Friday, June 12, 2015

"කොමළ පපා - මුකුළු පපා අපේ ළඟට එන්නකෝ"



බොහෝ සිදුවීම් අතීතයට එක්‌ව වැළලී ගොසිනි. එදවස මෙරට බොහොමයක්‌ "සුවිශේෂ" සිදුවීම් වැඩි දෙනෙකු මතකයට නඟා ගන්නේ අහම්බෙන් හෝ ඒ පිළිබඳව සඳහන් ඇතොත් පමණි. එහෙත් මේ අතීතයට එක්‌වූ බොහෝ සිදුවීම් නිරන්තරයෙන් සිහිපත් කරන ගීත සමුදායක්‌ අපේ සංගීත ක්‍ෂේත්‍රයට දායාද කළ ශිල්පියෙකු ද වේ.ඒ "ඇන්ටන් ජෝන්ස්‌"ය. ඇන්ටන් ජෝන්ස්‌ මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රකටව සිටින්නේ බයිලා ගායකයෙකු ලෙසය. එලෙසම මේ "බයිලා" වල සුවිශේෂ බවක්‌ද ඇත. ඒ ඔහුගේ ගීත සියල්ල "සත්‍ය සිදුවීම්" ඇසුරින් නිර්මාණය වූ ඒවා වීමය. "පොඩි විඡේ, මරුසිරා, ප්‍රේමවතී මනම්පේරි, මතුගම සමන් කුමාර" ආදිය ප්‍රධානව ගීත ගණනාවක්‌ නිදසුන් ලෙස දැක්‌විය හැකිය.
           
ප්‍රේමවතී මනම්පේරි .............

ප්‍රේමවතී මනම්පේරි තරුණිය කතරගමේ හිටිය රූප රැජිනිය
පතිවත කෙළෙසලා ඇගේ මැරුවේ තිරිසනෙක් වගේ
ඒ හිත්පිත් නොමැති උදවිය....
එකදාස් නමසිය හැත්තෑ එකේ වරුසයේ
සිදුවුන සිද්ධියක් නේ මේ අපේ ලංකාදීපයේ
රුහුණු කදිර දෙවිදුන් වැඩ විසුව දේශයේ
වුන අපරාධය පවසමි ශුද්ධ භුමියේ
කතරගමේ රූප රාජිනි මනම්පේරි නම ගත්
ඇගේ රුවට කාගේත් නෙත් සිත්
නැණවත් තරුණියක් වූ ඇය පවුලක දුප්පත්
ඇය හට සිදුවුන දෙය අමතක වෙනවද කවදත් ..
මනම්පේරි මේ සුන්දර රූප රාජිනී
ඇයව සොයා හදිසියෙ ජීප් එකක් පැමිණුනී
කිසිවක් කර කියාගන්න ඇයට බැරි වුණී
ඒ නිලධාරින් ඇය කැන්දන් යන්න සැරසුනී
මේ ලෙස කැඳවා ගෙන යන්න කල වරද කුමක්ද
ඒයි මනම්පෙරි කතා නැතිව එනවද නැද්ද
අකමැත්තෙන් වුව ඇයට යන්න වුනානේ සිද්ධ
ඔය පාළු කුටියකට ඇය කැඳවන් ගියේ මන්ද
එම පාලු තුල තරුණිය හිර කරලා
කැඳවන් ගිය සැම දෙනා එතන රොක් වෙලා
විළි වසා සිටි වස්ත්‍රය ගලවන්න අණ කලා
විලි ලජ්ජාවෙන් වැලපුනි ඇය කඳුළු සලලා
ඇයව වැදූ මවයි කුඩා සොයුරියන් සිහිවිය
සුකුමල මුව කමල කඳුලැලින් තෙත්විය
මට යන්න දෙන්න හෙළි නොකරමි කල විපැත්තිය
ඇගේ ඉල්ලීමට කන් දුන්නැ මුරුග කට්ටිය
දන ගස්වා නිර්වස්ත්‍රව ඇදන් යන විට
වෙඩි උණ්ඩයක් ඇවිත් වැදුනා ඇගේ වමේ කලවෙට
පිටපිට වෙඩි උණ්ඩ නිකුත් නිකුත් වුනා හනිකට
හැම උණ්ඩයක්ම සිරුර පුරා ගියා විනිවිද සිරුර
ඈ ඇදන් වැටුනා ලේ ගලමින් ඇගේ මුළු සිරුරින්
කලින් කපා තිබුන වලක් තුලට හිටි ගමන්
වල වසා දමන්නට එතැනට පැමිණුනි ඇලඩින්
සිටු ඇය මේ ලෙසටයි පැවසුවේ ඒ හිදිමින්
අවසාන මොහොතේ උදවුවක් කරන්න පා දයා
ඔබට බුදුබව අත්වෙයිඅනේ  අනේ ඇලඩින් අයියා
මේ කරාඹු දෙක දෙන්න ගොසින් මගේ මව සොයා
ඇයට පවසන්න ජිවතුන් අතර මේමන් නැත කියා
එපමණයි ලැබුනේ ඇයට ඔහු හට පවසන්න
තවත් කෙනෙක් මාන බලා ආවා එතැනට
අන්තිම වෙඩිල්ලත් තැබුවනේ ඇගේ සිරුරට
අවසන් හුස්ම හෙලා නෙත් පියාගත්තා සදහට ..

