ගායන ශිල්පී මිල්ටන් පෙරේරා වෙනුවෙන් හැටේ දශකය අගදී ලියු ‘කඳුළු අතරට සිනා රැලි වෙමි,’ ගීතයේ පටන් දයා ද අල්විස් ලියා ඇති ගේය පදවැල් ගණනින් තුන්සියය ඉක්මවයි. නිවේදිකාවක් ලෙසින් ගුවන් විදුලිය සමගින් 1964 දී එක්වුණු දයා ඉන් සමුගත්තේ දශක තුනක් ඉක්මවූ යුගයක් ශ්‍රාවක සවන් සැනහීමෙන් අනතුරුවයි. ඇගේ ලිපි ලේඛන සම්භාරය අතර කෙටිකතා මෙන්ම පුවත් පත් තීරු ලිපිද බොහොමයි.
(රාම කුමරුනේ ගීතය)
*ඔබ අතින් රචනා වූ රාම කුමරුනේ ගීතය මහත් ආන්දෝලනයකට තුඩුදුන් ගීතයක්. අපි එතැනින් කතාව පටන් ගනිමු.
මම ඉගෙන ගත්තේ මහනුවර අම්පිටියේ කාමල් හිල් කන්‍යාරාමයේ. එහිදී අපිට කියවන්න නියමවෙලා තිබුණේ ඉංගී්රසි පොත්පත් පමණයි. ඔය අතරේදී අපේ විදුහලට අලුතින් සිංහල ගුරුවරියක් පත්වෙලා ආවා. එතුමිය තමයි අපේ විද්‍යාලයේ පුස්තකාලයට සිංහල පොත් ගත්තේ. එතකන් ඉංගී්රසි පොත් පමණක් පරිහරණය කරපු අපිට මේක ලොකු ආස්වාදයක් වුණා. අපි සිංහල පොත් ගෙදර අරගෙන ගිහින් කියෙව්වා. මම කියවපු එම සිංහල පොත් අතරේ ඉතා කුඩා ළිහිණි පොතක් තිබුණා. මට දැන් ඒ පොතේ නම මතක නැහැ. ඒ පොතේ රාම - රාවණා කතාව තිබුණා. හැබැයි ඒ කතාව මම එතෙක් දැනගෙන හිටිය රාම - සීතා කතන්දරය නෙවේ. එයට වෙනස් කතාවක් ඒකෙ තිබුණා. ඒ කතාවට අනුව සීතාව නැවැත රාම භාරත දේශයට රැගෙන ගියායින් පස්සේ රාවණ ගැන ඇය සිහි කරනවා. එපමණක් නොවේ. රාවණගේ රූපය ඇන්ද බුලත් කොළයක් ඇයගේ කොට්ටය යට ඇය තබාගෙන සිටිනවා. මෙයින් පෙනී යන්නේ රාවණ පිළිබඳ මතකය ඇයට ආස්වාදයක් වූ බවයි.ඒ වගේම රාවණට ඇය ගරු කළ බවයි. ඇත්තටම ඒක එහෙම වෙන්න ඕන කියල මමත් හිතනවා. මොකද සීතාගෙ පතිවත රැකගෙන ඉන්න පුළුවන් වුණේ රාවණ රජුගේ සහයෝගයෙන්. සීතාට විතරක් තනියෙන් පතිවත ආරක්ෂා කරගන්න බැහැනේ. මේ හේතුව නිසා වෙන්න ඇති ඇය රාවණගේ රූපය සහිත බුලත් කොළයක් තමන්ගේ කොට්ටය යට තියාගෙන හිටියේ මේ කාරණය මගේ හිත තදින් පැහැරගත්ත. රාවණ රජු සැබෑ ආදරවන්තයෙක් බව මට හැඟුණා. මොකද සැබෑ ආදරවන්තයෙක් කියන්නේ තමන්ගේ ප්‍රියම්බිකාව අනාථ කරල පැත්තකට දාන කෙනෙක් නෙවෙයිනේ. රාවණ රජුට ඕනකමක් තිබුණ නම් එය කරන්න බැරි කමක් තිබුණෙත් නැහැ.එහෙත් සීතාව නැවත රාම රැගෙන යනතුරු රාවණ ඇයගේ පතිවත ආරක්ෂා කළා. මේ සිද්ධිය තමයි මට මේ ගීතය ලියන්න මූලික වුණේ. එය ගීතයක් බවට පත්වීම පිටුපසද එක්තරා සිදුවීමක් තියෙනවා. අපට හිටපු ඉතාම දක්ෂ ගීත රචකයෙක් තමයි කේ. ඩී. කේ. ධර්මවර්ධන. ඔහු ඒ දවස්වල මාත් සමඟ එකට ගුවන් විදුලියේ වැඩ කළේ. ඔහු වින්සන්ට් ප්‍රේමසිරි ගායකයාණන්ට ගීතයක් රචනා කරනවා රාම - සීතා සිද්ධිය පදනම් කරගෙන.
"සීතාවනි ඔබ හැඩරුව ඇති බව -දිවිහිමියෙන් පතිදම් සුරකින බව" යනුවෙන් තමයි එම ගීතය ආරම්භ වෙන්නේ. ඔය ගීතය ප්‍රචාරය වනවිට මට නැවැත මං අර කියවපු රාම - සීතා කතන්දරය සිහිවෙනවා. ඒ පිළිබඳ මම එවකට අපිත් සමඟ සේවයේ යෙදුණු දයා තෙන්නකෝන්ට පැවැසුවා. දයා තෙන්නකෝන් යමක් දිහා අලුතින් බලන්න පුළුවන් කෙනෙක්. ඔහු මට කිව්ව කේ. ඩී. කේ. ගෙ ගීතයට පිළිතුරක් ලෙස එය ලියන්න කියලා. මම ඒ පදවැල ලියල මාලනි බුලත්සිංහලට දුන්නා. එච්. එම්. ජයවර්ධන සංගීතවත් කළා. ඉන්පසු එය ගුවන් විදුලිය හරහා ප්‍රචාරය වෙනකොට අපේ රටේ පිළිගත් කලාකාරියන් රාශියක් එම ගීතය හරහා රාම - සීතා කතාව විකෘති කර ඇති බවත් සීතා පිළිබඳ වැරැදි චිත්‍රයක් මවා ඇති බවත් ප්‍රකාශ කොට එම ගීතය ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස එවක ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වූ රිජ්වේ තිලකරත්න මහතාගෙන් ඉල්ලා සිටියා. මේ ආන්දෝලනය දිගින් දිගටම යනකොට එතුමාට මේ සම්බන්ධ පියවරක් නොගෙන සිටීමට බැරිවුණා. ඒ නිසා දවසක් මටත් කතා කරල එතුමාගේ කාමරේට මේ ගීතය ඉතා සුපරික්ෂාකාරීව ශ්‍රවණය කළා. ගීතය අහල ඉවර වුණාට පස්සේ එතුමා ඒ ගීතය ගැන හරියට සතුටු වුණා. එතුමා කිව්ව එහි කිසිදු වරදක් නැහැ කියලා. ඒ වගේම සාම්ප්‍රදායික කතාවට මගේ අතින් වෙලා තියෙන නව අර්ථකථනයටද එතුමා පැහැදුණා. ඒ නිසා නිල වශයෙන් එම ගීතය තහනමකට ලක් වුණේ නැහැ. නමුත් විරෝධකරුවන්ගේ දැඩි විරෝධය නිසා නොනිල වශයෙන් එම ගීතය ස්වයං වාරණයකට ලක්වුණා වගෙයි. ඒ නිසා මෙම ගීතය වැඩිය ප්‍රචාරය වුණේ නැහැ. ඔබ වැනි කිහිපදෙනකු හැරුණු විට මෙවැනි ගීතයක් මාලිනි බුලත්සිංහල ගායනා කරනවා කියාවත් එම ගීතය මගේ රචනයක් බව වත් දන්නේ නැහැ.
*ඔබගේ ගීත කිහිපයක්ම පිළිතුරු ගීත. ඒ වගේම එකම පුද්ගලයකු විසින් මුල් ගීතයත් එයට පිළිතුරු ගීතයත් රචනා වී ඇත්තේ ඔබ අතින් බවයි මගේ අදහස.
