Saturday, December 5, 2015

"ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් "



සිංහල ගීත අඹරේ සදා දිදුළන මහා පහන් ටැඹ පණ්ඩිත් අමරදේව ශුරින් අද දින සිය ප්‍රතාපවත් ජීවන ගමනේ 88 වන ජන්ම දිනය සමරයි.වන්නකු වත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා යන නමින් 1927 දෙසැම්බර් මස 5 වන දින වඩුගේ දොන් ජිනොරිස් සහ මැගී වෙස්ලියානා යන දෙපළට දාව මොරටුව, කොරලවැල්ලේදී  උපත ලැබූ එතුමන් හට සිය මව් පියන් නම් තබන ලද්දේ වාන්නකුල වත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා ලෙසින්ය.‘අමරදේව’ යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතිනි.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් ඇල්බට් පෙරේරා යන්න වෙනුවට ඩබ්ලිව්.ඞී. අමරදේව යන නම යෝජනා කරනු ලැබූ අතර එතැන් පටන් ඔහු ඩබ්ලිව්.ඞී. අමරදේව යන නම භාවිත කලේය .

සිය භාවාත්මක කටහඬින් පමණක්‌ නොව විපුල සංගීත ඥානයෙන් ද දශක ගණනාවක සිට රසිකයන්ගේ හදවතටත් බුද්ධියටත් කරනු ලබන ආමන්ත්‍රණය සෑම විටම පාහේ සුමියුරු නාද මාලාවන් හරහා සන්නිවේදනය විය. සරල ගීතයෙහිද, ගුවන් විදුලි ගීත නාටකයෙහි ද, මුද්‍රා  නාට්‍යයෙහිද, වේදිකා නාට්‍යයෙහි ද, චිත්‍රපට සංගීතයෙහි ද ජන සංගීතයෙහි ද, සංගීත පර්යේෂණයන් හිදී පැතිරී ගිය අමරදේවයන්ගේ ප්‍රතිභාව නිර්මාණාත්මක ලෝකය එළිය කරවීය. සරල ගීතය එහි සරල සීමාවෙන් ඔබ්බට රැගෙන යමින් එය සුභාවිත ගීතයක්‌ බවට පත් කිරීමෙහිලා අමරදේවයන් විසින් සිදු කරන ලද සේවය එතෙක්‌ මෙතෙක්‌ ශ්‍රී ලාංකික සංගීතඥයකු විසින් සිදුකරන ලද මහා ප්‍රයත්නයක ප්‍රතිඵලයක්‌ම විය. ජන ගායනා, මධුවන්ති, රස මියුරු, විජය ගීත, ස්‌වර්ණ වර්ණ වැනි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව නිෂ්පාදනය කරන ලද සංගීත වැඩසටහන් ඇසුරෙහි මූලික වශයෙන් බිහි වූ අමරදේවයන්ගේ සුභාවිත ගීතය පසු කාලීන නිර්මාණකරුවන් හට ලබා දුන් ආලෝකය ඉතා විශාලය. 

දේශීය මුද්‍රා නාටක සංගීතයෙහි ද කඩඉමක්‌ සටහන් කරනු ලබන අමරදේවයන් 'රාවණා', 'චණ්‌ඩාලි', 'සාම විජය', 'සැළලිහිනිය', පුෂ්පශෘංගාරය', 'තිත්ත බත' යන මුද්‍රා නාටකයන් හි සංගීතය මෙහෙයවමින් එම  මුද්‍රා නාටකයන්හි ජීවමය ගුණය අලංකාරයෙන් පුරවා දැමීය. චිත්‍රසේන - වජිරා නිර්මාණය කරන ලද 'කරදිය' ඉඟි නළුව අමරදේවයන්ගේ  මුද්‍රා නාටක සංගීතයෙහි විශිෂ්ට කඩඉමක්‌ වූ අතර 'නල දමයන්ති' ඉඟි නළුව,  මුද්‍රා නාටක සංගීතයෙහි අමරදේවයන්ගේ කූටප්‍රාප්තිය සටහන් කරයි. 'කරදිය'  මුද්‍රා නාටකය සඳහා ඔහු නිර්මාණය කරන ලද 'මහ මුහුදේ ඈත ඉඳන්' ගීතය එම  මුද්‍රා නාටකයෙහි සමුදාර්ථය කැටිකොට ගත් සාර්ථක ගීතයකි. එම ගීතය තුළ ධීවර ජනයාගේ ජීවන තත්ත්වය මෙන්ම එහි යථාරූපී පසුබිම සැබෑ ලෙස දෘෂ්‍යමාන කිරීමට අමරදේවයන් දක්‌වා ඇති සංගීත පෙළහර නිර්මාණාත්මක සංගීතඥයකුගේ සැබෑ කෞෂල්‍යය විදහා දක්‌වයි. 'නල දමයන්ති'  මුද්‍රා නාටකය සඳහා ඔහු නිර්මාණය කරන ලද "ඈත කඳුකර හිමව් අරනේ" ගීතය මහගම සේකරයන්ගේද, අමරදේවයන්ගේද සුසංයෝගයෙහි අග්‍ර ඵලයකි. 

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'පබාවතී' වේදිකා නාට්‍යයෙන් ඇරඹි අමරදේවයන්ගේ වේදිකා නාට්‍ය සංගීතය එතැන් පටන් සරච්චන්ද්‍රයන්ගේ 'වෙස්‌සන්තර', 'ලෝමහංස්‌, 'බවකඩතුරාව' යන වේදිකා නාට්‍ය ඇසුරෙහි පෝෂණය වූ අතර මේ සෑම වේදිකා නාට්‍යයකම අමරදේවයන් නිර්මාණය කරන ලද මිහිරි තනු එම නාටකයන් හි සාර්ථකත්වයට දායක විය. ගුවන් විදුලි ගීත නාටක සඳහා ද අමරදේවයන් නිර්මාණය කරන ලද ගීත ඒ හා සමානව පිරිපුන් නිර්මාණයන් විය. 'ප්‍රේම තටාකේ' ගීතය ඒ අතර සුවිශේෂී වේ.

 'රන්මුතුදූව', 'ගම්පෙරළිය', 'තුංමං හන්දිය' 'සාගර ජලය' ඇතුළු තවත් චිත්‍රපට රාශියක්‌ සඳහා එළිදැක්‌වුණු අමරදේවයන්ගේ චිත්‍රපට සංගීතය ද එකී චිත්‍රපට වෙනුවෙන් නිර්මාණය කරන ලද චිත්‍රපට ගීත සමුදාය ද සිංහල ගීත සාහිත්‍යය තුළ කැපී පෙනේ. එමෙන්ම අමරදේවයන් වෙනත් චිත්‍රපට සංගීතඥයන් යටතෙහි ගායනා කරන ලද චිත්‍රපට ගීත එම චිත්‍රපටවලට ලබා දුන්නේ ඉතා විශාල වටිනාකමකි. 'සත් සමුදුර' චිත්‍රපටයෙහි ගැයෙන "සිනිදු සුදු මුතු තලාවේ" ගීතය පමණක්‌ වුව එයට සෑහේ. 'ශ්‍රී පතුල' චිත්‍රපටය වෙනුවෙන් ගයනු ලැබූ 'සතර සතිපට්‌ඨානය' ද 'සිරිබෝ අයියා' චිත්‍රපටය වෙනුවෙන් ගයන ලද කවි පංති හරහා ද විද්‍යමාන වනුයේ චිත්‍රපටයෙහි දෘශ්‍ය රූපය සතු ගැඹුර තීව්‍ර කිරීමට ඔහුගේ හඬට ඉතා ප්‍රබල හැකියාවක්‌ ඇති බවයි.

