Friday, May 8, 2015

"පරවියා වගේ හිස් ටින් එකක් ලියපු සිරිල් ඒ. සීලවිමල දැන්වත් මතක් කරමු"





සිරිල් ඒ. සීලවිමලයන් පිළිබඳ මෑතකදී වඩාත් කතාබහට ලක්වුණේ ඔහු විසින් රචනා කරන ලද 'හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී'  සහ "රාජ මාළිගේ පරවියා වගේ" යන ගීතවලට  මෑතකදී ලැබෙන අති විශාල ජන ආකර්ෂණයත් සමඟය. හැත්තෑව දශකයේ මුල් භාගයේ "දැන් මතකද" චිත්‍රපටයට ඔහු ලියූ එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මොහිදින් බෙග් යන ජනකාන්ත ගායකයන් තිදෙනා ගායනා කළ හිස් ටින් ගීතයට වැඩිම ඉල්ලුමක් ඇත්තේ එදාටත් වඩා අද දවසේය. නමුත් මේ ගී ලිව්වේ කවුද ගායනා කළේ කවුද කියලා වර්ථමානයේ ගායනා කරන ශිල්පීන් නිකමටවත් කියන්නේ නෑ. තමන්ගේ වගේ කියනවා.නවකයන් මේ ගීත ගයනා කල යුතුයි .අපි හැමෝටම අමතක වෙලා තියන මේවැනි පැරණි නිර්මාණ නැවත ජනප්‍රිය කරන්නේ ඔවුන්ය .එත් මුල් නිර්මාණ වල නිර්මාණ කරුවන් ගැන සඳහන් කිරීම පවා හිතා මතා අමතක කිරීම නම් නවකයන්ගේ කුහකත්වය මනාව පෙන්වීමකි .

අංශ කිහිපයක් ඔස්සේම විශිෂ්ට කුසලතා දක්වමින් කීර්තිමත් සෞන්දර්යවේදියෙක්ව සිටි ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙක් වූ සිරිල් ඒ. සීලවිමල සූරීන් වර්ෂ 1930 ඔක්තෝබර් මස 29 වැනි දින පන්නල සඳලංකාවේ  ඉරබඩගම දී උපත ලැබිය.කදන්ගමුව මහා විද්‍යාලයෙන් අධ්‍යයන වපසරිය ආරම්භ කළ ඔහු සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනින් පශ්චාත් අධ්‍යාපනය ලැබිය.මියයන විට 80 වැනි වියේ පසුවූ සිව්දරු පියකු වන සිරිල් ඒ. සීලවිමල මහතා අනුලා අබේනායක මහත්මියගේ ස්‌වාමිපුරුෂයා වූවාය. 

1960 දශකයේ මැද භාගයේ දී පමණ ලංකා චලන චිත්‍රයට ද දායක විය . ඔහු ලබාගත් ප්‍රබුද්ධ කලා සම්බන්ධතා තුළින් චිත්‍රපට ක්‍ෂේත්‍රයට ද පිවිසීමේ වාසනාව උදාකර ගත්තේය. ඔහු අතින් ලියැවුණු ජනප්‍රිය චිත්‍රපට ගීත බොහොමයකි. එකල ජනප්‍රිය ගායක ගායිකාවෝ රාශියක්ම සීලවිමලයින් අතින් ලැයිවුණු ගීත ගායනා කළහ.චිත්‍රපට දෙබස් රචනයට මෙන්ම තිරකතා රචනයට ද ඔහු දායක විය."සුදෝ ‍පොඩ්ඩක් අඬන්න, මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්, මෝහෙන් මුළාවෙලා, මෙත් මල් පිබිදේවා, සිනාවයි ඉනාවයි, ළිඳෙන් වතුර බිලා, උපන් දිනය ළඟ එන හින්දා, ජන්ම භූමි වන්දනා,දෝතින් දෝතයි, දිලිදිලි දිලිසෙන එළියක්" වැනි ඔහු ලියූ ජනප්‍රිය චිත්‍රපට හා සරල ගී ගණනාවක්ම වත්මනෙහි පවා ජන විඥානයෙහි රැඳී පවතී. එක යුගය දී ඔහු දවස හා රිවිරැස යන පුවත්පත් දෙකෙහිම ප්‍රධාන කර්තෘත්වය දරමින් මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ විශාල කාර්යභාරයක් ඉටු කළේය.එකල ඔහුගෙන් අත් පොත්  තැබූ අංකුර පුවත්පත් කලාවේදීන් හා කලාවේදිනියෝ අද පුවත්පත් ලෝකයේ දැවැන්තයින්ව සිටිනු දැකිය හැකිය. ඔහු සතු නිරහංකාර හා නිහතමානී ගුණය තුළින් පෙරට ආ බොහෝ දෙනෙක් වූහ.පණ්ඩිත් විමල් අභයසුන්දර, සරත් විමලවීර, චිත්‍රානන්ද අබේසේකර, කරුණාරත්න අබේසේකර, ඩෝල්ටන් අල්විස් වැනි සමකාලීනයින් සමග සීලවිමලයින් ද ගුවන්විදුලි මහගෙදර තුළ දැක්වූ පෙළහර අදටත් අප සිත්හි රැඳී පවති.

