Monday, December 12, 2022

මටම දා වුන පැටවුනට සහ මටද අම්මා වන්



“යාවීධ මාතා භගිනි සඛී ච

දාසී ච භරියාති ච යා පවුච්චති.

සීලෙ ඨිතත්තා චිරරත්න සංවුතා

කායස්ස භෙදා සුගතිං වජන්ති තා.”

 





සඳ එළිය ගලයි - සයුර දිගේ - ගෙමිදුලට මගේ
ඔබ ඔරුව පෙනේ - සිතිජ ඉමේ - හිතට දුක දැනේ
මඳ පවන නිසල වී - රළ පෙළට තුරුළු වී
වැහි ළිහිණි රෑන් පමණි - මගේ දුකට හඬන්නේ

ඔබ සුවදායක උණුසුම හදවතට දැනි දැනී
මේ නිසල රැයේ තනිකම මුළු සිරුර ගිනි ගනී//
රළ නඟන අඳෝනා - හද බිඳෙන වේදනා
පාළු පැල්පතේ මගෙ තනි නොතනි මකන්නේ
සඳ එළිය ගලයි.....

දුක රන්දා යයි මිහිදුම ගොඩ බිමට පෙනි පෙනී
මේ හිමිදිරියේ හිරිගඩු සියොළඟම නැඟි නැඟී//
දුර ඇදෙන ඔරු බඳේ - පිණි කඳුළු බිඳු රැඳේ
මාගෙ හදවතේ දුක ඔබ පමණි නිවන්නේ
සඳ එළිය ගලයි.....

(සමිතා මුදුන්කොටුව - වික්ටර් රත්නායක, වික්ටර් රත්නායක)

කළේ පැන් ඇත - නැවුම් රහ නැත - මොකද මන්දා ළිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කරවී - මොකද මන්දා ළිපට වූයේ
හදාගත් ලුණු මිරිස රහ නැත - මොකද මන්දා දිවට වූයේ

සැලේ ගහකොළ සුළඟ ඇත එද - සිහිල කොයි අත ගියාදෝ
කෝළ බව මුසු සිනා හඬ නැත - සවන් බිහිරිව ගියාදෝ
කළේ පැන් ඇත....

පුරුදු නිවහන නුහුරු වී නම් කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම බිරින්දෑ නෑගම් ගොහින් ///

(සුනිල් එදිරිසිංහ/කේ. ඩී. කේ. ධර්මවර්ධන/රෝහණ වීරසිංහ)


අතින'ත ගත් දා ඉඳලා
තම හිමිට සරණ - දූ පුතුන් සරණ කළ
බිරින්දෑවරුන් සංසාරේ
බුදුවරු වෙන්නද පෙරුම් පුරන්නේ//
බිරින්දෑවරුන් සංසාරේ //

කරදර ලිප ලා - උයා පිහා ගෙන
සැමියාටයි දරුවන්ටයි කවලා
උන්ගෙම සතුටින් කුස පුරවා ගෙන
දුක් ගිනි කන්දක සැතපෙනවා
අතින'ත ගත් දා ඉඳලා....

කඳුළැලි වියලා - හදතුළ සඟවා
සෙනෙහස ආදරයෙන් බෙදලා
ගෙයි ගිනි ලිප මුල්ලකට දමාලා
සත් ගුණ පමණක් මොලවනවා
අතින'ත ගත් දා ඉඳලා....

(සේනානායක වේරලියද්ද/මහින්ද කේ. ප්‍රේමසිරි/සේනානායක වේරලියද්ද)


සසරේ මහ සයුරේ තනි වූ විට ඔබ පහුරක් වූවා
කතරේ ජීවන ගැල පදවන දා ඔබ තරුවක් වූවා
මා ආදර පිය ළඳුනේ

කරදර බාධක මඟ අහුරන දා
සිනාසෙමිනි ඉදිරියට ගියේ
සම්පත පොදි බැඳ දොරට වඩින සඳ
කිසිදා ඔබ නැත උඩඟු උනේ
මා ආදර පිය ළඳුනේ

බර උසුලා ගෙන යන මේ ගමනේ
සිවු මං සල්වල විඩා නිවා
ඔබ ළඟ නැතිනම් ගමන නොයා හැක
අත්වැල සවියයි ඔබ ළඳුනේ
මා ආදර පිය ළඳුනේ
සසරේ මහ සයුරේ.....

