Monday, June 8, 2015

"ඔබේ ලොවේ අද මා රැඳිලා"



මේ දවස් වල කලාකරුවන්ට ලොකු අපලයක් තියනවා කියලයි මට හිතෙන්නේ .මොකද අපිට ඉන්න වටිනා කියන කලාකරුවෝ කිහිපදෙනෙක්ම මෙලොව හැර ගියා නැත්නම් ලෙඩ ඇඳට වැටුනා .මේ අතරේ" සමුගෙන යාදෝ"කියලා හිතාගෙන හිටිය නාමල් උඩුගම හිතට ලොකු සතුටක් එක් කරමින් ඉන්දියාවේ දී සිදුකෙරුණු ප‍්‍රතිකාරවලින් පසු "සමුගන්නේ නැ " කියාගෙන යලිත් ලංකාවට පැමිණියා .ඉතින් ඔහු පවසන පරිදි තමන් ක‍්‍රමයෙන් සුවය ලබමින් සිටින බවයි පැවසුවේ .නාමල් උඩුගම මහතාට  ශල්‍යකර්මයක් සිදුකර ගැනීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට උදවු කල සියලු දෙනාට හදවතින්ම ස්තූතිවන්ත වන බවත් නාමල් පැවසුවා. ඒ සතුටත් එක්කම මට හිතුනා ඔහුගේ ගීත කීපයක් මේ සමග බෙදාගන්න .......(අපේ මාතලනුත් නාමල්  ගැන පොස්ට් එකක් දැම්මා උදව් වෙන්න කියලා .උදව් කරපු හැමෝටම ස්තුති කරන ගමන් තවත් මෙවැනිම කලාකරුවෙක් වෙන "රුවන් විරසේකරටත්" මේ විහිහටම උදවු කරමු කියලා මතක් කරන්නත් මේක අවස්තාවක් කරගන්නවා  ) 















----------------------------------------------------------------------------------------

01.සමු ගන්නේ නෑ.

සමු ගන්නේ නෑ.. වෙන් වන්නේ නෑ.
කෙදිනක හෝ අපගෙ සිතුම් පැතුමන්..
ඉ‍ටු වේ වී..
ආරාධනාවන්.. ආයාචනාවන්..
පිළිගත් නිසා ඔයා..
හමුවේ වී...
ආලය ස්ථිර නිසා
නොයමු අපි වෙන්වෙලා
භවයෙන් භවේ සදා..
හමුවේ වී...

ගායනය - නාමල් උඩුගම

02.මා මුව අගින්

මා මුව අගින් මා මුව අගින් හිනහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක් ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට මගේ හද නොලැබෙන්නේ
රුව දැකලා සිත පිරිලා
හද බැඳිලා තැවෙනු එපා //
මා මුව අගින්...............
මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතේ //
මා මුව අගින්...............

ගායනය - නාමල් උඩුගම
පද රචනය -  නාමල් උඩුගම
සංගීතය -   නාමල් උඩුගම

03.රෑ සිහිනෙන්

රෑ සිහිනෙන්
ඔබ ළඟ මා සැනසෙනවා
මා සැබෑවෙන්
ඔබ ගැන සිත ලතවෙනවා //
මේ බැඳුනු සෙනේ
කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා
කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ
කෙදිනද අප තනිවන්නේ
රෑ සිහිනෙන් .........................
ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ රෑ සිහිනෙන් .........................

පද රචනය, සංගීතය හා ගායනය - නාමල් උඩුගම

04.අප හමුවීම වෙන්වීම දෝ ආදරේ

අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්...

පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා

රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා

ගායනය - නාමල් උඩුගම

05.බැසයන සඳ දෑතින්..

බැසයන සඳ දෑතින් නවතා ගන්නට බෑ
පරවෙන මල දෝතින් වලකා ලන්නට බෑ
ඔබ බැසයන සඳ නම් ඔබ පරවෙන මල නම්
රැක ගනිමිද කෙලෙසින්
මන්දාකිණීය ගලන නිසසල රැයක මැවෙන
මැදියම් අඳුරේ සැගවී
පවනැල් රහසේ සැඟවෙයි
ඔබ ඒ අහස වගේ නම්
හඳුනාගන්නද කෙලෙසින්
නන්නාඳුනන ලෙසින ගිමනට සිසිල රැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි
ඔබ ඒ සුළඟ වගේ නම් හඳුනා ගනිමිද කෙලෙසින්

ගායනය - නාමල් උඩුගම

06.ඉස්සර සෙනෙහස ...

ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල
මැවි මැවි රිද්දනවා
ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවෙමි
ඔබ මට හිනැහෙනවා
සුවඳක් දැනුණත් තවමත් ආසයි
පණ මෙන් පිදු හින්දා
මගේ අහිංසක හිත තැලුවත්
නෑ තරහක් මට දැනිලා
දම් පැහැ ගවුමයි රතුමල් කුඩයයි
තාමත් තියෙනවද
එපා වුණත් මා එපා දවන්නට
ඒ ආදර තිළිණ

ගායනය - නාමල් උඩුගම

07.ලොවම නිදන රාත්‍රියේ..

ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ//
ඔබ මා හමුවී එදා
වෙන් නොවනා ලෙස කියා//
අප හදවත් එකට බැඳී
කෙලෙස ඉමු කියා
මා ආදරේ සඟවලා
ඔබ ඔහු සමඟින් ගියා//
නැතිවද කුමරියේ ඔබට
මා මතක්වෙලා

ගායනය - නාමල් උඩුගම

08.මෙහෙණියක වී සසර කතරින්..

මෙහෙණියක වී සසර කතරින්
එතෙර වන්නට පාරමී පුරනා
ඔබ පෙම්වතියක ලෙසින්එදා මා
පෙමින් එදා මා ළඟ උන්නා
අවිහිංසක ඔබ අවිහිංසක මා
දෙගුරුන් හමුවේ ගැරහුම් ලැබුවා
මා රිදවන්නට නොහැකිව ඔබෙ හද
දහස් වරක් දෙගුරුන් රිදවූවා
පළිගන්නට මිස පිළිගන්නට මා
දෙගුරුන් ඔබගේ නොකැමති වූවා
ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට
කසාවතට ඔබෙ වත දන් දුන්නා

ගායනය - නාමල් උඩුගම


09.ඔබ මුලාවී මා සොයාවී....

ඔබ මුලාවී මා සොයාවී
ඔහුගෙ ආදරෙන් ඉවත් වෙලා
ඔබ සිතාවී මතු දිනේ
මාගේ ආදරේ ලැබෙයි කියා....
බඹරු මලින් වෙන්වන්නේ නෑ
රොන් අරගෙන ආයේ නොයන් නෑ
රොනේ සුවඳ සිතන් යන්නෙ නෑ
එලෙස ඔබට ඔහු කරන්නෙ නෑ
ළහිරු කිරණ දුටු සැනෙකින් වාගේ
විකසිත වුණ මල ඔබ ඒ වාගේ
පැතුවත් හදවත ගන්න මට මාගේ
මගේ ආදරේ ඔබට දෙන්නෙ නෑ

ගායනය - නාමල් උඩුගම

10.පිපුණු කුසුමේ සුවඳ දැනුනේ...

පිපුණු කුසුමේ සුවඳ දැනුනේ
පාවීලා
තරුද නිවුණේ අඳුර ගිලුනේ
පායාලා
මාගේ ජීවන රජදහනේ
ආශා ආදර මල් පිපුනේ
පාවේ ගී හඩ මද පවනේ
ආශා දැහැනේ මා වෙලුනේ
ආසිරි තාරුකා
නිවි නිවි පායලා
මාගේ ගීය අසා
සැලි සැලි රඟාලා
මල් මල් සිනා පා
මේ ගී මා ගයනා ....

ගායනය - නාමල් උඩුගම

11.සිතුල් පව්වෙ වෙහෙර..

සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා
කුසල් වලින් හුඟක් අරන් යන්න පේ වෙලා
විසල් පුරේ විශාඛාව ලෙසින් නෙතු සලා
අවසර නෑ ඇස්දෙක ළඟ ඉන්න නැවතිලා
අසල් වැසි ළඳක් වාගෙයි තෝරන බහනම්
සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්
හිත ඇතුළෙන් දුරක් ගිහින් මගෙම වෙලා දැන්
මම අමතක කරන්නෙ නෑ කොළඹ එනව නම්
සිදාදියේ කිරිල්ලියන් තරඟ කරාවී
මොණර පැටික්කියගෙ රුවට තරහ ගනීවි
තව මොහොතින් විහාරයෙන් බස් එක යාවී
දුරස් වෙන්න එපා මගෙන් රුහුණු කුමාරි

ගායනය - නාමල් උඩුගම

12.පෙම් සිහිනේ ඇයි බිදුනේ...

පෙම් සිහිනේ ඇයි බිදුනේ
මා හැර ගියේ කුමරියෙ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි...//

මාගේ පැල්පතේ ඉසුරු නෑ කියා
ඔබ මගෙන් වෙන් උනා
වෛරයක් නෑ හිතේ මං ආදරෙයි..//
සමුගෙන ගියදා යළි සිහිවීලා
හැඩුවාදෝ ආයේ...

පෙම් සිහිනේ......

නිහඩ රාත්‍රියේ සුවඳ ගෙනාවේ
අහිමි වු ආදරේ
තාම මම ආදරෙයි මං ආදරෙයි..//
ඔහු හා බැදිලා වෙනතක යනවා
මා අමතක කරලා...

පෙම් සිහිනේ......

ගායනය නාමල් උඩුගම 

13.ඔබේ ලොවේ අද මා රැඳිලා...

ඔබේ ලොවේ අද මා රැඳිලා
බලා හිඳී සැනසුම පතලා
සෙනේහයේ සිහිලැල් සොයලා
ඔබේ ලොවේ අද මා . . . රැඳිලා

සෑබෑ සෙනේ සිතින් දරා
ලඟින් ඉදින්නේ මා ...
ඔහුගේ ලොවේ ඔබ රැඳිලා
මුලා නොවනු කිසිදා ...
අයාලයේ නොයන්නේ මා
ඔහු මෙන් ඔබ රිදවා ...
ඔබගෙ සෙනේ මා සනසා
කියා දෙන්න මතුදා ..

දිවා රැයේ පෙරුම් පුරා
පැතුම් පතන්නෙමි මා ...
නෙතු සිහිනේ මල් පුබුදා
ඔබේ ලඟට එනවා
මගේ හදේ නැවුම් අමා
හැඟුම් කියන්නේ මා
රන් රස සේ අත් බැඳිලා
වෙනස් නොවී කිසිදා ...

ගායනය - නාමල් උඩුගම 


"ගිත සියල්ල මෙතැනින් ගන්න"


53 comments:

  1. ලස්සන සින්දු ටික.

    ReplyDelete
    Replies
    1. ඒ සින්දු ටික කියන කෙනා සුවවුන ඊට වඩා ලස්සනයි .ස්තුතියි හංසමාලි ...

      Delete
  2. ඒ යකා හිටපු විදියට නම්, මේක විශ්ව කර්ම ගේමක්... හිතා ගන්නත් අමාරුයි...

    ReplyDelete
    Replies
    1. අනීවා මාතේ ..මේක විශ්ව කර්ම ගේමක්. මේ මනුස්සයා මැරෙන්න කලින් අපේ එවුන් මැරුවනේ නිවුස් වලින් ..

      Delete
    2. ඇයි බං බ්ලොගර්සල කී දෙනෙක් ඇඩුවද?

      Delete
  3. ඒ මනුස්සයා සනිප වුන එක වටිනවා..
    දැඩි කැමත්තක් නැතත් අකමැත්තක් නැතුව නාමල්ගෙ සිංදුවක් අහගෙන ඉන්න පුලුවන්.
    එල ද බ්‍රා
    ටැංකියු සිංදු ටිකට.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා ඔන්න මම කලින්ම කිව්ව... ඔය බීම ටිකක් අඩු කරපන්...

      බ්‍රෑන්ඩ් එක ගල්...

