Sunday, November 23, 2014

අපෙ සිත්වල නෑ ක්‍රෝදේ විහිළුවටයි විවාදේ...............




කරුණාරත්න අබේසේකර හා ගුණරත්න අබේසේකර යන 

දෙසොහොයුරන් හා ජෝතිපාල හා මිල්ටන් පෙරේරා යන ගායකයන්

දෙපළගේ සුසංයෝගයෙන් බිහිවූ සොඳුරුතම ගී පෙළක්. ගීතයකට 

පිළිතුරු ගීත ලෙස බිහිවූ මෙම ගී පෙළ රසික හදවත් අමන්දානන්දයට 

පත්කළේය.බලන්න මේක කොතරම් සුන්දර වාදයක් උනාද කියලා.

අපේ අවාසනාව මෙවැනි නිර්මාණ අද බිහි නොවීමයි ..... 



01.අනංගයා මන් අනංගයා......

අනංගයා මන් අනංගයා අනංගයා මන් අනංගයා
ආදරේ ප්‍රේමයේ සුරලොව තනතුරු දැරූ
අනංගයා මන් අනංගයා අනංගයා මන් අනංගයා

රාම සිතා එක්වුණේ රාධ ක්‍රිෂ්ණා ලන්වුණේ
සාලිය කුමරුට අශෝක මාලාවන් අත්වුණේ
මා හින්දය් මේ ලොවේ හැම යුවලම එක්වුණේ
අර සුර ලොවෙ මනු ලොවේ කොතැනත් මගෙ බල පෙනේ

තරුණ හදක් සොයනවා මල්සර පහ යොදනවා
මේ උක්දඩු දුන්න නමා මල් හීයෙන් විදිනවා
කුල බලේ නිල බලේ දන බලේ පන්නලා
අතුපැලේ මාලිගේ පෙම්වතුන් ලන්කලා

පැන දුවන්න ඕන නෑ දුක් විදින්න ඕන නෑ
මා ජීවත්වනතුරු මේ පෙම්ලෝකය පාළු නෑ
ආදරේ ප්‍රේමයේ සුරලොව තනතුරු දැරූ
මල්සරා පෙම්සරා මගුල් සක්වලේ රජා

ගායනය - එච් .ආර් ජෝතිපාල 
ගී පද - ගුණරත්න අබේසේකර  


මේකට පිලිතුරු ගීය................

02.සුපෙම් ලොවේ කුසුම්සරා......

සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා
ඔය අනංගයා තමය් මහා පෙම්හොරා

රාජ දරුවො රාජ ඔටුනු අත්හළේ
සාලිය කුමරුන් රැදෙව්වෙ රොඩි පැලේ
රාවණ රජු සිතා කුමරි හිරකළේ
වානරා හනුමන්ත මන්ද මැව්වෙ ගිනිමැළේ
කුස නර නිරිදා ඩුක් වින්දේ ඇත්හලේ
අනංගයා නිසයි 

කුලය නිලය ධනය බලය සලකලා
වටින තරුණ තරුණියන්ව නැතිකළා
වස විෂ බොන්නේ මිය යන්නේ එල්ලිලා
අනංගයා නිසයි 

දෙමපියන් වැඩිහිටියන් නොසලකයි 
උදේ දවල් රෑ යාමේ දහ දුකයි 
මේ මල් හීසර විදින දුන්න හරි සැරයි 
අනංගයා වසයි 

ගායනය - මිල්ටන් පෙරේරා 
ගී පද - කරුණාරත්න අබේසේකර  

03.පෙම්වතුන්ට සරනේ....

