Friday, June 26, 2015

"එකම එක කුසේන් බිහිවී එකට හැදෙනවා"


එකම පවූලේ සොයූරන් සිව්දෙනකුගෙන් යූත් මෙරට ප්‍රථම ගායක කණ්ඩායම ලෙස "ධර්මරත්න සහෝදරයෝ" බිහි වූයේ මීට දශක හතරකට උඩදීය. ඔවූන්ගේ ප්‍රථම ගී තැටිය වර්ෂ 1967 නොවැම්බර් මස නිකුත් විය. ඔවූන්ගේ ප්‍රථම ගීතය වන "වැස්ස වහිනවා" ට අමතරව, "පූංචි හූරතලා", "කඳුකරේ", "නොන්ඩි කිරා" යන ගීත ද එහි අඩංගු විය. කොළඹ ගවූරි කෝපරේෂන් සමාගමේ "පිලිප්ස්" ලේබලය යටතේ එම ගී තැටිය නිෂ්පාදනය කළේ පැටිරික් කොරේරා මහතාය. නමූත්, "ධර්මරත්න සහෝදරයෝ" සැබැවින්ම උපත ලැබූවේ වර්ෂ 1965 අග භාගයේ කොළඹ කොල්ලුපිටියේ මෙතෝදිස්ත විදුහලේ පැවැති දීපව්‍යාප්ත ගායනා තරගයකින් දෙවන ස්ථානය දිනා ගනිමිනි. "ධර්මරත්න සහොදරයෝ" නමින් ඊට ඉදිරිපත් වූයේ මෙල්රෝයි ධර්මරත්න සහ දැනට දිවියෙන් සමූගෙන සිටින රොනල්ඩ් ධර්මරත්න යන දෙසොහොයූරන් පමණකි. ඉන් ෙෙධර්යමත් වූ ඔවූන්ගේ මෑණියෝ, එවකට යූග දිවියට පිවිස සිටි ක්‍රිස්ටි සහ මැක්ස්වල් යන සොයූරන් දෙදෙනාද එක් කරගෙන "ධර්මරත්න සහෝදරයෝ" නමින් අලුතින් ගායක කණ්ඩායම ආරම්භ කළහ. වර්ෂ 1982 දී දිවියෙන් සමූගන්නා තුරුම ගායක කණ්ඩායමේ පාලකවරිය ලෙස කටයූතු කළේ මවයි. "පිලිප්ස්" ලේබලය යටතේ නිකුත් වූ ඔවූන්ගේ ඊළඟ ගී තැටියට, "කලකට පෙර ඒ බෙත්ලෙහෙම්", "මායා", "ගොවි මාමා", "ශිරි ලංකා" යන ගීත ඇතුළත් විය. "කලකට පෙර" ගීතය එදා මෙදා තුර සෑම නත්තල් සමයකම කිතුණූ සහ ක්‍රිස්තියානි දේවස්ථානයන්හිද නත්තල් ගී සංදර්ශනවල ද කැරොල් ගීතිකාවක් ලෙස ගායනා විය. "සූරිය" ලේබලය යටතේ නිකුත් වූ ඔවූන්ගේ දෙවන ගී තැටියට, "රාජකුමාරි" "මූතු මැණිකේ", "වැහිදාක ගගනෝදරේ", "බොරුවට අඬ අඬ" නම් ගී සතර ඇතුළත් විය. ගායක කණ්ඩායම විසින් තනි ගායනයක් විලසින් ඉදිරිපත් කරන ලද ප්‍රථම ගීතය "වැහිදාක ගගනෝදරේ" වන අතර, එය ගායනා කළේ මැක්ස්වල් ධර්මරත්නය. එසේම, මෙම ගීත තැටියේ තිබූණූ අනෙක් සූවිශේෂත්වය නම්, එවකට ජනප්‍රියව සිටි ශිරෝමී ප්‍රනාන්දු නම් ළමා ගායිකාව (ධර්මරත්න සහෝදරයන්ගේ සොයූරියගේ දියණිය) කණ්ඩායම සමග ගායනා කළ "බොරුවට අඬ අඬ" යන ගීතය ද ඊට ඇතුළත් වීමයි. මින් නොනැවතුණූ "ධර්මරත්න සහෝදරයෝ"කණ්ඩායම, "මංගල මං", "සූර සරදියල්", "කුමරි මගේ", "මෙඩිකල් කොල්ලෝ", "සහෝදරයො හතර දෙනා", "කෙල්ලනි මේ අහපල්ලා", "හලෝ ඩල්සි" යනාදී ගීත රාශියක් වෙළෙඳ ගී තැටි සඳහා ගායනා කළහ. ඒ අතර, ඔවූන් ප්‍රථමවරට ප්‍රවීන ගායිකා සූජාතා අත්තනායක සමග ගායන කළ "රොමියෝ ජූලියටි" නම් ගීතයද විය. "ධර්මරත්න සහෝදරයෝ", මෙරට අන් ගායක කණ්ඩායම් අතරින් වෙනස් වන සූවිශේෂ හේතුව නම්, ඔවූන් මෙතෙක් ගායනා කළ සෑම ගීතයකම පද රචනය සහ තනූ නිර්මාණය ඔවූන් විසින්ම කිරීමයි. මූල් යූගයේ ඔවූන් ගැයූ ගීත කිහිපයක තනූ නිර්මාණය රොනල්ඩ් විසින් කරනූ ලැබූ මූත් පසූකලෙකදී ඔවූන් ගැයූ සෑම ගීතයකම පද රචනය හා තනූ නිර්මාණය කළේ මෙල්රෝයි ධර්මරත්න ය.

