“මම තවමත් පුංචි ළමයකු විදිහටයි හැගෙන්නේ. වයසින් මුහුකුරා ගියත් මම තවමත් මගේ ළමා වයස දෑතින් බදා ගන්නවා. කයින් වැඩිහිටියකු වූ මම සිතින් පුංචි ළමයෙක්.”
(ළමා පරපුරේ අමරණීය වූ වීරයා - ටයි මහත්තයා )
"මුහුද මගේ ගොඩ බිමයි නැව මගෙ නිවහන තමයි
සියලු සතුන් මගෙ තමයි දොස්තර හොඳ හිත මමයි"
පරම්පරාවෙන් පරම්පරාවට සවන්පත් හි රැඳෙන මෙම ගීතයේ පදවැල් එකිනෙකට ගළපමින් ප්‍රේමකීර්ති ද අල්විස් නමැති දක්ෂ ගේය පද රචකයාත් එහි තනුව නිර්මාණය කළ ජාතික රූපවාහිනි සංගීත අංශයේ එවකට අංශ ප්‍රධානියා වූ සෝමසිරි ඉලේසිංහයනුත් දොස්තර හොඳ හිත කාටුන් චිත්‍රපට මාලාවේ මුල්ම කථාංගය වූ බෑයි කියල බෑ චිත්‍රපටය සඳහා අනුපමේය දායකත්වයක් ලබා දුන්හ. ප්‍රේම් මිය යන තෙක්ම ටයි මහතාගේ බඩ බැඳගත් එකම ගීත රචකයා විය. මා බඩ බැඳගත් යනුවෙන් විශේෂණ පදයක් ප්‍රේම් වෙනුවෙන් ලියා තබනුයේ ඔහු ටයි මහතා හමුවන සෑම විටකදීම පාහේ ටයි මහතාගේ ඉදිරියට නෙරා ආ බඩ වටා අත යවමින් බැරි බරගාතේ වුව ද ඔහුව තමන් දෙසට ඇද ගනිමින් තම දත් පෙළෙහි දෙපස පිහිටුවා තිබූ නල දත් දෙකම ප්‍රදර්ශනය වන සේ සිනහවීමට ප්‍රේම් පුරුදු වී සිටි බැවිනි.
දොස්තර හොඳ හිත කථා මාලාවට අන්තර්ගතව කාටුන් සංගීත කණ්ඩායමක් විය. ටයි මහතා විසින් එය නම් කරන ලද්දේ "ලා තණ කොළ පෙත්තාස්" යනුවෙනි. ප්‍රේම්ගේ පද්‍යවලට සෝමපාල රත්නායක ගේ තනු වලට එම කණ්ඩායම් ගීත ගායනා කරන ලද්දේ දීපිකා පි‍්‍රයදර්ශනී ප්‍රමුඛ අතුලගේ කළුබෝවිල ගෝල බාල පිරිස විසිනි. දීපිකාගේ ප්‍රථම ගායන ප්‍රවේශය ද මෙය විය. පසු කලෙක දී ප්‍රාසංගික කලාව ජනතාව අතරට ගෙන යාම සඳහා රූප රචනාවෙන් සුරු විරුකම් පෑ රවීන්ද්‍ර මුණසිංහ ද එම ගායනා අත් වැලෙහි නිත්‍ය ගායකයෙකු විය.
මිමී 16 චිත්‍රපටය හඬකැවීම් අංශයට අයත්ව තිබූ යන්ත්‍රයේ එහාට මෙහාට යවමින් එහි ඇති කුඩා මොනිටරයෙන් ප්‍රදර්ශනය වන දර්ශනයන් නරඹමින් චිත්‍රපටයේ චරිතයන් ඉංගී‍්‍රසි බසින් කියාපාන දෙබස් ටයි මහතා විසින් ලියා ගන්නා ලදී. පසුදින ඔහු සංස්ථාවට පැමිණෙන්නේ ඔහු විසින් ම නම් ප්‍රසිද්ධ කළ දොස්තර හොඳ හිත, චව්චව්, දියරකුස්, ටොම් වැනි චරිතයන්ගේ මුවඟට සරිලන ලද දෙබස් අන්තර්ගත සිංහල පිටපත ද රැගෙනය. ලා තණ කොළ පෙත්තාස් ගායක කණ්ඩායම විසින් ගායනා කරන ලද ගීතයේ තේමාව ප්‍රේම් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව අදාළ කථාංගය ලූප්වලට කැඩීම ටයි මහතා අතින්ම සිදුවේ. එක් කථාංගයක් ලූප් 16 කින් පමණ සමන්විත වේ. එසේ කොටස් කර ගත් දොස්තර හොඳ හිත කතාව පෙට්ටියක බහාලමින් කලට වේලාවට ශීලා කටුගම්පල මෙනෙවිය විසින් ටයිප් කර දෙනු ලැබූ සිංහල පිටපත ද රැගෙන අදාළ හඬ ශිල්පීන් සමඟ රජයේ චිත්‍රපට අංශයට යාම එකල අතුලගේත් මගේත් දෛනික රාජකාරිය විය.
දොස්තර හොඳ හිතෙන් පසුව හා හා හරි හාවා, පිස්සු පූසා, ගලිවර්ගේ සිව්සැරිය වැනි කාටුන් චිත්‍රපට සේම සම්භාව්‍ය ගණයේ චිත්‍රපට සේ සැලකෙන විදේශීය චිත්‍රපට පෙළක් ද සිංහල බසින් හඬ කැවීම් සඳහා පෙළ ගැසුණි. සිටුවර මොන්ත ක්‍රිස්තො, මල්ගුඩි දවස ඒ අතරින් ප්‍රධානවේ. පිටරට දේ අපේ දේ කර ගැනීමට ටයි මහතාගේ ප්‍රාග්‍රණ්‍යයට හේතු වූයේ ඔහු සතු වූ ද්වි භාෂා දැනුම වේ. ඔහුගේ දෙබස් සරල සුගම වේ. ඒවායේ මුල් දෙබස් ඛණ්ඩයන් තිබුණේද යන්න ගැනවත් ප්‍රේක්‍ෂකයන්ට නොසිතෙන අයුරින් එම වදන් අපේ කර ගැනීමට ටයි මහතා සමත් විය. ජපන් සංස්කෘතියේ පරම්පරා ගැටුම ප්‍රතිම්භනය කරන ලද ඕෂීන් චිත්‍රපට මාලාව මෙයට දිය හැකි කදිම නිදසුන වේ. කුසුම් පීරිස්, සුනන්දා හෙට්ටිආරච්චි, නිහාල් ජයවර්ධන, පබෝධා සංදීපනී, ගීතා කාන්ති ජයකොඩි වැනි ප්‍රවීණ හඬකැවීම් ශිල්පීන්ගේ දායකත්වය ඕෂීන් ප්‍රාණවත් ජීව ගුණයෙන් ආඪ්‍ය වූ ටෙලි නාට්‍ය මාලාවක් හැටියට ප්‍රේක්‍ෂකයන් වෙතට ගෙන යාමට මහෝපකාරී වූහ.
හඬකැවීම් ශිල්පය වෙනුවෙන් මෙසේ පුරෝගාමී මෙහෙවරක් සඳහා තම නිසඟ ප්‍රතිභාව ජාතියට දායාද කරන ලද ටයිටස් තොටවත්ත නම් අග්‍රගණ්‍ය කලාකරුවා, ගුරුවරයා සිහිපත් කර අතුල රන්සිරිලාල් මහතාගේ පුරෝගාමීත්වයෙන් ජාතික රූපවාහිනිය සතු හඬකැවීම් මැදිරිය ටයිටස් තොටවත්ත හඬකැවීම් මැදිරිය යනුවෙන් නම් කිරීම ප්‍රශංසනීය කරුණකි. එම උත්සවයට ටයි මහතාගේ නිර්මාණකරණයේ යෝධ සෙවණැල්ල සුජාතා තොටවත්ත මහත්මියට ඇරයුම් කිරීම ද, එතුමා වෙනුවෙන් මේ භවයේ දී කළ හැකි මහා පුණ්‍ය කර්මය සඳහා හඬකැවීම් ශිල්පය සමාජගත කිරීම වෙනුවෙන් තමන්ගේ ප්‍රතිභාව විහිදුවා ලූ එහෙත් අප අතහැර ගොස් සිටින කරුණාතිලක හඳුවල, ගැමුණු විජේසූරිය, ධර්ම ශ්‍රී මුණසිංහ, වික්ටර් මිගෙල්, එල්සන් දිවිතුරුගම, මර්සි එදිරිසිංහ, නිහාල් ජයවර්ධන, ලෙස්ලි රාමනායක, රෝයි ජයවර්ධන, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු සමඟ ප්‍රේමකීර්ති ද අල්විස් යන ශ්‍රේෂ්ඨ කලාකරුවන් ටයි මහතා සමඟ මධු විතක් තම සුරතෙහි රඳවා ගෙන එලොව සිට බලා සතුටු වෙනු නියතය.