ඔබේ අදහස සමහර විට හරි ඇති. නමුත් මට ඒ ගැන එතරම් අවබෝධයක් නැහැ. ඔබ අදහස් කරන්නේ "සහසක් පැතුමන් ඉපදී මියගොස්" ගීතය හා "සහසක් පැතුමන් නැත මා පැතුවේ" ගීතය ගැන වෙන්න ඕන. මල්කාන්ති නන්දසිරිගේ පළමුවැනි සරල ගී වැඩසටහන සඳහා ගීතයක් ලියල දෙන ලෙස ඇය මගෙන් ඉල්ලා සිටියා. ඒ නිසා ඇයට මම "සහසක් පැතුමන්" ගීතය ලියලා දුන්නා. එම ගීතය ඉතාම ජනප්‍රිය වුණා. ඉන්පසු ඇය මගෙන් ඉල්ලා සිටියා එවැනි ගීතයක් සනත් නන්දසිරිගේ සරල ගී වැඩසටහනටද ලියල දෙන්න කියලා. මොකක්ද ලියන්නේ කියල හිත හිතා ඉන්නකොට මට හිතුණා මල්කාන්තිගේ ගීතයට පිළිතුරු ගීතයක් ලියවුණොත් හොඳයි කියලා. ඒ අනුව තමයි සනත් නන්දසිරි ගයන "සහසක් පැතුමන් නැත මා පැතුවේ" ගීතය ලියවුණේ. ඒ ගීතයත් ඉතාම ජනප්‍රිය වුණා. මේ ගීත අද පවා ඉඳහිට හෝ ඇහෙනකොට ඉතා රසවත් අතීතයකට මගේ හිත දිව යනවා.
*ඒ රසවත් අතීතයේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස "අකලට වට මහ වරුසාවක් සේ" ගීතය හැඳින්විය හැකියි නේද?
ඔව්. නිරංජලා සරෝජිනී ගයන ඔය ගීතය මටත්, නිරංජලාටත්, නන්දා මාලනීටත් ඉතා වටිනවා. මොකද ඔය ගීතයේ සම්පූර්ණ බරම දරාගෙන තියෙන්නේ කාන්තාවන් තුන් දෙනෙක්. එහෙත් එය එසේ වේ යැයි මම දැනගෙන හිටියේ නැහැ. මම ගීතය ලියල නිරංජලාට දුන්න. ඇය එය සංගීතවත් කරන්න නන්දා මාලනීට දීල. අවසානයේ ඉතා වටින ගීතයක් බිහිවුණා. අද පවා නිරංජලාගේ ගීත ගොන්න අතරේ "අකලට වට" ගීතය සන්ධිස්ථානයක් කියල බොහෝ දෙනා කියනවා.නිරංජලා සරෝජිනී ගයන "ළා සඳ එළියේ නාපෙති හැලිලා" ගීතය මෙන්ම අමරා රණතුංග ගයන "සපුමල් සුවඳක් සේ සීතල රෑ යාමේ" වැනි ගීත හරහා සියුම් මල් සුවඳක් ගලා යන බව මට හැඟෙනවා.ඔබගේ ප්‍රකාශය ගැන මට සතුටුයි. ගීතය කියන්නේ ඉතා සියුම් කලා මාධ්‍යයක්. එය ඉතා සුන්දර දෙයක්. ගීතය කියන්නේ හදවත සියුම් ලෙස ස්පර්ශ කරන රසභාවයන් මත බිහිවන දෙයක් මිස ගොරහැඩි ශබ්ද මත බිහිවන්නක් නොවේ. මගේ ගීත සාහිත්‍යය පුරාම දිවයන්නේ මා හා පරිසරය අතර තියෙන සබඳතාවයි. පරිසරයයි මගේ ජීවිතයයි කියන්නේ එකක් මිස දෙකක් නෙවේ. කුඩා කාලේ මම චිත්‍ර අඳින්න බොහෝම දක්ෂයි. මං ඇඳපු හැම චිත්‍රයකම වගේ තිබුණේ ගහ, කොළ, ඉර, හඳ වගේ සොබාදහම සම්බන්ධ වස්තූන්. එයින් මිදෙන්න මට අද බැහැ. ඒ නිසා මගේ ගීත බොහොමයක පාරිසරික විචිත්රත්වය සැඟවිලා තියෙනවා. සොබාදහම ඇසුරෙහි යම් නිර්මාණයක් කරනකොට එය මගේ හදවතට දැනෙනවා වැඩියි. මං හිතන්නේ ශ්රාවකයන්ටත් එහෙමයි. මොකද අපි හැම දෙනාම සොබා දහමේ දායාද. ඒ නිසා වෙන්න ඇති ඉහත ගීත දෙක හරහා සියුම් මල් සුවඳක් දැනෙන්නේ. ඉහත ගීත දෙකට අමතරව මා නීලා වික්‍රමසිංහට රචනා කරන ලද "හිරුට අයිති බව හිරු පවසනවා" ගීතයද රොහාන් ශාන්ත බුලේගොඩට රචනා කරන ලද "සඳක් නම් බැස යන්න තිබුණා" ගීතයද අබේවර්ධන බාලසූරිය හා ඉන්ද්‍රානි බෝගොඩ ගයන "නොතැවෙන් සූරිය කාන්තා - නොහඬන් සූරියකාන්තා ගීතයද මාලිනී බුලත්සිංහල ගයන "පිනි බිඳු විසිරෙන සීතල හිමිදිරියේ" ගීතයද මා හා සොබා දහම අතර පවතින සබඳතාවන්හි ප්රතිඵලයි.
*ඔබගේ ගීත රචනා අතර "මට මතකයි ඔබ පිපිලා උන්නා" ගීතය වෙනස්ම ආකෘතියක බිහිවන්නක්.
මේ ගීතය ලියැවෙන්නේ වෙළෙඳ සේවයේ සරල ගී වැඩසටහනක් වෙනුවෙන්. වෙළෙඳ සේවයේ සරල ගීතවල ස්වදේශීය සේවයේ සරල ගීතවලට වඩා යම් සරල ගතියක් තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ගීතය ලියැවෙන්නේ. මේ ගීතය ලියන්නේ හෙක්ටර් සිල්වා හා පුණ්‍යා කත්‍රිආරච්චි වෙනුවෙන්. තනුව නිර්මාණය කරන්නෙත් හෙක්ටර් සිල්වා. මේ ගීතයේ පවා තියෙන්නෙ සොබාදහම හා මා අතර පවතින සම්බන්ධය.දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට" ගීතය ඔබටත් පුණ්‍යා කත්රිආරච්චිටත් ගෙන දුන් ආලෝකය ඉතා විශාලයි.ඔය ගීතය මා අතින් ලියැවෙන්නේ ක්ෂණයකින්. පුණ්‍යා මගෙන් ගීතයක් ඉල්ලුව. එය මම භාරගත්තාට කවදාවත් ලියවුණේ නැහැ. පුණ්‍යගේ සරල ගී වැඩසටහන කරන්න තියෙන අන්තිම දවස්වල ඇය මගෙන් ඒ පිළිබඳ විමසීමක් කළා. මට කරන්න දෙයක් නැතිව ගියා. මම භාරගත්ත වැඩේ කොහොම හරි කරන්න ඕන නිසා මම ඇස්දෙක වහගෙන ටිකක් වෙලා ඉඳලා ඒ පිළිබඳ සිතුවිල්ලක් ගොඩනඟා ගන්න හැදුවට එය නියමාකාර ලෙස ගොනු වුණේ නැහැ. ඉන්පසු යළිත් ඇස්දෙක වහලා අත ඔළුවට තියන් කල්පනා කර කර ඉඳල ඇස් දෙක අරිනකොටම "දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට" කියන පදවැල ක්ෂණයකින් මගේ හිතට ආවා. ඒ මත ඉතුරු පද පේළි ටික ක්ෂණයෙන් ලියවුණා. ගුණදාස කපුගේ විසින් නිර්මාණය කරන ලද තනුවද පුණ්‍යාගේ හැඟුම්බර ගායනයද මගේ පදවැලට ලොකු සාධාරණයක් ඉෂ්ට කළා.ඉන්ද්‍රානි බෝගොඩ ගයන "පෙම්කළ වරදට මට වධ දෙන්නේ" ගීතය මෙන්ම "මා හිස පිරිමැද නැවැත නොඑන්නට ඔබ වෙන්වී ගියදා" ගීතය තුළ ප්‍රේමයෙහි විවිධ පැතිකඩ ඔබ සාර්ථකව ගෙත්තම් කරනවා."