කාලෙකට කලින් පොස්ට් එකක් දාන්න හදලා තිබුන එකක් .....ඔන්නොහෙ දැම්මා ටෙස්ටින් වන් කියලා ....
හමන සුළඟ මුමුණා යන රහසයි මේ කියන්නේ
ඉස්කෝලේ දරුවන් මැද දෙවැනි මවක් සිටින්නේ
(ඉස්කෝලේ දරුවන් මැද දෙවැනි මවක් සිටින්නේ)
මහත් පෙමින් අකුර අකුර සොඳින් කියා දෙමින්නේ
(මහත් පෙමින් අකුර අකුර සොඳින් කියා දෙමින්නේ)
කඳු යායෙන් එහා දෙසක සැණකෙළි සිරි තිබෙන්නේ
(කඳු යායෙන් එහා දෙසක සැණකෙළි සිරි තිබෙන්නේ)
ඒ අසිරිය මේ දරු කැළ කවදා දෝ දකින්නේ
(ඒ අසිරිය මේ දරු කැළ කවදා දෝ දකින්නේ)
නෙල්ලි කැලේ ගඟ අයිනේ පුංචි කැකුළු ළමුන්නේ
හමන සුළඟ මුමුණා යන රහසයි මේ කියන්නේ
ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ ළමා පිරිස
පද රචනය - කපිල කුමාර කාලිංග
තනුව හා සංගීතය - ආනන්ද ගමගේ
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++
නොමග නොයන් පුතේ
ඔබට රටක් ඇතේ
රටේ දියුණ සැදුම ඔබට
බාරයි මගෙ පුතේ...
අද කැඩු දේ හෙට ඕනෑ
විය හැකි වන නිසා
රට ට උරුම කිසිම දෙයක්
බිම නොදමන් නසා...
තරුණ සවිය රට නැඟුමට
යොදනු සොඳින් සිතා
ඔබේ උපන් බිම කවදත්
ඔබටයි මගෙ පුතා...
යෝධ මහල් නැහැ කොහෙවත්
එක දවසින් සැදුණේ
ගඩොලින් ගඩොලක් තබලා
සෙමින් සෙමින් බැඳුණේ...
දුර නොබලා ඉක්මන් වී
නෑ නෑ පල ලැබුණේ
යන්නෙ කොහේදැයි නොම දැන
නොයන් ගමන් පුතුනේ...
පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - දයාරත්න රණතුංග
ගායනය - විල්බට් ඇන්තනි
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++
පුංචි පුතුට පාඩමක්
පුංචි දුවට පාඩමක්
අකුරට යන්නට ඉස්සර
මෙන්න පුංචි පාඩමක්
හිරු කුමරුයි එඩිතරකම ලොවට ගෙනෙන්නේ
සඳ කුමරියි කරුණාවේ සිසිල ගෙනෙන්නේ
මේ දෙදෙනා ආලෝකෙන් ලොව සරසද්දී
කළු සුදු ලොකු පොඩි වෙනසක් නෑ සලකන්නේ
වැසි දිය මඳ නල ගහ කොළ ලොවට ලැබෙන්නේ
එහි පල ගන්නේ කවුරුද නැහැ විමසන්නේ
මිනිසුන් බෙදුණත් උරුමය සොයමින් පොළොවේ
මිහිකත අප හැම සම සිතකිනි උසුලන්නේ
ගී පද - කුලරත්න ආරියවංශ
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++
අහන්න මගේ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
අහන්න මගේ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
වැදූ මවත් ඔබ දිනූ බිමත්
රැක ගන්න ඔබේ ඇස් දෙක වාගේ
එපා නමන්නට අයුක්තියට හිස
යුතුකම සුරකිනු පණ වාගේ
ඔබේ නම පතලව මහ වියතෙක් වී
තිබුනත් වස්තුව පිරීතිරී
ලෝකයෙ ඔබ කොයි මුල්ලක සිටියත්
මැරෙන්නේ ලක්බිම දෙසට හැරී
ගී පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය -මොහොමඩ් සාලි
ගායනය - ජේ ඒ මිල්ටන් පෙරේරා
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ
රන් සළු පිලි වළලු කොයින්දෝ
දොයි දොයි පුත ළපටි බිළින්දෝ
රන්කඳ රැකදේවි සුරින්දෝ...
රුසිරෙන් සරු මල්සර පරදා
නුවණින් ගණපති ලෙස සැමදා
තෙරුවන් සැම දෙවියන් පුදලා
මිනිසුන් මැද මිනිසෙකු වීලා
හිතමින් මවගෙ කතා
දොයි දොයි දොයිය පුතා...
සලකනු පර පණ තම පණ සේ
හොර බොරු නොකරනු කිසි දවසේ
ඉපදුණු රට දැය සහ සමයයි
රැක මළ පසුවද නම නොමැරෙයි
හිටියොත් හොඳට හැදී
දෙවියොත් නමට වඳී....
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
ගායනය - සුජාතා අත්තනායක
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++