උපාලි ධනවලවිතාන ලියූ සරල හා චිත්‍රපට ගී සංඛ්‍යාව විශාලය. තෝරා බේරාගැනීමකින් තොරව ඔහු ඕනෑම ගායක ගායිකාවක් වෙනුවෙන් ගීත ලියූවෙකි. ඒ නිසා පණ්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද දයාරත්න රණතුංගගේ සිට නිහාල් නෙල්සන්, ක්ලැරන්ස් විජේවර්ධන, එච්.ආර්. ජෝතිපාල දක්වා බොහෝ දෙනා ගැයූ ගී අතර ඔහු ලියූ ගී එකක් දෙකක් හෝ තිබේ. දෝත පුරා මුතු මාල ලතා, රුවන් නෙළුම් කුමාරියේ, මංගල මධු සමය පතා, හත්වළල්ල කන්ද කපා, පහන් ටැඹ යට, දිසාපාමොක් ඇදුරුතුමනි, උදුම්බරා මනාලියේ, උපමා රූපක අලංකාර, රූස්ස ගහ ළඟ, පෙරමඟ සුබ නිමිත්ත වී, කදිරදේව සුරින්දු, සඳ තාරකා හඬාවී, පෙර එක දවසක, මම දෙවිඳුනි දෙවොලට ආවේ, හිරුද මුවාවී, මුව හසරැලි සාගරේ රසිකයන් ආදරයෙන් වැලඳගත් උපාලිගේ ගී අතර වේ.
37 වැනි වියේ ජීවිතයෙන් සමුගෙන යන විට උපාලි ධනවලවිතාන 100කට ආසන්න චිත්‍රපට සංඛ්‍යාවක ගීත රචනා කර තිබිණි. අරුණ වලා දුහුල ඉරා (රක්තා), කඳුළු පැතුම් (තණ ගිරවි) රෑන් අතරේ මළ හිරුගේ (කඩවුණු පොරොන්දුව) වළා ඉමෙන් එහා (පෙති ගෝමර), සමුදුරු හතකින් (මිහිඳුම් සිහින) රන් අකුරින් ලියවෙන්න පුතේ (රණ දෙරණ) නාඬන්න තරු පොකුරේ (රෝසි) දියකිඳුරිය සේ සාගරේ, සාගර ළවැල්ලේ (ඔබටයි ප්‍රිය ආදරේ) සක්වළ එතෙරට ඇසෙනා (ගෙදර බුදුන් අම්මා) සිහින අහසේ වසන්තේ (නැවැත හමුවෙමු) ඔහු ලියූ චිත්‍රපට ගී අතුරින් කිහිපයක් පමණි.
නැවැත හමුවෙමු චිත්‍රපටයේ ‘සිහින අහසේ වසන්තේ’ ගීතය ලියා ඇත්තේ දයාසේන ගුණසිංහයන් බවට වරෙක කියැවුණු අතර ඒ සම්බන්ධයෙන් දැඩි මතභේදයක් පැනනැඟිණි. ඒ වන විට අදාළ දෙදෙනාම ජීවතුන් අතර නොසිටීම නිසා ඇති වූයේ මහත් ව්‍යාකූල තත්ත්වයකි. එහෙත් 1992 ජනවාරියේ නිකුත් වූ ‘තිරතරු’ සිනමා පුවත්පතට “මේ ගීතය ලියුවේ මම නෙවෙයි උපාලි යැයි’ දයාසේන ගුණසිංහයන් කර තිබූ ප්‍රකාශයක් හමුවීම නිසා උපාලි ධනවලවිතානට සාධාරණය ඉටුවිය. ඔහු ජීවතුන් අතර සිටියදී ප්‍රකාශයට පත් කළ ඔහුගේ ගීත නිර්මාණ එකතුව වූ ‘උදුම්බරා’ කෘතියට මේ ගීතය ඇතුළත්ව තිබුණේ නැත. ‘උදුම්බරා’ පළ වූයේද අදාළ ගීතය නැවැත හමුවෙමු තිරගත වූයේද එකම වර්ෂයකදී වීම ඒ ප්‍රමාදයට හේතුවන්නට ඇතැයි සිතිය හැකිය.
විවිධ තේමා ඔස්සේ නෙක නෙක රස දනවන ආකාරයෙන් ගීත රචනයේ සමත්කම් පෑ උපාලි ඉන් නොනැවතී චිත්‍රපට දෙබස් රචනය හා තිර රචනයටද එක් විය. ‘ඔබටයි ප්‍රියේ ආදරේ’ චිත්‍රපටයේ තිර රචනය ඔහු ලියූවකි. ‘සිංහරාජයෝ’ චිත්‍රපටයේ තිර කතාව හා දෙබස් ඔහු රචනා කළද එය නිෂ්පාදනය වූයේ නැත.අඩුවෙන් කතා කළ නමුත් උපාලි වැඩියෙන් වැඩ කළේය. අවුරුදු 38ක් වැනි අඩු වයසකින් ජීවිතයෙන් සමුගෙන යනු ඇතැයි අන් කිසිවකු තබා ඔහුවත් නොසිතන්නට ඇත. උපාලිගේ වියොවින් බිරිය ශ්‍රී මතී, දූ දරුවන් වන නිරූපමා, තාරකා සහ දුල්ෂාන්, විශාරද සරත් දසනායක ඇතුළු සමීපතමයන් පමණක් නොව ඔහු ලියූ ගී රස විඳි රසික පර්ෂදයද කම්පාවන්නට ඇත.
ගීත සිය ගණනක් ලියූවද උපාලි ධනවලවිතානගේ කෙටි ජීවිත කාලයේදී ඔහු නිසි ඇගැයීමකට ලක්වූවාද යන්න ප්රශ්නයකි. චිත්‍රපට පසුබිම් ගීතයේදී සම්මානයට සුදුසු ගීත ඔහු අතින් ලියැවී තිබුණු බවට විචාරක මත පළ වුවද සම්මාන ලැබුණේ නැත. කිසිදු අවස්ථාවක මතභේදයට තුඩුදෙන කාරණා මාධ්‍ය හරහා කතා කිරීමට උපාලි ධනවලවිතාන ඉදිරිපත් වූයේ නැත. පන්හිඳට සිත්සේ කතා කිරීමට ඉඩදී ඔහු මුනිවත රැක්කේය. එහෙත් ඔහු පන්හිඳෙන් ලියූ ගී තවමත් සහෘද හදවත් සමඟ ෙදාඩමලු වෙයි.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++
01.දෝත පුරා මුතු මාල ලතා
දෝත පුරා මුතු මාල ලතා
දෑස පුරා මනමාල කතා
ඈත හිමේ සුදු සේල ඔතා
නැලවෙන කුසුමේ නාරි ලතා
යෞවන මල් රතු කැකුළු
පුබුදින රන් මුව මුකුළු
දෙතොල් රුවින් මන රංගන
දෙතොල් රුවින් මන රංගන
සැඟවෙයි කිරි මුතු පබලු
දෝත පුරා මුතු මාල ලතා...
නිල් මුතුලැල් නළල් පටේ
නෙත් මිණි කැන් පහන් වැටේ
සුපුල් උපුල් රන් ඕවිලි
සුපුල් උපුල් රන් ඕවිලි
ඔබේ රුවින් හඬා වැටෙයි
දෝත පුරා මුතු මාල ලතා...
ගායනය, සංගීතය - බන්ධුල විජේවීර
ගී පද - උපාලි ධනවලවිතාන
02.දේදුණු රන් පැහැය එලා
දේදුණු රන් පැහැය එලා
මෝහන තොල් යහන සලා
හඳ සිද බිද ඉවත නොයන්
රුවන් නෙළුම් කුමාරියේ
නැවුම් ලොවක හඳ සඟවන්
රුවන් නෙළුම් කුමාරියේ
සීත හිමේ හිම සිසිලෙන්
ආල හැඟුම් මවා....
පාන නුරා නෙතු ඉඟියෙන්
කෝල පැතුම් නිවා.....
නැවුම් ලොවක හඳ සඟවන්
රුවන් නෙළුම් කුමාරියේ
දේදුණු රන් පැහැය එලා....
පෙමට පිදෙන සිතැඟි කළබ
මොණර ගමන් ලතා.....
පවනෙ ලෙලෙන ලපලු විලස
සිතක ගිමන් නිවා....
නැවුම් ලොවක හඳ සඟවන්
රුවන් නෙළුම් කුමාරියේ
දේදුණු රන් පැහැය එලා....
ගායනය -අබේවර්ධන බාලසූරිය
ගී පද - උපාලි ධනවලවිතාන
03.මංගල මධු සමය
මංගල මධු සමය පතා
කුලගෙට ආ රූපිකාව
පාළු ලොවක තනිකරදා
දියඹට යනවා කුස
ගින්දර නිවා ගන්න
දියඹට යනවා
හෝ... හෝ... හෝයියා හෝයියා ..
රැල්ල බිඳින අඳෝනාව
ජීවන මළපොත කියවයි
නිම් නැති නිම් වළලු පෙළේ
සම්පත ඇය සැනසුමයි
ඇය මට අත වනනු පෙනේ
ඉවුර කොණේ අතු පැලේ
හෝ... හෝ... හෝයියා හෝයියා ..
අඳුර දවන තාරකාව
කළු ලන්තෑරුම් එළියයි
ඔරු බඳ තුරුළේ දැණුනේ
ඊයෙ ලද උණුසුමයි
ඇය මට අත වනනු පෙනේ
ඉවුර කොණේ තොටුපලේ
හෝ... හෝ... හෝයියා හෝයියා
ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය - උපාලි ධනවලවිතාන
තනුව හා සංගීතය - සරත් ද අල්විස්
04.හත්වළල්ල කන්ද කපා
හත්වළල්ල කන්ද කපා
ගංකරයෙන් පාවෙලා
දියකඩ පීරා.....
නගාකෙල්ල ඉන්න පැලට
තෑගි අරන් මං එනවා
දොලදෙනියේ වැව් බැම්මේ
හිඹුටු කැලෙන් නඟේ නුඹට
හිඹුටු කඩන් මං එනවා
ඉවසිලි නෑ නුඹ දකින්න
අනේ එපා ඔච්චම් කර
බක් මී මල් හිනාවෙන්න
තුරු වදුලේ කිරල රොදේ
යොදුන් ගණන් ඈතට යමු
ගං ඉවුරේ උණ පදුරේ
හීල් හෙවනෙ කතා කරමු
වාසනාව අග හිඟ නෑ
නගා කෙල්ල ඉන්න පැලට
පද රචනය - උපාලි ධනවනවිතාන
සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
05.පහන් ටැඹ යට
පහන් ටැඹ යට - සොහොන් කොත ළඟ
කවුද කාටද අත වනන්නේ
දෑස නිදි නැති රෑක මැදියම
ඔබේ ඉකි හඬදෝ ඇසෙන්නේ
ඔබ වියෝවින් වේදනාවෙන්
මිහිරි පොද වැටුණු දවසක
නෑ සියන් කරවටින් මා
ගෙන ගියා ඔබ සොහොන් පිටියට
ඒ සොහොන් කොත පෙනෙන මායිමෙ
පුංචි කුටියක කවුළුවක් ළඟ
බලා ඉන්නෙමි සිතින් හමුවී
කියා ගන්නට සිතට බැඳි පෙම
පද රචනය - උපාලි ධනවනවිතාන
ගායනය -එච්.ආර්. ජෝතිපාල
06.දිය කිඳුරිය සේ සාගරේ
දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළි රූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ
දේහ ලතාවේ රූ සිරු වරුණේ
නොදැනී මේ ලෙස යාවෙලා
දිගු නිල් වරලේ නිලුපුල් නයනේ
සැඟවේවා හද පාවෙලා
ගිනි දැල් පරදා හස කැන් නැගුණා
පෙම් ඇරයුම් ගෙන ආ නියා
මනසේ ඇඳුනා දෙනෙතින් මිදුනා
සිහිනය සේ නොපෙනී ගියා
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබ වේ
උපදින සසරේ වාසනා
දෙදෙනා හමු වී පෙර දා සසරේ
උන්නා සේ මට ළං වෙලා
සුපුරුදු සුවඳයි ඔබ ළඟ දැණුනේ
කවුරුන්දෝ මේ රූපිකා
හිරු දැක මිදෙනා පිනි මල වාගේ
ඔබ ඇසුරින් වෙන්වී නොයා
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
දෙදෙනා යමු පෙම් චාරිකා
තනිවෙමු ඔබ මා මේ සැණකෙළියේ
ඔබටයි මේ පෙම් ගීතිකා
