ඕන් එහෙනන් ආවඩා ආයුබෝවේවා කියලා හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා මේ සින්දු ටික එකම තැනකට ගත්තා. හැමෝම කියනවානේ පිය ගුණ ගී ලියවුනා මදි කියලා .ඉතින් අපි හැමෝම දන්නා ඒවත් මෙතැනට එකතු කරන්න බලමු .ඊට පස්සේ බලමුකෝ ලියවෙලා තියනවා මදිද කියලා :)
දරු දුක උහුලා
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා
මහ මෙර වැනි බර සිතින් උහුලනා
කඳුළැලි සමුදුර නෙතින් සඟවනා
දරු දුක උහුලා
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා
මව් ඇතිදාටත් සෙනෙහස පුදලා
මව් නැතිදාටත් තුරුලේ රකිනා
සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා
මහ මෙර වැනි බර සිතින් උහුලනා
කඳුළැලි සමුදුර නෙතින් සඟවනා
දරු දුක උහුලා
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා
මව් ඇතිදාටත් සෙනෙහස පුදලා
මව් නැතිදාටත් තුරුලේ රකිනා
සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා
ගායනය - අමරදේව
ගීපද - ධර්මසිරි ගමගේ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස.
(පූජා චිත්‍රපටයෙන්)
....................................................................
පිතු සෙනෙහේ පිදු පියකු නොමැති ලොව
දූ දරුවන් හිනැහී ඇතිදෝ
උන්ගේ සිත රැඳි තනිය මකන්නට
මවුනට කවදා හැකි වේදෝ
හිරු මඬලක් සේ කිරණ බෙදාදී
නුග සෙවණක් සේ සිසිල සදා දී
ජිවිතයේ බර උරින් දරා
පියවරුමයි ලොව මහ සයුරක් වී
ලොවම නිවා ලන්නේ
මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
පෙරුම් පුරා එන සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ
පියවරුමයි ලොව බුදු වන මවුනට
ඒ විවරණ දෙන්නේ
දූ දරුවන් හිනැහී ඇතිදෝ
උන්ගේ සිත රැඳි තනිය මකන්නට
මවුනට කවදා හැකි වේදෝ
හිරු මඬලක් සේ කිරණ බෙදාදී
නුග සෙවණක් සේ සිසිල සදා දී
ජිවිතයේ බර උරින් දරා
පියවරුමයි ලොව මහ සයුරක් වී
ලොවම නිවා ලන්නේ
මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
පෙරුම් පුරා එන සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ
පියවරුමයි ලොව බුදු වන මවුනට
ඒ විවරණ දෙන්නේ
ගී පද: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: දීපිකා ප්‍රියදර්ශණී
....................................................................
සියක් උල්පත් මවා දී නිසලව ඉඳිනා
නමක් නැති මහ කන්ද ඔබ
අප්පච්චි..අප්පච්චී....
ඔබෙන් දිය ලැබ සාරවූ
තුරුණු කෙත් වතු දෙස බලා
නොපෙනෙනා තරමින් සිනාසී
නිසලවම ඉඳිනා
අප්පච්චී..අප්පච්චී
මෙහෙවරට ආලයේ සිතා
වෙහෙස නොබලා වෙහෙසෙනා
තෙත් ගුණය මෙත් ගුණය සඟවා
අකම්පිත වත් පා
අප්පච්චී අප්පච්චී
සියක් උල්පත් මවාදී නිසලව ඉඳිනා
නමක් නැති මහ කන්ද ඔබ
අප්පච්චි අප්පච්චී
නමක් නැති මහ කන්ද ඔබ
අප්පච්චි..අප්පච්චී....
ඔබෙන් දිය ලැබ සාරවූ
තුරුණු කෙත් වතු දෙස බලා
නොපෙනෙනා තරමින් සිනාසී
නිසලවම ඉඳිනා
අප්පච්චී..අප්පච්චී
මෙහෙවරට ආලයේ සිතා
වෙහෙස නොබලා වෙහෙසෙනා
තෙත් ගුණය මෙත් ගුණය සඟවා
අකම්පිත වත් පා
අප්පච්චී අප්පච්චී
සියක් උල්පත් මවාදී නිසලව ඉඳිනා
නමක් නැති මහ කන්ද ඔබ
අප්පච්චි අප්පච්චී
ගායනය: කසුන් කල්හාර..
....................................................................
අන්දර යායේ වැව් තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොළේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී…
වලාකුළේ දා බිඳු තවරා
මහ පොළොවට මහ වැසි ගෙනෙනා
දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
පුතු සෙනෙහේ කඳුළැලි සලනා…
තුරු හිස මුදුනේ මල් පලඳා
කැකුළු මුවට පලවැල නෙළුවා
ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ
සිදාදියට එන මං තැනුවා…
සක්මන් කරනා අප්පච්චී
දොළේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී…
වලාකුළේ දා බිඳු තවරා
මහ පොළොවට මහ වැසි ගෙනෙනා
දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
පුතු සෙනෙහේ කඳුළැලි සලනා…
තුරු හිස මුදුනේ මල් පලඳා
කැකුළු මුවට පලවැල නෙළුවා
ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ
සිදාදියට එන මං තැනුවා…
පද - කුමාර ලියනගේ
තනුව - රෝහණ ධර්මකීර්ති
හඬ - කරුණාරත්න දිවුල්ගනේ
....................................................................
මහ කනදරා වැව ඉස්මත්තේ
සොහොන් සුළං ඉකි බිදින කනත්තේ
මහ බැත කන්දක් රකින තාත්තේ
දෙනෙතට නින්දක් නැතිද දැනෙන්නේ//
රං කොත වාගේ ගං මැංඩිය මැද
පිං හිත කවදාවත් නැත පෑරී
මතු බුදු වෙන් බෝධියක් අසල නොව
මහ කනදරා වැවේ
නිසසල ඉස්මත්තේ
මහ කනදරා වැව ඉස්මත්තේ
සොහොන් සුළං ඉකි බිදින කනත්තේ
මහ බැත කන්දක් රකින තාත්තේ
දෙනෙතට නින්දක් නැතිද දැනෙන්නේ//
සොහොන් සුළං ඉකි බිදින කනත්තේ
මහ බැත කන්දක් රකින තාත්තේ
දෙනෙතට නින්දක් නැතිද දැනෙන්නේ//
රං කොත වාගේ ගං මැංඩිය මැද
පිං හිත කවදාවත් නැත පෑරී
මතු බුදු වෙන් බෝධියක් අසල නොව
මහ කනදරා වැවේ
නිසසල ඉස්මත්තේ
මහ කනදරා වැව ඉස්මත්තේ
සොහොන් සුළං ඉකි බිදින කනත්තේ
මහ බැත කන්දක් රකින තාත්තේ
දෙනෙතට නින්දක් නැතිද දැනෙන්නේ//
ගායනය - සනත් දේවප්‍රිය
පද සහ සංගීතය - සුනිල් දයානන්ද කෝනාර
....................................................................
වන්නි වන පෙතේ
ගම් දනව් පුරා නිවහන
වංක ගිරි වනේ වෙසතුරු
සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..…
කන්ට බෑ කියා තනියම එන්ට යයි කියා ගමටම
බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පලදී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..
කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනියම බුදිති බෝ දුකින්
ගම් දනව් පුරා නිවහන
වංක ගිරි වනේ වෙසතුරු
සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..…
කන්ට බෑ කියා තනියම එන්ට යයි කියා ගමටම
බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පලදී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..
කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනියම බුදිති බෝ දුකින්
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ
....................................................................