පෙම්කළ වරදට" ගීතය මගේ හිතවතෙක් මට පැවැසූ සිද්ධියක් පිළිබඳ රචනා වූවක් එය සත්‍ය සිද්ධියක්. නමුත් කෙසේ හෝ අවසානයේ ඒ ප්‍රේමය ජය ගන්නවා. ඔවුන්ගේ දරුවන් දැන් උසස් අධ්‍යාපනය සඳහා රටිනුත් පිටව ගිහින්. ඇයට තමන්ගේ සහෝදරයන්ට කටින් කියන්න බැරිදේ ගීතයෙන් සන්නිවේදනය වුණා. ඒ ගීතය නිසා ඔවුන්ගේ ප්‍රේමය ජයගත්ත කියන්න අමාරුයි. නමුත් එයත් යම් තරමක දුරකට හෝ ආධාර වෙන්න ඇති. ඔය ගීතය රචනා කළාට පසු එය මෙතරම් ජනප්‍රිය ගීතයක් වේයැයි මම හිතුවේ නැහැ. නමුත් නොසිතූ විදියට එය ජනප්‍රිය වුණා. තවමත් නිරතුරුවම වගෙ වාදනය වන ගීතයක් තමයි එම ගීතය. ඒ ගීතයටත් අකැමැති කිසි කෙනෙක් නැහැ. ඉන්ද්‍රානි බෝගොඩගේ ගීත ගැන මතකය තුළ මේ ගීතය කිසි දිනෙක කාටවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි "මා හිස පිරිමැද" ගීතය. එය ඉතාම හැඟුම්බර ගීතයක්. එම ගීතය ඉන්ද්‍රානි බෝගොඩගේ ජනප්‍රිය ගීත ගොන්න අතරෙහි සැඟවී ඇති ගීතයක්. මේ ගීත දෙකෙහිම සාර්ථකත්වයට ඉන්ද්‍රානි බෝගොඩගේ රසවත් ගායනයත් චන්ද්‍රදාස බෝගොඩගේ සංගීත රචනයත් එකහෙළා දායක වුණා. ඉන්ද්‍රානි බෝගොඩගේ හඬ කිසි කෙනකුට අනුකරණය කරන්න පුළුවන් හඬක් නොවේ. ඒ නිසා ඇයගේ ගීත රසවත්ව ගයන්න පුළුවන් ඇයටම පමණයි. මේ ගීත දෙකත් එයට හොඳ උදාහරණ දෙකක්.
*නිර්මලා රණතුංග ගයන "මහා මෙරක් සේ ඔබ ගැන සිතුවෙමි", "මගේ හිත ගැන ඔබ පමණි දන්නේ" යන ගීත තුළ ප්‍රේමවන්තියකගේ හදවත ඔබ හඳුනා ගන්නවා.
ඔය ගීත තුළ තිබෙන අදහස් කාන්තාවක්, පෙම්වතියක් වශයෙන් අප හැම දෙනාටම පොදුයි. එවැනි සිතුවිලි ජීවිතයේ කොයි මොහොතක හෝ අපට දැනෙනවා. සමහර විට ඒ වෙනකොට අපි ප්‍රමාදවෙලා වැඩියි. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. අපිට ප්‍රායෝගිකව කරගන්න බැරි බොහෝ දේ පිළිබඳ අපි සංවාද කරන්නේ හිත සමඟ හදවත සමඟ පමණයි අපිට බොහෝ වෙලාවට ගනුදෙනු කරන්න වෙන්නේ. ඒ නිසා ඒ බොහෝ දේ අපේ හදවත ඇසුරෙහි බිහිවෙලා, වර්ධනය වෙලා, නැතිවෙලා යනවා. එවැනි සිතුවිලි සමුදායක් හරහා තමයි එම ගීත මා අතින් ලියැවුණේ. ඉන්ද්‍රානි සේනාරත්නගේ "තනිවුණ සිතුවිලි ගිනි ඇවිළි - සුසුම් ගොඩක දැවෙනා දිනයේ" ගීතයද මා අතින් ලියැවුණේ එවැනි පසුබිමක. නන්දාපතිරණ ගයන "යළි උපදින්නම් අලුත් කෙනකු වී" ගීතයද තවත් එවැනි ගීතයකි. රූපා ඉන්දුමතී ගයන "මගේ පුතු හරි හපනා" ගීතයද මවකගේ සිතුවිලි දාමයන් හරහා මා අතින් ලියැවුණ තවත් ජනප්‍රිය ගීතයක්.
*ඔබගේ අතිශය ජනප්‍රිය රචනා බොහෝ විට ගායනා කරන්නේ ගායිකාවන්. එයට හේතුව කුමක්ද?
මගේ පළමු ගීතය රචනා වන්නේ ගායිකාවකට නොවේ. ජේ. ඒ. මිල්ටන් පෙරේරා ගායකයා හට "කඳුළු අතරට සිනහ රැලිවෙමි" ගීතය මම ඔහුට ලියලා දෙනකොට මට ගීත ලියන්න පුළුවන් බව දැනගෙන හිටියේ නැහැ. ඔහුගේ දැඩි ඉල්ලීමට තමයි මම එය ලිව්වේ. කිහිප සැරයක්ම ඔහුගේ ඉල්ලීම මම ප්‍රතික්ෂේප කරද්දීත් ඔහු දිගටම මාව උනන්දු කෙරුවා. ඒ නිසා මම ඔහුව ඉතා කෘතවේදීව මතක් කරනවා. මේ ගීතයේ තනුවත් මිල්ටන් පෙරේරාගෙමයි. ඔහු තමන් ගයන ගීත දෙකකට පමණයි තනු නිර්මාණය කරල තියෙන්නේ. ඉන් එක් ගීතයක් තමයි "කඳුළු අතරට" ගීතය. ඒ ගීතයත් බොහෝ ශ්‍රාවක පිරිස් ආදරයෙන් වැලඳ ගත්තා. එයට අමතරව වික්ටර් රත්නායක, අබේවර්ධන බාලසූරිය, රෝහණ බෝගොඩ, බන්ධුල විජේවීර වැනි ගායක පරපුරකට මා ගීත ලියා තිබෙනවා. ප්‍රියා සූරියසේන ගයන "ආපසු එනවා මගෙ හිත ඉබිගමනේ" ගීතයද සිසිර සේනාරත්න ගයන "අහසේ අෑතට පාවී යනවා - සරුංගලේ" ගීතයද ගායකයන් ගැයූ ජනප්‍රිය ගීත අතර දකින්න පුළුවන්.රෝහණ බෝගොඩ විසින් ගයන "නෙතින් නෙත බලාලා" ගීතය ඔබ රචනා කරන්නේ ස්ටැන්ලි පීරිස්ගේ තනුවට.තනුවට මම ගීතයක් ලියූ පළමු අවස්ථාව එයයි. ඒ සම්බන්ධව තවත් කතාවක් තියෙනවා. රෝහණ බෝගොඩ ඔය තනුව පළමුව දීල තියෙන්නේ ප්‍රේම්ට (ප්‍රේමකීර්ති ද අල්විස්) ඔහු එම තනුවට රෝහණ බෝගොඩට ගීතයක් රචනා කරල දීල තියෙනවා. නමුත් බෝගොඩට අවශ්‍ය වෙලා තියෙනවා එම පද පෙළෙහි යම් තැනක සුළු සංශෝධනයක් කරගන්න. නමුත් ඒකට ප්‍රේම් කැමැතිවෙලා නැහැ. ඔහු කිව්වලු ලියල තියෙන විදියටම කියන්න ඕන කියලා. ඉන්පසු බෝගොඩ කිව්වලු එහෙනම් මම වෙන කෙනකුට කියල අලුතින් ලියව ගන්නම් කියලා. ප්‍රේම් ඒකට හා කිව්වලු. ඒ කිසිදෙයක් මට කියන්නේ නැතිව රෝහණ බෝගොඩ මට තනුව දීල පදපෙළ ලියල දෙන්න කිව්ව. මං එතකොට තනුවකට ගී පද ලියල තිබුණේ නැහැ. කොහොම හරි මගේ අතින් ලියවුණු පදපෙළ රෝහණ ගායනා කළා. එය අතිශය ජනප්‍රිය වුණා. ඉන් පස්සේ තමයි ප්‍රේම් දැනගත්තෙත් ඒක රචනා කළේ මම කියල. හැබැයි ප්‍රේම් මුලින් ගීතයක් ලියපු බව දන්නවනම් මම කවදාවත්ම ඒ ගීතය ලියන්නේ නැහැ.