(අන්තර් ජාලයෙන් විස්තර ටික හොයා ගත්තේ )
මෙතුමා ගැන වැඩි විස්තර දන්නා අය ඒ ගැන මෙහි පල කරන්නෝ

"සින්දු ටික මෙතැනින් ගන්නෝ"

-------------------------------------------------------------------------------------------------------

ප.ලි

"රාජ මාලිගේ" සින්දුව නිසා මෙතුමාගේ ගීත නැවත මතක් වුනේ .ඒ නිසා හදිසියේ මේ පොස්ට් එක ලියන්න හිතුවේ.ගීත බොහෝ ගණනකින් ගීත කීපයක් විතරයි මෙතන තියෙන්නේ.වැරදි අඩුපාඩු ඇති .පෙන්වා දෙන්න.මේ දවස් වල බොග පාලුවට යනවා.මෙහෙම හරි ලියන්න හිතුවේ එකයි.හැමෝගෙම බ්ලොග් වල කොමෙන්ට් එකක් කොටාගන්න වෙලාවක් නැ.ඒ ගැන සමාවෙයල්ලා ...පුළුවන් හැම වෙලේම ඇවිත් යන්නම් .
---------------------------------------------------------------------------------------------------------

01.හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
කාටවත් බය නෑ අපි තිබුණත් නැතත් සල්ලි
ඕ... තිබුණත් නැතත් සල්ලි
අපි කයිවාරු නෑ මල්ලි

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

අපේ පාටිය පිරිමි පාටියයි
අපි ඡන්දෙ දෙන්නේ වාසියටයි
කොයි කාගෙ ආණ්ඩුවත් අපට එකයි
අප‍ට ඕනෑ ප්‍රජාතත්ත්‍රවාදයයි

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

නැති බැරි එකා තල්ලු වෙනවා
පුළුවන් මිනිහා හිනහා වෙනවා
වැටි වැටි වුණත් නැගිටිනවා
මගේ බලෙත් මං පෙන්නනවා
ඇත්ත නේන්නම්...

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි


ගායනය - එච්.ආර්.‍ ජෝතිපාල, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
පද රචනය : සිරිල් ඒ. සීලවිමල

02.හොඳ සිරියාවයි ආකාසේ

හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ //
අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... //

පෙම් සුව විඳිනු වගේ
ප්‍රීතියක් ඇත්තෙ නෑ
මයි ඩාලිං මාගෙයි දැන්
මෝරලා එයි සෙනේ //

රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ
අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... //

දෑතට දෑත තියන්
සිටින් මෙසේ ළංවෙලා
මට සුවදේ ඔබ ළඟනේ
දෙන්නකෝ පෙම් රසේ //

රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ
අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... ///

ගායනය - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
පද රචනය : සිරිල් ඒ. සීලවිමල
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

03.ළිදෙන් වතුර බීලා

ළිදෙන් වතුර බීලා..
එයින් වතුර නාලා..
ළිඳට ගල් ගසාලා..
වතුර බොර කරයි මිනිසා..
වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි..

ගහේ වැල එතීලා යාවී හැදී..
පසුව මිලින වීලා සාරේ අදී..
කාලා බීලා නිදලා කාලේ ගෙවයි..
කාපු තැනද වනසා මිනිසා දුවයි..

ඉණිමන් තබාලා නැගීලා බලයි..
එයට පහර දීලා කඩාලා දමයි..
අතීතේ නසාලා දිනුවා සිතයි..
තිබූ තැනද නැතිවී පරාදේ වැටේ..

ළිදෙන් වතුර බීලා...

ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : සිරිල් ඒ සීලවිමල
සංගීතය : ආර්. ඒ. චන්ද්‍රසේන

04.ආනන්ද මේ රෑ හරි හැඩයිනේ

ආනන්ද මේ රෑ හරි හැඩයිනේ
කවුද පාවෙන මලක් වගෙයිනේ
ලෝකේ ඔයා සතු ලොකු වස්තුවක් වෙයි
මමනෙ සුහදේ ඒ පෙම් කුමාරී
ආනන්ද මේ රෑ හරි හැඩයිනේ

මාගේ සෙනේහේ
මල් පිපුණෙ අදනේ
නෑනේ නිවෙන්නේ
ආශාව මාගේ
නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ
ඒ මුත් සෙනේහේ නිදන්නෙ නැහැනේ
නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ
ඒ වාගේ ජීවිත බැඳේවි රහසේ.

ආනන්ද මේ රෑ හරී හැඩයිනේ

කියන්න වාගේ
අහන්න හැකි දේ
කියාවි දෙනෙතින්
ඔයාගෙ මිහිරේ
ඔබෙ සිතුම පැතුමයි මා සිතුවෙ පැතුවේ
ඔබ මාගෙ පිනටයි උපන්නෙ මෙලොවේ
ආලෝකෙ නගරේ ආලේට අපගේ
ආලෝකෙ දෙන්නේ සුබ මංගලම් වේ

ආනන්ද මේ රෑ හරී හැඩයිනේ

ගායනය - හරූන් ලන්ත්‍රා, සුජාතා අත්තනායක
සංගීතය - පී. එල්. ඒ. සෝමපාල
ගී පද - සිරිල් ඒ. සීලවිමල

05.සන්සුන් රුවන් හද මන්දිරයේ

සන්සුන් රුවන් හද මන්දිරයේ
ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ
රන්වන් එරන් වන් යෞවනියේ
සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ

ඔබගේ හදේ හැඩ මුහුණෙන් පෙනේ
දෙනෙතේ කැලුම් බර නිල් මල් පිපේ
තුරු හිස් මුදුන් දළු සුළඟින් සැලේ
සුළඟක් ඇවිත් පොඩි රහසක් කියයි

හැලෙනා රිදී දිය ඇල්ලක් වගේ
සංගීතයක් අප දෙහදේ නැගේ
ගීයක් ගයා හොඳ තනුවක් සදා
හිනැහේ ටිකක් හැඩ නැටුමක් නටා

පද රචනය - සිරිල් ඒ. සීලවිමල
සංගීතය - ප්‍රේමදාස අතුකෝරල
ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා සමඟ ශ්‍රීමතී තිලකරත්න

06.මමයි මොට්ටපාල

මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්..
හා හා පාසලෙන්.. හූ හූ පාසලෙන්
වෙට්ට පිත්තල වී සිටිමි කවටකම් වලින්
අපේ ටීචර් මට මේ නම දැම්මේ…//

වවන්නෝම දිනන්නෝය ටීචර් කිව්වා
එදා පටන් මමත් මගේ කොන්ඩය වැව්වා..
මාගෙ ගජමිතුරා.. හො..මාගෙ ගජමිතුරා
රාළහාමි මං පැරදෙව්වා

සව් දොදොලුයි මිරිස්මාලු දවසක් කැව්වා..
හෝඩියේ අවුරුදු දහයක් පොල් ගාලයි
මම පලවෙනියට පැන්නේ….
හෝඩියේ අවුරුදු දහයක් පොල් ගාලයි පැන්නේ….
දන්න දේකුත් මම නොදන්න දේකුත් නැහැ ලෝකේ..//

මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්..
හූ හූ පාසලෙන්..හා හා පාසලෙන්
වෙට්ට පිත්තල වී සිටිමි කවටකම් වලින්
අපේ ටීචර් මට මේ නම දැම්මේ…//

කොයි වැඩටත් ලැබෙන හින්දා රවුමට ලොකුවෙන් ..
බින්දුවටයි වැඩිය ආස ඉලක්කම් වලින්
අල්ප දයන්නටයි.. හො.. අල්ප දයන්නටයි
මං ආස අකුරු හෝඩියෙන්
කොන්ද වකුටු අපෙ ටීචර් සිහි වෙයි ඒකෙන්
එකොළහ මට එකෙන් බෙදන්නට පුලුවන් කජු කන්නා වාගෙයි….
එකොළහ මම එකෙන් බෙදනවා කජු වාගේ..
දන්න දේකුත් මම නොදන්න දේකුත් නැහැ ලෝකේ..//

මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්..
හා හා පාසලෙන්.. හූ හූ පාසලෙන්
වෙට්ට පිත්තල වී සිටිමි කවටකම් වලින්
අපේ ටීචර් මට මේ නම දැම්මේ…///

පද රචනය - සිරිල් ඒ. සීලවිමල
ගායනය -ෆ්‍රෙඩ් සිල්වා


07.මෝහෙන් මුලා වෙලා

මෝහෙන් මුලා වෙලා……
මානෙන් උදම් වෙලා...
තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ....
මිනිහා කොහේද මේ....

රත්තරන් කෙණ්ඩියේ
සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ...
එය රැකීම අප උරුමේ..වේ...

කේලම් කීමෙන් ඕපදූපයෙන්
රට කොටවන වැඩ අවදානම්........
උඩින් මිතුරු වී යටින් කතුරු වී..
උගුල් අදින්නා යයි දියවී...
බොරුවෙන් රට පිරිහේවී..............

මා හරි උගතා..මා හරි ජගතා..
සිතනා මිනිහා මෝඩයෙකී....
අනුන් හෙළන්නට වලක් කපන්නා..
ඒ තුළ වැටිලා මිය යන්නා..
කළ දේ පල දේ එලෙසේ...