      Delete
    2. මෙන්ඩෝ දැන් කියන සින්දුත් එක්ක මේවා මල් මසුරන් මචෝ .අහන් ඉන්න පුළුවන් .මොනා උනත් 90 දශකයේ ජනප්‍රියම ගයකයා ...
      @ප්‍රසාද් ..ඕනිම දෙයක් ඕනෑවට වඩා ඕන නැ කියනවානේ ..
      ස්තුතියි
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    3. සමියා...
      ඔය කිව්වට මම එහම බොන්නෙ නෑ..සදුදා අගහරැවාදා බදාදා බොනවා ඊට පස්සෙ බ්‍රහස්පතින්දා සිකුරාදා බොනවා සෙනසුරාදා වැඩ ඇරිලා යනකොට දෙකක් දානවා ඉරිදාට නිවාඩු හින්දා බොනවා..
      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
  4. අනී එයා බීලලු ලෙඩවුනේ නේද?

    ReplyDelete
  5. අපි පොඩි කාලෙ අපේ නැන්දලාගෙ සිහින කුමාරයා - අපේ කාලෙ කාඩ්බෝඩ් සිහින වීරයින්ට වඩා හැන්ඩියා දක්ෂයා

    ReplyDelete
    Replies
    1. //අපේ කාලෙ කාඩ්බෝඩ් සිහින වීරයින්ට වඩා හැන්ඩියා දක්ෂයා//
      +++++++++++++++++++++++++++++++++++
      අපේ පුංචි කෙනෙක් හිටියා නාමල්ම බදින්න .පව් මචෝ එයාට නරි උනා ..හැක් හැක්

      Delete
  6. නාමල් සනීප වීම ගැනත් මේ සින්දු ටික මේ වෙලාවේ ලැබීම ගැනත් මාර සතුටුයි.. කවුරුවත් නෑ.. mp3 එක හිමින් දාගෙන කට ඇරලා හෙන සද්දෙන් කියුවා..හැක් හැක්.. අවුරුදු විසි පහකට විතර පස්සේ.. ජය වේවා!

    රුවන් වීරසේකර ගැනත් මේ විදියටම කියන්න ලැබේවා!

    ReplyDelete
    Replies
    1. හප්පට ඒ කෑගැහුවෙ උඹද ?? මං හිතුවා පාරෙ යන වාහන වලට ෂයිනි බුරනව කියල .. ඕ යේස් :D

      Delete
    2. අඩේ පත්තරයා වෙනස් වෙලා...
      කමියා..
      උඔට සිංදු කියන්නත් පුලුවන්ද? එහනම් අල්ලපු ගෙදර ටොමියාට සිංහල රචනා ලියන්නත් පුලුවන් ඇති..

      Delete
    3. අපහාස කරන්න එපා කමියට , අ.ත.ක.ස එකේ ඊලග සභාපති.

      Delete
    4. උඹලා මගුලක් කියනවා...ඕකාගේ සිංදුකීමේ හැකියාව කොච්චරද කියනවනම් බෝඩිමත් අතෑරලා යනවළු ලගදිම.ෆලැට් එකේ එවුන් පෙත්සම් ගහලලු.

      Delete
    5. කම්මලේ, කමියා කොහොමත් අතකස කසා තමා ඉන්නෙ.

      Delete
    6. කමියෝ "රුවන් වීරසේකර ගැනත් මේ විදියටම කියන්න ලැබේවා! " මේකම තමයි මගෙත් ප්‍රාර්ථනය ...
      මෙන්නෝ මෙවුන් ටික උඹව විකනවා ...මෙන්ඩා "ටොමියාට " කොහොමත් බයිලා පුළුවන් මම හිතන විදිහට ...හැක් .
      මදාවියෝ කාමියා අත කස කස ඉන්නවා .මම දැන් අත වෙලාගෙන ඉන්නවා ....

      Delete
    7. හපූයි.. මේ වගේ එව්වෝ කියවන එව්වයි ආයි කොමෙන්ට් දාන්නේ නෑ.. හැක්.

