“තිස්සසිරි කියන්නේ බටහිර සංගීතයේ නියායාත්මක පදනම් පිළිබඳ ලංකාවේ පිළිගන්න පුළුවන් සංගීතඥයායි. ඒ කියන්නේ තිස්සසිරි රාගධාරී සංගීතය, ජන සංගීතය හා බටහිර සංගීතය පිළිබඳව තිබුණු දැනුම හරිම ප්‍රායෝගිකව මෙන්ම න්‍යායාත්මකව ඉතාම උසස් අයුරින් යොදා ගත් සංගීතඥයෙක්. හැබැයි තිස්සසිරි ඒ බව හඟවන්න ගියේ නැහැ කොතැනකදීවත්.තිස්සට වැදගත් වෙන්නේ පුද්ගලයා නෙමේ, නිර්මාණයයි. සංගීතය කෙරේ එයාගේ තිබුණේ පුදුම භක්තියක්. සම්බන්ධ වෙන නිර්මාණය කුමක් වුවත් ප්‍රවීණයෙකුගේ හෝ නවකයෙකුගේ හෝ කාගේ වුවත් එයට අවංක වෙනවා. කිසි දිනෙක ශබ්දාගාරයක නිර්මාණ කාර්යයක් කරන වේලාවකදී මධුවිතක් කටේ තියලාම නැහැ. එයා දායක වෙන ගීතය උසස් නිෂ්පාදන තත්වයකට ඇවිල්ලා ලස්සන වුණාම රහසින් ඇවිල්ලා ‘උඹේ අද ගීතය හරි ලස්සනයි‘ කියලා අගය කරනවා. පෞද්ගලික ගැටුම් මැද ජීවත් වුවත් කවදාවත් ගෙදර ප්‍රශ්න, හිත් තැවුල් ආදී කිසිවක් අපි දෙන ස්වර ප්‍රස්තාරයට දාලා නිර්මාණ කටයුතු අවුල් කරලා නැහැ. අපි දෙන ස්වර ප්‍රස්තාර බලලා තව රසය මතු කෙරෙන අයුරු සංගීතය නිර්මාණය කරන්න දායක වුණා. තිස්සසිරි හොඳම arranger කෙනෙක්. පිටරටක නම් මේ වගේ arranger කෙනෙකුට හොඳ ඉහළ ආදායමක් උපයන්න පුළුවන්. ඒත් තිස්සසිරි කවදාවත් එහෙම මුදල් සලකා වැඩ කළේ නැහැ. ලෝබයෙන් තණ්හාවෙන් පිරුණු සිතක් එයාට තිබුණේ නැහැ. එදිනෙදා කවුරුත් සමඟත් ලස්සන සින්දු හදලා හිනාවෙලා ඉන්න තමයි එයා පුරුදු වෙලා උන්නේ. පණ්ඩිත් අමරදේව, නන්දා මාලිනී, වික්ටර් රත්නායක ඇතුළු ලංකාවේ ඉන්න හැම ගායක ගායිකාවක්ම දන්නවා තිස්සසිරිගේ සේවය ගැන. ඔවුන් ඒ ගැන හැම තැනකදීම අගය කරනවා.“
(සංගීතඥ නවරත්න ගමගේ )
කලකට ඉහත අපේ සංගීත ක්ෂේත්රයේ “වයලීන ත්‍රිත්වය" ලෙස හැඳින්වූවේ කලනි පෙරේරා, ඩී. ඩී. ගුණසේන සහ තිස්සසිරි පෙරේරා ය. එහෙත් අද ඔවුන් අතරින් තිස්සසිරිගේ දෑතේ අතැඟිලි වලට වයලීන වාදනයට වරම් නැත. වයලීන වාදනයට මෙන්ම ඔර්ගන්, බටනලා, චෙලෝ ඇතුළු වාද්‍ය භාණ්ඩ කිහිපයක්ම වාදනය කිරීමට අපූර්ව හැකියාවක් දැක් වූ තිස්සසිරි අද සිටින්නේ සිය හැකියාව සේම ජීවිතය ද අකාරුණික ලෙස ගොදුරු කර ගත් අංශභාග රෝග රකුසා සමඟ සටනක ය. එම සටනින් තිස්සසිරි පරාජය නොවි ඉන්න තිස්සසිරීට අපේ සහාය දෙන්න අපිට පුළුවන් නම්...
ගායන ශිල්පි කරුණාරත්න දිවුලගනේ ගයන “ඔබ දන්නව නම් එක කඳුළු බිඳක්“ ගීතය මෙන්ම“නුඹ තනියෙන් මල් වැට ළඟ“ (පණ්ඩිත් අමරදේව) - “ඉරි තැලුණු වලා“ - “බාල චන්දනී නළල් තලාවේ“ (අමරසිරි පීරිස්) - “තහනම් සඳක් දෝ නැඟුණේ“ (ලක්ෂ්මන් හේවාවිතාරණ) - “සක්විති වාගේ සැරසීලා“ (විශාරද එඩ්වඩ් ජයකොඩි) - “විල්දිය සිඳුනා ද කිඳුරියේ“ (දමයන්ති ජයසූරිය) - “මා ළඟටම තව ළං වෙලා“ (ඩබ්ලිව්. ඩී. ආරියසිංහ) - “එල්ලී ගෙන තිරික්කලේ“ (අමරසිරි මුණසිංහ) ඇතුළු සුභාවිත ගී ගණනාවක මධුර ගී තනු නිර්මාණය කළ සංගීතඥ තිස්සසිරි පෙරේරා අද මේ වනවිට බරපතළ ලෙස ස්නායු රෝගීව ගිලන් යහනේ වැතිර සිටියි.
