Saturday, February 27, 2016

"හිත මිතුරෝ නෑයෝ ඔබ කැඳවා ගිය ඉරණම් ගමනේ"



ප්‍රවීණ ගීත රචකයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ අජන්තා රණසිංහයන් සුවහසක් රසික හදවත් තුළ සටහන් කළේ නොමැකෙන මතකයක්. කලා ලොව වෙනුවෙන් අනුපමේය මෙහෙවරක යෙදුනු ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ නාමය හෙළ ගී කෙත තුළ නොමැකෙන මතකයක් සටහන් කළා.හැත්තෑව දශකයේ මුල්වරට තුන්පත් රටා නමින් 1971 වර්ෂයේ සුනිල් සරත් පෙරේරා සමග ගී පොතක් ලියා පළකළ ඔහු අනතුරුව 1978 වර්ෂයේදී "විකසිත පෙම්" නමින් දෙවන ගිත එකතුව ලියා පළකලා .ලේක්හවුස් ආයතනයේ උප කර්තෘවරයෙකු ලෙස ද කටයුතු කළ ආචාර්ය අජන්තා රණසිංහයන් ගුවන්විදුලි සංස්ථාවේ උපදේශකයෙකු ලෙස ද කටයුතු කළා. 
ආචාර්ය අජන්තා රණසිංහයන් අමරදේවයන්ගේ සිට නව පරපුරේ ශිල්පින් දක්වා සිංහල ගීත කලාවට එකතු කළ ජනප්‍රිය ගීත රාශියකි. ඒ අතරින් කුරුම්බැට්ටි මැෂිමේ, විකසිත පෙම් පොකුරු පියුම්, රන් කෙන්ඳෙන් බැඳ, පුංචි දවස්වල නින්දට යද්දී, රෑ පැල් රකින, රෑ දුරු රට, සිරිමා බෝ මැද ආදී ගීත රැසක් අදටත් රසික සිත් සතන් අතර අමරණීයව පවතී.ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් ගැයූ, ආශා නිරාශා මැවූ,මල් පොකුරු පොකුරු ,සිරිමා බෝ මැඩ මුනිඳුන් වැඩ හිඳ ,මල් ලියකම් රැඳි පෙම් සිතුවම් ඇඳි ,මංගල මල් දම පතා හිඳිමි මම කන්ද පාමුල වංගුවේ,පොඩි විහඟ තුඩේ මියුරු කතා ,සායම් පෙඟූ ලවන් පුරා ,තිසා වැවේ දිය රේඛා මත සීතල දිය තලාවේ දුරුතු මහේ ,ඉතින් ඊට පස්සේ ,වැනි ගීතද  දැක්විය හැක.
විවිධ කෘති රැසක් ද ලියා පළ කළ අජන්තා රණසිංහයන් ගේ කෘති අතර ‘මට ළඳුනි වරම් නැත‘, ‘වින්කල් බාස්', ‘ක්‍රිස්තුනි කරුණාකළ මැනව‘ වැනි නවකථා හා ‘සොල්දාදුවා පෙරළා පැමිණියේද‘ කෙටිකතාව ද සුවිශේෂී ස්ථානයක් ගනී.ඔහුගේ සුවිශේෂී ගීත නිර්මාණ පෙළහරක්වූ ‘සෝපාකලා‘ ගීත එකතුව 1995 වසරේදී රාජ්‍ය සාහිත්‍ය සම්මානයට ද පාත්‍රවිය.

සරල ගීත හා චිත්රපට ගීත ඇතුළුව ගීත මහා සම්භාරයක් දැයට දායාද කළ එතුමා අද කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී අපෙන් සමුගත්තා ...අපෙන් සමුගත් ඔබට සුභ ගමන් කලාකරුවාණෙනි !!!!!!!!!!!
(ඔහුට උපහාරයක් ලෙස කලකට පෙර සරසවිය පුවත්පත සමග කල සාකච්ඡාව පල කරනවා)
----------------------------------------------------------------------------------------

තලන්මැහර ගමේ වෙල් එළියට සඳරැස් වැටිලා දිලිසෙනවා. ඒ සඳ එළියේ පැල් රකින්න ගිය පබිලිස් මාමා, සේදිරිස් මාමාට ඇහෙන්න කිව්වේ පැල් කවියක්.

පැල් කවිය කියලා ඉවර වුණා විතරයි සේදිරිස් මාමාත් පැල් කවියෙන්ම පිළිතුරක් බැන්ඳා. ඒ නම් පැල් කවිය කියන්නේ පොඩි අප්පුහාමි මාමා. ඈතින් ඇසෙන පැල් කවි හඬට කන් යොමා ගෙන සිටිය අජන්තාට දන්නේම නැතිව නින්ද ගියා.

‘පුතේ නැඟිටින්නේ නැද්ද?’

අම්මාගේ හඬින් දනිපනි ගාලා නැඟිට්ට අජන්තාගේ ඇහැ ගැටුණේ පැල් රැකලා නිවෙස් බලා යන ගොවියන්ව.

‘ඒ අතීතය හරිම සුන්දරයි’

සාලයේ හාන්සි පුටුවේ ඉඳගෙන හිටිය රටක් දන්න ආචාර්ය අජන්තා රණසිංහ කියන ගේය පද රචකයා අපි එන පරක්කුවට ගමට ගිහින්.

‘ඒ දවස්වල අප්පච්චිගේ සුළඟිල්ලේ එල්ලිලා සඳ කිඳුරු නාඩගම බලන්න ගිය හැටි අද වගේම මට මතකයි. සඳ කිඳුරු නාඩගම බලන්න ගමේ හැමෝම වගේ එතනට ආවා. කොහොම වුණත් මේ විදියට ගෙවුණු සුන්දර ජීවිතේ වෙනස් මගකට යොමු වෙන්නේ මගේ කොළඹ ආගමනයත් සමඟයි. මගේ අම්මාගේ මල්ලි අශෝක පීරිස් කියන්නේ ලේඛකයෙක්. ඔහුගේ පොත්පත් දැක්ක මට ඇති වෙන්නේ පුදුමයක්. මම ඒවා අතපත ගාන්න වගේම පස්සේ කාලයේ කියවන්නත් පුරුදු වුණා. මේ කියැවීමට ඇබ්බැහි වීම මාව දැනමුත්තෙක් කළා. අද මම මෙතන ඉන්නේ ඒ අතීතයේදී කළ කී දේ නිසයි.