සාර විටක් දී
ව්‍යාජ මුවින් ඔබ
උන් පිනවා හිනැහෙනවා
අපේ දිළිඳු නිවසේ
අණ සක්විති
ගෙජ්ජි හඬවමින්
විකට මුවින්
දෙනෝ දහක් මැද
විනෝදයක් වී
අප ජිවත් කරවනවා
මගේ තාත්තේ
වැලපෙන මා හිත
ඔබ පය පාමුල
හඬා වැටී හිඳිනා
පාට පාටින් පාර පුරා
පාන රැඟුම මා
කඳුලු අතරින් බලා හිඳින්නෙමි
නොපෙනෙන මානෙක මුවා වෙවී
නැති බැරි කම් දුක හිත පටවාගෙන
කහට බැඳුනු මුව දත් විදහා
සාර විටක් දී ව්‍යාජ මුවින් ඔබ
උන් පිනවා හිනැහෙනවා
මගේ තාත්තේ
ඔබෙ අසරණ රුව
එක මොහොතක මට
රජෙක් වගේ පෙනෙනා
අපේ දිළිඳු නිවසේ
අණ සක්විති
ගෙජ්ජි හඬවමින්
විකට මුවින්
දෙනෝ දහක් මැද
විනෝදයක් වී
අප ජිවත් කරවනවා
මගේ තාත්තේ
වැලපෙන මා හිත
ඔබ පය පාමුල
හඬා වැටී හිඳිනා
ව්‍යාජ මුවින් ඔබ
උන් පිනවා හිනැහෙනවා
අපේ දිළිඳු නිවසේ
අණ සක්විති
ගෙජ්ජි හඬවමින්
විකට මුවින්
දෙනෝ දහක් මැද
විනෝදයක් වී
අප ජිවත් කරවනවා
මගේ තාත්තේ
වැලපෙන මා හිත
ඔබ පය පාමුල
හඬා වැටී හිඳිනා
පාට පාටින් පාර පුරා
පාන රැඟුම මා
කඳුලු අතරින් බලා හිඳින්නෙමි
නොපෙනෙන මානෙක මුවා වෙවී
නැති බැරි කම් දුක හිත පටවාගෙන
කහට බැඳුනු මුව දත් විදහා
සාර විටක් දී ව්‍යාජ මුවින් ඔබ
උන් පිනවා හිනැහෙනවා
මගේ තාත්තේ
ඔබෙ අසරණ රුව
එක මොහොතක මට
රජෙක් වගේ පෙනෙනා
අපේ දිළිඳු නිවසේ
අණ සක්විති
ගෙජ්ජි හඬවමින්
විකට මුවින්
දෙනෝ දහක් මැද
විනෝදයක් වී
අප ජිවත් කරවනවා
මගේ තාත්තේ
වැලපෙන මා හිත
ඔබ පය පාමුල
හඬා වැටී හිඳිනා
ගායනය - අමරසිරි පීරිස්
ගී පද -අජන්තා රණසිංහ
සංගීතය -ප්‍රේමසිරි කේමදාස
....................................................................
රන්මැලිසෑය විය දිවි අඹරට නැගුණ
සුදොවුන් පියා විය සක්විති මග තනන
සමනළ පවුව විය දුක සැප සම දරණ
පිය මහ රජුනි අප ගෙපැලේ රජ කරන
අසනි වැසි රුදුරු වග වළසුන් අතරේ
සිවුමහ දෙවිඳු වී නිති රැකවල් සැදුවේ
හිරුටත් කලින් අවදිව කෙත්වත් තැනුවේ
බෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ.....
බුධදස් නිරිඳු සේ අත් බෙහෙතක් හදලා
පැල ඉනි වැටෙත් ගණපති රූපය ඇඳලා
තුසිතෙක ඉසුරු පැලවට සිවුකොණ තබලා
ලොවුතුරු සුව විඳි අප රජවනු දැකලා ......
සුදොවුන් පියා විය සක්විති මග තනන
සමනළ පවුව විය දුක සැප සම දරණ
පිය මහ රජුනි අප ගෙපැලේ රජ කරන
අසනි වැසි රුදුරු වග වළසුන් අතරේ
සිවුමහ දෙවිඳු වී නිති රැකවල් සැදුවේ
හිරුටත් කලින් අවදිව කෙත්වත් තැනුවේ
බෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ.....
බුධදස් නිරිඳු සේ අත් බෙහෙතක් හදලා
පැල ඉනි වැටෙත් ගණපති රූපය ඇඳලා
තුසිතෙක ඉසුරු පැලවට සිවුකොණ තබලා
ලොවුතුරු සුව විඳි අප රජවනු දැකලා ......
ගී පද :- පුජ්‍ය කිරඹ සුමංගල හිමි
ගී තනු : - මනෝරි උග්ගලගේ
ගායනය :- සුනිල් එදිරිසිංහ
....................................................................
ගෙඩි සියයක් බිම හෙළුවත්
අපප්චිට එක ගෙඩියයි
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ
ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ
පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියාගන්න නංගියේ
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ
ගෙඩි සියයක්...//
අපප්චිට එක ගෙඩියයි
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ
ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ
පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියාගන්න නංගියේ
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ
ගෙඩි සියයක්...//
ගායනය : නන්දා මාලිනී
පද රචනය : සමන් ප්‍රියදර්ශන
සංගීතය : ආනන්ද ගමගේ
....................................................................
දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න
ගුරු හරු කම් හොඳ නොහොඳ ත් කියලා දුන්න
මහළු ව බැරි වුනාම ඔබ හට ඇවිදින්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න......//
ලෙඩක් දුකක් හැදුනාමත් ළඟම දැවටෙන
උකුල් තලේ උරේ තබා නටා නළවන...
සුරංගනා කතා කියා කතා පවසන
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින......
වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා
මම තරුණෙකි කවදා හෝ එය ඉටුවෙන දා...
දෙපා නැමඳ බුලත් අතින් තෑගී ගෙනෙන දා
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදා නොවරදා.....
ගුරු හරු කම් හොඳ නොහොඳ ත් කියලා දුන්න
මහළු ව බැරි වුනාම ඔබ හට ඇවිදින්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න......//
ලෙඩක් දුකක් හැදුනාමත් ළඟම දැවටෙන
උකුල් තලේ උරේ තබා නටා නළවන...
සුරංගනා කතා කියා කතා පවසන
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින......
වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා
මම තරුණෙකි කවදා හෝ එය ඉටුවෙන දා...
දෙපා නැමඳ බුලත් අතින් තෑගී ගෙනෙන දා
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදා නොවරදා.....
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: පුණ්‍යසිරි මහවත්ත
ගායනය: සිසිර කුමාර ප්‍රනාන්දු
....................................................................
අව්වේ මුතු කැට වපුරා
ඒ මුතු පණමට හරවා
අපේ කුසේ ගිණි නිවලා
නුඹ කුස ගින්නේ
ඉද හිනැහෙන්නේ අපේ අප්පච්චි
නුඹ කුස ගින්නේ අපේ අප්පච්චි
අපා දෙපා සිව්පාවුන්
ගෙන එන වින වලකන්නට
සනසා නුඹ අප වටකර දඬු වැට වෙද්දී
මහා කැළේට ඇස් මානා අපේ අප්පච්චී
ජීවිතයේ බඹර වෙලින්
පැණි හොයලා රූටන්නේ
හිත හයියට කල වැල් පොට වර පොට වෙච්චී
විරිය පාරමිත පුරන අපෙ අප්පච්චී
ඒ මුතු පණමට හරවා
අපේ කුසේ ගිණි නිවලා
නුඹ කුස ගින්නේ
ඉද හිනැහෙන්නේ අපේ අප්පච්චි
නුඹ කුස ගින්නේ අපේ අප්පච්චි
අපා දෙපා සිව්පාවුන්
ගෙන එන වින වලකන්නට
සනසා නුඹ අප වටකර දඬු වැට වෙද්දී
මහා කැළේට ඇස් මානා අපේ අප්පච්චී
ජීවිතයේ බඹර වෙලින්
පැණි හොයලා රූටන්නේ
හිත හයියට කල වැල් පොට වර පොට වෙච්චී
විරිය පාරමිත පුරන අපෙ අප්පච්චී
ගායනය - ක්‍රිෂාන්ත එරන්දක
....................................................................
දිවියම වාගේ දියකර ප්‍රාණේ..
දුකසේ දිවි ගෙවන්නේ කොහොමැයි..
මේ මනු ලෝකේ සුරිදුනි මාගේ..
දෙවියොත් මගෙ ආදර තාත්තයි..
පපු ගැබිනා දරු පෙමිනා
උතුරණ තාත්තා..
බිම වැටිලා වදිනෙමි මා
මගෙ බුදු තාත්තා...//
දිව රෑ දෙකේ වෙලිලා දුකේ
සැනසීම දන් දී ඔබේ..
දරුවන් නිසා විදිනා සොවේ..
දෙවියන් ද පුදුමෙන් සැලේ..
මේ සංසාරේ පිං වැස්සාවේ
වදිමී සැමදා රජුනේ...
පපු ගැබිනා දරු පෙමිනා
උතුරණ තාත්තා..
බිම වැටිලා වදිනෙමි මා
මගෙ බුදු තාත්තා...//
සිතුසේ නොබී සිතුසේ නොකා
දරුවන්ට දුන්නා සුවේ..
බෝසත් ගුණේ පුරනා නිසා..
නිවනින්ම සැනසුම් ලැබේ..
මේ සංසාරේ පිං වැස්සාවේ
වදිමී සැමදා රජුනේ...
දිවියම වාගේ...//
දුකසේ දිවි ගෙවන්නේ කොහොමැයි..
මේ මනු ලෝකේ සුරිදුනි මාගේ..
දෙවියොත් මගෙ ආදර තාත්තයි..
පපු ගැබිනා දරු පෙමිනා
උතුරණ තාත්තා..
බිම වැටිලා වදිනෙමි මා
මගෙ බුදු තාත්තා...//
දිව රෑ දෙකේ වෙලිලා දුකේ
සැනසීම දන් දී ඔබේ..
දරුවන් නිසා විදිනා සොවේ..
දෙවියන් ද පුදුමෙන් සැලේ..
මේ සංසාරේ පිං වැස්සාවේ
වදිමී සැමදා රජුනේ...
පපු ගැබිනා දරු පෙමිනා
උතුරණ තාත්තා..
බිම වැටිලා වදිනෙමි මා
මගෙ බුදු තාත්තා...//
සිතුසේ නොබී සිතුසේ නොකා
දරුවන්ට දුන්නා සුවේ..
බෝසත් ගුණේ පුරනා නිසා..
නිවනින්ම සැනසුම් ලැබේ..
මේ සංසාරේ පිං වැස්සාවේ
වදිමී සැමදා රජුනේ...
දිවියම වාගේ...//
ගායනය : චාමර වීරසිංහ
පද රචනය : ශෙහාන් ගලහිටියාව
සංගීතය : ප්‍රියන්ත නාවලගේ
....................................................................
නිල් අහස පුරා උණුසුම සදලා
සැමදා මගේ තාත්තා
සෙනෙහස වපුරා මහමෙර උතුරා සැමදා
මගේ තාත්තා
සිහිනයේ සැබෑව මට පහදා
සෙවනැල්ලෙත් නුඹ මා ළඟ උන්නා
නිදි නැති කප්තුර බොහො සේ ගෙව්නා
ඔබ හින්දා මං ලෝකය දිනුවා
සිනහව කැන්දා කඳුළැල් සඟවා
නුඹ උන්නා මගේ තාත්තා
දෙවිවරු පරදා නුඹ මට සැනසුම සැදුවා
මගේ තාත්තා
නෙතු වෙහෙසා බලමින් උන්නා
මා දිනු ලෝකය දෝතට රන්දා
දෙපා මුලින් තවත් නුඹ හිඳුවා
ආයෙත් නොයෙන්න නුඹේ නෙතු වැසුනා
කොහෙදෝ නුඹ ඈතක ඇදුනා
සැනසී හිඳින්න මා දැන් දිනුවා ……
සැමදා මගේ තාත්තා
සෙනෙහස වපුරා මහමෙර උතුරා සැමදා
මගේ තාත්තා
සිහිනයේ සැබෑව මට පහදා
සෙවනැල්ලෙත් නුඹ මා ළඟ උන්නා
නිදි නැති කප්තුර බොහො සේ ගෙව්නා
ඔබ හින්දා මං ලෝකය දිනුවා
සිනහව කැන්දා කඳුළැල් සඟවා
නුඹ උන්නා මගේ තාත්තා
දෙවිවරු පරදා නුඹ මට සැනසුම සැදුවා
මගේ තාත්තා
නෙතු වෙහෙසා බලමින් උන්නා
මා දිනු ලෝකය දෝතට රන්දා
දෙපා මුලින් තවත් නුඹ හිඳුවා
ආයෙත් නොයෙන්න නුඹේ නෙතු වැසුනා
කොහෙදෝ නුඹ ඈතක ඇදුනා
සැනසී හිඳින්න මා දැන් දිනුවා ……
ගායනය - රොමේෂ් /ලක්ෂාන්
....................................................................
අපේ තාත්තා තණතිල්ලේ.....
අපේ තාත්තා තණතිල්ලේ රෝල අදිනවා
කඩුළු දෙක අතරෙ කහවණු දෝරෙ ගලනවා
නැති බැරි කම හොඳින් ඔතා කඩදහි පන්දුවක් හදා
අපි ඉඳගෙන පොල් පිත්තෙන් එයට තලනවා
ඒ පන්දුව ගෙයි දොරකඩ තාම වැටෙනවා ……
තාත්ත හැදු තණතිල්ලේ පන්දුව දඟ කැවී ඇවිත්
සුපිරි පිතිකරුගෙ කඩුල්ල බිඳිලා යනවා
හැමදාමත් නොදැවි ඉන්න මාන් බලනවා
කුස ගින්දර මැද අපි හැමදාම තැවෙනවා…
කහට උගුරකින් තොලකට තෙමාගෙන අපේ තාත්ත
කුසරැලි දඟ කැවෙන් අයුරු බලා හිඳිනවා
ඔල්වරසන් හඬ මැද මධු සාද මැවෙනවා
දුනුවත් පැරදුනත් අනේ සල්ලි ලැබෙනවා…
කඩුළු දෙක අතරෙ කහවණු දෝරෙ ගලනවා
නැති බැරි කම හොඳින් ඔතා කඩදහි පන්දුවක් හදා
අපි ඉඳගෙන පොල් පිත්තෙන් එයට තලනවා
ඒ පන්දුව ගෙයි දොරකඩ තාම වැටෙනවා ……
තාත්ත හැදු තණතිල්ලේ පන්දුව දඟ කැවී ඇවිත්
සුපිරි පිතිකරුගෙ කඩුල්ල බිඳිලා යනවා
හැමදාමත් නොදැවි ඉන්න මාන් බලනවා
කුස ගින්දර මැද අපි හැමදාම තැවෙනවා…
කහට උගුරකින් තොලකට තෙමාගෙන අපේ තාත්ත
කුසරැලි දඟ කැවෙන් අයුරු බලා හිඳිනවා
ඔල්වරසන් හඬ මැද මධු සාද මැවෙනවා
දුනුවත් පැරදුනත් අනේ සල්ලි ලැබෙනවා…
ගායනය . අසංග ප්‍රියමන්ත
....................................................................
නිය පෙළ සිඳලයි දෑත පාන්නේ
තුරුළට ගන්නට ආදරයෙන්
දැලිපත සිඳලයි කොපුල පාන්නේ
මුව සිප ගන්නට ආදරයෙන්
මව් නැති යාමේ මා උර මඬලේ
දෙතොල් හොවයි කිරි සුවඳ සොයා
දහදිය සුවඳක් දැණුනි ද පුතුනේ
දෙරණට මුහුවන නුඹ වෙනුවෙන්
නිදි නැති යාමේ මා ළය තුරුලේ
කැලුම් ගෙනෙයි මුදු සිනහ පපා
උණුසුම් සුසුමක් දැණුනි ද පුතුනේ
පවනට මුහුවන නුඹ වෙනුවෙන්
ගේය පද -සිසිර දිසානායක
සංගීතය - ජයන්ත රත්නායක
තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
....................................................................
සුමුදු කුමුදක් පිපී පුරුදු සුවඳක් ගෙනෙයි
සොලොස් කලා පිරි සඳක් සිනාසෙන මේ රාත්‍රි යාමයේ..
මං බාලේ උර තලයේ රන්දා අනන්ත ආදරයෙන්
දුන්න ඔවා මට තාම ඇසේ රහසේ
පියාණනේ.. පියාණනේ..
පියාණනේ.. පියාණනේ..
ආශිර්වාද ඇසේ ලොවෙන් නින්දා වරුසාවන් අතරේ
මට දැනුදු දැනේ.. ඔබේ අගේ දිවා රැයේ
නින්දා අභියස මහමෙර වන් පියාණනේ..