ගායනය -එච්.ආර්. ජෝතිපාල
පදමාලාව - උපාලි ධනවල විතාන
සංගීතය - සරත් ද අල්විස්
07.උදුම්බරා මනාලියේ
උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ
අංජන මධු සුවඳ පැනින් රූසිරි වත දොවා
රංගන මනමාල බැලුම් දෑසකොනේ මවා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේමවිමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ
කෝකිල රජදහන් පවා හඬින් උමතුවෙලා
සීගිරි සුරදූත ළඳූන් හොරෙන් මුකුළු කළා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේමවිමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ
ගායනය: දයාරත්න රණතුංග
පදමාලාව - උපාලි ධනවල විතාන
08.රූස්ස ගහ ළඟ පාළු මාවතේ
රූස්ස ගහ ළඟ පාළු මාවතේ
කළුවර යාමේ කළු ගඟ අයිනේ
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ
එහා තොටෙන් ඔබ පාරුව පැදගෙන
මෙහා තොටට එයි මා හමුවන්නට
දෙදෙනා පෙම් කළ මේ ගං තොටුපළ
සිහින නගරයකි ඔබ මා වෙන් කළ
පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුණා
පියවර හඬ මා අසලම ඇසුණා
චායාවකි මෙය මායාවකි එය
සසර පුරා ඔබ ඈතට ඇඳුණා
රූස්ස ගහ ළඟ පාළු මාවතේ
කළුවර යාමේ කළු ගඟ අයිනේ
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ
පද රචනය - උපාලි ධනවලවිතාන
ගායනය - විජය කුමාරතුංග
09.සඳ තාරකා හඬාවී
සඳ තාරකා හඬාවී
කඳූ මීදුමෙන් එහා
ඔබ හා ගෙවූ අතීතේ
මතකේ ලියා තියා
මතකේ ලියා තියා
සිත පාවෙලා ගියාවේ
නටබුන් සොයා අනාතේ
අනුරාග මල් හිනාවන්
පෙරසේ මුවේ නොවේ
අඩ නීල රෑ වළාවේ
හෙට පායලා උදාවේ
කවදාක හෝ විඳීන්නේ
මතු ඒ අමා සුවේ .....
ගායනය: ප්‍රියා සූරියසේන
පද රචනය: උපාලි ධනවලවිතාන
තනුව හා සංගීතය: ස්ටැන්ලි පීරිස්
10.පෙර එක දවසක සඳ නැති සවසක
පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යළි අප හමුවේවා
යළි අප හමුවේවා
ආල හැඟුම් දෙන කොමල සිනාවෙන්
මගේ පැතුම් ලොව සසල කලා සේ
නීල නුවන් ඇති දෑල වලින් ඔය
තවත් ලොවක් ඔබ එළිය කලාවේ
පෙර එක දවසක සඳ නැති සවසක...
එකම වරක් හෝ නෙත සනසන්නට
ආශාවෙන් මා ඔබ දෙස බලලා
එකම වරක් නොව එක හෝරාවක
දහස් වරක් මා මනසින් හැඬුවා
පෙර එක දවසක සඳ නැති සවසක...
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - සරත් දසනායක
ගී පද - උපාලි ධනවලවිතාන
11.සිහින අහසේ වසන්තේ
සිහින අහසේ වසන්තේ
තාරකා මල් හිනැහුණා
රංචු ගැසිලා කුරුල්ලෝ
ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුවේ මත් බිඟු සේනා
රොන් රස ඉල්ලා මල් හැගුම්.....
මග එළි මවනා තරු කැන් ඔබවේ
තනිවු කතර බිමේ
ගීතිකා එවන් ලොවේ
මා නමින් අදත් ඇසේ
බිඟුනද පාවේ ඔය හඩ වාගේ
සවනේ රැවු දේ....
සිහින අහසේ වසන්තේ...
සිහිලැල් පවනේ ගී හඩ විසිරී
මතකය ඈත රෑඳේ
මා හදේ හිරුත් ඔබයි
මා හදේ සඳුත් ඔබයි
දෙවියන් ඔබවේ පුද දෙමි සැමදා
මහද ප්‍රණාමේ....
සිහින අහසේ වසන්තේ...
ගී පද - උපාලි ධනවලවිතාන
ගායනය -එච්.ආර්. ජෝතිපාල
12.සක්වළ එතෙරට ඇසෙනා
සක්වළ එතෙරට ඇසෙනා
අනන්ත ඈතට දැනෙනා
මුළු මිහිතලයම කම්පා
කරවන එකම හඬයි අම්මා
මෙතේ බුදුන් දැක නිවන් දකීවා
ගෙදර බුදුන් අම්මා....
කල්පකාල දිගු ගමන් තලාවේ
ගිමන් නිවාලන දිය කඳුළයි ඔබ
කර පිට හිඳුවා මෙගොඩට පීනා
සමුදුර තරණය කරලා
මවකගෙ මුවගින් විවරණ ලැබුවා
බුදු හිමි බුදුබව පතලා....
සුරංඟනාවන් පැල් බැඳ අහසේ
දෝත් මුදුන් දී වැඳ වැටෙනා සඳ
රතු ලේ කිරි කළ පින් මහිමයටයි
අම්මාවරු දුක් ගන්නේ
ඒ කිරි සුවඳට පරිභව කළ පුතු
නිරයේමයි උපදින්නේ....
පද රචනය - උපාලි ධනවලවිතාන.
සංගීතය - සරත් දසනායක.
ගායනය - නන්දා මාලනී
++++++++++++++++++++++++++++++++++++++++
ගොඩක් දවසකින් මොනවත් බෝගට දාන්න බැරි උනා .මේ සින්දු ටික එකතු කරලා ටික දවසක් වෙනවා .වෙලාවක් තිබුනේ නැ පොස්ට් කරන්න .මව්බිම පත්තරෙන් තමයි විස්ටර ටික ගත්තේ .කාටවත් අගේ නැති තවත් "රත්තරන් මනුස්සයෙක් " කියලා තමයි කියන්න තියෙන්නේ .වැරදි අඩුපාඩු තියනවානම් පෙන්නා දෙන්න ...
රසවත් ඒ වගේම සිත් ඇදගන්නා සුළු විස්තරයක් සිංදු ඇනෝ.නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා.
ReplyDeleteස්තුතියි හැලපේ අය්යේ ....
Deleteමට තේරෙන්නැහැ ඇයි වටින මිනිස්සු ඉකමනටම ජීවිතෙන් සමුගන්නේ කියලා :( ස්තුති සින්දු
ReplyDeleteඒකනම් ඇත්ත ඔමා ...වටිනා කියන මිනිස්සු ඉක්මනට යනවා .අනික් උන් කුනුවෙනකල් ජීවත්වෙනවා ...ස්තුතියි
Deleteහැමදාම ස්තූතියි..ස්තූතියි කියන්න තමයි හැමදාම වෙන්නෙ. කවදාවත් අහල නැති කතාවක්
ReplyDeleteඑහෙනම් වල්කම් කිව්වා කම්මලේ ....හැක් හැක්
Deleteඅප්පේ සිංදුවා දැක්ක කල් :D.
ReplyDeleteමේ සිංදු ගොඩක් අහල තිබුණත් පද රචකයා ගැන නම් කිසිම දෙයක් දැනන් හිටියෙ නෑ. ඇත්තටම මේ වගේ වටින මිනිස්සු ජීවිතෙන් ඉක්මණට සමුගත්ත එකනම් හරිම පාඩුවක් තමා.
ජය වේවා!!!
අනේ මචෝ බෝගක් කියවන්නවත් වෙලාවක් නැති උනා ...මේකත් බොහොම අමාරුවෙන් කාලයක් වෙන කරගෙන දැම්මේ ...
Deleteමචෝ හැමෝම සින්දු ගැන දන්නේ ගායකයාගේ නම විතරයි .හේතුව අනිත් අය කිසිම තැනක වැඩිය හයිලයිට් වෙන්නේ නැති එක ...