"ජීවත් වෙලා ඉන්න කොට මාව බලන්න ඇවිත් යන්න එන්න කියලා ලියන්න. මගේ ලිපිනයත් මාව බලන්න එන අයට කියන්න. ටෙලිෆෝන් නොම්මරෙත් කියන්න"
(පානදුර, ගාලු පාර, උයන් කැලේ, 310 තිස්සසිරිගේ ලිපිනයයි. 077 774 864 0 ඔහුගේ දුරකතන අංකයයි.)
උපුටා ගත්තේ "සිළුමිණ රසදුනෙන් "හිඳින්න නිහඩ නුවන් පියා
මා සිතාවෝ සැතපෙන නින්දේ
නුහු පුර දෝ ප්‍රියේ
පා සුලැගිල්ලේ අදනම් අවදි නොවේ
කුසුම් කැකුල නිදනා තුරා
සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ
මහලුවෙලා අද සඳ වාගේ
යෞවන රූ සඳ බලාන උන්නාවේ
කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු මේ රෑ අනාගතය සොයලා
නල මුදු සුවදේ නිදන මලේ
මට මල් රොනවුලු සුවඳ දැනේ ලඳුනේ
ගායනය : ඩබ්.ඩී ආරියසිංහ
සංගීතය : තිස්සසිරි පෙරේරා
ගී පද : අජන්තා රණසිංහ
02.ඔබ දන්නව නම් එක කඳුළු බිඳක්...
ඔබ දන්නව නම් එක කඳුළු බිඳක්
හිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුළ වුණත් නෙතු අගට ඇවිත්
යළි ඔබේ පයට පෑගෙනවා නම්.....
එක මලක් තනන්නට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විඳින තරම්
ඒ පිපෙන මලත් කළු දෙබරු ඇවිත්
විෂ තුඩින් පෙළා රිදවනවා නම්..........
දස මසට වඩා පුරනා පෙරුමන්
ලොව හදන වඩන මව් වරුනි උතුම්
මට කියා දෙන්න ලොව ඇතිද තවත්
වෙන අරුතක් මේ ජීවිතය තරම්.....
පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - තිස්සසිරි පෙරේරා
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
03.නිසල කඳු මුදුන් පිබිදී......
නිසල කඳු මුදුන් පිබිදී මීදුම් මල් පිපෙනා
සිහිල් දිය ඉරක් විය ඔබ උදෑසනක ගලනා ...
බක්මී මල් රේණු හැදී මාරුතයේ නටනා
ජීවිතයේ සැන්දෑවක සමීපයේ හිඳිනා
සෙනෙහස ඔබ පමණි
නිසල කඳු මුදුන් පිබිදී මීදුම් මල් පිපෙනා
සිහිල් දිය ඉරක් විය ඔබ උදෑසනක ගලනා
කණාමැදිරි මල් පිබිදී රැයක අඳුර හඬනා
ජීවිතයේ විරාමයක ඔබ සැතපුණු සැණිනා
මතකය ඔබ පමණි
නිසල කඳු මුදුන් පිබිදී මීදුම් මල් පිපෙනා
සිහිල් දිය ඉරක් විය ඔබ උදෑසනක ගලනා ..
ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - ජයලත් මනෝරත්න
තනුව හා සංගීතය - තිස්සසිරි පෙරේරා
04.සඳ කඩා වැටී වෙරළේ.....
සඳ කඩා වැටී වෙරළේ
තරු පිපී රැයෙක සයුරේ
සැඩ සුළං නොමැති අහසේ
ලොව නිසොල්මනේ නැවතී ..
ලිය ලතා පවනෙ හිනැහී
තුරු බඳෙහි වෙලී පැටලී
පෙර දිනෙක නොවූ පරිදී
මේ අසිරිමත්වු දිනෙකී
සඳ තරුද වැසුණ රැයෙහී
ලොව මෙලෙස සොඳුරු වූයේ
මා ලද නිසාද ඔබගේ
ආදරය දිනෙක සැඟවූ
සඳ කඩා වැටී වෙරළේ
තරු පිපී රැයෙක සයුරේ
සැඩ සුළං නොමැති අහසේ
ලොව නිසොල්මනේ නැවතී
ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - ජයලත් මනෝරත්න
තනුව හා සංගීතය - තිස්සසිරි පෙරේරා
05.දීපාවලී දාට දීපාවලී සඳ අරන්...
දීපාවලී දාට දීපාවලී සඳ අරන්
මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන්
ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මග බලන්
වෙඩි සද්දයට බයේ දරු කැක්කුමත් හිත දරන්
මහ ගෙදරටම වෙලා අපි හිටියේම හරි දුකෙන්
දැන් ගිනි අඩුවෙලා ගිහින්
පුතුනේ ගෙදර එන්න පොඩි පැටවු අරන්
කෝවිල ළඟදි දැකපු දේවී ගැනම හිත ගිහින්
නොකියා ගියේ නුඹයි අපෙ අවසරය නැතිකමින්
දැන් තරහා නිවී ගිහින්
තල් පැදුරකුත් වියන් එන්න යාපනෙන්
දීපාවලී දාට දීපාවලී සඳ අරන්...
ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
සංගීතය - තිස්සසිරි පෙරේරා
ගී පද - ආනන්ද හේවාරන්හිඳගේ
06.මා හද විදුලිය රේඛාවකි ...
මා හද විදුලිය රේඛාවකි
ඔබ දිලෙන යළිදු නිවෙනා
ඔබෙ අත නොලදින්
සොයමි ඔබට සරි රුවක්
මසිත නිවනා ගලන
ඇළ දොළේ දිය බුබුලේ
හඞ ඔබ මට කොඳුරනු දැයි සිතුණා
ගමේ විහාරේ බෝමළුවේ
මල් සුවඳට ඔබ ළඟ යැයි හැඟුණා
අප ආ ගිය මඟ දෑලේ
තුරුලිය මහලු වෙලා
දලු මල් වරලා සොයමි
ඔබේ රුවයන එන හැම තැන
මතකය විතරක් තුරුණු වෙලා
පද රචනය: මහින්ද දිසානායක
සංගීතය: තිස්සසිරි පෙරේරා
ගායනය: සෝමතිලක ජයමහ
07.සෙනෙහස ලැබ පිබිදෙන විට...
සෙනෙහස ලැබ පිබිදෙන විට
තහනම් නැති ආදරේ
මදහස සඳපානක් වී
උතුරා යයි ජීවිතේ.....
සුවඳ සඳුන් සුවඳ පෙරා
කඳුළු උයන් මල් අතුරා
වෙණ මිණි තත් වැයෙන රැයේ
උතුරා යයි ජීවිතේ...
ආදරේ.....
නඳුන් වනේ සිරි පතුරා
පැතුම් විලේ දිය උතුරා
සඳ මිණි රැස් වැටෙන පැයේ
උතුරා යයි ජීවිතේ...
ආදරේ......
ගී පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය - තිස්සසිරි පෙරේරා
ගායනය - සුනිල් එදිරිසිංහ
08.සිතුම් සඳැල්ලේ මා ...
සිතුම් සඳැල්ලේ මා සුව සිහිනය දොවා ඔබේ සුවඳින්
මගේ පැතුම් ලොව සරිකර ලන්නට ඔබෙන් වරම් යදිනෙම්
ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙට අවෙම්
නාම විශේෂණ මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම්
හදවත උතුරන ඔබේ පෙම් සිතුවම් ඔබේ නුවන් කීවා
කුළුඳුල් සෙනෙහස ඔබට පුදන්නට මා හද ළතැවෙනවා
කෝප නොවන් නුඹ මා ප්‍රිය සිසුවිය සිත නුඹ කළඹාදෝ
ශිල්ප වඩන ඔබ නොමඟ යැවූ දා මා ඇදුරිඳු වේදෝ
සමාවන්න මට ඇදුරුතුමනි මගෙ සිර කරලමි හැඟුමන්
පෙම් නොකරමි මතු සිතට වහල් වී ඔබ ඇදුරිඳුය උතුම්
ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙට අවෙම්
නාම විශේෂණ මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම්
ගී පද : අයි. ඩි. ජයතිස්ස
සංගීතය : තිස්සසිරි පෙරේරා
ගායනය :මායා දමයන්ති සහ ලක්ෂ්මන් විජේසේකර
09.ඉරි තැලුනු වලා උඩු වියන් යටින්.....
ඉරි තැලුනු වලා උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
සෙනග රවටමිනේ........
වටපිටේ සීරුවට
විදුලි ඇස් සිනාසේවී
නොරැවටී යන්න
යමු කහ ඉරෙන් එතර වීලා.......
රිය පෙලේ කිරුල හිමි
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැලි වැටීලා ....
ඉරි තැලුනු වලා උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
සෙනග රවටමිනේ.........
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - සමන් අතාවුදහෙට්ටි
සංගීතය - තිස්සසිරි පෙරේරා
10.දුර ඈත ඡීවිතේ....
දුර ඈත ඡීවිතේ
පිපිසේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ ..
දෑසේ වෙලී ඔබේ
ආරාධනා මැවේ ...
මසිතේ ගලා හැලේ
සිහිනේ අතීතයේ
මා ඒ අතීතයේ
ඈ හා මුලා වෙලා ..
පිදු ඒ ස්නේහයේ
සිත මා බීදී ගියේ
දුර ඈත ඡීවිතේ
පිපිසේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ
ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - තිස්සසිරි පෙරේරා
11.අනේ හාන්දුන්නේ.....
අනේ හාන්දුන්නේ
දුක කියා පාන්නට දොර පිල අසලින් ඉන්නේ
ගාඩි ඇත්ති මං
පින්කඳ මට අවසර දෙන්නේ
අනේ හාන්දුන්නේ
වැරිසල් ඉනකඩ ඉන වට තඹ තැටි අත රැඳෙනා
හෙළනා සුසුමින් පණ ලැබ රවුමට කරකැවෙනා
අනේ හාන්දුන්නේ
දුක කියා පාන්නට දොර පිල අසලින් ඉන්නේ
ගාඩි ඇත්ති මං
පින්කඳ මට අවසර දෙන්නේ
අනේ හාන්දුන්නේ
වේවැල් පතුරට හීරෙණ ඇඟිලි තුඩින් මැවෙනා
ජීවිතයෙන් රටා අරන් වට්ටි පෙට්ටි වියනා
අනේ හාන්දුන්නේ
දුක කියා පාන්නට දොර පිල අසලින් ඉන්නේ
ගාඩි ඇත්ති මං
පින්කඳ මට අවසර දෙන්නේ
අනේ හාන්දුන්නේ
ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - රෝහණ දන්දෙණිය
සංගීතය - තිස්සසිරි පෙරේරා
12.සිංහල කඳුළට.........
සිංහල කඳුළට දමිළ සුසුම් වල දුක දැනිලා
තල් වැට අද්දර සිංහල අවුරුදු සිරි මැවිලා
මාතර බෝධිය තල් කොළ තොරණට ඉඩ ඇරලා
යාපා පටුනේ සේරම පන්සල් දැන් වැහිලා
ඉස්සර රජවරු ඔටුන්න සිහසුන ගැන නොබලා
සිංහල සිරි ලක වෙනුවෙන් දිවි දුන් හැටි නොහිතා
සිංහල ලේ ඇති හෙළයන් හිවලුන් සේ හැදිලා
ලූලන් නැහැ දැන් වලවල් වල කණයින් පිරිලා
සිංහල කඳුළට දමිළ සුසුම් වල දුක දැනිලා
තල් වැට අද්දර සිංහල අවුරුදු සිරි මැවිලා
මාතර බෝධිය තල් කොළ තොරණට ඉඩ ඇරලා
යාපා පටුනේ සේරම පන්සල් දැන් වැහිලා
සපුමල් කුමරුත් ගැමුණු රජුත් යළි එයි කියලා
අලසව නිදියන නින්දෙන් හනිකට අවදිවෙලා
මැරුණත් නැගිටින සිංහල ජාතිය ගැන හිතලා
නැගිටිනු සිහලුනි නැගිටින්නට කල් ඇවිදිල්ලා
ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - ආනන්ද හේවාරංහිඳගේ
සංගීතය - තිස්සසිරි පෙරේරා
13.මුර දේවතාවී.......
මුර දේවතාවී
පියෙන නෙතු දොර අසල නොනිදන්නා
නෙතු අරින විට
දෙතොලෙ සැක පෙන්නා
නොනිදා
ප්‍රේමයේ නිදන් රැක උන්නා
මුර දේවතාවී
මසිත නුඹ ගැන තවම ළතවෙන්නා
මුර දේවතාවී
නෙතෙහි පතුළේ නුඹ නිසා
නෙත් පියන්නත් බැරිවී ගියා
මුවට දොරගුලු ලා මගේ
ආදරෙන් සිත දොඩමළු කළා
නුඹට දුන් මගෙ ජීවිතේ
අද කාට දෙන්නද හිත පුරා
කෙලෙස මා මගහැර ගියේ
ආදරේ මට විතරයි කියා
මුර දේවතාවී
පියෙන නෙතු දොර අසල නොනිදන්නා
නෙතු අරින විට
දෙතොලෙ සැක පෙන්නා
නොනිදා
ප්‍රේමයේ නිදන් රැක උන්නා
මුර දේවතාවී
මසිත නුඹ ගැන තවම ළතවෙන්නා
මුර දේවතාවී
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - යමුනා මාලිනී පෙරේරා
සංගීතය - තිස්සසිරි පෙරේරා
14.සුදු පාට මල් පිපුණු......
සුදු පාට මල් පිපුණු අරලියා සෙවණ යට
බාලිකාවේ සුවඳ තනි වෙලා
අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
සියළු දේ අතීතෙට පවරලා
ඇසළ සඳ දිය නොවුණු ඈත වැව් තල කොණෙක
ගයා නිමවූ කවිය ඉකිබිඳී
අපට අප පමණක් නොවේ නැණ නුවන් සැදූ
තක්සලාවත් අහිමි වීලා
සිනා සරදම් පිරුණු පන්ති කාමර අතර
ගෙවී ගිය මල් සමයි සිහිනෙකි
සඳට ඉකි බිඳ හඬන නොදරුවන් නොවේ අප
සිනාසෙමු අතීතෙට සෙනෙහසින්
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය : තිස්සසිරි පෙරේරා
පද රචනය : සුනිල් දයානන්ද කෝනාර
15.දනිමි කියන්නට ඇති....
දනිමි....