ජන කවියෙහි ආභාෂය අමරදේවයන්ගේ නිර්මාණ සඳහා කරනු ලද බලපෑම අති විශාලය. සීපද ගායනා ඇසුරෙහි බිහිවන "පිලේ පැදුර හේනට අරගෙන එනවා" ගීතය, බලි තොවිල් නාද මාලාව ඇසුරෙහි බිහිවන "බඹරෙකු ආවයි" ගීතය රන් තෙළඹුවේ කවි ඇසුරෙහි බිහිවන "ඔබේ නමින් සෑය බඳිමි" ගීතය ජන ගීයෙහි ආභාෂය ලැබූ "බඹර පැටික්‌කී" "රන්වන් රන්වන් මගෙ රන් කිකිළී", "මිහිරියේ ගැමි ලඳේ", "කැලේ ගහක මල් පිපිලා" යන ගීත ඇතුළු තවත් බොහෝ ගීත මේ සඳහා දැක්‌විය හැකි උදාහරණයන් ය. වැදි ගී සම්ප්‍රදාය ඇසුරෙහි බිහිවන "චන්දො මා බිළිඳේ" ගීතය රබීද්‍ර සංගීතය ඇසුරෙහි බිහිවන "පටු අදහස්‌ නම් පවුරින්" ගීතය සරෝජිනී නායිදු කිවිඳියගේ පද වැලෙහි ඡායානුවාදයක්‌ ලෙස බිහිවන "සන්නාලියනේ" ගීතය අමරදේවයන්ගේ නිර්මාණ ගොන්නෙහි දැකිය හැකි සුවිශේෂී ගීත සඳහා නිදසුන්ය. එමෙන්ම බුදු ගුණ ගීතයෙහි විචිත්‍රත්වය සිංහල ගීත සාහිත්‍යය තුළ නොයෙක්‌ දෘෂ්ටිකෝණයන්ගෙන් විචිත්‍රවත් වුවද, බුදුගුණ ගීතය හරහා මතු වූ සාහිත්‍යමය රස පෝෂණය විදග්ධ භාෂාමය වපසරියක පැතිර ගියේ අමරදේවයන්ගේ වටිනාකම පැහැදිලි ලෙස සනිටුහන් කරමිනි. ළමා ගීත සාහිත්‍යයක්‌ බිහි කිරීමෙහිලා අමරදේවයන් ගත් උත්සාහය සැබවින් ම ප්‍රශස්‌තය. 'සඳපානේ වැලිතලා', 'මනකල් හද විල් ජලයේ', 'වැහි කුමරිය ටිකක්‌ කළුයි' යන ගීත හරහා නිම්නාද වූයේ ළමා මනස සුවපත් කරන්නා වූ හැඟීම් සමුදායකි.

පිලිපීන "රමෝන් මග්සයිසායි" සම්මානය (2001), ඉන්දියානු "පද්ම ශ්‍රි" සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි.එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සැළකොට සිටියේය.
------------------------------------------------------------------------------------------------------------
01.ජගන් මෝහිණී 

ජගන් මෝහිණී මධුර භාෂිණී
චාරු දේහිණී කමල වාචිනී
සරස්‌වතී දේවී වන්දේ
සරස්‌වතී දේවී

කම්පිත කංචන මාලා කූජිත
කිංකිණි නූපුර ජාලා  
පාද සරෝජේ කටී තටාකේ 
චංචල නර්තන ලීලා

මීන මකර පංකජ රූපාකුල
අංකික කුංකුම රේඛා 
පූර්ණ කුම්භමිව පීන පයෝධර
පූරිතාමෘත ධාරා 

භාග්‍ය සාධන පුණ්‍ය මුර්ති ධර
සුරකුල වර අභිරූපා 
දේහි දේහි වර දායක හස්‌තේ 
ශුභ මංගල මුද්‍රා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
------------------------------------------------------------------------------------------------------------
02.පාවෙනා නිල් වලාවේ

පාවෙනා නිල් වලාවේ
නදී තලාවේ රිදී ජලාසේ
ඇගේ සිනාවේ
කැළුම් සැඟවුණා දෝ
පාවෙනා නිල් වලාවේ

දියඹ සැලෙන තරඟ පෙළක අතරමං වෙලා
පාළු නිල් දියේ තනිවෙලා
සොයන රුව ඔබේ අප්සරාවියේ
සොයන රුව ඔබේ අප්සරාවියේ
පාවෙනා නිල් වලාවේ

තුරුණු සිතක පැතුම් වැළඳ ඈත පාවෙලා
සිහින නිම්නයේ සැරිසරා
පතන රුව ඔබේ අප්සරාවියේ
පතන රුව ඔබේ අප්සරාවියේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - සරත් දසනායක
------------------------------------------------------------------------------------------------------------
03.පෙර දිනයක

පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නළවනවා
මගේ ම ගීයක් නැළවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා...

ඉරට සඳට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා
නෙත් අදහන්නට බැරි ලෙස රූ සිරි
කෙමෙන් මැකී යනවා

එදා වගේ තාමත් වැට අද්දර නාමල් පූදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා...

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
------------------------------------------------------------------------------------------------------------
04.නිම් හිම් සෙව්වා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
ලං වී වෙන් වී වරින් වරේ
ඔබ මා රන් හුයකිනි බැඳුණේ

දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළය ගිම් සනහා අපමයි තැවුණේ
ජන්මෙන් ජන්මේ රැව්දීලා
ඔබ මා නෙතගේ රැඳුණා

ඉර හඳ සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සුයුරේ සසුමන් හෙලුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ඔගස්ටස් විනයාගරත්නම්
තනුව - නිමල් මෙන්ඩිස්
------------------------------------------------------------------------------------------------------------
05.පිලේ පැදුර

පිලේ පැදුර හේනට අරගෙන එනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා 
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා

ඉර පායා ඉර අවරට ගියාදෝ
සඳ පායා සඳ අවරට ගියාදෝ
හැඬූ කඳුළු මුහුදට එක් වුනාදෝ
හැඬූ කඳුළු මුහුදට එක් වුනාදෝ
ළමා ළපටි නෑනා කොයි ගියදෝ

ඔබේ කරට මල් මාලා ගොතන්නට
මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
ඔබේ කටින් ගී සීපද අහන්නට
ඔබේ කටින් ගී සීපද අහන්නට
තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට

පිලේ පැදුර හේනට අරගෙන එනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා 
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
------------------------------------------------------------------------------------------------------------
06.රෑ දුරු රට මේ

රෑ දුරු රට මේ
හිම වරුසා සීත පාලුවේ
මූදු සතකින් ඈත දේශේ
මා තනිවේ

කල්පනා ලොව පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ

රෑ දුරු රට මේ හිම වරුසා
සීත පාලුවේ

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ

රෑ දුරු රට මේ හිම වරුසා
සීත පාලුවේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය -අජන්තා රණසිංහ
තනුව - සරත් දසනායක
------------------------------------------------------------------------------------------------------------
07.ආදර හැඟුම්

