Wednesday, September 9, 2015

"හුස්ම උඩට ඇදෙනවා දෑසින් කඳුළු වැටෙනවා"




අහම්බෙන් මෙන්න මේ වීඩියෝ දැක්කේ .හිතට මොකක්දෝ අඩුවක් දැනුනා .මට මතක් වුන සින්දු දෙක තුනක් එක්ක ඔන්න හැමෝටම බලන්න දැම්මා ....



සද්ද නැතිව මේ සින්දු ටික අහන්නකො ........අපිට මොනා හරි දෙයක් අතපසුවෙලා වාගේ දැනෙනවාද ? 
-----------------------------------------------------------------
සෙක්කු ගෙදර මංගලිකා
දීග ගියේ නෑ තාමත්
මං හිතන්නේ උඹ එනකං බලා ඉන්නවා
මෙදා අවුරුද්දටවත් ඇවිදින්
යන්න වරෙන් මගේ පුතේ
එංගලන්තෙ නම් දුර බව මාත් දන්නවා

මං සද්ද කළත් උඹලා මොකෝ
සද්ද නැතුව ඉන්නෙ කියල
දොරකඩ කොස් ගහේ ඉදං
කොහා අහන්නේ
අපි සද්ද කරන්නේ කොහොමද
කොච්චර කල් ඇද්ද මකුළුදැල් බැඳලා
බිත්ති කොනේ එල්ලු රබානේ

හරි හම්බකරල මේ ගේ දොර
හදා ගත්ත මිසක් අපේ
සන්තකයට ඉතිරි කරපු
කිසිම දෙයක් නැහැ
පුතේ උඹට උගන්වන්න
උකස් කරපු ගේ දොරත්
උගසට සින්න වුණොත් නං
අපට යන්න තැනක් නැහැ

ගුරු පාර දිගේ පුංචි එවුන්
ඉස්කෝලෙට යන එන කොට
වෙල් නියරේ මං ඉඳගෙන බලා ඉන්නවා
අහස් යානාවක් ගමට උඩින්
ගියොත් එදා නොකා නොබී
අම්මා බලා ගත්ත අතේ
බලා ඉන්නවා
හුස්ම උඩට ඇදෙනවා
දෑසින් කඳුළු වැටෙනවා..............

ගායනය / ගී පද / සංගීතය - රෝහණ බැද්දගේ




---------------------------------------------------------------------------------------
හෙවණැලි මියයන හැන්දෑවේ
ඉර උඩ ඉඳගෙන ඈත බලා ඉන්නේ
සීපද මුමුණන්නේ......
ඒ හඬ ඇහෙවදෝ........
නෙත් යුග තෙත් වෙන්නේ......
ඒ හඬ දැනෙනවදෝ........

වැලි බත් ඉවු මිදුලේ
පළඟැටියන් රජවී
පුතු ගැන සිහි වෙනවා.
මතකය බොඳ වෙනවා

මගෙ හිරු මියෙන ලෙසේ
ඹබෙ හිරු පිබිදෙනවා
නෙතු පිය වෙන්න කලින්
එනවද මගෙ පුතුනේ

හෙවණැලි මියයන හැන්දෑවේ...


ගායනය: අමරදේව
ගී පද: මෛත්‍රී පනාගොඩ
සංගීතය: රෝහණ වීරසිංහ



-----------------------------------------------------------------------------------

සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ
මං විතරයි තනියම දැන් මගෙ නිවසේ...

උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන
කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන
වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන
මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන

දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමී
මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී
මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී
ලේකිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී

ගායනය  - නන්දා මාලනී. 
ගී පද  - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - නන්දා මාලිනී


------------------------------------------------------------------------

සඳ නාවත් කමක් නැතේ රත්තරං පුතේ..
හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ..
ඕන දුකක් ඉහිලිය හැකි මහළු ජීවිතේ..
ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩි හිතේ..

කුස ගින්නට රස මසවුලු ලැබුණත් මොකටද..
මගේ පුතේ නුඹේ ඉඳුල් රජ බෝජුනකි මට..
මහළු මඩම දඟ ගෙයක්ය දඟ ගෙයි ලෑමට..
ලොකුම වරද නුඹේ පියා වයසට යෑමද..

සඳ නාවත් කමක් නැතේ..

පාළොස්වක පෝය දාට ගමේ විහාරෙට..
හිත දුවලා වැඳ ලා එයි මම හැදූ පිළිමෙට..
මගේ පුතා මතු බුදු වෙයි එකක් කළොත් හෙට..
නුඹේ අතින් බත් දෙකටක් කවාපන්කෝ මට..

සඳ නාවත් කමක් නැතේ..

ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්



-----------------------------------------------------------------

79 comments:

  1. මේ වගේ හොඳ සින්දු ටිකක් ගෙනාවොත් ඉතින් සින්දු ඇනෝ මිස වෙන කවුද?