 (විස්තර උපුටා ගත්තේ දිවයින පත්තරයෙන් )


සහෝදරයෝ හතර දෙනෙක් ගීත ගයනවා 

පුංචි කොල්ලෝ හතර දෙනෙක් මව් උකුලේ නැලවුනා
දරු නැළවිලි ගීයක් ඇගේ මුවින් පිට වුනා
ඇගේ පියසටහන් ඔස්සේ සංගීතේ බිහිවුණා
පුංචි කොල්ලෝ දුර යන බව මවට තේරුනා

එකම එක කුසේන් බිහිවී එකට හැදෙනවා
එකට එකතුවී සංගීතය පතුරනවා
වැස්ස වහිනවා වැස්සේ සිරිය දකිනවා
සහෝදරයෝ හතර දෙනෙක් ගීත ගයනවා
අපි සහෝදරයෝ හතර දෙනා රස හැඟුම් මවනවා ...

මතුපිට රතු රෝස කුසුම් මතුරපු කාලේ
යටින් තියෙන්නේ කටුබව දෙපයට තේරේ
මවගේ ඔවා එලිය දුන්නා යද්දී කළුවරේ
ආව ගමන මතක් වෙලා කඳුලැලි වැගිරේ ..
එකම එක කුසේ ...

විසකුරු නයින්ගේ නොපෙනෙන මැණිකක් තිබුනා
ඒ මැණික ලබාගන්නට අපි හරිම වෙහෙසුනා
සමහර අය අපයන මඟ අහුරා තිබුනා
මැණික ගන්න හුඟදෙනෙක් උදවු උනා
එකම එක කුසේ ...

ගායනය - ධර්මරත්න සහෝදරයෝ


හෝ වැස්ස වැහිනවා

ඈත හිමින් වලා රොදක් පාවෙනවා
සීත සුලන් කැරලි ගැසී තදින් හමනවා
ආලෝකය අඳුර විසින් ගිලලා දමනවා
මහා වැස්සක් හිටිහැටියේ කඩා හැලෙනවා
හෝ වැස්ස වැහිනවා ...//

කානු දිගේ මහා ජයටම වතුර ගලනවා
ගෑනු තුන්දෙනෙක් කුඩ යට ගමන් කරනවා
කුණාටුවේ සැර ගතියට ගස් කැරකෙනවා
වෙලේ තියන පොඩි පැල්පත් පියඹා යනවා
හෝ වැස්ස වැහිනවා ...//

