Friday, June 26, 2015

"එකම එක කුසේන් බිහිවී එකට හැදෙනවා"


එකම පවූලේ සොයූරන් සිව්දෙනකුගෙන් යූත් මෙරට ප්‍රථම ගායක කණ්ඩායම ලෙස "ධර්මරත්න සහෝදරයෝ" බිහි වූයේ මීට දශක හතරකට උඩදීය. ඔවූන්ගේ ප්‍රථම ගී තැටිය වර්ෂ 1967 නොවැම්බර් මස නිකුත් විය. ඔවූන්ගේ ප්‍රථම ගීතය වන "වැස්ස වහිනවා" ට අමතරව, "පූංචි හූරතලා", "කඳුකරේ", "නොන්ඩි කිරා" යන ගීත ද එහි අඩංගු විය. කොළඹ ගවූරි කෝපරේෂන් සමාගමේ "පිලිප්ස්" ලේබලය යටතේ එම ගී තැටිය නිෂ්පාදනය කළේ පැටිරික් කොරේරා මහතාය. නමූත්, "ධර්මරත්න සහෝදරයෝ" සැබැවින්ම උපත ලැබූවේ වර්ෂ 1965 අග භාගයේ කොළඹ කොල්ලුපිටියේ මෙතෝදිස්ත විදුහලේ පැවැති දීපව්‍යාප්ත ගායනා තරගයකින් දෙවන ස්ථානය දිනා ගනිමිනි. "ධර්මරත්න සහොදරයෝ" නමින් ඊට ඉදිරිපත් වූයේ මෙල්රෝයි ධර්මරත්න සහ දැනට දිවියෙන් සමූගෙන සිටින රොනල්ඩ් ධර්මරත්න යන දෙසොහොයූරන් පමණකි. ඉන් ෙෙධර්යමත් වූ ඔවූන්ගේ මෑණියෝ, එවකට යූග දිවියට පිවිස සිටි ක්‍රිස්ටි සහ මැක්ස්වල් යන සොයූරන් දෙදෙනාද එක් කරගෙන "ධර්මරත්න සහෝදරයෝ" නමින් අලුතින් ගායක කණ්ඩායම ආරම්භ කළහ. වර්ෂ 1982 දී දිවියෙන් සමූගන්නා තුරුම ගායක කණ්ඩායමේ පාලකවරිය ලෙස කටයූතු කළේ මවයි. "පිලිප්ස්" ලේබලය යටතේ නිකුත් වූ ඔවූන්ගේ ඊළඟ ගී තැටියට, "කලකට පෙර ඒ බෙත්ලෙහෙම්", "මායා", "ගොවි මාමා", "ශිරි ලංකා" යන ගීත ඇතුළත් විය. "කලකට පෙර" ගීතය එදා මෙදා තුර සෑම නත්තල් සමයකම කිතුණූ සහ ක්‍රිස්තියානි දේවස්ථානයන්හිද නත්තල් ගී සංදර්ශනවල ද කැරොල් ගීතිකාවක් ලෙස ගායනා විය. "සූරිය" ලේබලය යටතේ නිකුත් වූ ඔවූන්ගේ දෙවන ගී තැටියට, "රාජකුමාරි" "මූතු මැණිකේ", "වැහිදාක ගගනෝදරේ", "බොරුවට අඬ අඬ" නම් ගී සතර ඇතුළත් විය. ගායක කණ්ඩායම විසින් තනි ගායනයක් විලසින් ඉදිරිපත් කරන ලද ප්‍රථම ගීතය "වැහිදාක ගගනෝදරේ" වන අතර, එය ගායනා කළේ මැක්ස්වල් ධර්මරත්නය. එසේම, මෙම ගීත තැටියේ තිබූණූ අනෙක් සූවිශේෂත්වය නම්, එවකට ජනප්‍රියව සිටි ශිරෝමී ප්‍රනාන්දු නම් ළමා ගායිකාව (ධර්මරත්න සහෝදරයන්ගේ සොයූරියගේ දියණිය) කණ්ඩායම සමග ගායනා කළ "බොරුවට අඬ අඬ" යන ගීතය ද ඊට ඇතුළත් වීමයි. මින් නොනැවතුණූ "ධර්මරත්න සහෝදරයෝ"කණ්ඩායම, "මංගල මං", "සූර සරදියල්", "කුමරි මගේ", "මෙඩිකල් කොල්ලෝ", "සහෝදරයො හතර දෙනා", "කෙල්ලනි මේ අහපල්ලා", "හලෝ ඩල්සි" යනාදී ගීත රාශියක් වෙළෙඳ ගී තැටි සඳහා ගායනා කළහ. ඒ අතර, ඔවූන් ප්‍රථමවරට ප්‍රවීන ගායිකා සූජාතා අත්තනායක සමග ගායන කළ "රොමියෝ ජූලියටි" නම් ගීතයද විය. "ධර්මරත්න සහෝදරයෝ", මෙරට අන් ගායක කණ්ඩායම් අතරින් වෙනස් වන සූවිශේෂ හේතුව නම්, ඔවූන් මෙතෙක් ගායනා කළ සෑම ගීතයකම පද රචනය සහ තනූ නිර්මාණය ඔවූන් විසින්ම කිරීමයි. මූල් යූගයේ ඔවූන් ගැයූ ගීත කිහිපයක තනූ නිර්මාණය රොනල්ඩ් විසින් කරනූ ලැබූ මූත් පසූකලෙකදී ඔවූන් ගැයූ සෑම ගීතයකම පද රචනය හා තනූ නිර්මාණය කළේ මෙල්රෝයි ධර්මරත්න ය.

