විජිත් කුමාර් සේනාරත්න සංගීතය ගැන විශේෂයෙන් දක්ෂ සංගීත ශිල්පීන් ගැන විශේෂාංග ලිපි ලියන ප්‍රවීණ ලේඛකයෙක්. සුනිල් සාන්තගේ ගෝලයෙක් වශයෙන් සංගීතය පිළිබඳ එක්තරා දැනුමක්ද ඔහුට තිබෙනවා. හෙළ හවුලටද හෙතෙම සම්බන්ධයි.
‘විජිත්ගේ’ ‘රස මතක අසිරිය’ ඔහු ලියූ තුන්වැනි පොත. එමගිනුත් ඔහු දක්ෂ සංගීත ශිල්පීන් සමාජයට හඳුන්වලා දෙන්න උත්සුකව තිබෙනවා. මේ සංගීත ශිල්පීන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් ඒතරම් ප්‍රචාරය නොලබන, බොහෝ විට තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා සිටින පිරිසක්. නාමික වශයෙන් සඳහන් කරන්නේ නම් පියදාස අතුකෝරල, එම්. ඩබ්ලිව්. පීරිස්, චන්දදාස බෝගොඩ, වී. හේමපාල පෙරේරා, ශාන්ති ගීතදේව, සරත් සන්දනායක ගන්ට පුළුවන්. ඔවුන් අතරේ නාලිනී රණසිංහ වැනි ගායිකාවකද සිටිනවා.
මොවුන්ගෙන් සංගීත ක්ෂේත්‍රයේ එක්තරා යුගයක ඉතිහාසය අනාවරණය වෙනව වගේම ඔවුන්ගේ නිර්මාණ කවරේදැයි රසිකයන්ට දැනගන්ට කරුණු සැලැස්වෙනවා. අප ඇතැම් නිර්මාණ අසා රසවිඳ තිබුණත් ගායක ගායිකාවන් හැරුනුකොට ඒවාට දායක වූ සෙසු ශිල්පීන් කවුරුන්දැයි දන්නේ අල්ප වශයෙන්. සමහරවිට දන්නෙම නැහැ.
එම්.ඩබ්ලිව්. පීරිස් ගුවන්විදුලිය ගැන කියා ඇති කරුණු වලින් ගුවන්විදුලියට කීර්තිමත් මෙන්ම අපකීර්තිමත් ඉතිහාසයක් ඇති වගද අපට පසක් කරන්නට පුළුවන්. එක්තරා ඇමැතිවරයකු යටතේ ගුවන්විදුලිය තිබියදී කිසිම සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට නොදන්නා අයෙක් වාදක මණ්ඩලයට පත්කර ගැනුණා. ඔහු රාජකාරිය වශයෙන් කර ඇත්තේ පැමිණීමේ හා පිටවීමේ අත්සන් දෙක තැබීම පමණයි. ඒ අතර කාලයේ ඔහු අතුරුදන්වෙලා තිබෙනවා. එසේම වරක් හමුදාවෙන් පැමිණි එක්තරා පුද්ගලයෙක්ට වාදක මණ්ඩලයේ නායකත්වය භාරදීලා තියෙනවා. එය කර ඇත්තේ ඒ තනතුරට සුදුසු ජ්‍යෙෂ්ඨ ශිල්පීන් සිටියදී. මේ සියල්ල වුණේ රාජ්‍ය ආයතනයක් වශයෙන් ගුවන්විදුලිය දැඩි දේශපාලනකරණය වීමේ ප්‍රතිඵලයක් වශයෙන්. මෙතෙක් අසා තිබුණු ආකාරයට ගුවන්විදුලියෙන් අසාධාරණයක් වුණේ සුනිල් සාන්ත, බී. ඇස්. පෙරේරා වැනි ප්‍රවීණ සංගීතවේදීන්ට පමණක් කියායි.