(එඩ්වඩ්  ජයකොඩි /තිස්සසිරි පෙරේරා/පී. බී. කවිරත්න)

තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින//

මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
නුඹ දුටු මුල් දිනේ වත් හද නොනැඟි පෙමින්
උතුරයි ම'සිත තව නුඹ වෙත තුරුළු වෙමින්

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නොහැඟේ ළඟින් හිඳ මගෙ හිස සිඹින සඳ

(අමරදේව/සුනිල් ආරියරත්න/රෝහණ වීරසිංහ )

හඬන පොඩි පුතු නළව ගන්නට නිදන මට රහසින්
රැයේ තුන් යම නිදි වරා නුඹ නොවිඳිනා දුකකින්
කහට පොද ගෙන කුරුළු කූජන සමඟ ළඟ ඉඳිමින්
සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්

ලිහා බත් මුල බුදින මොහොතක මිතුරු කැළ සමඟින්
වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින්
කම්හලේ දැති රෝද නැඟු රළු පරළු හඬ අතරින්
නුඹේ හදවත ගැහෙන රාවය මට ඇහේ රහසින්

අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින්
සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන්
මටම දා වුන පැටවුනට සහ මටද අම්මා වන්
සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිඳුන්.....

(පොඩිරත්න අඟමලේ / සුනිල් එදිරිසිංහ / ? )

වැවක් පුරා එක සීරුවට සුදු නෙළුම් පිපුණැයි මට හිතුණා
එදා නුඹ ඇහැ ගැහුණු දොහේ
අමාවක දා හඳ පායාලයි එදා මට හිතුණා.


(චන්ද්‍රිකා සිරිවර්ධන - එඩ්වඩ් ජයකොඩි)

27 comments:

  1. අගෙයි.. ආදරණීයයි..
    මේක දිගටම ලියන්න පටන් ගන්න මෙතන ඉඳන් ම.....

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි දිරිගැන්වීමට ....

      Delete
  2. ආදරෙයි වස්තුකැටේ . මහගෙදර ආව කාලෙකින් 😁

    - පත්තරේ -

    ReplyDelete
    Replies
    1. ආපහු වරෙං බ්ලොග්වලට...

      Delete
    2. මගේ යාළුවෙක්............





      නෑ එක්කො ඕන්නෑ.

      Delete
    3. පත්තරේ ඇවිත් මල්ලි දාලා ….තෑන්ක්ස් මචෝ

      Delete
    4. ඩ්‍රැකී ...ඕකා එන බ්ලොග්

      Delete
    5. Praසන්ன ....මගේ යාළුවෙක්............ආපහු ඇවිත් මලා ද

      Delete
  3. නියමයි බ්‍රෝ! ජයවේවා ✌

    ReplyDelete
  4. https://www.youtube.com/watch?v=14XHXnI5vJU

    මේක දැක්ක ද? පට්ට රූප රචනය ඈ...

    පදමාලාවෙ තියෙන ශෘංගාරයට අමතර වශයෙනි.

    ReplyDelete
    Replies
    1. ඉඩ දී දෙන්නට දඩුවම්
      දෑස පියා ගන්නම් ක්රිෂ්ණා..

      Delete
    2. මිණි මෙවුලට සඳ දිය වැටිලා
      දෑස නිලංකාරයි රාධා

      Delete
  5. ඩ්‍රැකියයි කිව්වේ එන්නට මාවත
    ආවම පෙනුණේ මෙහි මිණිමුතු වෙත
    මතු කර ගන්නට කල්වේලා නැත
    එන්නං, එන්නම ඕනි කියයි හිත!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මචෝ..

      Delete
  6. වල්කං බැක් සිංදු..

    බිරින්දෑ ගං ගොහින්නං බොට වාසි නැතෑ.

    ReplyDelete
    Replies
    1. ලේකම් තුමා යයි තාමත් බ්ලොග් අස්සේ …

      Delete
  7. කළේ පැන් ඇත, තාත්තා උනත්... ඔය සින්දු දෙක විතරයි මෙතන එව්වාගෙන් අහලා තියෙන්නේ.
    චන්ද්‍රිකා සිරිවර්ධනගේ අන්තිමට දාල තියෙන සින්දුවේ එච්චරද පදවැල

    ReplyDelete
  8. බ්ලොග් ලිපි හවුල් රසගන්වන මිතුරුතුමා
    ගී පද රසකර කියතෙයි ඔකඳවෙලා
    අහුමුලු තැන් මතුකරදෙනු නොපිහිරිහෙළා
    ජයෙන් ජය පතනට ඉඩ දෙනු නිබඳා

    පුංචි පුංචි ලිපිපොඩිතියෝ සිහින සෙනෝ
    රංචු රංචු ඇවිදින් කියවන කලදෝ
    බිංදු බිංදු රසගී වැල් මුමුණ යතෝ
    ුඅතුරු මිතුරු දඹදිව තුරු සිංදු ඇනෝ

    ReplyDelete
  9. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6ක් ගත වූ අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා ඇත්තටම මාව රවටා දික්කසාද වීමට උත්සාහ කරමින් සිටි නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවය තුළ මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ මගේ නඩුවට ඔහු මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද, දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +2349037545183  ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් ගෙන දේ. සහ පරිපූර්ණ වේ
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete