Thursday, October 1, 2015

"විසකුරු රළු මිනිස්සුන් මග හිඳිවී බිළින්දෝ"

අද ඔක්තෝබර් පළමුවැනිදා..ළමා දිනයලු.....
(ළමා ගීත සෙට් එකක් දාන්න හදලත් මේ වෙන දේවල් වලට මොන සින්දුද කියලා හිතුනා )

“මගේ රත්තරන් දුවේ පුතේ….
ඔයා මිනිස් ලොව උපන්නේ වැරදි තැනක මයෙ දුවේ පුතේ….
මේ ලෝකෙ සිරියාවන්ත නෑ දුවේ පුතේ,කියන තරම් ලස්සන නෑ දුවේ පුතේ…"


-----------------------------------------------------------

සිඟිති මා බිළින්දෝ
මොටද මල් පිය පොඩි ඔසවන්නේ
ටිකිරි මා බිළින්දෝ
මිනිස් ලොව දොරටුව වෙත යන්නයි
කැකුළු පිනි විසිරුණු අරුණලු පියැවිල්ලේ
අසනු මා බිළින්දෝ
නිසල දිය ඇති තැන වෙයි ගැඹුරූ
සිතනු මා බිළින්දෝ
මලක නටු අතරෙද විස කටු තියෙයි
රුසිරු හිම කඳුවැටි අතරෙ ද ගිනි කඳු තියේ
කිරි පැණි හඳ හාමි ලා
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
අවිහිංසක හා පැටව් ඒ ලෝකෙ නෑ බිළින්දෝ
පිරිසිදු සිත් සැහැල්ලූ සොයනු බෑ
විසකුරු රළු මිනිස්සුන් මග හිඳීවී බිළින්දෝ...
කැකුළු මා බිළින්දෝ
කුමට දත් විදහා හිනැහෙන්නේ
ටිකිරි මා බිළින්දෝ
මිනිස් ලොව විසිතුරු දැකගන්න යි
කැකුළු පිනි විසිරුණු අරුණලු පියැවිල්ලේ
රතුකැට අත ඇති තුරා
වටවේවි බෝ බිළින්දෝ
හිත මිතුරන් නුඹ වටා
හැමදාම නෑ බිළින්දෝ
කඳුළෙදි දුක ඉහිල්ලූ යහළුවෝ
වැලපෙන තැන හිනැස්සු
අය හිඳින්නේ බිළින්දෝ
කිරි පැණි හඳ හාමි ලා
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
අවිහිංසක හා පැටව්
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
පිරිසිදු සිත් සැහැල්ලූ
සොයනු බෑ
විසකුරු රළු මිනිස්සුන්
මග හිඳිවී බිළින්දෝ
කිරි පැණි හඳ හාමි ලා
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
අවිහිංසක හා පැටව්
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
රතුකැට අත ඇතිතුරා
වටවේවි බෝ බිළින්දෝ
හිත මිතුරන් නුඹ වටා
හැමදාම නෑ බිළින්දෝ...


පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : සරත් ද අල්විස්
ගායනය : සුජාතා අත්තනායක



63 comments:

  1. කියල වැඩක් නැහැ බං දරුවන්ට වෙන දේවල් දවස ගානෙ .....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කෙන්ජි අය්යේ මේ මොනා වෙනවද කියලා .අම්මා තාත්තා වත් විස්වාස කරන්න බැරි සමාජයක් මේ හැදෙන්නේ ....

      Delete
  2. මං අද උදේ මීටින් එකේදිත් අපේ උන්ට කියුවේ මේකමයි.. එක දවසක් නෙවෙයි දවස් තුන්සිය හැටපස් දවසම ළමයින්ගේ.. ළමයින්ගේ ලෝකයෙන් ඉල්ලා ගත්ත පොඩි ඉඩක තමයි අපි ජිවිත හසුරුවා ගන්න ඕනි.. එත් වෙන්නේ එකේ අනිත් පැත්ත.. අනිච්චේ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් දෙමාපියෝ අවුරුද්ද පුරාම මහන්සි වෙන්නේ දරුවන්ගේ අනාගතේ සාර්ථක කරන්න ...මේ එක එක දවස් නම් කරලා ඒවා සමරන්නේ මොකටද කියලා මට තේරෙන්නේ නැ බන් ,,,

      Delete
  3. මේ ලෝකෙ ලස්සන නෑ තමයි සින්දු. ස්වභාවධර්මයාට වැරදුනු එකම තැන තමයි මනුස්සයා කියන සතා හදපු එක. සමහර පර්යේෂකයො කියන විදිහට මනුස්සයා කියන්නෙ මේ ලෝකෙට පිටින් ආපු කාගෙ හරි පරීක්ෂණයක් විදිහට හැදුනු සත්තු ජාතියක් වෙන්න ඇති කියන එක ඇත්ත වෙන්න ඕනෙ. මොකද හැම දේම හරියට හදපු ස්වභාවධර්මෙට මෙච්චර වරදින්න විදිහක් නෑ.