(අනුර මාධව ජයසේකර)
*බැහැයි කියල බැහැයි කියල බෑ....
බැහැයි කියල බැහැයි කියල බෑ
බෑ කියලා බැරිය මලේ
බෑ කියලා බැරිය නඟේ
බෑ කියලා බෑ බෑ බෑ...
මල් පිපුනේ සුවඳ දෙන්න බෑ යි කියල බෑ
තටු ලැබුණේ පියාඹන්න බෑ යි කියල බෑ
අත් ලැබුණේ වැඩ කරන්න බෑ යි කියලා බෑ
මේ ලෝකේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ
අපි හැදුනේ රට රකින්න බෑ යි කියලා බෑ
රට වෙනුවෙන් වැඩ කරන්න බෑ යි කියල බෑ
යුතුකම් ඇත ඉටු කරන්න බෑ යි කියල බෑ
නඟේ මලේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ’
ගායනය: "ලා තණකොළ පෙත්තාස්"
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමසිරි ඉලේසිංහ
(දීපිකා ප්‍රියදර්ශනී පීරිස්,රසාදරී පීරිස්, රවීන්ද්‍ර මුණසිංහ සහ පිරිස)
*සුළඟ සුළුයි වැඩි බර නෑ...
සුළඟ සුළුයි වැඩි බර නෑ
එය සුළුකොට තකන්නෙපා...
සුළුවෙන් එන සුළඟ රත් ව
සුළි සුළඟක් ඇති වෙනවා...
හුස්ම ඩිංග දෙන සුළඟම
මහ ගස් කඳු බිම ලනවා...
"හිත ඇත්නම් පත කුඩාය"
කිසිම විටෙක සිතන්නෙපා...
බයට බය වුණොත් සැමදා
කිසිම වැඩක් බැරි වෙනවා...
බය බය කර ගත්තෝතින්
කවදත් ජය හිමි වෙනවා...
හොඳ හිත නිරතුරු හද මත
පුර සඳ මෙන් බබළනවා...
"හිත ඇත්නම් පත කුඩාද"
කියන වදන සිහි වෙනවා...
ගායනය: "ලා තණකොළ පෙත්තාස්"
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
*දේසේ හැටියට වාසේ...
දේසේ හැටියට වාසේ
කළොත් නේද සන්තෝසේ
හිම වලසා හිමාලයේ
හිම කඳු අතරේ
වලස් හමෙනි ඇඟ පුරවා
උණුසුම ගත්තේ
අපේ රටේ උපන් සතා
අපේ ම උරුමේ
පිට රට හම පෙරෙව්වොතින්
වැනසෙයි මිතුරේ
කොණ්ඩෙ ඇඳුම වෙනස් කරලා
නොවේය කිසි දා
සිංහල රට රජ වූයේ
ඉස්සර දරුවෝ
ඇඳුමින් අප මොඩ් වුණාට
ඇතුළෙන් හිස් වී
රට ජාතිය ආගම
මක් වෙවිද දරුවෝ
මොණරා පිල් විදහුව්වා ට
පිල ගැලවුණ දා
කළු කුමාට වැඩිය අන්ත
නොවේද අඳුරේ
රට ට ඔබින දේ පමණක්
වැඩට ගෙන සොඳා
මළත් කමක් නෑ ඉන්පසු
දුවේ මගෙ පුතේ
දේසේ හැටියට වාසේ
කළොත් නේද සන්තෝසේ
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : සෝමපාල රත්නායක
ගායනය : "ළා තණකොළ පෙත්තාස්"
*මුහුද මගේ ගොඩබිමයි.......
මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....
සතුන් සමග දොඩමලු වී
කරන රහස ඔහු සතු
දැන ගන්නට දඟදැමු..
පිරිසක් පිරිහේවි ලූ.....//
මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....
අයුක්තියට ඉඩ නැතේ
යුක්තිය ලොව රජ වෙතේ
වෛරෙන් වෛරය නොවේ..
මෛත්‍රියෙන් ජය ලැබේ.......//
මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....///
ගායනය : "ළා තණකොළ පෙත්තාස්"
ගී පද : ප්‍රේම කීර්ති ද අල්විස් මාමා
ගී තනු : සෝමපාල රත්නායක
*කුමාර ලීලෙන් සැන් පවුඩර් ගා ...
ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
කුමාර ලීලෙන් සැන් පවුඩර් ගා ඉලංදාරි හැඩවෙයි
ආදර වන්නම් තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
ඔපේට රැවටී හිතූ මතේ පෙම් කෙරුවෝතින් වරදී
දෙමාපියන් ගේ ආශීර්වාදෙන්
විවා වුණොත් ජයවෙයි...
ආලය කියනා මාලය වැටුනොත් රජුන් ද පිස්සන් වෙයි
අට වැනි එඩ්වඩ් රජකම ඇරියේ ආලය හින්දාමයි
ආලෙන් පැරදුණු අය වස විස බී ජීවිත වනසාලයි
දුරදිග නොබලා කලොත් අපොයි ඔව්
ලව් එක ඉලව් ම වෙයි...
නාහෙට නාහන ඉලංදාරිකම ඔය වයසට ඔහොමයි
ඉලක්කෙ වැරදුණු දවසට ආලෙන් විපත්ති වෙනු බොහොමයි
දරුවන් යුතුකම අම්ම තාත්තා වැඩිහිටි බස් ඇහුමයි
එහෙම නොවේ නම් ඔපේ හපේ වෙයි
අපායට ම වැටෙතෙයි...
ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
ගායනය: "ළා තණකොළ පෙත්තාස්"
*සැබෑ මූණ හංගාගෙන...
සැබෑ මූණ හංගාගෙන
මූණු බැඳන් රෑ අඳුරේ
නටන නැටුම් කවදා හෝ
නටන්න වෙනවා එළියේ...
ඇත්ත මුණ ඇති සැටියෙන්
පෙන්වා සිටියොත් හිරු සේ
ලජ්ජා වෙන්නට කරුණක්
ඇති වෙන්නෑ සියළු කලේ
බොරුවට ආයුෂ ඩින්ගයි
ලබා දිනුම සුළු මොහොතයි
සඟවනු බෑ කිසිම දිනක
බොරුව උඩට ඉස්මතු වෙයි
මැණික් කටය වැනිය ඇත්ත
අගය අඩු නොවෙයි බබලයි
ඇත්තට ඇති තැන බොරුවෙන්
මකන්න බෑ සහතිකයි ...
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
ගායනය: "ලා තණකොළ පෙත්තාස්"
*ඕං රීං කට්ටු කට්ටු...
අන වින කොඩිවින පැන්නිලි
හූනියම් ද නොයෙක් ජාති
හිත හොඳ නම් පිරිසිදු නම්
වදින්නෙ නෑ ජාති ජාති..
කෙනෙක් නහන ලෙසින් සිතේ
ඉරිසියාව මනන්නෝ
ඒ සිතිවිලි මන්තරෙන්ම
නෙක කොඩිවින කරගන්නෝ
මල් පොකුවක් වගේද නැ
පිහියක් දෑතට ගන්නෝ
මුහුණ එක්ක තරහ වෙලා
නහය කපන් දඟලන්නෝ
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
ගායනය: "ලා තණකොළ පෙත්තාස්"
*අඩි ගාණක් වළක් කපලා
අඩි ගාණක් වළක් කපලා
අඩි ගාණක් අනුන් හෙළ ලා
අඩියක්වත් ඉහළ යන්න
නුඹට බෑ පුතේ
අනුන්ට කැපූ වළේ
වැටෙන්නෙ නුඹයි බොලේ...
උගුල් ඇදලා අගුල් දාලා
මඟුල් කන්න නුඹට බෑ
පය ලිස්සා ගියොත් වලට
වැටෙනු වළක්වන්න බෑ
බොරුවෙන් වැඩ බොරු වෙයිමයි
බොරුවෙන් ජය ලබනු බෑ
ඒවා තාවකාලිකයි...