ආදර හැඟුම් ආදර හැඟුම්
නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම්
ආදර හැඟුම් ආදර හැඟුම්
කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම්
ආදර හැඟුම් ආදර හැඟුම්

සැඳෑ අඳුරේ සැළෙන තරු එළි
මගේ හද තුළ කරයි විමසිලි
නැගෙන ගනඳුර වඩයි සිතුවිලි
මේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි

කිමද ඔබ මල් කුමරියන්නේ
පෙති විදා සතුටින් නොඉන්නේ
රහස නැතිවද මං නොදන්නේ
තුරුළෙ බමරුන් නොවෙද ඉන්නේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - දයානන්ද ගුණවර්ධන
තනුව - සෝමදාස ඇල්විටිගල
------------------------------------------------------------------------------------------------------------
08.සඳ තරු නිහඬයි

සඳ තරු නිහඬයි
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

පියා නුවන් යුග නිවා හැඟුම් සිත
සැතපෙන්නට වෙර දරණ පැයේ
පාළුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කළා

සඳ තරු නිහඬයි
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

මවා නුවන් ඔබ ඔබේ තෙපුල්සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකිබිඳ
හදවත අවදි කළා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - කුලරත්න ආරියවංශ
තනුව - එච්.එම්. ජයවර්ධන
------------------------------------------------------------------------------------------------------------
09.සඳ හොරෙන් 

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වළා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා

කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
සියොළඟම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී ම්…..ම්…..
මහත් වියරුවෙන්

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වළා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා

කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා ම්…..ම්…..
ඔබේ සිසිලසින්

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - ප්‍රේමසිරි කේමදාස
------------------------------------------------------------------------------------------------------------
10.මේ ගුරු පාරේ

මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැඟවීලා
අපේ රහස් ඇත ලියැවීලා

පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත 
දොල මත දිදුලන පෙණ පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත

මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැඟවීලා
අපේ රහස් ඇත ලියැවීලා

ඉර හඳ ඇසුවා ඇල දොල දුටුවා
අතිනත් ගෙන අප දෙඩූ කතාබහ 
එනමුදු එදවස් සඟවනු හැකිවේ
ඉරට හඳට ඇල දොලට කතා බැහැ

මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැඟවීලා
අපේ රහස් ඇත ලියැවීලා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
------------------------------------------------------------------------------------------------------------
11.කඳුළු කතාවේ

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණු දා 
සතුටු ගඟක් ගැලුවා
හදට හදක් බැඳුනා

ආසිරි චාමර පවන් සැලී
සෝ දුක් සංකා සෙමින් මැකී 
දෙගුරුන් මිතුරන්
සුපැතුම් මැද්දේ
අපේම ලොව අපි තනිවූයේ

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණු දා
සතුටු ගඟක් ගැලුවා
හදට හදක් බැඳුනා

සුසුමක පාකර හසුන් යවා
දෙතැනක තනිවී හඬා දොඩා 
ගෙවූ අතීතෙන්
අප සමුගන්නෙමු
අළුත් ලොවක රන් කිරුළු දරා

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණු දා
සතුටු ගඟක් ගැලුවා
හදට හදක් බැඳුනා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - බුද්ධදාස ගලප්පත්ති
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
------------------------------------------------------------------------------------------------------------
12.ඉර හඳ පායන

ඉර හඳ පායන ලෝකේ අලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ
සැප දුක සමබරවේ

උකුළේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳූවැටි ගංගා සාගර එකසේ 
පොළොවට සමබර වේ
මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ
සැප දුක සමබරවේ

වැඩිවන ආශා මැඩලන වේගේ 
ජීවන මග කැළඹේ
ඒකම රස මුසුවේ
මහ මඩ වගුරේ වන විල් මතුවේ 
පියුම් පිපී නැටවේ
මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ
සැප දුක සමබරවේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
------------------------------------------------------------------------------------------------------------
13.දෑතේ එල්ලී 

දෑතේ එල්ලී 
මියුරු කතා කී 
සුරතල් දෝණියනි
කාලයෙ රිය සක 
මහළු මගෙන් ඔබ ඈතට ගෙන යන්නේ 

බොළඳ මියුරු බස් සවන් නිවාලූ
කැකුළු සිනා රස සිත සනහාලූ 
අතීත සිහිනය බොඳවී දියවී
ඈතට පාවෙන්නේ

දෑතේ එල්ලී 
මියුරු කතා කී 
සුරතල් දෝණියනි
කාලයෙ රිය සක 
මහළු මගෙන් ඔබ ඈතට ගෙන යන්නේ

පරපුර වදන ලෙසින් වෙහෙසෙන ඔබ
ඇස නැළවූ සිත පිනවූ
මතක වළාවෙන් නොපෙනෙන ඈතට
වැලිබත පාවෙන්නේ 

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
------------------------------------------------------------------------------------------------------------
14.ගී පොතයි මී ව්තයි

ගී පොතයි මී ව්තයි
ඒ දෙකම මට එපා 

යුග නයන ගී පොතයි 
රත ලවන මී විතයි
මා පතන ගී පොතයි මී විතයි
ඔබ සතුයි

අවන්හල නැති සුරා
ලවන් විත පුර පුරා
වහස් බැල්මෙන් නුරා
රහස් ගී කිය කියා

මගේ හදවත එයින්
සදා කල් මත්කරන්
කිසිම ගීයක් ලොවේ
ඒ තරම් රස නොවේ

ගී පොතයි මී ව්තයි
ඒ දෙකම මට එපා 

යුග නයන ගී පොතයි 
රත ලවන මී විතයි
මා පතන ගී පොතයි මී විතයි
ඔබ සතුයි

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
------------------------------------------------------------------------------------------------------------
15.හන්තානේ කඳු මුදුන

හන්තානේ කඳු මුදුන සිසාරා 
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ 
කුසුමක් වී ඉන්නම්

තුන් මහළින් සැදී සරසවි පායේ
මල් කැටයම් සෙවනේ
සිරිපොද වැස්සේ නැගුනු සතුටු රළ
මිරිගු සයුර විනි අතීතයේ

හන්තානේ කඳු මුදුන සිසාරා 
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි  කුටිය සමීපේ 
කුසුමක් වී ඉන්නම් 

පාළු නිසංසල කඳු වැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත් තටු සිඳගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකිබිදිනු ඇසේ 

හන්තානේ කඳු මුදුන සිසාරා 
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි  කුටිය සමීපේ 
කුසුමක් වී ඉන්නම් 

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
------------------------------------------------------------------------------------------------------------
16.මළ ඉර බසිනා 

මළ ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්

නිදි නැති යානේ රෑ යාමේ
කාන්සියේ ඔබ හිඳිනා වේලේ 
සුළඟේ දැවටී ඔබට හොරෙන්
සුළඟේ දැවටී ඔබට හොරෙන්
මම ඔබ වෙත එන්නම්
සියුමැළි දෑතින් ඔබ හිස අතගා

සියුමැළි දෑතින් ඔබ හිස අතගා
ඔබ නිදි කරවා මම යන්නම්

අළුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති අග පිණි කඳුළක් රඳවා 
සුසුමක් වාගේ ඉන් පිටවී
සුසුමක් වාගේ ඉන් පිටවී
ඔබගෙන් වෙන් වෙන්නම්
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
------------------------------------------------------------------------------------------------------------
17.මේ ලොව යම්

මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය

හීන් හඬින් මට කියාවි

මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව

නන්නාඳුනනා ඔබ ගේ ...