විදුලි කොටනවා සැරටම අකුණු ගහනවා
පාරේ ඉන්න කොළු කුරුට්ටෝ වැස්සේ නානවා
ජෙමිසාගේ කඩය වේලපහින් වසනවා
අහස කුමාරයා තවම කඳුළු සලනවා
හෝ වැස්ස වැහිනවා ...//

ගායනය - ධර්මරත්න සහෝදරයෝ


අව්ව පායලා

කඳු සිකර තුළින් හොරෙන් හොරෙන් එබිල බලනවා
හිරු කුමාරයා හිනා වෙමින් ‍රැස් පතුරනවා
අඳුරට පහණකි මුළු ලොව එළිය කරනවා
වැසි ඉවරයි සං‍තෝසයි අව්ව වැටෙනවා ...
අව්ව පායලා .. අව්ව පායලා ...//

ලිං කානු අගල් වතුර හිඳී හොඳට වේලිලා
පිං කරපු ලෙසින් ගොයම් කරල් රනින් දිලිසිලා
කුණාටුවට මැලවුන ගස් සිනා මවාලා
වෙලේ තියෙන පැල්පත්වල සතුට පිරීලා
අව්ව පයාලා ...

වැස්සට ගෙට ගත් පැදුරු ගෝනි එළියේ දමන්නේ
පිට්ටනියට රැස්වෙන කොල්ලෝ පන්දු ගසන්නේ
ජේමිසාගේ කඩයට අද සෙනග පිරෙන්නේ
වැසි ඉවරයි දුක ඉවරයි රබන් ගහන්නේ

අව්ව පායලා ....

ගායනය - ධර්මරත්න සහෝදරයෝ


කඳුකරේ ...

කඳුකරේ කඳුකරේ පෙම් කතන්දරේ ..//
තරුණයෙක් සිටි සිදාදියේ
කඳුකරේ වෙත පිටව ගියේ
සඳකැන් වැගිරෙන රාත්‍රියේ
ඇවිදින්නට ආසාව තියේ ...
කඳුකරේ පරිසරේ
බෙදනවා සුව නිරන්තරේ ...//
කඳුකරේ පාළුව බින්දා
කඳුවැටි ඇගේ ගී රස වින්දා
මිහිරක් කඳුකරයට කැන්දා
ගෙන එන නම ඇයගේ නන්දා ..//
මිහිරියේ ගැමිලියේ
කඳුකරේ මනහාරියේ ..//
ලස්සන මල්ගොමුවල් අස්සේ
යයි කඳුකර මාවත ඔස්සේ
අත් අල්ලා කඳුවැටි බැස්සේ
ප්‍රේමෙන් උමතුව හැම තිස්සේ
කඳුකරේ කඳුකරේ
කඳුකරේ රසයක් ඉතිරේ ..//

ගායනය - ධර්මරත්න සහෝදරයෝ


කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධවූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ
පුංචි ගව මඩුවේ...//

උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ
සීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ
දුප්පත් එ‍ඬේරු ‍මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ

මරිය තුමීගේ පෙම්බර මුහුණේ එළියක් දිස් වූයේ
‍ජුසේ තුමා කිසි දාකත් නෑ දෙවි අණකට ‍පිටුපෑවේ
වටපිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසතී
රජ තුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරතී

මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා

දිවැස්වරුන් බොහෝ කලකට පෙර කී දේ ඉන් ඉටුවූවා

ගායනය - ධර්මරත්න සහෝදරයෝ

වාසිටි කොල්ලෝ

නවීන පන්නේ ගතිගුණ අපිට තියෙන්නේ
කේසර සිංහයෝ අපියි වාසිටි කොල්ලෝ
සතුටින් ඉන්නේ හන්තානේ රජදහනේ
කේසර සිංහයෝ අපියි වාසිටි කොල්ලෝ

මැණිකෙල මැණිකෙලා උඩරට පැත්තේ
නෝනලා නෝනලා කොළඹ පලාතේ ......