පද රචනය : සිරිල් ඒ. සීලවිමල
ගායනය : වික්ටර් රත්නායක
තනුව : ආර්. ඒ. චන්ද්‍රසේන

08.පරවියා වගේ රාජ මාළිඟේ

පරවියා වගේ රාජ මාළිඟේ ..
ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ..
ඉපදුනාට පස්සේ තාම මං හඬාලා නෑ..
ඇඬුවත් මට කිසිම දිනක කඳුළු එන්නෙ නෑ..//

මම යන්න තමයි හිතන් ඉන්නේ ලෝකයේ වටේ
මම ගියොත් යන්නේ කවදා හරි බූරුවෙකු පිටේ
ඉතිහාසෙට නම තියාල ලංකාවට කොඩි දමාලා
එහෙම මිසක් කවදාවත් මම මැරෙන්නෙ නෑ..

පරවියා වගේ රාජ මාළිඟේ ..

මම ආදරේට ඇති කරන්නේ ඉබ්බොයි ගෙම්බොයි..
උන් නොදැක නොබල එක මොහොතක් ඉන්න බෑ අපොයි..
මේ සුරතල් සත්තු මාගේ - මට රන්මුතු මැණික් වාගේ
මගේ බරට රන් දුන්නත් - මම විකුණන් නෑ..//

පරවියා වගේ රාජ මාළිඟේ ..

ගී පද රචනය - සිරිල් ඒ. සීලවිමල
ගායනය - ප්‍රෙඩී සිල්වා
ද්‍රවිඩ ගී තනුවකි

50 comments:

  1. ඉතාම හොඳ වැඩක් සින්දු ඇනෝ.මේ ගැන අද දිවයින පත්‍රයටද කෙනෙක් ලිපියක් ලියා තිබුනා.රාජ මාළිගේ පරෙවියා වගේ යනුවෙන් සිරිල් ඒ සීලවිමලයන් ලියු ගීය 1970 ගණන්වල ෆ්‍රෙඩී සිල්වා ගායනා කළා.පසුකාලීනව ගීතය අමතකව ගියා.මේ ඉතා මෑත කාලයකදී පටන් අලුත් ගායකයෙක් මේ ගීතය ඔහුගේ බව අඟවමින් පරෙවියා වගේ රාජ මාළිගේ යනුවෙන් ගායනා කරනවා.මුල් රචකයාගේ හෝ ගායකයාගේ නම නිකමටවත් මතක් කරන්නේ නෑ.දැන් සිටින නිවේදක නිවේදිකාවන් කිසිවෙක් මෙය නිවැරදි කරන්නට දන්නෙ නෑ.ඔවුන්ට අවශ්‍යත් නෑ.මෙය ඔබේ මේ ලිපියෙන් යම් තරමකට ගීතයේ හිමිකරුවන්ට සාධාරණයක් ඉෂ්ට වේයැයි මට හිතෙනවා.මේ ගැන මටත් කියාගන්නට නැතුව හිතේ අමාරුවෙන් හිටියෙ.ඔබට බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලප අය්යේ .මට මේ සින්දුව මුලින්ම ඇහෙන කොට අපේ අම්මා කිවා මේක පරණ සින්දුවක් කියලා.මුල් පද පේලි වෙනස් කරලා කියලා.ඉතින් මම මේක හතර වටේ හෙව්වා.අලුත් පරපුර ගායනා කලාට කමක් නැ මුල් නිර්මාණ කරුවන්ට හිමිවිය යුතු ගව්රවය දීලා .දැන් තියන fm වල ඉන්න ගිරව් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැතිව අලුත් එකා හිට් කරනවා ....මේ දෙයින් පොඩි මෙහෙවරක් හරි උනා නම් ඒ ගැන සතුටුයි .

      Delete
  2. අනගි ප්‍රජාසත්කාරයක සින්දු ඇනෝ මේ කරන්නේ... ඔය වගෙ අය ගැන සින්ඩු ගැන විස්තර අපිට දකින්නවත් නැති කාලයක්. අපේ සීයා ආස වෙලා හිටිය සින්දුත් තියෙනවා මෙතන සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. පොඩි හරි දැනුවත් වීමක් උනා නම් සතුටුයි ...ජයවේවා

      Delete
  3. අඩේ මේ රාජ මාලිගේ සින්දුව ගැන ලියපු එක නම් මාර වටිනවා බං.. හැලප අයියාගෙ කතාවට 100% ම එකඟයි...

    ReplyDelete
  4. අර කිව්වා වගේම මේ ගීත දෙක මෑත කාළයේ මහත් සේ ජනප්‍රිය වූවා. හිස් ටින් එකක් වාගේ ගීතය ගැන, ඒ ගීතය මුලින්ම දෙරණ නාලිකාව තුලින් ගායනා කල මොහොතේ සියළු විස්තර කියුවා.