*අතීතය පිළිබඳ පසු විපරමකදී ඔබට ඔබ ගැන හිතෙන්නේ කුමක්ද?
මා ලියපු ගීත බස් රථයක හෝ වෙනත් ස්ථානයකදී වාදනය වෙනව ඇහෙනකොට මට වචනයෙන් විස්තර කරන්න බැරි තරම් මොකක්දෝ අමුතු හැඟීමක් දැනෙනවා. අපෙනුත් යමක් ගීත ක්ෂේත්රයට වගේම සමාජයටද සිදුවුණා නේද? කියන හැඟීම ඇති වෙනවා. මගේ ජීවිතේ තේමාව තමයි කඳුළු අතරට සිනා රැල්ලක් වන අතරම කෙනකුගේ විඩාවට සෙවණක් වීම. එදත් අපි අපේ නිර්මාණ හරහා අනවශ්‍ය ලෙස ඉස්මතු වීමට උත්සාහ කළේ නැහැ. අදත් එහෙම නැහැ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අපි වැඩකරන කාලේ අපේ සහෝදර සහෝදරියන් රැසක් නිර්මාණකරණයට එළැඹුණා. ඒ හැම දෙනා අතරෙම තිබුණේ බොහොම සුහද හිතවත්කමක්. එක්කෙනෙක් පරයා තව කෙනෙක් නැඟෙන්න උත්සාහ කළේ නැහැ. ඒ වගේම තමයි නිවේදිකාවන්, නිෂ්පාදිකාවන් වශයෙන් අපි ගීතවලට දුන් හැඳින්වීම් ඒ ගීත ජනතාව අතර ජනප්‍රිය වෙන්න අනිවාර්යයෙන්ම උදවු වුණා. අද වගේ එක ගීතයක් ඉවරවෙනකොට කිසිදු හැඳින්වීමක් නැතිව තව ගීතයක් ප්‍රචාරය කළේ නැහැ. එවැනි හැඳින්වීමක් නොමැති නිසා ගීත ඇහෙනවා මිසක් රසවින්දනයට මිනිස්සු යොමු වෙන්නේ නැහැ. ඒ කාලෙ අපි ගීතවලට දුන් හැඳින්වීම් ගීත වගේම වටිනාකමින් යුක්ත වුණා. එහෙම බලනකොට අපේ අතීතය ඉතා රසවත්. වැදගත්. ඒ ආත්මතෘප්තිය හදවතින් තුරුලු කරගෙන අනාගතය දිහා බලා ඉන්නවා.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
01.මහා මෙරක් ලෙස
මහා මෙරක් ලෙස ඔබ ගැන හිතුවෙමි
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ...
මහා සයුර ලෙස මා හිතුවේ
පෙණ බුබුලක් සේ ඔබ දුටු දේ
විසල් දෙරණ ලෙස මා දුටු දේ
පිනි කඳුළක් මෙනි ඔබ හිතුවේ...
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ...
සඳ මඬලක් සේ මා දුටු දේ
ගිනි පුපුරක් මෙනි ඔබ දුටුවේ
ජීවිතය ම ලෙස මා පැතු දේ
එක් මොහොතක් විය ඔබ හමුවේ...
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ...
ගීත සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : වික්ටර් රත්නායක
ගායනය :නිර්මලා රණතුංග
02.යළි උපදින්නම්
යළි උපදින්නම් අලුත් කෙනෙකු වී
නැවුම් ලොවක නව හිරු සඳු සෙවනේ
ඔබේ සෙනෙහසේ සුවය ලබා
සුවය ලබා...
අමතක කර දා පසුකළ මංපෙත
මා සිත සැනසේ පවන් රොදක් වී
ඔබේ දයාබර නෙතු කැල්මේ
නෙතු කැල්මේ...
යළි උපතක් දුන් සෙනෙහේ නාමෙන්
දෙපා සිඹින්නම් මෙලෙසින් මතු දා
දෙවියෙකි ඔබ මේ මහපොළොවේ
මහ පොළොවේ...
ගීත සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : රෝහණ වීරසිංහ
ගායනය : නන්දා පතිරණ
03.නෙතින් නෙත බලාලා
නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
අදින් පසු මියේ වී අපේ ඒ කතා...
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා
ඈත් බව දැනී ලා ඔබේ හා මගේ
දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ....
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණා දෝ නොහිමි ආදරේ......
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා...
පතන්නට පවා මා වරම් අහිමි වූ
හැඟීමක් රිදුම් දේ හෙට ට උරුම වූ...
දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතූ
මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : ස්ටැන්ලි පීරිස්
ගායනය : රෝහණ බෝගොඩ
04.අකලට වට මහ වරුසාවක් සේ
අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයි දෝ යළි ආවේ...
පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
සතුටු කඳුළු නුවනග මිදුණා දෝ
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වා දෝ...
සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ...
හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබේ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟක දි ලබන දිනේ...
ගී සංකල්පනාව: දයා ද අල්විස්
තනුව සහ සංගීතය: නන්දා මාලිනී
ගායනය: නිරංජලා සරෝජිනී
05.සපු මල් සුවඳක් සේ
සපු මල් සුවඳක් සේ සීතල රෑ යාමේ
හද කුටියට ඔබ හෙමිහිට වැඩියා
කිසිවකු නෑ දුටුවේ...
සපු මල් සුවඳක් සේ ...
හැන්දෑ වලාකුළේ අටවක හඳ මඬලේ
මේ හැම තැන ඔබ සැඟවී සිටියා
මා පමණයි දුටුවේ...
සපු මල් සුවඳක් සේ ...
ලොව නිදි අඳුරු පැයේ සීපදයක් වැන්නේ
සවනත සනහා මා ළඟ උන්නා
රැය පමණයි දුටුවේ...
සපු මල් සුවඳක් සේ ...
සපු මල් සුවඳක් සේ යළි නෑ හැර යන්නේ
මහමෙර ලෙස ඔබ නොසැලී සිටියා
ඇයි මුළු ලොව දුටුවේ...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : දයාරත්න රණතුංග
ගායනය : අමරා රණතුංග
06.හිරු ට අයිති බව
හිරු ට අයිති බව හිරු පවසනවා
විල ට අයිති බව විල පවසනවා
බිඟු ට අයිති බව බිඟු පවසනවා
නුඹ කාට ද හිමි නෙළුම් මලේ...
හිරු ආවා ම ලු ඔබ පිබිදෙන්නේ
විල හින්දා ම ලු ජීවත් වන්නේ
බිඟු ට ලු මධු මී පුරවා දෙන්නේ
නෙළුමේ කාට ද සෙනෙහෙ පුදන්නේ...
හිරු ළඟ අහසේ රුවට පිපීයන්
විල් දිය තුළ සැඟැ වී සැනැහීයන්
ආදරයක් නැති මිනිසෙකු දෑතට
නෙළුමේ නුඹ හසුවන්න එපා...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : රෝහණ වීරසිංහ
ගායනය : නීලා වික්‍රමසිංහ
07.නොතැවෙන් සූරියකාන්තා
නොතැවෙන් සූරියකාන්තා
සූරියකාන්තා
නොහඬන් සූරියකාන්තා
සූරියකාන්තා...
සූරිය නාමෙන් නම ලදිමී
සූරිය වත මෙන් රුව ලදිමී
සූරිය පැහැයෙන් සළු ලදිමී
සූරිය කුමරුනි ඔබ පතමී...
නෙලුම් විලේ නැත ඔබෙ ලන්දූ
සුවඳ කුලේ නැත ඔබෙ ලන්දූ
කොපමණ තැවුනත් මල් ලන්දූ
මා නොවෙදෝ ඔබ දිනු ලන්දූ...
අහස පොළොව කෙදිනද හමුවන්නේ
මලකට හිමිකම් කෙලෙස පුදන්නේ
ලොව මෙහෙවර මගෙ උරුමය වන්නේ
මා එන පෙරමග බලා සිටින්නේ...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : වික්ටර් රත්නායක
ගායනය : අබේවර්ධන බාලසූරිය සහ ඉන්ද්‍රානි බෝගොඩ
08.මගේ හිත ගැන
මගේ හිත ගැන ඔබ පමණි දන්නේ
ඔබේ හිත ගැන මා පමණි දන්නේ
මහා වරදක් වී ද මිනිසුන්නේ
කාට දෝ හිත් රිදුම් අපි දුන්නේ...