මැණික උනත් නෝන උනත් නවක වදේමයි 
බිඒ බිඒ ගන්නයි එන්නේ 
ලෙක්චර් ලෙක්චර් අහගෙන ඉන්නේ 
ඩිග්රි ඇතත් සැලකිලි 
ඩිග්රි නැතත් සැලකිලි 
ගෑනු  උනත් පිරිමි උනත් 
එකම සැලකිලි  

නවීන පන්නේ ගතිගුණ අපිට තියෙන්නේ...//

ගායනය - ධර්මරත්න සහෝදරයෝ




-----------------------------------------------------------------------------
ප.ලි 
කවුරු කවුරුත් දන්නා සුන්දර මතකයන් හැමෝමත් එක්ක බෙදා ගන්න ....
වැරදි ඇතොත් පෙන්වා දෙන්න 


47 comments:

  1. ලංකාවේ කණ්ඩායම් සංගීතය ඉපදුනේ අපි ඉස්කෝලේ යන කලේ නොවැ. මුලින්ම එහෙම දෙයක් ගැන අදහසක් ආවේ මිනොන් රත්නම් (ප්‍රනාන්දු) ගේ ගීත ඇසීමෙන්. (ජෙට් ලයිනර්ස් කණ්ඩායම) ඊට පස්සේ තමයි ක්ලැරන්ස් ලා, ධර්මරත්න සහෝදරයෝ වගේ අය හඳුනාගත්තේ. ඔය ඔක්කොගෙම ගීත අපි ඒ කාලේ ඇහුවේ ඊ පී රෙකෝඩ්ස් හෙවත් Extended Play Records වලින්. ඒ රෙකෝඩ් එකක තිබුනේ ගීත හතරයි. එක පැත්තක දෙක බැගින්.

    ReplyDelete
    Replies
    1. මදි මදි හොඳටම මදි විස්තර ටික .. ඔබ තුමාලාගේ අත්දැකීම් ,මතකයන් අවදි කරන්න තමයි මමත් උත්සහ ගන්නේ ....ස්තුතියි විචාරක තුමෝ

      Delete
  2. අර නිසසල දිය මත සඳ කැන් වැගිරෙන, ඕලු නෙලුම් මල් ..කියන සින්දුව කියන්නෙත් මේ ගොල්ලද?

    ReplyDelete
    Replies
    1. අජිත් අය්යේ මේ සින්දුව මට වැඩිය මීටර් නැ .මම හොයලා බලලා කියන්නම්
      ස්තුතියි

      Delete
  3. උඔට මතකද එක කාලයක් පුරේට වැස්සා උතුරන්න එ දවසක අපි සෙට් එකක් බිලා අව්ව පායලා සිංදුව කිය කිය හිටියා..එකෙක් ගෙමම ඉල්ලනවා කතා කරලා බැලුවාම..
    “නෑ..මෙන්ඩිස් මල්ලි වැහැලා වැහැලා කුඔුරැ ඔක්කොම වැව් වගේ අපිට වහ බොන්න වෙලා මුං ටික කින්ඩියට “අව්ව පයලා..අවව පායලා“ කියනවා..දෙන්න හිතෙනවා කිව්වා..
    එල ද බ්‍රා
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. හිකිස් ...අපිට නැව ගිලුනත් බෑන් චුන් නේ නැද්ද මෙන්ඩෝ ..

      Delete
  4. මම නම් ඔතනින් අහලා තියෙන්නෙ "කලකට පෙර" සින්දුව විතරයි. එකට හෙතුව වැඩිය සින්දු අහන්නෙ නැති එක. අද නොදන්නා දෙයක් දැන ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඒ යෝජනාවේ පළවන වගන්තිය මම ඉස්තීර කොරනවා. ආ අන්තිම වගන්තියත් ඉස්තීර කොරනවා. අපේ කොළඹ ඉට්ටාප් එකේ හිටියා ඔය කණ්ඩායම් සංගීතයට නමක් එක්කල ගායිකාවක්. ලාංකිකා පෙරේරා.

      Delete
    2. කැඑලෝ , සතුටුයි යමක් මෙතැනින් දැනගත්තා නම් ..