ලණු ඇදලා මඟ අහුරා
කෙනෙකු බිමට දමනු බෑ
හැමදාමත් හැම කෙනාම
බොරුවෙන් රවටන්න බෑ
බොරුවෙන් බොරු මහ බොරුවට
ආයුෂ වැඩි කලක් නෑ
ඒවා තාවකාලිකයි...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක
ගායනය : ළා තණකොළ පෙත්තාස්
*සූට් බූට් දිග කලිසම්.......
සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්,
අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු..
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු..
තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා..
මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා..
හිස්පලුවෙක්ගේ විලසා කුණු කූඩෙන් බෙල්ල දමා..
බොරු බේගල් ඇද බාලා...
සහචරයින් කරයි මුලා...
අන් කුසගිනි නිවන උලා කට බලියන් ඉන්න එකා..
මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා..
තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා..
බිම පෙරලී වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා..
හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා..
කොන්ද නමා දුන්න ලෙසා පහුරු ගායි පූසා....
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු...
ගායනය : ගැමුණු විජේසුරිය
ගී තනු: සෝමසිරි ඉලේසිංහ
ගී පද : ටයිටස් තොටවත්ත
*හා හා හරි හාවා...
හා හා හරි හාවා
කැලේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා
වටපිට ඇහැ ලෑවා..
තබා නිකට ගාවා
වීණාවක් ගෑවා
මිහිරි සින්දු කිවා
නැටුම් ටිකක් පැවා
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පිරිස්
*මාමා වලස් මාමා ...
මාමා වලස් මාමා
නැන්දා වලස් නැන්දා
කවුරුද කවුරුද රංඩුකරන්නේ
නැන්දයි මාමයි රංඩු කරන්නේ....
මොකටද මොකටද රැඳු කරන්නේ
වැඩකට නැතිවලු ගහ බන ගන්නේ
මාමා වලස් මාමා
නැන්දා වලස් නැන්දා..
දෙන්නා දෙමල්ලෝ රණ්ඩු කරන්නේ
අහල පහල මැසිවිලි වට වෙන්නේ
දේ දොර දියුණුව අඩාළ වෙන්නේ
ඒ නිසා සමගිව වැඩ කරපන්නේ ...
මෙන්න සින්දු ටික
--------------------------------------------------------------------
ටයිටස් තොටවත්තයන් හඬ කැවීම් සඳහා යොදා ගත් මැදිරිය ‘ටයිටස් තොටවත්ත හඬකැවීම් මැදිරිය’ ලෙස පසුගිය දා විවෘත කරන ලදී. එතුමාට උපහාරයක් ලෙස පුංචි මගෙන් පුංචි අපි හැමෝටම සින්දු ටිකක් ....
වැරදි අඩුපාඩු පෙන්නා දෙන්න .මතකයන් හැමෝමත් එක්ක බෙදා ගන්න එක් වෙන්න ...
ටයි මාමා එක්ක ඒ කාලේ මිනිස්සු වැඩ කරන්න කැමති නෑ.. අැයි බං සැරයි නේ. තෝ බුරුවා උඹ ඔහොමයි කතා කරන්නේ. ඒත් ටික දවසක් ගියාම හරියනවා. මොකද පොර ඊට එහා දෙයක් දන්නෑ ආමන්ත්‍රණය කරන්න.. ලංකාවට හිටපු හොදම නිර්මාණකරුවෙක්...
ReplyDeleteඋඹ අහල තියනව නේද අර ලියුමක් අරං ආපු එකාට කියපු කතාව
Deleteබත් එක තනියෙන් කාපු කතාව
Deleteබෑයි කියල බැ සින්දුව ලියව ගත්ත කතාව
මාත් ඔන්න ඔය කොහෙද තිබිලා කියෙව්වා
අටමා ලියපන්කෝ ඒ කතා ටික
Deleteඕං කීව ගමං සුරුස් ගාල ලියයි.. මෙන්න කැට :.D
Deleteඅටමෝ මේකද කිව්වේ ...
Deleteමෙයට අවුරුදු විස්සකට විතර ඉස්සර එක දවසක් ටයි පටියක් දාගත්ත ගජ ඉළන්දාරියෙක් අපි සිටිය තැනට ආවා. ටයි මහත්තයා ඉස්සරහ මේසේ ඉඳගෙන පිටපතක් කියවනවා.රූගත කිරීම් සැලසුමක් හදනවා.
‘ඔයාද ටයිටස් තොටවත්ත’
මේ ඉළංදාරියාගේ සද්දෙ නෙමෙයි ටයි මහත්තයට ඇල්ලුවේ. තමන්ගේ නම නෙවෙයි වගේ ඒ වැඩේම කර කර හිටියා. ඉළංදාරියා විනාඩි 05 ක් විතර හිටගෙන. මාත් මගේ වැඩේ. ඔහු ආයෙත් අර ප්‍රශ්නයම ඇහුවා. තඹයකටවත් මායිම් නොකළ ටයි මහත්තයා තවත් විනාඩි ගණනක් මේ ඉළංදාරියාව හිටගෙන තිබ්බා. ඉවසීමේ සීමාව ඉක්මවපු මේ තරුණයා එක පාරටම,
‘මං ආවේ ජනාධිපතිතුමාගෙන්’ කියලා කිව්වා.
ටයි මහත්තයා හිටි ඉරියව්ව වෙනස් කළා.
‘ඒයි බලනවා මෙයා මාර වැඩකාරයෙක්නේ. අපි නං ආවේ අම්මලගෙන්. මෙයා ඇවිත් තියෙන්නේ ජනාධිපතිගෙන්නේ’
මම ඔළුව උස්සලා බලන කොට ඒ ඉළංදාරියා ආ ගිය අතක් නැහැ.
(අතුල රන්සිරිලාල්)
‘පුතා, උඹ කෑවද?’ ඔහු කැමරා ශිල්පියාගෙන් ඇසීය.
‘ඔව් ටයි අන්කල්, කෑවා’ කැමරා ශිල්පියා උත්තර බැන්දේය.
‘ආ . . . උඹ කාපං . . . උඹ කැවොත් ඇති. අනිත් උන් බඩගින්නේ මළත් උඹ කාපන්’ ටයි මහත්තයා බැණ අඬගෑවේය. පසු දින ද ටයි මහත්තයා රවුම් ගසා ආවේය.
‘පුතා උඹ කෑවද?’ ටයි මහත්තයා කැමරා ශිල්පියාගෙන් ඇසීය. ඊයේ ‘කෑවා’ යැයි කියා කාපු පරිප්පුව තාමත් කැමරා ශිල්පියාට මතකය.
‘නෑ, ටයි අන්කල් . . . කෑවේ නෑ’ කැමරා ශිල්පියා කීය.
‘ආ . . . උඹ කන්න එපා . . . උඹ බලාගෙන හිටපන් කවුරු හරි කෑම එක අනලා ගෙනල්ලා උඹේ කටේ ඔබන කල්’ ටයි මහත්තයා බැණ අඬඟෑවේය.
ඒ ටයි මහත්තයාගේ හැටිය. ඔහුට උත්තර බැඳීය යුත්තේ ඔහුගේ හැටි හොඳ හැටි තේරුම් ගෙනය. නැත්නම් විනාශය! අපි තේරුම් ගෙන ඇති හැටියට ඒ වෙලාවේ උත්තර බඳින්නට තිබුණේ මෙහෙමය.
‘කෑවා මොකද – නොකෑවා මොකද . . . අපි ආවේ මේ වැඩේ කරන්නනේ . . . ඒක කරලා ඉම්මුකෝ.’
ඇමතිවරයකු පිළිබඳ කලකිරීමෙන් රූපවාහිනියේදී දිනක් ඔහු මෙසේ කීවේය.
‘අද ඇමති - හෙට නොමැති . . .’
වචන හරඹය සම්බන්ධයෙන් ඔහුගේ කුසලතාව අති මහත්ය. ඔහු සමඟ කටින් ජය ගත හැකි අය වෙතොත්, ඒ ඉතාම සුළු පිිරිසකි.
‘පිස්සූ පූසා’ රූපවාහිනී වැඩසටහන සඳහා නිර්මාණය කෙරුණු තේමා ගීතයේ මෙසේ සඳහන් විය.
‘පිස්සා මූ - පිස්සා මූ - පිස්සු පූසා මූ’
මෙය ළමයින් උදෙසා නිර්මාණය කෙරෙන වැඩසටහනක් නිසා ’මූ’ යන වචනය යෙදීම නුසුදුසු නොවේදැයි අපි විමසීමු.
‘මූ කියන්නේ නරක වචනයක්යැ . . . දැන් ඔය ඉන්නේ වි. ජ. මූ. එතකොට දී. මූ. ටයි මහත්තයා ලිස්සා යමින් කීය.