සදා කල් ඔබ අහස මෙනි මට
දරා ගමි දුක් මිහිමවුන් ලෙස
මහා මෙර මෙනි සොවින් නොසලිත
බලා උගනිමි හෙටත් එම ගුණ...
මගේ හිත ගැන ඔබ පමණි දන්නේ...
අතීතේ අප ලෙසින් සිටි අය
කලාතුරකින් හමු නොවෙද වෙන
එවන් හිත් දෙස බලමු දිනයෙක
අපේ හිත් දෙස බලන නෙත් ගෙන...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : සනත් නන්දසිරි
ගායනය : නිර්මලා රණතුංග
09.සුසුමේ සුවඳක් වෙලා
සුසුමේ සුවඳක් වෙලා
සිහිනේ නොපෙනී ගියා
වැරදී ලොවේ අප ආ නිසා
දෛවේ දුන්නෙ මේ වේදනා..
සුසුමේ සුවඳක් වෙලා
සිහිනේ නොපෙනී ගියා...
නෑ වරම් ළංවී හිඳින්නට
ප්‍රාර්ථනා කෝ මෙදා
මේ මොහොත පමණී ලැබෙන්නේ
නාඬනූ ඒ නිසා...
මා නැති හෙට දා සුව දේ සැප වේ
නෑ මාගෙන් චෝදනා...
සුසුමේ සුවඳක් වෙලා
සිහිනේ නොපෙනී ගියා...
කාට දෝ දුන් වේදනා දෝ
ඈත සංසාරයේ
මා හඹාගෙන මේ ලෙස ආවේ
පාළු වී ජීවිතේ...
බෝ දුර එක් වී ආවට වෙන් වී
යා යුතුයි මේ ලෙසේ...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : ස්ටැන්ලි පීරිස්
ගායනය : රෝහණ බෝගොඩ
10.රාම කුමරුනේ
රාම කුමරුනේ ඇත්ත කියන්නම්
ඔබ ළඟ නෑ මා පැතූ ආදරේ
රාවණ රජු මට සිහිවෙනවා
ලක් දෙරණේ සුව සිහිවෙනවා...
නම රළු වුවත් හදවත රළු නැහැ
ලැබුණා ඔබගෙන් සුවසහනේ
රාම කුමරුනේ ඇත්ත කියන්නම්
රාවණ ළඟ විය සැබෑ ආදරේ .....
ගී සංකල්පනාව : දයා ද අල්විස්
ගායනය : මාලනි බුලත්සිංහල
තනුව සහ සංගීත නිර්මාණය : එච්. එම්. ජයවර්ධන
11. සවනට හුරු කළ
සවනට හුරු කළ රළු කිණිහිරි හඬ
මකා නැගෙයි පොඩි පුතුගෙ හිනා හඬ...
දුක සැප සම ලෙස එකට බෙදාගෙන
මට දිරි දෙන මගෙ ආදරියේ
මා පුතු මේ රළු කම්මල මැද්දෙන්
උගතෙකු කළ යුතු අනාගතේ...
සොඳුර ඔබට කිසි සැපතක් දෙන්නට
තව බැරි විය එය තවත් දුකකි මට
යකඩ ගොඩක් මැද මා දිවි ගෙව්වද
හඳුනන්නිය ඔබ මසිත මලක් බව
ඔබෙයි මගෙයි මගෙ පුතුගෙයි ජීවය
යකඩ ගොඩක් මතම යි රැඳුණේ
මා විඳිනා දුක වැටහෙනවා නම්
යකඩ ගොඩ ම උණුවෙයි ළඳුනේ...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව, සංගීත නිර්මාණය සහ ගායනය : නිමල් ගුණසේකර
12.ආපසු එනවා
ආපසු එනවා මගෙ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා කාට කියම් දෝ
කෙලෙස කියන්න ද මං
අප සිත් හඬන තරම්...
ඔබ නැවතුන තැන මගෙ හිත ඔබෙ ළග
වෙනතක නැතේ ලැගුම්...
කවුරු දකින්න ද කෙලෙස කියන්න ද
අද මා හෙළන සුසුම්...
ඉහට වහල සේ තරු පිරි අහසේ
නිවහන වූ පොළව යි...
හමු වූ තැන්වල ගස් වැල් වැලපෙයි
නොහඬමු ඔබයි මමයි...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : අර්නස්ට් සොයිසා
ගායනය : ප්‍රියා සූරියසේන
13.මා හිස පිරිමැද
මා හිස පිරිමැද නැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා..
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ......
මගෙ ජීවිතය ම ඔබෙන් සැදුණු බව
එදිනයි මට දැනුණේ..
එතරම් අසරණ වී
නෑ කිසි දින තනි වී...
කිසි ලෙසකින් හෝ වටහා දෙනු බෑ
සෙනෙහස දෙවි කමකී...
ඒ දෙවිකම හැඟුණේ
ඔබ යළි ආ දිනයේ.....
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : චන්ද්‍රදාස බෝගොඩ
ගායනය : ඉන්ද්‍රානි බෝගොඩ
14.එහෙත් මෙහෙත් නෑ
එහෙත් මෙහෙත් නෑ මුහුණ පෙනෙන්නේ
පාළුව යාළු වුණේ පැතූ වදන් නෑ
ළබැඳි සිනා නෑ කාලය ඉබි ගමනේ...
ටිකින් ටික ට අඩිපාර පළල් වී
රිය සලකුණු ඇඳුණා
ඊයේ නිවහන මහ මැදුරක් වී
අංගනය ද සැදුණා...
කහවණු හිනැහේ අද මතු මහලේ
මා හිත බිම් මහලේ
හිමියනි මා නෙත කඳුළු බලන්න ද
කහවණු නළවන්නේ...
බුමුතුරනක් කර යසි'සුරු අතුරා
හිත් මල එහි පර වී
පළිඟු විමන් තුළ දුක් සඟවන්න ද
සැදුණේ රන් කාසී...
ගීත සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : රෝහණ වීරසිංහ
ගායනය : නිර්මලා රණතුංග
15.විරහා දුකින් වෙළී
විරහා දුකින් වෙළී
ඔබගේ නුවන් පෙඟී
කළ කී කතා මැකී
මා පෙළා...
තහනම් සෙනේ බැඳී
දඬුවම් ලබා ඉමී
ගිය දේ ගියා වැනී
නොලැබිලා...
ඔබෙ රූ නෙතේ ඇඳී
කිසිදා නොයයි මැකී
අහිමී සෙනේ පතා
සැමදා බලා ඉමී...
සෙනෙහේ ලැගුම් සොයා
කොහෙදෝ ගියේ අපී
සසරේ පතා නැතී
ගමනේ මුළා වුණී...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : ස්ටැන්ලි පීරිස්
ගායනය : ලතා වල්පොල සහ සරත් තිසේරා
16.පෙම් කළ වරදට
පෙම් කළ වරදට මට වද දෙන්නේ
පෙම් කළ හිතකින් නොවෙන නිසා
අයියන්ඩියෙ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුණු දිනේ
ආදරයේ සුව දැනුණු දිනේ...
යන එන හමුවන මඟ අවුරාලා
ආදරයක් වැළකිය හැකි දෝ...
නොපෙනෙ ද ඔහුගේ දෙපතුල මා හිත
සැනහෙනු මේ රැකවල් බිඳ දා...
චිත්රාවක් වන්නේ නෑ මා නම්
අයියන්ඩියෙ ඔබෙ අණට හොරා...
ආදරයේ දුක ඔබට දැනේ වී
පෙම්වතියක මුණ ගැහුණු දිනේ...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීතය : චන්ද්‍රදාස බෝගොඩ
ගායනය : ඉන්ද්‍රානි බෝගොඩ
17.මට මතකයි
මට මතකයි ඔබ පිපිලා උන්නා
දුනුකේ ගසක සුදූ...
මට මතකයි ඔබ සොයලා ආවා
බඹරෝ සුවඳ මදූ...
වත්සුණු තවරා කවුළුව අතරින්
හිස පොවලා දවසක් දා
මතකයි අත වැනුවා...
අත්තල හඬවා මහ මඟ කුර ගා
ඔබ යද්දී දවසක් දා
මතකයි අත වැනුවා...
දිය සුළි නැගි ලා වෙරළට එද්දී
බෙලි කටුවේ සැඟවීලා
මුතු ඇටයක් තිබුණා...
සසරේ පෙර දා වරම් ලැබූ ලෙස
බෙල්ලෙකු වී සඟවා ලා
මම ඔබ රැක ගත්තා...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : හෙක්ටර් සිල්වා
ගායනය : හෙක්ටර් සිල්වා සහ පුණ්‍යා කත්‍රිආරච්චි
18.එක්ටැමින් බැඳි පාළු මැදුරේ
එක්ටැමින් බැඳි පාළු මැදුරේ
නිසල රෑ යාමේ
පවුරු මුර දා ආදරේ
සිර කර තැබූ වෙලේ
වැලපුණා ඔබ සඳුට දුක දී
උන්මාද චිත්රාවන් වගේ...
සියලු සම්පත් අහිමි වූ දා
සුවඳ ආදරයේ
හව්හරණ නැති කුරිරු ලොව මැද
විකල් වූ ලෙසිනේ
සරණ යැද ඔබ හඬා වැටුණා
පටාචාරාවන් වගේ...
මා නිසා ඔබ නැවත ඉපදී
පිනැති මා ළදුනේ
කඳුළ අවට ද සිනා ඇති බව
පසක් කර දිවියේ
සිනාසෙනවා රැජිණියක ලෙස
ලෝකය ම දිනුවා වගේ...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය: සෝමපාල රත්නායක
ගායනය : රෝහණ සිරිවර්ධන
19.පිනි බිඳු විසිරෙන සීතල හිමිදිරියේ
පිනි බිඳු විසිරෙන සීතල හිමිදිරියේ...
ජීවිතයට අරුණලු විහිදෙනවා
ප්‍රිය හිමියනී මගේ...
ප්‍රිය හිමියනී මගේ...
සඳ රැස් යහනේ ගෙවුණු රැයේ
මිහිලිය පිය හිමි පා සැනසී
මිහිඳුම් සළුවෙන් දෙනෙත වසනවා
නව හිරු පායා එනු දැකලා...
පෙම්බර හිමියනි ඒ සඳ යහනේ
අනන්ත මල් පිපිලා රහසේ
ඔබ පාමුල සෙනෙහසින් ගිලිහුණා
උදාර මල පරසතු උයනේ...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීතය : එච්. එම්. ජයවර්ධන
ගායනය : මාලිනී බුලත්සිංහල
20.පියාපත් දෙන්න මට
පියාපත් දෙන්න මට ඉගිලෙන්න හිස් අහසෙ
පුබුදන්න දිගු නින්ද සෙමෙන් මුදු වදනකින්
ගඟක් සේ ඉඩ දෙන්න ගලන්නට ජීවිතේ
බලා ඉමි එනතුරා ඔබ මවෙත සෙනෙහසින්
පියාපත් දෙන්න මට...
දවස පුබුදන හිනා හෙට දිනේ ලැබේ දෝ
ගිම් නිවන පවන් පොද කඳු මතින් ඇදෙයි දෝ
සිනා පිරි සැඳෑවේ සුසුම් සුව දැනේ දෝ
අඳුරු තිර දෙපළු වී ඔබේ රුව පෙනේදෝ...
සතුට පිරි මතකයේ මිහිර ඉහිරුණු හිතේ
ඔබෙන් සැදි මගෙ ලොවට අතවනමි අද දිනේ
පුරා හඳ ඇති රැයක් ලෙස දැනෙයි ජීවිතේ
සුන්දරයි මගේ ලොව ළඟාවන මතු දිනේ...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : යමුනා විනෝදිනී
21.කඳුළු අතරට සිනා රැළි වෙමි
කඳුළු අතරට සිනා රැළි වෙමි
විඩාවට සෙවණක් වෙමී
ජීවිතේ පොත පුරා ලියැවෙන
ආදරේ කවියක් වෙමී...
සුවඳ සුදු මල් හිනා වෙද්දී
කවුළු දොර ළඟ අතු කොනේ
ඒ මැදින් මම හොරෙන් අතුරමි
හදවතේ බැතිබර සෙනේ
සැඳෑවක ඔබ සඳැල්ලට වී
තනි ව ලතැවෙන වෙලාවේ
ගීයකට රස පද එවන්නම්
සඟවලා රන් වලාවේ...
බුදුන් පාමුල වැඳ වැටෙද්දී
බැතින් බර වී සැනහිලා
පිදූ මල් මැද සුවඳ දුම් මැද
පැතුම් පුරවමි හිනැහිලා
යහනකට වී අඳුර ඉවසා
රැය ගෙවී යද්දී ඉබේ
සඳ කැරැල්ලක් සමඟ පාවෙමි
කවුළුවෙන් කුටියට ඔබේ...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව නිර්මාණය සහ ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා
21.කඳුළු අතරට සිනා රැළි වෙමි
කඳුළු අතරට සිනා රැළි වෙමි
විඩාවට සෙවණක් වෙමී
ජීවිතේ පොත පුරා ලියැවෙන
ආදරේ කවියක් වෙමී...
සුවඳ සුදු මල් හිනා වෙද්දී
කවුළු දොර ළඟ අතු කොනේ
ඒ මැදින් මම හොරෙන් අතුරමි
හදවතේ බැතිබර සෙනේ
සැඳෑවක ඔබ සඳැල්ලට වී
තනි ව ලතැවෙන වෙලාවේ
ගීයකට රස පද එවන්නම්
සඟවලා රන් වලාවේ...
බුදුන් පාමුල වැඳ වැටෙද්දී
බැතින් බර වී සැනහිලා
පිදූ මල් මැද සුවඳ දුම් මැද
පැතුම් පුරවමි හිනැහිලා
යහනකට වී අඳුර ඉවසා
රැය ගෙවී යද්දී ඉබේ
සඳ කැරැල්ලක් සමඟ පාවෙමි
කවුළුවෙන් කුටියට ඔබේ...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව නිර්මාණය සහ ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා
22.දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
සිත සිරකරලමි ඔබට නොඑන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා...
අහසට ඔසවන විටකදී නෙත් යුග
හිරු සඳු වී ඔබ හිනැහෙනවා
මිහි මත පියකරු දසුනක් වේ නම්
ඔබේ රුව ඒ තුළ දැවටෙනවා...
පාළුව ඉවසා මා තනිවෙද්දී
සුසුමක් වී පසුපස එනවා
කල්පිත ලෝකේ ගී පොත පෙරළා
ගීයක් වී ඔබ වැලපෙනවා...
අහසත් පොළවත් ඔබම ද මාහට
නැතුවද ඔබ මා හැරයන්නේ
තහනම් දේසේහි බැඳි බැමි බිඳ දා
කෙදිනද ඔබ මා හමුවන්නේ...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : ගුණදාස කපුගේ
ගායනය : පුණ්‍යා කත්‍රිආරච්චි
මෙන්න සින්දු ටික ගන්න
--------------------------------------------------------------------------
ප.ලි
ඉහත සංවාදය උපුටා ගත්තේ "මව්බිම " පුවත් පතින් .
වැරදි අඩුපාඩු පෙන්වා දෙන්න .මේ සම්බන්ධව තිය අත්දැකීම් බෙදාගන්න ..
ඉතා අමාරුවෙන් තෝරා ගත්තු ගීත කීපයක් පමණයි ..
ඉතා අමාරුවෙන් තෝරා ගත්තු ගීත කීපයක් පමණයි ..
තනිකර රස ගුලාවක්.. දයා අක්කම කියුවා වගේ මේ සමහර ගීත දැන් ඇහෙන්නේම නැතුවා වගේම ඒව ලියුවේ ඇය බව මාත් දැනගෙන හිටියේ නෑ.. මවුබිම සංවාදය ගෙනාපු එකාටත් මේ ටික මෙච්චර පරිස්සමට අපිත් එක්ක බෙදා ගත් සින්දුවාටත් මගේ ප්‍රණාමය..
ReplyDeleteස්තුතියි කමියෝ ..
Deleteගොඩක් කල් ඉඳලා දාන්න හිටපු පොස්ට් එකක් මේක .