කුරුම්බැට්ටි මැෂිමේ
මගේ කුරුම්බැට්ටි මැෂිමේ
ගවුම් පොඩියක් මහලා දෙන්නද
කමිස පොඩියක් මහලා දෙන්නද

අජන්තා මේ ළමා ගීතය රචනා කළ කොළය රැඳුණේ කරුණාරත්න අබේසේකරයන්ගේ අතේ. සරස්වතී මණ්ඩපය භාරව සිටිය කරු අයියගේ සතුට ඉහවහා ගියා.

අජන්තාගේ ගී පද ගීතයකට පෙරළුණා. අජන්තාගේ නම ගුවන් විදුලියේ බොහෝ දෙනෙකුට මතක තියෙන නමක් වුණේ එහෙමයි. ‘සරස්වතී මණ්ඩපයේ සිටිය මට අපූරු අවස්ථාවක් උදා වුණා. ඒ එච්. ආර්. ජෝතිපාල කියන ජනප්‍රිය ගායකයාට ගීතයක් ලියන්න.

ඔහු මට මුණ ගැසුණේ ගුවන් විදුලියේ ඇතුළේ තිබෙන කොරිඩෝවෙදි. ඔයා නේද අජන්තා රණසිංහ කියන්නේ කියලා ඔහු අහන කොට මට දැනුණේ පුදුමයක්. ඔයාට පුළුවන්ද මගේ අලුත ඉපදුණ දුවට නැළවිලි ගීතයක් ලියන්න. ලෝකේ කිසිම කෙනෙක් ලියපු නැති ලස්සන නැළවිලි ගීතයක් මට ඕන. ඔහු එහෙම කියන කොට ඔහුගේ හදවතේ දුවට ලියැවිලා තිබුණු ආදරය කොයි තරම්ද කියලා මට දැනුණා. ඒ අනුවයි මා,

‘මට වාසනාවන් – මගේ ජීවිතේ වන්
පොඩි දූ කුමාරි’
කියන ගීතය ලියන්නේ.’

සාර්ථක ගීත රචකයෙක් පිටු පස්සේ බොහෝ දේ තිබුණා. මෙහෙම කියන කොටම අජන්තාගේ හිතට ආවේ කේ. ජී. කරුණාතිලක ගුරුතුමා. අජන්තා වගේම කරුණාරත්න අමරසිංහ, තිලකරත්න කුරුවිට බණ්ඩාර කියන ඔහුගේ යහළුවන් කිහිප දෙනාත් සිංහල සාහිත්‍ය පාඩමට දැක්වූයේ අපූරු ළෙන්ගතුකමක්.

දවසක් කේ. ජී. කරුණාතිලක ගුරුතුමා පන්තියට ආවා.

‘ලියනවා බලන්න මා නිසි වයසට පත් වුණාට පස්සේ කරන රස්සාව මොකක්ද කියලා.’

ඔහු කිව්වේ හැමෝටම. අජන්තා, තිලක්, කරු කියන ශිෂ්‍යයෝ ලියලා තිබුණු උත්තරවලට කේ. ජී. කරුණාතිලක සර්ගේ කට කොණට නැ¼ගුණේ හිනාවක්.

‘ලේක්හවුස් ආයතනයේ උප කර්තෘ කෙනෙක් වෙනවා.’

ඔහු නැවත නැවතත් ඒකම කිව්වා.

‘මමත් ආවේ එහේ ඉඳලා තමයි.’

ඔහු එක පාරටම කිව්වේ යාළුවෝ තුන්දෙනාම පුදුමයට පත් කරමින්.

‘එදා එහෙම හිතුව ගමන නැවතුණේ ලේක්හවුස් ආයතනයෙන්. තිලක් වගේම මමත් ලේක්හවුස් එකට ආවා. ඒ කාලේ අපි හිතාගෙන හිටියේ පත්තරේදි ලිපියක් ලියලා යටින් නම ලියන එක විතරයි කරන්න තියෙන්නේ කියලා. නමුත් ඊට වඩා දේවල් පත්තර කලාවේ තිබෙන බව ඉගෙන ගත්තේ ලේක්හවුස් ආයතනයෙන්. අන්තිමට අවුරුදු තිස් හතරක්ම රැකියාව කළේ ලේක්හවුස් කියන පත්තර මහ ගෙදරයි.’

කතාබහ අතර සාලයට එබිකම් කළේ සරෝජනී. අජන්තාගේ ආදරණීය සොඳුර. ඇගේ අතේ තිබුණේ ආදරය මුසු කරලා හැදුව තේ් එකක්. හැමදාම සවස් කාලේ ගෙදරට වෙලා ඉන්න අජන්තාගේ හිත හඳුනන ඈ පංකාදු තේ කෝප්පයක් අරගෙන ඔහු අසලට එන්නේ හිනාවෙවී. ‘කවදත් වෙනස් නොවන සරෝජගේ හිනාව මගේ ජීවිතයට ආලෝකයක්. මෙතෙක් මා පැමිණි ඒ ගමනේ ආලෝකය වගේම අත්වැලත්, ශක්තියත් වෙන්නට සරෝට හැකි වුණා. ඒක මම බය නැතිව කියනවා. ඒ තරම්ම සොඳුරු අතීතයක් තමයි අපට තියෙන්නේ.’

සරෝජනී කියන්නේ කෝකිල දේවී වීරතුංග කියන අපේ ගායන ශිල්පිනියගේ දෙවැනි දෝණියන්දෑ. සරෝජනීගේත්, අජන්තාගේත් මේ ආදරේ කෙළවර වෙන්නේ විවාහයෙන්. ඒ ආදරේ සුන්දර විඳිමින් අජන්තා ලියන ගීත ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. හෙළයේ ගී රැජන වුණු ලතා වල්පොල අජන්තාගේ ගීතයක් ගයන්නේ මේ අතරතුරදියි. පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි’

කියන ගීතයෙන් අජන්තා චිත්‍රපට පසුබිම් ගීතයට අත් පොත් තිබ්බා. ඒ වාසනා චිත්‍රපටයෙන්.

‘එතැනින් ඇරැඹුණු මගේ ගීත නිර්මාණකරණය අද වන විට නව පරපුරේ සුරේන්ද්‍ර දක්වා විහිදිලා. ගීත ගණන් කරන්න බැරි ගණනක් මම ලියලා තියෙනවා. ඒ වගේම ඒවා ජනතාව අතර ජනප්‍රිය වුණා. ඒක මට සතුටක්. එදා ඉඳලා හොඳ ඇසුරක් තිබුණු කරුණාරත්න අමරසිංහ, සුනන්ද මහේන්ද්‍ර, සනත් නන්දසිරි, දයාරත්න රණතුංග වගේ ඒ මිතුරු ඇසුර අදටත් මට ආශිර්වාදයක්. අපි තවමත් මුණ ගැහෙනවා. කතාබහ කරනවා.’

