Tuesday, November 11, 2014

ආරාධනා.........


ජීවිතයේ තනි මංසල අතරමං වෙලා

හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතිතයේ ගිලිහි ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා.........

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජිවිතයේ දිගු ගමනින් අනාථ වූදා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා.........

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ යළිදු උපන්නෙම්
බිදුනු එවන් රජදහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා.......

 ගායනය - ඩබ් .ඩි අමරදේව 
 පද රචනය - කුලරත්න ආරියවංශ

 සංගීතය   - රෝහණ වීරසිංහ



56 comments:

  1. මචෝ...

    එහෙනම් ඔන්න හා හා පුරා කියල පළවෙනි කමෙන්ට් එක මගෙන්. හිතට දැනෙන්නෙ දරාගන්න බැරි සතුටට්ක්. අද මගෙ ජීවිතේ සතුටුම දවසක්. මේ කියන්නෙ බොක්කෙන්මයි. අද බ්ලොග් අවකාශෙ ලොකු අඩුවක් පිරුණ වගේ දැනෙනවා මට.

    ඔබ අපිට අවශ්‍යම කෙනෙක්. ඔබෙන් අප මහඟු ආලෝකයක් ලබනවා. ඉතාම දිගු ගමනකට හදවතින්ම ආසිරි පතනවා. ඔහොම යං. අපි හැමෝම ළඟින්ම ඉන්නවා.

    ජයෙන් ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි මනෝ ,උඹලා තමයි මම නිදහසේ ඇනෝ ඇවිත් සින්දුවක් කියාගෙන ඉන්න කොට සින්දු ඇනෝ කියලා හංවඩු ගහලා ගත්තේ .අවුරුදු ගානක් බොලොග් කියේව්වත් බොල්ග් එකක් ලියන්න අදහසක් තිබුනේ නැ .ලඟදි දවසක අපේ මාතලන්ගේ බොගක් දාන්නේ කෙසේද...? කියන පාඩම බලාගෙන බෝලොගක් හැදුවා .කිසිම දෙයක් ලියන්න හිතාගෙන නෙවෙයි .පස්සේ අරාධනා කියන මගේ ප්‍රියතම සින්දුව දාලා බැලුවා බොලොග් එක කොහොමද කියලා .එච්චරයි මචෝ .කොහොම උනත් උඹලා දුන්න සහයෝගයට පින් .පුළුවන් වෙලාවට මොනාහරි එකතු කරන්නම් ....නැවතත් සිතුතියි මචෝ උඹ මේක ගැන අඬබෙරයකුත් ගැහුවාට ..හැක්
      ජයවේවා ..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මනෝෂ් වගේම මාතලනුත් ලින්ක් දාලා තිබුණා. දැන් තමා ඉස්පාසුවක් ආවේ. මං කිව්ව හිංද නේද පටාං ගත්තෙ...හැහ්.. වැරි වැරි හැපී මස්සිනා. උඹ ලඟ තමා තියෙන්නෙ හොඳම කලෙක්සොං එක. ජයෙන් ජයම වේවා!!!
      පුලුවන්නං කැටගරි ෆිල්ටර් කරන්න දාපං...ගායකයා, ගීතය, තේමාව වගේ එව්වා උඩ ඇල්පබෙටිකල් ඕඩරේට.

      මනෝෂ්, තෑන්ක්ස් මචං!

      Delete
    4. ස්තුතියි විසිටරයෝ ....හරි මචෝ බලමු කැටගරි කරන්න බලන්නම් .තවම ඉගෙන ගන්නවා යකෝ ..

      Delete
    5. මනෝෂ්....... මේ සින්දුවට විචාරයක් දෙන්න...... මං බලන් ඉන්නවා....

      Delete
  2. සුභ පැතුම්!

    ReplyDelete
  3. සුභ ගමනක් යාමට ...මගෙන් පැතුම්.........!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි කෙන්ජි මාමේ ...කෙන්ජි දැක්කම හැමදාම මට මෙන්න මේ සින්දුව මතක් වෙනවා ..හැක්

      ජපන් රටේ ජං ජං ජං
      ජපන් රතිඤ්ඤා//
      ජපන් රතිඤ්ඤා//
      ජපන් බබාලා සැදූ රතිඤ්ඤා

      ලංකාපුරේ ලං ලං ලං ලං ලං ලං
      ලංකා බබාලා//
      ජපන් රතිඤ්ඤා කටේ දමාලා
      කන්ඩ නොයල්ලා

      ජපන් රටේ ජං ජං ජං ජං ජං ජං
      ජපන් වෙළෙන්දා //
      ජපන් රතිඤ්ඤා ලාබෙට දෙඤ්ඤා
      වීසි කොරඤ්ඤා

      ජපන් රටින් නැව් ගානේ
      එන්නෙ රතිඤ්ඤා//
      ජපන් රතිඤ්ඤා
      පටස් රතිඤ්ඤා
      කටේ තියඤ්ඤා
      පත්තු කරඤ්ඤා

      නාට්‍යය - පැන්ස දෙකේ හංසයා (ශ්‍රියන්ත මෙන්ඩිස්)
      ගායනය - රොඩ්නි වර්ණකුල

      Delete
  4. මනොෂ් ගේ මග පෙන්වීමෙන් තමයි ආවේ ... මේ සිංදු කැමති කෙනෙකුට බාගන්න පුළුවන් විදියටත් හදන්න ... සිංදු ඇනෝ ගේ සිංදු බ්ලොග් එකට ජය ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම් ...බලමු එහෙමත් කරන්න .මම මේ තවම බොලොග් පාඩම ඉවර කරලා නැ ...හැක් හැක්

      Delete
  5. ජයවේවා...!! ඔය තීන්නේ පටං අරගෙන........!! ඕම යං......... ඕම යං.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ ....යමු යමු .උබලත් ඉන්නවානේ ....

      Delete
  6. මේ ගීතය කවමදාවත් මට අමතක වෙන්නේ නැ... ඇනෝ..... මන්දා....... හේතුවක් නැතුවත්..... මේ ගී පද...... සංගීතය...... කොයි වෙලෙත් රැව් , පිළිරැව් දෙනවා...... ඔබගේ ආගමනයට මෙන්න තුති..... මල් මිටක්.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිහිංසා ...මේ ගීතය මගෙත් ප්‍රියතම එක .ඇයි කියලා මමත් දන්නේ නැ ....

      Delete
  7. අපූරුයි... සුභ් පැතුමො සින්දූර්..

    අපි නොදන්න කිසිදින අසා නැතී ගීත ගොඩාක් උඹ හින්දා දැන ගත්තා..

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ මෙන්න යකෝ බොලොග් පන්තියේ සර්රුත් ඇවිත් .ලැජ්ජාවේ පන යනවා .පාඩම තවම බාගෙට කරලා තියන නිසා ....මාතේ අය්යේ උඹට බොහොමත්ම ස්තුතියි නවක පරපුරට මේ කරන මෙහෙවරට ...

      Delete
  8. බොහොම හොඳයි. උසස් ගී රසවින්දනයට අන්තර්ජාල තෝතැන්නක් වේවා.

    ReplyDelete
  9. "සින්දු ඇනෝ" ජය වේවා!!! ජයෙන් ජය වේවා!!!

    විකසිත සින්ඩිය පැත්තෙත් එන්න.

    http://syndi.wikasitha.com


    පර පෙන්නපු "ගී සංවේදනාවට" තුති.
    විකසිත සින්ඩිය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බුද්ධික ...මම ඔය හැම තැනම පුළුවන් වෙලාවට කරක්ගහනවා මචෝ ..

      Delete
  10. උම්.............................................මා......

    ReplyDelete
  11. ඔන්න සින්දු ඇනෝ මගේ බ්ලොගයට වහාම ad කලා. congratulations.