උපුටා ගත්තේ මෙතැනින්
උපුටා ගත්තේ මෙතැනින්
Delete// "ලංකාවට හිටපු හොදම නිර්මාණකරුවෙක්" ...//
Delete+++++++++++++++++++++++++++++++++
මෙවැනි මිනිසුන් ආයෙත් මේ කපේදී අපිට දකින්න නැති වෙයි මචෝ ..
ස්තුතියි දේශෝ ...
ඇයි බං දවසක් ලොකේෂන් එකක් බලන්ඩ ගිහින් , ලග ගෙදරින් බත් මුල් දෙකක් ඔඩර් කරල ඒක හමුබුනාට පස්සේ ගගේ නාලම කමු කියල ගෝලයත් එක්ක ගිහින් ගගේ නාගන ටයි මහත්තය කලින් ගොඩට ඇවිත් ,
Deleteගෝලය නාගෙන එනකොට ටයි මහත්තය එක බතුමුලක් දිග ඇරගන කනවලු , අනිත් බත් මුල බිම දාගන පුසෙක් කනවලු .
ගෝලය ඇහුවල
ඇයි ටයිමහත්තය මේ පුසට දුන්නේ බත් එක කියල
බලහංකෝ මං එනකොට මු මගේ බත් එක තියල උඹගේ බත් එක බිමදාගන කනව , මං ඉතින් මගේ බත් එක කෑව කියල
බොහොම හොඳයි මේ සින්දු මෙහෙම එක තැනක තියන එක... අර හා හා හරි හාවා එකේ කියන්නේ "තබා නිකට ගාවා" කියල නෙමෙයිද? :)
ReplyDeleteනිවැරදි කළා තිසර ..දැන් ඇහෙනවා හොරයි පොඩ්ඩක් ..හැක්
Deleteබොහොම ස්තුතියි
දැන්කාලෙ තියෙන කිසිම අර්ථයක් නැති කාටුන් කාටුන් ගීත වලට වඩා ඒ කාලෙ කොච්චර හොද දෙයක් ටයි මාමා අපිට දුන්නද ..නේද
ReplyDeleteසාධරයෙන් පිලිගන්නවා DC......දැන් තියන කාටුන් එක්ක බැලුවම අපි කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා ..
Deleteජයවේවා !!
"දෙබස් උවදෙස් අදියුරුවම..." මට මතක හැටියට එහෙමයි වැඩසටහනක අවසානයෙ වැටෙන්නෙ.
ReplyDeleteටයිටස් තොටවත්තගෙ දෙබස් නං මාර සජීවීයි. ඒක අතුල රන්සිරිලාල් ගැන කියන්න බෑ. එව්ව හරිම කෘතිමයි. සිංහලත් නෙමෙයි වගේ. අනික, (එකසැරයක් අඩවි රජා කිව්වා වගේ) කාලෙක ඉඳං හඬකවපු වැඩසටහන් වල නළුවො නිළියො රඟපාන්නත් යනවා "උහ්... අහ්..." ගගා. (අඩවි රජා කියන්නෙ සුජාත දියණි එකේ නිළියො නාට්ටිය අතරෙ සුරතාන්තයට පත්වෙනවයි කියලා)
ටයිටස් තොටවත්තගෙ සපත්තු වලට කාටවත් බහින්න අමාරුයි වගේ පේනවා.
//"දෙබස් උවදෙස් අදියුරුවම..."// එතකොට අර බිත්තරයක් වගේ එකක් කැරකිලා ඇවිල්ලා කුඩුවෙලා යන සීන් එක.. හෙහ් හෙහ්
Deleteඒක දාන්නේ රොබින් ඊතලය අැදලා ඉලක්කෙ ගත්තට පස්සේ...මම හිතුවේ ඒක බිදිලා යන්නෙ ඊතල පාරට කියලා..
Deleteමං ඒ කාලෙ මැරියන්ට බොක්කෙන්ම ලව් !! ඕ යේස්
Delete//ටයිටස් තොටවත්තගෙ සපත්තු වලට කාටවත් බහින්න අමාරුයි වගේ පේනවා//
Delete++++++++++++++++++++++++++++++++++++
ඔන්න ඕක තමයි ඇත්ත ...අඩවි රජා කියලා තියෙන්නේ සම්පුර්ණ මචෝ ..හැක්
මෙන්ඩෝ මමත් ඒ දවස් වල හිතුවේ එහෙම තමයි ..හැක්
Deleteපත්තරේ ඒවා කොහෙද ..උඹට කලින් අපි ලව් කලේ ...ඕ යේස්
මාත් ඕයේස්...
Deleteමෙන්ඩා,
මාත් හිතාන උන්නෙ එහෙමයි... හැක හැක හැක...
කමි.
Deleteතව තිබුණා ඉලිප්ස කීපයක් කැරකෙන සීන් එකක්.
ඊට පස්සෙ - හිනාවෙන ටයිටස් ගෙ මූණ...
සිංදුර්,
Deleteසපත්තු කතාව මගෙ. කෝටේෂන් ඇතුලෙ තියෙන කතාව විතරයි රජාගෙ.
ඩ්‍රැකී මම වැට ගැහුවේ ..හැක්
Deleteමම ඔය වීඩියෝ ට්‍රයි කළා ..එත් ගන්න උනා ...
//හිනාවෙන ටයිටස් ගෙ මූණ...//
මේකනම් යු බටේ තියනවා ...
පත්තරේ , සිංදුවො ඇයි මගෙ මැරියන්ට උඹල ට්‍රයි කලේ. මම ගෙදෙට්ට හොරෙන් බැදල හිටියෙ මැරියන්.
Deleteඇඩෝව් ....තට්ට ලිස්බන් එනු කඩුවට ගනු සටන ...
Deleteඇයි යකෝ මුන් ඔක්කොම මැරියන්ට ලව් කරලානේ ...හිටපන් උඹව ගෙදරට අල්ලලා දෙන්න. බහු විවාහයක් කියලා නඩු දානවා ...
තොපි ඔක්කොටම කලිං මං ලව් කලේ. දැන් මෙතන පොරටෝක් දානවා සෙකන්ඩ් හෑන්ඩ් වාහන පැදලා.
Deleteඅනේ පලයන් උඹත් පැද්දේ රොබින් පැද්දට පස්සෙනේ ....හැක්
Deleteමම ලව් කලේ මාච් කොලුවට.. හැක හැක හැක..
Deleteපලයන්ඩ වල් හැත්ත..මැරියනුයි මමයි ඒ කාලේ ඡංගි කොටේ ගහගෙන සෙල්ලං කරේ..
Deleteඒකිගේ දකුනු කකුලේ කලවේ කටු කම්බියකට හිරැන පාරකුත් තියනවා.
18න් පස්සේ ලෑස්ති වෙයන් නාරාහේන්පිට දී ඇක්සිඩන්ට් වෙන්න.. වසීම් මෙන්ඩා..
Deleteකමියෝ උඹ පොඩි කාලේ ඉඳන්ම ගේ කුරුල්ලන්ට කැමතියි වගේ .අනේ අර නේවි එකේ හිටිය "මාච් " කොලුවෝ ටික ...
Deleteමෙන්ඩා උඹේ කම්බියටද හීරුනේ ..දැන් එහෙම හිරුනොත් පිට ගැස්ම හැදිලා තමයි නවතින්නේ .මොකද දැන් මලකඩ කළා ඇතිනේ ..හැක්
මෙන්ඩෝ ඉරිලා නැති ඩෙනිමක් අන්දලා හිටපන් ....
සින්දුවා,
Deleteරොබින් පදින්න ඇති. උඹ පැද්දේ මං පැද්දට පස්සෙනේ................................
මැරියන් උඹට එහෙමද කිව්වේ ...හැක් හැක්
Deleteහඬ දෙකැව් මැදිරියේ නිපැයිණි...