    ඒත් මේ රාජ මාලිගේ කියන ගීතයේ මුල් ගායනය හා පද රචනය ගැන කිසිම තැනක සඳහනක් උනේ නෑ. ඒක හරි අසාධාරනයි. ඒ ඇරෙන්න පැරණි ගීත නවක ගායකයින් ගායනා කිරීමේ වැරද්දක් නම් නෑ..

    ReplyDelete
    Replies
    1. අනිවා මාතේ මමත් කියන්නේ අලුත් සෙට් ඒක මේවා කිව්වාට කිසිම අවුලක් නැ .උන් හින්දා තමයි මේ සින්දු තිබුනා කියලා හරි දැනගන්නේ .අසාධාරණේ වෙන්නේ මුල් හිමිකරුවන් ගැන සඳහන් නොකරන ඒක .මේකට දැන් තියන විද්‍යුත් නාලිකා වග කියන්න ඕනෑ ....

      Delete
  5. සින්දුවාගෙන් තවත් ඇහැ අරවන සමාජ සත්කාරයක්.. ජයවේවා....

    ReplyDelete
    Replies
    1. පොඩිම හරි මෙව්වා එකක් වෙනවා නම් සතුටුයි මචෝ ...ස්තුතියි

      Delete
  6. සින්දුවා මේක බලන්න. හොඳ විෂුවල් මික්ස් එකක් මටනම් පේන විදිහට.
    https://www.youtube.com/watch?v=U3UiAis8K6I
    ආනන්ද මේ රෑ අනික. මේ දෙක තමා ටක්කෙටම වැදුනෙ. දිගටම යං සින්දුවා. පෝස්ට් ෆ්‍රික්වෙන්සි එක තව වැඩි කරමුද?

    ReplyDelete
    Replies
    1. මචෝ ඔය ගීතයේ සංගීත නිර්මාණ කරුවා ගැනත් ලියන්න හිතාගෙන ඉන්නේ ...ඒ සින්දුවේ ඔර්ජිනල් එක අහලා තියනවාද ? .ඒ පොස්ට් එකෙන් දෙන්නම් .ලියන්න ආසයි දවස ගානේ .එත් බන් මේ කාලවේලාව කියන එකා මට චාන්ස් එකක් දෙන්නේ නෑනේ .බොලොග් උන නිසා තමයි මෙහෙම වත් එන්නේ ...ස්තුත්යි මදාවියෝ ..

      Delete
  7. මේකනම් බොහොම වටිනා විස්තරයක් සින්දු වෝ...

    අපි වහවැටිලා අහං ඉන්න මේ සමහර සින්දු රීමේක් කියල දැනගත්තාම පුදුම දුකක් දැනෙන්නේ අද කාලේ සින්දු හදන උන් ගැන...

    බලහන්, දශක ගණන් පරණ වෙලත් මෙව්වා තාමත් මිනිස්සු අතර තියෙනවා..එකට දැන් හැදෙන එව්වා..
    (මම කිව්වා කියලා හිතාගනින්...)

    ReplyDelete
    Replies
    1. විභියෝ සමහර රිමේක් ඇහුවම උන්ගේ අම්මලා මතක් වෙන්නේ ..එත් සමහර ඒවා මුල් එකට වැඩිය හොදයි .මට තියන දුක මුල් නිර්මාණ වල වටිනා කම ගනන් ගන්නේ නැති එකට ..උඹ කියන්න ගියදේ හිතා ගන්න දෙයක් නෙවෙයි මචෝ .හැමෝම දන්නා දෙයක් ...හැක්

      Delete
  8. මේවා ඔක්කොම අපි ඉස්කෝලේ යන කාලේ අහපු සින්දු සහ බලපු චිත්‍රපටි වල පසුබිම් ගායනා සින්දුවෝ. ඒ කාලේ, සීලවිමල මහත්තයා වගේම, බොහොමයක් කලාකරුවන්ව ඇස්දෙකෙන් දකින්න, බොහොම අමාරුයි. මොකද රූපවාහිනිය තිබුණේ නැහැ. ගුවන් විදුලියේ සාකච්ඡා තිබුණේ නැහැ අද වගේ. ගුවන් විදුලි සංස්ථාවට අයත් නාලිකා දෙක විතරයිනේ තිබුණේ. නළු නිලියන් දැක්කෙත් චිත්‍රපටි වලින් විතරයි.

    හැබැයි මේ මිනිස්සු ගැන පත්තර වලින් කියෙව්වා. ඔවුන්ට අපේ හදවතේ තැනක් තිබුණා. ඒවා අදටත් අතහැරී නැහැ.

    අද පරපුරට බලාගන්න මෙවැනි විද්‍යුත් සටහනක් තැබීම පිනක් සින්දුවෝ.