    ReplyDelete
    Replies
    1. ඔය උඩින්ම තියන වීඩියෝ එක දැක්කම මට මතක් උන සින්දුවක් තමයි මචෝ දැම්මේ ..
      ස්තුතියි ..

      Delete
    2. සින්දු ඇනෝ. උඹ සින්දු එකතු කරනවද මචෝ? මමත් හරි ආසයි සින්දු එකතු කරන්න. මා ලඟත් අලුත් පරන සින්දු තොගයක් ම තියෙනවා.ගොඩක් ඒවා තවමත් අහන්න බැරි වුනා.

      Delete
    3. සින්දු ටිකක් තියනවා මචෝ ...

      Delete
  2. අතපසු වෙච්චා නම් කොච්චර තියේද සිංදු. ඉස්සරහට පුලුවන් හැටියට කරමු.

    මතකද ඉස්සර ජාතික රූපවාහිනියේ ගියා ටෙලියක් "සිංදු බිංදු" කියල.
    සිංදු සිංදු මම
    බිංදු බිංදු මම....

    මට අාං එ් සිංදුයි බිංදුයි මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. තෙලියෝ මොකද බන් උඹට එක පාරම සින්දු බින්දු මතක් උනේ ....මගේ කැමතිම ළමා නාට්‍යක්.අනේ බන් එකේ පොඩි කොටසක් වත් අන්තර්ජාලේ නෑනේ ...
      ස්තුතියි මචෝ ...

      මෙන්ඩෝ ඒ සින්දුව ඇත්තටම මතක නැ බන් ....

      Delete
    2. අර උඩ වීඩියෝව බලද්දි තමා මතක් වුනේ
      අඩේ සිංදුවෝ මමත් පොඩි එකා සංදියේ අාසම නාට්ටිය බං. මාත් බැලුව බං අන්තරිජාලෙ පීරලම.
      ජාතික රූපවාහිනියට ගිහින් හරි හොයල දාපන් කෝ........

      Delete
    3. සිරාවටම මේක හොයාගන්න ඕනෑ මචෝ ..බලමු බලමු

      Delete
  3. අද බුකියේ සෙක්කු ගෙදර මංගලිකා සිංදුව කවුරුහරි ෂෙයාර් කරලා තිබ්බත් අහන්න උනේ නැහැ...
    ඒ සින්දුව ඇරෙන්න අනිත් සිංදු ටිකනම් අහල තියෙනවා...
    ලස්සන සිංදු ටික...

    ReplyDelete
    Replies
    1. ලොකු ඒ සින්දුව කීපදෙනෙක් ෂෙයාර් කරලා තිබුනා ...ඒ සින්දුවේ මුල් ගායනයේ තියෙන්නේ "මංගලිකා " නෙවෙයි "ඉන්දුමතී " කියලා ...
      ස්තුතියි මචෝ ..

      Delete
  4. උඹ ඉතින් දන්නවානෙ මගේ සින්දු ඇහීම ගැන. ඇත්තටම අර අසංකගෙ සින්දුව විතරයි අහලා තියෙන්නෙ. ඒකත් බස් එකක යද්දි දාලා තියෙද්දි ඇහිලා. ස්තුතියී සින්දු.

    ReplyDelete
    Replies
    1. අදත් ඔන්න පින් කමක් කරගත්තා මම ..හැක්
      ස්තුතියි මචෝ ...

      Delete
  5. ගෙදර යන්න ඕනි මට...

    ReplyDelete
    Replies
    1. කුරුළු පිහාටුවක් එවන්නද :D

      Delete
    2. පත්තරයා මම දන්නවා...එන්න පුලුවන්නම් උඔත් පියාඔලා එන්නෙ..

      Delete
    3. මචං

      දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
      සැබෑ වුණ සුබ සිහිනයයි ……

      Delete
    4. මනෝ මටත් සමහර වෙලාවට එහෙම හිතිලා තියනවා මචෝ ...

      පත්තරේ මෙන්න මම ගෙනාවා ...(ඒක නෙවෙයි උඹට බාර දුන්න වැඩේ හරියට කලානේ .කෝ බන් උඹ හැමෝටම කොමෙන්ට් කරලා නෑනේ .හැක් )

      මට ගමට එන්න ගමට එන්න
      කුරුළු පිහාටුවක් එවන්න
      පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
      කුරුළු පිහාටුවක් එවන්න

      කළු දුමින් වැසුණු ගම්දොර නොපෙණෙයි
      මං වැලහෙයි
      පය මරු වැල් පැටලෙයි
      ඇන්ටෙනා තුරෙන් තුර පසු කර
      පියසි උඩින් ඉගිල්ලෙන්න
      අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න