Deleteටයි මාමාගෙ වැඩ කරන්න එකෙක් නැත්තෙ ගුණාත්මක බවට වඩා මොකක් හරි දෙයක් දෙන්න බලං ඉන්න මිනිස්සු යි දෙකයි පණහෙ කම්පැණි කාරයොයි හින්ද... මොකද හොද නිර්මාණයකට ගන්න බැරි අනුග්‍රාහකත්වයක් බාල වැඩසටහනකට ගන්න පුලුවන් නෙව ඒකයි හුගක්ම.. අනික අද ජාතික රූපවාහිණිය කස්ටිය බලන්නෙ අර කොරියන් හුටස්පර බලන්න... පොඩි උං උණත් එහෙම තමා සිරස වගේ නාලිකා නැගල යන්නෙ ඒකනෙ
ReplyDeleteමං ආසම පිස්සු පූසට හිහික්
සූට් බුට් දිගකලිසං
Deleteරෝල් රොයිස් ගමං
බිමං අද පැදුරේ හෙට
මැදුරේ පිස්සු පුසා මු
පිස්සා මු
පිස්සා මු
පිස්සු පුස මු
පිස්සා මු
පිස්සා මු
පිස්සු පුස මු
ඉවානයට ඔහොම කියන්න එපා බං..මොනව උනත් ඌ අපේ යාලුව නෙවැ
Delete@මහේෂ් ..එකනේ මචෝ දැන් තියන ඒවා කාටවත් මතක නැත්තේ .බලපන් හා හා හරි හාවා එකේ මියුසික් එක දැන් ගියත් අපි ඉබේම TV එක ගාවට ලන්වෙන්නේ නැද්ද ?
Deleteස්තුතියි මචෝ ..
පත්තරේ මචෝ දැන් එතකොට ඉවාන්ට පිස්සු හැදුනේ අටන්ගේ කවි ටික නිසාද ? නැ මම මේ නිකන් ඇහුවේ ....
Deleteලස්සනයි සින්දු ඇනෝ ..... සමහර ඒවා නම් මමත් අහලා නෑ..... සින්දු ඇනෝගේ සමාජ සත්කාර්යයත් සුළුපටු නෑ නොවැ බලාන ගියාම
ReplyDeleteසාධරයෙන් පිලිගන්නවා සබරේ ....
Deleteජයවේවා !!!
පොඩිම කාලේ මං අහපු හොඳම මොටිවේෂන් එක...
ReplyDelete//අපි හැදුනේ රට රකින්න බෑ යි කියලා බෑ
රට වෙනුවෙන් වැඩ කරන්න බෑ යි කියල බෑ
යුතුකම් ඇත ඉටු කරන්න බෑ යි කියල බෑ
නඟේ මලේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ’...// අදටත් සමහර වෙලාවට කියවෙනවා.. නොදැනීම..
//පිරිසක් පිරිහේවි ලූ....// පිරිහේවිලූ කියනෙක ෂුවර්ද? මට නිකන් නුහුරුයි වගේ මචං ඔෆිස් එකේ ආයි අහන්න බෑ..
ප්‍රේම් ගේ පද රචනයත් මතක් කරන්නම වටිනවා..
අතුල රන්සිරිලාල් මහත්මය තාම රුපවාහිනියේ ඉන්නවා නේද? ටයි මාමගේ හොඳම ගෝලයා.. අලුත් වැඩ කරාට මේ පරණ වැඩ වල තිබ්බ 'විශේෂත්වය' නිසාමද මන්දා ඒවයේ ඒ හැටි ලකයක් පෙන්නේ නැත්තේ..
තව කියවන්න ගියොත් වෙනම පොස්ට් එකක් වගේ වෙයි. හැක හැක හැක..
මටත් කියවෙනව බං
Deleteනෙදකින් අද ටිවි එක යන හඩ කවපු කාටුන් , තොල් හිටං දානව ..හිරිකිතේ බැ
//තොල් හිටං දානව//
DeleteHentai .. හැක් :D :D
කමියෝ අතුල රන්සිරිලාල් ගේ ඒවා එතරම් වදින්නේ න මචෝ ...අර උඩින් කිව්වා වාගේ ගැණු නිකම් "සුරාන්තයට " පත්වෙලා වගේ තමයි කතා කරන්නේ ....හැක් (උඹ කියපු එක මට හොයා ගන්න බැරියෝ )
Delete@අටමෝ තොල් හිටන් දානවා නම් කමක් න බන් .මුන් බුදියගෙනත් දානවා ..හැක්
අඩෝ පත්තරයෝ මේ පොඩි එව්වෝ නරක් කරනවා හෙම නෙවෙයි හරිය ..
අගෙයි ඇනෝ පුංචි කාලේ කළුසුදු රූප පෙට්ටිය ළඟ ගෙවුණු හවස් යාමවල් මතක් වුණා
ReplyDeleteජයවේ සින්දුවෝ!
ඇයි බන් අපි මේ වයසට යන්නේ .ඒ පොඩි කාලෙම ඉන්න තිබුනා නම් ..හැක් හැක්
Deleteස්තුතියි මචෝ
හරිම සුන්දරයි සින්දුවෝ.............. අායෙම පුංචි කාලෙට ගියා.. ගෙදරටත් යන්න පුළුවන් වුණා...... මේ දේවල් වලට ස්තූතියි කියලා මදි සින්දුවෝ................. නියමයි
ReplyDelete//මේ දේවල් වලට ස්තූතියි කියලා මදි සින්දුවෝ....//
Deleteආන්න .… බ්ලොග් අවකාසෙ යුතුකං දන්න එකම එකා.. අපේ බ්‍රැන්ඩ් එක ඉතිං උඹ දන්නවනේ :..D
අන්න පත්තරේ කිව්වා වාගේ යුතුකන් දන්නා එකම එකා .කොහෙටද එන්න ඕන .රත්නපුරෙටද ? ඔන්න සෙනසුරාදා එනවා ...හැක් හැක්
Deleteජයවේවා කුරුට්ටෝ !!
යාළුවනේ කුරුට්ටා රත්නපුරේද............මලා.....
Deleteහුටා ,,,මෙන්න මේකා මලා .
Deleteකවුද එන්නේ නයිටක් ගහන්න යන්න
සංවිධානය ගල් බලකාය
බ්‍රෑන්ඩ් එක ගල්
මේකා නෙවෙයි.. මේකි.. වරද්ද ගන්න එපා.. (උඹ දන්නවනේ මං මිලිටරි ඉන්ටෙලිජන්ස් කාරයා කියලා..)
Deleteබොන්න තියනවානම් මමත් එනවා..
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
පද හදනවට කමියයියව කොටියම කාපිය........
Deleteවැඩක් නැ සබරේ ... ඒ දවස් වල කොටි මුන්ගෙන් කෑවා .....කාමියා කන්නේ මේ පාර ගෙදර ගියාම .මොකද මු දැන් දේදුණු පාට වෙලා ...හැක හැක්
Deleteඋඔගෙන් පොඩි මෙන්ඩට..
ReplyDeleteඕල්සෝ පත්තර පැටික්කිට ට …
Deleteමං බැලුව දැන්.. දොස්තර හොදහිත සීරිස් එකම තියෙනවා යූ ටියුබ් එකේ.. චන්දෙ නිවාඩුවට පොඩි ඩබලත් එක්ක බලන්න පුළුවන්.. :)
Deleteසියළුම බ්ලොග් දරුවන්ට සින්දු ඇනෝ මාමාගෙන් ....හැක් හැක්
Deleteකමියෝ ඒකනම් වැඩක් .දැන්ම බා ගනින් ...
පත්තර පැටික්කි කිව්වේ .....
හොඳම දේ දරුවන්ටයි !!!
Deleteටයි මාමාට පත්තර මල්ලිගේ රෙෂ්පට් එක !!!
ReplyDeleteමගේ රේෂ්පට් එක මෙන්න මේකට ටයි මාමාගේ "ෆ්ලෑෂ් බෑක් " .උඹ කොතැනක හරි මේක කිව්වා මතක් වෙලා තමයි දැම්මේ ..
Deleteස්තුතියි බෝක්කෝ ...
ටයි මහත්තයා වදන් පතියෙක්.බොහෝ අලුත් වදන් ඔහුගෙන් කලාවට උරුම උනා.පිස්සු හුටං කියන වචනයත් ඉන් එකක්.
ReplyDeleteඒකනම් ඇත්ත හැලප අය්යේ ...මේ තියෙන්නේ විස්තර ටිකක්
Deleteටයිටස් තොටවත්තයන් ගේ අණසක පවතින හඬකැවීම් ඒකකය තුළ පුංචි නාමපුවරුවක් දක්‌නට ලැබේ. "නිහඬවෙනු කට ඇරියොත් වචන ඔබනවා" යන මේ නාමපුවරුව බැලූ බැල්මට විධානයකි. එහෙත් මේ අපබ්‍රංසය බොහෝ දෙනෙකුට තේරුම් ගැනීමට අපහසුය.
අතුල රන්සිරිලාල් හඬකැවීම් ඒකකයේ ප්‍රධානියා වේ. ටයි මහත්තයා ගේ ප්‍රධාන ගෝලයාය. කිසිවකු ඔහුගෙන් අර නාමපුවරුවේ අරුත විමසයි.