      Delete
    3. මදාවියෝ ලාංකිකා පෙරේරා නේද "කිමද නාවේ" කියන සින්දුව කියන්නේ ? එයා "ගෝල්ඩන් චයිම්ස්‌" එකේ නිත්‍ය ගායිකාව ... ක්‌ලැරන්ස්‌ විජේවර්ධන සමඟ එක්‌ව ගෝල්ඩන් චයිම්ස් ආරම්භ කළේ ශානක පෙරේරාය. ශානක ලාංකිකාගේ සැමියාය. ලාංකිකා ගෝල්ඩන් චයිම්ස්‌හි නිත්‍ය ගායිකාව බවට පත්වූයේ හැත්තෑ එකේදීය. ඒ ක්‌ලැරන්ස්‌ගේ ආරාධනාව මතය.

      Delete
  5. සින්දු, උඹ අහලා තියෙනවනේ අපි නිතර කියන දෙයක් දැන් තියෙන දේවල් හොඳ නෑ, එදා තරම් කියලා. දැන් මොනවද බං යන සින්දු. මේ කිසි කමකට නැති වල්පල්නේ. "..........' කියයි. "........." කියයි. ඕව සින්දුද?

    ඔය තත්වෙ කවදාවත් වෙනස් වුනේ නෑ. එදා කියපු කතාවක් තමයි.

    මොනවද බං අර කණ්ඩායම් ගී කියලා කියන්නේ? වැස්ස වහිනවා කියයි. අව්ව පායනවා කියයි. ඕවා සින්දුද? කියන්න දෙයක් නැතිනම් නිකා හිටපල්ලකෝ. දැන් බලා පල්ලා අර 'සිරි බුද්ධ ගයා විහාරේ" එතකොට සිරා ගොයියා හරි මිනිහා." අන්න ඒවනේ සින්දු. බ්ලා බ්ලා බ්ලා

    ReplyDelete
    Replies
    1. "එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්"
      කතාව නම් ඇත්ත ඩුඩ් අය්යේ ...එත් බන් දැන් හැදෙන අදෝනා අහන්න බෑනේ බන් ..

      Delete
  6. ඒ කාලෙ කණ්ඩායම් සංගීතය ගණන් ගත්තෙ නෑ කබල් සිංදු කියලා.දැන් හැදෙන සිංදුත් එක්ක අරං බලපුවම ඒවා හොඳයි.ඉස්සරහට හැදෙන සින්දුවලටත් ඔහොමම කියයි නේද සින්දුවෝ.

    ReplyDelete
    Replies
    1. "කැරකෙන ලෝකෙක අපි හැල්මේ දුවනවා"
      අනේ මන්දා හැලප අය්යේ මේකත් එක්තරා අතීත කාමයක් තමයි නේද ?

      Delete
    2. රසබර මොහොතක මතකයන්
      http://helapakade.blogspot.com/2014/02/114.html

      Delete
  7. මේ ගායක කණ්ඩායම ගැන මං අදයි ඇහුවෙ සින්දු. ගොඩක් ස්තූතියි විස්තරේට.

    ReplyDelete
    Replies
    1. ගායක කණ්ඩායම ගැන අද දැන ගත්තත් මේකේ ඉන්න එක සාමාජිකයෙක් ගැන නම් දන්නවා ඇති මනෝ .
      ඒ ගී පද රචක මෙල්රෝයි ධර්මරත්න.එතුමා පද රචනා කළ ගීත වික්ටර් රත්නායක සමඟ ‘දුර ඈත අතීතේ’ - ‘සුළ‍ඟේ සෙලවෙන නා දල්ලයි’ - ජේ. ඒ. මිල්ටන් පෙරේරා ගැයූ ‘වෙහෙසට සෙවණක් දුන්න ගසේ’ - ටී. එම්. ජයරත්න ගයන ‘සීලවතී’ - සුජාතා අත්තනායක ගයන ‘අහස ගෑවෙන සිතු විමනේ’ - රාජ් සෙනෙවිරත්න ගයන ‘මල් මී වසන්තේ’ සමන් ද සිල්වා සමඟ උපාලි පෙරේරා ගයන ‘සුරූපී විරූපී’ - ඩෙස්මන් ද සිල්වා ගයන ‘කොමලි පණේ’ සහ ‘කරාටේ ශූරයා’ , තනු නිර්මාණය කර ජනප්‍රිය වූ ගීත අතර ‘සුළං රැල්ල ලෙස හමා එමී’ (පිලික්ස් ඇන්ටන්) - ‘එගොඩ ගොඩේ මල් නෙළනා මල් එතනෝ’ (පෝල් ප්‍රනාන්දු) - ‘මේ මැයි ගහ යට දවසක් දා’ සහ ‘රන්මුදු රන්මුදු’ (මිල්ටන් මල්ලවආරච්චි) .