ස්තුතියි මචෝ ...
සුපිරි වැඩක්. මමත් සිංදු අහන්න ආස කෙනෙක්. නොදන්න තොරතුරු හුඟක් දැනගත්තා.
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා හංසමාලි ....ඔබේ සැප මගේ සතුටයි ...
Deleteවටින මනුස්සයෙක්... හුඟක් ස්තූතියි මේ තොරතුරු අපිටත් කිව්වට.
ReplyDeleteතව මේ වගේ වටිනා කියන මිනිස්සු කොයි තරම් අපිට අහිමි වෙලා ඇතිද තුෂානි ...ජයවේවා මචෝ !!!
Deleteපෙර එක දවසක'යි රූස්ස ගහ යටයි මගේ ෆේවරිට් ලිස්ට් එකේ තියන ඒවා.අඩියක් ගහන වෙලාවට ලාවට ඔළුව කැරකෙන්න පටන්ගන්නකොට බැක්ග්‍රවුන්ඩ් එකෙන් මේ සිංදු ඇහෙනවනම් දැනෙන සැප....අම්මෝ....මතක්වෙනකොටත් පිස්සු....
ReplyDeleteඒත් මේ පදරචකයා ගැන දැනගත්තේ අදයි.උඹට ගොඩක් ස්තූතියි.
මචං,මට නම මතක නෑ."විපුල" කියල කෑල්ලක් නමට තියනවා.අර "බුදු බණක් දෙසන්නට" සිංදුව ලියපු කෙනා.එයත් මේ වගේම අකාලයේ මියැදුනා.එතනත් තියනවා ලස්සන කතාවක්.පොඩ්ඩක් බලපන්.(මේක මෙතන දැම්මේ උඹේ මේල්ලුව හොයා ගන්න බැරිවුන නිසා)
කසුට්ටෝ ඒ ගැන කවර කතාද ?
Deleteමචෝ උඹ අහන්නේ ප්‍රවීණ ගීත රචකයෙකු සහ ගුවන් විදුලි නිවේදකයෙකු වන විපුල් ධර්මපි‍්‍රය ජයසේකර ගැන වෙන්න ඕනෑ .අවුරුදු 51දී තමා එතුමා මිය ගියේ ..
‘සුළඟේ ලෙළෙනා මල් සේ දඟපා’, ‘සඟවන්නෙපා හසරැල්’, ‘බොල්පිනි වැටෙනා මේ යාමේ’, ‘අහස් ගැබේ තරුකැට ගානේ’, ‘මම මවා ගතිමි’, ‘නොකී රහසක්’ , ‘සුරිඳුනේ කඳ සුරිඳුනේ’ වාගේ සින්දු ලිව්වේ එතුමා ...
ඈ බන් බලන් ගියාම මේ මනුස්සයා පට්ට සින්දු ටිකක්නේ ලියලා තියෙන්නේ එකක් දෙකක් ඇරෙන්න උද උබ දාලා තියෙන සින්දු ඔක්කොඅම මම නිතර අහන ෆෙවරිට් ලිස්ට් එකේ බඩු............ අද තමයි පද රචකයා දාන ගත්තේ.....
ReplyDeleteෂීට් අපරාදේ මේ මනුස්සයා හද සිද බිඳ ගෙන ඉවත ගිහිල්ලනේ
අන්න බලපන් උඹලා සින්දු ගැන හොයන කොට මිට පස්සේ ගීතයට සම්බන්ධ තුන්කට්ටුවම හොයපන් ..(මටත් කියපන් ඇ ..) වැඩක් නැ මැලයෝ වටිනා කියන උන් කලින්ම යනවනේ ...
Deleteමේ අගනා මිනිසා අපට අහිමිවූ පුවත මා දැනගත්තේ එවකට යුදබිමේ සේවය කරමින් සිටියදීයි. මෙවැනි පුද්ගලයන් හරිම දුර්ලභයි. ඔවුන්ගේ හදවත කොතරම් මුදුමොලොක් ද යන්න ඒ පදමාලා වලින්ම පෙනෙනවා. ඔහුගෙන් තවත් ගීත රචනා නොලබන්න තරම් අපි අවාසනාවන්තයි.
