පැලේ පිළ
පිළේ නිදි පැදුර මත
මට මගේ මල් යහන
මත නොමැති සුවය ඇත
බාල කාලේ එකම
ගුරු ගෙදර අකුරු කළ
එකම කෙළිමඬල වැද
කෙළිදෙලෙන් ඇවිද ගිය
ඔබ මෙදා පැල්පතක
මා සඳැල්ලකය අද
යස ඉසුරු පවුරකින්
මට අහිමි වීය ඔබ
ගාමිණී නොවේ ඔබ
චිත්‍රාව සොයා ආ
සාලියත් නොවේ ඔබ
මාලාව සොයා ආ
සදාකල් ඔබ පැලේ
මා සඳැල්ලේ මෙතැන
පැතුම පමණකි සතුට
කඳුළ පමණකි උරුම
ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - මර්වින් පෙරේරා
--------------------------------------------------------------------------------------
මුළු නුවරම නිදි ගත් මේ මොහොතේ
ඔබ පමණක් අවදිව ඇත යහනේ
එකම හඳක් එක තරුවක් යට
ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ
වන උයන් පුරා මල් සමය උදා වේ
දිය දම් දිනිතිය යොවුන් වියේ
අප මධුර මිලනයේ තියු ගී රාවේ
ප‍්‍රාර්ථනා කරන්නේ
කවදාද අප හමු වන්නේ
ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ
පෙර ආත්මයක මධු සුවඳ සිනා සී
ඉඟි කරනා කල රාති‍්‍රයේ
හද සොවින් වලප්නා
නිදි නොලබා මාළිගා මවන්නේ
උන්මාද චිත‍්‍රා දෝ මා
ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ
ගායනය - නන්දා මාලිනී
සංගීතය - ලයනල් අල්ගම
ගී පද - සුනිල් ආරියරත්න