පෙම්වතුන්ට සරණේ අනංගයා මමනේ
පෙම් සටනින් පැරදී දොස් නැගීම වැරදී

පෙමින් වෙලී කාලිදාස මහා කවක් බිහිකළේ
කලාකාමි කවි සිත් වල කවි රසයක් මතු කළේ
සන්ගීතය පෙම් ගීතය පණගන්වා ඔප කළේ
අනංගයා මමය් ලොවේ මහා හපන්කම් කළේ

මහානාග ළග ෂීලා ජයපාලද මාලිනී
ආදරයෙන් එකතු උණා අතුල සමග රෝහිණී
නැපෝලියන් සීසර් වැනි අයටත් ආලය දැනී
මගෙහීසර පහර ලබා පෙම්ගීයෙන් මත්වුනී

ඉස්තිර ආලය නොතකා දෙතුන්දෙනෙක් ගැන සිතා
වස බොන්නේ මිය යන්නේ චපල සිතක් ඇති නිසා
කවුරුන් කොය් ලෙස කීවත් රජා මගුල් සක්වලේ
තරුණ ලොවේ රජදහනේ මම පෙන්වමි මගෙ බලේ

ගායනය - එච් .ආර් ජෝතිපාල 
ගී පද - ගුණරත්න අබේසේකර

මේකට පිලිතුරු ගීය................

04.අනංගයා සරණේ .....

අනංගයා සරණේ පෙම්වතුන්ගේ මරණේ 
තරුණ තරුණියන්ට නොමැත දෙවියනි රැකවරනේ
බ්‍රිතානියේ කිරුළ අයිති විල්සන් අධිපදයා 

මල් සරගෙ හීය වැදී රජ සැප හැරදා ගියා 

දුෂ්මන්තා කුමරු සමග ශකුන්තලා පැටලුනේ 
මල් දුන්නෙන් විදපු නිසයි ඇවිදිනකොට ඇය අනේ ..කවියන් ගත් කරුවන් ලොව උමතුවෙලා වැළපුණේ 
අනංග හී සරය නිසයි සක් දෙවියන් ගොළු උණේ 

ලෙයිලා මජ්නූ පෙම් කතාව හද දෙදරන පුවතකි 
කුසුම් සරා වාසි අතට පගා ගහන මිනිසෙකි
සෙල්ලම් බට දුන්නෙන් විද මුවා වෙලා සැඟවිලා 

මිල්ටන් වැනි මහ කවියන් මල් සරාට රැවටුණා 
රෝමියෝ ජුලියට් වාගේ පෙම් බැඳියන් රැවටුණේ 
මල් දුනුවට මල් සරාය මැව්වේ හද ගිනි මැලේ....

ගායනය - මිල්ටන් පෙරේරා 
ගී පද - කරුණාරත්න අබේසේකර  

අන්තිමට ජෝති මිල්ටන් එකතු කරල මෙහෙම සින්දුවක් හැදුවා......

05.අපි සන්තෝසෙන් ඉන්නේ...

අපි සන්තෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ
අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී
එක හැලියේ බත් කන්නේ එක සෙව්නේ නිදියන්නේ
අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී

අපෙ සිත්වල නෑ ක්‍රෝදේ විහිළුවටයි  විවාදේ
අනුනට නෑ ඔරවන්නේ අවිහින්සක ලෙස ඉන්නේ
සැපතේ විපතේ වේවා එක්වී එකටම ආවා
අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී

සින්හල රජිඩෙකු පෙරදා මිතුදමේ අගය පහදා
තම හිතවත්කම පෙන්වා මහ ගිනිමලයට පැන්නා
දුක සැප දෙකේම වාසෙ ඇදි බිත් සිතුවම් රූසේ
අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී

හැමදා උපදින වාරේ හමුවේවා සංසාරේ
කවදත් එකටයි ඉන්නේ කිසිවිට නෑ වෙන් වන්නේ
ජීවිතේ මිහිර විදිමු ප්‍රීතියෙන් ගීත ගයමු
අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී

ගායනය - ජෝති / මිල්ටන් 
ගී පද - කරුණාරත්න අබේසේකර / ගුණරත්න අබේසේකර

 අනංග වාදයේ සින්දු ඔක්කොම මෙතනින් අහන්න


.............................................................................
ප .ලි
මේ සිදුවීම ගැන වැඩි විස්තර අපිත් එක්ක බෙදාගන්න එකතු වෙන්න . වැරදි තියනවානම් පෙන්නා දෙන්නෝ ....

44 comments:

  1. මල මගුලයි. ඔක්කොම සිංදු අහල තිබ්බත් කවදාවත් එව්ව අතරෙ මෙහෙම ලිංක් එකක් තිබ්බ බව අදනෙ දන්නෙ මල්ලියෙ. උඹ තමා දවසකටවත් පොර.
    අම්මපා මේ කොරන සේවෙට බොලාට
    කැස්සක් ආවත්
    කිඹුහුමක් ගියත්
    පඩයක් ගියත්
    ඒක කර්ණ රසායන මධුර මනෝහර ගීයක්ම වේවා....! සාදු! සාදු!! සාදු!!!

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ...විසිටරයෝ මටත් ඔය සින් එක මතක් උනේ පරණ සින්දු වගයක් හොයන්න ගිහින් .තව මෙහෙම සිද්දි ගොඩක් තියනවා .අරු අයියලා මතක් කරයි ...

      Delete
    2. \\කැස්සක් ආවත්
      කිඹුහුමක් ගියත්
      පඩයක් ගියත්
      ඒක කර්ණ රසායන මධුර මනෝහර ගීයක්ම වේවා....!//

      ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  2. 6. අපි කෙළවාගෙන ඉන්නේ

    අපි කෙළවාගෙන ඉන්නේ දුක ශෝකය මයි දෙන්නේ
    අයියෝ සල්ලී මාගේ අයියෝ සල්ලී
    එක වේලයි බත් කන්නේ බිම පැදුරේ නිදියන්නේ
    අයියෝ සල්ලී මාගේ අයියෝ සල්ලී

    සිංහල රජිඳෙකු පෙරදා හිනාවේ විස හංගලා
    පිටිපස්සෙන් මට ඇරලා මහ ගිනිගොඩකට දැම්මා
    දුක සැප දෙකෙන්ම වාසී සියයට දහයකි කාසී
    අයියෝ සල්ලී මාගේ අයියෝ සල්ලී

    හැමදා උපදින වාරේ නොදෝම'කින්ග්' සංසාරේ
    තුන්වෙනි වරටත් එන්නේ නෑ වෙන එකෙකුට දෙන්නේ
    කනකල් පැණි රසිනී විඳවමු ගිනි ලෙසිනී
    අයියෝ සල්ලී මාගේ අයියෝ සල්ලී

    ගායනය- ජහමනයා
    ගී පද- කල්‍යාණ මිත්‍ර අබේසේකර :D

    ReplyDelete
    Replies
    1. රජෙක් නැතිව රටක් මොටද ඇහුවෙ පෙර අපි
      රටක් නැතිව රජෙක් මොටද අහමු අද අපි

      කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
      වරමාති ශුභ චරිතේ
      ලංකාපති නරේන්ද්‍රසිහ නුපතේ
      කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
      පත්තිරිප්පුවට නැගලා ජනවරමේ බලය කියා

      ඕලන්දෙන් රැගෙන බලේ
      එංගලන්තෙ තබන වෙලේ
      සිංහලුනගෙ බිඳුන බලේ
      කවදා ගොඩ නගමු මලේ

      රජ්ජුරුවෝ උඩයි උඩයි
      අපි පොඩි උන් බිමයි බිමයි
      අන්දරේලා මැද ඉදගෙන
      දෙපැත්තටම විහිළු කරයි

      රට යනවා පරදේසෙක
      අපි යනවා පරලෝකෙට
      අන්තිමේදි බලපුවාම
      අන්දරේලා අපි සේරම
      අන්දරේලා.......

      අන්දරේලා (ජයලත් මනෝරත්න)

      Delete
  3. මේ කතාව අහලා තිබුනට මෙච්චර සිංදු ගොඩක් තියෙනවා කියලා දැනගෙන උන්නේ නෑ. තව ඇම් ඇස් ගෙයි තව කාගෙද එකකුත් තියෙනවා නේද, කළු කපුටා සුදු වන තුරු, මෝල් ගහේ දළු ලන තුරු.. ගීයට අදාලව..

    ප්‍රියා සූරියසේන ගීතයක් කිව්වා.. සුදු පරෙවි රෑන සේ කියලා.. ඒක ගුරුවරයකුට ගැලපෙන සින්දුවක් නෙමෙයි කිව්වාම, එයාම කිව්වා, බාල කාළේ ආයේ එන්නේ නෑ.. වැරදුන තැන යලි හදන්න බෑ කියලා..

    සනත් නන්දසිරිගේ ගමේ කෝපි කඩේ දෙන්නා දෙපත්තේ එකටත් ඔහොම උන ඒකට කියපු පිළිතුරු ගීය මතක නෑ.

    ReplyDelete
    Replies
    1. පිළිතුරු ගීයක් නොවෙයි.සනත්ම තව සිංදුවක් කිව්වා.

      ආකාසෙ තාරකා මුදෙ මඩ උනත් ගෙනත් දෙන්නට
      කෝපි කඩේ දාන් අදින ගැටව් හපන්නු
      ගමේ කෝපි කඩේ දාන් අදින ගැටව් හපන්නු

      කියලා.

      Delete
    2. ගමේ කොල්ලෝ කෝපි කඩවලට වෙලා දාං ඇද ඇද කාලේ කන්නේ නැහැ කියලා පොඩි තර්කයක් මතුවුනා. ඒක ටිකක් සාකච්ඡාවට ලක්වුනා ඒ දවස්වල. දැන් නම් ගීතයක් සාකච්ඡාවට ලක්වෙනවා තියා, අහන්නෙත් එක පාරයිනේ. ඒ කොහොම වුනත් සනත් නන්දසිරි ඒ එක්කම මේ ගීතය ගායනා කලා ගමේ කොල්ලෝ වෙනුවෙන්. හොඳ ගීත දෙකක් ඉතුරුවුනා.
      ගමේ කෝපි කඩේ ලිව්වේ අජන්තා රණසිංහයන්/ මියුසික්..කේමදාසයන්.

      අනිත් සිංදුවත් ඒ දෙන්නාගේ දායකත්වයෙන් වගේ මතක. ෂුවර් නැහැ.

      Delete
    3. නාකි ටිකට පට්ට ආතල්.. මම තාම කොල්ලනේ.... :)

      Delete
    4. මාතා......වරෙන් සූප්පුවක් කටේ ගහන්න...

      Delete
    5. මාතේ අය්යේ කාකි කොල්ලෝ ටික කොහොම ආතල් ගන්න ඇතිද ඒ කාලේ ..මට වුවමනා උනෙත් මෙන්න මේ දේමයි .හැංගිලා තියන සුන්දර කතා එලියට ඇදලා ගන්න ..බොහොම ස්තුතියි හැමෝටම .කට්ටියම මතක් කරපු නිසා මෙන්න සනත්ගේ සින්දු දෙක ....

      ගමේ කොපි කගේ දෙන්නා දෙපැත්තේ දාන් අදින්නේ

      ආකාසේ තාරුකා

      Delete
    6. සමාවෙන්න වැරදිලා ,ගමේ කොපි "කගේ" නෙවෙයි "කඩේ" .

      Delete
    7. මේ නාකි යක්කු ටික දවසක එක තැනකට එකතු කරල කොකුකු වගේ හිටවල තියන්ඩ ඕන

      Delete
    8. කරනවානම් අන්න වැඩ .මුන්ට තියන විසේට හිටවලා තියන්න පුළුවන් වෙයිද දන්නේ නැ ..
      දැන් නාකි විසේ වැඩිවෙන කාලෙනේ ...හැක්

      Delete
  4. සින්දු ඇනෝ.........මේ සින්දු සෙට් එක ආපහු මතක්කරපු එක ලොකු දෙයක්. ඉස්සර සංගීත සංදර්ශනවලත් ජෝති/මිල්ටන් ඔය පළවෙනි සිංදු දෙක කියලා පස්සේ ඩබලම එකතුවෙලා අන්තිම එක කියනවා. අපි නටනවා. මේ ගීත හැදුනු හැටි ගැන පල්ලෙහා ලින්ක් එකේ තියෙනවා. කියවන්න. ඒවා වටිනවා.