".... ඔය අපේ ලොක්‌කගෙ වචන නෙ... සද්ද කරන්න එපා ඩබිං (DUBBING) කරනවා... කියන තේරුම නේ...."
රූපවාහිනී හඬකැවීම්වලදී ටයි මහත්තයා සුවිශේෂ භාෂාවක් යොදා ගෙන ඇත. (DUBBING STUDIO)) යන්නට ඔහු යොදා ඇත්තේ 'හඬ දෙකැවි මැදිරිය' යනුවෙනි. අධ්‍යක්‍ෂණය යන්නට ඔහු යොදන්නේ "අදියුරු" යන්නයි. විවේක කාලය හඳුන්වන්නේ "ඉඩිමුව" නමිනි. ජගත් රූපවාහිනියේ ඉමහත් ප්‍රසාදයක් දිනාගත් 'මපට්' සංදර්ශන හඳුන්වා දුන්නේ "අත රූ පැලැස්‌ස" ලෙසින් ය. බ්ලැක් ඇන්ඩ් වයිට් යන්නට දුන් තේරුම පොලිකිචි වර්ණය. දේශීය භාෂා ව්‍යවහාරයක් සිනමාවෙන් හෝ රූපවාහිනියෙන් බිහි වුණා නම් ඒ ටයිටස් තොටවත්තයන් ගේ වින්නඹුකම නිසා ය.
(http://www.divaina.com/2011/10/21/cineart01.html)
මේ අංශයෙන් මේ තරම් විශ්වකර්මයෙක් තවම බිහිවෙලා නෑ.
ReplyDeleteඑක නම් හීනයක් මදාවියෝ ....
Deleteස්තුතියි ..
ටයි මාමගෙ කාටුන් විතරක් නෙවෙයි ඇයි අර "සුරඟන කතා කරලිය" කියලා ගියපු නාට්‍ය සෙට් එක. "හඳයා" ෆිල්ම් එක. ජාතික එකේ ගියපු මපට් ශෝ එක. තව කාලයක් ගියත් ඒ ළමයිනුත් අපි වගෙම ඕවට ආසාවෙයි. ඔය සින්දු ටික මන් මටත් පාඩම්. මොකද තාමත් මං නොම්බර එකේ කාටුන් පිස්සෙක්.
ReplyDeleteමෙන්න මටම ගැලපෙන තවත් එකෙක් .මමත් තවම කාටුන් නම් අතාරින්නෙ නැ මචෝ ..
Delete"සුරඟන කතා කරලියේ " නාට්‍ය ටිකක්
• පිනොකියෝ
• හිම කුමාරි
• සුරූපී සහ විරූපී
• රැපුන්සල්
• ජැක් සහ මායා බෝංචි වැල
• සින්ඩරෙල්ල
ඔව් මචෝ... මං තාමත් හවසට කාටුන් බලනවා 4 ඉඳන් 6 වෙනකම්. අනික ඉතින් දැන් ස්කෝල නිවාඩුවට හැමදාම ටීවී එකේ යනවනෙ උදේට.
Deleteඅපිට කොහෙද පුසෝ මාළු ....අයි බොල අපි ගෙදර යනකොට 7 විතර වෙනවානේ ...
Deleteඋඹ තවම ඉස්කෝලේ යනවාද ?? මම හිතන්නේ පොඩි එකා එක්කගෙන වෙන්නැති ..හැක්
අපූරු ලිපියක් සිංදුවා .....අර කියල තිබ්බ වාගෙ දැන් කාලෙ හඬකැවීම් වල කොලිටිය කියල වැඩක් නෑ.. කාමරේ ඉඳන් සද්දේ අහන ඉන්නකොට සාලෙ වැල ෆිල්ම් එකක් යනව වගේ ඇහෙන්නේ.. ටයි මාමලාගේ අඩුව... හ්ම්ම්...
ReplyDeleteඔව් බන් වැල ෆිල්ම් වල යන සද්දේම තමයි ..හැක්
Deleteස්තුතියි සජ්ජෝ .
මේවා එකතු කරලා තියපන් දැන් පොඩ්ඩිට අහන්න දෙන්න ..
අනිවාර්යෙන්....
Deleteකුමාරතුංග මුනිදාස, අලවු ඉසි සැබිහෙල, ඊලියන්ද සිල්වා, ටයිටස් තොටවත්ත වගේ මේ සේරම එකම පලාතෙ අහල පහල ගම් වල එක විදිහට සිංහල බස පෝෂනය කරපු උත්තමයො.
ReplyDeleteඋඹ දැකල තීනවද තොටවත්ත මහත්තය රඟපානව ලෙස්ටර්ගෙ "මරුවා සමග වාසෙ"ෆිල්ම් එකේ මහාචාර්ය චරිතයකට.
"මේක හරියන්නේ නෑ...ඔය වැඩේ හරියන්නෙ නෑ...
චව් චව්...." සදා මතක වචන.
දැන් ඉන්න එවුන් කරන්නේ සිංහල බස භක්ෂණය කරන එකනේ ඉන්දික අය්යේ ...
Deleteචව් චව් වගේ එකෙක් අපේ ඔෆිස් එකෙත් ඉන්නවා ...
උඹලා නිදා ගත්තම මේ බ්ලොග් කෙරුවාවත් වල් වදිනවා සිංහයෝ .ඒ නිසා නැගිටිලා හිටු ..
ස්තුතියි ....
මූට කැප්ටන් දියරකුස් ගෙන් බෙහෙත් ටිකක් අරන් දෙන්න වෙනවා.. ආ..ටූ.. බී..ටූ.. කොම්පියුටර් ස්පීකින්.. ඔව් කියන්න මොකද්ද ප්‍රශ්නේ?
Deleteදිය රකුස්: මේකෙන් ඔප්පු වෙනවා දොස්තර හොඳ හිත මේ ලඟම ඉන්න බව. දොස්තර හොඳ හිත මේ පාර අපේ අතටම අහුවුණා වගේ මට පෙන්නේ.
Deleteචව් චව්: ඔව් හැමදාම අහු වෙනවා..
දිය රකුස්: මේපාර එහෙම වෙන්නේ නෑ.. දොස්තර හොඳ හිත අපේ අතේ .. දැන් දොස්තර කොටු වෙලා.. හොඳට අහගන්නවා යාළුවා දොස්තර හොඳහිත මේ පාර කොහෙද .. අපේ අතේ
චව් චව්: ඔව් අපි දොස්තර අතේ..
දිය රකුස්: චව් චව් වහනවා ඔය කට ..
චව් චව්: වෙන දේ මම කියන්නන් හුනා කිව්වා වගේ.. අපි දොස්තර අල්ලගෙන අල්ලගෙන යන කොට අන්තිමට දොස්තර අපිව අල්ලගන්නවා..
දිය රකුස්: අපි යන් අපේ බෝට්ටුවෙන් වරෙල්ලා..
චව් චව්: යං යං යං .. ඉක්මනට යං තම නා ගන්නත් බැරි උනානේ ..
දිය රකුස්: දිය රකුස් වැඩක් කලොත් එක හොඳට ඇති ආයේ ප්‍රශ්නයක් නෑ..
චව් චව්: ප්‍රශ්නයක් නෑ ආයේ හොඳට ගුටි..
ඒ බං ඔය දිය රකුස්ගෙ මූණ නිකං අකිල විරාජ් කාරියවසම්ගෙ වගේ..
Deleteමුනිදාසගෙ මුණුපුරා කියන එකානම් මෙලෝකමකට නැහැ. ඌ සීයව අගේට නිරුවත් කරනව.
Deleteටයි මාමා තව "රසාර" "අම්බලමේ පිනා" කියලත් වැඩ සටහන් 2ක් කලා.ඒකේ පිනාගේ සිංදුවේ තිබුනා
ReplyDeleteහට්ටි මුට්ටි මූඩි ඇතිලි
හැලි කළගෙඩි ගුරුලේත්තු
කද පුරවන් කරේ තියන්
ගමේ ගෙවල්ගානේ යනවා
කියලා සිංදුවක්.ඉස්සර ඉස්කෝලේ යුගලපද ලියන්න කිවුවහම මම ඕකෙන් තමයි පටන්ගන්නේ.මේකේ නැති තව චිත්‍රපටියක් තමයි les miserables.(සිංහළ නම මතක නෑ බං).ඒකේ එක දෙබසක් තියනවා නම ඇහුවහම කියන "ජෝන් වැල් ජෝන්" කියලා.ඒක මට තාම මතකයි.
ටයි මාමා කියන්නේ අපිට නියම ළමාකාලයක් දුන්න දෙවිකෙනෙක්.....