‘විකසිත පෙම් පොකුරු පියුම්’, ‘රන් කෙන්දෙන් බැඳ’ ‘පුංචි දවස්වල’, ‘රෑ පැල් රකින’ වගේ අපේ හදවතේ සැමදා රැදෙන්නට තරම් සුන්දර ගීත රාශියක් ලියූ අජන්තා පත්තර මහ ගෙදරින් ගුවන් විදුලියේ මහ ගෙදරට ගිහිල්ලා. ඒ ගුවන් විදුලි සංස්ථාවේ සිංහල අංශයට සම්බන්ධ උපදේශකවරයෙක් වශයෙන්.

‘මා ගුවන් විදුලියට ගියාට පස්සේ වැඩසටහන් තුනක් හඳුන්වා දුන්නා. ඒ ‘මනසා නන්දන ආනන්ද ගී’, පැරැණි චිත්‍රපට ගීත වගේම මේ සින්දුවත් අහන්න කියන වැඩසටහන්.

ළඟදීම මගේ පොත් කිහිපයක් එළි දැක්වීමටත් මා අදහස් කරනවා. කොහොම වුණත් ගායක ගායිකාවන් ගැනත් යමක් කිව යුතුයි. අද යුගය හා හෙට යුගය ගැන අවධානය යොමු කරන කොට මට පෙනෙන්නේ අපගේ ගායක පරපුර දිවුල්ගනේගෙන් වගේම අමරසිරි පීරිස්ගෙන් අවසන් වන බවයි. අග්ගිස්සේ හෝ මට පෙනෙන ගායකයෙක් ඉන්නේ ජානක වික්‍රමසිංහ පමණයි. ගායිකාවන් ගැන කියද්දී උරේෂා රවිහාරිගෙන් පස්සේ මේ රටේ ගායිකාවක් බිහි වී ඇති බවක් මට නම් පෙනෙන්නේ නෑ.’

‘සීයේ . . . සීයේ . . .’

‘ඉතින් මම කතන්දර අහන වෙලාව ළං වෙලා කියලා මතක් කර දෙන්නට වගේ’ චූටි දුවත් අජන්තාගේ ගෙල බදා ගත්තා. ඒ අජන්තාගෙන් කතන්දර අහන්න සූදානමින්. මිනිබිරීගේ හුරතල් මැද්දේ අජන්තා ආයෙත් ඉපදිලා. ඒ ආදරය සුන්දරව විඳිමින් සීයාටත්, මිනිබිරීටත් ඉඩ දීලා අප අජන්තාගෙත්, සරෝජනීගේත් කැදැල්ලෙන් සමු ගත්තා.

(තිලානි ශානිකා විතානාච්චි)

--------------------------------------------------------------------------------------------
ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබුළින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ
යමුනා තීරේ 
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ

දහසක් මිණි මල් ලියකම්
පෙම පිදු වූ රන් කැටයම් 
යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා
චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා

ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබුළින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ
යමුනා තීරේ
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ

අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙලූ කඳුළු ගලා 
මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා
සනාතන වූ පෙම් සටහන් එහි සිතුවම් වේවා

ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ
යමුනා තීරේ 
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ

ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ
යමුනා තීරේ
යමුනා තීරේ
යමුනා තීරේ

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
--------------------------------------------------------------------------------------------
සංගීත මඬලේ ප්‍රතිරාව නැං වූ නිර්මාණ ගී ශිල්පියානෝ
සීගිරි ලෙනේහි රූ අප්සරාවන් ඇන්දා වූ ඒ සිත්තරානෝ
කවි ගී ලියුවෝ පිළි රූ නෙළුවෝ
වෙන් වී ගියත් ලොව මුවාවෙන්
ආකාස තලයේ ඔවුහු සරන්නෝ
දෙවි දේවතාවන් විලාසෙන්
ප්‍රාකාර හෝරාව සිහසුන් පවා ලෝ 
වැනසේවි නටඹුන් සොබා දී
ගංගා තලා සාගාරේ වාලුකා වී වැලපේවී 
ලෝකාන්තයේ හී
ඔබගේ කලාවයි යුගයෙන් යුගේ හී මේ 
කල්පයේ ශේෂ වන්නේ
අප හෘර්ද කැටපත් පවුරේ සදාකල් ප්‍රතිරූප ඔබගේ
නාමෙන් ඔබේ මා ලයේ වේදනාවෝ කම්පාව 
හඬනා වූ යාමේ
විස්කම් කලාකාමි මිතුරෝ ඔබේ ගී ඇසේවා
මිහිතලා ඇති තුරා නාමයෙන් ඔබේ අරුත මල් පිපේ
මිනිසා පිපාසෙන් හඬනා දිලින්දන් දන්නේ 
ඔබගේ කලාවයි
ගිනියම් දවාලේ මිනිසුන් හෙලූ ඒ දා බිංදු 
ඔබගේ කලාවයි
ලිය මඬුළු අතරේ ගිනි පළිගු අතරේ රේඛාව 
ඔබගේ කලාවයි
මේ සක්වලේ හී ඔබගේ කලාවෙන් මිතුරෝ 
ඔබත් ජීවමානයි

පද රචනය – අජන්තා රණසිංහ
සංගීතය - සරත් ද අල්විස්
ගායනය - එච් ආර් ජෝතිපාල 
--------------------------------------------------------------------------------------------
කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ ආදරේ

නීල අහසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්‍රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී

මා වටා සහසක් යුගත් පා‍
ඈ රුවින් පිළිරූ මැවීලා
පාව යයි මුළු ජීවිතේ සුදු
මීදුමෙන් දැවටී එතීලා

ගායනය - අබේවර්ධන බාලසූරිය
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
පද රචනය - අජන්තා රණසිංහ
--------------------------------------------------------------------------------------------
මුව මුක්තා ලතා පිපි හංසාංගනා 
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ 
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ

මා හද ප්‍රේමාංගනේ 
රෑ නුඹ රාසින් ළඳේ
බඳ මණිමේඛලාව මුදා 
අනුරා නෙත් නගන් නොනිදා

ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ
ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ
තනි වෙන්න යං පෙම් රසෝජාවේ
තනි වෙන්න යං පෙම් රසෝජාවේ
රූ සිරු කල්‍යාණියේ
මා සැතපෙන්නම් ප්‍රි‍යේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී

හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
හා හා ගයන් සෞම්‍ය සංගීතේ
හා හා ගයන් සෞම්‍ය සංගීතේ
ඒ හිරු නොනගීවා 
රෑ තව දිගු වේවා
ඔබෙ නළලේ සඳුන් තිලකේ 
අද ඉහිරේද දෙතොලින් මගේ

මුව මුක්තා ලතා පිපි හංසාංගනා 
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ 
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ

මා හද ප්‍රේමාංගනේ 
රෑ නුඹ රාසින් ළඳේ
බඳ මණිමේඛලාව මුදා 
අනුරා නෙත් නගන් නොනිදා

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - ආනන්ද පෙරේරා
--------------------------------------------------------------------------------------------
දයාබරයාණනි
ජනක රජ දූ ජානකී
රූප ශ්‍රී අභිමුවේ
තෙද විකුම් හකුලා ගොළුවන
දිග් විජය කළ 
අසරණයාණනි 
දයාබරයාණනි

පවුකාර අඟනකි පෙර පිනින් මා
ඔබ ද ගැවසෙන අංගනේ
තත්සැණින් සිරි යහන වෙත සීතා
රැගෙන යා හැකි ඔබෙ විපුල අත්
මහත්මා ගුණයෙන් වසං කොට
කඳුළු විනිවිද බලනු ඇයි නිරිඳුනි
පෙම්බරයාණනි
දයාබරයාණනි

ඔබෙ දෑස තෙත්වනු නිබඳ දුටුවෙමි
දකින මනතින් ජානකී
දයාදරයෙන් පෙණ පිඩක් සේමා
ඇගේ හදවත උණු නොවේනම්
ජනක රජ දියණියක වන්නට
නුදුන්නේ කිම මට වරම් දෛව්‍යා 
පෙම්බරයාණනි

දයාබරයාණනි
ජනක රජ දූ ජානකී
රූප ශ්‍රී අභිමුවේ
තෙද විකුම් හකුලා ගොළුවන
දිග් විජය කළ 
අසරණයාණනි 
දයාබරයාණනි

ගායනය - නි‍රෝෂා විරාජිනී
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - සරත් ද අල්විස්
--------------------------------------------------------------------------------------------
දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ

දවසක් දා බෝ මළුවේ
හමුවූ දාකදි අපි දෙන්නා 
පහනක් දල්වා එකම සිතින් 
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ
භවෙන් භවය පෙර ආවාසේ
භවෙන් භවය මතු සංසාරේ
නිවන් දක්නා ජාති දක්වා
එකට බැඳී ඉන්නයි පැතුවේ

ආදරයේ සුවඳ ලෙනේ
තනිවී උන්නා අපි දෙන්නා
කාන්සියක් හෙම නෑ දැනුනේ
පෙති දිලුණා වන මල් තොරණේ
අප පය පාමුල සතුටු ගඟේ
තාමත් ආදර රැලිති නැඟේ
කියව් කුරුල්ලනි මලින් මලට හෙට 
අපේ අහිංසක කතන්දරේ

ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි සහ ලතා වල්පොල
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ 
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස 

“වසන්තයේ දවසක් (1979) 
--------------------------------------------------------------------------------------------
මේ මැයි ගහයට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ 
මැයි මල් පිපි පිපි 
අපට සෙවණ දුන්නා
අපට සෙවණ දුන්නා

මැයි මාසෙ එක සැන්දෑ වරුවක 
සීතල වැහි පොද වැටෙන වෙලේ
ආදර වියෝවක් 
සි‍තින් එබෙන සඳ 
වැහි පොද සේ නෙතූ කඳුළු සැලේ 

වැහිපොද වැටුණත් ඉස්සර වාගේ
මැයි මල් පිපුණත් රතට රතේ
අප දෙදෙනෙක් නැත 
අද මා පමණයි
මැයි ගස් සෙවණේ අඳු‍රූ පෙතේ 

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - මෙල්රෝයි ධර්මවර්ධන
--------------------------------------------------------------------------------------------
වීදි කොනේ මාවත අද්දර
අඬනා කිරිදරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූදා
පියා කොහේදැයි මවගෙන් අසණු එපා

මමත් පියකි පුත නුඹ වැනි දරුවකුගේ
මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ
බලා ඉඳිමි මම නුඹ නළවන්නට
පොඩි හිස අතගා 
සුරතල් පුතේ කියා

පියෙක් ඉඳියි පුත නුඹටත් කොතැනක හෝ
පිනක් නැතිද ඒ සෙවණේ ඉන්න අහෝ
සිනාසියන් පුත කිරිදත් පෙන්නා
මා අමතන විට 
සුරතල් පුතේ කියා

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ස්ටැන්ලි පීරිස්
--------------------------------------------------------------------------------------------
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
ආදරේ
ආදරේ
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ ...

පුළුලු උකුල සිහිනිඟ සුඟ
සුනිල උපුල දිගු නෙත් යුග
සඳැස් කවක උපමාවක් යොදාලා
පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා
පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා

නැකැත් අරන් මා එනතුරු
හෙට කුකුළා හඬළන තුරු
ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා

ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග
--------------------------------------------------------------------------------------------
හන්තානේ කඳු මුදුන සිසාරා 
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ 
කුසුමක් වී ඉන්නම් 

තුන් මහළින් සැදී සරසවි පායේ
මල් කැටයම් සෙවනේ
සිරිපොද වැස්සේ නැගුනු සතුටු රළ
මිරිගු සයුර විනි අතීතයේ

පාළු නිසංසල කඳු වැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත් තටු සිඳගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකිබිදිනු ඇසේ 

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
--------------------------------------------------------------------------------------------
පුංචි ගෙලට පෙති ගෝමර
මල් පෙති සේ ඉසුණු නඟේ
තුන් ඉරි ගෙල සරහන්නට
රන් ඇට පොට මොටද නඟේ

පාන්දරින් වෙල් එළියේ 
නුඹ එන විට නියර දිගේ
ලා ගොයමට කිරිවදින්න 
රන් හිරු රැස් මොටද නඟේ
රන් හිරු රැස් ...
මොටද නඟේ

අත්තන මල සේ ..
කදිමට ..
සුදු සේලේ ඇඳ රැලි කොට
නුඹ එනදා මගේ පැලට
සිරිකත මෙහි වඩිණු කුමට

නුඹ එනදා මගේ පැලට
සිරිකත මෙහි වඩිණු කුමට
නුඹ එනදා මගේ පැලට ..
සිරිකත මෙහි වඩිණු කුමට ..

ගායනය - පණඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - සරත් දසනායක
--------------------------------------------------------------------------------------------
රතු රෝස පොකුරින් වෑහුනා
පිණි බිඳක් වෑහුනා
මා දෑස රිදවන මිලින පෙම් කඳුළු සේ 

මීදුම් මඳහස මතකින් මතුවී
පාවී අවුදින් කඳු නිම්නේ
රෝස පියල්ලේ ඔබේ සිනිඳු රූ
සිතුවම් කරවා සමුගන්නේ

ඔබගෙ සියුමැලි දෝතින් ඉන්දූ
රෝස ගසේ මල් පිපුණු උදේ
රෝස මලක් ළඟ කඳුළු බිඳක් වී
මා තනිවූවා නොවෙද ළඳේ

ගායනය - පණඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
--------------------------------------------------------------------------------------------
මංගල මල්දම පතා හිඳිමි මම පතමී මම 
මට නොවෙද ලඳේ වතමන කල් උකුළු මුකුළු පෙම
මුකුළු පෙම....

මංගල මල්දම පතා හිඳිමි මම පතමී මම 
මට නොවෙද ලඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙම 
ලලිත පෙම....

කිරි සාගරයෙන් කිඳුරු ලියන් ආවා 
මට පෙම් මුතුලැල් පළඳනවැයි කීවා
සුර ළඳුන් වනේ දේව ළඳුන් ආවා 
මට මල්සරගේ දුන්න අරන් ආවා

කිඳුරු ලතාවිය 
දිව්ය කුමාරිය 
මට මොටද ළඳේ ඇත්නම් 
ඔබ දේහ සුරූපය

සද්දන්ත කුලේ ඇතා පිටින් එන්නම් 
රන් පාවඩ මත කැන්දාගෙන යන්නම් 
රන් මිරිවැඩි රන් කසී සලුත් දෙන්නම් 
ගාන්ධාරයෙන් විලවුන් ගෙන එන්නම්

පොකුරු සිනාවයි 
දෑස ඉනාවයි 
වත සුවඳ කොකුම් බිඟු රොන් 
හද ගීත ලතාවයි

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සහ සිසිර සේනාරත්න
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
--------------------------------------------------------------------------------------------
මල් ලියකම් රැඳී පෙම් සිතුවම් ඇඳී
මල් ලියකම් රැඳී පෙම් සිතුවම් ඇඳී
ආදර විජිනි පතින් කවුදෝ
සිහිල් පවන් සලනා
කියාගන්න බැරි නුහුරු හැඟුම් 
ඔබෙ නුවන් පුරා ඇඳෙනා

ඔච්චම් කර මල් කුමර කුමරියෝ 
අප වටකර හිනැහෙන්නා
කිඳූරැ කොදෙව්වේ මුතු පායේ
හැංගෙමු අපි දෙන්නා
හැංගෙමු අපි දෙන්නා

රත්තරනින් සැදි කේතකි මංපෙත්
අත්වැල් බැඳ යමු රත්තරනේ
පිච්ච මලින් පිරි ලෝකය අපටයි
ස්වප්න පරාදීසේ සුරංගනාවියනේ
ස්වප්න පරාදීසේ සුරංගනාවියනේ

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - සරත් දසනායක
--------------------------------------------------------------------------------------------
හිත මිතුරෝ නෑයෝ ඔබ කැඳවා
ගිය ඉරණම් ගමනේ
මල් වඩමේ සොහොනේ නිදනා ඔබ
නෑ නොවෙදෝ එන්නේ

පාළු සැඳෑ සඳු පායාලා
ඔබ රන් සඳු වූ නිවසේ
ඔබ ගිය දා අවසන් ගමනේ
අප නෑ යළි හමුවන්නේ 

හිත මිතුරෝ නෑයෝ ඔබ කැඳවා
ගිය ඉරණම් ගමනේ
ශෝක සුසුම් දර සෑයේ ගිණි දැල්
මා ළය ඇවිලෙන්නේ 

මා පමණි ඔබගෙන් තොර නිවසේ
පාළුව විඳවන්නේ
මල් වඩමේ සොහොනේ නිදනා ඔබ
නෑ නොවෙදෝ එන්නේ 

ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - රූකාන්ත ගුණතිලක
--------------------------------------------------------------------------------------------
හීන් සැරේ ඔබ ආවා ආවා
රෑ සයනෙන් පිබිදී ඔබ ආවා ආවා
යාන්තමින් මා සිත ඇඳි පිළිරුව
ඔබ ආවා ආවා
වැතිරී පෙම් සිරි යහනාවේ
ඔබ ආවා ආවා

තරුවෙන් තරුවට පැන පැන හෙමිහිට
මලකින් මලකට පියඹා කදිමට
මා දඟකාරිය
නාරිලතාවිය

කාන්සියේ බොඳ අදුර මකා හැර 
හීන් සැරේ ඔබ ආවා ආවා

මත් කොවුලන් ගීත නදින
සත් පියුමන් රේණු මතින 
අත්වැල් බැඳ නටමු නටමු
සිත් සැණකෙළියේ
සිත් සැණකෙළියේ

නීලඹ නිල් වියන යටින්
පින්න පිපුණු පළස මතින් 
සුරංගනා රැඟුම් රඟමු
සඳ තරුවලියේ
සඳ තරුවලියේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග සුනේත්‍රා සරත්චන්ද්‍ර
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
--------------------------------------------------------------------------------------------
බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම

දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
රංචුව ගැහුණු හැටි මතක ද අපි බාලේ
මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ
බැරිවුනි කියා ගන්නට හිත බැඳි ආලේ

බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම

නෑ තුන් හිතකවත් අමනාපයක් නඟේ
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නඟේ
පිට ගං ගොහින් මා අමතක වුණත් නඟේ
අත මිට සරුව නුඹ යහතින් ඉඳින් නඟේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - සරත් දසනායක
--------------------------------------------------------------------------------------------
ප්‍රේම සැඳෑවෝ
ප්‍රේම සැඳෑවෝ
නීල නයන කිඳුරා ලතා
නළල පැළදි කියඹු ලතා
මානවිකාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ
ප්‍රේම සැඳෑවෝ