අපේ මදාවියා තමයි මතක් කලේ ...සින්දු සෙට් එක අහන්න දෙන්න වෙන්නේ පස්සේ .සින්දු ටික අප්ලෝර්ඩ් වෙන්නේ නැ .ඉන්ටර්නෙට් පිස්සු කෙලිනවා ...
බොහොමත්ම තුති ඔබට සින්දු ඇනෝ . . .
Deleteපෙම් කළ වරදට මට වද දෙන්නෙ සිංදුවට වයලීනෝ සටහනක් එක් කර තිබුණ දැනට සතියකට දෙක්කට කලිං. එහි සංගීතය අරුත මේ හැම දෙයක්ම මුසුව. හොයාගන්න හැකි නම් කියවන්න. නැත්තං මේ කමෙන්ට් එක දකින කෙනෙක් ඒ ලිංක් එක මෙතනට එක් කරයි.
ReplyDelete(මේ දවස් වල ගොංපීතරය පිස්සු නටන නිසා ජංගමෙන් කියවන්නෙ ලියන්නෙ සබැදියන් එක් කරන්න නොහැකි එනිසයි.)
ස්තූතියි සිංදුවො මේ සටහන අපි එක්ක බෙදාහදාගත්තට. ඒ වගෙම සිංදු ටිකට සමහරක් ඒව අහලම නෑ
ජයවේවා
http://sinduwagemiyasiya.blogspot.com/2015/07/blog-post_9.html
Deleteඔන්න තියේ
ලිපියෙ මුල ටික කියෙව්වෙ නැතත් ඉතුරු ටික කියවල බලන්ටලකො
http://sinduwagemiyasiya.blogspot.com/2015/07/blog-post_9.html
Deleteඔන්න තියේ
ලිපියෙ මුල ටික කියෙව්වෙ නැතත් ඉතුරු ටික කියවල බලන්ටලකො
ස්තුතියි මහේෂ් .මම මේ විස්තරේ බැලුවා .ගොඩක් වටිනවා එකත් මෙතැනට එක් කල එක ...
Deleteසින්දු ටික ඔක්කොම දෙන්නම් අහන්න ..
ආයිබෝං ලොක්කා
ReplyDeleteමව්බිමේ මේක ගියා කීවම හිතාගන්න බෑ නෙවැ :D
ආයිබෝං ආයිබෝං මචෝ ...ඉතින් කොහොමෙයි ..
Deleteවටිනා දේවල් වලට වටිනා කමක් මව්බිමේ දීලා තියනවා ...
This comment has been removed by the author.
ReplyDeleteඅනේ සින්දු , බැරිද මේවට ලින්ක්ස් එකතු කරන්න. mp3 ඔරිජිනල් ලින්ක්ස් නම් අගෙයි නෙ?
ReplyDeleteවැඩේ නම් අති විශිෂ්ඨයි. සුබ පැතුම් හොඳේ
ඔන්න හංසමාලි mp3 ටික දැම්මා ....ගන්නෝ
Deleteස්තුතියි ...
මා කැමතිම ගී පද රචිකාවිය. ඇයත් නිරංජලා සරෝජිනියත් කපුගේ, රත්නශ්‍රී තරමටම මට වටිනවා. මේ පවුලෙ හැමෝම සහභාගි වූ සුරම්‍ය රාත්‍රිය වැඩසටහනක් කලකට ඉහත බැලුවා. ලින්ක් එක හම්බුනොත් දාන්නම්.
ReplyDeleteඅයියණ්ඩී ඇයි දැන් මේ ගීත අපිට ඩවුන්ලෝඩ් කරගන්න බොක්ස් එකට අප්ලෝඩ් නොකරන්නෙ??
http://www.rupavahini.lk/musical-programmes/ma-saha-mage-miyasiya/139-2013-07-09-niranjala-sarojani.html
Deleteකියලා වැඩක් නෑ මනෝෂ්, ඒවා ගීත නෙමේ. සංගීතයට ලැබුණු දිව්‍යමය දායාද!
Deleteමනෝ සින්දු ටික දැම්මා .අරන් අහලා බලන්න .මගේ ඉන්ටර්නෙට් පිස්සු කෙලියා එකයි පරක්කු උනේ ...ස්තුතිය් තොරතුරු එකතු කලාට ...
Delete//සංගීතයට ලැබුණු දිව්‍යමය දායාද!//
+++++++++++++++++++++++++++++++
අන්න මදවියෝ වචනේ ..ජයවේවා !!!
ස්තූතියි අයියණ්ඩී...
Deleteසින්දුවෝ...උඹනම් බොහොම වටිනා වැඩක් කරන්නේ...
ReplyDeleteබොහොම සන්තෝසයි...
ස්තුතියි විභියෝ ....
Deleteමේ තමයි තනිකරම හිත නිවන ගීත, රිඟින් ටෝන් වලින් වියුක්ත වුනු, රිඟින් ටෝන් ගීත හා සැබෑ ගීත තර ඇති වෙන්වස වටහාගන්නට
ReplyDelete+++++++++++++++++++++++++++
Deleteඉවාන් මචන් මටත් මදාවියා වාගේ මෙතැන වැටක් ගහන්න තමයි වෙන්නේ ...
Deleteඋඹත් එක්ක 100% එකගයි මචෝ .ගීතයක් කියලා කටක් ඇරලා කියන්න පුළුවන් සැබෑ ගීත .
ජයවේවා !!!!
+++++++++++++++++++++++++
මගේ ඉල්ලීමට මේක ඉක්මන් කිරීම ගැන උඹට මාගේ ප්‍රණාමය. මුලට උඹේ පූර්විකා පොඩ්ඩකුත් එක්කරලා කලාකාරිනිය හඳුන්වා දුන්නානම් තවත් අගෙයි.
ReplyDeleteමේවා මචං සරල ගී වුණත් සංගීත භාවනා. නිහඬ රෑක අහලා බලන්න ඕනි අගේ තේරෙන්න. කොමෙන්ට්ස් දාන්නවත් වෙලාවක් නෑ බං බදාදා වෙනකං. අනික් උන්ටවත් හරියට කොමෙන්ට්ස් නොදා මේක උඹට දැම්මෙ එහෙම නොකලොත් මම මහ මොකෙක්ද මන්දා වෙන හින්දා.
නැවතත් බොහෝම බොහෝම බොහෝම ස්තූතියි! ජයවේවා!
උඹට ස්තුතියි මාව උනන්දු කලාට ...මදාවියෝ මට පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ උඹ ඔය කියන පුර්විකා ලියන එක .මට හරියට ගලපගන්න බෑ බන් .බලමු ඉස්සරහට හමිනේටවත් කියලා මොකක් හරි ලියන්න ...
Deleteස්තුතියි මචෝ ....
මොන වැරදිදි බං. දයා අක්කගේ නිරහංකාර කමටයි මම කැමති. ඇය කවදත් එහෙමයි..
ReplyDelete//දයා අක්කගේ නිරහංකාර කමටයි මම කැමති//
Delete++++++++++++++++++++++++++++++++
දේශෝ මෙන්න මේදේ තමයි නියම කලාකාරිනියකට තියෙන්න ඕනෑ .ඇය හැම ඇතින්ම විශිෂ්ටයි .
ජයවේවා !!!
දයා අල්විස් මහත්තයා ගැන දැනගෙන හිටියත් දයා ද අල්විස් කියන මෙතුමිය ගැන මේ දක්වා දැනගෙන සිටියේ නැහැ.
ReplyDeleteරෝහණ බෝගොඩයන් ගේ "නෙතින් නෙත බලලා"ගීතය මා ඉතා ප්‍රිය කරන ගීතයක්.එතුමිය මා ප්‍රිය කරන ගීත බොහොමයක්ම රචනා කර තිබෙන හැඩයි.
තනි වෙච්චි මොහොතක හුදකලාවේ අහන්න නියම සිංදු.
ඔන්න මනෝජ් මම බලාපොරොත්තු උන කෙනෙක් මුණ ගැහුනා .මට වුවමනා මෙවැනි විශිෂ්ඨ චරිත ගැන නොදන්නා එක්කෙනෙක් හරි දැනුවත් කිරීමට .ස්තුතියි මනෝජ් අවංක අදහසට ...
Deleteජයවේවා !!!
එන්න පරක්කු වුනා..
ReplyDeleteබ්‍රෑන්ඩ් එක ගල්..
