Sunday, May 1, 2016

"මේ පිපාසිත ලෝතලේ"

ශ්‍රී ලාංකික ගීත ක්‍ෂේත්‍රයේ නොමැකෙන යුගයක්‌ නියෝජනය කළ මහා ගායකයකු  වූ ඔහු නමින් "ජයසිංහ ආරච්චිගේ මිල්ටන් පෙරේරා" හෙවත් "ඡේ. ඒ. මිල්ටන් පෙරේරාය". ප්‍රකට තබ්ලා වාදකයකු වූ ඡේ. ඒ. එඩ්වින් පෙරේරා (තබ්ලා පොඩි අපුහාමී) සහ ප්‍රේමවතී වික්‍රමාරච්චි නම් යුවළට දාව වර්ෂ 1937 මැයි මස 05 දින කොළඹ කොටහේනේදී මිල්ටන් මෙලොව එළිය දුටුවේය. කොටහේන නිල් වීදිය මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු සිය පියාගෙන් හා මොහමඩ් ගවුස්‌ මාස්‌ටර්ගෙන් සංගීතය හැදෑරීය. ඔහු මුලින්ම සංගීත ක්‍ෂේත්‍රයට එක්‌වන්නේ තබ්ලා වාදකයකු වශයෙනි. සංගීත භාණ්ඩ වාදනයෙහි සමතෙක් වූ ඔහූ ඉතා දක්ෂ තබ්ලා වාදකයෙක් ද වේ. ලංකා ගුවන් විදුලි සේවයේ ගීත ගායනා පරික්ෂණ වලින් ඉතා විශිෂ්ට ලෙස සමත් වූ මිල්ටන් පෙරේරා සිය ලයාන්විත මෝහනිය කටහඬ නිසාම ගීත ගායනා ලෝකයේ ජනප්‍රිය ගායකයෙක් වූයේය. සිතට විරහා වේදනාවත්, නෙතට කඳුළත් නංවන්නට සමත් වූ මිල්ටන්ගේ හැඟුම්බර ශෝකි ගීත රාවය ආදරයෙන් වෙන්වීමේ දොම්නස අගේට කියා පෑවේය.

මිල්ටන් ගායනයට ප්‍රවිෂ්ට වූයේ ඔහුගේ මිතුරු එච්. ආර්. ජෝතිපාලගේ ඇරියුමකටය. ජෝතිගේ බොහෝ ගීතවලට තබ්ලාවෙන් සහාය වූයේ මිල්ටන්ය. මිල්ටන්ගේ මුල්ම ගීතය වන්නේ‘නයාදෝර්’ චිත්‍රපටයේ ආ ගී තනුවකට අනුව ගැයු ‘ආලෙහි බැඳි ජීවිත අඳුරේම ගිලේවි’ නම්වූ ගීතයයි  . පසු කලෙක මිල්ටන්ම පුවත් පතකට පැවසු පරිදි ජෝතිපාලයන් සමග පැවැති මිත්‍රත්වය ඔහුගේ ජනප්‍රියත්වයට බෙහෙවින් ඉවහල් විය .

මෙම ගායක දෙපළ හා සම්බන්ධ  "අනංග වාදය "  එදා මෙරට ගීත ශ්‍රාවකයන් තුළ මහත් ආන්දෝලනයක්‌ ජනිත කරන්නට සමත් විය. ගීතයකට පිළිතුරු ගීතයක් වන පරිදි බිහිවූ මෙම ගී පෙළ රසික හදවත් අමන්දානන්දයට පත්කරන්නට සමත් විය .  ජෝති මිය ගිය පසු මිල්ටන් මෙය සනිටුහන් කලේ මේ ආකාරයෙනි ,,,,,,,,,,,,,,,,,,,

"බිතු සිතුවම් රූ වාගේ දුක සැප දෙකෙහිම පැවතී ..
හිත මිතුරු මගේ ජෝතී 
ගියෙ ඇයිද මගෙන් වෙන්වී....

ගී හඬට ඔබේ බැඳිලා 
මම ආවෙමි ඔබ සොයලා 
ඇසුරේ සිත සනසාලා සිටියෙමි ගුනකඳ හඳුනා ..
මා යන මග ජෝති සදා 
ඔබ වෙන්වී යන්න ගියා...

ආදරයේ ගී රාවේ 
සිහිනෙන්ඳ ඇසෙනු වාගේ ඔබ නැති ලොව තනිවූ දා මිතුදම කඳුලක් වුයේ ...
සසරෙ උපදින වාරේ 
ඔබ හමුවේවා ආයේ..."

එකල ශ්‍රී ලාංකේය ගීත ශ්‍රාවකයන් අතරේ මිල්ටන් වඩාත් ජනප්‍රිය වූයේ ප්‍රේමයේ විප්‍රයෝගය වේදනාත්මක ස්‌වරයෙන් ගැයූ ගායකයකු ලෙසිනි. ප්‍රේම ගීතයේ මිහිරි බව මෙන්ම  විරහ ගීතයේ ශෝකීබවද මිශ්‍රිතව  සැඟවගත් හඬක්‌ මිල්ටන් සතුව පැවතිණි. මිල්ටන් ගේ බොහෝ ගීත රචනා ප්‍රබන්ධ වූයේ කරුණාරත්න අබේසේකර ශූරීන් අතිනි.ඔහු එදා ගැයූ "දෙව්දුව පලා ගියාදෝ, රුවන් මැඳුර ඔබව ඉදිකෙරූ ඔබේ රන්වන් රන්, ඔබේ පියවදන්, අපේ පැතුම් බඳුන, පිපාසයෙන් පීඩිතවී ,එලියක් නව එලියක් ,කල්යානියේ මංගලම්,කල්යානියේ ඔබ නෑසූ, මගේ ප්‍රේමලතාවේ ,ටික්කි ටිකිරි මගේ පූතා(කරුණාරත්න අබේසේකර), "පොඩි කාලේ අපි දෙන්නා", "සඳුන් ගසක එති සමන් ලතාවක (ලලිත් එස්‌.මෛත්‍රිපාල), ඔබට නම් නැහැ නේද රත්නේ (ඇලෝයි ගුණවර්ධන), බැලුවේ නෑනේ මාගෙ දිහා (චිත්‍රානන්ද අබේසේකර), ඔබේ ප්‍රේම නගරේ (ප්‍රේමකීර්තිද අල්විස්‌) ආදී ගීත ශ්‍රවනය කරද්දී අපේ හදවත අපට ඒ බැව්  පසක්කර දෙයි  . කුඩා දරුවන් වෙනූවෙන් ගැයූ අපූරු ගීත කිහිපයක්ම මිල්ටන් ගේ දයාබර හඬින් රසවත් විය. "ප්‍රියංකර පූතේ...." (කරුණාරත්න අබේසේකර) අහන්න මගෙ හොද පූංචි පූතේ....(ඇලොයි ගුණවර්ධන) ආදී ගීත ඊට නිදසූන් වන්නේය. එදා මෙදාතුර  ජනප්‍රිය ...

*ඔබ වේවා වේවා පහන මගේ,
*සිහින දෙව්දුවේ, 
*සුපෙම් ලොවේ කුසුම් සරා, 
*පෙර ආත්මයක, 
*ඔබ කවුද ප්‍රියේ, 
*පෙම් අප්සරාවෝ, 
*ලොව තුළ පූජිත,  
*මහ ගණ වනන්තරේ, 
*ඇස රැඳුන රැඳුන තැන්වල ,
*වළාකුලක්‌ පලා අම්බරේ,
*සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ,
*සුරලෝකේ මං සක්‌කර දෙයියෝ
*අහන්න මගෙ හොඳ පුංචි පුතේ, 
*වැඩ කරලා ඉවර නොමැත,
*මදු සඳෙන් තවත්  ,ආදී ගීත ගණනාවක්‌ ඉතාම ජනප්‍රිය වීය.

අදමෙන් නොව චිත්‍රපට පසුබිම් ගායනය ජනප්‍රිය කලාවක් වූද , සිනමා පෞරුෂයන් තරමටම හඬ පෞරුෂයන්ද ප්‍රබල සහ ජනප්‍රිය වූ ඒ යුගයේ මිල්ටන් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසෙන්නේ  "කුරුළු බැද්ද" චිත්‍රපටය සඳහා ආර්. මුත්තුසාමිගේ සංගීතයට කරුණාරත්න අබේසේකර ලියූ "අරුණ උදයේ පිපෙන මලසේ" ගීතයෙනි .

එතැන් සිට ඔහු සිංහල රිදී තීරයේ දිගහැරුණු චිත්‍රපට 150 කට පමණ පසුබිම් ගීත ගයා ඇත.ගාමිණි ෆොන්සේකා (ධීවරයෝ - අගාධ සාගරයේ’) ජෝ අබේවික්‍රම (අල්ලපු ගෙදර - ‘මහ ගන වනන්තරේ’) ටෝනි රණසිංහ (සිහින හතක් - ‘සුපුන් සඳක් නැඟිලා’) විජය කුමාරතුංග (කේසර සිංහයෝ - ‘සන්සුන් රුවන් හද මන්දිරයේ’) වැනි නළුවන්ට ඔහු පසුබිම් ගී ගැයුවේය.