      මුළු නුවරම ගිනි ගත් සැණකෙළියයි
      හිස බරයි
      මගේ හද මිට කකියයි
      එන පාළොස්වන පෝයදාට
      හඳ වාගේ ඔබ දකින්න
      අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න

      ගායනය - අමරසිරි පීරිස්
      පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
      තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

      Delete
    5. මෙන්ඩෝ මු කොහොමත් හවසට පියඹනවා ...."පියඹා යනවා මා ආකාශයේ"

      Delete
    6. අවුරුදු අටක් දැන් කල්දේරම් බත් කන්න පටන් අරන් බං.ඒ ලෙවෙල් කරන්න ගෙදරින් ගියදා ඉඳන් ජොබ් එක කරන කාලෙත් දැන් මෙහෙදිත්. මටත් ඕනි කුරුලු පිහාට්ටක් තමයි.

      Delete
    7. "බින්තැන්නේ මං දහ දුක් විඳලා මෙදා ගමට ආ දා අම්මේ
      උඹේ අතින් මගෙ දෑතේ කරගැට අතගාලා නාඬන් අම්මේ
      මහියංගණයේ හේවිසියේ හඬ හැන්ඳෑවට ඇහුනම අම්මේ
      සිල් අරගෙන නුඹ ඉන්නා තාලය අනේ මතක් වෙනවා අම්මේ"....

      Delete
  6. හරිම අගෙයි සින්දුවෝ මං වගේ ගී ලියන (මං හිතන්නේ එහෙමයි) බ්ලොක්කාරයන්ට උඹ ආලෝකයක්
    ජයවේ සින්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යකෝ ...(මචෝ හෙමින් මාව අත්තෙන් බිමට ගනින් ...වැටෙයි යකෝ ..හැක් )

      Delete
  7. මොකද උඹට අද අනිත්‍ය මෙනෙහි වෙන සින්දු අහන්න හිතුනේ?

    උඹට එක අදහසක් දෙන්නද? ඔය රෝහන බැද්දගේ මුලින්ම මගේ රත්තරං හෙලේනා කියන සින්දුව කිව්වාම ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව ඒක වර්ගීකරණය කලේ පර්යේෂණ ගීයක් හැටියට. ඒක හැමදාටම පර්යේෂණ ගීයක් වුනා.

    ඊට පස්සෙ පර්යේෂණ ගී කියන genre එකට මොකද වුනේ කියලා හොයලා බලමුද?

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඩූඩ් අයියෙ .. රෝහණ බැද්දගේ ලියපු ගම්මානේ උපන් ගීත කියන පොතේ ඔය සිංදුව හැදුන හැටි ආපු බාධක පෙත්සම් ගැන පිටු 8 ක විස්තරයක් තියනවා.. ඔක්කොම දාන්න දිග වැඩියි කැල්ලක් දැම්මට සිංදුව තරහ වෙන එකක් නෑ. තරහ උනත් මයෙ මොකෑ :D හැක්

      "1967 ඉඳන් අතනින් මෙතනින් මතුවෙවී ඇවිත් 1974 රත්තරන් හෙලේනා ගුවන්විදුලියෙන් ගී තැටියකට ඇවිත් ජනතාව අතර්ට ගියා.ඒ ගීතය ඇතුලත් වැඩ සටහන නිෂ්පාදනය කලෙ සේන ගුණසේකර මහතායි.පර්‍යේෂණ ගීතයක් වශයෙන් තැටිගත වීමට මග පෑදුනේ සී ද එස් කුළතිලක මහතා යටතේ ගු,විදුලියේ සංගීත පර්‍යේෂනාංශයක් තිබුණ නිසයි.හෙලේනා ගීත්‍ය හා පුරා කියා දොරට වැඩියේ ලූෂන් බුලත්සිංහල නිෂ්පාදනය කල සඳැල්ල වැඩ සටහන නිසයි.කවුරු කොහොම කීවත් හෙලේනා ගීතය මකා දමීමට නියෝග නොදී තමාම එය විමසා බලා හෙලේනා ගීතය ජීවත් කරවීම පිළිබඳ එවක ගු,විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් රිජ්වේ තිලාරත්න මහතාට මගේ ඉහලම ගෞරවය හිමි වෙනවා.."

      ගම්මානේ උපන් ගීත- රෝහන බැද්දගේ/ 69 පිටුව

      Delete
    2. ස්තුතියි පත්තර මල්ලි. ඉතිං ඊට පස්සෙත් ඒවගේ පර්යේෂන ගී බිහිවුනාද? නැති නම් ඒක විතරද? අර හුලවාලි එකේ ගෝනා පිටේ යමු දෙන්නා කියන වැදි ගීයත් ඒ genre එකේද?

      Delete
    3. සඳ සාවී මා...
      සඳ මඩලේ පාළුවේ මෙදා...
      බඹර ගලින් රූටාලා..
      සඳ නිවුනිද කියපන් මයෙ මලයා.....
      සඳ නිවුනිද කියපන් මයෙ මලයා.....

