පැලේ පිළ
පිළේ නිදි පැදුර මත
මට මගේ මල් යහන
මත නොමැති සුවය ඇත
බාල කාලේ එකම
ගුරු ගෙදර අකුරු කළ
එකම කෙළිමඬල වැද
කෙළිදෙලෙන් ඇවිද ගිය
ඔබ මෙදා පැල්පතක
මා සඳැල්ලකය අද
යස ඉසුරු පවුරකින්
මට අහිමි වීය ඔබ
ගාමිණී නොවේ ඔබ
චිත්‍රාව සොයා ආ
සාලියත් නොවේ ඔබ
මාලාව සොයා ආ
සදාකල් ඔබ පැලේ
මා සඳැල්ලේ මෙතැන
පැතුම පමණකි සතුට
කඳුළ පමණකි උරුම
ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - මර්වින් පෙරේරා
--------------------------------------------------------------------------------------
මුළු නුවරම නිදි ගත් මේ මොහොතේ
ඔබ පමණක් අවදිව ඇත යහනේ
එකම හඳක් එක තරුවක් යට
ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ
වන උයන් පුරා මල් සමය උදා වේ
දිය දම් දිනිතිය යොවුන් වියේ
අප මධුර මිලනයේ තියු ගී රාවේ
ප‍්‍රාර්ථනා කරන්නේ
කවදාද අප හමු වන්නේ
ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ
පෙර ආත්මයක මධු සුවඳ සිනා සී
ඉඟි කරනා කල රාති‍්‍රයේ
හද සොවින් වලප්නා
නිදි නොලබා මාළිගා මවන්නේ
උන්මාද චිත‍්‍රා දෝ මා
ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ
ගායනය - නන්දා මාලිනී
සංගීතය - ලයනල් අල්ගම
ගී පද - සුනිල් ආරියරත්න
හායි සිංදු ඇනෝ .සෝක් පෝස්ට් එක
ReplyDeleteදෙමාපියෝ දැක්කා වාගේ ...පත්ත්රයා ඉන්න ලස්සන ....ස්තුතියි මචන් ...ලස්සනයි නෙහ්
Deleteපත්තරමල්ලි අයියා කොහොම ඉන්නකොටද ලස්සන?
Deleteමාත් ආවා. ඔය සිංදු දෙක අහලම මොනව හරි ලියන්නං...
ReplyDeleteඔබ ඔබේ පැලේ මම මගේ පැලේ....
Deleteපද වැල, තනුව, සංගීතය , ගායනය, සියල්ලම සම්පූර්ණ වෙච්ච අපේ ගීත සාහිත්‍යය පෝශනය කරපු ගීත මෙව්වා.. හැකිනම් සුනිල් එදිරිසිංහයන්ගේ " දරමිටි බැඳගෙන" කියන ගීතයත් බ්ලොග් එකට එකතු කරන්න..
ReplyDeleteදර මිටි බැඳගෙන නියඟය අවුලා
Deleteසූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරාගිය කඳ උඩ හිටගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ
දෝතින් බොන්නට දියට නැමී
කෙකටිය ගාලෙන් ඉගිළෙවා
හඳ පානට උඹ නිකිණි මහේ
වැව් ඉස්මත්තේ හැංගෙනවා
අහස පිහින්නට ඉපල තනා
ගහකොළ දළු මල් දන් දෙනවා
කුරහන් අහුරක සුවඳ අගේ
සිඟිති පැටව් දැක සිහිවෙනවා
ගී පද - ලූෂන් බුලත්සිංහල
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
https://www.youtube.com/watch?v=I-gdnNhsN4k
Deleteපෙර ආත්මයක, එක රාත්‍රියක
ReplyDeleteමධු කුසලානේ දෙතොලේ රැඳෙව්වේ
ඒ ඔබයි සොඳුරේ.... ඔබයි සොඳුරේ....
පෙර ආත්මයක, එක රාත්‍රියක
සොමි සඳපානේ රසුදැල් සෙලෙව්වේ
ඒ ඔබයි මිහිරේ.... ඔබයි මිහිරේ....
මේ ටික ලියුවේ සිංදු ඇනෝ බ්ලොග් එක ලියන මහත්මයාට හෝ මහත්මියට .. ස්තුතියි!
මේ ගඟ එදා වගේමයි
Deleteඅප හමු වූ දා
සිලි සිලි හඬ දී
සිනාසුණා
ගඟ නෑ වෙනස් වුණේ
අපි අද වෙනස් වෙලා...
ඒ දිය රැලි මෙහි නෑ
සයුරට එකතු වෙලා
මොහොතින් මොහොතට
වෙනස් වෙවී
ගඟ අද අලුත් වෙලා...
සල්ගස එදා වගේමයි
අප හමු වූ දා
මල් පෙති සල සල
සිනාසුණා
ගස නෑ වෙනස් වුණේ
අපි අද වෙනස් වෙලා.
ලස්සනයි. හිත නිවන ගී.
ReplyDeleteදවසින් දවසට කොළයෙන් කොළයට
ReplyDeleteකොළ අඩුවෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන්
වියැකී යනවා ඔබ මනසේ...
පුරපස අවපස වෙනසක් වූව ද
ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
මගෙ ඒ සිතිවිලි හා සබැඳේවි ද
මුදු සිතිවිලි ඔබ හද මැදුරේ...
සිතුවෙමි සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
මගෙ හිත චංචල වූයේ නෑ
දින දසුනේ තව එක කොළයක් ඇත
එක දවසකි ඉතිරිව ඇත්තේ...
සිතන්න බොළඳියෙ මගේ කුටියටත්
ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
නව දින දසුනක් එනවා...
සංසාරයේ හැම වාරයේ
ReplyDeleteනුඹේ සෙනෙහේ රැදෙමි සදා
මට කී කතා සවනේ රැදේ
ඔබ කොයිබදෝ සොයමි ලදේ
හන්තාන ගැන කියවෙන මේ සින්දුවේ මුල මතක කාටද
නුහුරු නුපුරුදු පද
ReplyDelete