චිත්‍රපට යූග ගීත ගායනයටද මිල්ටන් පෙරේරා දැක් වූයේ නිසග හැකියාවකි. "සූපූන් සඳක් නැගිලා...." (සිහින හතක් : සූජාතා අත්තනායක සමග) සන්සූන් රුවන් හද මන්දිරේ (කේසර සිංහයෝ 1971 ශී්‍රමති තිලකරත්න සමග) උපූල් කමල පිපි නීල ජලාසේ.... (හතර කේන්දරේ : සූජාතා අත්තනායක සමග) පෙර ආත්මයක (සූජාතා අත්තනායක සමග) එක්ටැම් ගෙයක (රුක්මණි දේවි සමග) ආදි ගීත ඉතාම ජනප්‍රිය වීය.

සිංහල චිත්‍රපට ගීත ගායනයේදී ඔහූ හතර මහ නිධානය චිත්‍රපටයට ගැයූ "උම්බෑ කිය කියා නම් වූ ගීතයට සරසවි සම්මානයක් (1965) හිමි විය. සාරවිට චිත්‍රපටයට ගැයූ "සිරිසාර බූලත් විට" නමැති ගීතයට ස්වර්ණ සංඛ සම්මානය (1966) ද ගීතධාරා නමැති සම්මානයක් ද දිනා ගත්තේය.

කරුණාරත්න අබේසේකර ශූරින්ගේ ගීත රචනා මිල්ටන්ගේ  ජනප්‍රිය වීමට බොහෝ ඉවහල් විය . ආලොයි ගුණවර්ධන, චිත්ත්‍රානන්ද අබේසේකර, ලලිත් එස් මෛත්‍රිපාල, ප්‍රේමකීර්ති ද අල්විස්, එච්. ඩී. මැන්ඩිස් ආදී ප්‍රවීන ගීත රචකයන්ගේ ගී පදවැල් මිල්ටන්ගේ හඬින් රසවත් විය .

එකල මිල්ටන් පෙරේරා වැන්නවුන්ට ගායන ලොවට අවතීර්ණ වීම සඳහා බොහෝ කැපකිරීම් කිරීමට සිදුවිය. ඔවුන්ට ශ්‍රාවකයන් අතරට යැමට තිබූ එකම මාධ්‍යය වූයේ ගුවන් විදුලියයි. දශක හතරක පමණ කාලයක් සජීවීව ප්‍රේම ගීතයෙන්ද විරහ ගීතයෙන්ද රසික හදවත් රසවත් කළ මිල්ටන් පෙරේරා වැනි ගායකයකු නැවැත අපට බිහි නොවූනත් ගීත ලෝකය තුළ මිල්ටන් ගේ නාමය, මෙන්ම ඔහුට අනන්‍ය වූ ඒ සුවිශේෂී හඬද අමරණීය බව කිවයූතු මය ..
----------------------------------------------------------------------------------------
කොමල ලියා බොලඳ ලියා 
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා

ගත සීතල පහස ලබා
ලැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා

නෙත ඇඳි රුව ඔබය සුදු
අද ඒ නෙත කඳුලු බිඳු
ආදරයෙන් ඔබව හැදු සිකුරු ලියා
මාව දමා යන්න ගියා සිකුරු ලියා

ආදරයෙන් ඔබ හින්දා
මා මනසෙන් දුක් වින්ඳා
පාලුව ලඟ මා රන්දා
සිකුරුලියා
මාව දමා යන්න ගියා
සිකුරුලියා

ගායනය-ජේ.ඒ.මිල්ටන් පෙරේරා
පද රචනය-ධර්මසිරි ගමගේ
තනුව-ක්ලැරන්ස් විජේවර්ධන
----------------------------------------------------------------------------------------
දෙවියන් අපේ මූණ බැලුවා ...
හොඳ දේ කළොත් හොඳම වෙනවා
පූරුවේ පිනක් කඩන් හැලුනා
දුප්පත් කමේ අඳුර මැකුණා

අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ 
හිතුව වාගේ සාදතෑකි දේවාලේ නිසිසේ
හෝ හෝ
හිතුව වාගේ සාදතෑකි දේවාලේ නිසිසේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ 

හොඳ දේ කෙරුවොත් කවදාවත් නෑ ඒකෙන් වරදින්නේ 
දුප්පත් නමටයි දුක් විඳගෙන අපි කාලෙ ගෙනියන්නේ 

අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ 

දෙවියන්ගේ බැල්ම අපට ලැබිල තියෙනවා
දේවාලය ඉක්මණටම දියුණු කරණවා ...

කාලා බීලා ජොලි කැන්න දන්නවා අපි
ඒ වුණාට ඒ විකාර දෙන්නෙ නෑ හැපී ...

මල් වාගේ පෝසත්තුන් බෝම ඉන්නවා
මේ පොඩි කොල්ලන්ගෙන් නම් වැඩක් කෙරෙණවා ...

දෙවියන්ගේ බැල්ම අපට ලැබිල තියෙනවා
දේවාලය ඉක්මණටම දියුණු කරණවා ...

අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ 
හිතුව වාගේ සාදතෑකි දේවාලේ නිසිසේ
හෝ හෝ
හිතුව වාගේ සාදතෑකි දේවාලේ නිසිසේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ 

ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට
පද රචනය - ඒ. ජේ. සොයිසා
සංගීතය - ආර්. මුත්තුසාමි

1965 දී තිරගතවූ "සත පනහ" චිත්‍රපටියේ
----------------------------------------------------------------------------------------
සිරි සාර බුලත් විට කාලා බලන් 
හොඳ නංගී වරෙන්
පොඩි මල්ලී වරෙන්

කට සුවඳ කරයි
දත් පණුවෝ නොකයි
සිරි සාර බුලත් විට කාලා බලන්

පන්සල පල්ලියෙ කෝවිල හන්දියෙ
බස් නැවතුම් පොළෙ පෝලිමෙ හැමතැන 
කාගෙත් හොඳහිත සමග බෙදිගෙන කාලා බලන්

කරඳමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි 
ඉඟුරුපියලි කොත්තමල්ලි චුන්නපූග නාගවල්ලි 
මේවා නිසි පදමට ගෙන කටට රහට
සිරි සාර බුලත් විට කාලා බලන් 

සිරි සාර බුලත් විට කාලා බලන් 
හොඳ නංගී වරෙන්
පොඩි මල්ලී වරෙන්

කට සුවඳ කරයි
දත් පණුවෝ නොකයි
සිරි සාර බුලත් විට කාලා බලන්

ඇති නෑදෑකම් නැතිකර ගන්නට
නැති නෑදෑකම් ඇතිකර ගන්නට 

සැපතට විපතට ගමනට බිමනට කාලා බලන්

කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි
ඉඟුරුපියලි කොත්තමල්ලි චුන්නපූග නාගවල්ලි
මේවා නිසි පදමට ගෙන කටට රහට
සිරි සාර බුලත් විට කාලා බලන්

සිරි සාර බුලත් විට කාලා බලන්

ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
පද රචනය - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
1965 දී තිරගතවූ "සාරවිට" 
----------------------------------------------------------------------------------------
මේ පිපාසිත තලේ ලෝ
ආ.......
ලලනාව වේ අමා ජලාශේ
ආ.....
නොසිඳේ ඈගෙ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තලේ
ලලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ 
මේ පිපාසිත ලෝ තලේ

බැලුවාම පේන වැලි තලාවකී
පතුලේහි දිය ගලා දිවේ 
හද තාප ගින්න සීතවේ
හැමුවාම සුවඳ මුව මල් ගොමුවේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තලේ
ලලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ
මේ පිපාසිත ලෝ තලේ

සාදා රකින්නෙ බිඳහෙළන්නෙ ඒ
දෙවියන් කියා අසා තියේ
මගෙ දෑස දැක්ක මේ ලොවේ
දෙවියෝය ලලන සුවදෙන ජීවේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තලේ
ලලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ 
මේ පිපාසිත ලෝ තලේ

බැලුවාම පේන වැලි තලාවකී
පතුලේහි දිය ගලා දිවේ
හද තාප ගින්න සීතවේ
හැමුවාම සුවඳ මුව මල් ගොමුවේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තලේ
ලලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ 
මේ පිපාසිත ලෝ තලේ

ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි

1965 දී තිරගතවූ "අල්ලපු ගෙදර" චිත්‍රපටියේ
----------------------------------------------------------------------------------------
විනෝද වෙන්න 
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ

විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
හෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ

තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ

තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ
ගැහුවලු ඒ වගෙ පදයක් ගමක පුරාණේ
මිණි කිංකිණි සළ සළ නටනව ගෑණු පරාණේ
ගෑණු උන්දෑ නටනකොටත් ඕන කිවුව බෙර පදේ
කපුටු කාක් කාක් කියා කපුට කිවුව අද උදේ