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබතුමා කරන මෙහෙවර ගොඩක් වටිනවා ....ඔබට බොහොමත්ම ස්තුතියි

      Delete
    2. සින්දු ඇනෝ කවද හරි තවත් දිනසිරි කුරුලුගන්ගොඩ කෙනෙක් වෙයිද? (වහාම පීනන්න ඉගෙන ගන්න දැම්ම )

      Delete
    3. "තැපැල්පත් මගින් ගීත ඉල්ලන, ජනප්‍රිය වූ තරුණයෙකු තමාගේ ගමට කුරුලුගම්ගොඩ යනුවෙන් නමක් ලබාදීමට ද, එය ගුවන්විදුලි ශ්‍රාවකයන් අතර පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවාසීන් තුළ ද ප්‍රචලිත කිරීමට සමත් වීම එදවස ගුවන් විදුලිය ජන සමාජය කෙරෙහි කුමන බලපෑමක් ක‍ළේ ද යන්නට අපූරු සාක්ෂියකි. තැපැල්පත් මඟින් ගීත ඉල්ලූ දිනසිරිගේ ජීවිතයේ වැදගත්ම හා නව දිශානතියක් කරා ගමන් කිරීම ඇරැඹෙන්නේ ගුවන් විදුලි සංස්ථාව සමඟ බව කුරුලු හදවත නවකතාව අපට පවසයි. එම කාල පරාසයේ ඊට සම්බන්ධව සිටි පෙරකී චරිත ද අපට සිහිපත් වීම වැළැක්විය නොහේ."

      මම හිතන්නේ අජිත් අය්යා කියන්නේ කුරුළු හදවත ගැන වෙන්න ඕන

      Delete
  12. එල එකක් ඈ,,,, ගොඩක් වටිනවා ඔයා බ්ලොග් එක ලියන්න ගත්ත එක,, ජය වේවා

    ReplyDelete
  13. ආරාධනා... ආරාධනා.. තව තව ලියන්න ආරාධනා.. ඔන්න කලාහිතටත් ඇඩ් කරා.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ මිත්‍රයෝ ......උඹලා තමයි ලියන්න ඕනා .අපි මේ අනුන්ගේ ඒවානේ ලියන්නේ ..හැක හැක

      Delete
  14. අපෙත් සුබ පැතුම්...

    දිගට ම බ්ලොග් ලොව වැජඹේවා..!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විභීශනයෝ ...බෝටත් කියන්න තියෙන්නේ කල්‍යාණ මිත්‍රට කියපු එකම තමයි

      Delete
  15. දිගු ගමනකට සුබ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදික අය්යේ ...

      Delete
  16. ඩෙන්න ඩෙනෝ
    හඬ ඇසෙනෝ
    මෙන්න එනෝ
    සින්දු ඇනෝ............

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ අය්යේ ...උඹලා මේ රටේ හිටිය හොඳ පොරවල් ඔක්කොම ආශ්‍රය කරලා සුන්දර අත්දැකීම් ගොඩක් එක්ක ජිවත් වෙනවා .ඉතින් අපිට දැන් ඉන්නේ උඹලා විතරයි ඒ වටිනා දේවල් අහගන්න .මොකද දැන් අරවගේ වටිනා චරිත නැති නිසා ..නැවතත් ස්තුතියි මාව දිරිමත් කලාට ..

      Delete
  17. අප්පට බොල.. බොක්කෙන්ම සන්තෝසයි.. ජය වේවා මචෝ..

    ReplyDelete
    Replies
    1. ලොකු මහත්තයෝ උඹේ අගය කිරීම නිසා තමයි බ්ලොග් කියවන අය මාව අඳුන ගත්තේ ..ගොඩක් පිං මචෝ .
      බොහොමත්ම ස්තුතියි ...උඹේ හැක් එක මම පොඩ්ඩකට ගත්ත හොදේ .. හැක් හැක්

      Delete
  18. බොහොම සතුටුයි මචං... මමත් කීප සැරයක් කිව්ව පුළුවන් නම් මේක කරපන් කියලා...

    සිංදුවේ වචන වලට උපරිම අවධානය දීපං...

    මේකෙ "එදා සිඟිති 'කිරි' සුවඳින්" සහ "යළිදු උපන්නෙම්" වෙන්න ඕනේ නේද

    ReplyDelete
    Replies
    1. තිසර උඹලාගේ දිරිගැන්වීම මාව උනන්දු කළා .බොහොමත්ම ස්තුතියි මාව නිවැරදි කලාට .අන්න ඔහොම වැරදි පෙන්නා දෙනවානම් මොනාද කරන්න බැරි ....නැවතත් ස්තුතියි තිසර ..