ඉහත සිද්ධීන්වලින් එම්. ඩබ්.පීරිස් බලවත් සේ කලකිරුණු ශිල්පියෙක්. වඩාත්ම ඛේදජනක සිද්ධිය වන්නේ අසාධාරණයට එරෙහිව නැඟී සිටීමේ වරදට ඔහුට පිහි ඇනුම් කෑමට සිදුවීමයි. එයින් අතේ ඇඟිලිවලට සම්බන්ධ සියුම් නහර කැපීම හේතුකරගෙන ඔහුට බටනළාව ඇල්ලීමට නොහැකි වුණා. පීරිස් මහතාගේ සංගීත භාණ්ඩය වුණේ බටනළාව. අමරදේවයන් ගයන “ඔබේ දෑසයි ඔබේ දෑසයි” ‘සිනිදු සුදු මුතු තලාවේ’, අදර හැඟුම්’, ‘පිපුණු කුසුම පරවූවා’, නන්දා මාලනී ගයන , ‘මලකින් මලකට ගොස් පැණි බොන්නද’, ‘ඔබට මතක නැහැ මට මතකයි’, ‘පිපුණ මලේ රුව’, වික්ටර් රත්නායක ගයන ‘සිහිල් සුළං රැල්ලේ’, ‘තොටුපළ අයිනේ’, ‘සොඳුරිය ඔබගේ වුවන මලක්’ වැනි ප්‍රකට ගී බොහෝමයකට ඔබට ඇසෙන්නේ පීරිස්ගේ වස්දඬු රාවයයි. එබඳු දක්ෂයකුට තමයි මේ හතුරුකම් කෙරුණේ.
පියදාස අතුකෝරල දක්ෂ සිතාර් වාදකයෙක්. ‘සත්සමුදුර’, ‘සාරවිට’, ‘ගොළු හදවත’ වැනි සිනමාපටවල වයන බටනළා හඬ, විශේෂයෙන් ‘ගොළු හදවතේ’ සුගත් - දම්මි ප්‍රේමයේ සියුම් සංවේදනා ඔහු මූර්තිමත් කළේ අපූර්ව ලෙසින්. ඒ විතරක් නෙමේ ‘මධුවන්ති’,’ස්වර වර්ණ’, ‘රස මියුරු’ වැනි සංගීතමය විචිත්‍රාංගවල තේමා වාදනවල අසන්නට ලැබෙන්නේ ඔහුගේ සිතාරයෙන් නැඟෙන මධුර ස්වරයයි.
චන්ද්‍රදාස බෝගොඩ මිහිරි ගීතනු නිර්මාපකෙයක් ‘නීලවර්ණ නීල කොබෙයියෝ’, ‘මා ප්‍රිය හිමියනි’, ‘පෙම් කළ වරදට’, ‘මගේ නීල නෙතු සඟලේ’, ‘සීත දියවැල් සලා’, ඔහුගේ සුමධුර ගී තනුවලට උදාහරණය. බෝගොඩ පරම්පරාවම සංගීතයට දක්ෂතා දක්වන අය. රෝහණ, චන්ද්‍රපාල, විනිත් ඔහුගේ සොහොයුරන්. ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රානි බෝගොඩ ඔහුගේ සොහොයුරියක්. මේ කුසලතා පූර්ණ සංගීතවේදියා ගැන මා මුලින්ම දැනගත්තේ මේ පොතෙන්. ඒ අනුව මේ පොත සංගීත ඉතිහාසයේ හිස්තැන් නිවැරදිව පිරවීමක් ලෙසත් සලකන්නට පුළුවන්.
වී. හේමපාල පෙරේරා ප්‍රකට අන්ධ බටනළා වාදකයා. ඔහුගේ සංගීත ප්‍රතිභාව වික්ටර් රත්නායකගේ ‘තනිවෙන්නට මගේ ලොවේ’, සුනිල් එදිරිසිංහගේ ‘පුංචි සාවියේ’, එඩ්වඩ් ජයකොඩිගේ ‘මාරම්බරී’, නිරංජලා සරෝජනීගේ ‘කෙදිනද කූඩු හදන්නට’ ගී ඔස්සේ විශද වෙනවා. ‘තනිවෙන්නට මගේ ලොවේ’ ගීතයේ ආරම්භයේ හා අතර මැද ඇසෙන මැන්ඩලින් වාදනය හේමපාලගේය. මෙබඳු දක්ෂ ශිල්පීන් ගැන කතා වෙන්නේ කවුද? අඩුම ගානේ ගුවන්විදුලියේ පළවන සඟරාවකවත් ඔවුන් ගැන ලියැවෙනවාද?
