ශ්‍රී ලාංකීය සංගීතයේ නොමැකෙන මියුරු හැඟුම්බර කට හඬ ඔහුම විය. යොවුන් හදවත් තුළ සදාකල්හිම ලැගුම් ගත් විරහ ගීතයේ මුදුන් මල්කඩ ද ඔහුම විය. මිල්ටන් මල්ලවාරච්චි නම් ඒ අග්‍රගන්‍ය ගායන ශිල්පියා සහෘද රසවතා ඔබ අතරින් සමුගෙන අදට වසර 17 සපිරෙයි.ශ්‍රී ලාංකීක ගීත ක්‍ෂේත්‍රයේ විරහ ගීතයේ කිරුළ හැමදාමත් මිල්ටන් මල්ලවාරච්චි නාමයට හිමිවෙනු ඇත. ස්‌වතත්ත්‍ර ගීත නිර්මාණය අතරින් අතිශය ජනප්‍රිය ගීත වැඩිම සංඛ්‍යාවක් ගායනා කිරීමේ කිරුළ හිමි වන්නේ ඔහුටමය. යුග යුග ගණන් කාලය ගෙවී ගියද මේ මිහිදෙරණේ ගුවන් ගැබ පුරාවට මිල්ටන් මල්ලවාරච්චි ගී හඬ යොවුන් හදවත් තුළ සදාකාලිකවම ලැඟුම් ගනු ඇත.ඔහුගේ වැඩිම ගීත සංඛ්‍යාවක රචකයානන් වූ සහ ළබැඳි සහෘද මිතුරා වූ කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් විසින් රචිත මේ ගීත මෙසේ අද ඔහු වෙනුවෙන් ගැයෙනු ඇත.කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් තුල සිටි ගීපද රචකයා මතුකරගන්නට කෙසේ හේතුවූවා දැයි යන්න මේ පිළිබඳව ප්‍රිය බිරිඳ සමදරා කෝට්ටගේ ධර්මවර්ධන මහත්මිය සිළුමිණ පුවත්පතට දැක්වූ මෙම අදහස් වලින් පිළිබිඹු වෙනවා.
“කේ. ඩී. කේ. සතුව පැවති ප්‍රතිභාව ඔහුට සහජයෙන්ම උරුම වූ අසාමාන්‍ය ප්‍රතිභාවක් ලෙසයි මට හැඟෙන්නේ. සහජයෙන් ගී පද රචකයකු වුණා වගේම මහනුවර ධර්මරාජ විදුහලෙන් මල්වතු විහාරයේ වෑඋඩ දේවමිත්‍ර නායක ස්වාමින් වහන්සේගෙන් සිංහල, පාලි සහ සංස්කෘත භාෂා හැදෑරීමෙන් උපමා රූපක යොදමින් බස හැසිරවීමට ද කේ. ඩී. කේ. වඩාත් පරිණත වී තිබෙනවා. පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ගී පද රචනය කළ යුතු ආරත් මිල්ටන් මල්ලවආරච්චි වෙනුවෙන් ගී පද රචනය කළ යුතු ආරත් අතර වෙනස තේරුම් අරගෙන සාර්ථකව නිර්මාණකරණයේ නියැලෙන්න කේ. ඩී. කේ. ට පුළුවන් වුණේ භාෂා පිළිබඳ ඔහු සතු එම පරිණතභාවය නිසා යි. කේ. ඩී. කේ. ගේ නිවේදන කලාවට බෙහෙවින්ම කැමැති කෙනෙකු තමා මිල්ටන්. ඒ වගේම ඔවුන් දෙන්නා හොඳ මිතුරෝ. ගීත ලියන්න කේ. ඩී. කේ. ට මුලින්ම ආරාධනා කර තියෙන්නේ මිල්ටන්මයි. ඒ අනුව මිල්ටන්ට ලියූ “ආදරයේ මිහිර රැඳී” ගීතය කේ. ඩී. කේ. ගේ මුල්ම ගී පද රචනය වුණා. එකල එය එතරම්ම සාර්ථක ගීතයක් නොවුණු නිසා ගී පද රචනයට කේ. ඩී. කේ. උදාසීන වෙලා ටික කාලයක් ඉන්න කොට මිල්ටන් නැවතත් බලකර තියෙනවා ඔහුට ගීතයක් ලියන්න කියලා. ඒ නිසා ලියු “දෙඅදර විලිකුන් සුරත් පලේ” ගීතය සාර්ථක නිර්මාණයක් වීමත් සමඟ තමයි කේ. ඩී. කේ. සෘජුවම ගී පද රචනයට පිවිසී තියෙන්නේ.”
01.මුහුදු වෙරළේ නිසල පියසේ
මුහුදු වෙරළේ නිසල පියසේ
කඳුළු අරණේ සතුට වැළපේ...
පෙර මේ වාගේ ආදර ගීයේ
ශෝකය මුසු වී නෑ
යළි ඒ වාගේ ජීවන ගීයේ
සතුට රැඳෙන්නේ නෑ...
සොමි සඳපානේ මා වෙත යාවූ
ඒ රුව අමතක නෑ
සඳ පෙර වාගේ කෝ අද අහසේ
ඈ අද මා ළඟ නෑ...
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
02.ඈත රන් කැළුම් අතරින්
ඈත රන් කැළුම් අතරින්
සිහින තරු කසුන් යායේ
මගේ පැතුම ඔබේ පැතුම්
මල් පීදෙන්නයි...
පැලෙන් එහා ඈත කැලේ
දම් බෝවිටි හිඹුටු කැලේ
හවස තනිව යන්න එපා
මගෙ රන් මැණිකේ...
පාළු පැලේ පැල් රකින්න
මට තනියට කවි කියන්න
මා එනතුරු දීග නොයන්
මගෙ රන් මැණිකේ...
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : පැට්‍රික් දෙනිපිටිය
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
03.හද පතුලේ
හද පතුලේ
හසරැල්ල කඳුළැල්ල
කැළඹිල්ල මා නම් ඔබේ...
දිවි කතරේ
ගඟුලැල්ල නල රැල්ල
සැනසිල්ල වෙන්නම් ඔබේ...
මුසාවන් ගොතා අනුන් කී කතා
නොමැකී තිබේ දෝ සිතේ
අතීතේ කතා එපා දැන් එපා
මා දැන් ඔබේ ජීවිතේ...
අපේ ආදරේ බිඳී යා නොහේ
හිනැහෙන්න පියුමී මගේ
පැතූ සේ සදා ඔබේ මා ඔබේ
නැළවෙන්න පියුමී මගේ...
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
04.හඬන්නෙපා දැන්
හඬන්නෙපා දැන්
ළඟින් සිටින්නම්
සිතින් බැඳෙන්නම්
සිනාසෙන්න දැන්...
අප හමු වූ දිනේ රඟහලේ
සිත බැඳුණේ ඔබේ මා කෙරේ
අප බිඳුණේ කෙසේ නොදැනේ...
සිත තැළුණූ නියා මා දනී
නෙත රතු වූ නියා මා දනී
යළි හමු වූ නියා මා දනී...
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීත නිර්මාණය : ස්ටැන්ලි පීරිස්
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
05.පා සිනහා
පා සිනහා...
ඈ නැළවේවී
මධු සුර ගී මුමුණාවී...
සේද වලාවෝ ගත දවටාලා
සීත සඳේ රන් කැළුම් වෙළාලා
සිහින සඳැල්ලේ පාව නිදැල්ලේ
එනු සියුමැල්ලේ සීත රැයේ...
ඒ ළය ළං වේ මේ ළය සැනහේ
ආලය ලියලා මල් පල ගැන්වේ
හෝපලු තැන්නේ ළා දලු යහනේ
ඈ සතපන්නේ සීත රැයේ...
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීත නිර්මාණය : වික්ටර් රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
06.දෙඅදර විලිකුන්
දෙඅදර විලිකුන් සුරත් පලේ
පෙම් මදිරා අයැදිමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ...
මධුවිත සැණෙකින් හිස් වෙනවා
දිවි තවලම කතරක යනවා
යෞවන බව හෙට නැති වෙනවා
කල් බැලු අය ඉඳ ලතවෙනවා
ජීවිතේ පිනි බිංදුව ක් වාගේ...
මුවරද රොන්සුණු සුවඳ විතේ
මින්දද දවසක ගෙනෙනු ඇතේ
නිලුපුල් නෙත් රත් තඹුරු වෙතේ
කැඳවයි ඔබ තව්තිසා වෙතේ
ජීවිතේ මී බිංදුවක් වාගේ...
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
07.ඝන අඳුරේ...
ඝන අඳුරේ රළ පතරේ
ජීවය පරදුවට තබා
වියත රකින මහ සම්පත්
නෙළා ගන්න මුහුදු ගියා...
තෝරු මෝරු පොකිරිස්සෝ
අපෙ දුක සැප විමසනවා...
තොරතුරු ගැන කම්පා වී
අපේ දැළට ළංවෙනවා
කම්පා වී ළංවෙනවා...
පණ කෙන්දට බිය ඇත්තෝ
මුහුදු යන්න බිය වෙනවා...
බිය සැක නැති අය දුටුව ම
මහ මුහුදත් බිය වෙනවා
මහ මුහුදත් බියවෙනවා...
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
08.රන් මසු නැහැ කියා
රන් මසු නැහැ කියා
මා දිළිඳුයි කියා
කීවා...
මට තව මතකයි ඒවා...
මැදුරේ දොරගුළු ලූ නියා
අඳුරේ මා තනිවූ නියා
මට සිහිවෙනවා මේ දැන් වාගේ
නෑ මා හැඬුවේ එදා...
බැලුවේ ඔබ අද මා දිහා
පට පිළි දවටා ආ නිසා
ඇයි පෙර වාගේ මා තනි නොකළේ
කිමදෝ හඬනූ ඔයා...
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : පැට්‍රික් දෙනිපිටිය
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
09.ආදරයේ මිහිර රැඳී
ආදරයේ මිහිර රැඳී
වියෝගයේ සුසුම් මැකී
සෙනේහයේ සුවය රැඳී
මහද පැසේ පැතුම් පිරී
අතීතය බොරළු තලා
පිනට ඔබේ සැඟවීලා
තුෂාරයේ සිහිල වෙළා
දිය දහරා මතු වීලා...
සදාදරේ අමා සරේ
හැඬ වු ළඳේ මහද වෙණේ
ජීවිතයේ සොඳුරු සුවේ
ඔබේ සිනා රැල්ල ගෙනේ......
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
(කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් ගේ මුල්ම ගීත රචනාව වූයේ මෙයයි)
10.සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්
සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබේ අත නොලැබේ නම්
හැමදා තනි වෙන්නම්...
ආසිරි ගී මැද පෝරුව මත හිඳ
මහපටැඟිලි බැඳ අත පැන් වත්කර
ඔබ කැඳවා යන්නම්
නැතිනම් තනි වෙන්නම්...
ජීවන ගමනේ බාධක දුක සැප
එක සේ පිළිගෙන හිනැහෙනු මැන ඔබ
තනියට ළඟ ඉන්නම්
නැතිනම් තනි වෙන්නම්...
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
11.අද හෙට ඔබ මා
අද හෙට ඔබ මා
අතහැර යන බව
දැන ගන්නට ලැබුණා
රහසින් මට ඇසුණා...
ඔබ රවටා නැත
ඔබ හඬවා නැත
දැන දැන මා නම්
වැරදි කළේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසට තතු නොහැඟෙයි...
යොමු වී වෙනතක
ඔබ තනි වූ දින
තනියට සිටියේ
මා පමණකි ළඟ
දැන් ඔබ මා රිදවා
යළි වෙනතක බැඳිලා...
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
12.රනඹර ඉඳුදුනු
රනඹර ඉඳුදුනු සිතුවම් වෙලා
බිඟුවැල් මල් කෙමි මත මත් වෙලා
වසන්තේ උදා වුණා වසන්තේ උදා වුණා...
රන් බඳ රන් කුඹු රන් සළු වෙළා
චන්දන අංජන දෙනෙතේ උලා...
දෙපයේ කිංකිණි නූපුර සොලවා
මා වෙත ඈ එනවා...
ඇගෙ ළැම රන්ගිරි බෙයද මැදේ
මගෙ ජීවන රජ මැදුර සැදේ...
සිහින විමානේ ආදර මතඟන
මා වෙත ඈ එනවා...
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
13.පැරදීලා පලා ගියේ නෑ
පැරදීලා පලා ගියේ නෑ
රැවටීලා හඬා වැටී නෑ
පිටු පාලා සොවේ හෙළා නෑ
මා කවදාවත් වෙනස් වුණේ නෑ
දුක සංකා හැර දිගැසේ
සැනසීලා ඉනු නොලසේ
ළයෙ හී රන් ගිරි සිරසේ
රැඳෙමී මා විත් වලාකුළක් සේ
රන් කාසී කොහෙන් ගෙනෙම් දෝ
රන් මාලා කෙසේ සොයම් දෝ
හිස් දෑතින් කෙසේ එමී දෝ
මා එනතුරු ඔබ බලා හිඳී දෝ
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
14.දෑසින් කියූ ඒ හැඟුම්
දෑසින් කියූ ඒ හැඟුම්
ආදරේ හැඟුම්
රැඳීලා බැඳීලා
මා හදවතේ...
දෑසින් කියූ ඒ හැඟුම් ආදරේ හැඟුම්...
වනමල් පිපී බිඟු වැල් වෙළී
රස කල්පනා යා කළා
අද මෙන් හෙටක් නෑ
හමුවූවොතින් නම්
තෙපලන්න ඕනේ හෙමින්...
දෙකොපුල් සලා පෑ මල් සිනා
රස කල්පනා යා කළා
අද මෙන් හෙටක් නෑ
හමුවූවොතින් නම්
තෙපලන්න ඕනේ හෙමින්...
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
15.උපුල් කොපුල්
උපුල් කොපුල් වෙහෙසී ඇතේ
සුරත් නුවන් පියවී යතේ
තොලේ අමා ගෑවේ
එහා ලොවේ පාවේ
හදේ තැවුල් තුනිවී යතේ
හිරුයි සඳූයි තරුයි නැගී පායා
නොනිවී තියේදෝ දිලී
පිණිවාගේ වැනසේවී
ඔබගේ ඇයගේ යොවුන් වසන්තේ
පමා වෙලා නෙතින් සලා සෝකේ
ලොවේ දිනූ කිසිවෙක් නැතේ
පිණිවාගේ වැනසේවී
ඔබගේ ඇයගේ යොවුන් වසන්තේ
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
16.වීණා බිඟු වීණා
වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ
සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ
නිල් උපුල් සිනා දී යදින්නේ ආදරේ
වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ
රෑට සසැලෙන්නෙ පැරදී හැඬූ තාරකා
දෑත ළතැවෙන්නෙ ඒ දෑත තනි වූ නිසා
සිහින මායාවෙ පැටලීලා නින්දේ පවා
දෑස විමසන්නෙ හුරු දෑසදෝ
වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ
සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ
සීත සඳ කැල්ම කිරි සාගරේ නැවතිලා
වාසනාවන්ත තුරු වැල් එතී ළං වෙලා
ප්‍රේම ආලිංගනේ රංගනේ මත් වෙලා
දෑස නලවන්න සිත් වූවදෝ
වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ
සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ
නිල් උපුල් සිනා දී යදින්නේ ආදරේ
වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව : ග්‍රේෂන් ආනන්ද
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
17.සිටු කුමාරියේ ඔබේ සිනහ සඳළුතලාවේ
සිටු කුමාරියේ ඔබේ සිනහ සඳළුතලාවේ
මගේ හැඟුම් බිඟුම් හොරෙන් බමාලා
මට ගෙනා කතා ඒ උන් කියූ කතාවේ
මගේ හැඟුම් බිඟුම් කියූ රහස් මේ
පෙරදාක වෙන කවුද ලං වූ බවයි
ඔබ ඉන් මුලා වූ වගයි
මධු යාමයේ ගීත සෝ ගී වෙතැයි
ඔබගේම දෙනුවන් කියයි
සිටු කුමාරියේ ඔබේ සිනහ සඳළුතලාවේ....
ලංවීම වෙන්වීම ඔබගේ ලොවේ
එකදාක අරුමේ නොවේ
හැමදාම ඔබ ඒ වගේ නම් ලදේ
ඔය මල් හිනා නෑ අගේ
සිටු කුමාරියේ ඔබේ සිනහ සඳළුතලාවේ....
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
18.කෙසේ කියන්නද
කෙසේ කියන්නද
ඔබ මා අතහැර ඉවත ගියා කියලා
මගේ මුවින් මම ලොවට කියා ඇත
ඔබ ගුනවත් කියලා
කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
මා වැරදිය කියලා
සෙනෙහස බිදුනද මේ අවමානෙන්
ගැලවිය යුතු හින්දාම විසින් ඔබ අත් හලෙමී පවසමි
ලොවටම ඇසෙන නිසා..
කෙසේ කියන්නද ඔබ මා
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
18.කෙසේ කියන්නද
කෙසේ කියන්නද
ඔබ මා අතහැර ඉවත ගියා කියලා
මගේ මුවින් මම ලොවට කියා ඇත
ඔබ ගුනවත් කියලා
කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
මා වැරදිය කියලා
සෙනෙහස බිදුනද මේ අවමානෙන්
ගැලවිය යුතු හින්දාම විසින් ඔබ අත් හලෙමී පවසමි
ලොවටම ඇසෙන නිසා..
කෙසේ කියන්නද ඔබ මා
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
19.ඉවුරු තලා ගංගා
ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා
ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා
මන්දර පව්වේ හිම පියසේ
චන්දන අරණේ මද සිසිලේ
සුව නොලබා ගියෙ දෝ කෙසේ
ඉවුරු තලා.....
නඩුපුල් නෙලලා පිණි ඉසලා
රණ්හුය පටලා අමුණාලා
සිටියෙම් මා ඔබ එන තුරා
ඉවුරු තලා.....
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : පැට්‍රික් දෙනිපිටිය
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
20.සයුරු තෙරේදී අවන්හලේදී
සයුරු තෙරේදී අවන්හලේදී
දෙනෙත් කතාවෙන් සිත් යාවුණේ
සිරවී රැඳී ඉන් කිමද ප්‍රියේ අප
තවම කතා නොකළේ
තඹුරු පිපී බමරු පිරී
සොඳුරු කතාවන් පවසා යතේ
නොනැඟේවිදෝ ඔබගේ ලයේ
එවැනි හැඟුම් රහසේ
පියවී ලොවේ නොලද සුවේ
සොයමි රැයේ මම සිහින ලොවේ
නොනැඟේවිදෝ ඔබගේ ලයේ
එවැනි හැඟුම් රහසේ
සයුරු තෙරේදී අවන්හලේදී
දෙනෙත් කතාවෙන් සිත් යාවුණේ
සිරවී රැඳී ඉන් කිමද ප්‍රියේ අප
තවම කතා නොකළේ
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : පැට්‍රික් දෙනිපිටිය
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
21.ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ...