නන්නාඳුනනා ඔබ ගේ
අත් අකුරින් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව

අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක ...

අඬ සඳ බැසගෙන යන සඳ
රෑහි හඬන රැව් අතරින් ...

එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවී
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවී

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහගම සේකර
තනුව - සෝමදාස ඇල්විටිගල
------------------------------------------------------------------------------------------------------------
18.ස්වර්ණ විමානෙට

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් 
ඔරුවක ගොඩවී මා එනවා 
සවර්ණ වර්ණ රන් එළිය දකින්නට 
රළ රැලි මත නැගිලා එනවා 
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් 

රැල්ලේ පාවී වැල්ලේ බිහිවෙන 
සංගීතෙන් අප හමුවෙනවා 
සැන්දෑ යාමේ පෙම් රස කලතා 
සාගර ජල කඳ නැළවෙනවා 
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් 

මුතු බෙලි කටු කිරිකවඩි පුරාගෙන 
ඔරුවට ගොඩවී මා එනවා 
මගේ අනාගත පැතුම් විමානෙට 
සෙනෙහස පොදි බැඳගෙන එනවා 

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් 
ඔරුවක ගොඩවී මා එනවා 
සවර්ණ වර්ණ රන් එළිය දකින්නට 
රළ රැලි මත නැගිලා එනවා 
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් 

ගායනය - පණඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මඩවල එස්. රත්නායක
තනුව - පණඩිත් ඩබ්.ඩී. අමරදේව
------------------------------------------------------------------------------------------------------------
19.විකසිත පෙම්

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියා දෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ 

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර ඉඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් පේ‍්‍රම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා 

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියා දෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ 

තනිකම රජයන පාළු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ පැතුම් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා 

ගායනය - පණඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
------------------------------------------------------------------------------------------------------------
20.තාත්තා වුනත් මා 

තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගෙ දරුදැරියන් රකින 

මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
ඔබ දුටු මුල් දිනේවත් හදනොනැඟි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙක් මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නොහැගේ ලඟින් හිඳ මගේ හිසසිඹින සඳ

තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින 

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
------------------------------------------------------------------------------------------------------------
21.සන්නාලියනේ

සන්නාලියනේ, සන්නාලිනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුනු කුළුදුල් දූටයි
මේ පොඩි ඇඳුම වියන්නේ

සන්නාලියනේ සන්නාලිනේ
මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සණ කරලා
කාටද ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි
මංගල ඇඳුම වියන්නේ

සන්නාලියනේ, සන්නාලිනේ
සීතල හඳ එලියේ
මැලවුණු මුහුණින් වෙව්ලන දෑතින්
කාටද සළුව වියන්නේ
සීතල සළුව වියන්නේ

කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ

කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි
සීතල සළුව වියන්නේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
------------------------------------------------------------------------------------------------------------
22.ආරාධනා

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා ආරාධනා

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ
කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා
සෙනේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා
ආරාධනා ආරාධනා

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ
යළිදු උපන්නෙමි
බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා ආරාධනා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
------------------------------------------------------------------------------------------------------------
23.ඇයි කරේ යමෙකු ආලේ 

ඇයි කරේ යමෙකු ආලේ 
මේ ලෝකේ
මේ ලෝකේ මායාකාරී
ඇයි කරේ යමෙකු ආලේ
ඇයි කරේ යමෙකු ආලේ

වනෙහි පක්ෂී තෝරා විසඳා
බලනු නීරස භාවේ 
කරත ආලේ යමෙක් මේ ලෝකේ 
නො තිර සේ දෝෂා

ඇයි කරේ යමෙකු ආලේ
ඇයි කරේ යමෙකු ආලේ

තිරසර ආලේ අමරණීය වේ
පුදනු ජීවිතේ නෑ දුකා 
කර්ම විපාකේ සේ ඒ ආලේ
ජන හටා පැතු සේ පල දේ 

සෑසි ධර්මේ දේ සිත කර්මේ 
පහදා දුනි ලොවටා

ඇයි කරේ යමෙකු ආලේ
ඇයි කරේ යමෙකු ආලේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ඩී.ටී. ප්‍රනාන්දු
තනුව - මොහොමඩ් ගවුස්
------------------------------------------------------------------------------------------------------------
24.කොළොම්තොට නැත

කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳ ම යි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

පෙරුම් පුරමින් හමු වෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිස දා

කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳ ම යි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

කුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුම ද නර කෙසක් නැඟිලා!

කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳ ම යි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - ගුණදාස කපුගේ
------------------------------------------------------------------------------------------------------------
25.මහ වැස්සක පෙර නිමිති 

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩ මණ්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ
මා දැන් මහළු වියේ

පාරට බැස්සම නොවැ සීතල වැඩි
තනිකම ඊට වැඩී
එකම කුඩය යට අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොඳහැටි මතකයි

මී විතකින් ගත උණුසුම් වූව ද
සිත උණුසුම් වේදෝ
එපා එපා මී විත මගෙ දෙතොළට
එපා එපා මී විත මගෙ දෙතොළට
ආපසු මගෙ කුටියට යනවා
මා ආපසු යනවා

කබාය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ
මා දැන් මහළු වියේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
------------------------------------------------------------------------------------------------------------

"රසයි කිරි නැ දියාරු - ගතයි සිතයි පිනා"
 (උපුටා ගැනීම - ලකිඳු පිරිස් ගෙන් )

------------------------------------------------------------------------------------------------------------
ප.ලි 
හෙළයේ මහා ගාන්ධර්වයා වන "පණ්ඩිත් අමරදේවයන්ගේ" 88 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මේ සටහන තැබීමට සිතුනා.දිවයින පුවත් පතේ කලකට පෙර පළවූ ලිපියකින් හා අන්තර් ජාලයෙන් උපුටා ගත්තේමි .සිය ගණනක් ගීත අතරින් කීපයක් ඔබ වෙනුවෙන් තෝරා ගත්තා ...
අඩුපාඩු පෙන්වා දෙන්න ..
------------------------------------------------------------------------------------------------------------
ප.ප ලි 

අද දින උපන්දිනය සමරන අපේ එලද බ්‍රා සහෝදරයාගේ පුතණුවන්ටද "සුභ උපන් දිනයක් " පතනවා ..

"අදයි පුතේ ඔබේ උපන් දිනේ
වැඩෙයි මගේ හදවතේ සෙනේ
මා සතු වස්තුව ඔබයි පුතේ
මා සතු වස්තුව ඔබ සතුවේ .."