මතක්වුනා.ඒකේ නම "මනුතාපය".
Deleteමෙන්න "මනුතාපය"
Deleteස්තුතියි කසුට්ටෝ විස්තර ටිකට ..මතකද "බගල වති ස්කොලේ හාමිනේ " ....
පුදුම සුන්දර අතීතයක් අපිට දීපු ටයි මාමා ට නිවන් දකින්න කියන්න ලෝබයි මචෝ ...
දැන් කියපන් බලන්න ඔය සින්දුවේ උබ කියල තියෙන කොටහේ යුගල පද කියල තියෙනවද කියලා.. උඹ සිංහල ෆේල් වෙන්න ඕනි අනිවාර්යෙන්ම.. හැක හැක හැක..
Deleteඇයි කමියයියේ හට්ටි මුට්ටි. දෙකක් නෑ මෙයා නම් ෆේල්ම තමා (මේවා හොයන්නේ මට පද හදනවටෝ)
Delete"අවධාරණය සඳහා ද්විත්ව ව යෙදෙන ඇතැම් පද එක් ව හෝ කෙටි ඉරක් සහිත ව හෝ ලිවිය යුතු ය. (ජාතික අධ්‍යාපන ආයතනය ) හැක හැක ..
Deleteඅඩේ,ඔය අම්බලමේ පිනා එකේද අර ඔලුව ලොකු බුවා එන්නේ ( බුවාගේ නම ඩිගිසි මෝටාද කොහේද) ජොලි කටහඬකුත් එක්ක
Deleteඅඬි ඩිගී ඩිගිසි මෝටා වත්ත පහල කෙසෙල් කපා කියලා සිංදුවකුත් ගහගෙන?
රසාර එක පටන් ගන්න කොට යන සංගීතය මතකද ?
Deleteරූපවාහිනී සජීවීකරණ කලාව ලාංකික කරණය තමයි ඔහු කල විශ්මිත ක්‍රියාදාමය. රූපවාහිනී ආයතනය ඔහු නිසා ආලෝකවත් වුනා. සජීවීකරණයේ අද තියන බොහෝ දේ ඔහුගේ මූලාරම්භය තුලින් ඇතිවූ බව නොරහසක්. කාර්මික ඥානයත්, සාහිත්‍ය ඥානයත්, එකවිට මෙලෙස පිහිටා තිබීම තුලින් තමයි ඔහු විශිෂ්ඨයකු වන්නේ.
ReplyDeleteටයි මාමා මේ දේවල් කරන කාලේ රුපවාහිනිය තාක්ෂනය සහ පහසුකම් අතින් ඉතාම පහල අඩියක තිබ්බේ, ඒ නිසා මහා විශාල දේවල් නොවුනත් ඒ දේවල් කරන්න සෑහෙන මහන්සි වෙන්න සිද්ධ වුනා
Deleteඉවාන් කියනවා වාගේ අඩු පහසුකම් මැද මේවැනි විශිෂ්ට නිරමාණ කරන්නනම් විශිෂ්ඨයෙකු වෙන්නම ඕනෑ ...
Deleteස්තුතියි විචා ...
පිස්සු පූසගෙ වචන මම හොයහොයා හිටියේ. සිංදුවා ඒක කියන්නේ ෆ්‍රෙඩී සිල්වයැ බං? ගැමුණු විජේසූරියනෙ.
ReplyDeleteඔව් .. ඒ සින්දුව කියන්නේ ගැමුණු විජේසුරිය තමා
Deleteඩුඩ් අය්යේ ඔය සින්දුව තැන් දෙක තුනකම මගේ අතින් ගායකයා වැරදිලා තියනවා ...මම මේ සින්දුව සේව් කරගෙන තියෙන්නේ "ෆ්‍රෙඩී" ගේ ගීත ලිස්ට් එකේ .එක නිසා වැරදිලා ...මගෙන් උන වැරැද්දට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ....
Deleteබොල. චෝදනාවක් කලා නෙවෙයි. උඹේ පෝස්ට් එක අංගසම්පූර්ණ වෙන්න පොඩි සහයෝගයක් දුන්නා විතරයි.
Deleteමම ඕං YouTube ගිහින් පිස්සු පූසා බලන්න ගත්තා ඒක නිසා අලුත් වෙච්ච මතකයෙන්.
ඒවයේ ක්වොලිටිය නම් 360p තමයි උපරිම. හොඳ ක්වොලිටි ඒවා නැද්ද බං?
මටත් තියෙන ලොකුම ප්‍රශ්නේ ඔය කොලිටි කේස් එක.. අපේ ඩබල ෂුවර් එකටම උදැල්ල දානවා මට 'මේක පුස් කාලා' කියලා.. හැක හැක හැක..
Deleteඩුඩ් අය්යේ එකනේ මම කියලා තියෙන්නේ වැරදි පෙන්නලා දෙන්න කියලා ..හැබැයි මට මතකයක් තියනවා මේ සින්දුවේ ෆ්‍රෙඩි කියන එකකුත් තියනවා වාගේ ...අනේ මන්දා ..බලමු හොයලා ..ස්තුතියි
Deleteකමියෝ ඉංග්‍රීසි එකනම් තියනවා කොලිටියට ....එත් වැඩක් නැ ඇඟට දැනේනේ නැ .හැබැයි "අර කොට්ටෝරුවාගේ " කතාවනම් මරු ..උගේ හිනාව ...
උදේ අපි දෙන්න බැලුවා එකක්. ඒකෙ ඩබිං අප්සෙට්. synchronization පොඩ්ඩක් අවුල්. කට පළමුව. දෙබස් පසුව.
Deleteසක් මේ පොස්ට් එක කියවන්න , එන්න පරක්කු වුනානේ .. කොහොමත් ටයි මාමා අපේ ලමාකාලය රසවත් කරපු වීරයෙක්, හැබැයි එයත් එක්ක එක දවසක් හරිවද කලානම් ජීවිතේට අමතක නොවන පාඩමක් ඉගෙන ගන්නවා සත්තයි.
ReplyDeleteඅතුල රන්සිරිලාල් මහත්තයා නම් වැඩ කරන්න අමාරු කෙනෙක් නෙවෙයි, හැබැයි ටයි මාමා තරම් ලෙන්ගතු පුද්ගලයෙකුත් නෙවෙයි. ඒ කාලේ හඬකැවීම් දිරිය ඇතුලේ හිටපු සොඳුරු ආඥාදායකයා තමා ටයි මාමා
"නිහඬවෙනු කට ඇරියොත් වචන ඔබනවා"
Deleteපරක්කු වෙලා හරි උඹලා ඇවිත් දෙයක් කියලා යන එකම මදිද මචෝ ...
මර මතකයි "රොබින් හුඩ් " බලලා ඉවරවෙලා කොල්ලෝ ටික දෙකට බෙදිලා රොබින් හුඩ් කරනවා .ලි වලින් කඩු හදලා ,දුනු හදලා සෙල්ලම් කරනවා .කවුරුත් අපිට තහංචි දාන්න අවේ නැ ..ටිකක් රෑ වෙලා ගෙදර ගියාම "ලිස්බන්ලා " සෙට් එක දෙනවා පස්ස රත් වෙන්න ..හැක් හැක්
පුංචි කාලේ ඒ අතීතේ
පුංචි කාලේ ඒ අතීතේ
යාළුවෝ වගේ බැඳී
ඉන්න ඇත්නම් රංචු සෑදී
ආයෙ ඒ ළමා ලොවේ ...//
ඒ අතීතේ සේ නිදැල්ලේ
යාළුවෝ කැලේ පීරලා ...//
පේර නාරං කීන මා දං
ගේනවා එදා වගේ
නිල් ජලාශේ පාවි පාවී
මාළුවෝ වගේ පීනලා ...//
බාල කාලේ උන්නු තාලේ
පේනවා එදා වගේ
පුංචි කාලේ ඒ අතීතේ
යාළුවෝ වගේ බැඳී
ඉන්න ඇත්නම් රංචු සෑදී
ආයෙ ඒ ළමා ලොවේ ...//
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
ඒයි.. ඔන්න අද මමයි රොබින්.. උඹ ගිස්බන් වෙයන්.. (හැබැයි මම ආසම උනේ නසියර් වෙන්න.. කඩු දෙකක්ම තියෙනවනේ..).. ඇඬේනවා ඕයි..
Deleteඅනේ ඔව් බන් අර පුවක් කොලපත් වලින් කඩු කොපු හදාගෙන ....ජෝන් ගේ වාගේ තඩි පොලු අරගෙන ..වට පිටාවේ තිබුන ගස් ඉවරයි ප්‍රැක්ටිස් කරලා ..හැක හැක් .ගයක් උද ඉඳලා අත් දෙක එකතු කරලා අර කොබෙයියෙක් වාගේ ගහන විසිල් එක ...