ගායනය - ඇන්ටන් ජෝන්ස්

සල්ලි දීල ගවුම මැහුවෙ ...................

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න
ලීලී මාගෙ නෝන එයා මෙහෙම කියන්නෙ
දැන් රටේ තොටේ කවුරුත් මිනි ගවුම් අඳින්නෙ
මම කොහොමද සාරි ඇඳන් මහ මග යන්නෙ
මටත් ගවුමක් ඔනෙ ඔව් මිනි ගවුමක් ඕනෙ
මිනි ගවුමක් මොටද දැන්ම ඔයා සොයන්නෙ
ඇයිද ලිලී මගෙ පපුවට ගින්දර දෙන්නෙ
මිනි ගවුම් අඳින්නේ මැරුණට පසුනෙ දෙවියනේ
මෙහෙම කිවුව ගමන් නෝනා මගෙ ඇඟට ගොඩවුනේ
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න...
අපේ නෝනගෙ වැඩ පුදුමයි මට දැන් සිහිවෙනවා
මැරුණෙ නැතුවම නෝන මිනි ගවුම් සොයනව
බෑ කියන්නටත් ලෝබයි අඬ අඬ ඉල්ලනවා
මිනි පෙට්ටි කඩෙන් මිනි ගවුමක් මෙ මං ඉල්ලුවා
මිනි ගවුමක් සමග මිනි පෙට්ටියකුත් දුන්නා
කාර් එකකුත් ලැබුණා ඒකෙම මමත් ගොඩ උනා
ගේ ළඟටම එන්නා වට පිට සෙනග පිරෙන්නා
එය දුටු මගෙ නෝනා මරහඬ දීගෙන පැන්නා
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න...
මොකද දෙවියනේ ඔයාට වෙලා තියෙන්නේ
මිනි පෙට්ටි මොටද ඇයි අද අපෙ කවුරුද මැරුණෙ
එය ඇසුණු මගේ ඇඟේ මාලු ග‍ඟේ නටන්නෙ
අපේ නෝනට මම මේ විදියට උත්තර දුන්නෙ
මිනිගවුමක් දෙන්නෙ මිනි පෙට්ටියක් ගත්තම
ගත්ත නිසයි ලිලී මම ගෙනාව දෙකම
මිනි ගවුම කිව්වෙ කොට්ට උරය වගෙ කොට ගවුම
නෝන කිව්ව එහෙම මට තේරුණ කරපු ගොන්කම
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න

ගායනය - ඇන්ටන් ජෝන්ස්

කොමළ පපා මුකුළු.................

කොමළ පපා මුකුළු පපා අපේ ළඟට එන්නකෝ
‍ඔමරි ලතා බොළඳ කතා අපිට කියලා දෙන්නකෝ
ගෑණියෙක්ද පිරිමියෙක්ද ඩ්‍රයිවර් කෝ කාර් එකේ
අනේ අපොයි ඇ‍ඟේ හැපෙයි පාරේ උන්ට මාරකේ
හෙමින් වරෙල්ලා හෙමින් වරෙල්ලා
හෙමින් වරෙල්ලා හෙමින් වරෙල්ලා
බලාගෙනයි මහ
පාරේ හෙමින් වරෙල්ලා
කොමළ පපා මුකුළු පපා...
තරහා වෙන්න එපා ඔන්න නිකං කොලොප්පං කළේ
කොළඹ රටේ හතර වටේ රවුමක් ගහමුද ලියේ
මල් කුමාරියේ තනියෙං සවාරියේ
මල් කුමාරියේ තනියෙං සවාරියේ
එන්නද කුමාරියේ
යන්නට අපි සවාරියේ
කොමළ පපා මුකුළු පපා...
බයිල පොලේ තොයිලේ බොලේ ඉවර වෙන්න ළඟ වගේ
අපව දමා පැනලා ගියා පෙට්ට්‍රොල් ටික ටැංකියේ
චෙරියෝ චෙරියෝ චෙරියෝ චෙරියෝ
චෙරියෝ චෙරියෝ චෙරියෝ චෙරියෝ
බැරියෝ බැරියෝ තවත් බයිලා බැරියෝ