    ReplyDelete
    Replies
    1. //මනුස්සයා කියන්නෙ මේ ලෝකෙට පිටින් ආපු කාගෙ හරි පරීක්ෂණයක් විදිහට හැදුනු සත්තු ජාතියක් වෙන්න ඇති// +++++++++++++
      මෙන්න මේකනම් ඇත්ත වෙන්න ඇති මචන් ."හැමදේම අයිති මනුස්සයාට" වාගේ තමයි ජිවත් වෙන්නේ ..

      Delete
  4. මේ තමයි ප්‍රේමකීර්තිගේ තුන්කල් දැක්ම . එදා ප්‍රේමකීර්ති අදහස් කරපු දේ අද සමාජයේ සාමන්‍ය දෙයක් වෙන තරමට සුලබ වෙලා .කොහොම වුනත් මේ සියල්ල "සිංදු ඇනෝ ගෙන් පමණයි "

    ReplyDelete
    Replies
    1. මාතගේ වචනෙන් කියනවානම් "විශ්ම කර්මයෝ "
      ස්තුතියි ඉවාන්

      Delete
  5. උගුරත් හිරවෙලා ගියා සිංදු. ඕවා ගැන කතාකරන්නවත් හිතෙන්නේ නෑ. ඒත් කතා නොකරත් බෑ.

    ReplyDelete
    Replies
    1. මම මේ ලඟදි යාලුවෙක්ට කතා කරලත් කිවේ පොඩි එවුන් පරිස්සන් කරපන් හැමදේටම කලින් කියලා .
      ස්තුතියි දිලිණි

      Delete
  6. සුභ ළමා දිනයක්.. අද ජාත්‍යන්තර ළමා දිනය නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලේක්චරයෝ ...නිවැරදි කරන්නම්

      Delete
  7. දවස ගානේ දරැවෝ එකිනෙකා බිලිවෙනවා වැඩිහිටියන්ට.දරැවන්ට අත්වැලක් විය යුතු ආරක්ෂාව සැපයිය යුතු වැඩිහිටියෝම දරැවන්ගේ ලෝකය විනාශ කරනවා...

    ReplyDelete
    Replies
    1. මේකේ වරද කොතැනද ? හැමෝම පැලැස්තර විසදුම් හොයනවා මිසක් ස්ථිර විසදුමක් නැ ..


      Delete
  8. වියලී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුණේ
    වැහැරී ගිය උකුලේ නැත සුව යහනක් සැදුනේ
    කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ
    හිරු ගිලිහෙන මොහොතක නුඹ මඟ අයිනක රැඳුනේ

    උපන් බිමට නුඹ වැඩිවා මිසක දුවේ
    වැදූ මවට නුඹ වැඩියක් වේද දුවේ
    දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ
    නැවු නැඟිලා දුරු රටකට යන්න දුවේ

    පෙර කල මහ පිං මහිමෙනි මේ දෙස උපදින්නේ
    ඉපදෙනු මිස රැඳෙනා පින ඇයි නුඹ සතු නොවුනේ
    දරුවන් ඇස කඳුලින් ළය උණුවන මිනිසුන්ගේ
    සරණින් ලොව කොතනක වුව සැනහෙන් දියණියනේ

    මතුයම් දිනක සිතිවිල්ලෙන් සිටින සඳ
    දෑතක පහස සිහිනෙක මෙන් දැනේවිද
    සිතියම් පොතින් ලොව විමසා බලන සඳ
    කඳුලක හැඩය මහ සයුරේ දකීවිද"


    පද රචනය - දයාසේන ගුණසිංහ
    සංගීතය - ගුණදාස කපුගේ
    ගායනය - ගුණදාස කපුගේ / මාලනී බුලත්සිංහල

    ReplyDelete
  9. මොන විහිලුවක්ද මේ දිනය...
    http://masandumal.blogspot.com/2014/05/blog-post_23.html?m=1

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මනෝ ...අපි කොහොමත් පිටින් එන දේවල් ඔලුව උඩ තියලා පිළිගන්න දස්සයිනෙ ...