 (විස්තර උපුටා ගත්තේ දිවයින පත්තරයෙන් )


සහෝදරයෝ හතර දෙනෙක් ගීත ගයනවා 

පුංචි කොල්ලෝ හතර දෙනෙක් මව් උකුලේ නැලවුනා
දරු නැළවිලි ගීයක් ඇගේ මුවින් පිට වුනා
ඇගේ පියසටහන් ඔස්සේ සංගීතේ බිහිවුණා
පුංචි කොල්ලෝ දුර යන බව මවට තේරුනා

එකම එක කුසේන් බිහිවී එකට හැදෙනවා
එකට එකතුවී සංගීතය පතුරනවා
වැස්ස වහිනවා වැස්සේ සිරිය දකිනවා
සහෝදරයෝ හතර දෙනෙක් ගීත ගයනවා
අපි සහෝදරයෝ හතර දෙනා රස හැඟුම් මවනවා ...

මතුපිට රතු රෝස කුසුම් මතුරපු කාලේ
යටින් තියෙන්නේ කටුබව දෙපයට තේරේ
මවගේ ඔවා එලිය දුන්නා යද්දී කළුවරේ
ආව ගමන මතක් වෙලා කඳුලැලි වැගිරේ ..
එකම එක කුසේ ...

විසකුරු නයින්ගේ නොපෙනෙන මැණිකක් තිබුනා
ඒ මැණික ලබාගන්නට අපි හරිම වෙහෙසුනා
සමහර අය අපයන මඟ අහුරා තිබුනා
මැණික ගන්න හුඟදෙනෙක් උදවු උනා
එකම එක කුසේ ...

ගායනය - ධර්මරත්න සහෝදරයෝ


හෝ වැස්ස වැහිනවා

ඈත හිමින් වලා රොදක් පාවෙනවා
සීත සුලන් කැරලි ගැසී තදින් හමනවා
ආලෝකය අඳුර විසින් ගිලලා දමනවා
මහා වැස්සක් හිටිහැටියේ කඩා හැලෙනවා
හෝ වැස්ස වැහිනවා ...//

කානු දිගේ මහා ජයටම වතුර ගලනවා
ගෑනු තුන්දෙනෙක් කුඩ යට ගමන් කරනවා
කුණාටුවේ සැර ගතියට ගස් කැරකෙනවා
වෙලේ තියන පොඩි පැල්පත් පියඹා යනවා
හෝ වැස්ස වැහිනවා ...//

විදුලි කොටනවා සැරටම අකුණු ගහනවා
පාරේ ඉන්න කොළු කුරුට්ටෝ වැස්සේ නානවා
ජෙමිසාගේ කඩය වේලපහින් වසනවා
අහස කුමාරයා තවම කඳුළු සලනවා
හෝ වැස්ස වැහිනවා ...//

ගායනය - ධර්මරත්න සහෝදරයෝ


අව්ව පායලා

කඳු සිකර තුළින් හොරෙන් හොරෙන් එබිල බලනවා
හිරු කුමාරයා හිනා වෙමින් ‍රැස් පතුරනවා
අඳුරට පහණකි මුළු ලොව එළිය කරනවා
වැසි ඉවරයි සං‍තෝසයි අව්ව වැටෙනවා ...
අව්ව පායලා .. අව්ව පායලා ...//

ලිං කානු අගල් වතුර හිඳී හොඳට වේලිලා
පිං කරපු ලෙසින් ගොයම් කරල් රනින් දිලිසිලා
කුණාටුවට මැලවුන ගස් සිනා මවාලා
වෙලේ තියෙන පැල්පත්වල සතුට පිරීලා
අව්ව පයාලා ...

වැස්සට ගෙට ගත් පැදුරු ගෝනි එළියේ දමන්නේ
පිට්ටනියට රැස්වෙන කොල්ලෝ පන්දු ගසන්නේ
ජේමිසාගේ කඩයට අද සෙනග පිරෙන්නේ
වැසි ඉවරයි දුක ඉවරයි රබන් ගහන්නේ

අව්ව පායලා ....

ගායනය - ධර්මරත්න සහෝදරයෝ


කඳුකරේ ...

