පියගුණ ගී කලින් පොස්ට් එකේ දාපු නිසා මේ ගමන මව් ගුණ ගී ටිකක් දාන්නම් .කලින් එකේදී මම ඉල්ලා හිටියා පොස්ට් එකේ නැති සින්දු මතක් කරන්න කියලා .බලමු මේ පොස්ට් එකේදී වත් මතක් වෙයි ද කියලා .මව් ගුණ ගී නම් පොස්ට් කීපයක් දාන්න වෙයි වාගේ ....
01-ආදරයේ උල්පත වූ අම්මා
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ...
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී...
සඳ දිය කොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූවා...
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා...
ආදරයේ උල්පත වූ...//
තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැදී
ගෙන දී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා...
ආදරයේ උල්පත වූ...//
ගායනය හා සංගීතය -වික්ටර් රත්නායක
පද රචනය- ප්‍රේමකීර්ති ද අල්විස්
මෙතැනින් අහන්න
02- මිහි මඬලේ අඳුරු කුසේ
මිහි මඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා..
අහස් තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා..
නිල් දෙරණේ තුරුලිය මත
මල් සම්පත අම්මා..
තුරුලිය මත පිපි කුසුමේ
පර සම්පත අම්මා...
සිය දහසක් නෙක ලෝදා
එළිය කරන අම්මා..
සොලොස් කලා පිරි පුරහඳ
එළිය කරන අම්මා...
මිහි මඬලේ අඳුරු කුසේ...
සඳ නැති රෑ සක්වල තරු
එළිය කරන අම්මා...
උදා ගිරෙන් ලොවට අදින..
ලහිරු මඬල අම්මා...
මිහි මඬලේ අඳුරු කුසේ...
ගායනය/සංගීතය : නන්දා මාලනී
පද රචනය :ඩබ්ලිව් ඒ. අබේසිංහ
මෙතැනින් අහන්න
03- සියක් ආයු ලැබ
සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් - ඔබ ජීවත් වේවා
මෙතේ බුදුන් කල ලොවේ උතුම් ළඳ
විශාකාව වේවා
මහා පොළොව සේ නිහඬ නිසංසල
ඔබේ දයාබර හදින් ගලා එන
ආදර ගීතය ලොව සනහාලන
බුදු බණ පදයක් වේවා
ගතේ රුහිරු ලේ කිරි පෙව් සෙනෙහස
සුවඳ ගලා ගිය ඔබෙ මව් හදවත
නිවන් පුරට යන මංපෙත හෙළි කළ
පහන් ටැඹක් වේවා
ගායනය : ටී.එම්. ජයරත්න
පද - රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය - එච්.එම්. ජයවර්ධන
මෙතැනින් අහන්න
04- කඳුළු හෙලා නෑඹිලියට
කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා
සුසුම් හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා
වෙල් දෙණි වල ඇවිද ගොසින්
වෙරළු ගෙනැත් අම්මා
ඉණි වැට ළඟ බලා හිදී අපි එන තුරු අම්මා
මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
අම්මාවරුන් දුක් වින්ඳා හඬාලා
දරුවන් අනේ රජ වෙන තුරු මග බැලුවා
දුක සැපබලන්නට නාවත් සෙත් පැතුවා
දරු සෙනෙහසින් මුහුඳත් කඳුලක් කරවා
බුදුවන පුතුන් හට ඇය ඉණිමං තැනුවා
පද රචනය: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය: බන්ධුල විජේවීර
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
මෙතැනින් අහන්න
05 - කසාවත ගත දැවටි
කසාවත ගත දැවටි ඇති මට
නුඹේ මළ ගමදී
වටා පතගෙන නුඹේ ගුණ කඳ
කියනු බැහැ අම්මේ//
සියක් මවු ගුණ කියා ඇතිමුත්
සෙනෙහේ සිතුවිල්ලෙන්
බිදක් නුඹේ ගුණ කියනු කොහොමද
නෙතග කදුළැල්ලෙන්...//
කසාවත ගත........
පෙරුම් පිරුවත් සසර කතරෙහි
යළිත් හමුවේ නම්
නිවන් දක්නට එක්ව පැතුමක්
පතන්නම් සෙනෙහෙන්...//
කසාවත ගත........