      වීදි කොනේ මාවත අද්දර
      අඬනා කිරිදරුවෝ
      කවදා හෝ නුඹ වියපත් වූදා
      පියා කොහේදැයි මවගෙන් අසනු එපා..
      මමත් පියකි පුත නුඹ වැනි දරුවකුගේ
      මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ
      බලා ඉඳිමි මම නුඹ නලවන්නට
      පොඩි හිස අතගා සුරතල් පුතේ කියා..
      වීදි කොනේ...
      පියෙක් ඉඳියි පුත නුඹටත් කොතැනක හෝ
      පිනක් නැතිද ඒ සෙවනේ ඉන්න අහෝ
      සිනාසියන් පුත කිරිදත් පෙන්නා
      මා අමතන විට සුරතල් පුතේ කියා..
      වීදි කොනේ...

      - මිල්ටන් මල්ලවාරච්චි

      Delete
  10. දිනයක් කුමට ළමයින්ට. සැමදාම උන්ගේය වැඩිහිටියන් නැතිනම්.

    ReplyDelete
    Replies
    1. ඒයි අන්න බං උඹේ කොන්ක්‍රිට් බාසාගේ පින්තුරයක් මේ බ්ලොග් එකෙත් දකුණු පැත්තේ දාලා.. හැක්

      Delete
    2. ඔය යකා ඉතිං යන යන තැන අනනවනෙ.

      Delete
    3. @ප්‍රසා , එකනම් ඇත්ත .අපි විඳපු ළමා කාලය ගැන කතා කර කර ඉන්නවා .දැන් ඉන්න ළමයින්ට ළමා කාලයක් නැති කරලා ....

      Delete
    4. @දේශෝ , එතකොට ප්‍රසා කියන්නෙත් උඹමද ?
      යකෝ මේක අර බිත්තර දෙකේ කතාව වගේ නේ ...

      Delete
  11. //පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස් //

    අහිංසක මනුස්සයා මරාගත්ත හඩ්ඩාට ශාප වේවා !!!!!!!
    අපායටම පළ කාලකන්නියා ……

    ReplyDelete
    Replies
    1. ඇත්ත ප්‍රේමකීර්ති කියන්නෙ රටක් වටින මනුස්සයෙක්

      Delete
    2. එකඟයි....

      හඩ්ඩ වගේ උංට ද එතකොට මේ ලෝකෙ අයිති? ප්‍රේමකීර්ති වගේ උංට නෙවෙයි?

      Delete
    3. "කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
      ‍කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්"

      Delete
  12. අපි අහපු නැති දෙයක් දෙනවනං සින්දු උඹ විතරයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපේ අය්යේ ....මම හිතුවේ මේවා අහලා නැත්තේ මේ දැන් ඉන්න කොල්ලෝ ,කෙල්ලෝ විතරයි කියලා ...

      Delete
  13. උඔ නියම තැනදි නියම දේ දෙන මිනිහා..
    උඔගේ මේ සටහන අපේ දරැ පැටවුන් වෙනුවෙන්..

    ReplyDelete
    Replies
    1. එලද බ්‍රා මචෝ ...හැමදේම දරුවන්ට කිව්වට දැන් යන විදිහට හැමදේම දරුවන්ගෙන් වගේ තමයි මුන් හිතන්නේ ...

      Delete
  14. ජීවිතේට අහපු නැති සිංදුවක් සිංදුවො.

    හොදම දේ ළමයින්ටයි කිවුවට අද හැටියට නම් නරකම දේ තමා ළමයිට ඉතුරු වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ජයවේවා ප්‍රියෝ ....
      //හොදම දේ ළමයින්ටයි කිවුවට අද හැටියට නම් නරකම දේ තමා ළමයිට ඉතුරු වෙන්නෙ.//
      මේක තමයි තිත්ත ඇත්ත .හැමෝම දරුවා ඉපදුන දවසේ ඉඳලා සබන් .පුයර ඇඩ් වලට විකුනලා මාර්කට් කරනවා .එක එක තරු වැඩසටහන් තියලා කොළු තාත්තලා බිහිකරනවා ...උන්ට ලෝකේ ගැන කියලා දෙන්න කවුරුත් නැ ....

      Delete
  15. බැංකුයි, දත් බේත් කාරයොයි ප්‍රාදේශීය දේශපාළුවොයි අද ළමයින්ව විකුනං කන දවස.
    සිංදුව අහලම තිබුනෙ නෑ සිංදුවො, තැන්කූ මම මේක FB එකේ දානව සිංදුවො.

