Friday, June 7, 2019

පුංචි පැටියො මේ අහන්න....




නෙල්ලි කැලේ ගඟ අයිනේ පුංචි කැකුළු ළමුන්නේ
හමන සුළඟ මුමුණා යන රහසයි මේ කියන්නේ

ඉස්කෝලේ දරුවන් මැද දෙවැනි මවක් සිටින්නේ
(ඉස්කෝලේ දරුවන් මැද දෙවැනි මවක් සිටින්නේ)

මහත් පෙමින් අකුර අකුර සොඳින් කියා දෙමින්නේ
(මහත් පෙමින් අකුර අකුර සොඳින් කියා දෙමින්නේ)

කඳු යායෙන් එහා දෙසක සැණකෙළි සිරි තිබෙන්නේ
(කඳු යායෙන් එහා දෙසක සැණකෙළි සිරි තිබෙන්නේ)

ඒ අසිරිය මේ දරු කැළ කවදා දෝ දකින්නේ
(ඒ අසිරිය මේ දරු කැළ කවදා දෝ දකින්නේ)

නෙල්ලි කැලේ ගඟ අයිනේ පුංචි කැකුළු ළමුන්නේ
හමන සුළඟ මුමුණා යන රහසයි මේ කියන්නේ

ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ ළමා පිරිස
පද රචනය - කපිල කුමාර කාලිංග
තනුව හා සංගීතය - ආනන්ද ගමගේ
--------------------------------------------------------------------------

සීනි කෝපි තේ කිරි තේ
වෙරළු මසං ජමනාරං
කොස් දෙල් පොල් මිරිස් ගන්න
එන්න එන්න
එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
සීනි බෝල හෝටලේ

පොඩි බණ්ඩයි මුදලාලී
ගණන් ලියයි පොඩිහාමී
පිඟන් කෑලි සල්ලි අරන්
එන්න එන්න
එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
සීනි බෝල හෝටලේ

බයිසිකලෙන් කාර් එකෙන්
අස්ව කරත්තෙන් ආවත්…
එක මේසේ කෑම කන්න
එන්න එන්න
එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
සීනි බෝල හෝටලේ

ගායනය: පුෂ්පමාලා සුභසිංහ
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව: ඩී. ආර්. පීරිස්

-----------------------------------------------------------
වේවැලක් කෝ‍ටුවක් ‍රැගෙන පොල් ඉර‍ටුවක්
ඉර මැදින් හඳ මැදින් ගඟ මැදින් බැස ඇවිත්
කූඹියන් කුරුල්ලන් මැරූ වුන් අල්ලමින්
මහ හඬින් ගොරවමින් ඔවුන් බිය කරවමින්
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා

මව්පියන් නොසළකා නිතර දඟ කරමිනා
ගුරුවරුන් දෙන ඔවා බැහැර කර නටමිනා
නිකරුණේ කල් ගෙවා නටනවුන් සනසවා
නරක ගති දුර හැරා මෙත් සිතින් ආවඩා
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා

වේවැලක් කෝ‍ටුවක් ‍රැගෙන පොල් ඉර‍ටුවක්
ඉර මැදින් හඳ මැදින් ගඟ මැදින් බැස ඇවිත්
කූඹියන් කුරුල්ලන් මැරූවුන් අල්ලමින්
මහ හඬින් ගොරවමින් ඔවුන් බිය කරවමින්
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා

නුග ගසින් බසින්නේ කලුවරේ වඩින්නේ…
යෝධයෙක් ලෙසින්නේ දෑස් ගෙඩි රවන්නේ
වේවැලෙන් තලන්නේ ගහේ බැඳ තබන්නේ
අකීකරු ළමුන්ගේ නරක දුරු කරන්නේ
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා

වේවැලක් කෝ‍ටුවක් ‍රැගෙන පොල් ඉර‍ටුවක්
ආ ආ ආ
කූඹියන් කුරුල්ලන් මැරූ වුන් අල්ලමින්
ආ ආ ආ
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා
ආයිබෝ වේවා ආයිබෝ
ආයිබෝ වේවා ආයිබෝ

ගායනය: ගාමිණී පෙරේරා
----------------------------------------------------

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි

හබුන් කටයි කියාලා
බත් දෙකටක් කවාලා..
වතුර ටිකක් පොවාලා
උකුළ උඩින් දමාලා..

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි
දොයි දොයි දොයි කියාලා බයි බයි බයි ගයාලා
සැනසිල්ලේ හිතාලා නැළවිල්ලක් ගොතාලා
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි

ඔන්න බබෝ ඇතින්නී
ගල් අරඹේ සිටින්නී..
ගලින් ගලට පනින්නී
බබුට බයේ දුවන්නී..