කඳුකරේ කඳුකරේ පෙම් කතන්දරේ ..//
තරුණයෙක් සිටි සිදාදියේ
කඳුකරේ වෙත පිටව ගියේ
සඳකැන් වැගිරෙන රාත්‍රියේ
ඇවිදින්නට ආසාව තියේ ...
කඳුකරේ පරිසරේ
බෙදනවා සුව නිරන්තරේ ...//
කඳුකරේ පාළුව බින්දා
කඳුවැටි ඇගේ ගී රස වින්දා
මිහිරක් කඳුකරයට කැන්දා
ගෙන එන නම ඇයගේ නන්දා ..//
මිහිරියේ ගැමිලියේ
කඳුකරේ මනහාරියේ ..//
ලස්සන මල්ගොමුවල් අස්සේ
යයි කඳුකර මාවත ඔස්සේ
අත් අල්ලා කඳුවැටි බැස්සේ
ප්‍රේමෙන් උමතුව හැම තිස්සේ
කඳුකරේ කඳුකරේ
කඳුකරේ රසයක් ඉතිරේ ..//

ගායනය - ධර්මරත්න සහෝදරයෝ


කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධවූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ
පුංචි ගව මඩුවේ...//

උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ
සීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ
දුප්පත් එ‍ඬේරු ‍මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ

මරිය තුමීගේ පෙම්බර මුහුණේ එළියක් දිස් වූයේ
‍ජුසේ තුමා කිසි දාකත් නෑ දෙවි අණකට ‍පිටුපෑවේ
වටපිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසතී
රජ තුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරතී

මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා

දිවැස්වරුන් බොහෝ කලකට පෙර කී දේ ඉන් ඉටුවූවා

ගායනය - ධර්මරත්න සහෝදරයෝ

වාසිටි කොල්ලෝ

නවීන පන්නේ ගතිගුණ අපිට තියෙන්නේ
කේසර සිංහයෝ අපියි වාසිටි කොල්ලෝ
සතුටින් ඉන්නේ හන්තානේ රජදහනේ
කේසර සිංහයෝ අපියි වාසිටි කොල්ලෝ

මැණිකෙල මැණිකෙලා උඩරට පැත්තේ
නෝනලා නෝනලා කොළඹ පලාතේ ......

මැණික උනත් නෝන උනත් නවක වදේමයි 
බිඒ බිඒ ගන්නයි එන්නේ 
ලෙක්චර් ලෙක්චර් අහගෙන ඉන්නේ 
ඩිග්රි ඇතත් සැලකිලි 
ඩිග්රි නැතත් සැලකිලි 
ගෑනු  උනත් පිරිමි උනත් 
එකම සැලකිලි  

නවීන පන්නේ ගතිගුණ අපිට තියෙන්නේ...//

ගායනය - ධර්මරත්න සහෝදරයෝ




-----------------------------------------------------------------------------
ප.ලි 
කවුරු කවුරුත් දන්නා සුන්දර මතකයන් හැමෝමත් එක්ක බෙදා ගන්න ....
වැරදි ඇතොත් පෙන්වා දෙන්න 


Friday, June 12, 2015

"කොමළ පපා - මුකුළු පපා අපේ ළඟට එන්නකෝ"



බොහෝ සිදුවීම් අතීතයට එක්‌ව වැළලී ගොසිනි. එදවස මෙරට බොහොමයක්‌ "සුවිශේෂ" සිදුවීම් වැඩි දෙනෙකු මතකයට නඟා ගන්නේ අහම්බෙන් හෝ ඒ පිළිබඳව සඳහන් ඇතොත් පමණි. එහෙත් මේ අතීතයට එක්‌වූ බොහෝ සිදුවීම් නිරන්තරයෙන් සිහිපත් කරන ගීත සමුදායක්‌ අපේ සංගීත ක්‍ෂේත්‍රයට දායාද කළ ශිල්පියෙකු ද වේ.ඒ "ඇන්ටන් ජෝන්ස්‌"ය. ඇන්ටන් ජෝන්ස්‌ මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රකටව සිටින්නේ බයිලා ගායකයෙකු ලෙසය. එලෙසම මේ "බයිලා" වල සුවිශේෂ බවක්‌ද ඇත. ඒ ඔහුගේ ගීත සියල්ල "සත්‍ය සිදුවීම්" ඇසුරින් නිර්මාණය වූ ඒවා වීමය. "පොඩි විඡේ, මරුසිරා, ප්‍රේමවතී මනම්පේරි, මතුගම සමන් කුමාර" ආදිය ප්‍රධානව ගීත ගණනාවක්‌ නිදසුන් ලෙස දැක්‌විය හැකිය.
           
ප්‍රේමවතී මනම්පේරි .............

ප්‍රේමවතී මනම්පේරි තරුණිය කතරගමේ හිටිය රූප රැජිනිය
පතිවත කෙළෙසලා ඇගේ මැරුවේ තිරිසනෙක් වගේ
ඒ හිත්පිත් නොමැති උදවිය....
එකදාස් නමසිය හැත්තෑ එකේ වරුසයේ
සිදුවුන සිද්ධියක් නේ මේ අපේ ලංකාදීපයේ
රුහුණු කදිර දෙවිදුන් වැඩ විසුව දේශයේ
වුන අපරාධය පවසමි ශුද්ධ භුමියේ
කතරගමේ රූප රාජිනි මනම්පේරි නම ගත්
ඇගේ රුවට කාගේත් නෙත් සිත්
නැණවත් තරුණියක් වූ ඇය පවුලක දුප්පත්
ඇය හට සිදුවුන දෙය අමතක වෙනවද කවදත් ..
මනම්පේරි මේ සුන්දර රූප රාජිනී
ඇයව සොයා හදිසියෙ ජීප් එකක් පැමිණුනී
කිසිවක් කර කියාගන්න ඇයට බැරි වුණී
ඒ නිලධාරින් ඇය කැන්දන් යන්න සැරසුනී
මේ ලෙස කැඳවා ගෙන යන්න කල වරද කුමක්ද
ඒයි මනම්පෙරි කතා නැතිව එනවද නැද්ද
අකමැත්තෙන් වුව ඇයට යන්න වුනානේ සිද්ධ
ඔය පාළු කුටියකට ඇය කැඳවන් ගියේ මන්ද
එම පාලු තුල තරුණිය හිර කරලා
කැඳවන් ගිය සැම දෙනා එතන රොක් වෙලා
විළි වසා සිටි වස්ත්‍රය ගලවන්න අණ කලා
විලි ලජ්ජාවෙන් වැලපුනි ඇය කඳුළු සලලා
ඇයව වැදූ මවයි කුඩා සොයුරියන් සිහිවිය
සුකුමල මුව කමල කඳුලැලින් තෙත්විය
මට යන්න දෙන්න හෙළි නොකරමි කල විපැත්තිය
ඇගේ ඉල්ලීමට කන් දුන්නැ මුරුග කට්ටිය
දන ගස්වා නිර්වස්ත්‍රව ඇදන් යන විට
වෙඩි උණ්ඩයක් ඇවිත් වැදුනා ඇගේ වමේ කලවෙට
පිටපිට වෙඩි උණ්ඩ නිකුත් නිකුත් වුනා හනිකට
හැම උණ්ඩයක්ම සිරුර පුරා ගියා විනිවිද සිරුර
ඈ ඇදන් වැටුනා ලේ ගලමින් ඇගේ මුළු සිරුරින්
කලින් කපා තිබුන වලක් තුලට හිටි ගමන්
වල වසා දමන්නට එතැනට පැමිණුනි ඇලඩින්
සිටු ඇය මේ ලෙසටයි පැවසුවේ ඒ හිදිමින්
අවසාන මොහොතේ උදවුවක් කරන්න පා දයා
ඔබට බුදුබව අත්වෙයිඅනේ  අනේ ඇලඩින් අයියා
මේ කරාඹු දෙක දෙන්න ගොසින් මගේ මව සොයා
ඇයට පවසන්න ජිවතුන් අතර මේමන් නැත කියා
එපමණයි ලැබුනේ ඇයට ඔහු හට පවසන්න
තවත් කෙනෙක් මාන බලා ආවා එතැනට
අන්තිම වෙඩිල්ලත් තැබුවනේ ඇගේ සිරුරට
අවසන් හුස්ම හෙලා නෙත් පියාගත්තා සදහට ..

ගායනය - ඇන්ටන් ජෝන්ස්

සල්ලි දීල ගවුම මැහුවෙ ...................

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න
ලීලී මාගෙ නෝන එයා මෙහෙම කියන්නෙ
දැන් රටේ තොටේ කවුරුත් මිනි ගවුම් අඳින්නෙ
මම කොහොමද සාරි ඇඳන් මහ මග යන්නෙ
මටත් ගවුමක් ඔනෙ ඔව් මිනි ගවුමක් ඕනෙ
මිනි ගවුමක් මොටද දැන්ම ඔයා සොයන්නෙ
ඇයිද ලිලී මගෙ පපුවට ගින්දර දෙන්නෙ
මිනි ගවුම් අඳින්නේ මැරුණට පසුනෙ දෙවියනේ
මෙහෙම කිවුව ගමන් නෝනා මගෙ ඇඟට ගොඩවුනේ
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න...
අපේ නෝනගෙ වැඩ පුදුමයි මට දැන් සිහිවෙනවා
මැරුණෙ නැතුවම නෝන මිනි ගවුම් සොයනව
බෑ කියන්නටත් ලෝබයි අඬ අඬ ඉල්ලනවා
මිනි පෙට්ටි කඩෙන් මිනි ගවුමක් මෙ මං ඉල්ලුවා
මිනි ගවුමක් සමග මිනි පෙට්ටියකුත් දුන්නා
කාර් එකකුත් ලැබුණා ඒකෙම මමත් ගොඩ උනා
ගේ ළඟටම එන්නා වට පිට සෙනග පිරෙන්නා
එය දුටු මගෙ නෝනා මරහඬ දීගෙන පැන්නා
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න...
මොකද දෙවියනේ ඔයාට වෙලා තියෙන්නේ
මිනි පෙට්ටි මොටද ඇයි අද අපෙ කවුරුද මැරුණෙ
එය ඇසුණු මගේ ඇඟේ මාලු ග‍ඟේ නටන්නෙ
අපේ නෝනට මම මේ විදියට උත්තර දුන්නෙ
මිනිගවුමක් දෙන්නෙ මිනි පෙට්ටියක් ගත්තම
ගත්ත නිසයි ලිලී මම ගෙනාව දෙකම
මිනි ගවුම කිව්වෙ කොට්ට උරය වගෙ කොට ගවුම
නෝන කිව්ව එහෙම මට තේරුණ කරපු ගොන්කම
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න

ගායනය - ඇන්ටන් ජෝන්ස්

කොමළ පපා මුකුළු.................