ගායනය - ටී.එම්. ජයරත්න
පද රචනය - කැටවල බුද්ධසිරි හිමි
සංගීතය -අශෝක කොවිලගේ
මෙතැනින් අහන්න
06 - කරුණා සුවඳ තවරාලූ
කරුණා සුවඳ තවරාලූ හද පියුමේ
මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
ලේ කිරි කරලා මට පොවලා
මා හැදු වැඩු අම්මේ
පුංචිකාලෙ දණ ගාගෙන යන විට
නැගිටින්නට අත දුන් අම්මේ
හොඳින් නරක දේ වෙන්කරලා
ඔවදන් දුන් අම්මේ
මතු සංසාරෙදි ඔබේම පුතු ලෙස
උපදින්නට පතනෙමි අම්මේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
බඩගිනි වීලා හැඩු විටදී
මට බත් කැවු අම්මේ
පාසල් යවලා උගන්නලා මට
මා ලොකු මිනිසෙකු කළ අම්මේ
ආදරයෙන් මට අඩගහලා
පුතා කියූ අම්මේ
ඔබ මතු බුදුවී දහම් දෙසන විට
මමත් නිවන් දකිනෙමි අම්මේ..........
ගායනය - නිහාල් නෙල්සන්
ගී පද - කොලින්ස් අලුත්ගේ
මෙතැනින් අහන්න
07- දවසක් පැල නැති හේනේ
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායනතුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ
නුවර වීදි යටකරගෙන
නින්දා වැහි වැගිරුනදා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ
කොළඹ අහස කළුකරගෙන
මුහුදු හුළඟ හඬලනකොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මම එනතුරු ඉදිකඩ ළඟ
ඉන්නවාද අම්මේ
ගායනය /සංගීතය - ගුණදාස කපුගේ
පද රචනය - රන්බණ්ඩා සෙනෙවිරත්න
මෙතැනින් අහන්න
08- වෙහෙරක් වගේ
වෙහෙරක් වගේ පිංදුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ....
සයුරක් වගේ කිරි දුන් කෙනෙක්
වෙරළක් වගේ පණ දුන් කෙනෙක්
ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ....
කදුළක් වෙලා දුක් වූ කෙනෙක්
දියඹක් වෙලා තුටු වූ කෙනෙක්
ගගුලක් වෙලා පැන් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ....
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ගී පද -පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
09- සොම්නස හෝ සන්තාපය
සොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවේ සිහිවේ අම්මා
කරුණා ගුණයේ සාරය සොයලා නිමකට පිළිරුව අම්මා
ආදරයේ බලමහිමේ රතු ලේ සුදු වූවා
මෑණිය ගේ සෙනෙහසිනේ රට ජාතිය හැදුවා
නිල්මිණි රන්කැට මේවා ඕනේද ඕනෑ නෑ ළග අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා
පාවෙන සුළගේ සිසිලස මවමින් පෙන්වයි සාමය අම්මා
ජීවනයේ පුජාවෙන් පිදුවත් මදි අම්මා
නිල්මිණි රන්කැට මේවා ඕනේද ඕනෑ නෑ ළග අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා
ගායනය / සංගීතය -සුසිල් පේ‍්‍රමරත්න
ගී පද - සරත් විමලවීර
10- ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් සිත නෑ නිදි විඳ ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැනනින්දේ හීන දකින්නේ
මහ මායාවනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ
ගමට කලින් හිරු....
වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙන විට විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවට ඇවිලෙන පහන් වැටක් වී තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විශාකාව වී මෙත් මග නෙත් හමුවේවා
ඇත් රැජිණියනේ ඔබෙ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා
ගමට කලින් හිරු....
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ගී පද /සංගීතය - සුනිල් දයානන්ද කෝනාර
.....................................................................................................
ප .ලි
වැරද්දක් තියනවානම් නිවැරදි කරගන්න පෙන්නලා දෙන්නෝ ............
ජය වේවා ..
-----------------------------------------------------------------------------
වැරද්දක් තියනවානම් නිවැරදි කරගන්න පෙන්නලා දෙන්නෝ ............
ජය වේවා ..
ඇයි බං සංගීත්ගේ “ගායෙන් මම මුදවලා“, චාමරගේ එකකුත් තියෙන්නේ ලස්සන එකක්
ReplyDeleteදේශකයෝ , තියනවා මචෝ තව ගොඩක් .ඒවත් දාන්නම් තව පොස්ට් එකකින් .නැත්නම් මම මොනවා ලියන්නද බන් ? යෙලා යෙලා...
Deleteගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කාර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
අම්මා.........
(සංගීත්)
නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා
දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවා
මා ආදර මගෙ අම්මා
(චාමර )
නියමයි බොකකටම වැදුනා
Deleteපෝස්ට් කිහිපයකට දාන නිසා සිංදුගේ ඉදිරි පෝස්ට් වල අපිට මතක් වෙන අනෙක් ගීත වැටෙයි. උඹට අපි සිංදු මතක් කරන එක දොස්තරට අපි බෙහෙත් කියනව වගේ මෝඩ වැඩක් බං. ඒත් විජය කුමාරතුංගයන් ගයන මේ සිංදුව මතක් කරන්නම්, පද රචනයයි, සංගීතයයි නම් හොයාගන්න බැරිවුනා මචෝ.
ReplyDeleteතව ටික දොහයි මාසේ අන්තිම වෙන්න
මගෙ රත්තරන් අම්මේ මං පඩි අරන්
අද හෙට එනතුරු ගමට
තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි උඹට..
වනන්තරේ මහ රූස්ස ගහ කොළ බිමට සමතලා කර අම්මේ
රාස්සයින් වගෙ යන්ත්‍ර සූත්තර මහ සද්දෙන් යනවා අම්මේ
සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා වේල්ල බඳිනා හැටි අම්මේ
බලාන ඉන්නට උඹවත් දවසක එක්කරගෙන එන්නම් අම්මේ..
බින්තැන්නේ මං දහ දුක් විඳලා මෙදා ගමට ආ දා අම්මේ
උඹේ අතින් මගෙ දෑතේ කරගැට අතගාලා නාඬන් අම්මේ
මහියංගණයේ හේවිසියේ හඬ හැන්ඳෑවට ඇහුනම අම්මේ
සිල් අරගෙන නුඹ ඉන්නා තාලය අනේ මතක් වෙනවා අම්මේ
වත්ත පහල පොල් අතු ඇහිදින්නට උදෙන්ම යන්න එපා අම්මේ
උදේ රැයින් ඔය පිනි බාලා උඹ ලෙඩා දුකා වෙයි මගෙ අම්මේ
ගිනි මද්දහනේ බැරි බැරි ගාතේ ගම්මැද්දේ නොගිහින් අම්මේ
රැයක් නෑර මට හීනෙන් පෙනි පෙනි මං එනතුරු ඉඳහන් අම්මේ
//උඹට අපි සිංදු මතක් කරන එක දොස්තරට අපි බෙහෙත් කියනව වගේ මෝඩ වැඩක් බං//
Deleteපිස්සුද මනෝ ..මමත් මේ හොයලා තමයි බන් දාන්නේ .උඹල මතක් කලොත් මම ලියන්නම් .ඔන්න ගුවන් විදුලියේ තැටි ගබඩාවේ වාගේ ජොබ් එක කළා නම් මමත් පොරක් මචෝ .
තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න...
ගායනය -විජය කුමාරතුංග
ගී පද - අජන්තා රණසිංහ
සංගීතය - එච්. එම්. ජයවර්ධන
\\ඔන්න ගුවන් විදුලියේ තැටි ගබඩාවේ වාගේ ජොබ් එක කළා නම් මමත් පොරක් මචෝ . //
Deleteකොහොමත් උඹ ගුවන් විදුලියේ තැටි ගබඩාව වගේ තමයි බං.
එකා උස වැඩයි මචෝ .....මාව හිමිහිට බිමින් තියපන් .
Deleteඋඩම උඩම.. ඇයි බිම.
Deleteඋඹ දන්නේ නැද්ද බන් මට උස් තැන් වල ඉඳන් බිම බලන්න බැ .කලන්නේ හැදෙනවා ...
Deleteමෙතන මේ අම්මල ගැන කියවෙන නිසා මං කියන්නෑ බොලා දෙන්නට...උඩ ඉන්න හැටි.