සංගීතය සන්තාපය මගහරවන්නේ
සංගීතය සන්තාපය මගහරවන්නේ
පාග පාග සනි පනි ගා රාගෙට එන්නේ
මේ දුකෙන් තමයි ඔයයි මමයි ජීවත් වෙන්නේ

සිංදු අහල නැටුම් බලල ඉන්න පිරිස මත්වෙලා
සිංදු කියල නැටුම් නටල දැන් අපි හෙම්බත් වෙලා

විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
හෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ

ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි

1965 දී තිරගතවූ "යටගිය දවස" චිත්‍රපටිය
----------------------------------------------------------------------------------------
මහ ඝන වනන්තරේ 
ලොවෙ ඈත කෙළවරේ
සැළලිහිණී ගිරා මලිති බටිති
රෑනක් අතරේ

ඇය ඔකඳ වෙමින් රඟන විටදි හැංගිලා
මම කුරුළු වෙසින් සොය සොය එමි පියඹලා
වන මලක් වෙලා ජනිත වුනොත් එම කැලේ
මම සුවඳ ලෙසින් එමි පාමින් සුරතලේ

ඇය සා දෙනෙකුව දිව යයිනම් බිය වෙලා
ඉමි උඳුපියලිය පලස විලස වැතිරිලා
දිය පාරක් වී බැස යන කල වන පෙතේ
මම කුඹුක් ගසක් වෙමි ඉවුරෙහි පිය කතේ

ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා 
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
----------------------------------------------------------------------------------------
සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි 

සුසීත ගංගා තලේ
නීල දිය රැල්ල වෙරළේ එළේ 
ඔරු පාරු තිබුණාට ඉන් නෑ පලේ
පැද යන්න හබලක්ද ඕනෑ ජලේ

සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි

පැසීල ඇති පාඩුවේ
මිහිරි රසදායී ඵල ජාති වේ 
දුරදීම දැකලා දැනේදෝ කෙසේ
ගෙඩි කන්න නැති දිවට නොදැනේ රසේ

සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි

ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා 
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
----------------------------------------------------------------------------------------
කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම්
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම්

මතු කවර දිනකදී හෝ
මට ඔබව අහිමි වේ යැයි
ගැන භීතිය සැක මාගෙ හිතේ
තිබුණි දිගා කල්
ගිණි වී ඇත අද ඒ දුක ගැන
සෝක සුසුම් වැල්

කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම්
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම්

මගෙ හිතට එකඟවයි මේ
මා කියන දෙය කියන්නේ
ඔබෙ ආදරබර මහිමයටයි
ගී ලියවෙන්නේ
රස උල්පත සිඳ ඇයි හදවත
සසළ කරන්නේ

කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම් 
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම් 

කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම්

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
ගී පද - කරුණාරත්න අබේසේකර
හින්දි තනුවකි 
----------------------------------------------------------------------------------------
හිනැහෙන්න මට ඉගැන්වූ
සැනසෙන්නට මග පෙන් වූ
කටු කොහොලින් පිරි මෙලොවේ

හිනැහෙන්න මට ඉගැන්වූ

සිතුවිල ගිර මිදීලා
යා නොදී වියරු වීලා 
සහනයේ කැදලි හැදුවේ

හිනැහෙන්න මට ඉගැන්වූ

හද පියුම මගෙ නෙළාලා
ඔබෙ දෙපා ළඟ පුදාලා 
හිස් දෑතිනි අද ඉන්නෙ

හිනැහෙන්න මට ඉගැන්වූ

පිදු පියුම පර නොවේවා
මතු මතු ද පුබුදු වේවා 
මා එපමණයි පතන්නේ

හිනැහෙන්න මට ඉගැන්වූ
සැනසෙන්නට මග පෙන් වූ
කටු කොහොලින් පිරි මෙලොවේ 
හිනැහෙන්න මට ඉගැන්වූ

ගායනය - මිල්ටන් පෙරේරා
ගී පද - කරුණාරත්න අබේසේකර
----------------------------------------------------------------------------------------
දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක් සොයා බලන්න
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කතා කරන්න 

රුව දැක ගැන්මට පින් නැත දැන් මට
මතක් උනත් සන්තෝෂයි
කෙලින්ම සවනට රැගෙන ඔබේ හඩ
අහගන්නට හරි ආසයි 

දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි...

ඇසිපිය හෙලනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහිවෙනවා
ඉකිබිඳ හඬනා කිරි දරුවකු මෙන්
මගෙ හදවත වැලපෙනවා 

දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි...


ගායනය - මිල්ටන් පෙරේරා
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කරුණාරත්න අබේසේකර
----------------------------------------------------------------------------------------
ඔබේ ප්‍රේම නගරේ 
තැනූ ප්‍රේම මැදුරේ
නවාතැන් සොයා පැමිණි මා
ගියේ ඇයි ද හැරදා දමා...

අමා ගීතයක් වී ඔබේ ගී පොතේ
පෙරා මිහිර පිර වූ හදේ මී විතේ
ඔබෙන් හමු නොවේ දැන්
එසේ වුව ඔබෙයි මම්
එදා මෙන් සදා මිහිරියේ...

සඳේ සීත කැල්මයි ඉරේ රාෂ්ඨයයි
සමානයි ද නැහැ නේද රසවන්තියේ
සිතා කල්පනාවෙන් 
සිනාවෙන් දයාවෙන්
රැඳේවා මගේ හදවතේ...

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: මොහොමඩ් සාලි
ගායනය: මිල්ටන් පෙරේරා
----------------------------------------------------------------------------------------
සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී ගඟක් ගලාලා 
පළිඟු පුළින තලාවේ

නලවන තුරුල්ලටයි 
රළ පෙළ ඇදෙන්නේ
සුවදෙන කැදැල්ලටයි
අත්තටු සලන්නේ

ආදර දියඹ යටයි
මිණිමුතු දිලෙන්නේ
ගී රස තාලයටයි
පෙම් රළ රඟන්නේ 

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා, සුජාතා අත්තනායක
සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
ගී පද - නිහාල් ඒ. ජයසිංහ
සිහින හතක් (1966)
----------------------------------------------------------------------------------------
කඳුළු අතරට සිනා රැළි වෙමි 
විඩාවට සෙවණක් වෙමී 
ජීවිතේ පොත පුරා ලියැවෙන 
ආදරේ කවියක් වෙමී...

සුවඳ සුදු මල් හිනා වෙද්දී 
කවුළු දොර ළඟ අතු කොනේ 
ඒ මැදින් මම හොරෙන් අතුරමි 
හදවතේ බැතිබර සෙනේ

සැඳෑවක ඔබ සඳැල්ලට වී 
තනි ව ළතැවෙන වෙලාවේ 
ගීයකට රස පද එවන්නම් 
සඟවලා රන් වලාවේ...

බුදුන් පාමුල වැඳ වැටෙද්දී 
බැතින් බර වී සැනහිලා 
පිදූ මල් මැද සුවඳ දුම් මැද 
පැතුම් පුරවමි හිනැහිලා

යහනකට වී අඳුර ඉවසා 
රැය ගෙවී යද්දී ඉබේ 
සඳ කැරැල්ලක් සමඟ පාවෙමි 
කවුළුවෙන් කුටියට ඔබේ...

තනුව සහ ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා 
ගී පද : දයා ද අල්විස්
----------------------------------------------------------------------------------------
ආලේහි බැඳී ජීවිත අඳුරෙහි ගැලේවී
සැමදාම ලොවේ නෑ සැප ශෝකයම සදාවී...
ආලේහි බැඳී

ලැබූ ජිවිතේ සුළු දේකි ඔබ ඇයි රස වින්දේ
වැනසී යන මායාවකි එය නොලැබෙයි දුන් දේ
පුදුමෙකි රජුන් කිවිඳුන් පඬිදුන් හා සමගා
දණ නමති ලොවේ මේ බිහිසුණු ආලය හින්දා
මේ ආලය හින්දා ...

ඉරි තැලුණු හැදින් වැගිරුණු ලේ බිඳුවැල් මත හා
කෝ සොඳුරු බවක් මේ ප්‍රේමය මුසුවුන තැන හා
මේ ආලයමයි කෙනෙකුගේ සුරසැප ගෙන දෙන්නේ
මේ දේම තමා ජිවිත ගණනක් වනසන්නේ
ජිවිත වනසන්නේ ...