ReplyDeleteදැන් ඉන්න ලපයි සිප්පයි උන් ගීතයක් ලියන්න කලින් මෙවැනි චරිත අධ්‍යනය කරලා ආවානම් හොදයි .නැත්නම් වෙන්නේ තවත් කටෝර අදෝනාවක් බිහිවෙන එක විතරයි ...
Deleteස්තුතියි විචාරක මහත්තයෝ ...
සේරම සින්දු ටික රසවින්දා. මතකය අලුත් වුණා. උඹ තෝරගනෙ තියෙන්නෙත් ඉස්තරම්ට ටික.
ReplyDeleteස්තුතියි මධාවියෝ ..උඹලා සතුටු උනා නම් මට ඒ ඇති ....
Deleteසමහර සිංදු අහලත් නෑ
ReplyDeleteඑල ද බ්‍රා
බ්‍රෑන්ඩ් එක ගල්
ස්තුතියි මෙන්ඩෝ ...මේ දවස් වල බිසී වාගේ .
Deleteබැරෑන්ඩ් එක ගල් (අවුරුද්දට ගමේ සෙට් එක දැන්ම ගල් ගහන්න ගල් තිප්පොලක් බුක් කරලෝ.අම්මපා මචෝ නුවරඑළියෙන් ඉම්පෝර්ට් කරලා තියෙන්නේ ....හැක් හැක්)
කොහෙද බන් අපේ වල පත්තරයා ...
මං ආවා … හුරේ
Deleteඔහු ලියු ගී පදවැල් කොයි තරම් රස විඳ තියෙනවාද?එත් අද තමයි ඒ ගී රචකයා ගැන ඇසුවේ,
ReplyDeleteස්තූතියි සින්දුවෝ.
අනිවා මචෝ සමහර සින්දු හැමදාම අහනවා .එත් ලියපු එකා ගැන දන්නේ නැ ..
Deleteමෙහෙම හරි දැනුවත් වෙනවානම් ඒක මට ලොකු සතුටක් ..ජයවේවා !!
සිංදුවා... එළකිරි මචෝ..... මෙව්වා උඹෙන් මිසක් කාගෙන් දැනගන්නද? නොදන්නා කොයිතරම් දේවල් දැනගත්තද... ජයවේවා....
ReplyDeleteකොරල් එක හෙව්වේ ...හැක් හැක්
Deleteස්තුතියි සජ්ජා ...ජයවේවා !!
මේ වගේ මාතෘකාවකට ලිපියක් ලියන අය බ්ලොග් ලෝකයේ ඉන්නෙ අතලොස්සයි. ඒ අතලොස්සෙන් කෙනෙක් විදියට සින්දු ඇනෝගෙ මේ ලිපිය මම ඉතාම අගය කරනවා. උපාලි ධනවලවිතානයන්ව රූපයෙන් මම දැක්කෙ හාපුරා කියලා අද. ටිකක් ජෝතිපාලයන්ගෙ පෙනුමට සමානයි නේද. බොලාගෙ ලිපි කියවද්දි මට මතක් වෙන්නෙ ස්වාධීන රූපවාහිනියෙ විකාශය වෙච්ච සංහිඳ වැඩසටහන. එහිදීත් මේ වගේ ඇගයීමක් ලැබුවෙ නැති කලාකරුවන් යම් තරමකට සමාජගත කරන්න කටයුතු කලා.
ReplyDeleteසිරෝ ගොඩක් දෙනා ගීත ගැන දන්නේ එක ගයපු ගායකයා විතරයි .එත් ඒ නිර්මාණය එලියට දාන්න දායක වුන ප්‍රධාන තුන් කට්ටුවක් ඉන්නවා කියලා දැනගන්නත් ඕනෑ .මම මේ කරන්නේ එකට පොඩි දායක වීමක් විතරයි ..ස්තුතියි මචෝ අගය කිරීමට ..