දවනු දැනේ සිසි කිරණ පවා...
සිසිල නොදේ මඳ පවන පවා...
ඔය මුව පියුමේ තොල්පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ...
ඔබ වෙනුවෙන්...
සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳුළු නැගේ මට රැයද දිවා
ඔබ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ...
ඔබ වෙනුවෙන්...
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
තනුව - සෝමපාල රත්නායක
සියලූම ගීත මෙතැනින්
-------------------------------------------------------------------
ප .ලි
මිල්ටන් මලලවාරච්චි නම් සොඳුරු මිනිසාගේ 17 වන සමරුව වෙනුවෙන් තෝරා ගත් ගීත කීපයක් පමණි . ඔබත් දන්නා සොඳුරු මතකයන් හැමෝමත් එක්ක බෙදා ගන්න ...
(වැරදි අඩුපාඩු පෙන්න්වා දෙන්න )
දෙන්නෙක්ම මතක් කරලා. ඒකට ගොඩක් ස්තුතියි.. රනිලා එනවා කිව්වා ලංකාවට
ReplyDeleteමිල්ටන් නිසානේ කේ .ඩි .කේ සින්දු ලිව්වා කියන්නේ .අනික මේ දෙන්න හොඳ මිත්‍රයෝ .සොහොන් දෙක පවා එක ලගලු හැදුවේ ...
Deleteස්තුතියි දේශෝ ....(රනිල් ට මම වැඩිය කැමති නැ .ඇයිදෝ මන්දා .ඌ ඇක්සිඩන්ට් උනෙත් අපේ පැත්තේ ෂෝ එකකට යන ගමන් කියලා මතකයක් තියනවා )..
//රනඹර ඉඳුදුනු සිතුවම් වෙලා
ReplyDeleteබිඟුවැල් මල් කෙමි මත මත් වෙලා////
//උපුල් කොපුල් වෙහෙසී ඇතේ
සුරත් නුවන් පියවී යතේ
තොලේ අමා ගෑවේ
එහා ලොවේ පාවේ
හදේ තැවුල් තුනිවී යතේ..//
//ඝන අඳුරේ රළ පතරේ
ජීවය පරදුවට තබා
වියත රකින මහ සම්පත්
නෙළා ගන්න මුහුදු ගියා...//
///දෙඅදර විලිකුන් සුරත් පලේ
පෙම් මදිරා අයැදිමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ...///
//හද පතුලේ
හසරැල්ල කඳුළැල්ල
කැළඹිල්ල මා නම් ඔබේ...
දිවි කතරේ
ගඟුලැල්ල නල රැල්ල
සැනසිල්ල වෙන්නම් ඔබේ...//
ආසම සින්දු කීපයකත් ආසම යෙදුම් ටිකක් ඔය වැට ගහල ගත්තේ. හැමෝටම මෙහෙම ලියන්නත් බෑ.. මෙච්චර ලයාන්විතව ගයන්නත් බෑ.. මේ වගේ සුසංයෝග අමරණීය වෙන්න හේතුව ඒකයි.. ස්තුතියි සින්දු මචෝ.. අවුරුදු විස්සකින් තරුණ උනා වගේ මෙ සින්දු ටික මුමුණනකොට.. ජය ශ්‍රී!
තමන් නාකියි කියලා පිළිගත්තු එකම බ්ලොග් කාරයාද කොහේද?.........D
Deleteකටුස්සටත් හැට පැනලා ඔලුව විතරක් වනන කාලෙ එනකොට අනේ ඉන්න ඇත්තං බලන්න.
Delete(හුටා... එතකොට මාත් නාකි බව පිළිඇරංනෙ)
අම්මේ ලොකු පිනක් කරගෙන නොවැ .සින්දු 20කින් අපේ කාමියා අවුරුදු 20 ක් තිරිහන් උනානම් තව 40ක් විතර දැම්මානම් ....චඃ
Deleteකමියෝ සින්දු කොච්චර තිබුනත් මිල්ටන්ගේ සින්දු වගේ මතක තියෙන්නේ නැ බන්..
ස්තුතියි පැමිණියාට ...
@කසුට්ටා කවුද බන් නාකි ...
@මදාවියෝ කට කට ... මගෙනම් මචන් 30න් පස්සේ වයසට යනඑක නැවතුනා .දැන් එක එක අඩුවෙනවා .දැන් ගණන් හදන්නේ මරණෙට ..හැක් හැක්
කමිය උඹට විස්සක්ද ? මට විසි දෙකකින් තරුණ උනේ .
Delete.අපෝ උඹලාට හෙන වයසයිනේ .මම ඒ සින්දු ටික අහලා දැන් ළමා කාලෙට ගියා .අපේ අම්මලා ආයෙත් මාව ඉකොලේට බාර දෙන්න හදන්නේ ..හැක් හැක්
Deleteමගේ සූප්පුව කටේ :D
Deleteහික්ස් ..එකනම් ඇත්ත මචෝ උඹ මේ දවස් වල කලිසමේ චු කරගන්නවා කියලා කවුද කිවා වයිෆ් කතා කරනකොටත් ...හැක් හැක්
Deleteස්තුතී අයියේ නියමයි
ReplyDeleteඔබේ සැප මගේ සතුටයි ...;-)
Deleteමිල්ටන්ගේ වගේම ඔයකාලේ ඇහුන ගීතවල දැක්ක පොදු දෙයක් තමයි ඒ ගොඩක් ගීතවල අමතක නොවෙන හිතට වදින පද පේළියක් තිබුන එක.
ReplyDelete//ඔබ පැමිණී ඔබම ගියා...නැවතුන තැන මම ඉන්නම්...//
//දහසක් මල් මැද එකම මලයි පැතුවේ....එමල කිමද සරදම්කර සැගව ගියේ....//
//කුසුම් මොටද සිතු සේ සිපගන්න බැරි...//
//තනිවූවේ ඔබ නොවේ මා පවා තනිවුනා...//
//සැනසීම හෝ වැනසීම ඇයගේ ඒ නිල් දෑසේ රැදී තිබේ...//
// අවසාන මොහොත වේවා...ඔබ ලඟදි ලගා වේවා....//
තව ගොඩක් තියනවා.ඇත්තටම අපි ආදරේ කලේ ගීතයටත් වඩා ඔය පදපේළි ටිකට.සෙට්වෙලා ඉදිද්දි සින්දු කියන කොට ගොඩක් ඉස්මතුවෙන්නෙත් ඔය පදටික තමයි.
කේ.ඩී.කේ.ගැන එච්චර දැනන් හිටියේ නෑ,ඒත් මගේ කැමතිම මිල්ටන්ගේ ගීතය තමයි "ඔබ වෙනුවෙන් මා" ගීතය.ඒකත් කේ.ඩී.කේ.ලියුව එකක් කියලා දැනගත්තේ අද තමයි.
ජය වේවා.....
කසුට්ටෝ උඹත් එක්ක 200% එකගයි ...බලාගෙන යාකොට අපි එකම රෑනේ කුරුල්ලෝ වගේනේ ....මගෙත් ප්‍රියතම ගීයක් "ඔබ වෙනුවෙන් මා "....
Deleteමෙන්න මචෝ KDK ගැන මිල්ටන්ගේ-කේ. ඩී. කේ. ගේ සොහොන් කොත් එක ළඟ හැදුවේ දෙදෙනාගේ මිත්‍රත්වය නිසයි
සින්දුවා....මනෝශ් කෝ බන්?දෙවනි ලියුමෙන් පස්සේ වෙච්චදෙයක් නෑනේ ඌට....
Deleteකසුට්ටෝ මනොෂ් දැන් පස්දුන් රට ව්ද්‍යාපීටයේ ඉන්නේ ..ඌට තවම ලියන්න පහසුකම් නැතිලු ..
Delete"වරදක් කලත් - සිතකින් නොවේ " :D
Deleteමිල්ටන් මහත්තයගේ ගීත එදා විතරක් නෙමෙයි අද ඉන්න පෙම්වතුන් උනත් අනිවාර්‍යෙන්ම අහනවා.. මාත් එයින් කෙනෙක් තමයි.. හුඟක්ම ආස සිංදු කීපයක්ම මෙතන තියෙනවා..
ReplyDeleteස්තුතියි දිනේෂ් ...මේවා හැමදාටම පවතින ගීත වෙලා ඉවරයි ..
Deleteප්‍රේමය කියන මාතෘකාවෙන් පිට මිල්ටන් සිංදු කිව්වද මන්දා. මොනවා වුණත් තව අවුරුදු 100 ක් ගියත් මේ ගීත රසවිඳීවි මිනිස්සු. අනාගත පරපුරට මේ වගේ මැණික් ගොඩගහලා එකතුකරලා තියන සින්දුවා කරන්නේ යුග මෙහෙවරක්!!!
ReplyDelete//ඇගෙ ළැම රන්ගිරි බෙයද මැදේ// මොකක්ද මේ බෙයද කියන්නේ? මේ සින්දුව ඩ්‍රීම් ස්ටාර් එකේ ධනුෂ්ක කිව්වා මතකයි. සින්දු සේරම හොඳයි බං. මිල්ටන් ගෙ සින්දු ඔක්කොම දාන්න උඹට අවුරුද්දක්වත් යයි නේද?
"ඇගෙ ළැම රන්ගිරි බෙයද මැදේ
Deleteමගෙ ජීවන රජ මැදුර සැදේ...
සිහින විමානේ ආදර මතඟන
මා වෙත ඈ එනවා..."
"ගිරි බෙයද" යනු කඳු දෙකක් අතර වූ නිම්නයයි...ඔහුගේ ජීවන රජ මැදුර තැනෙන්නේ එවන් බෙයදකයි..."මතඟන" යනු සළෙලු ලිය නැතහොත් මත් වූ කත යන තේරුම දෙනවා...
තමන්ට කැමති ඕනෑම වෙලාවක අහන්න පුළුවන් සින්දු සෙට් එකක් මිල්ටන්ගේ තියෙන්නේ .මිල්ටන්ගේ සින්දු ඔක්කොම දාන්න තියනවා නම් අවුරුද්දක් නෙවෙයි දෙකක් ගියත් කමක් නැ මචෝ .ඒ තරම් වටිනවා .බලමු තව ප්‍රේම් , කරු අය්යා වගේ අයත් එක්ක මිල්ටන් කරපු නිර්මාණ එකතුවක් දාන්න ..ස්තුතියි මදාවියෝ ඇගයීමට ...හැක් හැක්
ගිරි බෙයද තේරුම දැන ගත්තෙ අද....
DeleteTDK 90 කැසට් පටියක් පුරෝල මිල්ටන්ගෙ සින්දු රෙකෝඩ් කරල මම මගෙ ප්‍රේමියට දුන්නෙ O/L කරල ගෙදර ඉද්දි.
ReplyDelete" ඇවිදින මිනිහ " කනේ ගහගෙන 9 පන්තියේ ඉදන් හොරෙන් වගේ තමයි මිල්ටන්ගෙ සින්දු ඇහුවෙ. ඉස්සර අපේ අයියල කිවුවෙ කොල්ලෙක් ලොකු උනා කියල දැන ගන්නෙ මිල්ටන්ගෙ සින්දු අහන්න පටන් ගත්තමලු.
ලේනෝ....ලේනී සමගින් තරගෙට වාගේ... ඕක තමයි මම ඉස්සර ආසම සින්දුව.
//ඉස්සර අපේ අයියල කිවුවෙ කොල්ලෙක් ලොකු උනා කියල දැන ගන්නෙ මිල්ටන්ගෙ සින්දු අහන්න පටන් ගත්තමලු.//
Delete++++++++++හිකිස් .එතකොට උඹ ලොකු උනේ 9 පන්තියේදී ...හැක් හැක්
"ලේනෝ...ලේනෝ...ලේනි සමඟින් තරඟට වාදේ....
අද ඇයි මේ කං කරච්චලේ..නවසිගහේ මුදුනේ.."