කියන්නට ඇති
රහස දනිමී
දනිමි...
මිහිරි බව දනිමී
ඒ නිසා...
රහස මුවඟින්
නොපවසනු මැනවී...
පිපුණු පසු මල්
පරව යන සේ
සතුට යයි මැකිලා...
ඇයි ද හිනැහී
කැකුළු පරවන්නේ
ඒ නිසා...
කැකුළු මල තුළ
සුවඳ රැකුණාවේ
සුවඳ රැකුණාවේ...
මෙතෙක් නොඇසූ
ගීය මිහිරියි
නොවිඳි සුව මිහිරෙන්...
එවන් මිහිරෙක
මහද සැතපෙනවා
ඒ නිසා...
රහස ගොළු කර
දරා ගත මැනැවී
දරා ගත මැනැවී...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
සංගීතය : තිස්සසිරි පෙරේරා
ගායනය : මාලිනී බුලත්සිංහල
16.බාල වයසින් මැරුණු ප්‍රේමය..
බාල වයසින් මැරුණු ප්‍රේමය
හොවාගෙන ළමැදේ
දොරින් දොර යන ප්‍රේමවන්තිය
කිසාගෝතමියේ ...කිසාගෝතමියේ
අනන්තයෙ ඈත දුර
නිම්තෙර තාරකා එළියේ
ඔබේ වැළපුම් ඉකිබිඳුම් හඬ
රැවි දිදී පැතිරේ
පෙමින් පැරදුණු පෙමිවතුන්මය
පාර තොට දෙපසේ ... පාර තොට දෙපසේ
දිනා කුළුඳුල් සෙනේ
සැනසුම් සුසුම් හෙළු අයගේ
සුසුමකින් යළි පණ ලබනු ඇති
ආදරය ඔබගේ
එවන් සැනසුම් සුසුම් කොතැනක
හමුවේද සසරේ ...හමුවේද සසරේ
බාල වයසින් මැරුණු ප්‍රේමය
හොවාගෙන ළමැදේ
දොරින් දොර යන ප්‍රේමවන්තිය
කිසාගෝතමියේ ...කිසාගෝතමියේ
ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - රත්න ශ්‍රී විජේසිහ
සංගීතය - තිස්සසිරි පෙරේරා
17.පිනි පොදක් නැතිව සුසුම් හෙළන.........
පිනි පොදක් නැතිව සුසුම් හෙළන
වන්නි තුලානේ
උඹ හිනා වුණත් කරඹ මලක් සේ
හිත ඉකිගහනා හඬ ඇහුණා
හීන් සීරුවේ . . . .
සිකුරු තරුව හැමදාමත්
ඔච්චම් කෙරුවා ඉරගල වැටෙන කරුවලේ
පැණි මොර මල් සුවඳට එන
බඹරු රැහේ ඉගිලුණා ද
උඩු හුළං මනාපේ . . . .
අටවක හඳ රටා වියන
වැව් ඉස්මත්තෙන් සී පද අඬහැර ඇසුණේ
උඹේ හිතේ කකියන දුක
හේවාරම් සී පදයට
උඹ කියාපන් නගේ . . . .
පද - සුනිල් දයානන්ද කෝනාර
සංගීතය - තිස්සසිරි පෙරේරා
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
18.සසරේ මහ සයුරේ....
සසරේ මහ සයුරේ තනි වූ විට ඔබ පහුරක් වූවා
කතරේ ජීවන ගැල පදවන දා ඔබ තරුවක් වූවා
මා ආදර පිය ළඳුනේ
කරදර බාධක මඟ අහුරන දා
සිනාසෙමිනි ඉදිරියට ගියේ
සම්පත පොදි බැඳ දොරට වඩින සඳ
කිසිදා ඔබ නැත උඩඟු උනේ
මා ආදර පිය ළඳුනේ
බර උසුලා ගෙන යන මේ ගමනේ
සිවු මං සල්වල විඩා නිවා
ඔබ ළඟ නැතිනම් ගමන නොයා හැක
අත්වැල සවියයි ඔබ ළඳුනේ
මා ආදර පිය ළඳුනේ
සසරේ මහ සයුරේ.....
ගායනය : එඩ්වඩ් ජයකොඩි
සංගීතය :තිස්සසිරි පෙරේරා
පද : පී. බී. කවිරත්න
*ජාතික රූපවාහිනියෙන් එතුමා සම්බන්ධයෙන් කල වැඩසටහන ...
ගීත සියල්ල මෙතැනින් ගන්න
+++++++++++++++++++++++++++++++++++++++++++++++++
ප.ලි
රසදුනේ දැකපු ලිපිය නිසා මේ ගැන ඉක්මනින් කියන්න වුවමනා උනා .එතුමා ගේ වැඩි විස්තර දන්නා අය, අපි හැමෝමත් එක්ක විස්තර බෙදාගන්න ..
වැරදි ඇතොත් පෙන්වා දෙන්න ..
