මේ දවස් වල කලාකරුවන්ට ලොකු අපලයක් තියනවා කියලයි මට හිතෙන්නේ .මොකද අපිට ඉන්න වටිනා කියන කලාකරුවෝ කිහිපදෙනෙක්ම මෙලොව හැර ගියා නැත්නම් ලෙඩ ඇඳට වැටුනා .මේ අතරේ" සමුගෙන යාදෝ"කියලා හිතාගෙන හිටිය නාමල් උඩුගම හිතට ලොකු සතුටක් එක් කරමින් ඉන්දියාවේ දී සිදුකෙරුණු ප‍්‍රතිකාරවලින් පසු "සමුගන්නේ නැ " කියාගෙන යලිත් ලංකාවට පැමිණියා .ඉතින් ඔහු පවසන පරිදි තමන් ක‍්‍රමයෙන් සුවය ලබමින් සිටින බවයි පැවසුවේ .නාමල් උඩුගම මහතාට ශල්‍යකර්මයක් සිදුකර ගැනීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට උදවු කල සියලු දෙනාට හදවතින්ම ස්තූතිවන්ත වන බවත් නාමල් පැවසුවා. ඒ සතුටත් එක්කම මට හිතුනා ඔහුගේ ගීත කීපයක් මේ සමග බෙදාගන්න .......(අපේ මාතලනුත් නාමල් ගැන පොස්ට් එකක් දැම්මා උදව් වෙන්න කියලා .උදව් කරපු හැමෝටම ස්තුති කරන ගමන් තවත් මෙවැනිම කලාකරුවෙක් වෙන "රුවන් විරසේකරටත්" මේ විහිහටම උදවු කරමු කියලා මතක් කරන්නත් මේක අවස්තාවක් කරගන්නවා )

----------------------------------------------------------------------------------------
01.සමු ගන්නේ නෑ.
සමු ගන්නේ නෑ.. වෙන් වන්නේ නෑ.
කෙදිනක හෝ අපගෙ සිතුම් පැතුමන්..
ඉටු වේ වී..
ආරාධනාවන්.. ආයාචනාවන්..
පිළිගත් නිසා ඔයා..
හමුවේ වී...
ආලය ස්ථිර නිසා
නොයමු අපි වෙන්වෙලා
භවයෙන් භවේ සදා..
හමුවේ වී...
ගායනය - නාමල් උඩුගම
02.මා මුව අගින්
මා මුව අගින් මා මුව අගින් හිනහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක් ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට මගේ හද නොලැබෙන්නේ
රුව දැකලා සිත පිරිලා
හද බැඳිලා තැවෙනු එපා //
මා මුව අගින්...............
මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතේ //
මා මුව අගින්...............
ගායනය - නාමල් උඩුගම
පද රචනය - නාමල් උඩුගම
සංගීතය - නාමල් උඩුගම
03.රෑ සිහිනෙන්
රෑ සිහිනෙන්
ඔබ ළඟ මා සැනසෙනවා
මා සැබෑවෙන්
ඔබ ගැන සිත ලතවෙනවා //
මේ බැඳුනු සෙනේ
කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා
කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ
කෙදිනද අප තනිවන්නේ
රෑ සිහිනෙන් .........................
ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ රෑ සිහිනෙන් .........................
පද රචනය, සංගීතය හා ගායනය - නාමල් උඩුගම
04.අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්...
පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා
රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා
ගායනය - නාමල් උඩුගම
05.බැසයන සඳ දෑතින්..
බැසයන සඳ දෑතින් නවතා ගන්නට බෑ
පරවෙන මල දෝතින් වලකා ලන්නට බෑ
ඔබ බැසයන සඳ නම් ඔබ පරවෙන මල නම්
රැක ගනිමිද කෙලෙසින්
මන්දාකිණීය ගලන නිසසල රැයක මැවෙන
මැදියම් අඳුරේ සැගවී
පවනැල් රහසේ සැඟවෙයි
ඔබ ඒ අහස වගේ නම්
හඳුනාගන්නද කෙලෙසින්
නන්නාඳුනන ලෙසින ගිමනට සිසිල රැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි
ඔබ ඒ සුළඟ වගේ නම් හඳුනා ගනිමිද කෙලෙසින්
ගායනය - නාමල් උඩුගම
06.ඉස්සර සෙනෙහස ...
ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල
මැවි මැවි රිද්දනවා
ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවෙමි
ඔබ මට හිනැහෙනවා
සුවඳක් දැනුණත් තවමත් ආසයි
පණ මෙන් පිදු හින්දා
මගේ අහිංසක හිත තැලුවත්
නෑ තරහක් මට දැනිලා
දම් පැහැ ගවුමයි රතුමල් කුඩයයි
තාමත් තියෙනවද
එපා වුණත් මා එපා දවන්නට
ඒ ආදර තිළිණ
ගායනය - නාමල් උඩුගම
07.ලොවම නිදන රාත්‍රියේ..
ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ//
ඔබ මා හමුවී එදා
වෙන් නොවනා ලෙස කියා//
අප හදවත් එකට බැඳී
කෙලෙස ඉමු කියා
මා ආදරේ සඟවලා
ඔබ ඔහු සමඟින් ගියා//
නැතිවද කුමරියේ ඔබට
මා මතක්වෙලා
ගායනය - නාමල් උඩුගම
08.මෙහෙණියක වී සසර කතරින්..