ක්‍ෂිතිජ ඉමේ තරඟ ලතා
වෙරළ වැලඳ කොමල ලතා 
මඳ අඳුරේ සිදන්ගනා
සුරූපිකාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ
ප්‍රේම සැඳෑවෝ

නීල නයන කිඳුරා ලතා
නළල පැළඳි කියඹු ලතා
මානවිකාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ
ප්‍රේම සැඳෑවෝ

සුසුම් කැළුම් පහස පතා
මුවින් මුවට අනග ලතා 
පෙමින් පෙමට රස මදිරා
දෑස නුරාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ
ප්‍රේම සැඳෑවෝ


ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
--------------------------------------------------------------------------------------------
දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුණේ
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ

අත් වැල් බැඳගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද 
පුංචි ළදැරියක් වගේ හුරතලෙන්
ඔබ හිනැහුණු ඒ කාලය මතකද

අනාගතය ගැන අහස් මාළිගා
අප දෙදෙනා මැවු කාලය මතකද 
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ළඟින් උන් කාලය මතකද

ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග
--------------------------------------------------------------------------------------------
අන්ගාරා ගඟ ගලා බසී
අන්ගාරා ගඟ ගලා බසී

පෙමින් පෙඟුණ නව යොවුන් පැතුම්
පෙමින් පිරුණු මදහසින් නුවන්
හැඟුම් උදම් වී පවන් සලන සඳ
එවන් පහන් රොද සෙමෙන් උරා
අන්ගාරා ගඟ ගලා බසී

ඉවුරු තලා පෙණ මුතුළැල් පළඳා
සිතින් සිලිටි රළ තරඟ දිගේ
ඔබ මෙන් අප මෙන් මිනිසුන්
දහඩිය දහරින් කඳුළින් සුසුමින්

ජලයෙන් විදුලිය උපදවනා
විසිවන සියවස විස්කම් දනවන
විදුලිය කම්හල ඉදිකරනා බිම
අන්ගාරා ගඟ ගලා බසී
අන්ගාරා ගඟ ගලා බසී

පද රචනය: ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය : ප්‍රේමසිරි කේමදාස
ගායනය: ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස්,
එඩ්වඩ් ජයකොඩි සහ සුනිලා අබේසේකර
--------------------------------------------------------------------------------------------
දම් පැහැ වීදුරු පුංචි වළල්ලක්
ඔබට මතක නැති මට අමතක නැති
පුංචි වළල්ලක්
මා ළඟ තවම තියේ....

පෙරදා ඔබගේ පෙම්පත් සමඟින්
ආදර සුවඳක දූවිලි අතරින්
ඉඳහිට දිලිසෙන පුංචි වළල්ලක්
මා ළඟ තවම තියේ

ආදර දෑතින් ඔබ මට පැළඳූ
ආදර මා හද යළි යළි රිදවූ
දුක් කඳුළක් බඳු පුංචි වළල්ලක්
මා ළඟ තවම තියේ

ගායනය - චන්ද්‍රානි ගුණවර්ධන 
ගී පද - අජන්තා රණසිංහ 
සංගීතය - සරත් දසනායක
--------------------------------------------------------------------------------------------
ප.ලි 
හදිසියේ මෙය ලියන්න සිදු වූ නිසා විස්තර බොහොමයක් අන්තර් ජාලයෙන් හොයාගත්තේ .වැරදි අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන්න .mp3 ගීත පසුව ලබා දෙන්නම්.ගීත සියගණනක් අතුරෙන් තෝරාගත් කීපයක් පමණක් පලකලේ....

46 comments:

  1. //නුඹ භාග්‍යා සරෝජාවියේ
    ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ// මේ ලියන්න ඇත්තේ සරෝජිනී ගැන වෙන්න ඇති..

    බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම
    යන්නම ගිහින් නුඹ කාටත් නොකියාම..

    සුභ ගමන්!!!

    ReplyDelete
    Replies
    1. "මල් වඩමේ සොහොනේ නිදනා ඔබ
      නෑ නොවෙදෝ එන්නේ"...........

      Delete
  2. It's sad to see all talented artists leaving. What to do?
    Rest in peace doctor ajantha.

    Ps. How come no one talks his bad behaviors after his death. What I heard about him was not this good as everyone says today.

    ReplyDelete
    Replies
    1. අජන්තා රණසිංහ ගේ වින්කල් බාස් වැනි නමක් තිබුණු හොඳ නවකතාවක් කියවූ බව මතකයි.

      මැරුණු අයගේ වැරදි සඟවා හොඳ ප්පමණක් කීමයි සිරිත.

      ර. ප්‍රේමදාස ගේ ghost writer බව අසා තියෙනවා. එය රැකියාවක් මිස වරදක් නොවෙයි.



      Delete
    2. බොරු පඬි ටෝක් නොදා පල බූරුවා යන්න

      Delete
    3. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙක් ඝාතනය කිරීම (හෝ අනුබල දීම ) යන චෝදනාවට ඔහුගේ පුතෙක් ලක් වුණා නේද? ඒක ඉතිං අජන්තා රණසිංහගේ වැරද්දක් නෙමෙයි... ඒත් ඔහු සම්බන්ධයෙන් මා අසා ඇති නෙගෙටිව් ප්‍රවෘත්තියක්.

      Delete
    4. රසිකලොජිස්ට් කියන කතාවේ ඇත්තක් තියෙනවා. ඒ කතාව මෙතනට අදාල නොවුනත්. ඇත්ත ඇත්තමයි. ලෝකයේ බොහෝ අය ගෝස්ට් රයිටර් භූමිකාව කර තිබෙනවා. ජනාධ්පති ප්‍රේමදාසට තවත් නවකතා, සින්දු ලියපු ප්‍රවීන ගෝස්ට් රයිටර්ස්ලා ඉන්නවා. ඒවා ප්‍රසිද්ධ රහස්. ඒ ආකරයෙන් බැලුවොත් එදා මෙන්ම අදත් ලංකාවේ පමනක් නොව ජාත්‍යන්තරයෙත් මෙවැනි කතා තියෙනවා. වඩාත් වැදගත් වෙන්නේ ඒ පුද්ගලයාගේ (ගෝස්ට් රයිටර්ගේ ) නිර්ව්‍යජ භූමිකාව බව මගේ හැඟීමයි. ඔය ඕනෑම (බොහෝ අයට ) ජාත්‍යන්තර ලෝක නායක පකීර්ලාටත් වේදිකාවේ හෝ සම්මන්ත්‍රන, දේශණවලට කතාව ලියලා දෙන්නේ වෙන කවුරු හරිනේ. ඌට කියන්නේ මාධ්‍ය් උපදේශක කියලනේ.