      ඩූඩ් අයියෙ.. බඹර කපන්නනෙකුගෙ බිරිඳගේ කෝණයෙන් ලියවුන ලයනල් රංවල සංගීතවත් කරපු මේ ගීයත් ඒ කැටගරියෙ පර්‍යේෂණ ගීයක් නේද.මට ඒ ගැන කියන්න තරං ලොකූ දැනුමක් නෑ බං. නලියලා තිස්ස අයියලා හැලපයියලා සිංදුවලානං හරියටම දන්නවා ඇති..රංවල මහත්තයත් , මකුලොලුව මහත්තයත් මේ ජාතියෙ පර්‍යේෂණ කලා නේ ??

      Delete
    4. දැන් උඹ මාව සිංහල සංගීතය ගැන ඉහල දැනුමක් තියෙන කෙනෙක් හැටියට වරදවා තේරුම් ගන්නවා එහෙම නෙවෙයි. අර යාන්තම් ෂේප් වෙන්න පුලුවන් දැනුමක් තියෙන්නේ. ඇත්තෙන්ම මම දන්න දෙයක් නැතිම තරම්. :D

      Delete
    5. පත්තරයා උඔගේ දැනුමට රෙෂ්පට්...

      Delete
    6. ඇයි මං ඩූඩයියෙ ?:D උපං ගෙයි මෝඩයා වෙච්චි. හැක් ඕං ක්‍රෑන්ක් ෂාෆ්ට් එකක් රොකර් ආම් එකක් ගැන වගේ නං මං එක පයින් සුරුස් ගාල . ඕයේස්
      මෙන්ඩෝ . ඒක නෙවැ ඔය ඉවානයල වාගෙද මං :D

      Delete
    7. පත්තරේ සමන් පනාපිටිය ඇතුලු කන්ඩායම කියන හීතල වන්නියේ කියන සින්දුවත් ඔය ගනයට වැටෙන එකක් මගෙහිතේ. අලුත් එකක්. අහලා බලන්න.

      https://www.youtube.com/watch?v=oXdhVPerKSc

      Delete
    8. මචෝ අහලම නෑ ඒක. පට්ට සිංදුවනෙ බං.. අර සකිය සගව්වට රෝදය කැරකෙනවා සිංදුවෙ මියුසික් වලට ළඟින් යනවා නේ කසුවො ??

      Delete
    9. හප්පට සිරි, උඹ ක්‍රෑන්ක් ෂාෆ්ට්,රොකර් ආර්ම් ගැන උනන්දු එකෙක්ද? මමත් එහෙමනේ. මම කොන්දේසි විරහිතව එන්ජින්වලට ආදරෙයි. ඒ කියන්නේ අර රේඩියේටර් මූඩියෙන් රිංගලා සයිලන්සර් එකෙන් එලියට එන්න පුලුවන් පොරක්ද උඹ? හැබැයි පත්තර මල්ලි එහෙම එන්න නම් ගෑස්කට් ගිහින් තියෙන්න ඕනෙ නැද්ද? අනික ක්ලච් ගියර්බොක්ස් ඩිෆරෙන්ෂල් ඔක්කොම මග ඇරෙනවනේ එතකොට.

      Delete
    10. හැක් හැක්.. ඇංජිමක් යකඩ ගොඩක් බදාගෙන ඉන්න තියනව තරං සැපක් මේ ලෝකෙ කොයින්ද ඩූඩ් අයියා..මහා ලොකු දැනුමක් නෑ එහෙන් මෙහෙන් අහුලගත්ත ටිකක් තමා දන්නෙ :D මේ දවස් වල ට්‍රයි එක තියන වන්ඩිය දීලා වෙන එකක් ගේන්න..

      Delete
    11. මමත් එහමම තමයි...
      රේඩියෙටරේට ඔයිල් දාපු
      බ්‍රෙක් එක වෙනුවට ක්ලච් එක පාගෙන එකා

      Delete
    12. හුටා , දැන් මම මොකටද බන් උත්තර දෙන්නේ ? ඩුඩ් අය්යේ නියමයි .මේ ගැන වෙනම පොස්ටුවකින් කතාකරමුද ? පත්තරේ නියමයි මචෝ .උඹේ ඩියුටිය හොඳට කරලා තියනවා .
      (මාව අමාරුවේ වැටෙනවා තව පොඩ්ඩෙන් ...) යකෝ එන්ජින් ගැනනම් මතක් කරන්න එපා ...

      Delete
    13. හරි සින්දු කතා කරමු. මා ලඟත් තියෙනවා ඔය වගේ පර්‍යේෂන ගොඩට වැටෙන සින්දු එකතුවක්ම. පෝස්ට් දාන්න කලින් කියහං මං ඔක්කොම සෙට් කරගෙන එන්නම්. දෙන්නම් ඇඬෙන්න ම.