සරත් සන්දනායක, නාලිනී රණසිංහ වැනි ගායක ගායිකාවන් ගැන රසිකයන් අසා තිබුණත් ඔවුන්ගේ නිර්මාණ මොනවාදැයි දන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඔවුන්ගේ ගී අසා තිබුණත් ඒවා ගායනා කරන්නේ මොවුන්දැයි දන්නේ නැහැ. අද ගුවන්විදුලි සේවාවල ගීත රචකයාගේ හා සංගීතඥයාගේ නම තියා ගායකයාගේ නමවත් ප්‍රචාරය නොවන තරම්. එබඳු පසුබිමක් මේ පොතෙත් ඒ අඩුවත් යම් තරමකින් හෝ පිරිමැසෙනවා.
සරත් සන්දනායක හා දයා හේමන්තා අබේසේකර ගයන ‘මද සීත නළ රැල්ල’ ගීතය පසුකලෙක රූකාන්ත - චන්ද්‍රලේඛා යුවළ ගායනා කළා. ඒ නිසා බොහෝ දෙනෙක් හිතුවේ ඒ ගීතය ඔවුන්ගේ බවයි. ඒ ගැන ‘රස මතක අසිරියේ’ මෙසේ සඳහන් කර තිබෙනවා.
“සිය නැඟණිය වූ දයා හේමන්තා අබේසේකර සමගින් ‘වහල් දූපත’ තිර පටයට ගැයූ ‘මඳ සීත නළ රැල්ල’ ගීය ඔවුන් ජීවත්ව සිටියදීම වෙනත් ගායක ගායිකා යුවළක් යළි ගැයීමේ නොහොබිනා ක්‍රියාව ගැන සරත් තුළ දැඩි කලකිරීමක් හා කනගාටුවක් ඇති විය. සොරා කා මුසා ඇද බා ඒ බවට පුරාජේරු දෙසන තරමට පිරිහුණු රටෙක ඒ නහීන ක්‍රියාව සාධාරණී කිරීමට ඉදිරිපත් වන්නන්ද සිටීම මවිතයට නොතරම්ය.”
‘අක්කේ ටිකක් එන්නකෝ’, ‘ජීවිතේ අපේ වාසනාවේ’, මල් පීදුණා’, ‘සක්වළ ලෝකයක් කළා’ ලෝකය සිහිනයක් කළා’ ‘මා මිණි මාමිණි මා දෙයියා’
(විමල් ජේ. සාගර සමග) සරත්ගේ රස සමාහිත තවත් ගී කීපයක්.
නාලිනී රණසිංහගේ මනරම් ගී හඬ අප මුලින්ම ඇසුවේ ‘මී මැස්සෝ’ චිත්‍රපටයෙන්. ඒ චිත්‍රපටයේ එන සහන් සුවය ඇලුම් වැඩූ ඒ දුනුකේ මල’ ගීතය ගැයුවේ ඇය. ඉන්පසු සුනිල් සාන්තගේ ගීවලට ඇය සහාය ගායිකාවක් විදියට දායක වුණා. ‘එම්බා ගංගා’, ‘තෙල්ගාලා හිස පීරන් නෑනෝ’, ‘සරද වලා ගැබ’, ‘මල් ගොමු ගුමු ගුමු ගන්වන්නි’, ‘මලේ මලේ’ වැනි ගීත ඊට නිදසුන් . මර්සලීනු ජයකොඩි පියතුමාගේ විශිෂ්ට නිබන්ධනයක් වන ‘කහවන් ගොයමට රන්දිය වැහැලා’, ගීතයත් නාලිනීගේ.
විජිත් කුමාර් හෙළ හවුලෙන් ලද ආභාසය නිසා ඉතාම ව්‍යක්ත භාෂාවක් පරිහරණය කරනවා. ඒත් අන්තවාදී විය යුතු නැහැ. ගුවන් විදුලියට ‘රෙදෙව්ව’ කියා කීමෙන් ඇති ප්‍රායෝගික වැදගත්කමක් නැහැ. ඒක හරියට සෙන්ට් පීටර්ස් රෝඩ්’ කියන එක ‘උපාසක පීටර්ගේ වත්ත’ කියා ලිවීමක් බඳුයි. ඒවා හාස්‍යජනකයි.