    අනංග වාදය හැදුන හැටි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ අය්යේ . මට ඕනා උනේ ඔයාලාගේ අත්දැකීම් බෙදාගන්න.
      ඔය ලිනක් එක දැක්කා .එකතු කලේ නැත්තේ ඔයාලාගෙන්ම මේවා දැනගන්න .

      Delete
  5. බොහොම ස්තුතියි අරු. මමත් මේ කතාව කියන්න හිතාගෙන ඉන්න වෙලාවේ ඔයාගේ මේ ලින්ක් එක දැක්කේ. එතන ඔක්කොම විස්තරේ තියනවා. අපි පාසල් සිසුන් කාලේ මේ අනංග වාදයට අදාළ ගීත පුදුමාකාර ජනප්‍රියත්වයකට පත තිබුනා.

    ReplyDelete
    Replies
    1. අය්යෝ ලියන්නනේ තිබුනේ ඔබතුමාගේ අත්දැකීම් එක්කම ...

      Delete
  6. මෙහෙම කාලයකට ඉහත ජනප්‍රියවුනු ගීත සහ ඒවට අදාළ වුනු සිද්දි ගැන දැනුවත් කරන එක ලොකු දෙයක් මචෝ. මොකද අද කාලෙ මේ සින්දු ඇහෙන්නෙත් නෑ, ප්‍රචාරය කරන්නෙත් නෑ, අනික මේ වගේ සින්දු වලට පදනම්වුනු කතා දැන් කාලෙ මාධ්‍ය ආයතන වල ඉන්න හෙන පොරවල් කියාගන්න (අළුත් අය) අය දන්නෙත් නැතුව ඇතිනෙ අපිට ඕව ගැන කියල දෙන්න ;). නියමයි දිගටම කරගෙන යමු. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සිරාවටම මනා උන්ට මේවා දැනගන්න වුවමනාවකුත් නැ මචෝ .මොකද දැන් ඔය චැනල් එක්කත් ඉන්නේ ඒවාගේම නිසා ...

      Delete
  7. යන්තං ඇති අනංග වාදය මටත් මතක් උනා. උඹට තැන්කුයි බං..

    ReplyDelete
    Replies
    1. දේශ් , බලපන් දැන් හැම තැනම තියෙන්නේ මරාගන්න වාදනේ ..එකයි මම මෙහෙම එකක් දැම්මේ ..බොටත් මතක් උනානම් මට සතුටුයි ලොකු අය්යේ ..

      Delete
  8. අදනෙ මෙහෙම වාදයක් තිබ්බ කියල දන්නෙ , ස්තුතියි සින්දුවො ,
    අන්තිමට දෙන්න ගල් බෝතලයක් ගහල ෂේප් වෙලා නේද ? මොනතරම් සුන්දර වාදයක්ද.

    ReplyDelete
    Replies
    1. බ්‍රෑන්ඩ් එක ගල්නේ මචෝ ...
      අපි නොදන්න ඕය වගේ තව සුන්දර කතා කොපමණ තියනවා ඇතිද ...

      Delete
  9. අඩේ මං හොඳටෝම පරක්කුයි නේද බං. එක දවසයි නිවාඩු. චැහ්!! මේ සින්දු සේරම අහල තිබුනත් මේවෙ එකිනෙක් අතර තිබුන බැඳීම අදයි දැනගත්තේ. අපි හැමදාමත් කියන උඹේ විශේෂත්වය මේකයි මචෝ..

    ඔය වගේම සිංදු සෙට් එකක් තියෙනවා නේද ප්‍රේම්ගේ? ෆ්‍රෙඩී සිල්වා ගායනා කරන. ඒවනම් සොඳුරු විවාද නෙවෙයි, රාජකාරි ජීවිතයේ ප්‍රේම් මුහුණ දුන් කටුක අත්දැකීම්. අර "පාං කිරිත්තා" ගීතය එහෙම.

