුවන මිනිසුන්ගේ
සරණින් ලොව කොතනක වුව සැනහෙන් දියණියනේ
මතුයම් දිනක සිතිවිල්ලෙන් සිටින සඳ
දෑතක පහස සිහිනෙක මෙන් දැනේවිද
සිතියම් පොතින් ලොව විමසා බලන සඳ
කඳුලක හැඩය මහ සයුරේ දකීවිද"
පද රචනය - දයාසේන ගුණසිංහ
සංගීතය - ගුණදාස කපුගේ
ගායනය - ගුණදාස කපුගේ / මාලනී බුලත්සිංහල
මොන විහිලුවක්ද මේ දිනය...
ReplyDeletehttp://masandumal.blogspot.com/2014/05/blog-post_23.html?m=1
අනේ මන්දා මනෝ ...අපි කොහොමත් පිටින් එන දේවල් ඔලුව උඩ තියලා පිළිගන්න දස්සයිනෙ ...
Deleteවීදි කොනේ මාවත අද්දර
අඬනා කිරිදරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූදා
පියා කොහේදැයි මවගෙන් අසනු එපා..
මමත් පියකි පුත නුඹ වැනි දරුවකුගේ
මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ
බලා ඉඳිමි මම නුඹ නලවන්නට
පොඩි හිස අතගා සුරතල් පුතේ කියා..
වීදි කොනේ...
පියෙක් ඉඳියි පුත නුඹටත් කොතැනක හෝ
පිනක් නැතිද ඒ සෙවනේ ඉන්න අහෝ
සිනාසියන් පුත කිරිදත් පෙන්නා
මා අමතන විට සුරතල් පුතේ කියා..
වීදි කොනේ...
- මිල්ටන් මල්ලවාරච්චි
දිනයක් කුමට ළමයින්ට. සැමදාම උන්ගේය වැඩිහිටියන් නැතිනම්.
ReplyDeleteඒයි අන්න බං උඹේ කොන්ක්‍රිට් බාසාගේ පින්තුරයක් මේ බ්ලොග් එකෙත් දකුණු පැත්තේ දාලා.. හැක්
Deleteඔය යකා ඉතිං යන යන තැන අනනවනෙ.
Delete@ප්‍රසා , එකනම් ඇත්ත .අපි විඳපු ළමා කාලය ගැන කතා කර කර ඉන්නවා .දැන් ඉන්න ළමයින්ට ළමා කාලයක් නැති කරලා ....
Delete@දේශෝ , එතකොට ප්‍රසා කියන්නෙත් උඹමද ?
Deleteයකෝ මේක අර බිත්තර දෙකේ කතාව වගේ නේ ...
//පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස් //
ReplyDeleteඅහිංසක මනුස්සයා මරාගත්ත හඩ්ඩාට ශාප වේවා !!!!!!!
අපායටම පළ කාලකන්නියා ……
ඇත්ත ප්‍රේමකීර්ති කියන්නෙ රටක් වටින මනුස්සයෙක්
Deleteඅද හිටියනං …
Deleteඑකඟයි....
Deleteහඩ්ඩ වගේ උංට ද එතකොට මේ ලෝකෙ අයිති? ප්‍රේමකීර්ති වගේ උංට නෙවෙයි?
"කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
Deleteකිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්"
අපි අහපු නැති දෙයක් දෙනවනං සින්දු උඹ විතරයි.
ReplyDeleteස්තුතියි හැලපේ අය්යේ ....මම හිතුවේ මේවා අහලා නැත්තේ මේ දැන් ඉන්න කොල්ලෝ ,කෙල්ලෝ විතරයි කියලා ...
Deleteඋඔ නියම තැනදි නියම දේ දෙන මිනිහා..
ReplyDeleteඋඔගේ මේ සටහන අපේ දරැ පැටවුන් වෙනුවෙන්..
එලද බ්‍රා මචෝ ...හැමදේම දරුවන්ට කිව්වට දැන් යන විදිහට හැමදේම දරුවන්ගෙන් වගේ තමයි මුන් හිතන්නේ ...
Deleteජීවිතේට අහපු නැති සිංදුවක් සිංදුවො.
ReplyDeleteහොදම දේ ළමයින්ටයි කිවුවට අද හැටියට නම් නරකම දේ තමා ළමයිට ඉතුරු වෙන්නෙ.
ජයවේවා ප්‍රියෝ ....
Delete//හොදම දේ ළමයින්ටයි කිවුවට අද හැටියට නම් නරකම දේ තමා ළමයිට ඉතුරු වෙන්නෙ.//
මේක තමයි තිත්ත ඇත්ත .හැමෝම දරුවා ඉපදුන දවසේ ඉඳලා සබන් .පුයර ඇඩ් වලට විකුනලා මාර්කට් කරනවා .එක එක තරු වැඩසටහන් තියලා කොළු තාත්තලා බිහිකරනවා ...උන්ට ලෝකේ ගැන කියලා දෙන්න කවුරුත් නැ ....