Deleteඅනේද කියන්නේ විසිටරයෝ .... අපි නොදන්න චෙස් .නැද්ද හා
Deleteමචෝ බ්ලොග් එකට ආවම පෝස්ට් බලන්න හිතෙන්නෙ නෑ බං. උඹ එහෙන් මෙහෙන් එල්ලලා තියෙන ගැජට් වලට දාල තියෙන සිංදු කොටස් දැක්කම පිස්සු හැදෙනව බං. පුදුම ආසාවක් දැනෙන්නේ. උඹ සුපිරියටම හදලා. හෙඩර් එකත් පුදුම ලස්සනයි බං.
ReplyDeleteඇත්ත කතාව... \,,/
Deleteහැක් හැක් ...කොහොමද අපේ මාතලන් බොලොග් පන්තියේ වැඩ .
Deleteස්තුතියි -
බ්‍රෑන්ඩ් එක ගල්
කියලා වැඩක් නෑ මනෝෂ්.
Deleteසින්දුවෝ, මාතලං චිත්‍රපටියෙන් සින්දුවක් හොයල දාපං පොරට උපහාර පිණිස.
විසිටරයෝ යකෝ උඹ කොහොමද දැනගත්තේ මම එහෙම කරයි කියලා ...එකක් නවෙයි බොලන් ඔක්කොම දානවා වෙනම එකකින් .සින්දුම 12ක් තියනවා මචෝ ...
Deleteබයිට් එකට වනචර ප්‍රියා...හුටා නෑ නෑ ඌරා
Deleteඅම්මා ජීවන උයන් තෙරේ.... චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.
ReplyDeleteඋකුලට නාවත් එදාවගේ .. මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ.
කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල් මට සෙවනැල්ලක් වෙයි
සුවද ඔබේ අම්මේ
අත පය දැඩි වී වැඩිහිටි වූ මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි දිය රැස් දහරේ
මතු මතු දා අම්මේ
මා ඔබ ලග අම්මේ.
මේ සිංදුව මතක් උනේ අම්ම ගැන සිංදු බලාගෙන යද්දි.
"කම්හලේ පියස යට කඳුළු මල් පිබිදුනේ ඒ කඳුළු මල් තමා කාසි රුපියල් වුනේ"
Deleteමචන් කම්මලේ උඹේ නම දැක්කම මට මේ සින්දුවමයි මතක් වෙන්නේ ..හැක්
ඊළඟ එකට මේ දෙකත් දාමු මචෝ ,...
අම්මා ගැන ලියවුනු සේරම ගීත දැම්මොත් සින්දූර්ගෙ පෝස්ට් එකත් අම්පාර අපේක්ෂක ලැයිස්තුව වගේ වෙයි නේද?
ReplyDeleteඅම්පාරෙ ලිස්ට් එක පරදවමු - සිංදුවා දිනවමු.
Deleteදෙවෙනි බුදුන් ලෙස
ලොවම උවම් කල
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලඳ
අම්මා.....අම්මා....අම්මා
සුනිල් එදිරිසිංහ
එකනේ මදාවි මම සින්දු පොඩ්ඩක් දැම්මේ.අම්පාර ලැයිස්තුව මොකක්ද කියලා හිතෙනවා මචෝ අම්ම ගැන තියන සින්දු ඔක්කෝම ලිව්වොත් ..
Deleteස්තුතියි කම්මලේ මචෝ ...
බ්‍රෑන්ඩ් එක ගල්
අර සී.ඩී. කඩවල අඳෝනා කියන කවි ටික දාන්න ගත්තනම් සින්දූර් මාසෙකට ඇතිවන්න පෝස්ට් තියේවි.
Deleteඅනේ මචෝ මට ඔය සීඩී එක මතක් වෙද්දීත් ඔලුව රිදෙනවා ....අඳෝනාත් අහලා තියනවා එහෙම එකක් ..
Deleteඅනේ අම්මේ දැන් පිය ගුණත් ගහලා මචෝ ඒ ගායක සාදු...
ඔය කිව්වෙ අර අම්ම ලැට් එකට ගිය හැටියි, නාන්න ගිය හැටියි, දිය රැද්ද හෝදල වනපු හැටියි ගැන කියන අඳෝනාව නේද?
Deleteඅන්න හරි මචෝ ...
Deleteසින්දුවාගෙ ආරම්භය මාර ආදර්ශමත් නේද මනෝෂ්. ඉස්සෙල්ලම ආරාධනා, ඊට පස්සෙ පිය වරුණ, දැන් අම්මා වරුණේ. මූ කොහොමත් කලා රිටක් නේ. හැක්.