කොමළ පපා මුකුළු පපා අපේ ළඟට එන්නකෝ
‍ඔමරි ලතා බොළඳ කතා අපිට කියලා දෙන්නකෝ
ගෑණියෙක්ද පිරිමියෙක්ද ඩ්‍රයිවර් කෝ කාර් එකේ
අනේ අපොයි ඇ‍ඟේ හැපෙයි පාරේ උන්ට මාරකේ
හෙමින් වරෙල්ලා හෙමින් වරෙල්ලා
හෙමින් වරෙල්ලා හෙමින් වරෙල්ලා
බලාගෙනයි මහ
පාරේ හෙමින් වරෙල්ලා
කොමළ පපා මුකුළු පපා...
තරහා වෙන්න එපා ඔන්න නිකං කොලොප්පං කළේ
කොළඹ රටේ හතර වටේ රවුමක් ගහමුද ලියේ
මල් කුමාරියේ තනියෙං සවාරියේ
මල් කුමාරියේ තනියෙං සවාරියේ
එන්නද කුමාරියේ
යන්නට අපි සවාරියේ
කොමළ පපා මුකුළු පපා...
බයිල පොලේ තොයිලේ බොලේ ඉවර වෙන්න ළඟ වගේ
අපව දමා පැනලා ගියා පෙට්ට්‍රොල් ටික ටැංකියේ
චෙරියෝ චෙරියෝ චෙරියෝ චෙරියෝ
චෙරියෝ චෙරියෝ චෙරියෝ චෙරියෝ
බැරියෝ බැරියෝ තවත් බයිලා බැරියෝ

කොමළ පපා මුකුළු පපා අපේ ලගට එන්නකෝ
‍ඔමරි ලතා බොලද කතා අපිට කියලා දෙන්නකෝ

ගායනය - ඇන්ටන් ජෝන්ස්
සංගීතය - එම්. කේ. රොක්සාමි
ගී පද - ශ්‍රී නිහාල් ඒ. ජයසිංහ

කන්තෝරුව කන්තෝරුව...............

කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන
එතන තමයි මා හට ඇති විනෝද උයන
ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
කන්තෝරුව තමයි මාගෙ විනෝද උයන
මම වැඩට යන්නෙ දවල් දහය පහු වෙලා
මගෙ යාළුවො ඇත මා එනතුරු පුල පුලා
අපෙ ලොකු මහත්මය එන වෙලාව බල බලා
මම ගී ගයනව මිතුරන් හා එක්වෙලා
මම වැඩ කරනව කියාල කන්තෝරුවෙ
මගෙ මේසෙ ළඟින් ඉඳගෙන මගෙ යාළුවෙ
තේ වෙලාව එනතුරු මගෙ පාඩුවෙ
කටු ගැන ගැන ඉන්නව ඔරලෝසුවෙ
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...
පාටියකට යන්නට මට හිතුනොතින්
කන්තෝරුව ඇරෙන වෙලාවට කලින්
මගෙ මිතුරන්ගෙන් ලැබෙන්නාවු උදව්වෙන්
මම පැනල ගෙදර යනවනෙ ලොක්කට හොරෙන්
පැනල ආ නමුත් මගෙ වැඩ හරියට
මගෙ යාළුවො ටික කරල තියයි නූලට
දවසක් අසුවෙන්න ගිහින් ලොක්කට
බේරුණෙ මම පූරුවෙ ලොකු පිනකට
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...
පඩි දින හැර අනිත් දවස් බල බලා
මම වැඩට යන්නෙ තේ වෙලාව අල්ලලා
තේ බී එනකොට මම වැඩපොල බලා
දහවල් කෑමට යන්නට සිදු වෙලා
කෑම පැයට ටිකක් නිදාගන්නවා
ඇහැරෙනකොට සවස් වෙලා තිබෙනවා
එවිට මෙ මට වැඩ කරන්න හිතෙනවා
නමුත් එතකොටමත් කන්තෝරුව ඇරෙනවා
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...

ගායනය - ඇන්ටන් ජෝන්ස්

ආසයි බයයි...........