      Delete
    2. අන්න එහෙම කිව්වමනම් තේරෙනවා. ඔය තියෙන්නෙ. හැබැයි ම්‍ර්තනත් මට අලුත් ගීත ගොඩක් තියෙනවා සින්දු..

      Delete
    3. ඔව් මනොෂ් මෙහෙම හොයනකොට ගොඩක් අපි අහපු නැති සින්දු ගොඩක් හම්බවෙනවා ...

      Delete
  8. හැට හැත්තෑව දශකවල සංගීත කණ්ඩායම් සාමාජිකයො ඇත්තටම සංගීතය ගැන ප්‍රාමාණික දැනුමක් තිබුනු අය. අද ගොඩක් වෙලාවට (හැමෝම නෙවෙයි) සිංදු කීපයකට විතරක් සංගීතය දෙන්න ඉගෙන ගෙන බෑන්ඩ් එකක් පටන් ගන්නවා. ඒක විකාරයක්.

    ඒ කාලෙ සංගීත කණ්ඩායම්වල නම් උනත් හරි වෙනස් නේද? සමණළයෝ - මීමැස්සෝ - ලා බම්බාස් - ධර්මරත්න බ්‍රදර්ස් - ත්‍රී සිස්ටර්ස් -

    ReplyDelete
    Replies
    1. කිචියෝ එක තමයි ඇත්ත ..සංගීතය ගැන දැනුමක් තිබුන හැකියාවක් තියන අය තමයි ඒ දවස් වල නිර්මාණ කලේ ..එත් දැන් කොම්පිතරේට පිං සිද්ධ වෙන්න හැමෝටම සින්දු කියන්න පුළුවන් ...

      Delete
  9. ඔය කලකට පෙර බෙත්ලෙහෙමේ කියන්නෙ MARY'S BOY CHILD සින්දුවෙ සිංහල වර්ෂන් එක. ධර්මරත්න බ්‍රදර්ස් එදා තරඟෙන් දින්නෙ වැස්ස වහිනවා සින්දුව කියල.

    ඒ විතරක් නෙමේ, ඔබ නිදන්න, ගංගාවයි මහ මුහුදයි, මේ මැයි ගහයට වගේ සින්දු වල තනුව සංගීතයත් මෙල් රෝයි ධර්මරත්නගෙ.

    මේ වගේ තව විස්තර ගොඩක් තියෙන මෙල් ධර්මරත්නගෙ රේඩියෝ ඉන්ටවීව් එකක් මා ගාව තියෙනව, ඒත් අහන්න වෙලාවක් නෑ, පස්සෙ පස්සෙ.

    ReplyDelete
    Replies
    1. ඉන්දික, උඹ Mary's Boy Child ගැන කිව්වාම මට මතක් වුනේ ඔය සින්දුවේ Boney M වර්ෂන් එක.

      Boney M සින්දු වෙල්ඩිං කරනවා මූට්‍ටුව නොපෙනෙන්න. උඹට මතකද Boney M ලා Mary's Boy Child ඉවරවෙලා ඒකටම O My Lord ජොයින් කරන අපූරුව?
      ඒ වගේම නේද උන්ගෙම Night Flight To Venus අගට Rasputin අලවන ඇලවිල්ල. ජොයින්ට් එකක් නෑ.

      Delete
    2. මෙන්නෝ විස්තර දන්නා අය අපිට කියන්නේ නැතිව අගේ කරනවා .කියපියව් අපිටත් දැනගන්න මොනා හරි ....