හොඳ එළියක් පෙනෙන්නේ
හඳ මාමයි එබෙන්නේ..
කිරියි පැණියි ගෙනෙන්නේ
මගෙ දූටත් බෙදන්නේ..

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..

ගායනය: වජිරා බාලසූරිය
පද: කරුණාරත්න අබේසේකර
තනු: එම්. ඩබ්ලිව්. පීරිස්
------------------------------------------------------

රූං රූං රූං රූං කැරකෙනවා බඹරේ
මේ බලන්න කැරකෙනවා මං හදාපු බඹරේ

ඉර වටේට අපේ ලෝකෙ කැරකෙනවලු යාලූ
බඹරෙ වගේ කැරකි කැරකි
කැරකි කැරකි කැරකි කැරකි රවුම් ගහනවාලූ

රූං රූං රූං රූං කැරකෙනවා බඹරේ
මේ බලන්න කැරකෙනවා මං හදාපු බඹරේ

හඳහාමිත් අපේ ලෝකෙ වටේ දුවනවාලූ
පොඩියක් නවතින්නෙ නැතිලු දන්නවාද යාලූ

රූං රූං රූං රූං කැරකෙනවා බඹරේ
මේ බලන්න කැරකෙනවා මං හදාපු බඹරේ

බඹරි වාගෙ බඹරෙ වටේ මමත් රවුම් ගැහුවා
බඹරෙ වටේ මං හදාපු රවුම් රවුම් යන්නම්

ගායනය: අනෝමා සමරකෝන්
-------------------------------------------------------------

උඩරට මැණිකෙට
පට කුඩ දෙක දෙක
කෝච්චියක් එනවා
ජනේල අතරින් බිත්තිය බැසගෙන
කෝච්චියක් එනවා

කුරුමිණි අඬු රන් සමනළ තටු හා
සීනි ඇටත් පිරිලා
කෝච්චියේ දැන් ඉඩ නෑ වාගේ
සෙනග ගොඩක් පිරිලා
මේ ඉස්ටේෂමෙ නවතින්නේ නෑ
යයි ඉක්මන් කරලා
මට හරි ආසයි ගමට යන්න
මේ කෝච්චියේ නැගලා

අත තිබ්බෝතින් රේල් පීල්ලට
ගමන නතර වෙනවා
කම්මැලි නැති අය හට පමණයි
යා හැක්කේ පවසනවා
උඩරට මැණිකෙට
පට කුඩ දෙක දෙක
කිය කිය මොර දෙනවා
කඩිසර ගමනින් කූඹි කෝච්චිය
සාලෙ මැදින් යනවා

ගායනය: සමන්ති ගණේගොඩ
ගී පද : විනීතා මානෙල්
-----------------------------------------------------------------

ටක් ගානවා ටික් ගානවා
ටිකක් කනවා දොර වහනවා
හුනු කිල්ලොටයක් අරගෙන
සීයා බුලත් විට හපනවා

අනේ සීයෙ අමල් බිසෝ
කතන්දරේ කියන්නකෝ

ජැන්ඩි පහට සරම ඇඳලා
ඉන වට හවඩියක් බැඳලා
පුංචි අපට ආස හිතෙන
ඉස්සර රස කතා කියලා
ගෙයි පිල උඩ පැදුර එළන්
සීයා හරි සැපට නිදන්

පෝය දාට සිල් අරගෙන
තිස්සෙම බණ පද අහන්න
රෑට රෑට දොම් දොමිකිට
පුංචි රබන් පද කියන්න
ගෙයි පිල උඩ පැදුර එළන්
සීයා හරි සැපට නිදන්..........

ගායනය: පේෂලා මෙන්ඩිස්
ගී පද - ඇ. ලයනල් ද සිල්වා
සංගීතය - වික්ටර් රත්නායක
--------------------------------------------------------

කබල් මුට්ටියක් ඔළුවේ දාගෙන
සුදු හුනු දත් වල සිනහ නගාගෙන
සුරුට්ටු කොටයක් කටේ ඔබා ගෙන
වෙල මැද්දේ ඔබ මොකද කරන්නේ

ඉරිච්ච සරමින් පිදුරු පේනවා
දිරච්ච කෙවිටක් වගේ දැනෙනවා
තුවක්කු කොටයේ වේයො දුවනවා
සුළං හමනකොට ඉබේ නැටෙනවා

කුඹුරු පැහෙනකොට වැඩ වැඩි වෙනවා
ගිරා කුරුල්ලන් කූඹුරට එනවා
ඔබ දුටු හැටියෙම බයේ දුවනවා
හඳ මාමා කුඹුරම රැක දෙනවා