කොමළ පපා මුකුළු පපා අපේ ලගට එන්නකෝ
‍ඔමරි ලතා බොලද කතා අපිට කියලා දෙන්නකෝ

ගායනය - ඇන්ටන් ජෝන්ස්
සංගීතය - එම්. කේ. රොක්සාමි
ගී පද - ශ්‍රී නිහාල් ඒ. ජයසිංහ

කන්තෝරුව කන්තෝරුව...............

කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන
එතන තමයි මා හට ඇති විනෝද උයන
ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
කන්තෝරුව තමයි මාගෙ විනෝද උයන
මම වැඩට යන්නෙ දවල් දහය පහු වෙලා
මගෙ යාළුවො ඇත මා එනතුරු පුල පුලා
අපෙ ලොකු මහත්මය එන වෙලාව බල බලා
මම ගී ගයනව මිතුරන් හා එක්වෙලා
මම වැඩ කරනව කියාල කන්තෝරුවෙ
මගෙ මේසෙ ළඟින් ඉඳගෙන මගෙ යාළුවෙ
තේ වෙලාව එනතුරු මගෙ පාඩුවෙ
කටු ගැන ගැන ඉන්නව ඔරලෝසුවෙ
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...
පාටියකට යන්නට මට හිතුනොතින්
කන්තෝරුව ඇරෙන වෙලාවට කලින්
මගෙ මිතුරන්ගෙන් ලැබෙන්නාවු උදව්වෙන්
මම පැනල ගෙදර යනවනෙ ලොක්කට හොරෙන්
පැනල ආ නමුත් මගෙ වැඩ හරියට
මගෙ යාළුවො ටික කරල තියයි නූලට
දවසක් අසුවෙන්න ගිහින් ලොක්කට
බේරුණෙ මම පූරුවෙ ලොකු පිනකට
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...
පඩි දින හැර අනිත් දවස් බල බලා
මම වැඩට යන්නෙ තේ වෙලාව අල්ලලා
තේ බී එනකොට මම වැඩපොල බලා
දහවල් කෑමට යන්නට සිදු වෙලා
කෑම පැයට ටිකක් නිදාගන්නවා
ඇහැරෙනකොට සවස් වෙලා තිබෙනවා
එවිට මෙ මට වැඩ කරන්න හිතෙනවා
නමුත් එතකොටමත් කන්තෝරුව ඇරෙනවා
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...

ගායනය - ඇන්ටන් ජෝන්ස්

ආසයි බයයි...........

සයුර බලා බඳ ලෙලවා -ඉවුරු තලා ගලා ගියා
මාතර ගං කොමලි නිල්වලා -මෙතර සිටිය අය කැඳවා
මරු තුරුලට අරං ගියා -මුළු සිරිලක දුකෙහි ගිල්වලා..
වෙසක් සිරි නරඹන්නට මාතර පුරවරය වෙතට
නොයෙක් දෙසින් සෙනග පැමිනුනා
නිල්වලා ගඟ ඔස්සේ බෝට්ටුවට නැගි සතොසේ ‍
සමහරෙකුට යන්නට හිතුනා..
ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි යළි නොම එන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි ජීවිත ගණනක් බිලි ගත්තයි..
බෝට්ටුවට ගොඩ වන්නේ සතුටින් ඉපිලෙන්නේ
වේගයෙන් දියඹට ඇදුනේ අත්තක බෝට්ටුව හැපුනේ
නොදැනිම ජලයේ ගිලුනේ ඉරණම සැමගේම විසඳුනේ..
වෙසක් සඳ නැග එද්දි මළ කඳන් පාවෙද්දි
නෑදෑ හිතවතුන් වැළපුනේ හද සෝකෙන් ලත වෙද්දි
නෙත් කදුලින් බර වෙද්දි මළ මිනි ගොඩට ගෙනෙන්නේ..
ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි..
පිහිනන්නට බැරුව නියා පෙම්වතා ගිලි ගියා
පෙම්වතී ලොවේ තනිවුනා කරුමය මෙලෙස කියා
අන්තිම ගමන ගියා මව්පියො හිතවතුන් වැළපුනා
ඒ සිදුවු විපත අසා රුහුණම දු‍කෙන් වසා
දින ගණනක් දුක පල කෙරුවා
අහසට දෑතම ඔසවා දෙවියන් යැද කීවා
මෙවැනි විපත් යලි නොමවේවා
ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි..

