1932 සැප්තැම්බර් 13 වෙනිදා ඇල්පිටියේදී උපත ලද "මරියාකොලන්දේ ක්‍රිස්ටි රොක්සාමි" වැඩි දෙනා අතර ප්‍රසිද්ධ වූයේ “රොක් අයියා”, “රොක්සාමි මාස්ටර්” යන ආදරණීය නම් වලිනි. සිය මවගේ සහ පියාගේ ආභාෂය නිසාත් සංගරලිංගම් නම් සංගීත ගුරුවරයා නිසාත් ඔහුට සංගීතය පිළිබඳව ඇල්මක් ආශාවක් ඇති වූ බවත් පැවසේ. සුසිල් ප්‍රේමරත්නගේ ගීතයක් සඳහා ගිටාර් වාදනය කිරීමට ගුවන් විදුලියට ගිය රොක්සාමිට එතැන් සිට දිගින් දිගටම ගුවන් විදුලියේ දොර විවෘත වූ අතර රොක්සාමිගේ සොහොයුරු ඇන්තනි සාමි ද ඒ වන විට වාදනයේ නිපුණයෙකු වූ හේතුවෙන් මේ දෙදෙනාටම ආර්.ඒ. චන්ද්‍රසේන සංගීතඥයාගේ අනුග්‍රහය නොමඳව ලැබිණි.
ආර්. මුත්තුසාමිගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ ‘බණ්ඩා නගරයට පැමිණීම’ චිත්‍රපටයේ වයලීනය වාදනය කළ රොක්සාමිට සංගීත අංශයෙන් ඉදිරියට යාමට අතහිත දුන් අය අතර තබ්ලා වාදක එම්. ආරියදාස, ජේ.ඒ. සත්‍යදාස, ටී.එෆ්. ලතීෆ් ද වෙයි.
1962 වසරේ ශාන්ති කුමාර් සෙනෙවිරත්න ගේ “සංසාරේ” චිත්‍රපටයෙන් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ බි.එස්. පෙරේරා ගේ හදිසි වියෝව නිසාය. එතැන් සිට මිය යන තෙක් චිත්‍රපට 55ක ඔහු සංගීත අධ්‍යක්ෂණය කර ඇත.