බැංකුයි, දත් බේත් කාරයොයි ප්‍රාදේශීය දේශපාළුවොයි අද ළමයින්ව විකුනං කන දවස.
ReplyDeleteසිංදුව අහලම තිබුනෙ නෑ සිංදුවො, තැන්කූ මම මේක FB එකේ දානව සිංදුවො.
උඹත් එක්ක සියට දෙසීයක් එකඟයි මචෝ ....මෙන්න මේක තමයි මේ දිනයක් දාගෙන කරන්නේ .
Deleteසින්දුව ඕනි තැනක දාපන් මචෝ .අඩු තරමේ තව එකෙක් හරි මේක අහනවානේ .. උඹලත් ඉස්සලාම අහනවානම් තව කීදෙනෙක් මේක අහලා නැතිව ඇතිද ?
මේ සිංදුවෙ තනුව abba කියන fernando සිංදුව නෙ. මං අදමයි ඇහුවෙ. මාර සිංදුවක්. ඉස්තූතියි සිංදූර්...
ReplyDeleteඔව් මචෝ මේක abba ලාගේ තනුවක් .....
Deleteමෙන්න ඒක ..
https://www.youtube.com/watch?v=Xv_-6XQyIq0
නියමයි සින්දු ඇනෝ. නුඹේ ගබඩාවේ අවශ්‍ය වෙලාවට නියම එක තියනවා හැම මොහොතෙම.
ReplyDeleteස්තුතියි නලින් අය්යේ ....
Deleteඅයෙත් බොලොග් වල දකින එක පුදුම සතුටක් ..
ජයවේවා !!
කාලීනයි උචිතයි සින්දුවෝ....
ReplyDeleteජයවේවා!
ස්තුතියි මචෝ ...
Deleteඅදමයි ඇහුවෙ...... නියමයි.........
ReplyDeleteස්තුතියි ආර්යන් ..
Deleteජයවේවා !!!
හැමදාම වගේ .....නියමයි
ReplyDeleteස්තුතියි අමිල ...
Deleteමේ සිදුවීම් ගැන ගීතයෙන් මග පෙන්නපු පෝස්ටුවක්... අගෙයි සින්දු
ReplyDeleteස්තුතියි කුරුට්ටෝ ....
Deleteසමාවෙයන් මට ගොඩ දවසකින් උඹලා දිහා ඇවිත් කොමෙන්ට් එකක්වත් දාන්න බැරි උනා .මේ දවස් වල පොඩ්ඩක් පර්සනල් වැඩ වැඩියි .ඔෆීෂියල් වැඩ කරන්න කාලයක් නැ ...හැක්
සින්දුව නම් අදමයි බන් ඇහුවේ...
ReplyDeleteඑමිනම් ගේ TOY SOLDIERS සින්දුව මතක් වුනා බන්,,,
ස්තුතියි විභියෝ ...මම දැක්කා උඹත් පොස්ටුවක් දාලා තියනවා .උඩින් කියවගෙන ගියා .පස්සේ එන්නම් ,,
Deleteජයවේවා !!!
https://www.youtube.com/watch?v=lexLAjh8fPA
ළමයින්ට කියල වෙනම දිනයක් ඕන නෑ බං. උංව හොදට බලාගන්නව නං උංට හරි පාර පෙන්නනව නං උංට දැනෙනව නං උං ආරක්ෂිතයි කියල
ReplyDeleteඅන්න ඒ වගේ දවසකට ළමයෙක්ට කියනුනු පුලුවං වෙයි මේ ලෝකෙම අපේ කියල...
උඹ සිංදුවක් දුන්නොත් ඉතිං අපි අහපු එකක්යැයි. විභියට දීපු ලිංකුව දිගේ ගිහිං බලන්නංකෝ
ඒක ටෝයි සෝල්ජර් නෙව
Deleteමං අහන සිංදුවක් ඩෝ... උඩ තියෙන වීඩියෝව පෙන්නෙ නෑ කියකො
(මෙය ජංගමයෙන් දැමූ කමෙන්ටුවක් බව නොසලකන්න හැක්)
මම බැලුවා මොකද උඹ පරක්කු කියලා ..ඊයේ වැඩිහිටි දිනේ නිසා වැඩ වැඩි ඇති නේද ? මම නම් කියන්නේ මේ සලකන්න තියන දින ඕනෑ නැ කියලා මචෝ ..බලපන් ළමා දිනය ,ගුරු දිනය ,මවුවරුන්නේ දිනය ,පියවරුන්ගේ දිනය ,......මෙහෙම ගිහින් #කන දිනය කියලා එකකුත් එයි ...
Deleteස්තුතියි මහියා ...
දැං මහියා නැති බවද ඌ විකුණා ඇති බවද
Deleteසුපුරුදු ලෙස අපේ උංට අනුව මම මයියා වී ඇති බවද මෙයින් ප්‍රකාශ කර සිටිම...