මල් මාලා ගෙලට ඇතී අවමන් වරුසාවන් අතරින්
මට දැනුදු ඇසේ.. ඔබේ අගේ දිවා රැයේ
අවමන් අභියස නොසැලී හුන් ඔබේ සෙනේ..
සුමුදු කුමුදක් පිපී පුරුදු සුවඳක් ගෙනෙයි
සොලොස් කලා පිරි සඳක් සිනාසෙන මේ රාත්‍රි යාමයේ..
මං බාලේ උර තලයේ රන්දා අනන්ත ආදරයෙන්
දුන්න ඔවා මට තාම ඇසේ රහසේ
පියාණනේ.. පියාණනේ..
පියාණනේ.. පියාණනේ..
ගායනය: ගුණදාස කපුගේ
....................................................................
පියානනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා
ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මාරජ කරවා
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබවන් පියවරු හමුවන්නේ
හිත මිතුරන් මා
හැරගිය දවසේ
ලොවම එරෙහිවී
තනිඋනු මොහොතේ
ඔබේ පැලේ නැත දොරගුලු ලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියැලෙන්නේ
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා
ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මාරජ කරවා
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබවන් පියවරු හමුවන්නේ
හිත මිතුරන් මා
හැරගිය දවසේ
ලොවම එරෙහිවී
තනිඋනු මොහොතේ
ඔබේ පැලේ නැත දොරගුලු ලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියැලෙන්නේ
ගායනය - අබේවර්ධන බාලසූරිය
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - සුනිල් ආරියරත්න
....................................................................
සෙනෙහස පුදා අම්මාවරුන් වගේ.....
දහදිය හෙලා මහ සාගරය වගේ.....
ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ.....
ඇති දැඩි කලා අප සමනළ පැටවු වගේ....
අක්කණ්ඩියේ.....පොඩිකාලේ....පොඩිකමට.....//
කල වරදකටවත් තැළුවේ නැත අපට........//
සෙනෙහස තිබුණි උතුරා මහමෙර උසට.....
පියෙකුගෙ කදුළු මුතු කැට වුනි දරුකමට.....
පියවරු සිටින දරුවන් හට තනි නැතුවා....
තනි නැතුවා......
මව්වරු සිටින දරුවන් හට තනි නැතුවා.....
තනි නැතුවා......
මව් පියවරුන් ඉර හද මෙන් ළග හිදුවා......
දරුවන් පාන හසරැළි අපහට නැතුවා.....
සෙනෙහස පුදා අම්මාවරුන් වගේ.....
දහදිය හෙලා මහ සාගරය වගේ.....
ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ.....
ඇති දැඩි කලා අප සමනළ පැටවු වගේ....
ගායනය - මාලනී බුලත් සිංහල / සන්ධ්‍යා බුලත්සිංහල
පද රචනය -රඹුකන සිද්ධාර්ථ හිමි
....................................................................
අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
එ ඉර හදෙන් නුබේ ලෝකය එලිය වුනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී
සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි පර මට දැනුනේ
මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නූනේ
මවකට මුවා වී නුබ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මාවරුන් පමනද මතු බුදුවන්නේ
පද රචනය - මාලනී ජයරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - ටී ඇම් ජයරත්න
එ ඉර හදෙන් නුබේ ලෝකය එලිය වුනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී
සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි පර මට දැනුනේ
මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නූනේ
මවකට මුවා වී නුබ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මාවරුන් පමනද මතු බුදුවන්නේ
පද රචනය - මාලනී ජයරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - ටී ඇම් ජයරත්න
....................................................................
කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදළු කරන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...
අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්යි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...
දුම් ගොටු අතරේ කම්මල් ඇතුලේ
දැතිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...
කරදිය ගැඹරේ...//
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදළු කරන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...
අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්යි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...
දුම් ගොටු අතරේ කම්මල් ඇතුලේ
දැතිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...
කරදිය ගැඹරේ...//
ගායනය: එඩ්වඩ් ජයකොඩි
පද රචනය: ප්‍රේමකුමාර ජයවර්ධන
සංගීතය: රෝහණ වීරසිංහ
..............................................
මහමෙර සේ සිටි පියාණනේ
බලා සිටින්නේ ඇයි ඔබ මා දෙස
නන්නාඳුනනා ආගන්තුකයෙකු සේ
වැටි වැටි ඇවිදින ළදරු වියේ
ඔබෙ සුළැඟිල්ලයි පිහිට වුණේ
මගතොට වැරදුන යෞවනයේ
නුවණැස පෑදූවේ
වියැලුණු නෙතු අග හිස් බැල්මේ
මුමුණන වදනත් ගොළුවෙන්නේ
සසරෙහි ඇවිදින දිගු ගමනේ
යළි පිය-පුතු වේදෝ
බලා සිටින්නේ ඇයි ඔබ මා දෙස
නන්නාඳුනනා ආගන්තුකයෙකු සේ
වැටි වැටි ඇවිදින ළදරු වියේ
ඔබෙ සුළැඟිල්ලයි පිහිට වුණේ
මගතොට වැරදුන යෞවනයේ
නුවණැස පෑදූවේ
වියැලුණු නෙතු අග හිස් බැල්මේ
මුමුණන වදනත් ගොළුවෙන්නේ
සසරෙහි ඇවිදින දිගු ගමනේ
යළි පිය-පුතු වේදෝ
ගායනය - දුලිප් ජයකොඩි
පද රචනය - මෛත්‍රී පනාගොඩ
සංගීතය - ඉන්ද්‍රජිත් මිරිහාන
.................................................................
මිදුලේ වැලි මාළිඟාවෙ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩිවෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී
පීනා සිප් සයුර දෙතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමි
මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමී
එපා ඔටුනු මගෙ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනාසිසී මා එන මඟ හිඳිනු මැනේ
දුවේ කියා මා අමතන් පියාණනේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩිවෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී
පීනා සිප් සයුර දෙතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමි
මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමී
එපා ඔටුනු මගෙ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනාසිසී මා එන මඟ හිඳිනු මැනේ
දුවේ කියා මා අමතන් පියාණනේ
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - පේෂලා මෙන්ඩිස්
.................................................................
සෙවණැලි මියයන හැන්දෑවේ
සෙවණැලි මියයන හැන්දෑවේ
පිල උඩ ඉඳගෙන
ඈත බලා ඉන්නේ
සීපද මුමුනන්නේ
ඒ හඬ ඇසෙනවදෝ
නෙතු යුග තෙත් වෙන්නේ
ඒ දුක දැනෙනවදෝ
වැලිබත් ඉව් මිදුලේ
පළඟැටියන් රජ වී
පුතු ගැන සිහි වෙනවා
මතකය බොඳ වෙනවා
සෙවණැලි මියයන......
මගෙ හිරැ මියෙන වෙලේ
ඔබෙ හිරැ ඉපදෙනවා
නෙතු පියවෙන්න කලින්
එනවද මගෙ පුතුනේ
සෙවණැලි මියයන...
ගායනය : අමරදේව
පද රචනය: මෛත්‍රී පනාගොඩ
සංගීතය: රෝහණ වීරසිංහ
.................................................................
ප .ලි
ඉවාන් පවුලුෂා ගේ මේ පොස්ට් එක බැලුවාම මතක් උනේ ...
රුක් අත්තන මල මුදුනේ
ඹමරු නටන හැන්දෑවේ
සැදෑ අදුර පියමන් කර - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...
මුතු පිණි දැල් සැලෙන ඔබේ
උදා දිමුතු හිරු එලියේ..
පුතුසවනට රහස් කියා - පියමන් කරලා
අප වෙනුවෙන් දවස ගෙවා - වෙහෙසී එන්නේ
රුක් අත්තන මල මුදුනේ...//
පතොක් වැටිය උඩින් වැදී
දිවයුරු මිය යන මොහොතේ
පුරා හදක් සේ ඈතින් කවුරුද එන්නේ..
පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ..
රුක් අත්තන මල මුදුනේ...//
ගායනය: විශාරද නන්දා මාලිනී
පද රචනය: මහින්ද අල්ගම
සංගීතය: නන්දා මාලිනී
.................................................................ඹමරු නටන හැන්දෑවේ
සැදෑ අදුර පියමන් කර - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...