ගායනය - ඇන්ටන් ජෝන්ස්


කන්දේ හැපුණු මහා වනන්තරේ

කන්දේ හැපුණු මහා වනන්තරේ - ඩී සී අට අහස් යන්තරේ
මරු ආ කල මිතුරේ බේරෙන්න බෑ සසරේ කාගේද මට වරද නොතේරේ
මම පත්තරේ බලලා උපුටා ගත්තෙමි පෙරලා
කියනෙමි විස්තර කරලා
හොඳ හැටි ගලපාලා එහි ඇති ලුනු බර කිරලා
ගයන්නේ මම අසන්න ඔබලා
හැත්තෑ හතර වරුසයේ දෙසැම්බර් සිව් වෙනි දවසේ
වුන දෙය අසන්න අහසේ
අඩාලා බෝසේ වැලපුනාලු දුකසේ
අසාලා අහස් යානේ විනාසේ
සිරිලක් අහසේ මස්කෙළිය පෙදෙසේ
රෑ දහයට බදාදා දවසේ
හෙණ පාරක්සේ පුපුරා දෙදුරුවා අහසේ
කිසිවෙක් නොදනිති රහසේ
එකසිය අනුඑක් දෙනෙක් ගෙන ආ අහස් යානයක්
තප්පරේට වුනා අළු ගොඩක්
වන්දනා පිරිසක් අතර ගැහැණු පනස්නම දෙනෙක්
මාරු අරගත්තානේ බිල්ලක්
එදා බදාදා දිනේ අහස් යානා ගුවනේ
මක්කම බලා පිටත් වුනේ
කිසි කෙනෙක් නොදන්නේ අන්තිම ගමනය යන්නේ
පුරුවේ කල කරුමයක් අනේ
ගුවන් තොටුපලේ සිටන් හැතැක්ම ගානක් දුරින්
වැටුනා අහස්යානය දැවෙමින්
මස්කෙලියට නුදුරින් ගිනි ජාලා පුපුරමින්
පොලවට වැටුනේ මළ කඳන්
දවස් ගණනක් තිස්සේ මළ කඳන් කැලෑව අස්සේ
සෙව්වා නේද අපේ කට්ටිය
කලකට පස්සේ ලැබුණා බ්ලැක් බොක්ස් එක අයිසේ
නොහොත් මේ කළු පෙට්ටිය
කළු පෙට්ටිය ලැබුණා එහි පටි කැලිත් තිබුනා
නමුත් මේක මට අභිරහසක්
වරද හෙළි උනා මොකක්ද කියලා වැටහුනා
ඒක යාන්ත්‍රිකකරන දෝෂයක්
කන්දේ හැපුන ....

ගායනය - ඇන්ටන් ජෝන්ස්



 ගිත සියල්ල මෙන්න

--------------------------------------------------------------------------------
ප.ලි 
මේ දවස් ටිකේ ගෙදරට වෙලා ඉන්නකොට මෙතුමාගේ ගීත කීපයක් අහන්න ලැබුනා .ඒ නිසා හැමෝටම මතක් වෙන්නත් එක්ක මෙන්න මේ  දාන්න හිතුවේ ..
අඩු පාඩු තිබේනම් පෙන්වා දෙන්නෝ ..

-------------------------------------------------------------------------------------

49 comments:

  1. විස්තර මදි.. උඹට බබා ලැබුනද බං මේ දවස් වල ගෙදර ඉන්නේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. විස්තරනම් මදි තමයි දේශෝ ...මේ දවස් ටිකේ එක අතකින් විතරයි අකුරු කොටන්නේ .කම්මැලි කමට පොස්ට් එක දැම්මේ .ඔව් බන් ත්‍රි විල් කාරයෙක් නිසා මට බබා හම්බුනා ..හැක්

      Delete
  2. මෙව්වට නටන්න පුළුවන් තරමට අතපය සනීපද දැන්.. මං ආසම දෙකක් උඹ දාල නෑ.. ආසයි බයයි ඇන්ඩ් කන්දේ හැපුනු මහ වනන්තරේ..