      ඩුඩ් අය්යේ මේකද සින්දුව ,
      https://www.youtube.com/watch?v=hxm1FlLSfe4

      Delete
    3. අන්න සින්දුව. 4.03 දි තමයි ජොයින්ට් එක තියෙන්නේ. සීම්ලස්. උඹ අනිත් සින්දුවත් අහලා බලහං.

      මේක කියන්න ඕනේ. දැනට සෑහෙන කාලෙක ඉඳන් DJලා සින්දු ජොයින්ට් කරනවා තමයි. ඊටත් කලින් නොන්ස්ටොප් කියලා සින්දු එකකට එකක් මූට්‍ටු කලා තමයි නමුත් මම මේ කියන සින්දු ඒ දෙකටම කලින් හැත්තෑගනංවල ෆැක්ටරියෙන්ම මූට්‍ටු කරලා එව්වේ.

      Delete
    4. මේ කියන සින්දු ඒ දෙකටම කලින් හැත්තෑගනංවල ෆැක්ටරියෙන්ම මූට්‍ටු කරලා එව්වේ
      ++++++++++++++++++++++++++
      මෙන්න මෙහෙම විස්තර කරලා කියපන්කො අය්යේ ...උඹේ බෝගත් දැන් හොඳටම වල් වැදිලා .
      https://www.youtube.com/watch?v=UaUuOhe77x4

      Delete
    5. හ්ම්ම්, ඔය තියෙන්නේ. මම පොඩි කාලෙ ඉඳලම ප්‍රියකලේ බටහිර ගීත වලට. නමුත් ඔය උඹ දාන සින්දු මම අහලා තියනවා නමුත් ඔලුවට ගිහින් නෑ.
      ඒ කාලේ ඉඳන් මට තිබිච්ච හීනයක් තමයි ඔය Night Flight to Venus ඩ්‍රම් සෙට් එකක ගහන එකයි, Hotel California ගිටාර් එකක ගහන එකයි. දෙකම තාම හරිගියේ නෑ කියලා කියන්නේ හද පිරි දුකෙන්. :D

      Delete
    6. Hotel California ගිටාර් එකක ගහන එක මගෙත් හීනයක් ..ගෙදර ගිටාර් එකකුත් ඇත .සංගීත ගුරුවරයෙකුත් ඇත .මට තවම හැකියාවක් නැත .කරුමේ කරුමේ ...

      Delete
    7. බලාපං මේක.
      https://www.youtube.com/watch?v=j1q4-tzMI28

      Delete
  10. මේ සයිට් එක හොඳ කලෙක්ෂන් එකක් ඇන්දු සිනෝ!!!
    දැනගෙන එකතුකරන එක මාර ගති - නිකම්ම එකතුකරනවට වඩා..
    දිගු කාලයක් කරගෙන යන්න ශක්තිය ලැබේවා මචෝ...

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නේ මොකද තිස්ස අය්යේ මගේ තුන් හිතකවත් තිබුන දෙයක් නෙවෙයි මෙහෙම බෝගක් කරනවා කියලා .කොමෙන්ට් කර කර ඉන්න කොට කට්ටියත් එක්ක ඇති උන සුහදතාවය නිසා තමයි මේක බිහිවෙන්නේ .ඉතින් පස්සේ හිතුවා හොඳ එකතුවක් කරන්න ඕනෑ කියලා .බොහොම ස්තුතියි ඔබතුමාගේ ගැන්වීමට ....

      Delete
  11. Replies
    1. ස්තුතියි අජිත් අය්යේ ...
      (කමියා ජොබ් එකෙන් අයින් කරලද ?හිකිස් )

      Delete
    2. හොයා ගත්තොත් කියහන්. පැනල ගියාමයි තවම දැක්කේ නැහැ. ඉඳල හිටලා ඊමේල් එවනවා ඉන්න තැනක් කියන්නේ නැතුව.

      Delete
    3. කාවද හොයන්නේ කියල කියුවොත් දැක්ක වෙලාවක පණිවිඩයක් දෙතෑකි..