ඇත්තටම බැලුවොත් සැඟවිලා ඉන්න දක්ෂයෝ කොයිතරම්ද...ඔත්තුවට ස්තුතියි සින්දුවා.... අඩුම තරමින් ඔහුගේ තැනූ නිර්මාණයක් රසවිඳීනකොට ඔහුව මතක් වෙනවා නම්.. එකත් ඔහුට කරන සේවයක් විදියටයි මම දකින්නෙ. ඇද සංගීතයේ ගායකයා ඉස්මතු වෙනවා මිසක් පද රචකයා සහ තනු නිර්මාපකයා ගැන කිසිම තැනක සටහන් වෙන්නෙ නෑ...
ReplyDeleteසජ්ජෝ මම හැම වෙලාවේම උත්සහ ගන්නේ නිර්මාණයේ තුන් කට්ටුවටම සාධාරණයක් ඉටු කරන්න .හැමෝම ගායකයා ගැන දන්නවා .නමුත් කවුරුත් අනිත් දෙන්නා ගැන කතා කරන්නේ නැ .ඒ නිසා මට පුළුවන් තරමින් හරි ඒ උදවියට වටිනාකමක් එක් කරන්න තමයි බලන්නේ .දෙතුන් දෙනෙක් හරි පොඩි දැනුවත් වීමක් හරි වෙනවානේ .ඒ හොඳටෝම ඇති ....
Deleteජයවේවා මචෝ !!!
කලාකරුවන් වයසට ගිහින් ජීවිතේ එක තැන් උනාම හරි ආසයි තමන්ගෙ රසිකයො බලන්න එනවා නම්. ඒකෙන් ඔවුන් තාමත් තනිවෙලා නෑ කියන එක එක හිතට දැනෙන නිසා වෙන්න ඇති. තරුණ කාලෙ මිනිස්සු අතරෙ ජීවිතේ ගෙවලා පස්සෙ කාලෙදි ඒක නැති උනාම ඒ තනිකම තදට දැනෙනවා. ඇත්තටම අපෙ අතින් වෙන අඩුපාඩුවක් නේද වයසට ගිය කලාකරුවන් තනි කරන එක?
ReplyDeleteඑකනම් ඇත්ත මචෝ ...හැමෝම ප්‍රාර්ථනාව මේකයි ...
Delete"ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතිතයේ ගිලිහි ගිය සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා...."
ස්තුතියි මචෝ...
මහින්ද මහත්තයා බලේ උන්නා නම්, කළාකාරයෝ මෙහෙම අසරණ වෙන්නේ නෑ...
ReplyDeleteදෝතට ගත්තේ දොළකින් බිඳුවකි
Deleteබර ඇති ගසකින් කැඩුවේ ගෙඩියකි
ලැබෙන දෙයක් ඇඳ සතුටු වුණා ලොව
සංගීතවේදියෝ... සංගීතවේදියෝ...
සොබා දහම හා අවදි වුණා මිස
කුරුළු ගීතයට කන් දුන්නා මිස
අවිහිංසක කම රජ කෙරුවා මිස
මානව භක්තිය ගැන සිතුවා මිස
ලේ පවසින් කිසිදින මුර ගා නැත
සංගීතවේදියෝ... සංගීතවේදියෝ...
රාජ සභා මැද පුද ලැබුවා මිස
දෙවියන්ගෙන් බුහුමන් ලැබුවා මිස
පතුරාගන්නට සිය කිතු ගොස යස
කවියට ගීයට කවමින් වස විස
අවිගෙන කිසි දින සටන් වැදී නැත
සංගීතවේදියෝ... සංගීතවේදියෝ...
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: සෝමපාල රත්නායක
ගායනය: වික්ටර් රත්නායක
අයියෝ බං. සෑහෙන්න හිත ඇදිලා ගියා. ආපහු අහන්න හිතෙනවා මේ සිංදු ටික. තිස්සසිරි වෙනුවෙන් කරන්න පුළුවන් මොනව හරි ඇද්ද දන්නෑ?
ReplyDeleteපුලුවන්නම් එතුමාට කතා කරන්න, ඉඩක් ලැබුනොත් බලන්නට යන්න......
Delete(මෙන්න චන්දන මුහුණු පොතේ විස්තර ගොඩක් දාලා තියනවා මචෝ )
https://www.facebook.com/chandana.gunasekera/posts/10207229403043855
කලාකාරයොන්ගේ ජීවිතවල අන්තිම කාලෙ මෙහෙම වෙන්නෙ ඇයි මන්ද?
ReplyDeleteගලගෙදර හක් ගැනත් ලියමුද?
අනේ මන්දා මචෝ ...
Deleteමෙන්න මේ හින්දා වෙන්න ඇති නේද ?
"දෝතට ගත්තේ දොළකින් බිඳුවකි
බර ඇති ගසකින් කැඩුවේ ගෙඩියකි
ලැබෙන දෙයක් ඇඳ සතුටු වුණා ලොව
සංගීතවේදියෝ... සංගීතවේදියෝ..."
ජාතික රූපවාහිනියෙන් ඒ කාලේ නිතර දැකල තිබුනට නම දැනන් උන්නේ නෑ. මෙච්චර ලස්සන සින්දු ගොඩක තනු නිර්මාපකයා බව දැනන් උන්නෙත් නෑ.. ඒ ඔක්කොටම වඩා මෙතුමා මෙහෙම මෙච්චර ඉක්මනට වයසට ගිහින් ඇති කියල නිකමටවත් හිතුනේ නෑ..