    ReplyDelete
    Replies
    1. මගේ කමෙන්ට් එක මූ දාලා....ෂැක්

      Delete
    2. කමියෝ ආසයි බයයි සින්දුව තියනවා ...අනික නැ .මේවා කොටන්න ගියාම එපා වෙනවනේ බන් .එක සින්දුවක් පිටු දෙකක් විතර තියනවා ...
      //මෙව්වට නටන්න පුළුවන් තරමට අතපය සනීපද දැන්//
      නටන්න නම් තවම බෑ මචෝ .නොන්ඩි සිමයියා වගේ තමයි තවම ඇවිදින්නේ ...

      Delete
    3. D. C . 8 අහස් යන්තරේ

      Delete
  3. ඇන්ටන් ජෝන්ස් ගෙ සිංදු වලට අපිත් පස් කාගෙන ස්ටේජ් එක යට නැටුවා.. සික්ස් එයිට් නෙවැ :D

    ඒත් බං මට තේරෙන් නැත්තෙ ඔය සමන් කුමාර/කන්දෙ හැපුන / වගේ ඛේදවාචක උත්කර්ෂයට නංවන හරි නැවත නැවත තලු මර මර ගායනා කරල රස විඳින එක හරි කොයි තරම් දුරට හරිද බං.. ඒ සිද්ධි වලට අදාල පවුල් වල අයට ඒක කොහොම දැනෙනව ඇද්ද ??

    ReplyDelete
    Replies
    1. කොල්ලා හැන්ඩියා වෙලා ...මොකෑ බන් කොණ්ඩෙට උනේ ?
      මෙතුමාගේ ගීත සහ ඒ කාලේ තිබුන කවි කොලවල අතර සමාන කමක් තියනවා නේද ?

      Delete
    2. කොන්ඩෙ අඩුකලා බං .වැදගත් විදියට ඉන්න එපෑ මළගෙදර :D නැද්දමං අහන්නෙ ..හැක්

      ඔව් නේ බං.. කවිකොළයක් බයිල තාලෙට කීවොත් මේ වාගෙ වෙයි නේ :D හැබැයි කවිකොලේ මේ සිංදු වලට වඩා කොටයි .. කිව්වට විස්වාස කරපං මං රෝමෙන් නැගලා එක සිංදුවක් අහල ඉවරවෙද්දි ඩුබායි ලෑන්ඩ් කරා.. ආයෙ ඩුබායි වලින් නැගලා සිංදුවෙ මැද හරිය යද්දි ඕං හරියටම ඇවරිවත්ත හරියෙදි ඩෝං ගාල රනවේ එකට ෆ්ලයිට් එක අතෑරියා :D

      Delete
    3. බලපන් සින්දු දෙකයි බාගයයි රෝමේ ඉඳලා ඇවරියවත්තටම ඇවිත් ..බස් අජියගේනම් එකම සින්දුව කීපාරක් අහන්න වෙයිද දන්නේ නැ ..හැක් හැක්

      Delete
  4. harima age ethi wedak meyage thawa sindu thiyenawa ne?

    ReplyDelete
    Replies
    1. තව සින්දු ගොඩක් තියනවා ...
      මම ඔය පහලත් දාලා තියනවා තව ටිකක් ..

      Delete
    2. බුකියේ මෙන්න මෙහෙම තිබුනා

      කන්දේ හැපුන මහ වනන්තරේ dc 8 අහස් යන්තරේ
      සයුර බලා බඳ ලෙලවා ඉවුරු තලා ගලා ගියා මාතර ගං කෝමලි නිල්වලා
      පොළොන්නරුවේ පොඩි විජේ වෙඩි නොවදින පොඩි විජේ
      ගන්ටා නාදේ අවට ඇසෙන්නේ හස්ති රජෙක් පිට කරඬුව අරගෙන යන්නේ
      ගල්කිස්සේ මූදු වෙරළේ ඉරිදට ගිහින් බලන්න ඉරිදට නාල බලන්න
      මඩකලපුව අම්පාරේ පොලොන්නරුව සමන්තුරේ මේ හැම නගර දියෙන් යටවුණේ
      ප්‍රේමවතී මනම්පේරි තරුණිය කතරගමේ විසූ රූප රැජිණිය
      බුදුන් තුන්වරක් වැඩි සිරි ලංකා දීපය දහම් සඳුන් සෙවනෙ දරුවො සැදුනු දේශය
      පංතියේ පළවෙනිය උනේ සමන් කුමාර මොනිටර් කම දැරුවෙත් පොඩි සමන් කුමාර
      සල්ලි දීල ගවුම මහුවේ ඇඳගෙන යන්න අල්ලි දෙකක්වත් දුර බෑ ඇවිදන් යන්න
      කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මා හට ඇති විනෝද උයන
      සීගිරි ගිරිසිකරේ කෂප රජුගෙ බලකොටුවයි සුකුමල සිපිරි ළඳුන් කාගෙත් නෙත් සිත් පිනවයි

      Delete
  5. harima age ethi wedak meyage thawa sindu thiyenawa ne?