ගායනය - කේ. සේන  


69 comments:

  1. අද පොඩි මෙන්ඩාගේ උපන් දිනය ඌ වෙනුවෙන් සිංදුවක් දිපන් මම ඌට පෙන්නනන්ම් සින්දු ඇනෝ මාමාගෙන් කියලා

    ReplyDelete
    Replies
    1. පොඩි මෙන්ඩ පුංචිපුතාට
      තෙරුවන් ආශිර්වාදයෙන්,
      දළඳා සමිදු පිහිටෙන් නිදුක්,
      නිරෝගි සුවය දීර්ඝායු සුවයම සැලසේවා...!!!

      Delete
    2. මෙන්ඩෝ ඔන්න මචෝ සින්දුවක් පොස්ට් එකටම එකතු කලා ....

      Delete
  2. //එකම කුඩය යට අර යුවලක් යන හැඩ
    මමත් ඔහොම ගිය හැටි මතකයි //

    දැං කුඩ හැරෙන්නත් මදි :D
    ඔන්න සමර්හට් එකක් වගේ නං ඉහලං ගියහැකි … ඕ යේස්

    ReplyDelete
    Replies
    1. ඒකත් තව ටික දවසකට ඇතිවෙයි.ඊටපස්සෙ හොයාගං ලොකු කූඩාරමක්.

      Delete
    2. මේ වහින්නේ එදා මල් වරුසාවමයි
      මහළු නොවනා පෙම්වතුන්ගේ
      සොඳුරු මල් වරුසාවමයි
      එදා මල් වරුසාවමයි

      ජිවිතේ දෝතින් දරා අපි
      එදා පෙම් බස් මිමිණුවේ
      සිරිපොදේ හීතලෙන් අවදිව
      ජීවිතේමයි හිනැහුණේ

      එදා මල් වරුසාවමයි මේ
      මුවාවක් ඇයි සොයන්නේ
      එක වහල යට එකතු වූ දා
      එක කුඩේ ඇයි මදි වුණේ

      ගී පද - සීතා රංජනී
      සංගීතය - රෝහණ වීරසිංහ
      ගායනය - දිපිකා ප්‍රියදර්ශණී

      Delete
    3. ඒ කාලේ ඒකම කුඩයක් යටින් ගියාට දැන් යන්න අමාරුයි බං.... ඒ කාලේ ෆොටෝ වල හරි කෙට්ටුයි.... දැන් ඉතින් ලොරි දෙකක් කුඩයක් යටින් ගෙනියනවා වගේනේ බං.....

      Delete
  3. අමරදේව ශූරීන්ට සුබ උපන් දිනයක් වේවා..
    සිංදු පුතාට ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. පොඩි මෙන්ඩටත් කියපන් පත්තරේ මාමේ සුබ උපන් දිනයක් වේවා.. කියලා

      Delete
    2. එකෙන්ම පොඩි මෑන්ස්ගෙත් අදද බොල .. ජය වේවා

      පුතුපැටියාට පත්තර මාමගෙන් සුබ උපන් දිනයක් පුතේ.. ආවම එන්නංකෝ බලන්න .මේක පෙන්නපිය හරි

      Delete
    3. මෙන්ඩා බබාට සුබ උපන්දිනයක් කිව්වා කියන්න මෙන්ඩයියේ

      Delete
    4. //සිංදු පුතාට ජය වේවා !!//

      බොට අමුකැවිලද පත්තරයො...

      Delete
    5. @පත්තරේ මාමේ බොහොම ස්තුතියි ..
      පොඩි මෙන්ඩා අය්යාටත් සුභ උපන් දිනයක් වේවා !! හැක්

      Delete
  4. උඹ කිව්වා වගේ "සිනිදු සුදු මුතු තලාවේ" කියන සිම්පනියම ඇති අමරදේව මහත්තයා අගයන්න..

    ඒ ඔක්කෝම පැත්තක තිබ්බත්, වටිනාම දේ තමයි නව පරපුර සමඟ සමීප සබඳතාවයක් පවත්වාගෙන යාම හා උන් සමඟ එක පෙලට සිට ගැනීම.

    හැපි බෝත් ඩේ ලොක්කා....

    ReplyDelete
    Replies
    1. //වටිනාම දේ තමයි නව පරපුර සමඟ සමීප සබඳතාවයක් පවත්වාගෙන යාම හා උන් සමඟ එක පෙලට සිට ගැනීම//+++++++++++++++++++++++++++++++++++++++++++++++
      මාතේ එකෙන්ම එකඟයි ..
      ස්තුතියි මචෝ ..
      ජයවේවා !!!!!!!

      Delete
    2. "සිනිදු සුදු මුතු තලාවේ" සංගීතයේ ගෞරවය හිමිවිය යුත්තේ සෝමදාස ඇල්විටිගලටයි!

      Delete
  5. අමරදේව මාස්ටර්. ඔබතුමාට චිරන් ජයතු

    ReplyDelete
  6. වෙනදා වගේම සුපිරි හෙළිදරව්වක්... ස්තුතියි සිංදුවා... අමරදේව මහතාගේ ඉන්දියානු ස්ංගීත ඉගෙනුම ගැන හොඳ විස්තරයක් තියන තැනක් දන්නවද? සෝමදාස ඇල්විටිගල සංගීත වේදියා ගැන විස්තරේකුත් දාමු නේ??
    පොඩි මෙන්ඩාට සුභ උපන්දිනයක් පතනවා.. හොඳ මිනිහෙක් වෙයන් පුතේ...

    ReplyDelete
    Replies
    1. සජ්ජෝ මේක ලියන්න තිබුනේ සේකර ,අමරදේව සහ ඇල්විටිගල කියන තුන් දෙනා ගැනම .එහෙම වුනානම් වටිනාකම කියලා වැඩක් නැ ..අමරදේව මහත්තයාගේ උපන් දිනය නිසා මේ පොස්ටුව ඉක්මන් වුනා ...ඒ ගැනත් විස්තර දෙන්නම් මචෝ ...
      බොහොම ස්තුතියි ..

      Delete
  7. අමරදේව මාස්ටර් ගෙයි මගෙයි ලව් එක පටන් ගත්තේ හරියටම මිට අවුරුදු 22 කට විතර උඩදී.. මම උසස් පෙළ සිසුවෙක් විදියට ඉද්දි.. කොහොමද මතක නෑ මට පිපෙන කුසුම කැසට් එක හම්බ උනා.. ඊට කලින් අමරදේව කියන්නේ මට ප්‍රබුද්ධ ගායකයෙක් විතරයි.. ඒත් ඊට පස්සේ කාලයක් යනකම් මගේ විරය.. ගුරුවරයා..හොඳම යාළුවා..ගමන් සගයා.. තව මෙකි නොකී බොහෝ හිතවත්කම් අපි අතර ගොඩ නැගුනා.. ඒ සියල්ල ඔහු ගැයූ ඒ අමයුරු ගී හරහායි..
    අදටත් ඒ සොඳුරු මතකයන් ඉඳලා හිටලා අවිස්සෙනවා ඔබේ කටහඬ කොහෙන් හරි ඇහෙද්දී.. ඔබට සුභ උපන්දිනයක්..
    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා
    අතීතයේ ගිලිහී ගිය
    සතුට රැගෙන යළි වඩින්න
    ආරාධනා ආරාධනා......

    ReplyDelete
    Replies
    1. "එතකොට ඒ ගී රාවය
      යාන්තමින් මට ඇසේවී"

      මටත් තියෙන්නේ උඹට සමාන අත්දකිමමයි කමියෝ ...9 වසරේදී සංගීතය කරන්න පටන් ගත්තාමයි මට මෙතුමාගේ ගීත වලට කැමැත්තක් ඇතිවෙන්න ගත්තේ ...

      Delete
    2. රුවන්වැලි සෑය හදන්න ගහ කපන්න ස්වර්නමාලි දේවතාව ගහෙන් බස්සගන්න කියපු සිංදුව මගෙ ෆේවරිට්ම එකක්... උන්දව මුරුංග අත්තෙ තියන අපූරුව බලපන්... දැන් කොහෙද බං මෙහෙම සිංදු..

      Delete
    3. ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි..
      ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...
      ස්වර්ණමාලියේ..
      ඔබේ නමින් සෑය බඳිමි
      විමානයෙන් බසිනු මැනවි...
      උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසී ලියේ
      නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
      වනා ලමැද කිණිහිරි පෙති රත්නතිලක පැලදි ලියේ
      සිනා සිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ
      අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ
      කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ
      කනේ තෝඩු මිණ ඝන රන් මූණ ‍ඔපය කරන ලියේ
      පමා නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ
      බාල චන්ද්‍ර පටුනලලත අලක අඳුන් අඳින ලියේ
      ආල වඩන දන්ත කැකුළු කුන්ඩ සමන් පිපෙන ලියේ
      දෑල දෑත ස්වර්ණදාම තාල හඬට සැලෙන ලියේ
      කෝල නොවී විමානයේ බසින්න ස්වර්ණමාලියේ
      ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ....
      ස්වර්ණමාලියේ...

      ගී පද - මහගම සේකර
      සංගීතය /ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

      Delete
  8. අමරදේව මාස්ටර්ට සුභ උපන්දිනයක් වේවා !!!!!!!!!!!!
    වෙනත් කළා කරුවන්ගේ අවසන් කාලය දිහා බැලුවම මෙතුමා ඉතාමත් වාසනාවන්තයි ...මෙතුමාට ගීපද රචනා කල හා තනු නිර්මාණය කල කලාකරුවෝ ගැන අපිට අහන්න ලැබෙන්නේ ඉතා දුක්මුසු ආරංචි විතරයි ...(සින්දුවෝ උඹේ බ්ලොග් එකෙත් වෙන මොනා හරි කුණු හරුප ටිකක් දැම්මා නම් උඹටත් කොමෙන්ට් 200ක් විතර ගන්න පුළුවන් ..ඒ ගැනත් හිතපන් ..)

    ReplyDelete
    Replies
    1. වරහන් ඇතුලෙ තියෙන්නෙ අගේ ඇති කතාවක් ඇනෝ සහෝ... බොරලු කැට ඇතිතරම්.. මිණිකැට නැති තරම්.. ඒ නිසා බයවෙන්නෙපා, මේක බොරලුවක් වෙන්නෙ නෑ. අපේ සින්දු ඇනෝ වගකියනවා.අපි සාක්කි දරනවා.

      Delete
    2. //වෙනත් කළා කරුවන්ගේ අවසන් කාලය දිහා බැලුවම මෙතුමා ඉතාමත් වාසනාවන්තයි //
      +++++++++++++++++++++++++++++++++++++
      මේකනම් ඇත්ත ඇනෝ සහෝ ..මොකද මම මේ බ්ලොග් එකේ දාලා තියන පොස්ට් වලින් වැඩි ප්‍රමාණයක් එවැනි දුක්ඛ දායක අවසානයන් ...
      බොහොම ස්තුතියි ඔබගේ අදහස් වලට ..
      ජයවේවා !!!
      වරහන් ඇතුලේ එකට කියන්න තියෙන්නේ ඔන්න ඔහේ අපි හෙමින් යමු කියලයි ..උඹලගේ සහයෝගය හැමදාම තියනවනේ ...
      ජයවේවා මචෝ ...
      @මනෝ ..දැන් නිවාඩු කාලේ හින්දා නැ ඉස්කෝලේ - ආයි ආයි ආපි ඔන්න ආතල් කාලේ ..

      Delete
    3. ඇනෝ ඕක කියුවේ මටද මංදා.. :(

      Delete
    4. කමියෝ ඒ මොකෑ බන් ...

      Delete
  9. අමරදේව ශූරීන් අපේ හද තුළ සදහටම ලැගුම් ගත්තේ, 1960 දශකයේදී, ලංකා ගුවන්විදුලියේ 'සන්ධ්‍යා සේවය' ඔස්සේ ඉදිරිපත් කළ, 'මධුවන්ති' වැඩ සටහනින්. එය සජීවී වැඩසටහනක්. අමරදේව, මහගම සේකර, මඩවල එස් රත්නායක, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, වැනි අසහාය කලාකරුවන්ගේ අදහස් අහන්න ලැබීම, ජීවිත කාලයේ ලැබූ මහත් භාග්‍යයක්.

    විවිධ ගීත නිර්මාණයේදී පාදක කොටගත් අවස්ථා, නිමිති, සිද්ධි, පමණක් නොව, මාදින්නාගොඩ වෙල්යායේ ඉහත්තාවේ ගල් තලාවක, සඳ එළියේ වාඩිවී හිඳිමින්, මීවිතක රස විඳිමින්, (අනේ අද ඒ පැති විදුලි එළියෙන් සහ කොන්ක්‍රීට් වනාන්තර වලින් ගහනේය) කල කී දෑ පවා, ඒ වැඩසටහනේදී කථාකළ අවස්ථා තිබුණා.

    එතුමන්ට නීරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විචා ඔබගේ පැරණි මතකයන් හැමදාම වාගේ මෙතනට ගෙන එනවාට ...
      ජයවේවා !!

      Delete
  10. මේ පෝස්ට් එක නෙල්ලි ගෙඩියක් වගේ....

    රහයි ගුණයි... එතුමන්ට සුබ උපන්දිනයක් වේවා....

    ඒ වගේම එතුමාගෙ උපන්දිනේ දාම උපන් පොඩි මෙන්ඩටත් සුබම සුබ උපන්දිනක් වේවා.... අමරදේව සර්ට වගේම දීප්තිමත් අනාගතයක් පතනවා පොඩි මෙන්ඩට...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝ ...
      ඔන්න දැන් උඹේ වෙලාව ඇවිත් හැමෝටම නෙල්ලි කවන්න ..

      Delete
    2. මනෝෂ මාමාට බුදු සරනයි

      Delete
  11. අමරදේව ශූරීන්ගේ උපන් දිනයට තිබුන උත්සවය දුටුවා.තවම හොඳට ගයනවා.එතුමන්ට දීර්ඝායුෂ පතමි.
    ඒ වගේම මෙන්ඩගේ පොඩි එකාටත් සුබම සුබ උපන්දිනක් පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලපේ අය්යේ ...

      Delete
  12. මගේ ලඟ තියන ගීත එකතුවෙන් මම වැඩිපුරම අහන ගීත තමයි අමරදේව ශූරින් ගායනා කරන ගීත.දසක කිහිපයක් තිස්සේ පරම්පරා කිහිපයක හදවත් වැළඳනිමින් ගී ගැයු අමරදේවශූරින් කායික මානසික සුවයෙන් සැනසේවා...!!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි මනෝ ...දැන් ඉන්නේ සංගීත කාරයෝ ..ඉස්සර හිටියේ මාස්ටර්ලා ...