      Delete
  19. පට්ට මචෝ
    බං සිංදු ඇනෝ
    දාන දාන සිංදු අස්සෙ
    දාපං ඇති හැකි විදියට ලිංකුවකුත්...

    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ් ....ඔන්න දෙවැනි පොස්ට් එකේ හැම සින්දුවකම ලින්කුව තියනවා :-)
      (මේක ලිව්වේ ලිව්වේ මචෝ පොඩි ටෙස්ට්ටින්ග් 1 2 3 එකකට ) හැක් හැක් ..

      ස්තුතියි ...

      Delete
  20. ඇනෝ බ්ලොගර් ෆලොවර් අයිටම් එක එල්ලාපන් අපි g+ නෑ..දිගු ගමනකට ආසිරි

    ReplyDelete
    Replies
    1. ඕන්න හරිද බලන්න ආචාර්ය තුමෝ ..
      බොහොම ස්තුතියි සුභ පැතුමට ....

      Delete
  21. එල ද බ්‍රා..
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා එලද බ්‍රා ....
      ස්තුතියි නැවත එන්න
      බ්‍රෑන්ඩ් එක ගල් ...හැක්

      ස්තුතියි බෝක්කෝ ..

      Delete
  22. ඊයෙ එනකොට එක කොමෙන්ට් එකක්වත් තිබුණෙ නැති මාත් හින්ද සද්ද නැතුව ගියා.
    අර Praසන්ன ය වගේ වෙන් නැතුව දිගටම ලියාගෙන යං.
    ජය.

    ReplyDelete
    Replies
    1. මමත් ට්‍රයි කලේ කවදා හරි Praසන්ன වගේ බෝගක් කරනවා කියලා ...එකත් එක්ක බලනකොට අපි නිකන් මොනුන්ද වගේ .....හැක් හැක්
      බොහොමත්ම ස්තුතියි ප්‍රසා ...(කොමෙන්ට් කරුවන්ගේ සභාපති තැම්පත් කොන්ක්‍රීට් බොලොග් අධිපති ත්‍රි භාෂා මහතා සාධරයෙන් පිලිගන්නවා )

      Delete
  23. අහා මරු! බොහෝ දිගු සින්දුවක් කියන්න ලැබේවා!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා රාජ් ....බොහොම ස්තුතියි

      (දිග සින්දු කියනවා බියර් බීපු දවසට නම් )

      Delete
  24. සින්දු ඇනෝ...

    ගී මල් පොකුරු පොකුරු
    නිබඳ නිතින රැගෙන එමින
    කප් සුවහස් කල් මෙලෙසින
    ඔබේ ගීය වයනු මැනව..

    ReplyDelete
    Replies
    1. "මල් පොකුරු පොකුරු ඇය එන මඟ
      ඈ දෙසටම නැමීයන්
      මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
      මල් පොකුරට ලැබීයන්..."

      බොහොමත්ම ස්තුතියි නංගෝ .....සාදරයෙන් පිලිගන්නවා

      Delete
  25. නියම සිංදුවකින්නෙ වැඩේ පටන් අරන් තියෙන්නෙ.
    ඒ කාලෙ මල් පියලි සංදු පොත් එකතු කරපු හැටි මතක් උනා :-)
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හැක් හැක් උඹත් මල්පියලි පිස්සෙක්ද .....? මට තිබුනේ කැසට් පීස් අහලා සින්දු ලියන එක .අපේ ගෙදර කැසට් එකක් තියා රේඩියෝ එකක් වත් තිබුනේ නැ .ගමේ ගෙවල් දෙකක තමයි කැසට් තිබුනේ .ඉතින් මම පීස් එකක් හොයාගෙන යනවා කැසට් එක තියන ගෙදරට .එහෙම තමයි සින්දුව ලියා ගන්නේ .ඒ ලියපුවා තවම ගෙදර ඇති මචෝ .මහ ගෙදර රේඩියෝ එකක් තිබුනා අර තට්ටු කලාම වැඩ කරන්නේ .... හැක් හැක් ....
      සාදරයෙන් පිලිගන්නවා කැන්ඩි මචෝ ....

      Delete