මුතු පිණි දැල් සැලෙන ඔබේ
උදා දිමුතු හිරු එලියේ..
පුතුසවනට රහස් කියා - පියමන් කරලා
අප වෙනුවෙන් දවස ගෙවා - වෙහෙසී එන්නේ
රුක් අත්තන මල මුදුනේ...//
පතොක් වැටිය උඩින් වැදී
දිවයුරු මිය යන මොහොතේ
පුරා හදක් සේ ඈතින් කවුරුද එන්නේ..
පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ..
රුක් අත්තන මල මුදුනේ...//
ගායනය: විශාරද නන්දා මාලිනී
පද රචනය: මහින්ද අල්ගම
සංගීතය: නන්දා මාලිනී
තාත්තා මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා
ඒ ඇරපු සත්තම් වලට කන්දෙක මගේ පිරුනා
එදා මට පෙනුනේ ඔබ හතුරෙක් වාගේ තාත්තේ
අද මට පෙනෙන්නේ ඔබ දෙවියන් වාගේ තාත්තේ
ඉස්කෝලේ ගිහින් ඇවිත් පොත පත විසිකරලා
කට්ටි පන්න දා ගෙදරට වෙට්ටු දමලා
අහුවුනාම බේරෙන්නට කිව්වම බොරු ගොතලා
දුන්නේ නැද්ද කන පැලෙන්න කෙන්න්තියෙන් බැනලා ..
එදා මට පෙනුනේ ඔබව ......
සංගීතෙන් ඉහල යන්න අප උනන්දු කරලා
පුරුදු පුහුණු කෙරුවේ දරුණු නීති දමාලා
ඇත පසු කම් උනොත් අපෙන් අඩිය පොලවේ ගහලා
කැ ගැසූ හැටි මතකයි මට තරහෙන් ඔරවාලා ...
එදා මට පෙනුනේ ඔබව ......
කරපු කියපු දේවල් ගැන දැන් හරුවම හැරිලා
පේනවා ඒ සේරම කලේ අපේ හොඳටයි කියලා
කොයි ලෝකෙක හිටියත් ඔබ අප හැමගෙන් මිදිලා
තාත්තේ ඔබේ පිහිට අදත් තියේ අපට ලැබිලා ..
තාත්තා මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා...
ඒ ඇරපු සත්තම් වලට කන්දෙක මගේ පිරුනා
එදා මට පෙනුනේ ඔබ හතුරෙක් වාගේ තාත්තේ
අද මට පෙනෙන්නේ ඔබ දෙවියන් වාගේ තාත්තේ
ඉස්කෝලේ ගිහින් ඇවිත් පොත පත විසිකරලා
කට්ටි පන්න දා ගෙදරට වෙට්ටු දමලා
අහුවුනාම බේරෙන්නට කිව්වම බොරු ගොතලා
දුන්නේ නැද්ද කන පැලෙන්න කෙන්න්තියෙන් බැනලා ..
එදා මට පෙනුනේ ඔබව ......
සංගීතෙන් ඉහල යන්න අප උනන්දු කරලා
පුරුදු පුහුණු කෙරුවේ දරුණු නීති දමාලා
ඇත පසු කම් උනොත් අපෙන් අඩිය පොලවේ ගහලා
කැ ගැසූ හැටි මතකයි මට තරහෙන් ඔරවාලා ...
එදා මට පෙනුනේ ඔබව ......
කරපු කියපු දේවල් ගැන දැන් හරුවම හැරිලා
පේනවා ඒ සේරම කලේ අපේ හොඳටයි කියලා
කොයි ලෝකෙක හිටියත් ඔබ අප හැමගෙන් මිදිලා
තාත්තේ ඔබේ පිහිට අදත් තියේ අපට ලැබිලා ..
තාත්තා මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා...
ගායනය - ජිප්සීස්
.................................................................
.................................................................
සෙවණැලි මියයන හැන්දෑවේ
සෙවණැලි මියයන හැන්දෑවේ
පිල උඩ ඉඳගෙන
ඈත බලා ඉන්නේ
සීපද මුමුනන්නේ
ඒ හඬ ඇසෙනවදෝ
නෙතු යුග තෙත් වෙන්නේ
ඒ දුක දැනෙනවදෝ
වැලිබත් ඉව් මිදුලේ
පළඟැටියන් රජ වී
පුතු ගැන සිහි වෙනවා
මතකය බොඳ වෙනවා
සෙවණැලි මියයන......
මගෙ හිරැ මියෙන වෙලේ
ඔබෙ හිරැ ඉපදෙනවා
නෙතු පියවෙන්න කලින්
එනවද මගෙ පුතුනේ
සෙවණැලි මියයන...
ගායනය : අමරදේව
පද රචනය: මෛත්‍රී පනාගොඩ
සංගීතය: රෝහණ වීරසිංහ
ප .ලි
බොලොග් ලියන්න නම් කිසිම අදහසක් නැ .මොකද මට ලියන්න බෑ ...හැක් හැක්
හැමෝගෙම ඉල්ලීම නිසා තමයි මෙහෙම කරන්න හිතුනේ .බලමු වෙලාව තියන විදිහට හැම තැනම තියන ඒවා මෙහෙම එකතු කරන්නම් .වැරදි ඇතොත් පෙන්නා දෙන්න ....
මනොෂ් සහ පත්තර මල්ලිට විශේෂ ස්තුතිය මාව උනන්දු කලාට හා දේශකයාට මගේ විශේෂ ප්‍රණාමය මාව අගය කලාට ....
ස්තුතියි - බ්‍රෑන්ඩ් එක ගල්
ඉවාන් පවුලුෂා ගේ මේ පොස්ට් එක බැලුවාම මතක් උනේ ...
අළුත් ගමනට හදවතින්ම සුභ පැතුම්!
ReplyDeleteස්තුතියි මචෝ ..
Deleteමනෝෂ් මේ පැත්තට පාර පෙන්නුවේ. මෑතක් වෙනකල් මමත් සින්දු පොතක් පවත්වගෙන ගියා. ඒත්, රස්සා කරන්න පටන් ගත්තට පස්සේ ඒ පොත් කොහෙ ගියාද මතක නෑ
ReplyDeleteවිරේ මගෙත් තිබුනා හොඳ සින්දු සෙට් එකක් .මගේ හාඩ් එකට කෙලඋනාම ඔක්කොමට සොරි උනා ...
Deleteදැන් දන්නා එක හරි මේකේ කොටලා තියනවා ...
ස්තුතියි මචෝ මේ පැත්තේ ගෑටුවාට ... :-)
මේක නම් නියම වැඩක්.. සින්දු කැටගරි කරලා විස්තරේකුත් එක්ක කලෙක්ෂන් එකක් තියෙද්දී කොච්චර වටිනවද.... නියමයි මගේ සුභපැතුම් සින්දු ඇනෝ....
ReplyDeleteබොහොම ස්තුතියි සිහින සිත්තම් ....
Deleteජ ය වේ වා !!!
ReplyDeleteස්තුතියි -මචෝ
Deleteබ්‍රෑන්ඩ් එක ගල්....
ගිනි ගින්දර වගේ වැඩක් සින්දුවා.. ගමේ කියන්ඩත් ආඩම්බරයි.. මෙන්න මගෙනුත් පිය ගුණ ගීයක්..
ReplyDeleteමිදුලේ වැලි මාළිගාවෙ සක්විති පදවිය ලබන්න
ගල් වැට ලඟ වාඩිවෙලා සඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී..
ඔබේ ලොවට සඳ හිරුවී එළිය දෙමී..
පීනා සිප් සයුර දෙතර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමී..
මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමී..
එපා ඔටුනු මගෙ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනා සිසී මා එන මග හිඳිනු මැනේ..
දුවේ කියා මා අමතන් පියානෙණී..
මචෝ මතක විදියට ලියුවේ.. ගායිකාවගෙ නමවත් අනෙත් තොරතුරුවත් මතක නෑ. වචන ටිකත් හරිද බලන්න ඕනි..