ගී පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය -මොහොමඩ් සාලි
ගායනය - ජේ ඒ මිල්ටන් පෙරේරා
----------------------------------------------------------------------------------------
ඇස රැඳුන රැඳුන තැන්වල 
මුව මඬල හිනැහුනා 
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුනා

දුක් පැදුර දිගැර අලසව ඇත
හද ගිමන් හලේ 
නින්දකට නොවැටී තැවි තැවි 
මුළු රැය පහන් කළේ

රෑ කවුද හෙමින් එළැඹී 
මගෙ කණට මුව තියා 
මින්දදගේ දුන්නෙ මල් හී 
පහකැයි කියා ගියා

වැසු විමන් පියන් පියවා
රඳවන්න මට හිතයි 
උඩු හිතට වැඩිය ඔබ ගැන 
විමසන්නෙ යටි හිතයි

ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි
ගායනය ජේ ඒ මිල්ටන් පෙරේරා
----------------------------------------------------------------------------------------
සඳුන් ගසක එති සමන් ලතාවක
මල් පරවී යනවා
ඔබේනමටපිදු මගෙහදවත්මල 
තවමත් පිබිදෙනවා
මගේහද තවමත් බැබළෙනවා

ආදර නදියක පැදගිය ඔරුවක්
කුනාටුවක වැදුනා
සමාජයේ කරදර හිරිහැර මැද
මිහිර පතුලෙ කිඳුනා

ඔබේනම නොමැකෙන ලෙස ඇඳුනා
සිතුදේ නොමවේ නොසිතු දෙයක් වේ
කියන දහම විලසේ
මිණිමුතු පැතුමට ලැබුණිද ගල්කැට 
නොලැබේ මා සිතු දේ

මමයි ඔබේහද ඔබ මාගේහද 
කියා එදාකීවා
හිරුටපියුමලෙස කුමුදටසඳලෙස 
කියමින් රැවටෙව්වා 
අනේසුදු ඔබමා රැවටෙව්වා

ආළය පිළිබඳ නොමැකෙන සටහන් 
ඇතමගෙ සොඳුරුලයේ
මා ලය ඔබවෙත තිබුසෙනෙහසගැන
අටුවා මොටදප්‍රියේ

නොලැබෙන දෙයකට හඬාපලක් නැත
මම මෙහි තනිවෙන්නම්
සුදු ඔබෙනාමෙන් හොඳනම රැකගෙන
මම හැමදා ඉන්නම්
මෙසේ මා ගී ගයමින් ඉන්නම්...

ගායනය :මිල්ටන් පෙරේරා 
ගී පද :ලලිත් එස්‌ මෛත්‍රිපාල
සංගීතය : මොහොමඩ් සාලි
----------------------------------------------------------------------------------------
අහන්න මගේ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
අහන්න මගේ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ

වැදූ මවත් ඔබ දිනූ බිමත්
රැක ගන්න ඔබේ ඇස් දෙක වාගේ
එපා නමන්නට අයුක්තියට හිස
යුතුකම සුරකිනු පණ වාගේ

ඔබේ නම පතලව මහ වියතෙක් වී
තිබුනත් වස්තුව පිරීතිරී
ලෝකයෙ ඔබ කොයි මුල්ලක සිටියත්
මැරෙන්නේ ලක්බිම දෙසට හැරී

ගී පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය -මොහොමඩ් සාලි
ගායනය - ජේ ඒ මිල්ටන් පෙරේරා
----------------------------------------------------------------------------------------
මා අවදි කළා ඔබ දිනිඳා සේ
අරුණෝදේ..
වැටහෙන්නෙ ම නෑ දන්නෙ ම නෑ
මේ සිදු වූ දේ...

මගෙ දෙතොල පෙඟේ දෑස තෙමේ
හද හිනැහෙනවා
වෙනදා නොමැතී අරුම හැඟුම් 
මල් පිබිදෙනවා...

මධුරිය ආව ද මා ආව ද 
නෑ වැටහෙන්නේ
සත්සර නැඟිලා හද වීණා
හඬ පැතිරෙන්නේ...

සිතුවිලි බඹරුන් ආයෙත්
වෙන අතක නොයේවා
අපෙ සබඳ රුවන් විමානයට
එළිය වැටේවා...

ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : මොහමඩ් සාලි
ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා
----------------------------------------------------------------------------------------
ජීව වේදනා හදේ නැගෙන මගෙ
ඔබෙ හදවතටත් දැනෙනව නම්
මේඝ දූතයකි මගෙ මේ ගීතය
ඔබටත් ගුවනින් ඇහෙනව නම්

දුකඳුර පිරිලා බැලූබැලූ තැන
මිරිඟුව හැමතැන හමුවන්නේ
නිවහල් නිසසල නිහඬ තැනකටයි
යන්නට මේ මා සැරසෙන්නේ

බාධක අතරේ මනූලෝකයේ
ඇත්තේ සාමයෙ මිහිර තමයි
ලෝකය බලනට ඇසක් ලදිමි මම
ඒ මා ලැබු මගෙ දිලිඳු කමයි

කුරුළු ගීතයක මිහිරි නාදයක 
මෝහනයක් නැත සිතට කිසි
කිසිවෙක් තවමත් හමුව නොමැත මට
නෙත සිත හදවත කරන වසී

ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා 
ගී පද - කරුණාරත්න අබේසේකර
----------------------------------------------------------------------------------------
ඉගිල්ලී වහා යන්නට ඇගේ පැල සොයං
කුරුල්ලෝ ඔබේ පියපත් යුවල මට දියං
අනන්තෙට පවා පියඹන ලොවේ සිව්කොනේ
සුළං කුමරියේ ඇගෙ හද අරං එනුමැනේ
ඇගේ දෙනෙත් යුග විලසින්
නිල්බර දසුන දැනේවා......

තරු දෙකක් මගේ දෑසට හැම රැයේ පෙනේවා
ඇගේ සොමිවතේ පිළිරුව නිති සිහිවෙද්දෙන්
නිශාතලේ හැමදාටම සඳ පායාදෙන්
කල්පනා බරින් පිරී 
නොගොස් දස අතේ
ඉන්න මා ලඟින් 
ඇය සිහිකරමි මේ සිතේ

ගායනය :මිල්ටන් පෙරේරා .
ගී පද :කරුනාරත්න අබේසේකර 
සංගීතය :මොහිමඩ් සාලි.
----------------------------------------------------------------------------------------
දෙව් දුව පලා ගියාදෝ 
පුදසුන ගරා වැටේදෝ
හදරන් දේවාලේ
මුල් පෙති තැලී වැටේදෝ 

චන්දන සුගන්දයාදෝ 
හද රන් දේවාලේ
කදුලැල් වලින් දොවාලයි 
පුද මේ ගෙනත් තියෙන්නේ 

පිරිසිඳු සිතින් සිතාලයි 
බති ගීතිකා ගයන්නේ
ගිතෙලෙන් පහන් තබාලා 
ඔබේ රුව සිත මවාලා 

හද රන් දේවාලේ 
හද රන් දේවාලේ
දිගුනෙත් කැලුම් විදාලා 
මා දෙස බල සිනාසෙයි 
දුක වේදනා නිවාලයි සිතා මහෝසේ
නොයිදුල් සිසිල් අමා මී දෝතට පෙරා ගෙනාමී...
ඔබ නෑ දේවාලේ

ගායනය :මිල්ටන් පෙරේරා
ගී පද :කරුනාරත්න අබේසේකර 
----------------------------------------------------------------------------------------
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ
නීල වරල පිට මැදට හෙළන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ

මල්මද බිසවුන් සැතපෙන සද ඇගෙ
ආදර මල් යහනේ
රකුසකු ඇවිදින් රුදුරු වෙසක් ගෙන
නුරා රැගුමි පෑවෙි

කුමරු සිටිද්දී මලට මුවා වී
කුමටද වෙහෙසෙන්නේ
බඹරු ඇවිල්ලා කපුරු මලේ ඇති
සුවදට වැනසෙන්නේ...

ගායනය: ජේ. ඒ. මිල්ටන් පෙරේරා
ගී පද :ධර්මසිරි ගමගේ
සංගීතය: සෝමදාස ඇල්විටිගල
චිත්‍රපටිය:බිනරමලී
----------------------------------------------------------------------------------------
නිදහස් කාහල නාදය රැව් දෙයි
හෙළදිව අඹර පුරා
සිරිලක් රැජිනිය වැජඹේ දියුණුවෙ
මිණි මුතු කිරුළ දරා...

සුවඳ අතීතය සමරවු 
සමගි පියුම් පෙති පුබුදවු
පිබිදෙවු පිබිදෙවු
දිදුලන තරු ලෙස පිබිදෙවු...

කුලගොත කඳවුරු මතබේදේ
පා කොට රළ මත මහ මුහුදේ
නිදි ගැට දුරලා බැඳි බැමි මුදලා
උදා කරවු සෞභාගේ...

කීර්ති රාව නැඟු දස දේසේ
රාජ තේජ බල ඉතිහාසේ
නව පණ නංවා මල්පල ගන්වා
උදා කරවු සෞභාගේ....

දිනු රට දිනු දැය දිනු සමයයි
දිනු විට දියතෙහි ඔබෙ නම යයි
කර රුපු බන්දා ජය කොඩි නංවා
උදා කරවු සෞභාගේ...

ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
ගී පද - කරුණාරත්න අබේසේකර 
සංගීතය - එම්. කේ. රොක්සාමි
----------------------------------------------------------------------------------------
පෙර ආත්මයක එක රාත්‍රියක
සොමි සඳ පානේ රසුදැල් සෙලෙව්වේ
ඒ ඔබයි මිහිරේ ඔබයි මිහිරේ

දෑතට බරවී දෑතක හිර වී
එක් වුණු තිසරුන් රංගන පෑවේ..
ආදර වීණා සත්සර රාවෙන්
මත් වුණු කොවුලා සිත් ලෙස නෑවේ...

මධුර අතීතේ දැනුණු තුසීතේ
ජීවන ගමනේ ගිම සැනසෙව්වේ
ඒ සුව සහනය සිහිවේ ...

නෙත්මිණි පිබිදී පැහැසර විහිදී
සියොළඟ ගිලුණා විශ්මිත එළියේ
සිත් ලෙස සුවසේ අත් ගෙන එක සේ
අප සැරිසැරුවේ පෙම් සැණකෙළියේ

භවයෙහි පෙරදී ආ මග වැරදී
කොයිබද ඔබ මේ ප්‍රියදේහිනියේ
මා ඔබ දෙඅතක තනියේ

පෙර ආත්මයක එක රාත්‍රියක
මධු කුසලානෙ දෙතොලේ රැඳෙව්වේ 
ඒ ඔබයි සොඳුරේ ඔබයි මිහිරේ ,,,,,,,,

ගායනය - මිල්ටන් පෙරේරා සමඟ සුජාතා අත්තනායක
ගී පද - කරුණාරත්න අබේසේකර 
සංගීතය - මොහොමඩ් සාලි 
----------------------------------------------------------------------------------------
උම්බෑ කිය කියා මරණ බයේ 
කිරි ටික මුලදී බොයි - පස්සෙ මරා කයි
මිනිසා දරුණු ඇයි - මේ එළදෙන අසයි
උම්බෑ කිය කියා මරණ බයේ 

බැරි බර පටවලා - කෙවිටෙන් තල තලා
කුර ගෙවෙනා තුරා - මැරෙනා තෙක් දිරා
රෑ දහවල් උදේ - විඳ විඳ දහවදේ
නිරයේ දුක දකී - දරු පවුලම රකී

අන්තිමෙ මේ ගොනා - මස්කර විකුණනා
කඩයට පවරනා - මිනිසයි තිරිසනා
කවදාදෝ මිනිසාගේ අනුකම්පා ඇතිවන්නේ
උම්බෑ කිය කියා මරණ බයේ 

දරුවට මව නැති - දෙවරුවෙ කිරි දෙතී
ගොම ටික පොහොර වෙයි
ගොඩමඩ සරු කෙරෙයි
මැරුණත් නොනවතී - හමට ද බැට දෙතී 
කවදාදෝ මිනිසා මේ තිරිසන් ගති දුරලන්නේ
උම්බෑ කිය කියා මරණ බයේ

ගායනය - මිල්ටන් පෙරේරා
ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - පී. එල්. ඒ. සෝමපාල
චිත්‍රපටය - “හතර මහා නිධානය”
(1965 දී හොඳම ගායකයා ලෙස මිල්ටන්ට සම්මාන හිමි වුණේ මේ ගීතයටයි.)
----------------------------------------------------------------------------------------
අසරණ මව මගේ ඇස් අන්ධව ඉන්න
කොරවුණ පියා බෑ හරි හැටි ඇවිදින්න
මේ දෙන්නා සමඟ නංගී රැකගන්න
රක්ශාවකටාමී ගෙදරක නතර වෙන්න

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ
මොකටද මා දුප්පත් වී ඉපදුනේ
වැරදුනාම කෝටු පාර වදින්වා
බඩු කැඩුනම පඩියෙන් අඩු කරනවා

දන්නෙ කවුද තමන්ගෙ දුක මිස තමා
කන්නෙ බොන්නෙ වැඩකට යන එන ගමන්
වෙහෙස වෙලා රෑ දොලහට ඇල වුනා
උදේ පහට ආයෙත් මම පිබිදුනා

සැපට හදන බලු පැටියෙක් හරි සැරයි
නෝනා ඌට මට වැඩියෙන් ආදරෙයි
ඇස් රතු වී දුක් කඳුලැලි බේරුනා
රක්ශාවේ හැටි දැන් මට තේරුනා

ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
ගී පද - ඇලෝයි ගුණවර්ධන
----------------------------------------------------------------------------------------
කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා

නෙළුම් මලක්ද නිල් විලේ
නැවුම් සුළංද ලෝ තලේ
මුවැත්තියක්ද මහ කැලේ
කැළුම්ද චන්ද්‍ර මන්ඩලේ 

රුවක්ද ගල් කුලේ නෙළූ
ගඟක්ද සීතලේ ගැලූ
වැලක්ද සල් ගසේ වෙලූ
සුගන්ධයක්ද සිත් කලූ

කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා

ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා


----------------------------------------------------------------------------------------
හිනැහෙන්න මට ඉගැන්වූ
සැනසෙන්නට මග පෙන් වූ
කටු කොහොලින් පිරි මෙලොවේ 
හිනැහෙන්න මට ඉගැන්වූ

සිතුවිල ගිර මිදීලා
යා නොදී වියරු වීලා 
සහනයේ කැදලි හැදුවේ

ඔබෙ දෙපා ළඟ පුදාලා 
හිස් දෑතිනි අද ඉන්නෙ

හිනැහෙන්න මට ඉගැන්වූ
පිදු පියුම පර නොවේවා

මතු මතු ද පුබුදු වේවා 
මා එපමණයි පතන්නේ

ගායනය - මිල්ටන් පෙරේරා
ගී පද - කරුණාරත්න අබේසේකර
----------------------------------------------------------------------------------------
ඔබට නම් නෑ නේද රත්නේ 
මට වගේ දුක් වේදනා... 
නැත්ද මේ මුලු ජීවිතේටම 
ගන්න ඔබෙ අත වාසනා...
ඔබටනම් නෑ නේද රත්නේ....

බැන්දනම් ඒ ආදරේ කියලා 
මුලින් මේ මා සිතේ... 
ඒ ඔයා වෙනුවෙන් තමා 
සුදු වෙන්කලේ මගෙ ජීවිතේ....

ඔබට නම් නෑ නේද රත්නේ...
මා දිහා බලලා එදා ඔබ 
හිනහුනා හරි ආදරෙන්...
කොහොමවත් බෑ ඉන්න 
ඔබගේ මූන නොබලානම් ඉතින්....
ඔබටනම් නෑ නේද රත්නේ..

ගායනය - මිල්ටන් පෙරේරා
ගී පද - ඇලෝයි ගුණවර්ධන
----------------------------------------------------------------------------------------
කවදාද කොහොම 
කොයි තැනකද 
අප හමු වූයේ
හැමදාම ඇසිමි 
ඔබ නැත මට පිලිතුරු කීවේ

ඔබ එදා ඉඳන් කී දවසක් මා හැ‍ඩෙව්ව ද
ඔබ එදා ඉඳන් කී දවසක් මා නැලෙව්ව ද 
දිනකදි ලංවී දිනකදි ඈතට යනවා
දිනකදි එනවා තව දිනකදි සැංගෙනවා

කවදාද කොහොම කොයි තැනකද අප හමු වූයේ
හැමදාම ඇසිමි ඔබ නැත මට පිලිතුරු කීවේ

දිගටම එහෙමයි අද හෙට මතුත් එහෙමද
අප යන මග නිම වන්නේ කොහෙන් කොහොමද
ජීවිතයට හොඳටම ඇති මේ ලෙස ඇත්නම්
ආදරයත් රසවත් නැත ඒ වගෙ නැත්නම්

ගායනය : මිල්ටන් පෙරේරා


----------------------------------------------------------------------------------------
එක්ටැම් ගෙයක පසුවන මගෙ සීදේවී
එක් දිනයකදි අපටත් හඳ පායාවී
දීඝගාමිණී ප්‍රිය කුමරුණි මාගේ
බේරාගන්න මා ඉටුදෙවියෙකු වාගේ

ඉතින් පලක් නැහැ කුමරියෙ හැංගිලා
ඔබෙයි මගෙයි පෙම් කතාව එළිවෙලා
විශ්වාසයි විඳගත හැක පෙම් සුවේ
චිත්‍රා ඔබෙ බිය වෙන කෙල්ලෙකු නොවේ

ආදර රස ඉතිරීයයි ඔය බහේ
ගාමිණිගෙන් ඔබ වෙන්කල හැකි නොහේ
සිරකරලා තැබුවත් මා වෙසෙන ගේ
සිර කරන්න බැහැ කුමරුණි හිත මගේ
ප්‍රීතිය දුක ඉවසගන්න පුළුවනී
ජාති ජාති මා ඔබගෙයි කුමරුණී
ඉක්මන්වී ලිහා ගනිමු බැඳි බැමී
එක්ටැම් ගේ මගුල් ගෙයක් කරවමී

ගායනය - මිල්ටන් පෙරේරා-රුක්මනී දේවී
----------------------------------------------------------------------------------------
පෙම් අප්සරාවෝ
මල් තලා සිනාවේ
ආදරේ සිතාරේ
ගුම් නගාවි ජීවේ
පෙම් අප්සරවෝ

රන් තරූ නිදන් කෙරූ දෑසේ මම්
කල් බලා නිසල් සුවේ වාස වෙම්
රතී රඟන නිතඹ සලන 
සොඳුරු පියඹ රන් කිරිල්ල

පෙම් අප්සරාවෝ
සත්සරේ හඬින් පිරී වදන් ඔබේ
මත් කෙරේ සවන් මගේ රසින් ඉබේ
මහද අරණ සුවඳ කරන
සුලඟ රැගෙන හනික එන්න
පෙම් අප්සරාවෝ............