සයුර බලා බඳ ලෙලවා -ඉවුරු තලා ගලා ගියා
මාතර ගං කොමලි නිල්වලා -මෙතර සිටිය අය කැඳවා
මරු තුරුලට අරං ගියා -මුළු සිරිලක දුකෙහි ගිල්වලා..
වෙසක් සිරි නරඹන්නට මාතර පුරවරය වෙතට
නොයෙක් දෙසින් සෙනග පැමිනුනා
නිල්වලා ගඟ ඔස්සේ බෝට්ටුවට නැගි සතොසේ ‍
සමහරෙකුට යන්නට හිතුනා..
ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි යළි නොම එන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි ජීවිත ගණනක් බිලි ගත්තයි..
බෝට්ටුවට ගොඩ වන්නේ සතුටින් ඉපිලෙන්නේ
වේගයෙන් දියඹට ඇදුනේ අත්තක බෝට්ටුව හැපුනේ
නොදැනිම ජලයේ ගිලුනේ ඉරණම සැමගේම විසඳුනේ..
වෙසක් සඳ නැග එද්දි මළ කඳන් පාවෙද්දි
නෑදෑ හිතවතුන් වැළපුනේ හද සෝකෙන් ලත වෙද්දි
නෙත් කදුලින් බර වෙද්දි මළ මිනි ගොඩට ගෙනෙන්නේ..
ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි..
පිහිනන්නට බැරුව නියා පෙම්වතා ගිලි ගියා
පෙම්වතී ලොවේ තනිවුනා කරුමය මෙලෙස කියා
අන්තිම ගමන ගියා මව්පියො හිතවතුන් වැළපුනා
ඒ සිදුවු විපත අසා රුහුණම දු‍කෙන් වසා
දින ගණනක් දුක පල කෙරුවා
අහසට දෑතම ඔසවා දෙවියන් යැද කීවා
මෙවැනි විපත් යලි නොමවේවා
ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි..

ගායනය - ඇන්ටන් ජෝන්ස්


කන්දේ හැපුණු මහා වනන්තරේ

කන්දේ හැපුණු මහා වනන්තරේ - ඩී සී අට අහස් යන්තරේ
මරු ආ කල මිතුරේ බේරෙන්න බෑ සසරේ කාගේද මට වරද නොතේරේ
මම පත්තරේ බලලා උපුටා ගත්තෙමි පෙරලා
කියනෙමි විස්තර කරලා
හොඳ හැටි ගලපාලා එහි ඇති ලුනු බර කිරලා
ගයන්නේ මම අසන්න ඔබලා
හැත්තෑ හතර වරුසයේ දෙසැම්බර් සිව් වෙනි දවසේ
වුන දෙය අසන්න අහසේ
අඩාලා බෝසේ වැලපුනාලු දුකසේ
අසාලා අහස් යානේ විනාසේ
සිරිලක් අහසේ මස්කෙළිය පෙදෙසේ
රෑ දහයට බදාදා දවසේ
හෙණ පාරක්සේ පුපුරා දෙදුරුවා අහසේ
කිසිවෙක් නොදනිති රහසේ
එකසිය අනුඑක් දෙනෙක් ගෙන ආ අහස් යානයක්
තප්පරේට වුනා අළු ගොඩක්
වන්දනා පිරිසක් අතර ගැහැණු පනස්නම දෙනෙක්
මාරු අරගත්තානේ බිල්ලක්
එදා බදාදා දිනේ අහස් යානා ගුවනේ
මක්කම බලා පිටත් වුනේ
කිසි කෙනෙක් නොදන්නේ අන්තිම ගමනය යන්නේ
පුරුවේ කල කරුමයක් අනේ
ගුවන් තොටුපලේ සිටන් හැතැක්ම ගානක් දුරින්
වැටුනා අහස්යානය දැවෙමින්
මස්කෙලියට නුදුරින් ගිනි ජාලා පුපුරමින්
පොලවට වැටුනේ මළ කඳන්
දවස් ගණනක් තිස්සේ මළ කඳන් කැලෑව අස්සේ
සෙව්වා නේද අපේ කට්ටිය
කලකට පස්සේ ලැබුණා බ්ලැක් බොක්ස් එක අයිසේ
නොහොත් මේ කළු පෙට්ටිය
කළු පෙට්ටිය ලැබුණා එහි පටි කැලිත් තිබුනා
නමුත් මේක මට අභිරහසක්
වරද හෙළි උනා මොකක්ද කියලා වැටහුනා
ඒක යාන්ත්‍රිකකරන දෝෂයක්
කන්දේ හැපුන ....

ගායනය - ඇන්ටන් ජෝන්ස්



 ගිත සියල්ල මෙන්න

--------------------------------------------------------------------------------
ප.ලි 
මේ දවස් ටිකේ ගෙදරට වෙලා ඉන්නකොට මෙතුමාගේ ගීත කීපයක් අහන්න ලැබුනා .ඒ නිසා හැමෝටම මතක් වෙන්නත් එක්ක මෙන්න මේ  දාන්න හිතුවේ ..
අඩු පාඩු තිබේනම් පෙන්වා දෙන්නෝ ..