    ReplyDelete
  6. ඔය ප්‍රේමවතී මනම්පේරි සිද්ධිය විරිදු කැසට් එකක් ආවා මතකයි අපි පොඩිම කාලෙ. තව වේදිකා නාට්‍යකුත් තිබුණා වගේ මතකයි.
    මම ඇන්ටන් ජෝන්ස් ට ඒ තරම් කැමති නෑ බං. සංගීතමය ගතියක් නෑ කතා කියනවා වගේ. නිහාල් නෙල්සනුත් එහෙමයි. ඒ ඉතිං මගේ රුචිකත්වය. ඒ වුනාට උඹේ ලිපිය වෙනදා වගේම වටිනවා. මොකද, මේත් එක්තරා සංගීත සංස්කෘතියක් බිහිකල පුද්ගලයෙක්.

    ReplyDelete
    Replies
    1. //මේත් එක්තරා සංගීත සංස්කෘතියක් බිහිකල පුද්ගලයෙක්//
      +++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මනම්පේරි ගැන විරිඳු කැසට් එකනම් මාත් ගොඩක් වතාවක් අහල තියෙනවා.

      Delete
  7. වාර්තාමය ගතියක් තිබ්බත් අපි එදත් රස වින්දා.ඔය ගීත සියල්ලම මීට අවුරුදු තිස්පහකට හතළිහකට කලින් කියපු ඒවා නේද?

    ReplyDelete
    Replies
    1. හැලපේ අය්යේ එදා වගේම අදත් විදින්න පුළුවන් ගීත මේවා ..
      මෙතුමා අලුතින් කියලා කරේ සුනාමි ගැන සින්දුවක් විතරයි වගේ තමයි මතක .නැත්නම් මේවා ඔක්කොම පරණ ඒවා ..

      Delete
  8. අපි නම් ඉතින් මෙතුමගේ සිංදුවලට නටනවා........

    ReplyDelete
    Replies
    1. අපි නටමු නටමු තුටින තුටින ගීත ගයාලා ....

      Delete
  9. සින්දු ඇනෝ.....එල එල ......

    ReplyDelete
    Replies
    1. මරු මරු .....ස්තුතියි මචෝ ..

      Delete
  10. ඉස්කෝලෙ යන කාලෙ මේ සිංදු අහන්න 'ආසයි බයයි '. තාත්තට අහූඋනොත් කැසට් පීස් එක විතරක් නෙමේ මගෙ වෝක් මන් එකත් කඩල දානව. ඒ කාලෙ වෝක් මන් එකට මම කෙල්ලෙකුට වඩා ආදරෙයි.
    හප්පල ගිය ත්‍රී වීල් බුවා නැත්නම් මේ පෝස්ට් එක තව මාස දෙකකට පස්සෙ එන්න තිබ්බ එකක්. ගොඩක් ඩැමේජ් ද බං උඹට.
    ඉක්මනින් සනීප වේවා අපේ සිංදුවව.!

    ReplyDelete
    Replies
    1. හප්පේ වොක්මන් එකක් කියන්නේ අපිට නම් හීනයක් කම්මලේ ...අපේ බාප්පා කෙනෙක් ගාව තිබුනා සෝනි එකක් .ඌ එක අල්ලන්නවත් දෙන්නේ නැ ...
      දැන්නම් පොඩ්ඩක් හොදයි මචෝ .
      ස්තුතියි .

      Delete
  11. ඉස්කෝලෙ යන කාලෙ මේ සිංදු අහන්න 'ආසයි බයයි '. තාත්තට අහූඋනොත් කැසට් පීස් එක විතරක් නෙමේ මගෙ වෝක් මන් එකත් කඩල දානව. ඒ කාලෙ වෝක් මන් එකට මම කෙල්ලෙකුට වඩා ආදරෙයි.
    හප්පල ගිය ත්‍රී වීල් බුවා නැත්නම් මේ පෝස්ට් එක තව මාස දෙකකට පස්සෙ එන්න තිබ්බ එකක්. ගොඩක් ඩැමේජ් ද බං උඹට.
    ඉක්මනින් සනීප වේවා අපේ සිංදුවව.!