    මේ ගීත වලින් එකම එකයි, හින්දි තනුවකට අනුව ලියවිලා තියෙන්නේ. 'හොඳ සිරියාවයි ආකාසේ' මේ තියෙන්නේ ඒ හින්දි ගීතය.

    https://www.youtube.com/watch?v=H03jqmuVj3g

    ReplyDelete
    Replies
    1. වේලාවකට ඔබතුමාලා ගැන අපිට ඉරිසියාවක් හිතෙනවා විචාරකතුමෝ.වෙවැනි වටිනා කියන මිනිසුන්ගේ කාලයේ ජිවත් වෙන්න ලැබීමට හැකි වීම ගැන ...අපි දැන් ඒවා විනාශ වෙනවා දැකලා දුක වෙනවා ...මුල් ගීත බොහොමයක් ලියවිලා තියෙන්නේ හින්දි තනු වලට නේද ? ඔබලාගේ මෙවැනි වටිනා අදහස් තමයි අපි බලාපොරෝත්හ්ටු වෙන්නේ ..ස්තුතියි .ජයවේවා !!

      Delete
  9. Replies
    1. ස්තුතියි මචෝ ..ජයවේවා !!

      Delete
  10. සින්දුවෝ..............

    අැත්තම කියනවානම් මේ සින්දු දෙකම ඒකම නිර්මාණ කරුවෙකුගේ කියලා දැනගත්තෙත් අද... ඔහු කවුද කියලා දැනගත්තෙත් අද... ඔහුගේ අනික් නිර්මාණ දැනගත්තෙත් අද...... මුලින් ම ඒකට ඔබට තුති.... ඉතින් සින්දුවෝ.... අපි හැමදාම කියනවා වගේ ඔබ මේ බ්ලොග් අවකාශය තුළ වෙනමම අනන්‍යතාවයක් අැති සුවිශේෂී චරිතයක්... ජයවේවා

    අා.... සින්ඩිය ඒල්ල ගත්තාටත් තුති......

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ උඹලාගේ මෙහෙම අදහස් තමයි අමාරුවෙන් හරි මෙහෙම ලියන්න මාව උනන්දු කරන්නේ කුරුට්ටෝ ....කවුරු හරි පොඩි දැනුවත් වීමක් හරි උනානම් එක තමයි මගේ සතුට ..ස්තුතියි මචෝ .
      (යකෝ තමන්ගේ දේවල් තමන්ගේ ගෙවල් වලට ගත්තම මොකටද ස්තූති කරන්නේ )

      Delete
  11. පිං සිද්ධ වෙන වැඩ මේවා සිංදු....
    මූලික වැරැද්ද කරන්නෙ නිවේදක නිවේදිකාවන්..ලක් හඬ, සියත. වෙළඳ සේවය වගේ තැන්වල ඇරෙන්න පදමාලාව සංගීතය ආදී පසුබිම ගීයක් හඳුන්වාදීමේදි වෙන්නෙ නැහැ...
    කාට කියන්නද සිංදු..මෙහෙමවත් සමාජ මෙහෙවරක් ඉටුකරන්න ...ස්තුතියි...ඔබට ජය..

    ReplyDelete
    Replies
    1. //මූලික වැරැද්ද කරන්නෙ නිවේදක නිවේදිකාවන්//
      +++++++++++++++++++++++++++++++
      මෙන්න මේකයි අමුලික ඇත්ත .මෙතන හදන්නේ නැතිව අනිත් තැන් හැදෙන්නේ නැ .අනික චෙෆ් දැන් ගීත , සින්දු , සංගීත නිර්මාණ නෙවෙයිනේ තියෙන්නේ ...අලුත්ම ට්‍රැක් එක ..හැක් හැක්
      ජයවේවා !!

      Delete
  12. හොඳ වැඩක් සින්දුවො.
    අපේ රටේ හැමදාම එකෙක් දෙන්නෙක් ඉන්නව හොයාගන්නම බැරි, අහපුම නැති හොඳ පරණ සිංදුවක් හොයල ඒක පොඩ්ඩක් පොලිෂ් කරලා උගේ වගේ කියන, හරියට අර මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා වගේ. අපේ මීඩියා වල ඉන්නෙ ගිරව්නෙ. උන් ගීතෙට සම්බන්ධ කිසි කෙනෙක්ගෙ තොරතුරක් දන්නෙ නෑ. දන්නෙ හිට් වෙන සින්දුවක් කියන එකාගෙ නමයි, ඌට වෙච්ච අකරතැබ්බයි අනං මනං තමා. කරුමෙ තමා.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේවා ගැන කවර කථාද මනා .අපි ඒ ගැන කතා කලොත් වෙන්නේ "මුන්ගේ තියන කුහක කම .අලුත් එකෙකුට නැගිටින්න දෙන්නේ නැ " කියලා අහගන්න එක තමයි .අනික දැන් ඉන්න ඇයො විෂය දැනුම ගැන වැඩිය හිතන්නෙත් නෑනේ .කොම්පියුටරේට පිංසිද්ද වෙන්න කට හඬ හදාගන්නවා ...
      ස්තුතියි මචෝ ..