      Delete
  12. මෙතනෙ තියෙන සින්දුවලින් මම අහල තියෙන්නෙ "කලකට පෙර" සින්දුව විතරයි. මේක "Mary's Boy Child" (1956 Christmas song, written by Jester Hairston) කියන ඉංග්‍රීසි ගීතයෙ සිංහල කොපිය. මේක වැඩියෙන්ම ජනප්‍රිය කළේ Boney M කියන සංගීත කණ්ඩායම. ඔවුන් කියන්නෙ ඩිස්කො ශෛලයෙන්, දැනට මේ සින්දුව ගොඩක් ලංකාවෙ ජනප්‍රිය ඩිස්කො සංගීතයෙන්, ඒත් තවමත් පල්ලිවලනම් අර පරණ විධියට ගායනා වෙනවා. මේ වගේ ඉංග්‍රීසි සින්දු කීයක් මේ අය කොපි කරලා ඇතිද??
    (https://en.wikipedia.org/wiki/Mary's_Boy_Child)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා රොබට් ...කොපි සින්දු නම් බොහොමයි ....
      බලමු ඒ ගැනත් පොස්ටුවක් ලියන්න ..
      ස්තුතියි

      Delete
  13. ලා බම්බාස්, ලොස් කැබලරොස්, ලොස් මුචාචෝස්,මූන්ස්ටෝන්ස්,

    ReplyDelete
    Replies
    1. නොයෙල් රණසිංහගේ ලා - සිලෝනියන්ස් පිටුපස්සෙන් ලා - බම්බාස්, මී මැස්සෝ, ලැවීනියන්ස්, ෆ්ලැමින්ගෝස්, බෙන්තොට බීච්, මූන්ස්ටෝන්ස් වගේ විශාල කණ්ඩායම් ගී රැල්ලක් ආවා.”

      Delete
  14. ගොඩක් ඒවා අහපු නැති සින්දු.

    මහන්සි වෙලා හොයලා බලලා අපිටත් දැනගන්න මෙහෙම අරගෙන ආවට ස්තූතියි .

    ReplyDelete
  15. සින්දුවා වෙලාවක ලියපං ගෝල්ඩන් චයිම්ස් ගැන එහෙමත්.. මමනම් ආසාවට මේව හොයල බලනවා.. ලාංකිකා අක්ක එක්කත් මේ කාලේ ගැන චැට් කරල ගොඩක් විස්තර අහගෙන තියෙනවා.. එයා හරි ආසයි අපි කතා කරනවට මේ ගැන. කොමෙන්ට්ස් බැලුවම පේන්නේ ගොඩක් උන් ධර්මරත්න බ්‍රදර්ස් ගැන අහලවත් නෑ කියලයි. උන්ගේ නෙවෙයි කාලේ වැරැද්ද.. මේවා වටින්නේ ඒකමයි. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. මමනම් ආසාවට මේව හොයල බලනවා..
      +++++++++++++++++++++++++
      මමත් ගොඩක් දේවල් මෙහෙම දාන්නේ මේවා ගැන තියන ආසාවට.විස්තර හොයන්නෙත් සමහර සින්දු ඇහෙන කොට .මමත් විස්තර දැන ගන්නේ මෙහෙම හොයනකොට .ස්තුතියි කමියෝ .

      Delete
  16. උඹ නම් සිංදු විශ්ව කෝෂයක්

    ReplyDelete
    Replies
    1. ඒක නම් වැරදියි මචෝ .මමත් සින්දු හොයලා තමයි මෙහෙම දාන්නේ .ගොඩක් සින්දු ගැන දැනගත්තේ මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තාට පස්සේ .
      ස්තුතියි මචෝ දිරි ගැන්වීමට ..

      Delete
  17. ධර්මරත්න බ්‍රදර්ස් ල ගැන අහල තියෙනව. ඒත් සිංදු දෙකක් විතර අහල තියෙන්නේ. ස්තූතියි සිංදු විස්තරේට :).
    ජය වේවා!!!

    ReplyDelete