1971 දෙසැම්බර් 20 වන දිනයයි ..විද්‍යා විෂය හදාරන 8 වසරේ සිසුවෙකු ගුවන් විදුලියේ ගීතයක් පටිගත වී එය ප්‍රචාරය වන්නේ කෙසේදැයි බැලීමට ආශාවෙන් හා දැඩි කුතුහලයකින් ගුවන් විදුලියේ 5වන මැදිරිය වෙත යනවා .එදින ප්‍රචාරය වන වැඩසටහනක් සඳහා එක ගීතයක අඩු බව දැන ගන්නා ඔහු සිය මතකයේ රැඳී තිබු කවි පද කීපයක් ලියා වාදක මණ්‌ඩලයේ සිටි නෙවිල් ප්‍රනාන්දු නම් වූ සංගීතඥයාට ලබා දෙනවා.නෙවිල් ප්‍රනාන්දු එවේලේම ගිටාරයේ තත් පිරිමදිමින් නිර්මාණය කළ මධුර තනුවක් නිර්මාණය කරනවා .එදා ගුවන් විදුලි සංස්ථාවේ සින්දු පටිගත කරනවා බලන්න ගිය කොල්ලා පස්වැනි මැදිරියෙන් එළියට ආවේ ගීත රචකයෙක් වෙලා. ඒ සුජාතා අත්තනායක ගැයූ "මංගල කසී සළු" ගීතය නිර්මාණය වන්නේ එලෙසයි .ගී පද රචකයා වන්නේ ශ්‍රී ලාංකේය සුභාවිත ගීතයේ සුන්දරත්වය උදෙසා මහා විසල් මෙහෙයක් කරපු "සුනිල් ආර්. ගමගේ" නම් සොඳුරු මිනිසායි ...
ඔහුගේ අතිශය ජනප්‍රියත්වයට පත් "ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය" ගීතය බිහිවූයේද ගුවන් විදුලියේ නව පදමාලා වැඩසටහනට තැපෑලෙන් යොමු කළ පද මාලාව ගුණදාස කපුගේ වෙත යොමුවීමෙනි. සුනිල් එදිරිසිංහයන් සරල ගී වැඩසටහනකට තෝරාගත් "පුර පෝය හඳට" ගීතයද ඔහු තැපෑලෙන් යෑවූ පද වැලකි. රෝහණ වීරසිංහයන්ගේ ප්‍රථම ගුවන් විදුලි ගීතය වූ "සමාවෙන්න ගුරුතුමාණෙනි" ගීතයද සුනිල් ආර්. ගමගේ නව පද මාලා වැඩසටහනට යොමු කළ ගීතයකි.
අවුරුදු හතළිස් පහකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකීය ගී කෙත පෝෂණය කල සුනිල් ආර්.ගමගේ නම් අපුරු ගී පද රචකයාගේ නිර්මාණ කීපයක් ඔබ වෙනුවෙන් ...........