Deleteමං ආස කලු රොබින්ට බං.මගෙ උසට පත දුනු හදාගෙන දෙයියනේ අපි ගත්තු ආතල්.
Delete// මං ආස කලු රොබින්ට //
Deleteහුකෑස් ..
අම්මප කියපිය .. :D
මල්ලි ආස ටෑන් පාටටලු පත්තරේ ...හැක් හැක්
Deleteඅවුලක් නැ දැන් හොස්ටල් එකේ නොවැ ඉන්නේ ...හැක් හැක්
ටයි මාමා තරම් වීරයෙක් අපේ ළමා කාලයේ හිටියේ නෑ.. දැන් තියෙන හඬකැවීම් එක්ක බලද්දී අපේ කාලෙනේ ගෝල්ඩන් ඒරා එක.. වාසනාවක් ඒ කාලේ ඉපදුන එක..
ReplyDelete//වාසනාවක් ඒ කාලේ ඉපදුන එක//
Delete+++++++++++++++++++++
මෙන්න මේකනම් මටත් හිතෙනවා දිනේෂ් ...
ජයවේවා !!
අඩේ උඹට පිංසිද්දවෙනව මේ සින්දු ටිකට.ආයෙ ලැජ්ජවෙන්න ඕනියෑ,තාමත් මේ කාටුන්වලට සින්දු වලට මමනම් මාර පෙරේතයි.අද කාලෙ කාටුන්නම් අනේ මන්ද මෙලෝ රහක් නෑ.අර තුන ඩී කාටුන් වැඩක්ම නෑ. ඇයි තව මෑත අතීතෙ කාටුන්, හයිලෑන්ඩර්,ටොම් ඇන්ඩ් ශීනා,නයිල් නදී කුමරි... සුපිරි බං.
ReplyDeleteඅඩේ උඹට පිංසිද්දවෙනව මේ සින්දු ටිකට.ආයෙ ලැජ්ජවෙන්න ඕනියෑ,තාමත් මේ කාටුන්වලට සින්දු වලට මමනම් මාර පෙරේතයි.අද කාලෙ කාටුන්නම් අනේ මන්ද මෙලෝ රහක් නෑ.අර තුන ඩී කාටුන් වැඩක්ම නෑ. ඇයි තව මෑත අතීතෙ කාටුන්, හයිලෑන්ඩර්,ටොම් ඇන්ඩ් ශීනා,නයිල් නදී කුමරි... සුපිරි බං.
ReplyDeleteඅපි නොදන්නවැයි උඹ දෙක වසරෙ පොඩි එකා කියල :D . ඕ යේස්.
Deleteකාරි නෑ බලහං බලහං ..
කවුද බන් කාටුන් වලට ආස නැත්තේ ......
Deleteජයවේවා මචෝ !!!
@පත්තරේ දෙක වසරේ පොඩි එකා නෙවෙයි බන් තාම එක වසරේ .... :-)
ටයි මාමා දැක්කම කතා නොකර කෝමැයි
ReplyDelete//මම සිතින් පුංචි ළමයෙක්
මේ කතාව කීන තව එක්කෙනෙක් සිබිල් වෙත්තසිංහ නැන්දා
//ලූප්වලට කැඩීම
මේ කියන ඉලව්ව මොකක්ද කියලා බෝ දන්නවද
අඩේ මතකද ටයි මහත්තයා මුලින්ම හඬ කවපු කෙටි කාටුන් සෙට් එක
(අනුර මාධව ලොක්කටත් ඒ ටික මිස් වෙලා වගේ )
නරියා සහ කේජු කෑල්ල- මෙතන තියේ මුල් එක
නරියා පික්නික් යන්නේ "මඟ හිඟන කොටත් උණු උණු බත් කන්න ලැබෙනවා" බෙග් මාස්ටර්ගේ සින්දුව ගහගෙන
නරියා මිදි කන්න ට්‍රයි එක දාන කොට කපුටා කින්ඩිය දානවා නරිහාමි විසිහත් වන වතාවටත් සාර්ථකව අසාර්ථක වෙනවා කියලා
කතාව ඉවර වෙන්නේ මම කොළඹ කාක්කෙක් නරියෝ,කොළඹ කාක්කෙක් කියලා
තව ගල් වඩු බාස් කෙනෙකුයි ලී වඩු බාස් කෙනෙකුයි නගරයේ පාලම තරඟයට හදන හැටි( ඒකෙ නම මතක නැතෝ)
"සටන් කරමු, සටන් කරමු, සටන් කරමු, කරමු කරමු" කියලා වලිය පටං ගන්නවා
වලිය අතර මඟදී එකෙක් කියනවා නොදෝකින් උඹේ පතෝල මැස්ස කියලා අනෙකා කියනවා අනේ උඹේ මිරිස් ගල කියලා
පට්ට නාකි පුංචි අපේ පුංචි කාලේ සුන්දර කරපු මේ අයට පිං සිද්ද වෙන්න ඕනෑ
සාදරයෙන් පිලිගන්නවා සිරිබිරිස් ලොක්කෝ ...ඔබතුමාගේ මේ කොමෙන්ට් එක නිසා මේ පොස්ට් එකට තවත් තවත් වටිනා විස්තර ටිකක් එකතු වුනා .....ඔය කාටුන් වල ටයි මාමා කරපු එක හොයා ගන්න නෑ සිරෝ ...දුක තමයි
Deleteජයවේවා !!
බොහොම ස්තුතියි ඔබගේ වටිනා තොරතුරු වලට ...
ටයි මහත්තයා එක්ක ලගින් වැඩ කරපු ස්ටැන්ලි හෙට්ටිආරච්චි කියන ලංකාවෙ රූපවාහිනිය තුල අලෝකකරණයෙන් බොහෝ දේ කරපු ඉංජිනේරුවරයාගෙන් වීඩියෝ සංස්කරණය ඉගෙන ගන්න මට අවස්ථාව ලැබුනා. ඒ කාලෙදි එතුමා ගොඩාක් ටයි මහත්තයා සම්බන්ධ කථා අපි එක්ක කියා තිබෙනවා. බෑයි කියලා බෑයි කියලා බෑ කියන ගීතය ප්‍රේම්ට ලියන්න දුන්නට ඒ වැඩේ නොකර ප්‍රේම් කල් මරමින් හිටිය වෙලාවක ටයි මහත්තයගෙ ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් ඒ ගැන ප්‍රේම්ට දොස් කියලා බෑයි කියලා බෑ මේකෙ කොහොම හරි කරපං කියලා. ඒ මුල් වචනම අරගෙන තමයි ප්‍රේම් සින්දුව ලියලා තියෙන්නෙ.
ReplyDeleteස්තුතියි සිරා කොලුවෝ .....
Deleteඅයුක්තියට ඉඩ නැතේ
ReplyDeleteයුක්තිය ලොව රජ වෙතේ
වෛරෙන් වෛරය නොවේ..
මෛත්‍රියෙන් ජය ලැබේ.......//
ඔය කාටූන් ටික එකක් නෑර බැලුවා.
අදටත් ඔය සින්දු ඇහෙනකොට මට හිතෙන්නෙ මන් තාම පුන්චි එකෙක් කියලයි.
අද තමා මේ පත්තෙ ආවෙ.
මගේ සිතගිය තැන් වලත් ඕන් එල්ල ගත්ත.
තෙලිදිය වාඩිය පැත්තෙත් ඇවිත් යන්න එන්න සින්දු.
ආදරයෙන් සාධරයෙන් පිලිගන්නවා තෙලියෝ .....පුළුවන් හැම වෙලාවකම තෙලිජ්ජ ඩිංගක් සප්පායම් වෙන්න එන්නම්කෝ ..
Deleteජයවේවා !!!
ටයි මාමා ජීවිතෙන් සමු අරන් අදට වසර 4 ගෙවිලා
ReplyDeleteමේක කියවනකොට උන් හිටිතැන් අමතක වෙලා ආපහු එකපාටම පැටිය සන්දියට ගියා ... ආපහු එන්නෙ නැතිව එහෙමම ඉන්න පුළුවන් නම් ....
ReplyDeleteඉතා අලංකාර ගීත රැසක් ලබාදීම ගැන ස්තුතියි! දරුවන්ට පෙන්වීමට සෙව්වද මෙයින් සමහරක් ගීත youtube හි නොමැති වීම ගැන කණගාටුයි.
ReplyDelete