Deleteමචංස්ලා, CD කඩ මග ඇරලා වෙන පාරවල්වලිං ගියා මාත්. අම්මට උඩු, අපේ අපතයො රිඟිං ටෝං එකටත් දාගෙන ඒ පාර. මක්කොරංටද, අහං ඉන්නවා ඉතිං.
පද වැලට හිතයන්නේ හරිම අඩුවෙන් මචන් සංගීතයටම හිත යන නිසා.
ReplyDeleteඑක නිසා මග හැරුන ගීතයක් වත් මතක් වෙන්නේ නෑ.
එහෙම කොහොමද ලොකු අය්යේ එකක්වත් මතක් කරපන් ....
Deleteසංසාරෙ සරණ තුරු මා
ReplyDeleteසංතාප ගින්න නිවලා
ඉර පාන නුඹයි අම්මා
වදිම් වදිම් සදා......
නොයෙල් රාජ්.
ඊළඟ වටයට ඔබව රැගෙන යනවා
Deleteස්තුතියි
තව ගීතනම් තියෙනවා තමයි...... ඒත් සින්දුවාට මොනවා කියලා දෙන්නද සින්දු ගැන...
ReplyDeleteහරි අගේ අැති ඒකතුවක්.............. දිගට ම ලියාගෙන යමු... අපි ඉන්නවා ගීත රසවිදින්න... නියමයි සින්දු මචං.......
අනේ එකක්වත් කියපන් මචෝ ......
Deleteස්තුතියි කුරුටු ..
නියමයි. ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා, දවසක් පැල නැති හේනේ මම ආසම සින්දු දෙකක්. මෙතන තියෙන සමහර ඒවා අහලවත් නෑ... ඒක හින්දා හරිම වටිනව මේ වැඩේ.
ReplyDeleteමෙන්න තව දෙකක්:
අම්මේ මතකයි නම් - රනිඳු
අම්මේ මං නුඹට ආදරෙයි - 6th Lane
අශාන් තැක්ස් මචෝ ..මචෝ මෙතැන මම දැම්මේ ගොඩක් ජනප්‍රිය සින්දු ටිකක් .මේතැන තියන ටික අහලා නැහැ කිව්වම පුදුම හිතුනා ... තව ගොඩක් තියනවා .ඒවාත් අහන්න එන්න
Deleteජයවේවා ..
වෙහෙරක් වගේ, කරුණා සුවඳ තවරාලූ, කඳුළු හෙලා නෑඹිලියට
Deleteමෙව්වා අසා නැත. අනිත් ඒවා සියල්ල අසා ඇත.. :D
ජයවේවා!
හරි මචං දැන් ඇහුවනේ :D
DeleteAshan Ravindu YuganthaNovember 19, 2014 at 12:03 AM
Delete(O.o) ම්ම්ම්ම්ම්... උඹේ වයස කීයද මචෝ?
කල්‍යාණ මිත්‍ර: 21 :(
Deleteඑහෙමනම් මං පුදුම වෙන්නෙ නෑ මලයෝ.. මේක අද කාලේ වැරැද්ද.. ඒත් උඹ ටිකක් වෙනස් පොඩ්ඩෙක් වගේ පේන නිසා කියන්නේ... සින්දු අහනකොට හැත්තෑව අසූව දශකයේ බිහි වෙච්ච නිර්මාණත් ටිකක් රසවිඳපන් අමාරුවෙන් හරි හොයාගෙන.. ඒවයේ පුදුම රසයක් තියෙනවා..
Deleteකමියෝ ++++++++++
Deleteසින්දු ඕනෑ නම් මම දෙන්නම් ...හැක් හැක්
ඇත්ත.
Deleteමේ තියෙන්නෙ සින්දු ගබඩාවක්ම..
හැම ගායක ගායිකාවක්ම වගේ මව්ගුණ ගීයක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් කියල තියෙනව...එහෙම හිතල ලියුවොත් දාහක් විතර හොයා ගන්න පුළුවන් වෙයි..හිකිස්..
ReplyDeleteකඳුලින් ඉපදී කඳුලින්ම මියැදෙන.. රඟ මඩලේ මිණි පහනක් වුව මැන..