-------------------------------------------------------------------------------------

Monday, June 8, 2015

"ඔබේ ලොවේ අද මා රැඳිලා"



මේ දවස් වල කලාකරුවන්ට ලොකු අපලයක් තියනවා කියලයි මට හිතෙන්නේ .මොකද අපිට ඉන්න වටිනා කියන කලාකරුවෝ කිහිපදෙනෙක්ම මෙලොව හැර ගියා නැත්නම් ලෙඩ ඇඳට වැටුනා .මේ අතරේ" සමුගෙන යාදෝ"කියලා හිතාගෙන හිටිය නාමල් උඩුගම හිතට ලොකු සතුටක් එක් කරමින් ඉන්දියාවේ දී සිදුකෙරුණු ප‍්‍රතිකාරවලින් පසු "සමුගන්නේ නැ " කියාගෙන යලිත් ලංකාවට පැමිණියා .ඉතින් ඔහු පවසන පරිදි තමන් ක‍්‍රමයෙන් සුවය ලබමින් සිටින බවයි පැවසුවේ .නාමල් උඩුගම මහතාට  ශල්‍යකර්මයක් සිදුකර ගැනීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට උදවු කල සියලු දෙනාට හදවතින්ම ස්තූතිවන්ත වන බවත් නාමල් පැවසුවා. ඒ සතුටත් එක්කම මට හිතුනා ඔහුගේ ගීත කීපයක් මේ සමග බෙදාගන්න .......(අපේ මාතලනුත් නාමල්  ගැන පොස්ට් එකක් දැම්මා උදව් වෙන්න කියලා .උදව් කරපු හැමෝටම ස්තුති කරන ගමන් තවත් මෙවැනිම කලාකරුවෙක් වෙන "රුවන් විරසේකරටත්" මේ විහිහටම උදවු කරමු කියලා මතක් කරන්නත් මේක අවස්තාවක් කරගන්නවා  ) 















----------------------------------------------------------------------------------------

01.සමු ගන්නේ නෑ.

සමු ගන්නේ නෑ.. වෙන් වන්නේ නෑ.
කෙදිනක හෝ අපගෙ සිතුම් පැතුමන්..
ඉ‍ටු වේ වී..
ආරාධනාවන්.. ආයාචනාවන්..
පිළිගත් නිසා ඔයා..
හමුවේ වී...
ආලය ස්ථිර නිසා
නොයමු අපි වෙන්වෙලා
භවයෙන් භවේ සදා..
හමුවේ වී...

ගායනය - නාමල් උඩුගම

02.මා මුව අගින්

මා මුව අගින් මා මුව අගින් හිනහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක් ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට මගේ හද නොලැබෙන්නේ
රුව දැකලා සිත පිරිලා
හද බැඳිලා තැවෙනු එපා //
මා මුව අගින්...............
මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතේ //
මා මුව අගින්...............

ගායනය - නාමල් උඩුගම
පද රචනය -  නාමල් උඩුගම
සංගීතය -   නාමල් උඩුගම

03.රෑ සිහිනෙන්

රෑ සිහිනෙන්
ඔබ ළඟ මා සැනසෙනවා
මා සැබෑවෙන්
ඔබ ගැන සිත ලතවෙනවා //
මේ බැඳුනු සෙනේ
කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා
කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ
කෙදිනද අප තනිවන්නේ
රෑ සිහිනෙන් .........................
ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ රෑ සිහිනෙන් .........................

පද රචනය, සංගීතය හා ගායනය - නාමල් උඩුගම

04.අප හමුවීම වෙන්වීම දෝ ආදරේ

අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්...

පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා

රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා

ගායනය - නාමල් උඩුගම

05.බැසයන සඳ දෑතින්..

බැසයන සඳ දෑතින් නවතා ගන්නට බෑ
පරවෙන මල දෝතින් වලකා ලන්නට බෑ
ඔබ බැසයන සඳ නම් ඔබ පරවෙන මල නම්
රැක ගනිමිද කෙලෙසින්
මන්දාකිණීය ගලන නිසසල රැයක මැවෙන
මැදියම් අඳුරේ සැගවී
පවනැල් රහසේ සැඟවෙයි
ඔබ ඒ අහස වගේ නම්
හඳුනාගන්නද කෙලෙසින්
නන්නාඳුනන ලෙසින ගිමනට සිසිල රැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි
ඔබ ඒ සුළඟ වගේ නම් හඳුනා ගනිමිද කෙලෙසින්

ගායනය - නාමල් උඩුගම

06.ඉස්සර සෙනෙහස ...

ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල
මැවි මැවි රිද්දනවා
ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවෙමි
ඔබ මට හිනැහෙනවා
සුවඳක් දැනුණත් තවමත් ආසයි
පණ මෙන් පිදු හින්දා
මගේ අහිංසක හිත තැලුවත්
නෑ තරහක් මට දැනිලා
දම් පැහැ ගවුමයි රතුමල් කුඩයයි
තාමත් තියෙනවද
එපා වුණත් මා එපා දවන්නට
ඒ ආදර තිළිණ

ගායනය - නාමල් උඩුගම

07.ලොවම නිදන රාත්‍රියේ..

ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ//
ඔබ මා හමුවී එදා
වෙන් නොවනා ලෙස කියා//
අප හදවත් එකට බැඳී
කෙලෙස ඉමු කියා
මා ආදරේ සඟවලා
ඔබ ඔහු සමඟින් ගියා//
නැතිවද කුමරියේ ඔබට
මා මතක්වෙලා

ගායනය - නාමල් උඩුගම

08.මෙහෙණියක වී සසර කතරින්..