    ReplyDelete
    Replies
    1. උඹත් එක්ක සියට දෙසීයක් එකඟයි මචෝ ....මෙන්න මේක තමයි මේ දිනයක් දාගෙන කරන්නේ .
      සින්දුව ඕනි තැනක දාපන් මචෝ .අඩු තරමේ තව එකෙක් හරි මේක අහනවානේ .. උඹලත් ඉස්සලාම අහනවානම් තව කීදෙනෙක් මේක අහලා නැතිව ඇතිද ?

      Delete
  16. මේ සිංදුවෙ තනුව abba කියන fernando සිංදුව නෙ. මං අදමයි ඇහුවෙ. මාර සිංදුවක්. ඉස්තූතියි සිංදූර්...

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ මේක abba ලාගේ තනුවක් .....
      මෙන්න ඒක ..
      https://www.youtube.com/watch?v=Xv_-6XQyIq0

      Delete
  17. නියමයි සින්දු ඇනෝ. නුඹේ ගබඩාවේ අවශ්‍ය වෙලාවට නියම එක තියනවා හැම මොහොතෙම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අය්යේ ....
      අයෙත් බොලොග් වල දකින එක පුදුම සතුටක් ..
      ජයවේවා !!

      Delete
  18. කාලීනයි උචිතයි සින්දුවෝ....
    ජයවේවා!

    ReplyDelete
  19. අදමයි ඇහුවෙ...... නියමයි.........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආර්යන් ..
      ජයවේවා !!!

      Delete
  20. හැමදාම වගේ .....නියමයි

    ReplyDelete
  21. මේ සිදුවීම් ගැන ගීතයෙන් මග පෙන්නපු පෝස්ටුවක්... අගෙයි සින්දු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුට්ටෝ ....
      සමාවෙයන් මට ගොඩ දවසකින් උඹලා දිහා ඇවිත් කොමෙන්ට් එකක්වත් දාන්න බැරි උනා .මේ දවස් වල පොඩ්ඩක් පර්සනල් වැඩ වැඩියි .ඔෆීෂියල් වැඩ කරන්න කාලයක් නැ ...හැක්

      Delete
  22. සින්දුව නම් අදමයි බන් ඇහුවේ...

    එමිනම් ගේ TOY SOLDIERS සින්දුව මතක් වුනා බන්,,,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විභියෝ ...මම දැක්කා උඹත් පොස්ටුවක් දාලා තියනවා .උඩින් කියවගෙන ගියා .පස්සේ එන්නම් ,,
      ජයවේවා !!!
      https://www.youtube.com/watch?v=lexLAjh8fPA

      Delete
  23. ළමයින්ට කියල වෙනම දිනයක් ඕන නෑ බං. උංව හොදට බලාගන්නව නං උංට හරි පාර පෙන්නනව නං උංට දැනෙනව නං උං ආරක්ෂිතයි කියල
    අන්න ඒ වගේ දවසකට ළමයෙක්ට කියනුනු පුලුවං වෙයි මේ ලෝකෙම අපේ කියල...

    උඹ සිංදුවක් දුන්නොත් ඉතිං අපි අහපු එකක්යැයි. විභියට දීපු ලිංකුව දිගේ ගිහිං බලන්නංකෝ

    ReplyDelete
    Replies
    1. ඒක ටෝයි සෝල්ජර් නෙව
      මං අහන සිංදුවක් ඩෝ... උඩ තියෙන වීඩියෝව පෙන්නෙ නෑ කියකො
      (මෙය ජංගමයෙන් දැමූ කමෙන්ටුවක් බව නොසලකන්න හැක්)

      Delete
    2. මම බැලුවා මොකද උඹ පරක්කු කියලා ..ඊයේ වැඩිහිටි දිනේ නිසා වැඩ වැඩි ඇති නේද ? මම නම් කියන්නේ මේ සලකන්න තියන දින ඕනෑ නැ කියලා මචෝ ..බලපන් ළමා දිනය ,ගුරු දිනය ,මවුවරුන්නේ දිනය ,පියවරුන්ගේ දිනය ,......මෙහෙම ගිහින් #කන දිනය කියලා එකකුත් එයි ...
      ස්තුතියි මහියා ...

      Delete
    3. දැං මහියා නැති බවද ඌ විකුණා ඇති බවද
      සුපුරුදු ලෙස අපේ උංට අනුව මම මයියා වී ඇති බවද මෙයින් ප්‍රකාශ කර සිටිම...
      එහෙම දිනයක් එනව නං මාත් කැමතී... හැබැයි ඊට දවස් දෙක්කට වත් කලිං ඇදිරි නීතිය දාන්ට වෙයි
      හිහික්

      Delete
    4. ම්හියා හරි මයියා හරි මොකෙක් හරි කමක් නැ උඹේ පොස්ට් එකට රිප්ලයි කරපන් ...