අද ගුවන්විදුලියේ දැඩි පරිහානියක් දක්නට ලැබෙනවා. එක කකුලක් පත්තර කන්තෝරුවලත් අනිත් කකුල ගුවන්විදුලියෙත් තියාගෙන ආධිපත්‍යයක් පැතිරවීමට තනන අඥාන උපදේශකවරුන් යහපාලන ආණ්ඩුවත් අමාරුවේ දාලයි නවතින්නේ. ගිය ආණ්ඩුවත් අමාරුවේ දැම්මේ මේ වගේ කලාකාරයෝ ටිකක් තමයි. ඔවුන්ට පන්න පන්නා පහර නොදී මේ මාධ්‍ය රැකගන්න බැහැ කියා මා අවධාරණය කරනවා.
අවසාන වශයෙන් විජිත් කුමාර්ගේ ඊළඟ පොත ලිවීමේදී අවධානය යොමු විය යුතු සංගීත ශිල්පීන් කිහිප දෙනෙකුගේ නම් සඳහන් කරමින් මේ තීරුව අවසන් කරනවා.
විජය සිරිවර්ධන පොළොන්ඕවිට, සෝමසිරි ඉලේසිංහ, ගලගෙදර එම්.එම්. ඒ.හක්, ටියුලින් ජයරත්න, වීරසේන ගුණතිලක, ඩික්සන් ගුණරත්න (‘ගෝල්ඩන් චයිම්ස්’ වාදක මණ්ඩලයේ හිටපු ලංකාවේ දක්ෂතම ලීඩ් ගිටාර් වාදකයා) දේවානන්ද වෛද්‍යසේකර, ප්‍රේමදාස මුදුන්කොටුව මොවුන්ගෙන් කීප දෙනෙක් ජීවතුන් අතර ඉන්නවාද නැද්ද කියලා කියන්න නම් මං දන්නේ නැහැ.
(සුනිල් මිහිඳුකුල)
-----------------------------------------------------------------------------------------
ප.ලි
මේ ලිපිය වැදගත් නිසා දිනමිණ පුවත් පතින් උපුටා ගත්තේ ...බ්ලොග් පාළු වෙන නිසා මේ අවුරුද්දේ වත් ලියන්නම් .තරහ අවසර ..
කොහෙද යකො මෙචර කල් ගිහින් හිට්යෙ
ReplyDeleteඉන්නවා මෙන්ඩෝ ....ලියන්න තමයි බැරි වුනේ
Deleteසින්දු ඇනෝත් පොතක් ලියන්න
ReplyDeleteස්තුතියි ප්‍රා යෝජනවාට .....බ්ලොග් එකට ලිපියක් ලියන්න බැරි එකා කොහොමෙයි පොතක් ලියන්නේ
Deleteතරහ අවසර කියනකොට තරහා වැඩි වෙනවා.. :)
ReplyDeleteමේ වගේ කාලයේ මතකයෙන් ගිලිහෙන සංගීත ශිල්පින් ගැන ලියවෙන එක ඉතාමත් වටිනවා.. පොත් ගැන ඔත්තුවට ස්තුතියි.. අර කියුවා වගේ උඹත් ලියපන්කො පොතක්..
ස්තුතියි මචෝ ....කොහෙද බන් උඹලා දැන් ..ලියන්න හිතෙන්නෙත් නැ
Delete//සරත් සන්දනායක හා දයා හේමන්තා අබේසේකර ගයන ‘මද සීත නළ රැල්ල’ ගීතය පසුකලෙක රූකාන්ත - චන්ද්‍රලේඛා යුවළ ගායනා කළා. ඒ නිසා බොහෝ දෙනෙක් හිතුවේ ඒ ගීතය ඔවුන්ගේ බවයි.//මේවලට නම් නඩු දාන්න ඕනේ. සින්දු ඇනෝ මම නොදන්නා තොරතුරු රැසක් සමග. අගෙයි
ReplyDeleteසන්තෝසයි අජිත් අයියේ ..ජයවේවා !!
Deleteහෙහේ. සිංදුව පෝස්ට් එකක් ලියල. ඌ සෑාහන්න මාන්සිත් වෙලා. හරි හොඳ සිංදුව
ReplyDelete:-D:-D:-D
නොදෝමකින් ....
Deleteඅම්මෝ අනෙ අයියේ දැන් වත් ආපහු ලියන්න පටන් ගංනකූ. ජය වේවා !
ReplyDeleteචන්්ද්‍රදාස බෝගොඩ නං දවසකට කාලක් ගහනවා
ReplyDelete