කම්මලේ මචෝ ඒ සින්දුව අහනකොට හිතෙනවා කැමතිම එක කියලා .ඊට පස්සේ තව එකක් ඇහුවම එකට තමයි කැමතිම කියලා හිතෙනවා .බලාගෙන යනකොට සින්දු ඔක්කොටම කැමතියි වෙලා ...
මමනම් මිල්ටන්ගේ කැමතිම එක "දෙනෝදාහක් ගැවසෙන සරසවියේ " කියන එකයි ..... පද ටික හොයා ගන්න බැනේ කොහෙවත්
ReplyDeleteමෙන්න මචෝ ...
Deleteදෙනෝදහක් ගැවසෙන සරසවියේ
පාළුව තනිකම දැණෙනවනම්
කුටියේ කවුළුව විවර කරනු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්
ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
එක්වන්නට අද වරම් නැතේ
එකම පන්තියේ එක ළඟ ඉඳගෙන
පාසල් ගිය හැටි සිතට නැගේ
ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට
පෙරුම් පිරූ පාසැල් සමයේ
සිල්ප සතර රැඳුණේ නැහැ මා සිත
ඒ හින්දයි අපි දුරස් වුණේ
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - සරත් දසනායක
ගී පද - විජය රාමනායක
මැලේ, එදා රෑ ගුවන්තොටු පලේදී මා..,
Deleteඕකට ආස උන කාලයක් තිබ්බෙ නැද්ද ?
චැහ් :D
Deleteඒ කාලෙ ගුවන්‍තොටුපොල බලන්න ඉස්කෝලෙන් නෙවැ එක්කං යන්නෙ
ඉස්සර මම මගුල් ගෙවල් වලදි අනිවාර්යෙන් කියන සින්දුවක්...මගුලකට ගැලපෙන්නෙ නැති සින්දුවක් උනත්...මේකෙ ආරම්භක සංගීත කණ්ඩය ඇහෙනකොටම මිනිස්සු පුදුම අවධානයෙන් බලා හිටිය වග මම අත්දැකීමෙන් දන්නවා..ඒක මට මතක විදියට ක්ලැරන්ස‍්ගෙ තනුවක්.
Deleteමිල්ටන්ගේ සින්දු වලින් තමයි අපේ කාළේ ලව් ලෙටර් පිරිලා තිබුනේ.. මේවා ලිව්වේ කව්ද කියලා ඒ කාළේ වගේ වගක් තිබුනේ නෑ. අද නම් එහෙම නඩුත් බලවාවි. මේ මිනිස්සු දෙවිවරු වගේ මිනිස්සු.. මම කියන්නේ ගායකයෝ, පද රචකයෝ, මියුසික් කාරයෝ සියල්ලෝම. ඒත් කිසිම ඇගයිමක් අද වෙන තෙක් නොලැබූ ජනතා වීරයෝ.. ඒත් මිනිස්සුන්ගේ හිත් වල ඔවුන් හැමදාම ජීවත් වෙනවා..
ReplyDeleteඅඩුමගානේ ගීතයකට සම්බන්ධ ප්‍රධාන 3න් දෙනාට ගීතයක් ප්‍රචාරය වෙන වෙලාවට රුපියලගානේ දුන්නානම් ජෝති,මිල්ටන්(දෙන්නම ),කරුණාරත්න අබේසේකර,කේ.ඩී.කේ,h.m.ජයවර්ධන වගේ මිනිස්සුන්ට අද නැව් හිටන් තියේවි මාතේ.
Delete//කිසිම ඇගයිමක් අද වෙන තෙක් නොලැබූ ජනතා වීරයෝ.. ඒත් මිනිස්සුන්ගේ හිත් වල ඔවුන් හැමදාම ජීවත් වෙනවා..//
Delete++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
මාතේ අය්යේ මෙන්න මේ දේ තමයි තිත්ත ඇත්ත ...ස්තුතියි සංගීතවේදියෝ... ...
දෝතට ගත්තේ දොළකින් බිඳුවකි
බර ඇති ගසකින් කැඩුවේ ගෙඩියකි
ලැබෙන දෙයක් ඇඳ සතුටු වුණා ලොව
සංගීතවේදියෝ...
සොබා දහම හා අවදිවුණා මිස
කුරුළු ගීතයට කන් දුන්නා මිස
අවිහිංසකකම රජ කෙරුවා මිස
මානව භක්තිය ගැන සිතුවා මිස
ලේ පවසින් කිසිදින මුර ගා නැත
සංගීතවේදියෝ...
රාජ සභා මැද පුද ලැබුවා මිස
දෙවියන්ගෙන් බුහුමන් ලැබුවා මිස
පතුරාගන්නට සිය කිතු ගොස යස
කවියට ගීයට කවමින් වස විස
අවිගෙන කිසි දින සටන් වැදී නැත
සංගීතවේදියෝ...
ගේය පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - සෝමපාල රත්නායක
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
කටුස්සෝ රුපියලක් ඕනෑ නැ බන් සත 10 ක් වත් දුන්නා නම් ඒ මිනිස්සු අන්තිම කාලේ හරි සංතෝෂයෙන් ඉන්න තිබුනා .(දැන් බලපන් හරුන් ලන්ත්‍රා ).ඒ මින්ස්සුන්ගේ සින්දු කියලා අලුත් එවුන් ලක්ෂ ගණන් හම්බ කරනවා .අඩුම තරමින් ස්තුතියක් වත් නැතිව ..
Deleteසංගීත මඩලේ ප්‍රතිරාව නැංවූ නිර්මාණ ගී ශිල්පියානෝ
Deleteසීගිරි ලෙනේහී රූ අප්සරාවන් ඇන්දාවු ඒ සිත්තරානෝ
කව්ගී ලියූවෝ ... පිලිරූ නෙලූවෝ ....
වෙන්වී ගියත් ලෝ නියාවෙන්
ආකාස තලයේ ඔවුහූ සරන්නෝ .... දෙවි දේවතාවුන් විලාසෙන් ....
ප්‍රාකාර හෝ රාජ සිහසුන් පවා ලෝ වෑනසේවි නටබුන් සොභාවී ....
ගංගා තලා සාගරේ වාලුකා වී වැලපෙවී ලෝකාන්තයේ දී ...