ReplyDeleteස්තුතියි සින්දුවා.. පුලුවන් උනොත් යමන් වෙලාවක ගිහින් කතා කරලා බලල එන්න. මාත් එන්නම්. ඒ හැටි දුරක නෙවෙයිනේ..
අන්න මචෝ පුලුවන්නම් දවසක් දාගෙන යමන් ....
Deleteගොඩක් කලාකරැවන්ගෙ විස්තර දැන ගන්නෙ උඔගෙන්..
ReplyDeleteඑල ද බ්‍රා..
එලද බ්‍රා මචෝ ,....
Deleteහරිම දුකයි සින්දුවෝ. තිස්සසිරි වයසින් මටත් වඩා බාලයිද මන්දා. මේ මනුස්සයා අපේ හදවතට, ආත්මයට කොයිතරම් නම් සංගීතය කවන්න ඇද්ද?
ReplyDeleteමටත් හිතාගන්න බෑ විචාරක තුමෝ මෙතුමා මෙච්චර ඉක්මනට වයසට ගිහින් කියලා .
Delete"රජෙකු උනත් ගිලන් වෙලා
එක් තැන් උන දා...
කියනවාට සැකයක් නෑ
සැකයක් නෑ
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා ..."
හරිම අගේ ඇති වැඩ්ක සින්දු ඇනෝ, කවදත් ඔයාගෙ වැඩ :) (Y)
ReplyDeleteමම සින්දු අහන්නත් හුඟක් කැමතියි. ඉතින් ඔයාගෙ මෙ පෝස්ට් බොහොම ඕන කමින් රස විඳිනවා :)
ස්තුතියි හංසමාලි ....
Delete(Y)
Deleteනමට දවගේ මතකයි , පේරාදෙණිය වලේ සහ ජිම් එකේ තියපු සංගීත සංදර්ශන වල මේ තුන්දෙනාම (කලණි පෙරේරා, ඩී.ඩී. ගුණසේන සහ තිස්ස ) එකට වාදනය කරපුඅවස්ථා දෙකක්, එක සැරයක් ජයන්ත රත්නායක එක්ක බෑන්ඩ් එකේ සහ අනික් වාරේ ගුවන් විදුලි බෑන්ඩ් එකේ. ..සිංදු'ට පිං
ReplyDelete//නමට දවගේ මතකයි// මට අද වගේ මතකයි ...(යකෝ බයිට් කෑවත් සූර් වෙනවද ? )
Deleteස්තුතියි ඉවාන් ....
කලාකාරයන්ට යන කලක්, බං! ඉස්සර, ඒ කියන්නේ අපි පොඩි කාලෙ අපි කලාකාරයෝ වෙනවට දෙමව්පියෝ අකමැතිවුනා. ඒකට හේතුව කලාකාරයන්ට කවදහරි යන්නෙ මේවගේ කලක් බව එයාලා ඉවෙන් දැන සිටීම. ඒවා හනමිටි අදහස් කියලා අපි පසු කාලෙක හිනාවුනාට, දැන් මට හිතෙනවා එයාලා හරි කියලා මේවා අහනකොට.
ReplyDelete++++++++++++++++++++++++++
Deleteඅනේ මන්දා ඩුඩ් අය්යේ ...කළා කාරයන්ට මෙහෙම උනත් නලා කාරයන්ට නම් මෙහෙම වෙන්නේ නැ ඕන් .....
Delete1, 2, 4, 8 සහ 9 මගේ ෆේවරිට්ස්.
ReplyDeleteමේ ඩූඩ් කියලා තියෙන දේ සහතික ඇත්ත. අපේ දෙමාපියොත් කීවේ කලාවට ගියොත් පාරෙ තමා නවතින්න වෙන්නෙ කියලා. හැබැයි ඒ කාලේ කලාකාරයෝ ස්ථාවරව වසර ගණනාවක් අනර්ඝ නිර්මාණ දායාද කරමින් තමන්ට කිසිම දෙයක් ඉතිරිකර නොගෙන රසිකයින් වෙනුවෙන් කැප වුණු නිසා තමා අද යම් අසරණභාවයකට ලක්වෙන්නෙ.
අද දවසේ කලාකරුවන්ගෙ දැක්ම ඊට වෙනස්. ඔවුන් එක රැයෙන් තරුවක් බවට පත්වෙනවා. ප්‍රසංග වේදිකාව ඇතුළු ජනප්‍රිය මාධ්‍ය ඔස්සේ ඉදිරිය සඳහා උපයාගැනීම් සියල්ල කරගෙන බැස යන සඳක් වෙද්දි වෙන අතක් බලාගන්නවා. මම මේ කියන කාරණය අදාල වෙන්නෙ ගායන හා රංගන ශිල්පීන්ටයි. ගීත රචකයින්, සංගීතඥයන් හා එවැනි පසුබිම් කාර්යයන්හි නිරත අයට එහෙමවත් දෙයක් නෑ.