කෙල්ල මේ සින්දුව කියනකොට මට නම් ඇහැට කඳුලු එනවා.. ජයශ්‍රී!
මමත් කියන්න ආවේ මේ ගීතය ගැන. පහුගිය කාලේ මගේ පොඩි එකිත් මේක කියනවා. ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්න ඇයට මේ ගැන තේරුමක් නෑ. ළඟදී මම කියලා දුන්නා තේරුම. සින්දු ඇනෝ මෙහෙම එකක් පටන් ගත්ත එක හොඳයි.
Deleteකල්‍යාණ මිත්‍ර , සුදික අය්යේ ඔන්න මම අප්ඩේට් කළා .මේවා අපි කාගේත් කැමතිම ගීත .අහලා බලන්න .ස්තුතියි දෙපලටම .
DeleteSindu Ano,Maathalan thamai Para kiwwe,Obe mehewara itha ihalai "SUBA PETHUM" (Ranjan).
ReplyDeleteස්තුතියි රන්ජන් ,,, මාතලන් බොස් තමයි අලුත් එවුන්ට පාර පෙන්නන්න ඉන්නේ ...
Deleteමාතලන් පෙන්නපු පාර දිගේ ආවා.නියමයි සිංදු ඇනෝ.මුළු හදවතින්ම සුබ පැතුම්!!!
ReplyDeleteභෝමත්ම ස්තුතියි හැලපේ අය්යේ ....
Deleteඅලුත් බෝගක් නම් මාතලන් තමයි ...
සින්දු ඇනෝ උඹට ජයවේවා!!
ReplyDeleteසෙනෙහස පුදා අම්මාවරුන් වගේ.....රඹුකන සිද්ධාර්ථ හිමි.
ස්තුතියි අරූ අය්යේ ..ඔන්න අප්ඩේට් කළා ..
Deleteමනෝෂ් තමයි පාර කිව්වේ. ඔහුට පළමුව ප්‍රණාමය. එල්ලාගතිමි.
ReplyDeleteලියන අකුරින් මිනිස් සිත් තුල පහන් හැඟුමන් පහල වේවා
දකින දෑ ගී ඇසෙන් දැකුමට තවත් නෙත් දහසක් ලැබේවා
අදින් ඇරඹෙන අලුත් අඩවිය අහස හිරු රද සේ දිනේවා
සබඳ සින්දූ නුඹට ශක්තිය දිරිය වැඩි වැඩියෙන් ලැබේවා
(කලබලේ ලිව්වෙ. හරිද මන්දා)
පට්ට , මෙන්න මාධවී (මදාවි )ත් ඇවිල්ලා ,,,
Deleteස්තුතියි මචෝ ..මටනම් කවි ලියන්න බැ , රස විඳිනවා විතරයි .
නැවතත් මනෝට ස්තුති කරනවා හැමෝටම ටෙලිග්‍රෑම් ගැහුවට ;-)
නඩුවක් ෆයිල් කරනවා අපහාසෙට. ඔයා නඩුවලට බයයි නේද?
Deleteපික්ෂුද මචෝ ....නඩු වලට බය වෙලා කොහොමද ????
Deleteඅපේ ජීවිතේම නඩුවක් නේ......
අඩේ..අද බොන්න වෙනවා...
ReplyDeleteඑල ද බ්‍රා..
බ්‍රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -
මචං..පත්තර මල්ලි දැක්කේ නෑ..ඌට කරදරයක් නෑ නේද?..ඉන්න තැනකින් දුරකතන ඇමතුමක් දෙන්න කියපං නැත්නම් ඊයක් විදින්න ක්‍රමයක් කියපන්..
ස්තුතියි මෙන්ඩෝ ....
Deleteපොඩි මෙන්ඩාට දෙන්න මා ගාව හොද තෑග්ගක් තියනවා ..පස්සේ දෙන්නම්
නැවතත් ස්තුතියි
බ්‍රෑන්ඩ් එක ගල්
(පත්තරේට කරදරයක් නම් නැ දන්නා විදිහට ,උ ගෙදරින් එළවලා කියලා නම් දන්නවා )
මචං මේ සින්දු ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් නැද්ද?
ReplyDeleteපුළුවන් බන් ...http://www.youtube-mp3.org/ ඔය ලින්ක් ගිහින් එකට youtube link එක කොපි පේස්ට් කරපන් .
Deleteඅඩේ පට්ටයි බොලවු!!
ReplyDeleteසංතෝෂෙට බයිට් කන්ඩ හිතෙනවා. :) ඒ වැඩේ නිවාඩු ඉවර වෙලා ආයෙ ආවම කරමු. :)
බොක්කෙන්ම සුභ පැතුම් සින්දුවො!!! දිගු ගමනකට සුභාසිරි!
කෝල් එකක් දීලම පණිවිඩේ දීපූ මනෝ, බොටත් ස්තූති වේවා!
බොක්කෙන්ම ස්තුතියි ප්‍රියා ...මනෝ මාර ගේමක් දෙනවා .
Deleteමමත් ඉතින් උඹලා ආදර්ශයට අරන් ලියන්නම් කෝ ..හැක් හැක්
බ්‍රෑන්ඩ් එක ගල් ...
හොඳ වැඩක්, සුභ පැතුම් දිගට කරන්න!
ReplyDeleteමේ සින්දු ටිකත් හොයල දාගන්න. පෝස්ට් එකේ යටට ටැග් එකක් දාන්න "පිය ගුණ ගී, තාත්තා,පියාණනී" වගේ.
රුක් අත්තන මල මුදුනේ...
තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා
තාත්තෙ ඔබ නික්ම ගොසින් සොළොස් වසක් ගෙවුනා..
ස්තුතියි ඉන්දික අය්යේ ...මම මේ සින්දු ටික දාන්නම් ...මම බලාපොරොත්තු උනෙත් කට්ටිය සින්දු හොයලා දෙයි කියලා ..හැක් හැක්
Deleteනැවතත් ස්තුතියි - වැරදි ඇතොත් පෙන්වා දෙන්න (පද රචකයා , සංගීතය , ගායකයා )
සුභ පැතුම් මචෝ! බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා! :) :)
ReplyDeleteබොහොමත්ම ස්තුතියි මචෝ ...
Deleteසින්දු......................
ReplyDeleteගොඩක් සතුටුයි අද දවස ගැන... තවත් අපේ සහෘදයෙක් තමන්ගේ ම කියලා නවාතැනක් හදාගත්තා. ඇත්තට ම මේ බ්ලොග් ලෝකයේ අපේ බ්ලොගය කියන්නේ අපේ ගෙදර මචං... යාලුවෝ ඇවිත් යනවා... අපි එයාලත් එක්ක කතා කරනවා. සංවාද කරගන්නවා. බැන ගන්නවා....... අවුරුද්දට හැමෝට ම සුභ පතනවා.. අනික් අයගේ ගෙවල් වලට ගිහින් අවුරුදු සුභ පැතුම් එකතු කරනවා... උපන්දිනයට එ් පැත්තට ගිහින් කතා කරලා එනවා.... මේක එක විදිහක ජීවිතයක්...
අපි බහුතරය දැකලා නැහැ... ඇත්තට ම ඒත් අපි අතර තියෙන්නේ විශාල බැදීමක්.... ඉතින් ඔබේ අලුත් නිවහනට අපි පළවෙනි ම දවසේ ආවාට සතුටුයි... එන්න පාර පෙන්නපු මනෝෂ්ට මුලින් ම ස්තූතිි කරනවා... ඉතින් සින්දු මචං දිගු ගමනකට ආසිරි පතනවා.. අපි හැමදාම ඔබ සමගයි
බොහොමත්ම ස්තුතියි කුරුටු ....
Deleteලස්සන ලෝකෙට පා ඔසවාලා
හණමිටි හැරමිටි පැත්තක දාලා
මිදි උයනේ ඉමු චුට්ටක් වේලා
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා
පද - ඔගස්ටස් විනයාගරත්නම්
ස්වර - ලොස් කැබලෙරෝස්
හඩ - ලොස් කැබලෙරෝස්
සුභ පැතුම් සිංදු ඇනෝ.
ReplyDeleteචියර්ස් කියල ගල් උගුරක් හලාගමු.