      Delete
    14. කසුන් අපි මේවගේ දෙයක් කතා කරමු .හැමෝටම ප්‍රයෝජනයක් තියන දෙයක් ...

      දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
      යායට එළලූ පුන් කුසුමන් සේ බැබලෙයි
      ගී රස කණ ලූ වන් සැනකින් මන් පිණවයි
      ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි
      දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
      යායට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි

      උදයට පේළිය සැදිලා
      එන සැටී රූබර අඟනෝ
      කර වට ගෝමර මල් පිපිලා
      ලැම පිට පවලන් පළඳා
      බඳේ වැටෙන හිරු තාපය නොදැනෙයි
      ළඳේ නුඹට තුරු සෙවනැලි හුරු නැත

      හිස වට සේලය දවටාලා
      ඉණ වට ඔසරිය ඇඳලා
      කුඹුරට සීරුවේ බැසලා
      තරගෙට සීපද රැව් දීලා
      අගේ වඩන රුසිරෙන් සැදි නෙළුමට
      රඟේ බලන් සැරසෙන සැටි කදිමට

      ගායනය - නීලා වික්‍රමසිංහ
      සංගීතය, ගී පද - සී. ද එස්. කුලතිලක
      (ගුවන් විදුලියේ සංගීත පර්යේෂණ අංශය වෙනුවෙන් රචනා කරලා සංගීතය සැපයුවේ සී ද එස් කුලතිලක මහතායි)

      Delete
  8. Replies
    1. This comment has been removed by the author.

      Delete
  9. මගෙ හිරු මියෙන ලෙසේ
    ඹබෙ හිරු පිබිදෙනවා
    නෙතු පිය වෙන්න කලින්
    එනවද මගෙ පුතුනේ

    මට ළමා නිවාස වැඩි හිටි නිවාස බන්ධනාගාර පුනරැත්තාපන මධ්‍යස්ථාන වාගේ ස්ථාන සමිබන්ධයෙන් ගොඩක් අත්දැකීමි තිබෙනවා.ගොඩක් දෙනෙක් නොදැක්ක බොහෝ සංවෙදි දේවල් මම ඒ තැන් වලදි දැක්කා.මගේ ලිපි පෙල තුලින් ඒ තොරතුරැත් ඉදිරියේදි ලියන්න බලාපොරොත්තු වෙනවා.
    දවසක් වැඩිහිටි නිවාසයකදි හරියට ඇස් දෙකවත් පේන්නේ නැති අවුරැදු අනුවක් විතර වුන තාත්තා කෙනෙක් වැඩිහිටි නිවාසෙට එන සෑම වහනයක් දිහාම උනන්දුවෙන් බලනවා.ඉන් පස්සේ බරට හුස්මක් ගන්නවා බලාපොරොත්තු බිදිලා ගියාම බරට ගන්න හුස්මක්.ඒ තාත්තගේ දරැවෝ ඔහුව මෙ වැඩිහිටි නිවාසයට ගෙනත් දාලා වසරකටත් වැඩියි.ගෙදර හිටපු තාත්තා දරැවෝ එකතු වෙලා වහනයක දාගෙන ඇවිත් නිවාසෙට දාලා ගියා කියලවත් ඒ අසරණ තාත්තා දන්නේ නැ.ඔහුට කිවෙ පවුලේ අය එක්ක ගමනක් යන්න සූදානමි වෙන්න කියලා.තාත්තා නිවාසෙට දාපු දරැවෝ වහනෙ හරවගෙන ආපහු ගියාම තාත්තා හිතුවෙ ඉක්මනට එන්න යනවා කියලා.එදා ඉදලා දරැවෝ එනකමි ඒ තාත්තා මග බලාගෙන ඉන්නවා.වහනයක් එන ගානේ එබිලා බලාගෙන ඉන්නවා.ඒ හිතේ හිරකරගෙන ඉන්න වෙදනාව ඔය උඩ අමරදේව මාස්ටර්ගේ සිංදුවෙ වචන ටිකේ තියනවා.මට ඒ වචන ටිකත් එක්ක මතක් වුනේ ඒදා මට මුන ගැහුන ඒ තාත්තාව

    ReplyDelete
    Replies
    1. මනෝ මන්දිර , මේ ගැන හැමෝම කතාවෙනවා විතරයි .එත් හැමෝම ලෝකෙට පේන්න දේවල් කරනවා විතරයි .....අපිත් හැම අවුරුද්දකම වැඩිහිටි නිවාසෙකට දානයක් දෙනවා ..ඒ මිනිස්සු එක්ක කතා කරන කොට කවදාවත් එයාලගේ ළමයෙකුට බනින්නේ නැ ..වැඩ ඇති කියලා ශේප් වෙනවා ...