Deleteමලේ පිපුණ ඉර මල යට ලදු ගොන්නේ
ReplyDeleteමලේ ඇයිද රන් උලු යට වැලපෙන්නේ
සැබෑ මල වුනත් මේසය සරසන්නේ
සමනල බඹර බිඟු නැහැ මේසෙට එන්නේ
අව් ගින්නෙනුයි අකලට පරවී යන්නේ
මෙහි නැත බඹරු ඔඹෙ රොන් අරගෙන යන්නේ
ඉර මලෙනුය මගෙ රුව පැහැ අරගන්නේ
මගෙ රොන් අරන් බඹරුයි නෑගං යන්නේ
සිංදු ඇනෝ දන්නවද වික්ටර් නීලා කියන මේ සින්දුව
ඇනෝ මිත්‍රයා මේ සින්දුව අහලා නැ වගේ මචෝ ...පුලුවන්නම් සින්දුව අහන්න ලික්කුවක් දාපන් .බොහොම පිං ...නැවතත් ස්තුතියි මෙවැනි නිර්මාණ මතක් කලාට ..
Deleteසින්දුවාේ
ReplyDeleteමුලින් ම ඒක සින්දුවක කෑල්ලකුත් කොපි කරගත්තා මේක තමයි මං අාසම සින්දුව කියලා දාන්න... අම්මේ පල්ලෙහාට ඒන්න ඒන්න මේක විකාරයක්.. යකෝ මං කැමතිම සින්දු බොහොමයක් ඔහුගේ.... අනික මිල්ටන්.. ජෝති... අැයි විජය... යකෝ මේනම් මාර පොරක්.........
ස්තුතියි කුරුට්ටෝ ...
Deleteමේවා තමයි අර සරත් අය්යා කියනවා වාගේ හැමදාම පවතින නිර්මාණ ..
උඹේ වැඩෙත් කරගෙන යනවා ...අපි මනාට දෙමු පිරිමි වර්ෂන් එක ..හැක් හැක්
විස්තරයනම් ඉස්තරම්. ඔහු ගැන මම දැන නොසිටි තරම්. එනිසා බොහොම ස්තූත්යි. පහන් ටැඹ යට ගීතය ඔහු වෙනුවෙන්ම ඔහු ලියන ලද්දක් උනා නේද. හරිම සංවේදියි.
ReplyDeleteස්තුතියි මනෝ ...ඒවාගේම ලැබුවාවූ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා ...
Deleteජයවේවා !!!
සිංදු මචං. රෙෂ්පට් ඈ !!! දෙකක් ඇනගගෙන කියන ගොඩක් සිංදුවල හැබෑ අයිතිකාරයා මේ ඉන්නේ.. ඔහුට නිවන් සැප ලැබේවා ඒ පිනෙන්.
ReplyDeleteස්තුතියි මචෝ ...උඹලාගේ කොමෙන්ට් එකක් නැතුවම නිකම් ගල් නැති පාටියක් වගේ මචෝ ..
Deleteබොටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා ...
ජයවේවා !!!
සිරා සින්දු ටික. ස්තුතියි සින්දු වා
ReplyDeletehttp://nelumyaya.com/?p=1689
බොක්කෙන්ම ස්තුතියි අජිත් අය්යේ ...
Deleteලැබුවාවූ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා ...
ජයවේවා !!!
Keep up the good work dude.
ReplyDeleteසින්දු ගොඩක් නම් තියනව, ඒත් මේවයෙ වචන වැරදියි,, සින්දුව අහල නෙවෙයි ලියල තියෙන්නෙ, වෙබ් එකේ තියන එව කොපි පේස්ට් කරල.. එහෙම උණාම පද රචකයින් ගැන උනත් ලොකු විස්වාසෙකින් හිතන්න අමාරුයි ඔබ හරි උණත්
ReplyDelete( සමාවෙන්න කියන්න වුණාට ඉදිරියට ප්‍රයෝජනයක් වෙයි කියලයි කීවෙ )
මම නං වෙබ් එකේ කවදාවත් දැකල නැති සිංදු මෙතනින් දැනගත්ත.අයියෙ අර පද රචනයෙ ගායනයෙ වගේ වැරදි තැන් ටිකක් පෙන්නල දුන්නනං තමා හදාගන්න ලේසිවෙන්නෙ..නේද
Delete