දෙවැනි මෙහෙයුමට අපි සුදානම්. විපතට පත් අපේම වුන්ගේ නිවෙස් පිරිසිදු කර දෙන්නට. ශ්‍රම දායකත්වය දිය හැකි අය සටහනක් දාන්න සම්බන්ධකරගත හැකි විදියත් එක්කම. එසේම අපට මෙන්න මේ දේ හැකිනම් ලබා දෙන්න.
රබර් හෝස්, මොප්, වයිපර්, ඉදල් කොසු, විශබිජ නාශක ද්‍රව්‍ය, ඒවා පහත ස්ථානයට භාර දෙන්න අප ඒවා ලබා ගන්නම්.
ඉහත ද්‍රව්‍ය ඔබට පිරිනමන්න හැකිනම් ඒවා නො 455 ගාලුපාර කොල්ලුපිටිය (කාගිල්ස් බෑන්ක් ඉදිරිපස) සමුපකාර රක්ෂණ සමාගමේ ආරක්ෂක අංශට භාර දෙන්න. එසේම අපව දැනුවත් කරන්න 0777210068 නලින්, 0719283200 පුබුදු.
(අපේ නලින් දිරුක්ෂ බුකියේ දමා තිබුන පණිවිඩය මෙතැනට ගත්තේ බ්ලොග් කියවන හැමෝටම දැනුම් දීමට .අපි එකතුවෙලා පුළුවන් දෙයක් කරමු )
-------------------------------------------------------------------------------
අපට ඔබේ දෑත දෙන්න
වැටුණු තැනින් නැගිට එන්න....
අප හැම දෙනාම වැටුණු වලෙන් ගොඩට ගන්න
ජන නායකයිනි එක තැනකට එකතු වන්න
තරහ මරහ ටිකකට අමතක කරන්න
කුලල් කකා බෑ මේ රට ගොඩ නගන්න
බිඳ වැටුණු රටට හදවතින්ම පිහිට වන්න
මහ ජනතාවනි එකා වගේ එකට ඉන්න
එපා ජාති ආගම් කුලමල තකන්න
හිතමු අළුත් ශ්‍රී ලංකාවක් හදන්න
ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
----------------------------------------------------------------------
සාමානයෙන් කොච්චර කැළණි ගගේ වතුර වැඩි උනත් නාගල ගම් වීදිය උඩින් වතුර දාන්නේ කලාතුරකින්. 89 ගංවතුරෙන් සැගවුන තමන්ගේ අම්මා සොයන තරුණයෙක් ගැන කපුගේ මහත්තය නිරංජලා සරෝජිනි මහත්මිය එක්ක කිව්ව ගිතයක් මතක් වුනා ..
නාගල ගම් වීදියේ..
නාගල ගම් වීදියේ වතුර ගැලූ වංගියේ
තෙමිච්ච කිකිලි වගේ ලෑලි පැලේ උඹ උන්නා..
කටකර අම්මණ්ඩියේ..
කැළණි ගඟානෝ උතුරා ගංවතුරක් ගැලුවා
වතුර බැස්ස සුමානෙ අද අපි උඹවත් සෙව්වා
වැලි තරමට බෑ කද නම් උහුලන්නට බෑ
කටකර අම්මණ්ඩි කොහෙද කවුරුත් දන්නෑ
නාගල ගම් වීදියේ වතුර ගැලූ වංගියේ
තෙමිච්ච කිකිලි වගේ ලෑලි පැලේ උඹ උන්නා..
කටකර අම්මණ්ඩියේ..
ඔහේ පාලුවට ගිය ඒ ලෑලි පැලත් වනසා
බුල්ඩෝසර් ගියා දොහක මහ ගජසෙන් බිඳදා
අනේ අනිච්චං කියල කිවුව කෙනෙක් නෑ
කටකර අම්මණ්ඩි කොහෙද දන්න කෙනෙක් නෑ
නාගල ගම් වීදියේ වතුර ගැලූ වංගියේ
තෙමිච්ච කිකිලි වගේ ලෑලි පැලේ උඹ උන්නා..
කටකර අම්මණ්ඩියේ..
ගායනය: ගුණදාස කපුගේ සමඟ නිරංජලා සරෝජිනි