      ඒ මොනවා වුනත් අජන්තා කියන්නේ අපිට හිටිය පොරක්. අපි ලියපු කතා, තව අයියලා ස්ටේජ්වල කියවලා තියෙනවා තමන්ගේ වගේ. සමහරු මුදලට ගෝස්ට් රයිටර්ස්ලා වෙනවා, තවත් සමහරු , අනේ මට මොකෝ, උඹවත් රජ වෙයන්, යැයි සිතා ඕවා ලියලා දෙනවා. අජන්තා ඒ වගේ දේවල් ආර්ථික වාසි සඳහාම ලිව්වාද කියලා සාක්කි නැහැ. හැබැයි දක්ෂයින් තුලින් ගොබ්බයින් රජවෙන බව ලෝක ස්වභාවයක්.

      මට අනුව නම් අජන්ත රණසිංහ පොරක්. ඒ ගැන වෙනම ලිවිය යුතුයි.Aru

      Delete
    5. @Buru Babe , ලස්සන මල් ඉක්මනින් පරවෙනවලු .නැත්නම් කවුරු හරි කඩාගෙන යනවලු ...මේක තමයි නේද ලෝක සොභාවේ ..

      Delete
    6. @හැමෝටම //මොනවා වුනත් අජන්තා කියන්නේ අපිට හිටිය පොරක්// +++++++++++++++++++++++++++++++++++++++++++
      @ අරූ අයියේ ලියමුකො "ගෝස්ට් රයිටර්ගේ" පොස්ට් එකක් ..

      Delete
  3. මොනවා කියන්නද කියලා හිතාගන්න බහ සින්දුවෝ. අපේ තරුණ කාලේ අපිව ජීවත් කරවපු ජීවකයෙක් තමයි මේ. අනේ මේ සින්දු අපි කී වාරයක් මුමුනලා ඇද්ද? මේ මනුස්සයාට තව එක ගීතයක් විතරක් ලියන්න විතරක් පණ දෙන්න පුලුවන්නම් මම මගේ පණ දෙනවා. අපි හිටියා ඇති. නමුත් මේ වගේ මිනිස්සුන්ට දැන්ම යන්න දෙන්න බැහැ. උගුරෙ ගිනිගුලියක් තියනවා මගේ. වේදනාව හිත පුරාම දැනෙනවා. ඊළඟ ආතමයේදිත් මෙවැනි උතුමන් දකින්නට ලැබේවා!

    ReplyDelete
    Replies
    1. විචා උඹ සැහෙන්න ඉමෝශනල් වෙලා වගේ. ගණන් ගන්න එපා. ආවොත් යන්න වෙනවා. ආපු බව දන්නවා නම්, යන එක එච්චර අමාරු නැහැ.උඹට කිව්වා නෙමේ, නමුත් මේකනේ ඇත්ත.Aru

      Delete
    2. සසරේ පිපාසේ නිවාගන්න ආවා
      නවාතැන මෙලෝකේ අහෝ දුක නොවේවා
      සසරේ පිපාසේ.....

      උපන්නොත් මැරේමයි වළක්වන්න නම් බෑ
      තනියෙන් උපන්නේ තනියෙන් මැරෙන්නේ
      සසරේ පිපාසේ.....

      හෙට හෝ අනිද්දා කියා කල් ගනු බෑ
      මරු මෙහි ආදා නැත කිසි බාධා
      කුමටද කා බී නිති සැරසෙන්නේ
      කොතනද මේ කය අරගෙන යන්නේ
      සසරේ පිපාසේ....

      ගායනය - එච් .ආර් ජෝතිපාල
      ගී පද - ඇලෝයි ගුණවර්ධන

      Delete
  4. ස්තුතියි සින්දු ඇනෝ මලය. අජන්තා ගැන ලිපියක් හොයන කොටම දාල.

    ReplyDelete
  5. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/3080-2016-02-27-20-14-44

    ReplyDelete
  6. අජන්තා රණසිංහ ගේ වින්කල් බාස් වැනි නමක් තිබුණු හොඳ නවකතාවක් කියවූ බව මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් , ‘වින්කල් බාස්,මට ළඳුනි වරම් නැත ,ක්‍රිස්තුනි කරුණාකළ මැනව,සොල්දාදුවා පෙරළා පැමිණියේද" යන පොත් පොත් ලියුවේ ඔහුයි ...

      Delete
  7. ඔහුට නිවන් සුව ලැබේවා කියා පතනවා...!

    මේ සිංදු ගොඩක් ඒවා ආසාවෙන් රස විඳපු ඒවා. අපහු නැති එකක් දෙකකුත් තියෙනවා සුපුරුදු විදිහට,

    ///කුරුම්බැට්ටි මැෂිමේ
    මගේ කුරුම්බැට්ටි මැෂිමේ
    ගවුම් පොඩියක් මහලා දෙන්නද
    කමිස පොඩියක් මහලා දෙන්නද ///

    මෙන්න මේ පේලි දෙක මම හිතාගෙන හිටියේ සහ මට මතක තිබුනේ මෙන්න මේ විදිහට,
    "ගවුම් පොඩිත්තක් මහලා දෙන්නද
    කමිස පොඩිත්තක් මහලා දෙන්නද"
    කියන විදිහට, කොයි එකද හරි මචං...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා.....පහලින් තියෙන' පොඩිත්තක්' කියන එක තමයි නිවැරදි.Aru

      Delete
    2. ලොකු , ඔන්න අරූ අය්යා නිවැරදි කරලා තියනවා ...
      මගේ ළමා ගී පොස්ට් එකේ තියනවා ගීතය ..

      Delete
  8. සුබගමන් කලාකරුවානෙනි, ඔබ නැති අඩුව දිනෙන් දින අපට වැඩි වැඩියෙන් දැනෙනු ඇත...

    සුන්දර මිනිසුන් වියැකෙන මහ නපුරු අවුරුද්දක් මේක.. කණගාටුවට කරුණ ඔවුන් නතරවූ තැනින් පටන්ගැනීමට හරිහමන් කිසිවෙකුත් නොමැතිවීමයි..