අම්මෝ උගුර කට වේලිලා තිබුනේ මචෝ ....
Deleteඋඹ හොද වෙලාවට ආවේ ..හැක හැක්
බොහොම ස්තුතියි බෝක්කෝ ....
බ්‍රෑන්ඩ් එක නම් ගල්
මට බං ආයෙ සිංදුවක් මතක් වෙන්නෙම නෑනෙ. චැහ් ඊයෙ ඉඳන් කල්පනා කරන්නෙ.
ReplyDeleteඇයි බන් අරකනේ ....අර බන්
Deleteතිස්තුන් කොටියක් දෙවියෝ ඉන්නව කිවුවාට ලොවේ
Deleteපස්සෙන් ඉදගෙන මාව රැක්ක එකම දෙවිය ඔබයි භවේ
රැව්ව ගමන් එකපාරක් දෙවියො කෝප වෙලා වගේ
හිටියානම් ඔබ මා ළග තාත්තෙ කොච්චරද අගේ
දෑතෙම කරගැට දාලා ඒවත් ගානකට නැතිව
හැම සතේම වියදම් කලේ දරු සෙනෙහස හිතේ ඇතිව
කට්ටි පැනල වෙට්ටු දාල හැන්දෑවට ගෙර එද්දි
කෝටි ගණන් කදුළු වැටුණු තිබුනා තව ගොඩක් සිද්ධි
තාත්තාගෙ ටොක්කට වදිමි දෑත් එක්කොට
තාත්තාගෙ ටොක්කට වදිමි දෑත් එක්කොට
මට්ටු කරන්නට අපි හට දඩුවම් දුන්නේ නැතිනම්
තුට්ටු දෙකක් අතේ නැතිව අපි විදින්නෙ අසරණකම්
සංගීතයෙ අකුරු හතර ඉගෙන ගනින් පුතේ කියා
පෙන්නා දුන් හරි පාරේ සංගීතේ ගමන ගියා
තාත්තගේ ආදරේ වාගෙයි මහ සාගරේ
තාත්තගේ ආදරේ වාගෙයි මහ සාගරේ
https://www.youtube.com/watch?v=sTrJlV3HQAY
සුභපැතුම් සින්දු ඇනෝ....!!!
ReplyDeleteබෙහෙවින්ම ස්තුතියි බස්සියෝ (බට කොස්සියෝ )
Delete;-)
සිංදුවෝ !!!!
ReplyDeleteමං එලෝකෝටියට මංඥං වෙලා වැඩ කෝටියක් අස්සෙ හිර වෙලා ඉන්නේ.. ගෙවල් මාරු කරා ... ඒ අස්සේ වයිෆ් සතියකට මෙහෙ ආවා ..අනිද්දා යනවා. :D
කමෙන්ට් එකක් දාගන්න බැරි උනාට සමාවෙයල්ලා හැමෝම ..තව දවස් තුන හතරකින් මං එනවා.. හිටපියව්
අර මනෝෂයා පාංදර 4 ට කෝල් කරා..නිව්ස් එක දෙන්ඩ වෙන්ටැ .ඒ පාර ඒකට ගිහිං බලද්දි මේං උඹ වැඩ අල්ලලා.අම්බෝ ෂැප .… බොක්කෙන්ම සුභපැතුං යකෝ .සැප කනේ !!!
අරූ අයියා වෑක් බාර දුන්නා. ඒකත් අතපහු උනා. අනේ සමාවෙයල්ල !! ආයෙ එන්නං ටික දොහකිං
"ඒ අස්සේ වයිෆ් සතියකට මෙහෙ ආවා "
Delete-----------------------------------------------------
එහෙනම් නිදහසක් තියෙයිද යකෝ ....ඒක තමයි කොල්ලා හිරේ දාලා වාගේ ඉන්නේ ,,හැක්
බොක්කෙන්ම ස්තුතියි පත්තරේ මචෝ ....(සින්දු ඇනෝ නමේ අයිති කාරයා උඹනේ )
// දවස් තුන හතරකින් මං එනවා.. හිටපියව් //
Deleteඅප්පේ ලංකාවෙ ගල් හිගයක් ඇතිවෙයි, දැන්මම බෝතල් දෙක තුනක් අරන් තියන්න ඕනෙ.
කම්මලේ බය වෙන්න එපා පත්තරේ නෙවෙයි බන් ලංකාවට එන්නේ උගේ වයිෆ් ......
Deleteහා හා දැන් ඉතින් හිත හදාගනින් ......හැක් හැක්
දිගු ගමනක් යන්න සුභ පැතුම්! මමත් බ්ලොග් ලිස්ට් එකට දාගත්තා. :)
ReplyDeleteඑළකිරි මචෝ ..බොහොම ස්තුතියි ;-)
Deleteඑළකිරි... තනි තනි සින්දු දානවට වඩා මෙහෙම හොඳයි.. අර ඉන්දිකයා කිව්වා වගේ ටැග් එකක් දාන්න..
ReplyDeleteමාතේ ටැග් කරන්න ඕනා ,තවම හොයා ගන්න බැරි උනා :-(
Deleteඋබ නම් යකෙක් සහෝ..
ReplyDeleteඊලග එකේ ඩි මහන්සි නොබලා සින්දුවේ ලින්ක් එකක් හම්බ උනොත් දාපන් කෝ..ජිවිතේට අහල නැති ඒවා තියෙනවා...ඔය සමහර සින්දු වල තියෙනවා පට්ට නිධන කතාවල්
ලක්ෂ්මන් හිල්මිගේ රිදී පාට කල පාතුදු පයට පෑගිලා එකේ කතාව පහුගිය එකේ fb එකේ සැහෙන්න shair උන දකින්න ඇති
ඒ වගේම උඩු අරුතට වඩා හොද සැගවුණු අරුතවල් අන්න ඒවා දන්නවා නම් දන්න..
මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සඟලක සලකුණු
දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ
මා නිවසෙහි නැති අතරේ කවුරුන් හෝ පැමිණ තිබේ
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ/
බස්සි අක්කාගේ තාත්තා ලිවුව ඕකට එක එක අර්ථ කතන නෙට් එක පුරා තියෙනවා..බස්සි අක්කා ඕව ලියන්න අරන් නැවැත්තුව පුළුවන් නම් උබ එක දිගට ගෙනියපන්..
ලියන්න දේවල් නෑ කියල නෙහ් කිවුවේ ඔය තියෙන්නේ ගමකට..
උබේ දැනුම කාගවවත් නෑ සහෝ පුස් කන්න නොදී ලියපන් අපිටත් දැනගන්න
මචෝ හැම සින්දුවේම ලින්ක් එක දීලා තියෙන්නේ ....බලපන් සින්දුවේ හෙඩිම ඔබලා ....
Deleteසින්දුවල නිධාන කතා අපේ දයානන්ද අය්යා , මනෝ එහෙම ලියනවානේ ...
ස්තුතියි මචෝ ...
මම සින්දුව අවසානේ බන් ලින්ක් එකක් හෙඋවේ එකයි මග ඇරිලා තියෙන්නේ..එල එකක් ඈ
Deleteනියමයි මචෝ. දිගටම ලියමු. ගොඩක් වටිනවා. නැත්තම් එකින් එක හොයා ගන්න එපැයි. සුභ පැතුම් :)
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා ගිටාර් ගුරුතුමා .....
Deleteමේකට වඩා ඔබතුමාගේ වැඩේ මට වටිනවා ...
ජයවේවා ..
එහෙම කියන්න එපා මචෝ. ඔයා කරන මේ වැඩේ විශේෂ දෙයක්. හැම කෙනාටම ඕක කරන්න බැහැනෙ :) දිගටම කරන්න. ජය වේවා!!!
Deleteදැනුයි මචෝ දැක්කේ. පාන්දර 12 පහු වෙලා පට්ට නිදි මතයි. එත් කොමෙන්ටුව නැතුව යන්න හිත දෙන්නේ නෑ
ReplyDeleteඅර උඹ හැම තැනම කොට කොට යන එක එක තැනක කොටන එක ගැන ගොඩක් සතුටුයි.
-------------------------සුබ පැතුම් ---------------------------------
මම හිතන්නේ පලවෙනි පොස්ට් එකට වැඩිම කොමෙන්ට් ආපු බ්ලොග් එක මේක වෙන්න ඇති.