      Delete
  7. සතුටුයි! දැන් දිලෙන තරුවක් නොවුණත් කඩා වැටෙන තරුවක් නොවී මනුශ්‍ය ජීවිතයක් විදිහට රැකුනු එක ගැන. ජීවිතය ගැන නාමල් අපිට කියා දීපු පාඩම වටිනවා අර සමනල සින්දු සේරටම වඩා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචෝ ..මොනා උනත් යුගයක් පිනවපු ගායකයෙක් ...

      Delete
  8. මධුමාධව නාමල්ව ගොඩ දාන වැඩේට සෑහෙන මහන්සි වුනා නේද ?

    ඔහු සුවය ලබපු එක ගැන ඇත්තටම සතු‍ටුයි. 70ව මිල්ටන්ගෙ නම් 90ව නාමල්ගේ කියලයි මට හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් දෙනෙක් මේ වෙලාවේ උදවු කළා කියලා තමයි ආරංචි ...
      //70ව මිල්ටන්ගෙ නම් 90ව නාමල්ගේ කියලයි මට හිතෙන්නෙ..//
      ++++++++++++++++++++++++++++++++

      Delete
  9. නාමල් උඩුගම මහතා නැවත සුපුරුදු ලෙස ක්ෂේත්‍රයට එන්න අවාස්තාවක් ලැබීම ගැන ගොඩක් සතුටුයි. මේ වගේම රුවන් වීරසේකර මහත්තයටත් ඉක්මණට සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. මගෙත් පැතුම එයමයි මනා ....

      Delete
  10. මං මෙහෙනියක වී සසර කතරින් කියන සිංදුවට පට්ට ආසයි මචෝ.. නාමල් සනීප වෙලා ආයෙ ආව එක ගැන අප්පරමාන සංතෝෂයි..බොක්කෙන්ම !!

    ReplyDelete
    Replies
    1. මමත් ගොඩක් ආස සිංදුවක් මචං...

      Delete
    2. මෙන්න මේකා ඉන්නවා .උඹව දැක්ක එක ගැනත් අප්පරමාන සංතෝෂයි මචෝ ...

      Delete
  11. නාමල්ගෙ හොඳ තේරුමක් ඇති සිංදු ත් තියෙනවා. අම්මා ගැන ගීතයත් ඒ වගේ එකක්. ඉස්තූතියි මේ සෙට් එකම අපිත් එක්ක බෙදාගත්තට මචං. සිංදු වලට වඩා මං කැමති නාමල්ගෙ මනුස්සකම ගැන කියන කතා වලට.

    ReplyDelete
    Replies
    1. අපේ ගොඩක් දෙනෙක් කරන්නේ පිළිම වන්දනාවක් ඩ්‍රැකී.හොඳ දේට හොඳයි කියන්නැ ගායනා කරන මනුස්සයා නිසා ...

      Delete
  12. එල එල...සින්දුවා....නාමල්ට වගේම රුවන් ටත් ඉක්මන් සුවය ලැබේවා....!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ ..මගේත් ප්‍රාර්ථනය ඒකමයි

      Delete
  13. රුවන්ගේ තත්වය තාම සීරියස් නේද?

    ReplyDelete
    Replies
    1. තාමත් යතා තත්වයට පැමිණිලා නැ ...මම දැක්කා දෙරණ tv එකේ පෙන්නනවා .අදුන ගන්නවත් බැරි විදිහට වෙනස් වෙලා ..

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. අපි ඉළංදාරි කාලෙ තමයි නාමල් පීක් එකේ හිටියෙ. මට නාමල් එක්ක පුදුම තරහක් තිබ්බෙ . ඇයි යකෝ කෙල්ලො නාමල් අයි......යා කියාගත්ත ගමන්, ඒ තරහට සිංදුවක්වත් ඇහුවෙ නෑ. රුවන්තිව බැන්ද දවසෙ වැඩියෙන්ම සතුටු වෙච්චි එකෙක් තමයි මම.
    නාමල් හිටපු තත්වය අනුව ,මෙලෙස සුවපත් වීම ( සුවපත් කරවීම ) ගැන ඉතාමත් සන්තෝශයි.

    ReplyDelete
    Replies
    1. මොකෝ මේ හැම තැනම ඩබල් වෙලා....