      Delete
  24. ළමා දිනය සහ ජාත්‍යන්තර දින වෙන් කිරීම සහ සැමරීම ගැන බොහෝ විට හුඟ දෙනෙක්ටෙ තියෙන්නේ රින ආකල්පයක්. නමුත් මම එහෙම හිතන්නේ නෑ. දැන් මම ඒක ගැන තර්ක කරන්න අදහස් කරන්නේ නෑ. මගෙ අදහස කිව්වා විතරයි.

    ළමා කාලය ගැන ලියැවුනු හොඳම පොත (මට නම්) එදා මෙදා තුර සිය වතාවකට වැඩිය නැවත නැවත කියවා ඇති මගේ ප්‍රියතම පොත වන Mark Twain ගෙ The Adventures Of Tom Sawyer පොතයි.

    ReplyDelete
    Replies
    1. පොතනම් කියවලා නැ සර් (ඉංගිරිස් පොත් කියවන්න ඉංගිරිස් දැනන් හිටියේ නැ ඒ කාලේ .දැනුත් බෑ තමයි ).....හැබැයි ෆිල්ම් එක බැලුවා වාගේ මතකයි .....
      ස්තුතියි සර් ...

      Delete
    2. මගෙත් පට්ට ආසම පොත, මම කියෙව්වේ සිංහල පරිවර්තනේ...
      පට්ට එකේ උපරිමය...

      Delete
    3. සින්දුවා. මට රිද්දන්න පුලුවන් ලේසිම විදියක් තමයි විහිළුවට වුනත් මට සර් කියන එක. මම අකමැතිම ඇමතුමක් බං ඒක. මම අනිත් උන්ට සර් කියන්නෙත් නෑ. අනිත් උන් මට සර් කියනවට මම කැමතිත් නෑ. ඩූඩ් කියහං. ඒ ඇති.
      එතකොට උඹ ඒ පොතේ පරිවර්තනය කියවලා තියෙනවද ඔය ලොකු පුතා කියලා තියෙනවා වගේ? ඒක කියවලා මටත් ගුණදොස් කියාපං. ලොකු පුතා කියෙව්වේ චන්ද්‍ර අනගිරත්නගෙ දඟකාරයා කියන පොතද? ඒක මාත් කියෙව්වා. හොඳ පරිවර්තනයක්.

      Delete
    4. ගැත්තාට තරහා අවසර ,,,,උඹේ හිතරිදුනානම් දහස් වරක් සමාවෙයන් ඩුඩ් අය්යේ මචෝ ....
      මම වැඩ කරන තැනත් සර්ලා නැ .හැමෝටම නම කියලා තමයි කතා කරන්නේ ..පියන්ගේ ඉඳලා ජිඑම් දක්වා .වෙනතැනක වැඩ කරන්නත් බැරි වෙයි දැන් අපිට ...ලොකුවට නීති නැ .තමන්ගේ වැඩ ටික කරනවානම් එච්චරයි ...මම දැන් අවුරුදු 11 ක් එතැන වැඩ ..
      "දඟකාරයා" කියවලා උඹට කියන්නම් ...

      Delete
  25. උඹ කවදත් ඉතිං තැනේ හැටියට ඇණේ ගහන එකානේ.
    ළමා දිනේ තමා. උඹට කියන්න සින්දුවෝ අපේ පොඩ්ඩි දැන් ගෙදර ඉස්සරහ දොර ලොක් කරන්න කියලා අඬනවා රෑ වෙනකොට. බලපං වෙලා තියෙන අපරාධයක්. කම්මලයාටත් ඔහොම අවුල් සීන් එකක් වෙලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මදාවියෝ ...වෙලා තියන දේවල් වලට අපිට ළමයි ගැන අවදානයෙන් ඉන්නවා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙලාවක් වෙයි වාගේ ..

      Delete
  26. අර පොඩි එකාගේ ඇස්දෙකේ කඳුළු පිරිලා තියෙනවා දැක්කම මට මතක් උනේ අපේ පොඩි එකා අඬන හැටි,
    ගොඩ වෙලාවට ඌව අඬවන්නේ උගේ අම්මා වීම නිසයි මට ගොඩක් දුක, බත් කන්න බැහැ කියද්දී බලෙන් බත් කවන්න යන එකෙන් අපේ පොඩ්ඩ කොච්චරනම් ගුටි කනවද, අඬනවද...

    ReplyDelete
    Replies
    1. ලොකු ගෙදරකම තියන පොදු ප්‍රශ්නයක් නේද ඔය කෑම කවන එක ...පොඩි එකාට ඇති උනාට අම්මට තමයි මදි ...

      Delete