රතුඉර ගහලා තියනවා දැක්කේ නැද්ද ? හැක් හැක්
Deleteස්තුතියි මචෝ
බ්රන්ද එක දන්නවානේ ...
නියමයෝ. සින්දුවෝ , ඔය සිතවනි කියන සින්දුව මම හරි ආස එකක්. නමුත් ඔය ඉතිහාසය දන්නේ නැහැ.
ReplyDeletehttp://nelumyaya.com/?p=3692
ඉතිහාසය අද දැනගත්තානේ ...
Deleteස්තුතියි අජිත් අය්යේ ....
මමනම් ඉතින් සින්දු ගැන මෙලො මලදානයක් දන්නෙ නෑ අවංකවම. පෝස්ට් එක කියවලා ගොඩක් දේවල් දැනගත්තා.
ReplyDeleteබොහොම සන්තෝසයි කැඑලෝ පොඩි දෙයක් හරි දැනගත්තානම් ...
Deleteජයවේවා !!!!!1
වරෙක මමත් ඈ ගන කුඩා සටහනක් තැබුවා..
ReplyDeleteමේ සියල්ල එක තැනක තිබිච්චාවේ...
ජය!
http://hadageepotha.blogspot.ae/2013/06/blog-post.html
තිස්ස අය්යේ මේක මම කලින් කියවලා තියනවා .ඉස්සර බෝලොක් කියවන්නෙක්ව සිටි කාලේ ඔබතුමා පොස්ට් එකක් දානකල් ඉන්නේ බලන්න ...ඒ පොස්ට් එකත් එක්ක බලනකොට මේක නිකම් ඇහින්දාස් පොස්ට් එකක් විතරයි ....
Deleteබොහොම ස්තුතියි !!!
ජයවේවා !!!!
("රාම කුමරුනේ ඇත්ත කියන්නම්" - මේක හොයාගන්න බැරි උනා .තියනවානම් අපිටත් දෙන්නෝ )
ජයවේ සින්දු ඇනෝ
ReplyDeleteඔබ අපට සම්පතක්
ස්තුතියි වර්ණ .....
Deleteසාදරයෙන් පිලිගන්නවා ..
පුළුවන් නම් මගේ බ්ලොගය පැත්තෙ එන්න
ReplyDeleteඔබේ අදහසක් මට ගොඩක් වටීවි
ජයවේ!
එනවා මචෝ පුළුවන් හැමවෙලාවෙම ....
Deleteමචන් මට සින්දුවක් හොයාගන්න help එකක් දෙන්න පුලුවන්ද.මම radio එකේ ඇහුව එක සැරයක් title එක නම් 'සඳ එන්නැති හැන්දැවක ඇවිත් යන්න' වගේ තමා මතක.guitar එක විතරයි use කරලා තියෙන්නේ.ඇහුවේ y fm එකේ drama එකක් අතර මැද.thanks
ReplyDeletejayasingheraveen6@gmail.com
Delete‘දෑස පියාගමි ඔබ නොපෙනෙන්නට‘ ගීතය නැතිවීම ගැන මාගේ බලවත් මෙව්වා එක පිළිගන්න.
ReplyDeleteපොස්ටුව හොදින් නොකියවීම ගැන මාගේ බලවත් මෙව්වා එක පිළිගන්න .....හැක් හැක්
Deleteතෝ මහා කපටියෙක්...
Deleteසාකච්ඡාවෙ ඕක තියෙන බව මම දන්නවා. උඹ සින්දුවෙ ලිරික්ස් ටිකයි ඕඩියෝ ලින්ක් එකයි දාලා තියෙන්නෙ පස්සෙ. නෑ කියපං බලන්න.
කට්ට කයිරාටික වෙට්ට පිත්තල සින්දුවා...
හැක් හැක් ....
Deleteමමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්..
හා හා පාසලෙන්.. හූ හූ පාසලෙන්
වෙට්ට පිත්තල වී සිටිමි කවටකම් වලින්
අපේ ටීචර් මට මේ නම දැම්මේ…
http://sinhala.lankanewsweb.net/index.php/features/2013-07-01-07-49-32/17842-2015-07-21-13-14-32
ReplyDeleteස්තුතියි අය්යේ ...
Deleteපොඩ්ඩක් මේක හිතපං. ඉස්සර කරුණාරත්න අබේසේකරලා ප්‍රේමකීර්තිලා කාර්වල බොනට් උඩ තියාගෙනත් සිංදු ලිව්වලු ගුවන් විදුලියෙ ටොරින්ටන් හංදියෙ. අද ඉතිං එෆ් එම් චැනල් වලට ඉඩම් නෑනෙ. පොඩි ගෙවල් ඇතුලෙත් රේඩියෝ ස්ටේෂන් තීනවනෙ කොළඹ. එත කොට මේවයෙ ඉන්න සන්නිවේදකයො හැත්ත බුරුත්ත අම්බානෙට වැඩිනෙ. දැං උන්ට සිංදුවක් කවියක් ලියවෙන් නැත්තෙ ඉඩ මදි හන්දද? හනේ මන්ද
ReplyDeleteහික්ස් ...අන්න කතාව මචෝ .මචෝ මේ ලඟදි වාහනේ යද්දී "ෂා " fm එකේ අලුතින් බඳවා ගන්න නිවේදකයන්ගේ සුදුසුකම් ගැන කිව්වා ..."ගෙදරට කරදරයක් විදිහට කියවන එක , මාර කටක් තියෙන්නේ කියලා යාලුවෝ කියන එක , කච කච ගාලා කතා කරන එක වාගේ දේවල් තමයි ලු සුදුසු කම් වෙන්නේ ....ඉතින් මචෝ සින්දු , කවි නෙවෙයි මුන්ගේ අම්මලාගේ නමවත් ලියවෙයිද මෙහෙම හැත්තක් සන්නිවේදකයො උනාම .....
Deleteස්තුතිය් කිචියෝ
නියමයි මචං...කාලෙකින් කියවපු බොහොම රසබර ලිපියක්. මේ වගේ සංවාද වලට මම බොහොම මනාපයි. ලංකාවේ ගී පද රචිකාවියන් අතර ඉහළින්ම කියවෙන නමක් තමයි මේ. අකලට වට මහ ගීතයේ සංගීතය ඉතාම සුවිශේෂියි...මම හිතාන හිටියෙ එය කේමදාසයන්ගෙ වැඩක් කියලා. අද තමයි නන්දා මාලනියගෙ බව දැනගත්තෙ. කාන්තාවන් තිදෙනෙක් දායක වෙලා කරපු ගීත නිර්මාණ ඉතාම අතලොස්සයි ලංකාවෙ ගීත සාහිත්‍ය තුල අැත්තේ...
ReplyDeleteලා සඳ එළියේ ගීතයත් නිරංජලාගෙ සරළ ගී වැඩසටහනකට ලියපු එකක්...ඒ පටිගත කිරීමට සති දෙකකට පස්සෙ තමයි නිරංජලාගෙ විවාහය යෙදිලා තියෙන්නෙ. ඉතිං විවාහ වෙන්න ඉන්න නිරංජලාට මධුසමය ගැන කියවෙන ගීතයක් විදියට තමයි එය ලියලා තියෙන්නෙ. ඒ ගීතය ඇතුලෙ තියෙනවා පුදුම මිහිරක්. මම නිතරම අහන ගීත ලැයිස්තුවට එය ඇතුලත්....ස්තූතියි බොට...මේ විස්තර අපිට කිව්වට.
ස්තුතියි සිරෝ උඹේ වටිනා අදහස් වලට ...
Deleteජයවේවා !!!!
අැනෝ......................... නියමයි.............. මේ විදිහට සින්දු ටික ඒකතැනකට ඒනවා කියන ඒකත් වැදගත්........ හරිම අගෙයි අැනෝ...................
ReplyDeleteස්තුතියි කුරුට්ටෝ ...
Deleteමේ සිංදු ගැන දැනන් හිටියට ලීවේ කවුද කියල දැනන් හිටියෙ නෑ සිංදු. නෙතින් නෙත බලාලා කියන සිංදුව මන් ගොඩක් කැමති එකක්. ගොඩක් ස්තූතියි මේ ලිපිය බ්ලොගේ දාල අපිව දැනුවත් කළාට.
ReplyDeleteජය වේවා!!!
අගෙයි සහෝ හොද විස්තරයක්
ReplyDelete