එහෙම දිනයක් එනව නං මාත් කැමතී... හැබැයි ඊට දවස් දෙක්කට වත් කලිං ඇදිරි නීතිය දාන්ට වෙයි
හිහික්
ම්හියා හරි මයියා හරි මොකෙක් හරි කමක් නැ උඹේ පොස්ට් එකට රිප්ලයි කරපන් ...
Deleteළමා දිනය සහ ජාත්‍යන්තර දින වෙන් කිරීම සහ සැමරීම ගැන බොහෝ විට හුඟ දෙනෙක්ටෙ තියෙන්නේ රින ආකල්පයක්. නමුත් මම එහෙම හිතන්නේ නෑ. දැන් මම ඒක ගැන තර්ක කරන්න අදහස් කරන්නේ නෑ. මගෙ අදහස කිව්වා විතරයි.
ReplyDeleteළමා කාලය ගැන ලියැවුනු හොඳම පොත (මට නම්) එදා මෙදා තුර සිය වතාවකට වැඩිය නැවත නැවත කියවා ඇති මගේ ප්‍රියතම පොත වන Mark Twain ගෙ The Adventures Of Tom Sawyer පොතයි.
පොතනම් කියවලා නැ සර් (ඉංගිරිස් පොත් කියවන්න ඉංගිරිස් දැනන් හිටියේ නැ ඒ කාලේ .දැනුත් බෑ තමයි ).....හැබැයි ෆිල්ම් එක බැලුවා වාගේ මතකයි .....
Deleteස්තුතියි සර් ...
මගෙත් පට්ට ආසම පොත, මම කියෙව්වේ සිංහල පරිවර්තනේ...
Deleteපට්ට එකේ උපරිමය...
සින්දුවා. මට රිද්දන්න පුලුවන් ලේසිම විදියක් තමයි විහිළුවට වුනත් මට සර් කියන එක. මම අකමැතිම ඇමතුමක් බං ඒක. මම අනිත් උන්ට සර් කියන්නෙත් නෑ. අනිත් උන් මට සර් කියනවට මම කැමතිත් නෑ. ඩූඩ් කියහං. ඒ ඇති.
Deleteඑතකොට උඹ ඒ පොතේ පරිවර්තනය කියවලා තියෙනවද ඔය ලොකු පුතා කියලා තියෙනවා වගේ? ඒක කියවලා මටත් ගුණදොස් කියාපං. ලොකු පුතා කියෙව්වේ චන්ද්‍ර අනගිරත්නගෙ දඟකාරයා කියන පොතද? ඒක මාත් කියෙව්වා. හොඳ පරිවර්තනයක්.
ගැත්තාට තරහා අවසර ,,,,උඹේ හිතරිදුනානම් දහස් වරක් සමාවෙයන් ඩුඩ් අය්යේ මචෝ ....
Deleteමම වැඩ කරන තැනත් සර්ලා නැ .හැමෝටම නම කියලා තමයි කතා කරන්නේ ..පියන්ගේ ඉඳලා ජිඑම් දක්වා .වෙනතැනක වැඩ කරන්නත් බැරි වෙයි දැන් අපිට ...ලොකුවට නීති නැ .තමන්ගේ වැඩ ටික කරනවානම් එච්චරයි ...මම දැන් අවුරුදු 11 ක් එතැන වැඩ ..
"දඟකාරයා" කියවලා උඹට කියන්නම් ...
උඹ කවදත් ඉතිං තැනේ හැටියට ඇණේ ගහන එකානේ.
ReplyDeleteළමා දිනේ තමා. උඹට කියන්න සින්දුවෝ අපේ පොඩ්ඩි දැන් ගෙදර ඉස්සරහ දොර ලොක් කරන්න කියලා අඬනවා රෑ වෙනකොට. බලපං වෙලා තියෙන අපරාධයක්. කම්මලයාටත් ඔහොම අවුල් සීන් එකක් වෙලා.
ස්තුතියි මදාවියෝ ...වෙලා තියන දේවල් වලට අපිට ළමයි ගැන අවදානයෙන් ඉන්නවා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙලාවක් වෙයි වාගේ ..
Deleteඅර පොඩි එකාගේ ඇස්දෙකේ කඳුළු පිරිලා තියෙනවා දැක්කම මට මතක් උනේ අපේ පොඩි එකා අඬන හැටි,
ReplyDeleteගොඩ වෙලාවට ඌව අඬවන්නේ උගේ අම්මා වීම නිසයි මට ගොඩක් දුක, බත් කන්න බැහැ කියද්දී බලෙන් බත් කවන්න යන එකෙන් අපේ පොඩ්ඩ කොච්චරනම් ගුටි කනවද, අඬනවද...
ලොකු ගෙදරකම තියන පොදු ප්‍රශ්නයක් නේද ඔය කෑම කවන එක ...පොඩි එකාට ඇති උනාට අම්මට තමයි මදි ...
Delete