ඔබගේ කලාවයි යුගයෙන් යුගේහී මේ කල්පයේ ඡේත වන්නේ
අප හෘද කැටපත් පවුරේ සදා කල් ප්‍රතිරූප ඔබගේ ඇදෙන්නේ ....
නාමෙන් ඔබේ මා ලයේ වේදනාවෝ කම්පාව හඩනාවූ යාමේ ..
විස්කම් කලාකාමී මිතුරෝ ඔබේ වී ඇසේවා .........
මිහිතලා ..... ඇති තුරා ....නාමයෙන් ඔබේ ඕලු මල් පිපේ...
මිනිසා පිපාසෙන් හඩනා දිළින්දන් .. කදුළේ ඔබගේ කලාවයි ...
ගිනියම් දවාලේ දිලිදුන් හෙලුවෝ දා බින්දු ඔබගේ කලාවයි ...
ලිය පඳුරු අතරේ නිල් පලිඟු මතු වේ .. රේඛාව ඔබගේ කලාවයි ......
මේ සක්වලේදී ඔබගේ කලාවෙන් මිතුරෝ ඔබත් ජීවමානයි .....
ගායනය - එච් ආර් ජෝතිපාල
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සරත් ද අල්විස්
සිංහල ගීත ක්ෂේත්‍රයට උඹත් ලොකු මෙහෙයක් කරනවා....
ReplyDeleteමම අහල තියනවා මිල්ටන් මහත්තය කවදාවත් රට ගිහිං නෑ කියල. ප්ලේන් වල යන්න බයයි ලු. මාත් ඒකනේ රට නොයන්නේ...
ස්තුතියි සජ්ජෝ .....මමත් එක අහලා තියනවා මචෝ ...//මාත් ඒකනේ රට නොයන්නේ..// අන්න මචෝ උඹත් මම වගේම එකෙක් .ඔය බස් එකේ උඩරට පැත්තේ ගිහින් එනවා ඇරෙන්න මම ප්ලේන් වල නම් යන්නේම නැ ..හැක් හැක්
Deleteමෙන්න මචෝ මිල්ටන් ගැන අපුරු සටහනක් අපේ චමි4යු ලියලා තියනවා
ඒකනෙවැ අපි ප්ලේන් වල යද්දි කන සාක්කුවෙ හිටින්ඩ ගහන්නේ :D
Deleteඋඹල වැරදියට හිතුවට අපි බොන්නෙ බයට බොලව්
අපි නාඹර තරුණ වයසේ සිටියදී, අපේ හදවත් තුළ ප්‍රේමය නමැති සුන්දර හැඟීම මෝදු කළ මිල්ටන්, ඉන්පසු සදාකාලයටම අපේ හදවතේ ලැගුම් ගත්තා. ඒ කාලේ සංදර්ශන වේදිකාවක, ඔහු ගී ගයනවිට, විශේෂයෙන් තරුණියන් ඔහු දෙස බලා සිටියේ, දෙනෙතින් පමණක් නොවෙයි කටත් ඇරගෙන.
ReplyDeleteඅදටත්, මහා රාත්‍රියේ, තනිව මධු විතක රස විඳින අතරේ, මා සවන් දෙන්නේ, ඔහුගේ සී.ඩී. වලටයි.
ස්තුතියි විචාරකතුමෝ ...
Deleteඔබතුමා තාමත් නාඹර වයසේ නොවැ .... :-)
සින්දුවෝ.......................... කලියෙං වගේ ම පට්ට සින්දු ටිකක් හරිය...... ජයවේවා......
ReplyDeleteස්තුතියි කුරුට්ටෝ ....
Deleteලියගොමු වියලී මල් පරවී
ReplyDeleteඅතු කොල වැහැරී බිම වැටිලා
ඔබ ගිය වග සරණෙක බැඳිලා
කවුද කියයි මට කොඳුරාලා..
ස්තුතියි ඇනෝ මිත්‍රයා ....
Deleteසිතුම් පැතුම් පොදි ආදරේ
බැඳන් ආවේ
ආයාසයකිනි කියන්න බැරි තරමේ
නිලුපුල් දෙනුවන් දැක ගන්න යි
සුවඳැල් මුහුළස සිප ගන්න යි
සුළැඟිල්ලෙන් ගෙන ලෙළවන්න යි
සිහිලැල් වදනින් සැනසෙන්න යි
ලිය ගොමු වියළී මල් පර වී
අතු කොළ වැහැරී බිම වැටිලා
ඔබ ගිය වග සරණෙක බැඳිලා
කවුද කියයි මට කොඳුරාලා
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්.කේ. රොක්සාමි
ඡොයින්ට් එකක් ගහලා අහන්න නියම සිංදු ටික..හැබැයි
ReplyDeleteබ්‍රෑන්ඩ් එක ගල්
එල ද බ්‍රා
මේකද යකෝ පරක්කු වුනේ ....හංගලා තිබුන බාගෙත් ඉවරයි ...හැක් හැක්
Deleteස්තුතියි ..
බ්‍රෑන්ඩ් එක විස්කි නැති වෙලාවට ගල්
බ්‍රෑන්ඩ් එක දංකොටු :D
Deleteපත්තරේ උඹ කොහොම හරි පුරුදු ජොබ් එකටම බැස්ස නේද ? ඉතාලියෙත් බ්‍රෑන්ඩ් එක නැගලා ගියාලු නේද ?
Deleteමු යටතේ ඉතාලි කාරයෝ 20ක්..පෙරනවා
Deleteසටහන සහ ගීත ගොන්න නම් කවදත් වගේ අපූරුයි අයියණ්ඩී. ඒත් මොන හේතුවකටද මන්ද, මං මෙතුමගේ බොහෝ ගී වලට වැඩි මනාපයක් නෑ. හිතට දැනුන කිහිපයක් නම් තියෙනවා ඒත්.
ReplyDeleteඅම්මේ ඇති යාන්තන් ..අන්න අරුන් උඹේ තුන් මාසේ දානේ පාටියත් ඇරේන්ජ් කරලා ,එදාට කියන්න සින්දු සෙට් එකක් තෝරලා දෙන්න කිවා. ....හැක්
Deleteස්තුතියි මචෝ අමාරුවෙන් හරි මේ පැත්තට ගොඩ වෙලා ගියාට ...