දිවි ගංගාවේ නොනිමි දියඹ තුල.. මා තුරුලට ගෙන නිබඳ සරනු මැන...
සිරාවටම කමියෝ ඒකනම් ඇත්ත ...
Deleteමේක නම් මගෙත් කැමතිම ගීතයක් ...
අම්මා ජිවන උයන්තෙරේ
නොනිමි දැල්වෙන පහනකි නිරන්තරේ..
ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
ඊයේ රෑ 'හෙට්ටි' අයියත් එක්ක පට්ට ෆන් එකක් ගත්තා.. දැන් සින්දු කියන්න අරන් අවුරුදු තිස් පහක්.. මන් ඒ කාලේ ඉඳලම පට්ටම ආස සින්දුවක් ඒ.. මේ තව ඒ වගේම කැමති එකක්..
Deleteදුනුකෙයියා මලක් වගේ... දුරට පෙනෙනවා..
වැටකෙයියා මලක් වගේ සුවඳ හමනවා..
පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා...
මගෙ අම්මා මට ජීවන සුවය සදනවා..//
@ ඊයේ රෑ 'හෙට්ටි' අයියත් එක්ක පට්ට ෆන් එකක් ගත්තා
Deleteමට තොත් එක්ක පට්ට ඉරිසියයි ...එත් කමක් නෑ මචෝ උඹ ඉතින් කල්‍යාණ මිත්‍රනේ ....(දුනුකෙයියා මලක් වගේ සින්දුව මගේ ප්‍රිය බිරින්දෑ විසින් එලද බ්‍රා වෙන්න ගායනා කරනවා මචෝ )
බ්‍රෑන්ඩ් එක ගල්
Deleteසින්දු අම්මා ගැන කියන නිසාම මේක යැව්වා
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/14499-2014-11-19-14-20-36
පිළිගන්න අදහන්න බෑ බෑ
Deleteවිමසන්න හිත දෙන්නෙ නෑ නෑ
සිදුවූයෙ නොසිතූව දෙයකී ළඳේ (අජිත්)
විමසන්න හිත දෙන්නෙ නෑ නෑ......
බොහොම ස්තුතියි අජිත් අය්යේ ...ඔබ සිංහල බොලොග් වලට කරන මෙහෙය "අති විශිෂ්ටයි සර්"
සින්දු මල්ලි මටද ළඳේ කිව්වේ කියල මේ කල්පනා කලේ ? ඉ
Deleteදිරියට යමු අපේ කතෘ සහෝ එක්ක තව වැඩ පිලිවලෙක් දාමු. අදහස් උදහස් දෙන්න.
පිස්සුද ලොකු අය්යේ ...එකනේ මම මෙහෙම (අජිත්) දැම්මේ ..හැක්
Deleteනියමයි අපි ඔබ සමගයි ...
අම්මා .... ජිවන උයන් තෙරේ.........
ReplyDeleteඅම්මා සදකි.......
අම්මාවරුනේ........
මේ නොනිමෙන දිවි ගමනේ......
අම්මලා දුක් ගන්නේ..... පුතුන් හදන්ටා....
මෙන්න ඇනෝ....... මට තව ටිකක් මතක් උනා..... අම්මගේ ගුණ වරුණ සින්දු....... ...ඔයා දැන් අපට සින්දු දෙන්නේ කැටගරි කරලද......?
නිහිංසා බොහොම ස්තුතියි සින්දු මතක් කලාට .ඊළඟ එකට මේවා දාමු .
Deleteඅම්මා ගැන ගීතයක් ගැයීම සෑම ගායක ගායිකාවකගේම අභිලාශයක්. ඒ නිසා අපිට ඉතා උසස් මව්ගුණ ගීත රාශියක් තියනවා. නමුත් අක්කා ගේ ගුණ ගායනා කල එකම ගීතය වෙන්න ඇති වික්ටර් රත්නායකගේ 'අම්මා නැති මට කිරි අම්මා වී' ගීතය. හරිම ලස්සන ගීතයක්.
ReplyDeleteවිචාරක මහත්තයෝ තව තියනවා .මට ඊයේ පෙරේදා අලුත් එකක් ඇහුනා ,අලුත් පරපුරේ කෙනෙක් ගේ ..මෙන්න ,
Deleteකෙසේ රහස් පවසම්...