    ReplyDelete
  12. මගේ ප්‍රියත්ම ගීතය වන "කන්දේ හැපුන මහ වනන්තරේ..." අඩංගු නොවීම පිළිබඳ මාතලන්ගේ බලවත් අප්‍රසාදය මෙයින් ප්‍රකාෂ කර සිටිමි.

    ReplyDelete
    Replies
    1. අසන්නන්ගේ දැඩි ඉල්ලීම මත ඔන්න එකතු කළෝ ...
      මුලින් දෙන්න බැරි උනාට සමාවෙයන් ..

      Delete
  13. හරි හරි අපිත් අහන්නනෙ ඇල්ටන් ඡොනස් තමයි කිව්වලු..
    එල ද බ්‍රා
    මම කැමතිම සේපාල ඒකනායක සිදුවට

    ReplyDelete
    Replies
    1. එලද බ්‍රා මෙන්ඩෝ .මගෙත් කැමතිම සින්දුවක් .ඒ දවස් වල නම් කටපාඩම්

      Delete
  14. ඇන්ටන් ජෝන්ස් ගෙ සිංදු ගොඩක් ඇහුවට මම කැමතිම "කන්තෝරුව කන්තෝරුව" ගීතයට. හොඳ ලිපියක් සිංදු. උඹේ තුවාලවුනු අත පය ඉක්මණටම සනීප වෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා :D.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනා ...
      කන්තෝරුව කියන ගීතය හැමදාටම ගැලපෙනවා නේද ?
      දැන්නම් පොඩ්ඩක් හොදයි බන් .ප්‍රසිද්ද පුද්ගලික රෝහලකින් බෙහෙත් දැම්මේ .ඒ හු@#$ බෙහෙත් දාලා තියෙන්නේ තුවාල හොඳට සුද්ධ නෙවෙයි .දෙවෙනි දවසේ බෙහෙත් දාන්න ගියාම කැඩුණු හම කැලියි ,වැලි කැටයි තුවාලේ .එදා තමයි ශුද්ධ කරලා බෙහෙත් කලේ ....

      Delete
  15. ශෝකාන්තයක් උනත් රහට කිව්ව පොරක්

    ReplyDelete
    Replies
    1. f.m අඩු කාලේ එක එක සිද්ධීන් සමාජයට ගෙන යන්නත් මේකත් හොඳ ක්‍රමයක් වෙන්න ඇති නේද කිචියෝ ..

      Delete
  16. ලංකාවෙන් මැලේසියා රට බලා ගියා(කෝ උපාලි ගුවන් යානය) ගීයත් මෙතුමගේ නේද.

    ReplyDelete
    Replies
    1. උඹලත් එක්ක බැ මචන්ලා .මෙ සින්දු ඔක්කොම දාන්න ගියොත් බ්ලොග් පොස්ට් කීයක් ඕනෑ වෙයිද දන්නේ නැ ..සින්දුවක් පිටු දෙකක් විතර තියනවානේ ...
      ආ ස්කොලේ මහත්තයා හොඳටම පරක්කුවෙලා තමයි දැන් එන්නේ .ඔහොමනං බෑ ගොයියෝ ...හැක් හැක්

      Delete
  17. හෙහ් සිංදුවා නං සිංදු තමයි නැද්ද මචෝ...
    මොකෝ බොගෙ අතපය දැං හොදද

    ReplyDelete
    Replies
    1. සින්දුනම් සින්දු ...හැක්
      දැන් නම් ටිකක් හොදයි බන් .අද තමයි වැඩට ආවේ ...

      Delete
  18. අදමනෙ බං ආවෙ.

    මට ඔය සීගිරි සින්දුව ඇහෙන්නෙ මෙහෙම

    සෙගෙරේ

    සීගිරි - ගිරිසි - කරය - කසුප - රජුගෙ - බලකො - ‍ටුවයි

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් සාදරයෙන් පිලිගන්නවා ඩුඩ් සර් ....
      මට අර සනත් නන්දසිරි සුරියකාන්ත එක්ක කැසට් එකේ කියන "හිච්චි නගේ"සින්දුව මට ඇහෙන්නේ ..

