නවක ගීපද රචකයන් ගායක ගායිකාවෝ සංගීතවේදීන් ජාතික තලයට ඔසවා තැබීමේ අදිටනින් විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමියෙක් ලෙස ස්‌වර්ණ ශ්‍රී බණ්‌ඩාර හා ගුණදාස කපුගේ රජරට ගුවන් විදුලි වංශ කතාවට එක්‌වේ.ස්වර්ණ ශ්‍රී බණ්ඩාර අවුරුදු 46 ක් වැනි කෙටි ජීවිත කාලයට ඔහු පල්ලේගම හේමරතන හිමියන්, මහින්ද චන්ද්‍රසේකර, මහින්ද දිසානායක, සේන නානායක්කාර, බ්‍රැඩ්මන් ජයවීර, කේ.එම්.අයි. ස්වර්ණසිංහ, ඇබෝගම වසන්ත බණ්ඩාර, මහින්ද පතිරගේ, චුල්ල ජයවර්ධන, කරුණාරත්න දිවුල්ගනේ, පොඩිරත්න අංගමලේ ඇතුළු තව බොහෝ දක්ෂයින් රටට හඳුන්වා දුන්නා. ස්වර්ණ ශ්‍රී අපිට හිටපු ප්‍රවීණ කවියෙක්, ගීත රචකයෙක්, නාට්‍යකරුවෙක්, ගුවන් විදුලි සන්නිවේදකයෙක් වගේම ජනශ්‍රැති පර්යේෂකයෙක්.හැත්තෑව දසකයේ මැද භාගයේ පමණ ගීත රචකයෙකු ලෙස ගෞරවය දිනාගත් ස්වර්ණ ශ්‍රී බණ්ඩාර සාමා චිත්‍රපටයට ගීත රචනා කිරීමෙන් ක්ෂේත්‍රයට එක් විය. ප්‍රතිභා සම්පන්න කවියෙකු වූ ස්වර්ණ ශ්‍රී කවියේත් ගීතයේත් වෙනස මැනවින් වටහාගත්තෙකි. ගීතයේ අන්තර්ගතයට උචිත ආකෘතිය තෝරාගැනීම ඔහුගේ ගීතවල දැකිය හැකි විශේෂ ලක්ෂණයකි.
ගීත රචකයකු විදියට ස්වර්ණ ශ්‍රී ලියලා තිබෙන්නේ ගීත ස්වල්පයක් විතරයි. ඒ ගීත ඔහු තමාගේ ‘සුදුමුතු කුඩ යට’ නම් වූ ගීත රචනා කෘතියට එකතුකර තිබෙනවා. මෙම ගීත රචනා සංග්‍රහය පළවුණේ 1993දී. වෘත්තියෙන් ගුවන්විදුලි ශිල්පියෙක් ව සිටියත් ස්වර්ණ ශ්‍රී කිසිම දවසක ගායක ගායිකාවන් පසුපස්සේ ගිහින් ගීත ලියූ රචකයෙක් නොමෙයි. ඔහු අමරදේවයන්ට වුණත් ගීතයක් ලිව්වේ අදාළ ගීතය තැපෑලෙන් යවමින්. ඔහුට එතුමන් හමුවුණේ ඊට හුඟ කාලෙකට පස්සේ පවත්වපු අමරදේව උපහාර උළෙලකදී බවත් කියැවෙනවා.

ස්වර්ණ ශ්‍රී ගමේ මුල් තිබුණු සම්ප්‍රදායේ තිරසාරව පිහිටා වූ සිටි සැබෑම ජන කලාකරුවෙක්. කවුරුහරි කෙනෙක් ඔහුගෙන් ගම කොහේදැයි ඇහුව්වොත් ‘අපි වන්නියේ එවුන්’ යැයි කියන්නයි පුරුදු වෙලා හිටියේ.අවුරුදු 11 ක පමණ කාලයක් ස්වර්ණ ශ්‍රී රජරට ගුවන් විදුලියේ සේවය කළා. එහිදී ඔහු ඉදිරිපත් කළ ‘පිළේ පැදුර’ ‘සංහිඳ’ ‘සම්භාෂා’ නිර්මාණ’ ‘එක්තැන් සවිය’ ‘රචනා මුළුව‘ වැනි වැඩසටහන් ඉතාම විශිෂ්ට මට්ටමක තිබුණු බවයි විචාරකයන්ගේ අදහස. ‘පිළේ පැදුර’ රජරට සේවයේ ජනප්‍රියම විචිත්‍රාංගය ලෙස වාර්තා වෙනවා.රජරට කැකුළු, නව පදමාලා, මී බිඳු, නිර්මාණී, තෝතැන්න, කැටපත් පවුර, සංහිඳ, සම්භාෂා, කෘෂි රටා , පිලේ පැදුර ඔහු ඉදිරිපත් කළ වැඩසටහන් කිහිපයක්.
ඒ අතර ම පොත්පත් ලිවීමත් කළා...
ඒ අතර ම පොත්පත් ලිවීමත් කළා...