      Delete
    2. අපිට සමහර තැන් වලදි ලොකු දේවල් කරන්න බැ ඇනෝ.ඒත් අපිට කරන්න පුලුවන් තරමෙ සමහර දේවල තියෙනවා.අපි අපිට පුලුවන් මටිටමෙන් හරි යමක් කලාම ඒක් හිතට ලොකු සතුටක්.මමනමි ඒ තැන්වලට යන්නේ දාන වලට නෙවෙයි.මම එවැනි තැන් වලට සමිබන්ධ වෙලා නිතර යනවා.ඒ දවස් වල කෝටිටෙ ලමා නිවාසයකට මම නිතරම ගියා.එතැන පාලනය කරන පිරිස මම හොදින් අදුනන නිසා එහෙම යන්න එන්න පුලුවන් උනා.අමිමා තාත්තා කවදාවත් දැකලා නැති පුංචි දරැවෙක් එයාගේ උපන් දිනයට මොනවද අරගෙන දෙන්නේ කියලා මගෙන් අහුවා.මොනවද ඔන කියලා ඇහුවම කවකටු පෙටිටියක් කීවා.ඒක අරගෙන දුන්නම ඒ පුංචි මූනේ ලොකු සතුටක් ඇති වුනා.ඒයාට කවකටු පෙටිටියටත් වඩා ඔන උනේ ඒයාගේ උපන්දිනයට තෑග්ගක් අරගෙන දෙන්න කෙනෙක්.කලාතුරකින් යනවා වගේ නෙවෙයි ඇනො නිතරම එයාලා එක්ක ඉන්න එක.එහෙම ඉන්නකොට අපිත් එයාලගේ ජීවිතේම කොටසක් වෙනාව.ඔමා ඔය ගැන හොදටම දන්න කෙනෙක් වැඩිහිටියෝ වෙනුවෙන්ම කැප වෙලා ඉන්න රැකියාවක් කරන නිසා.

      Delete
    3. ඔබ ගැන ආඩම්බරයි සහෝ ....

      ජයවේවා !!!!

      Delete
  10. "හෙවණැලි මියයන හැන්දෑවේ
    ඉර උඩ ඉඳගෙන ඈත බලා ඉන්නේ "...

    ඔන්න ඕක මම කැමතිම ගීතයක් සින්දුවෝ...

    ReplyDelete
  11. ගොඩක් සින්දු වල වචන කියවන්න පටන් ගත්තේ ඔයා නිසා,,, ස්තුතී

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඕමා ...කාටද ආඩම්බර හැක් ..

      Delete
  12. අපිට අමතක වුණේ අපේකම සින්දුවෝ. අපි බොරුවට පිටින් තවරාගෙන ඉන්න දේවල් බොහොමයි. දාගෙන ඉන්න හැව වල් බොහොමයි. රඟපාන බොරු චරිත බොහොමයි. පිටට පෙන්නන සෝබන බොහොමයි.

    නමුත් ඇත්තටම අපි බැද්දේ රීපු, ඇලෙන් පුක හෝදපු, කොසුයි, කරවලයි, කිරිහොදියි කපු, සෙරෙප්පු දෙකක්වත් නැතුව පයින් ඉස්කෝලේ ගිය, අම්මගේ තාත්තගේ පිහිටෙන් සමාජයට ආව ගැමියෝ.

    ReplyDelete
    Replies
    1. //නමුත් ඇත්තටම අපි බැද්දේ රීපු, ඇලෙන් පුක හෝදපු, කොසුයි, කරවලයි, කිරිහොදියි කපු, සෙරෙප්පු දෙකක්වත් නැතුව පයින් ඉස්කෝලේ ගිය, අම්මගේ තාත්තගේ පිහිටෙන් සමාජයට ආව ගැමියෝ.//

      ආයි මක්කද සෑර් ඇලේ බැහැල මාලු අල්ලපු ,පිං ළිඳේ පැනල නාපු ,ගොරොක් මද කාපු හද්ද පට්ට ගොඩයෝ නේන්නං අපි.බොක්කෙන්ම රෙෂ්පට් !!!!

      Delete
    2. ඒ වුනාට අපේ සමහර එවුන්ට ඒක මතක නෑ...කොළඔ කුරැදුවත්තෙ ඉපදුනා කියලා කියන්නෙ..(මම කියන්නෙ මේ අපේ ඔෆිස් එකේ එකෙක්)

      සරම කර වටක් අරගෙන වෙලේ රීපූ එවුන් හුංගෝ අදුරන්නෙ නෑලු..

      Delete
    3. අනේ … &%$ තමා :D
      ඊයෙ යාලුවෙක්ගෙ වයිෆ් මගෙන් අහනවා කැටපෝලෙ කියන්නෙ මොකද්ද කියලා. මං කීව තොපි ඇටිකිච්චො කාලෙ බොරලු කැට තියලා ලේන්නුන්ට විදපු හත්තිලව්වට තමයි කැටපෝලෙ කියන්නෙ කියලා .හැක් .අරූට මැරෙන්න හිනා

      Delete
    4. මේකට උත්තරේ මේක ...

      කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
      මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ

      වෙල්යායේ දොල පාරේ නිල්වන් ජලාසේ
      ගං තීරේ ගුරුපාරේ සිරි දෙව් සිනාසේ

      ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
      සංකේත වු වාසනාවේ ගම්මානේ

      කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
      මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ

      අල හේනේ රැක් සෙවනේ ගෙපැලේ විහාරේ
      පුජාවේ බෙරනාදේ ගැමි ගීත රාවේ

      මා පුංචි කාලේ ලැබු ආ‍දරේ සුන්දරත්වේ
      යයිදො නවොදෙන් මැකීලා ගම්මානේ

      කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
      මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ

      ගායනය : රෝහණ බැද්දගේ

      Delete
    5. "පොල් කට්ටට වතුර අරන්
      මුන හෝදලා විගහට
      හීල් බත්මිටෙන් සෑහි කහට උගුර බී හනිකට.....
      පස්ස ඉරුණ කලිසම ඇඳ අකුරුකරන්නට යන විට..
      මල් නොපිපුණු බව සැබෑය ..
      මගේ පුංචි පා සිඹින්න.."

      ගායනය - රන්ජන් ජයතිලක

      https://www.youtube.com/watch?v=h5MYf3s1x6w

      Delete
  13. ඔමා උඔව කුලප්පු කරලා මේ පොස්ට් එක ලියන්න කිව්වා නේද?
    මම පහුගිය සතියේම අම්මා එක්ක තරහා වෙලා හිටියේ..මේ සතිඅන්තේ ගෙදර යනවා අම්මා බලන්න

    ReplyDelete
    Replies
    1. අනේ නැ මචෝ ...අර උඩම තියන වීඩියෝ එකයි මට කිව්වේ ....
      පලයන් පලයන් .....
      ජයවේවා !!!

      Delete
  14. රෑ වෙලා එන්නං සින්දුවෝ. මේක රස විඳින්න ඕනි නිවාඩු පාඩුව. මට ඉඩ තියහං ඈ....

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන් බුලත් විටක් එහෙම කාලා පොඩි කයියක් ගහලා යමු ...හැක්

      Delete
    2. විට කනවා තමයි. හදවත බර වෙනවා බං මේවා දැකලා. දැන් දැන් දෙමාපියන්ගේ සිතුවිලි පෙන්වන වීඩියෝ වැඩිපුර මුදාහැරෙනවා විශේෂයෙන් පෙරදිග රටවල් වලින්. ඒවා බලන්න බෑ ඇත්තටම.
      උඹේ මේ තීම් ස්ටයිල් එකත් හොඳ වෙනසක්! ස්තූතියි. පුංචි බාලිකාවට පෙන්නන්න ඕනි.

      Delete
    3. ස්තුතියි මචෝ ...මමත් මේ වගේ ඒවා බලනකොට ගොඩක් සංවේදී වෙනවා මචෝ ..

      (//විට කනවා තමයි// අපේ රැහේ අපේ එවුන්...හැක් )

      Delete
  15. සින්දුවෝ................. උඹගේ තේරීම නම් සුපිරියි... ජයවේවා.... අැත්තට ම හිතට වැදුන සින්දු ටිකක්

    ReplyDelete
    Replies
    1. ඔබේ සැප මගේ සතුටයි !!!!
      ජයවේවා !!

      Delete
  16. අනේ මන්දා මචෝ. අපි ඇත්තටම අම්මල තාත්තලා ගැන හිතනවා මදි වගේ දැනෙනවා බං.

    අපි කොච්චර මොක කලත් එ දෙන්නට ටියෙන ණය කොටසක්වත් ගෙවෙයි කියලා මම නම් හිතන්නෑ.

    මෙතනින් ගොඩක්ම හිතට වැදුන මම ආසම සිංදුව //සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ//

    ReplyDelete
    Replies
    1. මෙන්න හොරෙක් :D අල්ලපියව් ……

      Delete
    2. //අපි කොච්චර මොක කලත් එ දෙන්නට ටියෙන ණය කොටසක්වත් ගෙවෙයි කියලා මම නම් හිතන්නෑ.// +++++++++++++++++++++++++++
      අනිවා ප්‍රියා එකනම් පට්ට ඇත්ත මචෝ ...

      @පත්තරේ මේකා දැන් බොලොග් වලට එන්නෙත් හොරෙන් බන් ...