      පිනවන්ට සවන් ඇසුවන්ගේ සොඳින්
      සංගීත සිංහලද්වීපේ
      මා වාගෙ උගත් මේ කාලෙ අයෙක්
      නැත ඊට දුර්ජනා කෝපේ
      මහ මෝඩකමක් තව ඇද්ද රටේ
      මා ‍එක්ක අනේ ඇය් කෝපේ
      ඇන්නෑ ඊර්ෂ්‍යා මුන්ගේ මෝඩකම් පේනා

      සංගීතකාරයෝ බෝමයි
      පුප්පන්ට ඉතා සමතෝමැයි
      දැනගත්ත ශාස්ත්‍රයක් නැත්මයි
      නොදකින් නරිවාදම් පෙරෙන්නා දැන් - පුරා පල්ලෙන්
      ඉලගෙයිරංගේ මාගෙන් තේරේ

      නාට්‍ය‍ය‍ - ශ්‍රී වික්‍රම

      Delete
  13. මාමලා හැමෝටම ගොඩක් ස්තුතියි..බුදු සරනයි
    පොඩි මෙන්ඩා..

    ReplyDelete
    Replies
    1. එතකොට විචාරක සීයා?

      Delete
    2. විදුරැව වට්ටන්නෙ නැතුව ඔලුව උඩ තියාගෙන නටලා පෙන්නපු සීයාටත් බුදු සරනයි..

      Delete
    3. සීයාව මට මතකයි..ඇත්තමයි..
      පොඩි මෙන්ඩා

      (විචා..ඇත්තටම ඌට උඔව මතකයි)

      Delete
  14. ඇනෝ ගේ වැඩ කවදත් අනගියි නෙ?
    එලද බ්‍රා ගේ පුතණුවන්ට සුබ උපන් දිනයක් වේවා
    තව තවත් පුතුන්ම ලැබේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හංසියෝ ...
      ජාවෙවා !!

      Delete
    2. ස්තුතියි නැන්දේ..
      මට හැම පේපර් එකටම ලකුනු 98 ට වැඩි ..
      පොඩි මෙන්ඩා

      (ඔයාට කියන්න කියපුවා මම එහමම කෙටුවා..තව හැලෑල්ක් කියන්න ගියේ මම නවත්ත ගත්තා..)

      Delete
  15. අමරදේවට තරම් ලකුණු ගන්න බැරි බව දන්න සාන්ත රතනෂන්කර් ඇවිත් කරපු මුල්ම කතඬ පරික්ෂනේ මඟ ඇරියලු.

    ඒත් අමරදේව රූකන්තත් එක්කත් සින්දු කිව්ව එක ස්ටේජ් එකේ.

    උඹ අමාරුවෙන් ලියන මේවට කමෙන්ට් නෑ කියල සැලෙන්නෙපා, මේව අනාගත ආයෝජන.

    ReplyDelete
    Replies
    1. //අමරදේවට තරම් ලකුණු ගන්න බැරි බව දන්න සාන්ත රත්නෂන්කර් ඇවිත් කරපු මුල්ම කතඬ පරික්ෂනේ මඟ ඇරියලු.// විස්තර කරලා කියපන්කො අය්යේ ..මේ කියන්නනේ පණ්ඩිත් රත්නෂන්කර් ගැනද ????

      (කොමෙන්ට් ගැනනම් වැඩිය හිතුවේ නැ සිංහයෝ...අනික සිංදුවල පද පේලි දාන මට මොනා කියලා කොමෙන්ට් කරන්නද ....හැක් හැක් )

      Delete
  16. උඹට මුන්නැහේගෙ සින්දු ටික පෙළගස්සන්න මාස හත අටක්වත් යයි වගේ..හැක් හැක්. ඒ අතරිනුත් සුපිරිම ටික උඹ තෝරගෙන තියෙනවා. මේ මනුස්සයා ප්‍රබුද්ධ ගායකයෙක් විදිහට කැටගරයිස් වුණාට අළුත් වගේම මධ්‍යතන යුගයේ ගායන ශිල්පීන් එක්කත් හොඳින් මුසුවුණා, ධනාත්මකව අදහස් පළකලා. ඒකයි වටින්නෙ. හම්බේ, සින්දුවක් කියනකොට ඇඟේ රෝම කූපයක් ගානෙ ඒක ඇඟට ගන්න ගායකයෙක් තමා. අපිට ඉස්සර ඕක හරි අමුතුයි.
    දීර්ඝායුෂ පතනවා, අමරදේව මාස්ටර්ටත් මෙන්ඩා පුතාටත් දෙන්නටම.

    වෙල් ඩන් සින්දුවා.

    ReplyDelete
    Replies
    1. මධුවෝ සිරාවටම මචෝ මේ මගේ කැමතිම සින්දු කීපයක් විතරයි ...ගීත දහයක් විතර දාන්න හිතාගෙන , එකින් එක දානකොට අයින් කරන්න ලෝභ හිතුනා මචෝ ...
      බොහොම ස්තුතියි ...
      කොහොමද දැන් උඹට ...අසනීප තත්වය හොඳද ?
      ජයවේවා !!

      Delete
    2. මාමට අසනිප වුනා කියලා තාත්තා කිව්වා..මාමාට සනිප වෙන්න කියලා මම හදුන්කූරක් පත්තු කරා..
      පොඩි මෙන්ඩා

      මම මල් පුඡා කරනකොට ඌ එනවා..මගෙන් හදුන්කුරක් පත්තු කරවගෙන වටේට අරන් ගිහින් ගෙනත් දුන්නා..එයා බුදු සාධුට කිව්වලු උඔට සනිප වෙන්න කියලා..උඔ නෑ කියලා මම ගෙදර ගිහින් කියන ඒවා අහගෙන ඉදලා

      Delete
  17. සේකර අමරදේව මානව... ලංකාවෙ මං කැමතිම තුන්දෙනා. (ඩ්‍රැකියානි කැමැත්ත දුන්නනං මං ඩ්‍රැකිපැට්ටට මානවසිංහ කියල නම දාන්න හිටියෙ.) උඹ නං මචං නියම රසවේදියෙක්. සිරාවට උඹේ මුළු පෝස්ට් එකම එක්ක එකඟයි. අමරදේවගෙ සංගීතයෙ විශේෂම ලක්ෂණය තමා, බටනලාව සහ උඩැක්කිය... කණ හීමීට අතගානව වගේ ඒ සංගීතය. කිසිම මත්ද්‍රව්‍යයක් නැතුව, හීං කළුවරේ පිළ උඩ ඈඳිගෙන දැහැන් ගත වෙන්න පුළුවං මියුසික්... සඳ හොරෙන් හොරෙන් ගීතයට හොඳම සාධාරණයක් කරල තිබුණා කේමදාස. කේමදාසගෙ අර බරසාර සංගීතය නැතුව සරළ නිවිච්ච සංගීතයක් එකතු කිරීමෙන්. කියන්න දේවල් ගොඩයි සිංදු...

    ReplyDelete
    Replies
    1. කියන්න තියන ඔක්කොම මේකෙත් තියනවා මචෝ ...
      බොහොම ස්තුතියි මචෝ ....