ගායනය - මිල්ටන් පෙරේරා
පද රචනය - කරුණාරත්න අබේසේකර
----------------------------------------------------------------------------------------
මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදා වේ
නළඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ...
නළඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ...

පෙම් අමා සුවේ සොයාලා
සත් මහල් විමන් තනාලා
තව අළුත් ලොවක් සොයාලා
අපි යමූ පියා සළාලා...

මම රැඳී ඉමී සිනාවේ
උල්පතයි ඔයා දයාවේ
පෙම් මලක් වෙලා ලතාවේ
තව අළුත් වෙමී ප්‍රියාවේ...

ගායනය - මිල්ටන් පෙරේරා
ගී පද - හේම ශ්‍රී ද අල්විස්‌
----------------------------------------------------------------------------------------
ප.ලි
මිල්ටන් පෙරේරා නමැති සුන්දර ගායකයා ගැන බොහොම පොඩි සටහනක් ලියන්න හිතුවා .විස්තර පුවත්පත් ලිපි වලින් ගත්තේ .වැරදි අඩුපාඩු ,ගී පද රචකයින් ,තනු නිර්මාණ කරුවන් වැරදි ඇත්නම් පෙන්වා දෙන්න ...

43 comments:

  1. මිල්ටන් කියන්නේ කිසිම ඇගයිමක් නොලද එහෙත් ජනතා ප්‍රසාදය ඉහලින්ම ලද සුපිරි කට හඬක් හිමි අදීන කලාකරුවෙක්... ඔහු කියන තරම් රහට කාටවත්ම සින්දු කියන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන අපි කථා නොඅකර ඉමු මාතේ ..ලේ කුපිත වෙන එක විතරයි වෙන්නේ .අපි මෙහෙම හරි පොඩි ඇගයීමක් කරමු මචෝ .මගේ කැමතිම ගායකයෙක් .පට්ට වොයිස් එක .
      බොහොම ස්තුතියි ...
      ජයවේවා !!!

      Delete
  2. මං ගොඩක් ආදරේ කරන හඩක්... සඳුන් ගසක පිපි ගීතය හරිම ළයාන්විතයි...

    මාත් හිතන්නේ එතුමාගේ හැකියාවට නිසි ඇගයුමක් ලැබුනේ නෑ කියලයි...

    ReplyDelete
    Replies
    1. මේක ලංකාවනේ සහෝ ...ඇගයීමක් නොකලත් මිනිස්සුන්ගේ හිත්වල තවමත් මිල්ටන්ලා ජීවත්වෙනවා !!!!
      බොහොම ස්තුත්යි ,,,
      ජයවේවා !!

      Delete
  3. //////මිල්ටන් පෙරේරාත් පිබිදෙන ගායක පරපුරට පැමිණි දවසේ අපූරු වැඩක් කළා. මං නිවේදනය කරලා අත්පුඩි ගහලා පිළිගත්තට මේ මනුස්සයා සිංදුව කියන්නේ නැහැ. මේ අතරේ සුදු නැෂනල් එකක් ඇඳපු මනුස්සයෙකුත් වේදිකාව ළඟ හිටගෙන ඉන්නවා. මං ඇහුවා ඇයි, කවුද මේ ? කියලා. “තාත්තා” කියලා පිළිතුරු දුන්නම, මම ඇහුවා, ඇයි තාත්තා මොකද මෙතන කරන්නේ කියලා. මගේ සිංදුවට තබ්ලා ගහන්නේ තාත්තා කියලා කිව්වා. මගේ පැනය වුණේ තාත්තා කවුද? “පොඩි අප්පුහාමි”. තබ්ලා පොඩි අප්පුහාමි කියන්නේ ඉතා ප්‍රසිද්ධ තබ්ලා වාදකයෙක්. නම අහලා තිබුණට මම ඔහු හඳුනාගෙන හිටියේ නැහැ. එදා මිල්ටන්ගේ සිංදුවට තබ්ලාව වාදනය කළේ ඔහුගේ තාත්තා. මිල්ටනුත් එදා ප්‍රථම ස්ථානය දිනා ගත්තා. රෝහණ බෝගොඩ, එඩ්වඩ් ජයකොඩි එහෙමත් සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ පිබිදෙන ගායක පරපුරෙන්./////////////

    ආරියදාස පීරිස් මහත්මයා මෙහෙම කියන්නේ 28/04/2016 සරසවිය පත්තරේට.

    මිල්ටන් පෙරේරා බොහොම සරල සුන්දර මිනිහෙක්. මට තාම මතකයි ඉස්සර ස්ටේජ්වල සින්දු කියනවා. ලෙජන්ඩ්ස්ලා තමයි. මිල්ටන්ලා, ෂෙල්ටන්ලා එකතුවෙන තැන් රස ගුලාවල්.

    ReplyDelete
    Replies
    1. අරූ අයියාලා නැතිව මේ බ්ලොග් පාළු වෙලා තිබුනේ ...
      අරූ අයියලා වාසනාවන්තයි එවැනි සුන්දර මිනිසුන් ලගින් ඇසුරු කරන්න ලැබීමට ...අපි වාසනාවන්තයි ඒ තොරතුරු තවම අහන්න අරූ අයියලාගෙන් ..
      බොහොම ස්තුත්යි ..
      ජයවේවා !!

      Delete
    2. ආරියදාස පීරිස්ගෙ බයිලනෙ. පුදුමයි ඕක ජෝතී ආවෙ තමන්ගෙ වැඩසටහනින් කියල කිව්වෙ නෑ.

      Delete
    3. ඉන්දික මේක කියවලා බලපන්....මේකත් ඒ ආටිකල් එකේම කොටසක්.

      ////////කවුරු කොහොම කිව්වත් වෙළෙඳ සේවය හැදුවේ මම. මම නොහිටින්න අද වෙළෙඳ සේවයක් නැහැ. අද ඔය ස්ටාර් කියලා හැම තැනම තියෙන්නෙත් එදා මම නිර්මාණය කළ ‘පිබිදෙන ගායක පරපුර’. අසහාය ගායක එච්. ආර් ජෝතිපාල, මිල්ටන් පෙරේරා එහෙම සංගීත ක්ෂේත්‍රයට ආවේ පිබිදෙන ගායක පරපුරෙන්. ඉස්සර ජෝතිපාල මේන් ස්ට්‍රීට් එකේ කඩයක වැඩ කළා. මම දැන්වීම් හොයන්න ගිය දවසක ඔහුට ගීත ගයන්න හැකියාව ඇති බව දැනගන්න ලැබුණ නිසා ඔහු ළඟට ගිහින් සිංදු කියන්න පුළුවන්ද කියලා ඇහුවා. වදෙන් පොරෙන් වගේ සිංදුවකුත් කිව්වා. මගේ ආරාධනාව අනුව පසුදා ජෝති වෙළෙඳ සේවයට පැමිණියා. මුළින්ම පිබිදෙන ගායක පරපුරට දැම්මා. පිබිදෙන ගායක පරපුර වැඩසටහනෙන් වගේම ‘ජයග්‍රාහක පෙළපාලිය’ නම් විනාඩි පහළොවක වැඩසටහනෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නත් එදා ජෝති සමත් වුණා. ඊට පස්සේ ජෝතිට ගුවන්විදුලියේ ගීත පටිගත කරන්න අවස්ථාව ලැබුණා.////////////

      Delete
    4. ඔව්ව ඔහොම තමා බං. එතකොට ස්ටැන්ලි ඔමාල, එඩී ජයමාන්නල සියඹල ගෙනල්ලම නෑ. ජෝති තනිකරම පිබිදුන පරපුරේ වැඩක්.

      ඕක හරියට අර ළහිරු කියන්නෙ සිරස සුපර්ස්ටා වලින් බිහිවෙච්චි ගායකයෙක් කිව්ව වගෙ තමයි.