      Delete
  17. උඹේ පොස්ට් එක තුන් හතර වහ්ටවක් කියෙව්වට කමෙන්ට් එකක් දැන් හිත හදාගත්තේ දැන්. උඹ අමුතුම ආකාරයකට අපිව අඬවනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන් ..මම මෙච්චර හිතුවේ නැ .අර වීඩියෝ එක දැක්කම මතක් උන සින්වක් දෙකක් දාන්න හිතුනා ...කොහොමත් මේ මාතෘකාව ගෙදරින් පිට ඉන්න අපි හැමෝටම දැනෙනවා වැඩයි බන් ..

      Delete
  18. සෙක්කු ගෙදර සිංදුව මේ ඊ‍යේ පෙරෙදාත් ඇහුවා.. හ්ම්ම්, මොනවා කියන්නද කියල හිතා ගන්න බෑ.. අපි කොහේ හරි කොනක තනි වෙලා වගේ දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. අපි කොහේ හරි කොනක තනි වෙලා වගේ දැනෙනවා.//
      +++++++++++++++
      මේක තමයි ඇත්ත දිනේෂ් ...සමහර වෙලාවට අපේ ළමයින්ට හොඳට උන්ගවන්න ඕනි කියලා ගම ,මහගෙදර අතැරලා නගරෙට එනවා ...එත් අපිට ඇත හැරුණු ගොඩක් දේවල් තියනවා කියලා තේරෙන්නේ ගොඩක් කල් ගියාම ...

      ස්තුතියි මචෝ ..

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. සිංදු ඇනෝ.... මේ වගේ සින්දුවක් තියෙනව ද?
    (හරියටම මතක නෑ)
    තරු කඩා හැළෙන මේ රාත්‍රියේ
    කළුවරයි මගේ මුළු ජීවිතේ.....


    ඔබ හා වෙළී ප්‍රිය සාදයක දී
    රැය මන් මත් වෙලා අඳුරේ ඇතී
    ඔබ හා එහි දී මිමිණූ පෙම් කතා
    මගෙ හද මන්දිරේ ඇත තව ලියැවිලා
    අපි අඳුරට වෙලා මැව් පෙම් කල්පනා
    .......
    මට රිදවන්නෙපා මේ රාත්‍රියේ....

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න අමිල එන්න පරක්කු උනා .මචෝ මේ සින්දුව කියන්නේ කවුද ? අලුත් පරපුරේ එකක් නම් වැඩිය මීටර් වෙලා නැ ..බලමු මේක හොයලා දෙන්න ..
      ජයවේවා !!!

      Delete
  21. උඩ ඉඳල පහලට කියෝගෙන එනකොට මේ සින්දු මොන කැටගරියට දාන්නද කියල හිතා ගන්න බැරි තරම්..

    තාත්ත කෙනෙක් තමන්ගේ දුප්පත්කම නිසා දිග දී ගන්න බැරිඋනු දුවෙක් ගැන කියන මේ සින්දුව මට මතක් උනා උඩම සින්දුවා දාපු දෙක තුනත් එක්ක..

    ලෙලි තලන නුබේ අතට රන් මුදුව ගොරහැඩිද දෝණි..
    සෙනසුරුට පෙම් බඳින දෝණි..//

    ලෙලි දමන පල් වතුර පොකුණේ..
    රන් පියුම නැතිද තව පිපුණේ..
    තලාපන් දෝණියේ ඉඟි මරණ කුරිරුකම්..
    සෙනසුරා හැර දුවයි අපලේ..

    නෙලූ රන් කෙඳි අතුල යහනේ..
    ප්‍රේමයේ ඇට සැකිලි සැතපේ..
    මනමාල කම් කරන නිවට දුප්පත් කුමරු..
    බින්න බැහැලා වගෙයි ගෙපැලේ..

    දන්නවනේ කවුද කියන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය සහ ගායනය - ගුණදාස කපුගේ...............
      මේ වාගේ තව කොච්චර සින්දු ඇතිද මචෝ ...හොයලා දාන්න ඕන .
      ස්තුතියි මචෝ ..

      Delete
  22. ඉතාමත් අගෙයි සිංදු

    ReplyDelete
  23. එපා වෙනව..... තවම නෑ reply. අනෙක් blogවල comment දදා යනව.... මේකට no reply.... හියූ...........යූ........... අහුවෙන්නෙපා......හරී........:-P

    ReplyDelete
    Replies
    1. අනේ මචෝ මට අමතක වුනා මට බෝලොගක් තියනවා කියලා ..හැක්
      උඹේ සින්දුව හොයලා දෙන්නම් ..

      Delete
    2. ඒක මට ඇහුනෙ පරණ කැසට් පීස් එකකින්. අපිම රෙකෝඩ් කරපු එකක්. මට දැං ඒක හොයා ගන්න බෑ. හිතෙන විදිහට නන්දා මාලනීගෙ. දන්නෙ නෑ හරියට ම. . . මේ... හදිසි අවශ්‍යතා සඳහා contact කර ගන්න ක්‍රමයක් එහෙම නැතෙයි?

      Delete