ප්‍රවීණ ගීත රචකයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ අජන්තා රණසිංහයන් සුවහසක් රසික හදවත් තුළ සටහන් කළේ නොමැකෙන මතකයක්. කලා ලොව වෙනුවෙන් අනුපමේය මෙහෙවරක යෙදුනු ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ නාමය හෙළ ගී කෙත තුළ නොමැකෙන මතකයක් සටහන් කළා.හැත්තෑව දශකයේ මුල්වරට තුන්පත් රටා නමින් 1971 වර්ෂයේ සුනිල් සරත් පෙරේරා සමග ගී පොතක් ලියා පළකළ ඔහු අනතුරුව 1978 වර්ෂයේදී "විකසිත පෙම්" නමින් දෙවන ගිත එකතුව ලියා පළකලා .ලේක්හවුස් ආයතනයේ උප කර්තෘවරයෙකු ලෙස ද කටයුතු කළ ආචාර්ය අජන්තා රණසිංහයන් ගුවන්විදුලි සංස්ථාවේ උපදේශකයෙකු ලෙස ද කටයුතු කළා.
ආචාර්ය අජන්තා රණසිංහයන් අමරදේවයන්ගේ සිට නව පරපුරේ ශිල්පින් දක්වා සිංහල ගීත කලාවට එකතු කළ ජනප්‍රිය ගීත රාශියකි. ඒ අතරින් කුරුම්බැට්ටි මැෂිමේ, විකසිත පෙම් පොකුරු පියුම්, රන් කෙන්ඳෙන් බැඳ, පුංචි දවස්වල නින්දට යද්දී, රෑ පැල් රකින, රෑ දුරු රට, සිරිමා බෝ මැද ආදී ගීත රැසක් අදටත් රසික සිත් සතන් අතර අමරණීයව පවතී.ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් ගැයූ, ආශා නිරාශා මැවූ,මල් පොකුරු පොකුරු ,සිරිමා බෝ මැඩ මුනිඳුන් වැඩ හිඳ ,මල් ලියකම් රැඳි පෙම් සිතුවම් ඇඳි ,මංගල මල් දම පතා හිඳිමි මම කන්ද පාමුල වංගුවේ,පොඩි විහඟ තුඩේ මියුරු කතා ,සායම් පෙඟූ ලවන් පුරා ,තිසා වැවේ දිය රේඛා මත සීතල දිය තලාවේ දුරුතු මහේ ,ඉතින් ඊට පස්සේ ,වැනි ගීතද දැක්විය හැක.
විවිධ කෘති රැසක් ද ලියා පළ කළ අජන්තා රණසිංහයන් ගේ කෘති අතර ‘මට ළඳුනි වරම් නැත‘, ‘වින්කල් බාස්', ‘ක්‍රිස්තුනි කරුණාකළ මැනව‘ වැනි නවකථා හා ‘සොල්දාදුවා පෙරළා පැමිණියේද‘ කෙටිකතාව ද සුවිශේෂී ස්ථානයක් ගනී.ඔහුගේ සුවිශේෂී ගීත නිර්මාණ පෙළහරක්වූ ‘සෝපාකලා‘ ගීත එකතුව 1995 වසරේදී රාජ්‍ය සාහිත්‍ය සම්මානයට ද පාත්‍රවිය.
සරල ගීත හා චිත්රපට ගීත ඇතුළුව ගීත මහා සම්භාරයක් දැයට දායාද කළ එතුමා අද කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී අපෙන් සමුගත්තා ...අපෙන් සමුගත් ඔබට සුභ ගමන් කලාකරුවාණෙනි !!!!!!!!!!!
(ඔහුට උපහාරයක් ලෙස කලකට පෙර සරසවිය පුවත්පත සමග කල සාකච්ඡාව පල කරනවා)
----------------------------------------------------------------------------------------