      ඔය එඩ්වඩ් ගැන කියන එක ඇත්ත වෙන්නැති, ඒත් බෝගොඩ පරපුර, සනත් එහෙම මිනිහගෙ නිෂ්පාදන නෙමෙයි, ඒ කාලෙ සින්දුවක් කියන්න පිපාසාවට තිබ්බ ඕන තැනක උන් ගිහින් කියන්න ඇති. නමුත් ඒ මිනිස්සුන්ව ගායකයො කරේ වෙන අය.

      Delete
    5. ඉන්දික....මම පෞද්ගලිකව ආරිය්දාස පීරිස් කියන චරිතයට ප්‍රිය මිනිහෙක් නොවේ. ඔවුන් ගුවන් විදුලිය තමන්ගේ බඩ වියත රැකගන්නා ජනප්‍රිය තිප්පොලක් කරගත් බවයි මගේ හැඟීම. අද පොල් ටෝක් දෙන මොවුන්ට වඩා ගුවන් විදුලිය වෙනුවෙන් නිහඬ සේවයක් කල අසෝක තිලකරත්නලා, කරුනාරත්න අමරසිංහලා වගේ උදවිය ගැන මට තියෙන්නේ ගෞරවයක්.

      'නලියන ජනප්‍රියත්වයේ පොපියන ගොන්කම...'. කියලා මම කියන්නේ මේවාට තමයි. කොයි මාධ්‍ය්යෙත් ඕවා ඔහොම තමයි. බ්ලොග්ස් කියලත් වෙනසක් නැහැ .

      Delete
  4. /* කුඩා දරුවන් වෙනූවෙන් ගැයූ අපූරු ගීත කිහිපයක්ම මිල්ටන් ගේ දයාබර හඬින් රසවත් විය. .................. ටික්කි ටිකිරි මගේ පූතා.... (කරුණාරත්න අබේසේකර) */

    ඒක පෙම් ගීයක් නේද? චෙක් එගේන් මේට්.

    ReplyDelete
    Replies
    1. රසික අය්යේ නිවැරදි කළා ..බොහොම ස්තුත්යි ...

      Delete
  5. ...//ප්‍රේම ගීතයේ මිහිරි බව මෙන්ම විරහ ගීතයේ ශෝකීබවද මිශ්‍රිතව සැඟවගත් හඬක්‌ මිල්ටන් සතුව පැවතිණි//...

    මචං මිලටන්ගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. මම ඔය සිංදු පට්ට ගගහා අහනවා. නිතරම මුමුනන සිංදු අතර උඩින්ම තියෙන්නේ මිල්ටන්ගේ සිංදු.

    ReplyDelete
    Replies
    1. //මචං මිලටන්ගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ//
      ++++++++++++++++++
      ඔව් බන් එකනම් ඇත්ත .මගෙත් ප්‍රියතම ලිස්ට් එකක් තියනවා නිතරම අහන ..
      ජයවේවා !!

      Delete
  6. මිල්ටන් පෙරේරාගේ හඬත් එක්ක බැඳුන ප්‍රේමනීය විරහව හිතේ ගැඹුරටම කා වදිනවා...ඒ ගී සර්ව කාලීනයි කියලයි මම හිතන්නේ...ඔයා මේ කරන්නේ අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් කරන සමාජ සත්කාරයක්...අද කිසිම තේරුමක් නැතුව ඇහෙන වචන වලට සිංදු කියල කියාගන්න අලුත් පරම්පරාව අතරට මේ ගීත මේ විදියට හරි යන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. පොකුරු වැහි සහෝ ඔබව සාධරයෙන් පිළිගන්වා ....
      මේවා අළුත් පරම්පරාව අතරට ගෙනියන්නේ මුදලාලිලා නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැතෝ ..
      ජයවේවා !!

      Delete
  7. ඔහුගේ ගායන තාක්ශණයත් සුපිරි.ඔහුටම අනන්‍ය අලංකාර රටාවක් පවත්වගත්තා.අසන්නා සමඟ හුදකලාවන හඬක් හිමි ගායකයෙක්..
    ජාවේවා..!!

    ReplyDelete
    Replies
    1. අඩු තාක්ෂණ පහසුකම් මැද වැඩි කැපවීමකින් ගොඩ ගිය මිනිස්සු මචෝ ....
      දැන් ඉන්න එවුන් කොම්පිතරේට පින් සිද්දවෙන්න ගොඩ යනවා ,,,
      ජයවේවා !!

      Delete
  8. මින්ලටන් ජෝති වෙනුවෙන් කිව්වෙ මෙන්න මේ ගීය.

    මිතු දහමෙ අගේ පෑවා
    සැමදාම බැඳී උන්නා
    හිතවන්ත මගේ ජෝතී
    මතු සසරේ හමුවේවා

    දුක හා සැප එක වාගේ
    දෙදෙනා එක සේ වින්දා
    අද මාඅ තනිවිය ලෝකේ
    ඔබ සෙව් ලොව ගිය හින්දා

    මිතු දහමෙ අගේ...

    එක මවගේ කුසේ ඉපදී
    සොයුරන් වී මතු භවයේ
    සන්ගීත ලොවේ පෙරසේ
    රජවෙන්න මගේ ජෝතී

    මිතු දහමෙ අගේ..

    කරුගෙ ප්‍රියතම ගායක මිල්ටන්ලු. ඒ නිසා කරු මිල්ටන් ගී ලියල ගිහින් දෙන සිරිතක් තිබිල තියෙනාව. සින්හල විරහ ගීයෙ ලකුණ මිල්ටන්. කොටින්ම සින්හල විරහ ගී කලාවක් ඇරඹුනේ මිල්ටන්ගෙන්. පස්සෙ ඒක ගියෙ කපුගේ අතට. ඒත් කපුගේ පස්සෙ කම්පණය වෙලා වෙනස් වෙනව. එදා ඉඳල විරහ ගී ගයන ගායකයො අඬව, අපිට හිනා යනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කැලැපුෂ්....උඹලගෙන් තොරතුරු ගන්න තමයි මෙහෙම පොස්ට් දාන්නේ .අද දවසේ විරහා ගීතය ගැන නම් කුමන කතාද ...
      ජයවේවා !!!

      Delete
    2. //සින්හල විරහ ගීයෙ ලකුණ මිල්ටන්//

      මේ කියන්නේ උඹ මිල්ටන් මල්ලවආරච්චි ගැන වෙන්න ඇතිනේ.

      Delete
    3. නෑ, මිල්ටන් මල්ලවාරච්චි නෙමේ, මිල්ටන් පෙරේරා. මල්ලවාරච්චි මිල්ටන් නම ගත්තෙත් මේ මිල්ටන්ගෙන්, නැත්තන් මිනිහගෙ නම සුමණසිරි වගේ එකක්.

      Delete
    4. එහෙමත් එකක්දා මම හිතුවේ විරහා කිරුල මිලටන් මල්ලවආරච්චිගේ කියලා හිටන්.
      හැබැයි කපුගේ කියන "තරු මල් යායම පොඩි කර අහස් විලේ"සින්දුව තරම් විරහා ගියක්නම් නැහැ මට නම් තවමත්.

      Delete
  9. මිල්ටන් , හැමදාම මේ වගේ මිනිස්සු ගැන කතා කරන්න වෙන්නේ හිතේ දුකින් නැත්තං තරහින් , උම්බ් ඉන්න නිසා මේ දේවල් මෙහෙම හරි ලියවෙනවා , උඹට පිං

    ReplyDelete
    Replies
    1. කෝප වෙලා වැඩක් නැ මචෝ ...මේක අම්මටසිරි ලංකාවනේ කියලා හිත හදා ගන්නවා ඇරෙන්න ....බොහොම ස්තුතියි ..
      ජයවේවා !!!

      Delete
  10. මිල්ටන්ගේ සිංදු ඇහෙන්නේ නැති උනත්, සිකුරු ලියා ගීතයට මං හෙන කැමතියි. මිල්ටන්ගේ ශෝකි රාවය ඇත්තටම දුකින් ඉන්න මිනිහෙකුට පුදුම සහනයක්..

    ReplyDelete
    Replies
    1. සිකුරුලියා ගීතය වාගේම ඒ ෆිල්ම් එකත් පට්ට මචෝ ,,,
      හැමෝම මිල්ටන් හඬට කැමතියි ,ආදරෙයි ..
      ජයවේවා !!!

      Delete
    2. කොමළ ලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා
      සියුමැලියා සිකුරුලියා සියුමැලියා සිකුරුලියා

      https://www.youtube.com/watch?v=1k9a7D2P1t4

      Delete
  11. මල්ලි තරහ වෙන්න එපා මේක උඹේ වැරද්දක් නෙවෙයි.සුපුන් සඳක් නැගීලා සිංදුවේ අන්තරා කොටස් දෙක පටලැවිලා.ජීවිතයේ අවසාන කාලයේ මිල්ටන් අයි ටී එන් එකේ මේ සිංදුව කිව්වා ඒ කිව්වෙම වැරදියටයි.මුල් ගීතයේ ඔය අන්තරා කොටස් දෙක මේ විදියයි.