මෙහෙණියක වී සසර කතරින්
එතෙර වන්නට පාරමී පුරනා
ඔබ පෙම්වතියක ලෙසින්එදා මා
පෙමින් එදා මා ළඟ උන්නා
අවිහිංසක ඔබ අවිහිංසක මා
දෙගුරුන් හමුවේ ගැරහුම් ලැබුවා
මා රිදවන්නට නොහැකිව ඔබෙ හද
දහස් වරක් දෙගුරුන් රිදවූවා
පළිගන්නට මිස පිළිගන්නට මා
දෙගුරුන් ඔබගේ නොකැමති වූවා
ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට
කසාවතට ඔබෙ වත දන් දුන්නා
ගායනය - නාමල් උඩුගම
09.ඔබ මුලාවී මා සොයාවී....
ඔබ මුලාවී මා සොයාවී
ඔහුගෙ ආදරෙන් ඉවත් වෙලා
ඔබ සිතාවී මතු දිනේ
මාගේ ආදරේ ලැබෙයි කියා....
බඹරු මලින් වෙන්වන්නේ නෑ
රොන් අරගෙන ආයේ නොයන් නෑ
රොනේ සුවඳ සිතන් යන්නෙ නෑ
එලෙස ඔබට ඔහු කරන්නෙ නෑ
ළහිරු කිරණ දුටු සැනෙකින් වාගේ
විකසිත වුණ මල ඔබ ඒ වාගේ
පැතුවත් හදවත ගන්න මට මාගේ
මගේ ආදරේ ඔබට දෙන්නෙ නෑ
ගායනය - නාමල් උඩුගම
10.පිපුණු කුසුමේ සුවඳ දැනුනේ...
පිපුණු කුසුමේ සුවඳ දැනුනේ
පාවීලා
තරුද නිවුණේ අඳුර ගිලුනේ
පායාලා
මාගේ ජීවන රජදහනේ
ආශා ආදර මල් පිපුනේ
පාවේ ගී හඩ මද පවනේ
ආශා දැහැනේ මා වෙලුනේ
ආසිරි තාරුකා
නිවි නිවි පායලා
මාගේ ගීය අසා
සැලි සැලි රඟාලා
මල් මල් සිනා පා
මේ ගී මා ගයනා ....
ගායනය - නාමල් උඩුගම
සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා
කුසල් වලින් හුඟක් අරන් යන්න පේ වෙලා
විසල් පුරේ විශාඛාව ලෙසින් නෙතු සලා
අවසර නෑ ඇස්දෙක ළඟ ඉන්න නැවතිලා
අසල් වැසි ළඳක් වාගෙයි තෝරන බහනම්
සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්
හිත ඇතුළෙන් දුරක් ගිහින් මගෙම වෙලා දැන්
මම අමතක කරන්නෙ නෑ කොළඹ එනව නම්
සිදාදියේ කිරිල්ලියන් තරඟ කරාවී
මොණර පැටික්කියගෙ රුවට තරහ ගනීවි
තව මොහොතින් විහාරයෙන් බස් එක යාවී
දුරස් වෙන්න එපා මගෙන් රුහුණු කුමාරි
ගායනය - නාමල් උඩුගම
12.පෙම් සිහිනේ ඇයි බිදුනේ...
පෙම් සිහිනේ ඇයි බිදුනේ
මා හැර ගියේ කුමරියෙ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි...//
මාගේ පැල්පතේ ඉසුරු නෑ කියා
ඔබ මගෙන් වෙන් උනා
වෛරයක් නෑ හිතේ මං ආදරෙයි..//
සමුගෙන ගියදා යළි සිහිවීලා
හැඩුවාදෝ ආයේ...
පෙම් සිහිනේ......
නිහඩ රාත්‍රියේ සුවඳ ගෙනාවේ
අහිමි වු ආදරේ
තාම මම ආදරෙයි මං ආදරෙයි..//
ඔහු හා බැදිලා වෙනතක යනවා
මා අමතක කරලා...
පෙම් සිහිනේ......
ගායනය නාමල් උඩුගම
13.ඔබේ ලොවේ අද මා රැඳිලා...
ඔබේ ලොවේ අද මා රැඳිලා
බලා හිඳී සැනසුම පතලා
සෙනේහයේ සිහිලැල් සොයලා
ඔබේ ලොවේ අද මා . . . රැඳිලා
සෑබෑ සෙනේ සිතින් දරා
ලඟින් ඉදින්නේ මා ...
ඔහුගේ ලොවේ ඔබ රැඳිලා
මුලා නොවනු කිසිදා ...
අයාලයේ නොයන්නේ මා
ඔහු මෙන් ඔබ රිදවා ...
ඔබගෙ සෙනේ මා සනසා
කියා දෙන්න මතුදා ..
දිවා රැයේ පෙරුම් පුරා
පැතුම් පතන්නෙමි මා ...
නෙතු සිහිනේ මල් පුබුදා
ඔබේ ලඟට එනවා
මගේ හදේ නැවුම් අමා
හැඟුම් කියන්නේ මා
රන් රස සේ අත් බැඳිලා
වෙනස් නොවී කිසිදා ...
ගායනය - නාමල් උඩුගම
"ගිත සියල්ල මෙතැනින් ගන්න"