මචෝ, සින්දුවෙන් සින්දුව වෙන වෙනම පොස්ට් හැටියට දානවා නම් කැටගරි කරන්න ලේසියි. උඹ දන්නා සින්දු ඔක්කොම මේහෙම එකට දැම්මොත් හොයාගන්න ඕන වුනු එකා ලෝක අමාරුවක වැටෙනවා. වෙනම පොස්ට් හැටියට සිංදු දාපුවහම විජේට්ටුවක පෙන්නන පුළුවන් කැටගරි ටික උදාහරණයකට ගත්තොත් '' පිය ගුණ ගී '' කැටගරිය කොටපු ගමන් එකට අදාළ සින්දු විතරක් එනවා. එකම සින්දුව කැටගරි දෙකකට වැටෙනවානම් දෙකටම උනත් දාන්න පුළුවන් වීම තමා මම කියන ක්‍රමයේ තියෙන ලොකුම පහසුකම. ඒ කියන්න ගායකයා අනුවත් වෙනම කැටගරි කරන්න පුළුවන්
සින්දුවෙන් සින්දුව පොස්ට් දාන කොට Youtube ලින්ක් එකයි Guitar Chord ලින්ක් එකයි හැම සින්දුවටම ඇඩ් කරා නම් අංග සම්පුර්ණ වෙයි.
සින්දුවේ නමට පහලින් සින්දුව පටන් ගන්න කලින් ගායනය, සංගීතය සහ පද රචනය කරපු අයගේ නම් දානවනම් හොඳයි.
ආයෙත් සුබ පතල නවතිනවා.
අම්මා අප්පා දැක්කා වගේ ජිවන අය්යා දැක්කම ...අනේ බන් මේක මම එච්චර හිතුවේ නැ .මාතලන් ගේ බ්ලොග් පාඩමේ පැක්ටිකල් එක කලේ ...බැලිනන් බෝගක් හැදිලා ...
Deleteබලමු ජිවන අය්යේ උඹ කියපු විදිහට කරන්න පුලුවන්ද කියලා ....මමත් හිටුවා සින්දුවේ ගිටාර් කෝඩ් එකත් තිබුනා නම් වටිනවා කියලා ..බලමු ඔය උඩ ඉන්න සර් උදව් කරයිද කියලා ...
බොක්කෙන්ම පිලිගන්නවා ජවන අය්යා ...
- ස්තුතියි (මම බොට මේල් එකක් එව්වා බැලුවද ,ඇයි යකෝ දැන් මේල් දාලා කියන්නත් ඕනද බලාපිය කියලා )
ගොඩක් ප්‍රසිද්ධ සින්දු වල කෝඩ් www.chords-lanka.com , www.sinhalenchords.com, http://guitar.lk tabs.ultimate-guitar.com, chords.orgfree.com, http://sinhalachordsfactory.blogspot.com සයිට් වල තියෙනවා නේ බං ලින්ක් එක විතරයි දෙන්න ඕන
Deletehttp://sinhalachordsfactory.blogspot.com බ්ලොග් එක බලපන් එක ගායකයෝ විදියට කැටගරි කරල් තියෙනවා. උඹේ බ්ලෝගේ මේ කැටගරි හතර විජේට්ටු වලින් හැදුව නම් සුපිරි
1. ප්‍රධාන විෂය ( මව් ගුණ ගී / පිය ගුණ ගී / විරහ ගී)
2. ගායකයන්
3. පද රචකයන්
4. තනු නිර්මාපකයන්
එතකොට හැම සින්දුවම මේ කැටගරි හතර තුලම පෙන්වනවා
එල කොල්ලෙක්නෙ.
ReplyDeleteදිගටම ඔහෙම යං බං...
මාතලං තමා පාර කිව්වෙ.
පුළුවන්නං සින්දු අපිටත් බාගන්න දෙන්න - ගොඩක් පිං.
සාදරයෙන් පිලිගන්නවා ඩ්‍රැකීයෝ ....සින්දු බාගන්න පුළුවන් මචෝ .youtube දාලා තියන ඒවා mp3 විදිහට ගන්න පුළුවන් ,http://www.youtube-mp3.org/ මෙතනට ගිහින් youtube ලින්ක් එක කොපි පේස්ට් කරන්න .
Deleteniyamai, jayama wewa....
ReplyDeleteස්තුතියි ,,,,නැවත එන්න :-)
Deleteමෙන්න සෑහෙන්න අලුත් සින්දු දෙකක්. පද රචනය සිඩ්නි නගරයේ වෙසෙන ප්‍රවීන ගීත රචකයෙකුවන මෛත්‍රී පනාගොඩ
ReplyDelete1. https://www.youtube.com/watch?v=jc0R8cwL27Q
2. https://www.youtube.com/watch?v=SZ8X4KBKNY8
සාදරයෙන් පිලිගන්නවා රසික අය්යේ ...බොහොම ස්තුතියි අලුත් සින්දු දෙකට .තව මෙතනට එකතු කරන්න ඕනා ඒවා මතක් කරන්න කියලා තමයි මමත් කිව්වේ .... මෛත්‍රී පනාගොඩගේ සෙවනැලි මියයන කියන ගීතයත් එකතු කරමු .අනිත් එකත් එක් කරලා තියෙන්නේ ...තෑන්ස් කකා
Deleteකෝ බන් බොලොග දුවන්නේ නෑනේ
ReplyDeleteහැක් හැක් ....එනවා එනවා .පොඩ්ඩක් හිටින් බන් අය්යේ
Deleteපුංචි දවස් වල නින්දට යද්දී පීතු පාදං නමා මහං කියලා ... මෙකත් අදාලද මන්දා.. හොද එකතුවක්. සුබ පැතුම්.
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා සප්‍රියෝ ... ඒ සින්දුවත් අදාලයි අදාලයි ..
Deleteහොද වැඩක් මිත්‍රයා. සුභ පැතුම් දිගු ගමනකට.
ReplyDeleteඒත් ඒක්කම පොඩි අවුලක් දැක්කා. ''ගෙඩි සියයක්'' සින්දුවේ පද පෙළ වෙනුවට වැටිලා තියෙන්නේ ''රන්මැලිසෑය විය'' සින්දුවේ පදමාලාව.
බොහොම ස්තුතියි ඇනෝ මිත්‍රයා .....
Deleteඔබතුමා විතරයි පොස්ටුව හරියට බලලා තියෙන්නේ ...ඔන්න වැරැද්ද හැදුවා .නැවතත් ස්තුතියි ඔබට ..
මචන්ලා මේක අහලා අවුල් වෙන්න එපා!
ReplyDeleteඅර්ත පූර්න ගීතයක් විදියට හොන්ද සින්දුවක් තමයි ඔය "පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදී" කියන ගීතය.
මට මීට අවුරුදු 30 කට විතර ඉස්සර හමු උනා පොරක් වසන්ත කුමාර ඇල්ලේගම කියල අහින්සක කෙට්ටු කෙන්ඩෑරි උස තරුණැයෙක්.
මෙකාගෙ ගෙවල් තිවුනේ වැළිමඩ පැත්තේ.
මේ යකා ඉස්කොලේ යන කාලේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තිබුනා "ගීත බැන්කුව" කියලා පොඩි වැඩ සටහනක්.
මේකට අරූ ලියලා යවලා තියෙනවා උගේ තාත්තා ගැන පොඩි කවි පන්තියක්.
මෙන්න යකෝ තවත් කාලයකට පස්සේ සුපිරි සින්දුවක් රේඩියෝ එකේ යනවලු ; තමන්ගෙ පවුල ලියලා දුන්නා කියමින් "පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදී............." කියලා!
මේ කතාව බොරුවක් ම කියමුකො!
කෝ මල්ලී ඔය රචිකාවිය ලියපු තව එකක් වත් නෑ නේද.....?
සෙස්ස පස්සට - තට්ට්යා
Realy appreciate what you have done.
ReplyDeleteAs a father I want to thank you.
මගේ අගය කිරීම, ස්තූතියි, කරුණාකර මෙයද පරීක්ෂා කරන්න. https://lklyrics.com/collections/songs_about_fatherly_love
ReplyDelete