කෙසේ තුරුලේ සැනසෙම්...
කෙසේ අමතක කරම්...
පවසම් හදින් මෙමා ජය මංගලම් //
ජීවන අදුරු කුටියේ මිනි පහන ඔබ උනේ..
මව් පියන් සමගින් මා හැදු හැටි අගේ..
දුක් වේදනා මගෙ නිවුවා.......
මවකි මටනම් මගෙ අක්කා.........
කෙසේ රහස්.........
සරසියකි මට නම් ඔබ අනතත් විලේ
සුරගනකි මට නම් ඈ සිහින ලෝකේ
ඔබ දිවිමගේ මල් පිපියන්
මතුභවයෙදිත් අක්කා වෙයන්
කෙසේ රහස් පවසන්
කෙසේ තුරුලේ සැනසෙන්
කෙසේ අමතක කරම්
පවසම් හදින් මෙමා ජයමංගලම්....
ගායනය - ලහිරු පෙරේරා
නියමයි. සෑහෙන්න වටින වැඩක් මචන් මේක. දිගටම මේවගේ පෝස්ට් දාන්න. මටත් සින්දු වල වචන මතක හිටින්නෙ නැති ලෙඩක් තියෙනවා. ඒ වුනාට මට චාමර වීරසිංහගෙ මෙන්න මේ සින්දුව මතක් උනා :D
ReplyDeleteනපුරු වෙන්න එපා කියල නපුරු නොවී කිවා
දරුණු වෙන්න එපා කියල දරුණු නොවී කිවා
මා.... ආ....... ආදර මගෙ අම්මා..
මා.....ආ........ආදර මගෙ අම්....මා..
ජය වේවා!!!
සින්දු වල වචන මටත් මතක නැ මචෝ .මමත් මේවා හොයලා ,අහලා තමයි දාන්නේ ....හැබැයි මුල ටික මතකයි ...හැක් හැක්
Deleteසින්දුව ඊළඟ එකට දාමු ...
උඔ යකෙක් බං..
ReplyDeleteඑල ද බ්‍රා
ස්තුතියි බෝක්කෝ ...
Deleteඑලද බාර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
බ්‍රෑන්ඩ් එක ගල්
මව්ගුණ ගීත වලින් මම කැමතිම, "දෙවැනි බුදුන්ලෙස" සින්දුවට.
ReplyDelete'ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ
Deleteලතැවුල් දරනා දිරිය ලබා දුනි.
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත..'
රාජ් මේක මගෙත් කැමතිම එකක් ....ඊළඟ එකට දාමු .
මම කැමති මව් ගුණ ගී..
ReplyDeleteඔබේ අම්මද නැත්නම් ඔබගෙ බිරිඳද - ඇම් ඇස්
අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමී - ඉන්ද්‍රානී පෙරේරා
මේ නොනිමෙන දිවි ගමනේ - ජෝතී
මාතේ අම්මා ගැනනම් තියන සින්දු පොස්ට් කිහිපයක් දාන්න වෙයි වගේ ...
Deleteඅත් මිට කාසි පනම් ඇති විට…
එතකොට ගෑණුත් ඇති වට පිට…
එයල අත මිට නැති දා හැර යයි යන්නට…
නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට…
සමහර තරුණ, තරුණියන්ට රැවටිලා…
අසරණ මෑණියන්ට වෙනස්කම් කළා…
ගෑණු ඕනතරම් ලෝකෙ හරිම කරදරේ…
එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ…
ගායනය - ඇම් ඇස්
1.අම්මා අමා අමුද කරුණා නිදානේ - රොම්ලස් පෙරේරා
ReplyDelete2.කීර පළා විකුණන අම්මේ - මාදව ඉදිකැටිය
3.
4..........
සාදරයෙන් පිළිගන්නවා තිලංක ...මේ සින්දු සෙට් එකත් වෙනම පොස්ට් එකකට එකතු කරන්නම් ...
Deleteවැඩක් නැහැ කියලා සින්දු ඇනෝ.....මේ සින්දු එක තැනකට ගෙන එන වැඩේට උඹ ලොකු මහන්සියක් ගන්නවා. ඒ මහන්සියට බොක්කෙන්ම තුති!! අනිත් එක උඹ විවිධ රසයන් ගෙන් යුතු පොරක්. ස්ටීරියෝ ටයිප් නොවී මෙහෙම වෙන අය අඩුයි.