කබල් මුට්ටියක් ඔළුවේ දාගෙන
සුදු හුනු දත් වල සිනහ නගාගෙන
සුරුට්ටු කොටයක් කටේ ඔබා ගෙන
වෙල මැද්දේ ඔබ මොකද කරන්නේ

ගායනය: රෝහිණී ජයසිංහ
ගී පද - චින්තන ජයසේන ?
සංගීතය - ලයනල් අල්ගම

-------------------------------------------------------

බැද්ද පුරා පියාඹන්න
මී අඹ වල රස බලන්න
අම්මේ මට කියා දෙන්නකෝ

පුංචි දෝනි මේ අහන්න
පුංචි පියාපත් සලන්න
තවත් කලක් ඔහොම ඉන්නකෝ

ඉපනැල්ලේ ඇවිද යන්න
වී කරලක් ඇහිඳ ගන්න
පුංචි මටත් කියා දෙන්නකෝ

පුංචි පැටියො මේ අහන්න
අළුත් ලොවට පියාඹන්න
හෙමින් හෙමින් පුරුදු වෙන්නකෝ

කන්ද එහා මිටියාවත
වැලි තලයේ දුව පනින්න
කැදලි දොරෙන් පියාඹන්නදෝ

පුංචි කැදැල්ලෙන් එහාට
නුඹ නොදකින ලෝකය තුල
සතුරො මිතුරු වෙසින් ඉන්නවෝ

ගායනය: පුෂ්පමාලා සුභසිංහ සහ මේඝා මල්හාරි ගෝකුල
-------------------------------------------------------------
අම්මාගේ  උකුලේ  නැළවී
තාත්තාට සුරතල් වෙවී
පාසැල් ගොසින් උදය කාලේ
පසුවීල යයි මගේ බාලේ

දෙගුරුන්ගේ  අවවාද අසලා
අවුරුද්ද අවුරුද්ද ගෙවලා
ලොකු පොත් සොයාලා කියෝලා
ඉගෙනීම අවසාන කරලා

ලංකාව රට මා උපන්න
මගේ ජාතියේ නාමේ ගන්න
පුළුවන් තරම් වෙහෙස වන්න
පතමී හොදින් මා හැදෙන්න

පද රචනාව: කරුණාරත්න අබේසේකර
තනු නිර්මාණය: මොහොමඩ් සාලි
ගායනය: දමයන්ති ඒකනායක


------------------------------------------------------------------------------

Tuesday, January 15, 2019

"එන්ඩද මැණිකේ මමත් දිය­ඹටා - නෙළන්න කෙක­ටිය මල්"



ඇය නමින් ලීලා අශෝ­කාය. දැන් ඇගේ වයස අවු­රුදු අනු­එකකි. යොවුන් වියේදි බොහෝ හැඩ­කා­රව සිටි­න්නට ඇතැයි ඈ දෙස බැලු බැල්මට පෙනේ.

“මගේ නම හේවා ගීග­නගේ ලීලා­වතී. මම උපන්නේ එක්ද­හස් නව­සිය විසි හතේ ජූලි හත්වැ­නිදා. මගේ පියා නැති වෙලා තියෙන්නේ අයි­යයි මමයි පුංචි කාලේ. අම්මා නැවත විවාහ වෙලා තියෙ­නවා. අපේ බාප්පා කව­දා­වත් අපට වෙන­ස්ක­මක් කළේ නැහැ. ඔහු කලා­වට බොහෝම කැමැති කෙනෙක්. ඒ නිසා ඔහු අපේ කලා හැකි­යා­වන් දියුණු කර ගැනී­මට උදව් කළා.”

ඇය සිය අතීත මතක අවදි කර­න්නට වූයේ බොහෝ සෙමෙනි. ඇයට දැන් බොහෝ අතීත තොර­තුරු අම­ත­කය. නමුදු බොහෝ වේලා කල්පනා කිරී­මෙන් පසු ඇය සිය අතී­තය සිහි­පත් කරයි.

“මං ඉගෙන ගත්තේ කොළඹ මියු­සි­යස් විද්‍යා­ලයේ. අපේ ගෙවල් තිබුණේ තිඹි­රි­ග­ස්යායේ. එක්ද­හස් නව­සිය හත­ළිස් අටේ නිද­හස් උත්ස­ව­යට ජාතික ගීය ගයන්න අප තෝරා ගත්තා. කරු­ණා­රත්න ගුරු­තු­මිය තමයි අප තෝරා ගත්තේ මර්ස­ලින් ජය­කොඩි පිය­තුමා අපට ගීය පුරුදු කරන්න ආවා මත­කයි. මේ ඉන්නේ මගේ අනෙක් යෙහෙ­ළියෝ.”