      "හිච්චි නගේ බාල් ඉඳ ඩිශ්ඩි ඩිඩිං
      ළපටි සිතින් මට මතකයි ඩිශ්ඩි ඩිඩිං
      සිතට හොරා මල් පිපුණා ඩිශ්ඩි ඩිඩිං
      මතක නැතෝ අද මොකදො ඩිශ්ඩි ඩිඩිං"

      ස්තුතියි ඩුඩ් ....

      Delete
    2. :D
      You're welcome යැ. සර් කියන්නෙපා බං. නිකං කිචි වගේ. මම නැවත වතාවක් පුදුම වෙනවා උඹේ සින්දු archive එක ගැන. මටත් එහෙම එකක් තිබ්බා ඉස්සර. ඒත් ඉංග්‍රීසි සින්දු. උඹට වගේම මටත් පුලුවන් කම තිබ්බා ඕනෙම අවස්තාවකට ගැලපෙන සින්දුවක් මතක් කර ගන්න. මගේ වයිෆ් කිව්වා උඹට අර ගීතයෙන් ගීතය කියන වැඩසටහන දිනන එක ගේමක් වෙන එකක් නෑ කියලා.

      Delete
    3. බොරු කියන්නේ මොකටෙයි බන් අය්යේ ,කොච්චර සින්දු දැනගෙන හිටියත් ෂොට් එකක් දාලා සින්දුවක් කියන්න ගියාම අම්ම මුත්තා කිව්වත් සින්දු මතක් වෙන්නේ නැනේ බන් ..හැමදාම අපේ අම්මා මතක් කරනවා මගේ යාළුවො ටික ඒ වෙලාවට .කවුරු හරි මුල මතක් කලොත් ඔන්න ඇදගෙන යනවා ....ගමේ එවුන් දන්නවා නම් මෙහෙම සින්දු බෝගක් කරනවා කියලා මුන් ටික මගේ සායම අරිනවා මෙතැනම ....හැක් හැක්

      Delete
    4. හුටා! ඒකත් එහෙමද? මට මතක් වෙන්නේ මේ ලඟදි ගිය ආන්ටි ඇසිඩ්ගේ FBපෝස්ට් එකක්.
      "මගේ හස්බන්ඩ් අහනවා තමුසෙට උයන්නත් බැරිනම් මොන මගුලකටද ඔය හැම තිස්සෙම ටීවී එක ඉස්සරහට වෙලා කුකරි ප්‍රෝග්‍රෑම් බලන්න කාලෙ නාස්ති කරන්නේ කියලා. මට මල පැන්න පාර මම ඇහුවා එහෙනම් තමුසෙත් ඔය කොච්චරවාත් වැල බලන්න කාලෙ නාස්ති කරන්නේ මොටෝ කියලා. හැක් හැක්."

      Delete
  19. මට ආරංචි විදියට ඇන්ටන් ජෝන්ස් මහතා බොහෝ සේ රෝගාතුරව මේ දවස් වල ඉන්නෙ. ප්‍රසිද්ධ වේදිකාවෙ කාලෙකින් ගීත ගායනා කරලා නෑ. මම ලිපියෙ මාතෘකාව දැක්කම හිතුවෙ ඒ ගැන යමක් ලියලා කියලා.

    ReplyDelete
  20. මේ සති අන්තයේ 27 - 28 Feb 2016 Anton Jones ගැන විස්තර සමග ඔහුගේ Baila වලින් රසවත් වන LANKA RADIO වැඩසටහන සෙනසුරාදා සහ ඉරිදා ජර්මනියේ වේලාවෙන් දහවල් 1 සිට 3 දක්වා සහ ලංකා වේලාවෙන් සවස 05.30 සිට 07.30 දක්වා
    27 සෙනසුරාදා FM 103,4 Mhz & Cable99,85 Mhz or Web: www.radiodarmstadt.de
    28 ඉරිදා
    ජර්මනියේ වේලාවෙන් දහවල් 1 සිට 3 දක්වා සහ ලංකා වේලාවෙන් සවස 05.30 සිට 07.30 දක්වා FM 88,4 & FM90,7 or Web: www.multicult.fm

    Anton JonesBailalankaradio
    Show more

    Anton Joneslankaradiobailasinhala baila


    https://soundcloud.com/lanka-radio/special-anton-jones-radio-programm-2728-feb-2016

    ReplyDelete
  21. ආශයි බයයි බෝට්ටුවෙ නමයි
    යළි නොම එන්නට ගිය ගමනයි

    ReplyDelete