ඉදිරි කටයුතු හොදින් ඉටු වෙන්න කියල සුභ පතනවා ..ජයවේවා !!
මූ කව්ද බං මේ ??
Deleteඅපේ මනෝෂ් හිටියනං ආයෙ සිංදු ගැන ලියයි නේ බං..ඌත් මලා අපේ කරුමෙටම.චැහ්
ඔව් බන් පත්තරේ ,,,මම දැනගත්තා ලිවුන් කඩදහි පිට පිටම ලියනකොට ඕකට ඔහොම වෙයි කියලා .ඇයි යකෝ මේකාගේ විදිහටද වැඩ ? බලපන් මු වැඩ කරපු තැන ම කෙල්ලෝ කීදෙනෙක් ඉන්නවද නෙහ් .... කවුද බන් මුගේ බොග හැක් කරලා තියෙන්නේ ..
Deleteඅඩෝ.. වල් පත්තරයා මං තෝව මරනවා!!
Deleteමේක හරිම ලස්සන ලියමනක් ගොයියො...1998 වසරෙදි තමයි මිල්ටන් මල්ලවාරච්චි අප අතරින් සමුගත්තෙ. මට ඒක හොදටම මතක තියෙන්නෙ ඒ කාලෙ අපි සා/පෙ පන්තියෙ හිටිය නිසයි. අපේ පන්තිභාර ගුරුවරිය දශක 4 ක ජීවන කාලයක් තනිකඩව ගෙවමින් හිටියෙ. එයාගෙ කැමතිම ගායකයා තමයි මිල්ටන්...තනිකඩ ජීවිතයට හේතුව විරහා වේදනාවක් කියලා අමතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඉතින් අපේ ටීචර් මිල්ටන් මැරුන දවසෙ පන්තියට ආවෙත් නෑ...ඒ තරම් දුකක් එයාට තිබුනෙ. මිල්ටන්ගෙ සංගීත බලන්න එන කෙල්ලො සිහිනැතුව වැටුනා කියලා සුනිල් පෙරේරා තැනක කියනවා මම දැක්කා. ඔහුගේ කටහඩ හරිම ලස්සනයි. ඒ වගේම ආයාසයකින් තොරවයි සින්දු කියන්නෙ.
ReplyDeleteමිල්ටන් කාලයක් සනත් ගුණතිලකටත් සින්දුවක් ලියා දියං කියලා කිය කිය හිටියත් වැඩේ කෙරුනෙ නෑ. දවසක් සනත් මිල්ටන්ගෙ ගෙදර ආව දවසක අද මම උඹට යන්න දෙන්නෙ සින්දුවක් ලියලා දුන්නට පස්සෙ කියලා කොළයක් පෑනක් දීලා කාමරයකට දාලා වහලා. එදා මේ මර උගුලෙන් ගැලවෙන්න සනත් ගුණතිලක ලිව්ව ගීතය තමයි
Deleteමාගේ අතීත දිවියේ
සැමරුම් මැකී මැකී
කුමරි ඔබේ සිනහවේ
කොහේදෝ මුලා වී //
මාගේ කුමාර කාලේ
සෙනෙහේ අතීතයේ
පෑයූ සුපුන් සඳක් වාගේ
අප්සරාවියේ
ඇයි දෝ වෙනස් වුණේ
මහදේ වේදනා මවා
මාගේ අතීත දිවියේ...
අපගේ පැතුම් විමානෙන්
වෙන් වීල එක් වුණේ
භවයෙන් භවේ පැතූ
අපගේ ආදරේ නිසා
කාලේ ළඟා වුණා ආයේ
වේදනා නිවා
මාගේ අතීත දිවියේ...//
මේ ගීතය මමත් කැමතිම ගීතයක්..මේ ගීතය හොදින් ඇහුවොත් හාමනි පාට් එක ගායනා කරන රාජු බණ්ඩාරගෙ සහ රූකාන්තගෙ කටහඩ අහන්න පුලුවන්.
ස්තුතියි සිරෝ .......අපි හැමෝගෙම හදවත්වල මෙතුමා තවම ජිවත් වෙනවා බන් .
Deleteමොකක්ද අනේ මේ ඔයාගේ කමෙන්ට් එක හැමතැනම හලන් යන,, බ්ලොග් කියවන්නේ බබාලා කියලා හිතුවද
ReplyDeleteකැපී පෙනීමේ සහ පෙනිසිටිමේ රෝගයකි...
ReplyDeleteසින්දු ඇනෝ ගැන නම් කියන්ඩ දේවල් නැ....
ReplyDeleteමම සාමාන්‍යයෙන් සින්දු එකතු කරනවා...එ්ත් මේ දාන සමහර සින්දු නම් මම කවදාවත් අහලා නෑ....
පට්ට ම වටිනවා....
ස්තුතියි විරේ
Deleteඅමතක වුනා....ඉල්ලීමක් තියෙනවා...
ReplyDeleteඔබතුමාට පුළුවන් නම් ලියන්ඩකෝ ක්‍රිෂාන්ත එරන්දක ගැනත්...
බලමු මචං මේදවස් වල වෙලාවක් හොයාගන්න බැරුව ඉන්නේ .ලියන්න තියා කියවන්නවත් වෙලාවක් නැ ..
Deleteකෙල්ලො සිහිනැතුව වැටුණ නම් මදෑ මේ සිංදු අහල අදත් මම සිහිනැතිවෙන්න යනව පළමු ආදරේ මත්‍ක් වෙලා.. මට ආදරේ ගැන කියල දෙන්න නවකතා පත්තර යාලුවො මුකුත් නෑ.. මිල්ටන්ගෙ කැසට් පීස් තමයි තිබ්බෙ
ReplyDelete*තනියට ළඟ ඉන්නම් , නැතිනම් ළඟ ඉන්නම්* කියල මිල්ටන් කියන කොට ඒ දවස් වල එන හැඟීම කියගන්න හෝඩියක් අලුතෙන් හොයාගන්න ඕන
මිල්ටන්ගෙ සිංදුවක කොතනක හරි ඇහුනා බොහොම ඉස්සර "තනි වුයේ ඔබ නොවේ මා පවා තනි උනා" වගෙ කොටසක් තාමත් සිංදුව හොයනව. ඒ වගෙ මතකයක් තියෙනවනං සිංදුව දාන්න කො.
ReplyDelete