      Delete
  13. මේ රාජ මාලිගේ ගීතයට නඬුවකුත් යනවා කියලා කොහේ හරි මම දැක්කා.. ඇත්ත තමයි. මම ඒ විස්තරේ දකිනකන්ම දැනන් හිටියේ නෑ ඒක ෆ්‍රෙඩී සිල්වා කියපු සිංදුවක් කියලා..

    හොද සිරියාවයි, සන්සුන් රුවන් වගේ සිංදු නම් අහලා ඇති ඕන තරම්.. රචකයා ගැන හරියටම දැනුවත් උනේ මේක බලලා.. ගොඩක් ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් මමත් දැක්කා එහෙම කේස් එකක් .නඩු නම් මොනාද මචෝ ."ගී විතයි මි විතයි " කියපු මහගම සේකර අමරදේවට නඩු දාලා කියලා දන්නවාද ? හැක් .මෑතක අමරදේව ගී ප්‍රසංගයකදී මහගම සේකරගේ ගීත අවසරයකින් තොරව ගයනා කළා කියලා මහගම සේකරගේ පවුලේ උදවිය අමරදේවට එන්තරවාසි යවලාලු .අපොයි මහගමසේකර හිටියානම් ...
      මේවගේ තව ජනප්‍රිය ගීත ගොඩක් තියනවා දිනේෂ් .වෙලාවේ විදිහට දෙක තුනක් දැම්මේ .ස්තුතියි

      Delete
  14. ඇත්තමයි බO...සින්දුවො...මමත් අදමයි බන් ඇහුවෙ මෙ විස්තර ටික....

    ReplyDelete
    Replies
    1. ඔබේ සැප මගේ සතුටයි ....
      ජයවේවා මචෝ

      Delete
  15. අනිත් බ්ලොග් වල සින්දුවකින් උඔ දාන කමෙන්ට් එක වටිනවා බං.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. එලද බ්‍රා මෙන්ඩෝ ...ඇයි බන් උඹේ කොමෙන්ට් එකක් නැත්නම් ගල් නැති පාටියක් වාගේ ...හැක් හැක් (විස්කි එකක් දැක්කම බොන නොබොන එක වෙනම දෙයක් .)

      Delete
    2. අනිවා..අපි කිව්වේ බ්‍රෑන්ඩ් එක ගල් කියලානේ.

      Delete
  16. කලාකරුවෙක් කියන්නේ දානපතියෙක්.. ඉතිං දෙන කොටයි ගන්න කොටයි සාමාන්‍ය ජනතාව හිතනවාට වඩා සංවේදිව හිතනවා නං හොදයි.. නැත්නං ඒ යක්කු කාලකන්නි වෙනවා.. මාතා කිව්ව වගේ ගායනය කළාට, මුල් ගායකයාට වඩා හොදින් ගායනය කරාට ඒක අවුලක් නැහැ.

    නියමයි සින්දුවා

    ReplyDelete
    Replies
    1. මමත් කියන්නේ දේශ් පරණ නිර්මාණ හැමදාම හැංගිලා තියෙන්න හොඳ නැ .මෙහෙම හරි එලියට එන්න ඕනෑ .නැත්තනම් ඒවා නැතිවෙලාම යනවා .වටිනාකම දෙන්න ඕනෑ අයට ඒ දෙන්න ඕනෑ .සමහර ගීත මුල් ගායනයට වඩා හොඳින් අලුත් උන් කියනවා ...ස්තුතියි මචෝ

      Delete
  17. ෆ්‍රෙඩී සිලවගෙ දුව රාජ මාලිගේ සින්දුව ගායනා කලේ එයාගෙ පියා කියල දැන් සිංදුව කියන කෙනාට විරුද්දව නඩුවක් දාල කියල පත්තරේ තිබුන. දැන් සිංදුව කියන කෙනා කියල තිබුන ඒක එයාගෙ සීය නිතරම ගායනා කල එයාගෙ නිර්මාණයක් කියල. දැනුයි සිංදුවො ඇත්තම දැනගත්තෙ.

    ReplyDelete
    Replies
    1. දැන් නඩු දැම්ම කියලා වැඩක නැ මචෝ .දැන් ඒ සින්දුව අලුත් එකාගේ වෙලා ඉවරයි .මතකද සංගීත් වරකාගොඩගේ සින්දුවක් කියලා නඩු දැම්මා .එත් තවම හැමෝම හිතන්නේ ඒ සින්දුව සංගිත්ගේ කියලා ....මුන් සින්දුව කිව්වට කමක් නැ එකේ මුල් හිමිකරුවන් මතක් කරලා .මොකෝ අතින් පයින් යනවා කියල ඇයි ...අඩුම තරමේ අර සංගීත සංදර්ශනයක් පටන් ගන්න "රණවිරු උපහාර ගීතයක් "කියනවා වාගේ ..හැක් හැක්

      Delete
  18. සිංදුවා .. මෙන්න මචං මගේ ආචාරය උඹට .හරිම වටිනවා. !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ ..මේවායේ ක්‍රෙඩිට් ඒක යන්න ඕනෑ උඹලට .කොමෙන්ට් කොට කොටා හිටපු මාව බෝගක් දාන්න උනන්දු කලාට ...