ReplyDeleteස්තුතියි අරූ අය්යේ ..ඔබතුමාලාගේ සහයෝගය තමයි වටින්නේ ..
Deleteමෙන්න මගේ මව් ගුණ ගී සෙට් එක.
ReplyDelete1. අතීත දිවියේ අනාත අඳුරේ විඩාව නිමවේ
2. බෝමළුවේ මල් සුවඳක පැටලී
3. කඳුලු කිරි පොවා තුර්ලේ සෙනෙහසින් සදා
4. මා බාල කාලෙ අම්මාගෙ උකුලේ
5. මේ ජීවනයේ මුලු සංසාරේ..
6. සඳවට රන් තරු කැකුළු පිපේවා..
7. සොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවේ සිහිවේ අම්මා...
ඔන්න මුල, පද හොයල දාහන්.
ඉන්දික අය්යේ මේ සෙට් එක ඊළඟ එකට දාමු ..
Deleteදන් දී පින් දී උදම් වී
ReplyDeleteදම් සාරෙන් නෑවිලා
සම්මා සිත් පෑදුවා අම්මා
කුස් හි දුක් ගී වැයෙද්දි
හිස් හී ඇවිලී ගිනි
මං නැත්තං කෑවෙ නෑ අම්මා
ඊට නම් බෑ ඉතින් වන්දි දෙන්න
ආයෙමත් ආයෙමත් අම්මා වෙන්න.. ගායනය: සංගීත් විජේසුරිය
ස්තුතියි සප්‍රියෝ .... තවත් පොස්ට් එකකට
Deleteඅම්මේ ඔබ මතු බුදු වෙන්න එපා
ReplyDeleteආයෙත් මං උපදින හන්දා
මගෙම වෙන්න අම්මා..
යස ඉසුරට ලොබ වී ලං උනු
අඟනුන් ඇයි අම්මේ
මට පිටුපාල ගියේ
ලෙඩ දුක් කරදර මා වට කරගෙන
එත් මගේ අම්මා මගේ ලඟම උන්නා..
මහලු මඩම් මොකටද මගෙ අම්මට
මමම සුවය දෙන්නා
ඔබගේ ලඟම ඉන්නා
මේ භවයේදී පැතුම් පතන්නේ
මතු භාවයේ අම්මේ
ඔබේම පුතු වෙන්නයි
අම්මේ ඔබ මතු බුදු වෙන්න එපා
ආයෙත් මං උපදින හන්දා
මගෙම වෙන්න අම්මා..
මේ සසරේදීත් ඔබයි මගෙ අම්මා..
මතු සසරේදීත් ඔබයි මගෙ අම්මා..
මතු මතු සසරේ ඔබයි මගෙ අම්මා..
ඔබයි මගෙ අම්මා..
ගායකයානම් මතක නැහැ අනේ..
මේක මේක ගායනා කරන්නෙත් සංගීත්ම තමයි ...
Deleteමෙන්න අහන්න අම්මේ ඔබ මතු බුදු වෙන්න එපා
Good Site
ReplyDeletehttp://lakmusic.com
niyamai!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteNAMAL UDUGAMA gayana me geethayath mathak unaa....
ReplyDeleteනුඹේ සෙනෙහෙ විල මගේ පැතුම් ලොව
පිපුනු තඹූරු කුසුමයි අම්මේ
දයා දියෙන් පිරි මහ බෝසත් නුඹ
විශාකාව ඔබදෝ අම්මේ..
ඉපදුණු දා මා හඬා වැටෙන්නැති
ReplyDeleteඅම්මේ ඔබ හිනැහෙන්න ඇති ....
නිර්මලා රණතුංග
මේ නොනිමෙන දිවි ගමනේ...
ReplyDeleteනිවනේ මඟ පෙනෙන තුරා...
අම්මේ ඔබෙ පුතෙකු වෙලා...
මම එන්නම් සසර පුරා...
මතකයි අම්මේ ඔබෙ දරු නැළවිල්ල
ReplyDeleteසද පාන වගේ මූන ඔබේ හරි සිරියාවයි
ReplyDeleteMe sinduwa danna knk innawada pls
නියම වැඩක්
Deleteහොද වැඩක් සතුටුයි
ReplyDelete