    ReplyDelete
    Replies
    1. කණගාටුවට කරුණ ඔවුන් නතරවූ තැනින් පටන්ගැනීමට හරිහමන් කිසිවෙකුත් නොමැතිවීමයි..
      ++++++++++++++++++++++++++++++++++++++++
      වෙන කියන්න දෙයක් නැ මචෝ

      Delete
  9. අජන්තා රණසිංහ කියන්නේ රස සාගරයක්.. මම හරි ආස පොර කතා කරන ඉට්ටයිල් එක.. නිකං දෙකක් දාගෙන වගේ නේ කතා කරන්නේ..

    මේ අයුරින් අපි සංසාරේ ආදරෙයෙන් හමු වෙන්න ඇති..
    මේ අයුරින් අපි දවසක්දා අතරමගදි වෙන් වන්න ඇති...
    - අජන්තා රණසිංහ -

    ReplyDelete
    Replies
    1. මාතේ අජන්තා රණසිංහ අන්තිමට සහභාගී වුන රුපවාහිනී වැඩ සටහන බැලුවද ?

      https://www.youtube.com/watch?v=M2BDYv0-jnw

      Delete
  10. මන් ඉස්සර හිතන් හිටියේ අන්ජන්තා රණසින්හ කියන්නේ ගෑනු කෙනෙක් කියලා....
    නිවන් සුව පතනවා...

    ReplyDelete
  11. ඔහු ගැන අන්න රවිත් ලස්සන ලිපියක් ලියලා තියෙනවා.

    ReplyDelete
  12. විවිධ ශෛලියේ ගායන ශිල්පීන්ට කියන්න පුලුවන් ගීත රචනය ලේසි වැඩක් නෙමෙයි. ‍ඒ අතින් අජන්තා රණසිංහ ඉහළින්ම ඉන්නව.
    ඔහුට නිවන් සුව.

    ReplyDelete
    Replies
    1. අනිවා ප්‍රසා ,,,නව පරපුරේ තරු පරපුරටත් ගීත ලියලා තියනවා ..

      Delete
  13. මුලින් ම කියන්න ඕනේ සුපිරි රචනයක් සින්දුවෝ............ එතුමාට උපහාරයක් ම වේවා...

    අනික තමා මෙතුමා කියන්නේ ලාංකේය ගීත ක්ෂේත්‍රෙය් ඕල්රවුන්ඩර්..... හේතුවා තමා අමරදේව, වික්ටර්, සිසිර සේනාරත්නලාගේ සිට, මිල්ටන්, අබේවර්ධන වගේ ම ජෝතිටත් ගීත ලියූ වටිනා ගේය පද රචකයෙක්.. මෙහෙම අය තවත් නැහැ.....

    ReplyDelete
    Replies
    1. ගීත ක්ෂේත්‍රෙය් ඕල්රවුන්ඩර්
      ++++++++++++++++++
      එතුමාට උපහාරයක් ම වේවා!!!!!!!!!!!!

      Delete
  14. මේ අජන්තා රණසිංහ ගී පෙළක්.. ඇතැම් ඒවා මේ ලිපියේත් ඇතුලත් ව තියෙනවා..
    ජගදා නන්දන මහා කරුණික
    සිහින නෙළුම් මල්
    රෝමය ලෙසේ
    පියකරු පිපි මල්
    අපි ආයෙත් හමු නොවුණා නම්
    ඉර වට යන ගිරවියනේ
    සැදෑ පහන් නදී තෙරේ
    දුරස් වන්නට මේ ලෙසින්
    පියඹා... යනවා මා ආකාශයේ
    අමතක වෙන්නෙ නෑ
    රෑ දොළොස් පැයේ
    මට ආසයි හිනැහෙන්න
    උකුලට නාවත් එදා වගේ
    පාළු සුසානේ
    පුංචි දවස්වල
    මුතු ලතා.. සිනහා පොකුරු පා
    සද ලතා පායලා
    ලා නිල් ලස්සන කතා කරන මල
    ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ
    පෙම්වතුනේ.. සිත තවනා පෙම්වතුනේ
    ඉරුණු රුවල් හකුලා
    පුංචි ගෙලට පෙති ගෝමර
    රතු රෝස පොකුරින්
    රෑ පැල් රකින
    සුදු රෝස මලක් සුදු ඕලු මලක්
    සුදු රෝස මලින් හද මල් වනේ
    හීන් සැරේ ඔබ ආවා ආවා
    මංගල මල්දම
    මාල ගිරා ගෙල
    සුවද දැනී.. දැනී දැනෙනවා
    ආශා නිරාශා මැවූ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇනෝ සහෝ ....

      Delete
  15. ...//බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම
    දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම//...

    මම ආසම සිංදුවක් මේක.

    අජන්තා රණසිංහයන්ට නිවන් සුව...!!!

    ReplyDelete
    Replies
    1. "පිට ගං ගොහින් මා අමතක වුණත් නඟේ
      අත මිට සරුව නුඹ යහතින් ඉඳින් නඟේ"
      ++++++++++++++++++++++++++
      එක පාර මා මරන්න කියනවා වගේද මචෝ මේ පද රචනා ..

      Delete
  16. සැහැල්ලු, සරළ, සුගම, සාමන්‍ය මිනිසාට මගේ හද පතුලින් ආචාරය!!! අජන්තාලාගේ අඩුව පරිප්පු කාපු නැති එවුන්ගේ ජීවිත වගේ.Aru

    ReplyDelete
    Replies
    1. අජන්තාලාගේ අඩුව පරිප්පු කාපු නැති එවුන්ගේ ජීවිත වගේ
      ++++++++++++++++++++++++++++++
      අරූ ලා නැති බොලොග් වාගේ ...

      Delete
  17. ඔහුට නිවන් සුව පතමු

    ReplyDelete
  18. ඔහුට සුබ ගමන් !.
    අපි කොච්චර ආදරේ කරන අය වුනත් වේලාව අවාම යන්න වෙනවා.ඔහු ගියත් ඔහුගේ ගීත තවත් සුවහස් කාලයක් අපේ සවන් සුවපත් කරනු ඇති.

    ReplyDelete
    Replies
    1. ඔහුගේ ගීත තවත් සුවහස් කාලයක් අපේ සවන් සුවපත් කරනු ඇති.
      +++++++++++++++++++++++++++++++++++
      ඒ පිනම ඇති මනෝජ් මෙතුමාට ..

      Delete
  19. මිය ගියාට නොමියෙන සිංදු බර ගානක් තියෙනවා.. සුභ ගමන්..

    ReplyDelete
    Replies
    1. නොමියෙන දෙයක් අපට දීලා යන සොඳුරු මිනිසෙක් ..

      Delete