      ස්තුතියි බ්‍රෑන්ඩ් ඒක ගල්

      Delete
  19. ලොක්ක බලාගෙන ගියාම ඒකත් කොපියක් නෙ බන්.....අය්යෝ.....හැක් හැක්...!
    https://www.youtube.com/watch?v=0qV8W1z6ZZo

    ReplyDelete
    Replies
    1. මචෝ එකනේ පැහැදිලිවම කියලා තියෙන්නේ මේක "ද්‍රවිඩ ගී " තනුවක් කියලා .මේකේ සිංහල පද රචනය ගැනයි අපි කියන්නේ .මුල් කාලයේ ගීත බොහොමයක් හින්දි ,ද්‍රවිඩ අනුකාරක ගීත නේද ?

      Delete
  20. මේ වැඩේ ග්‍රේට් මචං. විස්තරේ වගේම, සින්දුවෙ එම්පී3 වර්ෂන් එකත් අපිට දෙන එක... සමහර සිංදු කොච්චර සර්ච් කළත් හොයාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩ්‍රැකීයෝ ...සමහර සිංදුවල මුල් ගීතය හොයාගන්න පට්ට ගේමක් දෙන්න ඕනෑ මචෝ .දැන් තියෙන්නේ ගොඩක් සින්දු සන්ෆලවර් එක්ක කරපු ඒවා ..

      Delete
  21. රාජ මාලිගේ කියන්නෙ 1968 දි ෆ්‍රෙඩී කියපු සින්දුවක් කියලා ඒ ගීතයට නඩුව වැටුනට පස්ස‍ෙ දැන ගත්ත‍ෙ. එ් ගීතයේ ඔරිජිනල් තනුව දෙමළ චිත්‍රපටි ගීතයකින් උපුටා ගත්ත එකක්. තනුව කෙසේ වෙතත් පද මාලාවට සහ මුල් ගායකයට සාධාරණයක් නොකොට තමන්ගෙ වගේ ආරූඩ නමකින් සින්දු කියන අලුත් ඩයල් එකක් පොර වගේ මේක කියනවා නම් මම දැක්කා.

    ReplyDelete
    Replies
    1. මමත් කියන්නේ සිරෝ ඕකම තමයි ....පද රචකයාට සහ ගායකයාට නිසි තැන දෙන්න ඕනෑ .ගොඩක් දෙනෙක් මේ සින්දු ගැන දැනගත්තේ අලුතින් කියපු නිසා .ඉතින් මුල් නිර්මාණ කරුවන් මතක් කළා නම් එකේ වටිනාකම තවත් වැඩි වෙනවා .මුන් මේවා කියන්නේ මුන්ගේ නිර්මාණ වාගේ .එකයි දුක

      Delete
  22. සිංදුගේ කාරණය ගැන මමත් සම්පූර්ණයෙන්ම එකඟයි. නිකමටවත් ඒ මිනිස්සුන්ව මතක්කරන්නෙ නෑ. ඒ වගේම එම් එස්ගේ පුතාල කරපු වැඩෙත් මං අනිත් අතට අනුමත කරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. කවුද මචෝ කැමති හම්බකරන් කන දේ නැති කරගන්න ......M .G උන්ට වැඩිය හොඳට කිව්වත් ඌ දිගටම ඒවා කියන එක වැරදියි .මොකද උගේම ආරක් හදාගන්න ඕනි .අපිට ඕනා අලුත් M .G කෙනෙක් මිසක් තවත් M .S කෙනෙක් නෙවෙයි ...මේවා දකින කොට අපිටයි අනුමත වෙන්න හිතෙන්නේ .... ( හොඳටම පරක්කුයි .කපනවා සින්දු කෝටාව )

      Delete
    2. අනේ සමාවෙයන් අයියණ්ඩී...මොකද්ද ඒ කෝටාව??

      Delete
    3. හිකිස්‌ ....මොන කෝටාද බන් .කටට ආවාට කිව්වා ..හැක් හැක්

      Delete
  23. sindu ano ග්‍රේට් , මෙන්න නෙළුම් යායට දැම්මා.
    http://nelumyaya.com/?p=2343

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් අය්යේ ...කවදා හරි දවසක උඹ ගැනත් මෙහෙම කවුරු හරි ලියයි බ්ලොග් ලෝකෙට කරන මෙහෙවර වෙනුවන් ..ජයවේවා !!!

      Delete
  24. පරවියා වගේ රාජ මාලිගේ ඔරිජිනල් ගීතය මම යූ ටියුබ් අප්ලෝඩ් කලා අමාරුවෙන් හොයාගෙන

    ReplyDelete