      Delete
    2. අනේ මන්ද කටුස් මේ ලෙඩේ තියනව.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. //රුවන්තිව බැන්ද දවසෙ වැඩියෙන්ම සතුටු වෙච්චි එකෙක් තමයි මම// හුකැස් .ඒ මොකෝ ට්‍රයි කරපු කෙල්ලත් නාමල්ට පිස්සු හැදිලද හිටියේ ....

      Delete
  16. නාමල් ගේ සින්දු වල ලොකු විශේෂත්වයක් මට නම් නැහැ.හැබැයි ජනතාව පිනවූ කලාකරුවෙක් විදියට නාමල් ලැබූ සුවය ගැන සතුටුයි.රුවන්ටත් ඉක්මන් සුව පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් මනෝජ් ...ඒ දවස් වල මටත් වැඩිය දිරවන්නේ නැ .එත් දැන් තියන ඒවාට වඩා අහගෙන ඉන්න පුළුවන් සින්දු ටිකක් තියනවා

      Delete
  17. ඉස්සර තිබුනා සෙනෙහස කියලා පත්තරයක්.ඒකේ තනිකරම තිබුනේ නාමල් ගැනමයි.අපේ අක්කා එහා ගෙදර අක්කගෙන් ඉල්ලගන හොරෙන් බලනවා.එයා හංගපු තැනින් මමත් බලනවා.ඒ කාලේ පොඩි එකා.මෙලෝ තේරුමක් නෑ කියල තියන දේවල් මට.අක්කගේ වදේට යූත් එකේ තිබුන තුන්සිතක ගී බලන්න එක්කන්ගියා.ඒකෙදි ශෝ එක ඉවරකරන්නේ තුන්දෙනාම එකට සිංදුවක් කියලා.නාමල් උඩට (බැල්කනියට )ගියා ගියාමයි මිනිහට ආපහු ස්ටේජ් එකට එන්න හම්බුනේ නෑ.කෙල්ලෝ නාමල්ව වටකරගන.
    ඔය ජනප්‍රිය සන්ස්කෘතියේ පළමුවෙනියා නාමල් මම හිතන්නේ.වික්ටර්,රුකා,ආත්මා ජනප්‍රිය සන්ස්කෘතියේ හිටියා තමා එක එක කාල වකවානුවල.ඒත් කෙල්ලෝ ප්‍රසිද්දියේ මෙච්චර මැරෙන්න හැදුවේ නාමල්ට තමයි .

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි නුවරඑළියේ ෂෝ එකකට ඇවිත් ඔයවාගේම දෙයක් උනා .මට අපේ පුංචිව හොයාගන්න පයක් විතර කට්ට කන්නත් උනා ...

      Delete
  18. නාමල් සුවපත් වීම ගැන සතුටුයි...
    ඔහු වගේම රුවනුත් ඉක්මණට ගොඩ එනවනම් හොඳයි...

    නාමල්ගේ සින්දු වලින් කීපෙකට ආස උනාට ඊට වඩා මම රුවන්ගේ වාදනයට කැමතියි...

    ReplyDelete
    Replies
    1. //ඔහු වගේම රුවනුත් ඉක්මණට ගොඩ එනවනම් හොඳයි...//
      ++++++++++++++++++++++++++++++++++++++
      ලොකු පුතා රුවන් වයලීනයට ලොකු වටිනාකමක් දුන්නා ඔහුගේ වාදනයෙන් .මිනිස්සු කිව්වේ අර වයලින් "බාගෙන් " ගහනවා කියලා ...

      Delete
  19. නාමල්ට සුව වුන එක ගැන ඇත්තටම සතුටුයි.. ඉස්කෝලේ යන කාලේ නාමල්ගේ සිංදු තරම් හිත ගිය නිතර මුමුණන සිංදු අපිට නොතිබුන තරම්.. අදටත් සමහර ඒවා එහෙමමයි.. ඉක්මනින් ආයෙම ගීත ලෝකයට ඒවි කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. මේ ගීත ලියපු සංගීතය දීපු අය ගැන පොඩි සටහන් දෙන්න බැරිද? බැරිමනං ඇල්බම් කවරෙ පින්තූරයක් වුණත් කමක් නෑ :-)

    ReplyDelete