උඹේ යුග මෙහෙවර නැවතත් අගයනවා සින්දූර්.
එකඟයි !!
Deleteඒ වගේම උඹ උඹේ ඩියුටිය අකුරටම කරනවා සිංදුවෝ … !!! ආඩම්බරයි මචං.
උඹේ අකුරක් නෑරම පිරිසිදු ඇත්ත මචෝ අන්තිම පේලිය ඇරෙන්න ...හැක්
Deleteස්තුතියි මදාවියෝ ...& පත්තරේ
(පත්තරයෝ උඹ දැන් පුඩ්බෝර්ඩ් යනවා වැඩියි හරිය ..ඇතුලට ගොඩවෙලා යන්නෙම නැ .ඉබ්බා ගහන්න පුරුදුවෙලා වගේ හැක හැක් )
විස්තර දැනගත්තෙ අද.. රත්තරන් වටින අපේ කලාකරුවන් සේරම අද ලෙඩ ඇඳන් වල. උඹම ඒ ගැන කීව කීවෙනි පෝස්ට් එකද මේ. පත්තරේ උඩින් කියල තියෙනවා වගේ උඹ උඹේ යුතුකම අකුරටම ඉටුකරනවා සිංදු අයියණ්ඩී....
ReplyDeleteඅනේ මන්දා මචෝ මම මෙතැන අසරණ සරණ සමිතියක් පටන් ගෙන වාගේ නේද ? මෙහෙම හරි දැනුවත් වීමක් වෙනවානම් ලොකු දෙයක් ..
Deleteස්තුතියි මනෝ ..
තිස්සසිරි පෙරේරා කියන නම අහල තිබ්බට වැඩි දෙයක් දැනන් හිටියේ නෑ. අපේ රටේ හොඳ කලාකරුවන් මේ විදිහට අසරණ වෙලා ඉන්නවා දකිද්දි හිතට දුකක් දැනෙනවා.
ReplyDeleteසිංදුට ගොඩක් ස්තූතියි.
අලුත් කලාකරුවෝ විදිහට උඹලා මිට වඩා දැනුවත් වෙන්න ඕන මචෝ .....හැක්
Deleteමේ වගේ කතා දකින්න ලැබෙන එක බොහොම කනගාටුදායකයි සින්දු වෝ.
ReplyDeleteදැන් ඔය තැන් තැන් වල කීප දෙනෙක් හිටියට ඇත්තම කලාව ඇත්තටම පාවිච්චි කරපු කිසිම කෙනෙක් මුදලාලි ලා නෙමේ. හිතේ සන්තෝසෙට නිර්මාණයක් කරලා ලැබෙන දෙයක් සන්තෝසෙන් බාරගන්න මේ මිනිස්සු ගැන මීට වඩා ගොඩක් හොයලා බලන්න එයාලාගේ නිර්මාණ රසවිඳපු හැමෝම වගබලා ගන්න ඕනා.
ආණ්ඩු වලින් , ජනාධිපති වරුන් ගෙන් ලැබෙනකම් බලං හිටියොත් ඉතින් පරලොව ටිකට් තමයි.
//දැන් ඔය තැන් තැන් වල කීප දෙනෙක් හිටියට ඇත්තම කලාව ඇත්තටම පාවිච්චි කරපු කිසිම කෙනෙක් මුදලාලි ලා නෙමේ//+++++++++++++++++++++++++++++++++++
Deleteමෙන්න මේ ටිකෙන් ඔක්කොම කියවෙනවා විභියෝ ...
වටිනා මතක් කිරීමක් සින්දුවෝ...... මේ තමයි අපේ සංගීතයේ සැබෑ අයිතිකරුවෝ.. මේ සින්දු අහ අහ අාතල් ගන්න අපි කොයිතරම් වැරදි කරයෝද කියලා හිතුනා අන්තිම වාක්‍ය දෙක කියෙව්වාම.... ස්තූතියි සින්දුවෝ...
ReplyDelete//මේ තමයි අපේ සංගීතයේ සැබෑ අයිතිකරුවෝ//
Delete++++++++++++++++++++++++
කියන්න වදන් නැ මචෝ .....
ස්තුතියි ..
ලාංකීය සංගීත ක්ෂේත්රයේ දක්ෂයෝ මේ විදියට අසරණ වෙද්දි ඒ අයගෙ නිර්මාණ රස වින්ද අය විදියට අපේ හිත් වලත් හීන් දුකක් ඇති වෙනවා. එඩ්වඩ් ජයකොඩි ගායනා කරන සසරේ මහ සයුරේ තනි වූ දා කියලා ලස්සන සින්දුවක් තියෙනවා තමන්ගෙ බිරිඳ ගැන සැමියෙක් කථා කරන තේමාවට ලියවුන. ඒ ගීතයෙත් සංගීත නිර්මාණය මට මතක විදියට තිස්සසිරි මහතාගෙ.....
ReplyDeleteස්තුතියි සිරෝ මේ ගීතය මතක් කලාට .ඔන්න එකත් එකතු කළා ....
Deleteජයවේවා !!!!