    නලවන තුරුල්ලටයි රළ පෙළ ඇදෙන්නේ
    සුවදෙන කැදැල්ලටයි අත්තටු සලන්නේ

    ආදර දියඹ යටයි මිණිමුතු දිලෙන්නේ
    ගී රස තාලයටයි පෙම් රළ රඟන්නේ

    බලන්න තියෙන ගැලපීම.ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ගේ රසාලිප්ත තනුවක්.මේ ගීතය මගෙ මතකයේ හැටියට සිහින හතක් චිත්‍රපටයට සුජාතා සමග මිල්ටන් ගැයූ ගීයක්.ඔබ කැමති නම් මෙය නිවැරදි කරන්න.
    ඒ කාලයේ තිබුන සිංදු පොත් නිසා ගායකයන් ගීත වරද්දා ගත්තා.සිංදු පොත් කාරයො තමන්ට ඇහෙන හිතෙන හැටියට සිංදුව පොතේ දැම්මම හායකයෝ පොතේ තියෙන විදියට ගීතය වරද්දල කියනවා.සින්දු පොතක තිබුන විදියට කියල ජෝතිපාලයන් වරද්දා හත්ත ගීතයක් මේ.ටජ්මහලක් ගීතයේ දෙවෙනි අන්තරා කොටස.
    මගේ උදානය
    අමිල නිධානය
    ඔබමය ජීවය
    බිහිරිය දෙසවන

    බලන්න කිසිම ගැලපීමක් නැති හැටි.නමුත් කරුණාරත්න අබේසේකරයන් ලීවේ මෙහෙමයි .
    මගේ උදානය
    අමිල නිධානය
    ඔබමය ජීවය
    මහාබිමානය

    නමුත් පසුකාලීනව ජනගත උනේ වැරදි විදියට කියපු පදපෙළයි.මිල්ටන්ටත් වුනේ ඔයදේම බව මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හැලප අයියේ මේ ගීතයේ කොටස් මාරු වෙලා තමයි ...වැරදි පෙන්වා දෙන්න කියන්නේ එකනේ ..කිසිම තරහක් නැ ..තමන් ආදරේ කරන ගීත උඹ විතරයි හරියට කියවලා තියෙන්නේ ....බොහොමත්ම ස්තුතියි හැලප අය්යේ ...
      (ජෝතිගේ ගීතයේ හැමෝම අහලා තියෙන්නේ "බිහිරිය දෙසවන" වර්ෂන් එක ,මහාබිමානය කියලා කවුරුත් දන්නේ නැතිව ඇති )
      ...ගීතය නිවැරදිව පල කිරීමට සහය වීම නිසා මෙන්න ඔබට එම ගීතයේ "සිනමා රූප රාමුව "

      Delete
    2. //බිහිරිය දෙසවන// ටජ් මහලක් සින්දුවේ මේ කොටස අපි එහෙනම් එදා ඉඳන්ම අහලා තියෙන්නේ වැරදියටනේ.

      ඔය විදියටම නේද අර "මොහිදීන් බෙග්"ගයනා කරන සින්දුවක් තියෙන්නේ,මට එකේ මුල් කොටස මතක නැහැ.අන්තරා කොටසක තියෙන්නේ මෙහහෙමයි"පියබා එනවා ප්‍රේම කුරුල්ලා-රත්නපුරේදී කුඩු සාදන්ට" රත්නපුරේ කියන එක කිසි ගැලපීමක් නැහැනේ.එතන හරි වචනය "ස්වප්නපුරේ"යන්නත් මොහිදීන් බෙග්ට "ස්වප්නපුරේ" යන්න උච්චාරනය අපහසු නිසා මෙසේ යෙදුවා කියත් මා අසා තිබෙනවා.

      Delete
    3. තවත් එකක් තියනවා. මොහිදීන් බෙග් කියන ගීයක තියනවා මේඝ වලාකුළු දෙස බලනා යාචකයා මෙන් රැවටීලා යනුවෙන්. එහෙත් නිවැරදි වචනය යාචකයා නෙවෙයි චාතකයා කියලා පෙන්වා දුන්නේ සුනිල් ආරියරත්න මහතා. චාතකයා කියන්නේ කෑඳැත්තාට.

      Delete
  12. මිල්ටන් පෙරේරාගේ සින්දු මම එලවාගෙන ගිහින් අහන්නේ නැහැ බං.හැබැයි අකමැති ගායකයෙක් නෙමේ.

    මේ මිල්ටන් පෙරේරාටත් ගී රචනා කර තිබෙන "චිත්ත්‍රානන්ද අබේසේකර" ගැන පසුගිය දා විකාශය වුනු "මම නොවන මා" වැඩසටහනේදී කැලුම් ශ්‍රීමාල් කියා සිටියා මේ "චිත්ත්‍රානන්ද අබේසේකරගෙන්"වරක් කිසිවෙකු විමසා සිටියාලු "ඔබ කරුණාරත්න ඔබේසේකරගේ ඥතියෙක්ද"කියා චිත්ත්‍රානන්ද අබේසේකර කිව්වාලු " නෑ...වෙන කෙනෙක්" කියලා.ඔහු දී තිබෙන්නේ දෙපැත්තටම නැති උත්තරයක්.

    ReplyDelete
  13. මිල්ටට අපි ආදරේ තරං වෙන කවුරුත් ආදරේ නැතිවැති බං... හැක්
    මිල්ටගෙ සිංදු කොයි තරං පට්ට ගහල තියේද නේ... හිහි...
    වැදගත් මචෝ පට්ට වැදගත් නොදන්න කරුණු කීපයක් තිබ්බ අන්න ඒ හංද මට කෝමත් වැදගත්..
    සිංදු ඩිස්සනේරියට ජයවේවා

    ReplyDelete
    Replies
    1. විරහා වේදනාව දන්නා උදවිය නොවැ ඒ ගැන දන්නේ ..අපි නම් ඕවා දන්නේ නැතෝ ..නැද්ද මයියා ..හැක්
      ජයවේවා !!

      Delete
  14. ඩිංගක් පරක්කුයි සුදා.. සමාවෙයං බාගෙට මැරිල ඉන්නෙ ..

    මිල්ටන් සෑර් ගැන වෙන කියන්න දෙයක් නෑ.. උන්දැ මළේ අපේ කරුමෙට..

    ReplyDelete
    Replies
    1. තවම මරුනේ නැද්ද ? මන් ඇහුවේ ඉතුරු බාගේ ..හැක්
      ජයවේවා මචෝ ...

      Delete
  15. හුස්මක් කටක් අරන් ඔන්න දැනුයි නිදහසේ කියෙව්වෙ අයියණ්ඩී..

    මේත් මමත් කැමතිම.ගායකයෙක්. ඒ හඬ දෙවනි වෙනවනම් මටනම් ඒ කපුගේට විතරයි.පාලු රෑක මිල්ටන්ගෙ සින්දුවක්, ජීවිතේ පරමානන්දය සොයා යන නදියක් වගේ...

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම කැමතිම ගායකයෙක් මනෝ මිල්ටන් කියන්නේ ..
      ඒ වාගේම කිසිම ඇගයීමක් නැති වුන තවත් කලාකරුවෙක් ..

      Delete
  16. මේ ගායකයා ප්‍රසංග වේදිකා වල සජීවීව ගී ගයද්දී, වශීකෘතව ඒවා අසා සිටි ආකාරය අදත් මතක් වෙනවා. හරිම සරල, පුංචි මිනිහෙක්. නමුත් ගීත ලෝකයේ පතාක යෝධයෙක්. ඒ හඬ අමරණීයයි.

    මෙහි දක්වා ඇති ඔබේ ප්‍රේම නගරේ, (https://www.youtube.com/watch?v=Dgki4huLUXw)

    දෙව් දුව පලා ගියාදෝ (https://www.youtube.com/watch?v=mrY6FIQcbYY)

    පෙර ආත්මයක එක රාත්‍රියක (https://www.youtube.com/watch?v=41ass--m8Io)

    පෙම් අප්සරාවෝ (https://www.youtube.com/watch?v=FQeIp2Hvbg4)

    මධු සඳෙන් තවත් සුපුන් සඳක් (https://www.youtube.com/watch?v=ILgrhR9rjyM)

    යන ගීත වල තනුත් හින්දි තනු. නමුත් මිල්ටන් ගේ මධුර ස්වරය ඒ මුල් තනු අපේ මතකයෙන් ඉවත් කරන්නට සමත් වුනා.

    ReplyDelete
  17. ඒ ගීත අද ඇහෙද්දිත් පුදුම මිහිරියාවක් තියෙන්නෙ. පද වගෙම ලස්සන තනු දාලා හදපු අමයුරු ගීත. ඇනෝට ස්තුතියි මේවා ඉදිරිපත් කරනවට

    ReplyDelete