    ReplyDelete
    Replies
    1. පරක්කුයි කියන්නේ බොට රතු ඉරත් ගහලා දැම්මා ..හැක් හැක්
      ප්‍රේම් ගැන දන්නා අපේ අය්යලා හිටියට වැඩක් නැ බන් .අපිට කියන්නේ නැ ..

      Delete
  10. පට්ට මචෝ ඇනෝ මචෝ..................
    ඇත්තටම සිංදු සෙට් එකමවෙන වෙනම අහල තිබ්බත් එකට අහල නෑ
    තැංකුයි හෝදේ ඔක්කටම වඩා ලිංකුවට තැංකුයි..........
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔබේ සැප මගේ සතුටයි ....
      ස්තුතියි
      බ්‍රෑන්ඩ් ගල් ..

      Delete
  11. මේක ෂෝක් එකතුවක්.
    අර සංජීවනී වීරසිංහද කොහෙදත් පිළිතුරු ගී ගහල තිබුණෙ එකසැරයක්. අයියෝ අනාතයි.

    ReplyDelete
    Replies
    1. ඇයි මචෝ ලින්ක් එක දාලා තියෙන්නේ ....

      http://songstopalbum.blogspot.com/2011/12/sanjeewani-weerasinghe-jothi-pilithuru.html

      Delete
  12. Replies
    1. දැන් යක්කු ඔක්කොම කුලප්පුවෙලා ඉන්නේ මචෝ ..
      ස්තුතියි මෙන්ඩෝ ...
      බ්‍රෑන්ඩ් එක ගල් .

      Delete
  13. සින්දු ඇනෝ කුරුළු ගංගොඩ. හෙට අනිද්දම කතා කරයි රේඩියෝ සිලෝන් එකෙන් වැඩට එන්න කියල..

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් අය්යේ .ඒ ඉස්සර එකෝමත් එක කාලෙක .දැන් නැ ."හායි මෙයා ඔයා මොකක්ද චාර්ට් එකේ තෝරන නෙස්ට් සෝන්ග් එක .ගෙදර මේ වෙලාවේ කවුද ඉන්නේ ...."
      අන්න එහෙම අයට තමයි තැන ...

      Delete
    2. අපිට කොත පෙන්නන්ඩ හැදුවට මම නං හිතන්නේ මු දැනටත් එහෙම තැනක ඉන්න එකෙක්ද කොහෙද

      උඹ මෙලොව එලිය දැක්කේ ඉස්පිරිතාලෙකද නැත්තං රෙකොඩ් බාර් එකකද

      Delete
    3. සාදරයෙන් පිලිගන්නවා අටන් මචං ..
      මම කරන ජොබ් එකත් එක්ක සින්දුවලට කිසිම තැන්ක නැ මචෝ .මම කරන්නේ ඉලක්කම් හර ,බැර කරන ඒක ..
      මම මෙලොව එලිය දැක්කේ නම් හොඳට සින්දු කියන්න පුළුවන් අම්මා කෙනෙකුටදාව ග්‍රාමීය වතු රෝහලක .(රෝහලක් කිව්වට වාට්ටුවක ) හැක් හැක් ..

      Delete
  14. පට්ට බං, මේ වගේ තව වාද තව තියෙන ඒවාත් ටික ටික දාමු

    ReplyDelete
    Replies
    1. අනිවා බලමු මචෝ හොයලා දාන්නම්...
      මේ දවස් වල හැමතැනම වාද තියන නිසා මේවා වාත වෙනවා ..හැක් හැක්

      Delete
  15. අගනා කොමෙන්ටු බලමින්,වටිනා තොරතුරු ඇසුරින් ලියවුණු සිද්ධීන් කියවමින් අපමණ මිහිරක් වින්ඳෙමි... දායකවූ සියළුම දෙනාට හදවතින්ම ස්තූතිවන්ත වෙමි...
    🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

    ReplyDelete