      මුවරද බර පිපි මල් ගොමු
      අතරේ නැත ආදරේ
      දේදුන්නේ පැහැ රේඛා
      අතරේ නැත ආදරේ
      හඳපානේ ගඟ දිය රැලි
      අතරේ නැත ආදරේ
      ඝණ අඳුරේ හුදකලාව
      නැඟි කඳුළකි ආදරේ

      තුරු වදුලේ ඇල් හෙවණැලි
      අතරේ නැත ආදරේ
      රත ලවනේ පෙම් හසරැලි
      අතරේ නැත ආදරේ
      යුග නයනේ නිල් මිණි කැට
      අතරේ නැත ආදරේ
      ඝණ අඳුරේ හුදකලාව
      නැඟි කඳුලකි ආදරේ

      ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
      පද රචනය - මහාචාර්ය විමල් දිසානායක
      තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

      Delete
    2. බලහං ඉතිං... මං නොදන්න අමරදේව මාස්ටර් කියන ලස්සන සිංදුවක් තිබිලනෙ... උඹත් එක්ක බෑ බං මේ රාජ්ජෙ කොරන්න.

      Delete
    3. ඩ්‍රැකීයෝ උඹව කොටියා කාලත් මදි යකෝ මේ සින්දුව අහලා නැ කිව්වම ...

      https://www.youtube.com/watch?v=hlXbPvVVhew

      Delete
  18. මෙන්ඩො,
    පුතාව ආදරෙං මතක් කළා කියහං...

    ReplyDelete
    Replies
    1. මාමේ ..ඔයා මගේ යාලුවා..මම ඔයාට ආදරේයි..ඔයා මගේ කතන්දර යාලුවා..
      ඔයා හොදම හොදයි..
      පොඩි මෙන්ඩා
      උඔ එයාගේ විරයා..එයා වෙනුවෙන් උඔ කතන්දර ලියනවා කිව්වාම ඌගේ ඇස් දෙක සතුටින් දිලිසේනවා..

      Delete
    2. මේක දැකල මගෙ මූණෙ මතුවෙච්ච හිනාව පුළුවන්නං සවින්ද පුතාට පෙන්නහං...

      Delete
    3. "දත් දිග ලොකු කට පෙන්නලා ඩ්‍රැකීයා හිනා වුනා"

      හැක් හැක්‌ .........

      Delete
    4. හනේ යකෝ...

      මට මතක් උනේ බං, අර ඉස්සර එම්ටීවී තිබුණ කාලෙ, (සිරස වෙන්න කලිං) සැරෙයක් කොමඩි එකක් තිබුණා. ඒකෙ දත් දොස්තර කෙනෙක් ඉන්නව. ඌ ගාවට යනව ඩ්‍රැක්‍යුලා, ලේ බොන්න. අරූ ඩ්‍රැක්‍යුලා වත් පුටුවෙ වාඩි කරවල, උගෙ දත් දෙකම ගළවනව බං. ඩ්‍රැක්‍යුලා පින් සෙන්ඩු වෙනව, “අනේ අයියෙ මං ඩ්‍රැක්‍යුලා අයියෙ...“ කිය කියා...

      Delete
  19. මෙන්ඩාගේ පුතාට සුබ උපන්දිනක් වේවා!!!
    නියමයි ඇනෝ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ ...මහේෂ් උඹට අමරදේව මාස්ටර් අමතක වෙලා ..හැක් හැක්

      Delete
    2. ස්තුතියි මාමේ..ඔයා ලග සිංහයෙක් ඉන්නවා කියලා තාත්තා කිව්වා..
      පොඩි මෙන්ඩා..

      පොඩි මෙන්ඩා බ්ලොග් වලට අලුත් නෑ බං..ඌ ගම්පහ බ්ලොග් ගෙට්ටුවටත් ආවා..
      බලපන් උඔලා හැමෝම ඌට ආදරේයි

      Delete
  20. සින්දුවෝ පට්ට...............

    අමරදේව මහත්තයා කියන්නේ සින්දු රසවිදින්න දන්න කාලේ ඉදලා කනට අැහුණ ප්‍රධානම හඩයි.... අදටත් සින්දු පිරුණ ෆෝල්ඩර් ඒකක් තියෙනවා.... මික්ස් ඒකක් හදනවානම් ඉස්සල්ලා ම ඔ්පන් කරගන්නා ෆෝල්ඩර් ඒක අමරදේව...... හිතට අවුලක් වුණාම ඒ සින්දුවක් අහලා හිත හදාගන්න පුරුදු වෙලා ඉන්නේ.......

    මං මෙතුමාගේ දකින විශ්ෂත්වය තමා තාමත් ගීත නිර්මාණයන් සමග සිටීම...අපේ ප්‍රවීණයෝ ගොඩක් දැනටමත් ගීත නිර්මාණකරනයෙන් ඉවත් වෙලා..... මෑතක ගයපු 'අාදරයද මේ' වගේ ගීත පවා උපරිමයි......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුට්ටෝ ...මෑතක උමාරියත් එක්ක කරපු "හන්තාන සිහිනේ " ගීතයත් පට්ට මචෝ ....
      බලා වැලපෙමි නෙලාගනු බැරි
      හන්තාන සිහිනේ

      දරා නෙත් අග දොවා සිත් මල
      ගොතනු මැන ළදුනේ
      සංසාර සිහිනේ

      වැහි පබළු යට රගමඩල මැත
      ඔබේ... දෑතේ තුරුළු වෙන්නට

      බිසෝ හැර ගිය ලසෝ රඟ හළ
      අමාවක අදුරේ...
      නොඑනු මැන ළදුනේ

      බලා වැලපෙමි නෙලාගනු බැරි
      හන්තාන සිහිනේ

      වඩින තුරු සඳ දුරින් ඉන්නම්
      තරු ඇදුරු පෙම් ගී අහන්නම්

      සොදුරු ඒ සඳ දියේ එන්නම්
      ඉදිනු මැන සොදුරේ
      හන්තාන අරණේ

      ගායනය: පණ්ඩිත් අමරදේවයන් සහ උමාරියා සිංහවංශ
      පද: ජනක සිරිවර්ධන
      තනු :අරුණ ගුණවර්ධන

      Delete
  21. අපොයි සින්දු ඇනෝ. මේවා editor@nelumyaya.චොම් එකට වත් එවන්දකෝ. අපරාදේ මිස් වෙලා දෙසැම්බර් 5. හොඳට ලියලත් වෙච්චි.

    ReplyDelete
    Replies
    1. සොරි වේවා අජිත් අය්යේ ...මිට පස්සේ එහෙම කරන්නම් ..
      ජයවේවා !!!

      Delete
  22. හැබැයි අමරදේවත් මහින්ද රාජපක්‍ෂ ආපසු ගෙන එන්න කියලා දාපු පුවත්පත් දැන්වීමේ හිටිය බව නම් මට අමතක වෙන්නේ නෑ!
    http://rasikalogy.blogspot.com/2015/04/artistes-and-artists-vs-henchmen.html

    ReplyDelete
  23. සින්දු ඇනෝ කරන්නේ කවුරුත් නොකර වටිනා වැඩක් ! සම්මානනීය වැඩක් !

    ReplyDelete