මෙහෙණියක වී සසර කතරින්
එතෙර වන්නට පාරමී පුරනා
ඔබ පෙම්වතියක ලෙසින්එදා මා
පෙමින් එදා මා ළඟ උන්නා
අවිහිංසක ඔබ අවිහිංසක මා
දෙගුරුන් හමුවේ ගැරහුම් ලැබුවා
මා රිදවන්නට නොහැකිව ඔබෙ හද
දහස් වරක් දෙගුරුන් රිදවූවා
පළිගන්නට මිස පිළිගන්නට මා
දෙගුරුන් ඔබගේ නොකැමති වූවා
ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට
කසාවතට ඔබෙ වත දන් දුන්නා

ගායනය - නාමල් උඩුගම


09.ඔබ මුලාවී මා සොයාවී....

ඔබ මුලාවී මා සොයාවී
ඔහුගෙ ආදරෙන් ඉවත් වෙලා
ඔබ සිතාවී මතු දිනේ
මාගේ ආදරේ ලැබෙයි කියා....
බඹරු මලින් වෙන්වන්නේ නෑ
රොන් අරගෙන ආයේ නොයන් නෑ
රොනේ සුවඳ සිතන් යන්නෙ නෑ
එලෙස ඔබට ඔහු කරන්නෙ නෑ
ළහිරු කිරණ දුටු සැනෙකින් වාගේ
විකසිත වුණ මල ඔබ ඒ වාගේ
පැතුවත් හදවත ගන්න මට මාගේ
මගේ ආදරේ ඔබට දෙන්නෙ නෑ

ගායනය - නාමල් උඩුගම

10.පිපුණු කුසුමේ සුවඳ දැනුනේ...

පිපුණු කුසුමේ සුවඳ දැනුනේ
පාවීලා
තරුද නිවුණේ අඳුර ගිලුනේ
පායාලා
මාගේ ජීවන රජදහනේ
ආශා ආදර මල් පිපුනේ
පාවේ ගී හඩ මද පවනේ
ආශා දැහැනේ මා වෙලුනේ
ආසිරි තාරුකා
නිවි නිවි පායලා
මාගේ ගීය අසා
සැලි සැලි රඟාලා
මල් මල් සිනා පා
මේ ගී මා ගයනා ....

ගායනය - නාමල් උඩුගම

11.සිතුල් පව්වෙ වෙහෙර..

සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා
කුසල් වලින් හුඟක් අරන් යන්න පේ වෙලා
විසල් පුරේ විශාඛාව ලෙසින් නෙතු සලා
අවසර නෑ ඇස්දෙක ළඟ ඉන්න නැවතිලා
අසල් වැසි ළඳක් වාගෙයි තෝරන බහනම්
සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්
හිත ඇතුළෙන් දුරක් ගිහින් මගෙම වෙලා දැන්
මම අමතක කරන්නෙ නෑ කොළඹ එනව නම්
සිදාදියේ කිරිල්ලියන් තරඟ කරාවී
මොණර පැටික්කියගෙ රුවට තරහ ගනීවි
තව මොහොතින් විහාරයෙන් බස් එක යාවී
දුරස් වෙන්න එපා මගෙන් රුහුණු කුමාරි

ගායනය - නාමල් උඩුගම

12.පෙම් සිහිනේ ඇයි බිදුනේ...

පෙම් සිහිනේ ඇයි බිදුනේ
මා හැර ගියේ කුමරියෙ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි...//

මාගේ පැල්පතේ ඉසුරු නෑ කියා
ඔබ මගෙන් වෙන් උනා
වෛරයක් නෑ හිතේ මං ආදරෙයි..//
සමුගෙන ගියදා යළි සිහිවීලා
හැඩුවාදෝ ආයේ...

පෙම් සිහිනේ......

නිහඩ රාත්‍රියේ සුවඳ ගෙනාවේ
අහිමි වු ආදරේ
තාම මම ආදරෙයි මං ආදරෙයි..//
ඔහු හා බැදිලා වෙනතක යනවා
මා අමතක කරලා...

පෙම් සිහිනේ......

ගායනය නාමල් උඩුගම 

13.ඔබේ ලොවේ අද මා රැඳිලා...

ඔබේ ලොවේ අද මා රැඳිලා
බලා හිඳී සැනසුම පතලා
සෙනේහයේ සිහිලැල් සොයලා
ඔබේ ලොවේ අද මා . . . රැඳිලා

සෑබෑ සෙනේ සිතින් දරා
ලඟින් ඉදින්නේ මා ...
ඔහුගේ ලොවේ ඔබ රැඳිලා
මුලා නොවනු කිසිදා ...
අයාලයේ නොයන්නේ මා
ඔහු මෙන් ඔබ රිදවා ...
ඔබගෙ සෙනේ මා සනසා
කියා දෙන්න මතුදා ..

දිවා රැයේ පෙරුම් පුරා
පැතුම් පතන්නෙමි මා ...
නෙතු සිහිනේ මල් පුබුදා
ඔබේ ලඟට එනවා
මගේ හදේ නැවුම් අමා
හැඟුම් කියන්නේ මා
රන් රස සේ අත් බැඳිලා
වෙනස් නොවී කිසිදා ...

ගායනය - නාමල් උඩුගම 


"ගිත සියල්ල මෙතැනින් ගන්න"