Monday, December 1, 2014

ළමා ගීත






අටම් පහුරේ '' ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ '' පොස්ට් එක නිසා අපි පොඩි කාලේ අහපු සින්දු කීපයක් මතක් උනා .බලන්න මේවා අපේ නාකි ළමයින්ට මතකද කියලා ...මේවා ගැන වැඩි විස්තර දන්නවානම් කියන්නත් අමතක කරන්න එපා ..

01.මොනවද අම්මේ අකුරු ජාතියක්

මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙති වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ
පාට පාට ඉරි හැඩ ගහලා

පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට
වනන්තරේ හරි වැඩ කෙරෙතී
බෝසත්වරු බණ කතා කියද්දී
වන දෙවඟනො මල් වල ලියතී

මේ වගෙ ලස්සන පාට අපට නෑ
කොතැනින් මේවා ගෙන එන්නේ
කොහොමද අම්මේ මේව කියන්නේ
මට නෑ මොකවත් තේරෙන්නේ

ඉර පායන කොට ඉර බැස යන කොට
පාට වළාකුළු ඇත අහසේ
ඒවායින් මේ මල් පැහැ ගන්වයි
ඒව කෙරෙන්නේ හොර රහසේ

අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ
කිචි බිචි ගා මොනවද කියතී
උන් දන්නව ඇති මේ මල් වල ඇති
පුංචි අකුරු නිතරම බලතී

ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව්
කුරුළු ගීත වල රස මතුවේ
එක එක තාලෙට කියන කියන දේ
මල් කොළ වල තව තව ලියැවේ

බිම බැලුවත් මල් උඩ බැලුවත් මල්
පුංචි කුරුල්ලන් ඉගිලෙනවා
සෑමදාම ඇයි මෙහෙමම නැත්තේ
මල් ද කුරුල්ලන් කොහි යනවා

බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට
කවදත් ඔහොමයි පුතුනි මගේ
මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම
මල් කොළ වලටත් සතුට නැගේ

ගායනය: කිංස්ලි ජයසේකර, ප්‍රිසිලා ඕපාත 
ගී පද රචනය: ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

02.අපෙ අම්මා කොළඹ ගිහිල්ලා

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා

මගෙ පෑනේ වයිරන් වැටිලා
පැන්සලයද ගානට කැපිලා

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා

යාළුවො දෙන්නෙක් තවමත් පහළයි
හරි ඉහළයි පන්තිය මාගේ
භූගෝලය ඉතිහාසය ගණිතය
ලේසියි මට අද කජු වාගේ

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා

මගෙ පෑනේ වයිරන් වැටිලා
පැන්සලයද ගානට කැපිලා

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා

ගුත්තිලයේ කවි ටික කටපාඩම්
අමාවතුර මට වතුර වගේ
කතා පොත හොදයි නිනන්දට යනවිට
කියවන්නට එය හරිම අගෙයි

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා

මගෙ පෑනේ වයිරන් වැටිලා
පැන්සලයද ගානට කැපිලා

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා

පෙරපර දෙදිගම රසවත් පොත පත
ඉඩ ලැබු හැමවිට කියවනවා
මා ලොකු වූ පසු කවි ගී රචනා
ලියලා පොඩි අය සනසනවා

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා

මගෙ පෑනේ වයිරන් වැටිලා
පැන්සලයද ගානට කැපිලා

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා

ගායනය: එස්. ලියනගේ 
පද රචනය: කරුණාරත්න අබේසේකර 
තනුව: ඩී. ආර්. පීරිස් 

03.මල් කියන්නෙ කාට කාට

මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට

පෙළක් ළමුන් සුවඳ ගොඩයි
පෙළක් ළමුන් හරිම හැඩයි

පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ

තදින් වැස්ස වහින කලේ
මල් පාසල වතුර වලේ

වතුර පිරෙන වැහි කාලේ
නිවාඩු දෙයි ඉස්කෝලේ

නිවාඩුවට ඇදුම් ඔපේ
පෙන්වා මල් ළමුන් පිපේ

මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට

පෙළක් ළමුන් සුවඳ ගොඩයි
පෙළක් ළමුන් හරිම හැඩයි

පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ

දැන් මල් පාසල් නිවාඩු
ළඟදී අපටත් නිවාඩු

ගායනය: නන්දා මාලිනී 
පද රචනය: පී. බී. අල්විස් පෙරේරා 

තනුව: නන්දා මාලිනී 

04.බල්ල පිදුරු කන්නෙත් නෑ

බල්ල පිදුරු කන්නෙත් නෑ
කන ගොනාට දෙන්නෙත් නෑ
කන්නෙත් නෑ දෙන්නෙත් නෑ

බල්ල පිදුරු කන්නෙත් නෑ
කන ගොනාට දෙන්නෙත් නෑ
බලු කුක්කා පිදුරු ගොඩේ උඩු බුරලනවා
වහු පැටියා බඩගින්නේ බලා ඉන්නවා

ඔයා අකුරු දන්නෙත් නෑ
මට ලියන්න දෙන්නෙත් නෑ
එහා පැත්තෙ ඉඳගෙන මට විහිළු කරණවා
හොඳ අකුරක් ලියවෙනකොට අතින් අනිනවා
මට අතින් අනිනවා

බල්ල පිදුරු කන්නෙත් නෑ
කන ගොනාට දෙන්නෙත් නෑ
බලු කුක්කා පිදුරු ගොඩේ උඩු බුරලනවා
වහු පැටියා බඩගින්නේ බලා ඉන්නවා

ගී කියන්න දන්නෙත් නෑ
මට කියන්න දෙන්නෙත් නෑ
මං ගීයක් කියනකොටම බෙරිහන් දෙනවා
ඇහැට ඇඟිල්ලෙන් ඇනලා මං අඬවනවා

බල්ල පිදුරු කන්නෙත් නෑ
කන ගොනාට දෙන්නෙත් නෑ
බලු කුක්කා පිදුරු ගොඩේ උඩු බුරලනවා
වහු පැටියා බඩගින්නේ බලා ඉන්නවා

ගායනය: ලංකාරාජිණී ගුණසේකර 
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න 

05.අත්තාපල්ලා මුත්තාපල්ලා

අත්තාපල්ලා මුත්තාපල්ලා
මං අල්ලන්නට බැරුවානේ
මං අල්ලන්නට බැරුවානේ

මෝල් ගහෙන් දළු එනතුරු
කළු කපුටෝ සුදු වෙනතුරු
අපෙ කුස්සියේ කළු ලිප් ගල
ලියලාලා මල් එනතුරු

අත්තාපල්ලා මුත්තාපල්ලා
මං අල්ලන්නට බැරුවානේ
මං අල්ලන්නට බැරුවානේ

මගේ පුංචි කිරි දෙතොලින්
නැහැ බොරුවක් කියන්නෙ මං

මගේ පුංචි මේ දෑතින්
නෑ වරදක් කරන්නෙ මං

අත්තාපල්ලා මුත්තාපල්ලා
මං අල්ලන්නට බැරුවානේ
මං අල්ලන්නට බැරුවානේ

ගායනය: ගීතා කාන්ති ජයකොඩි 
පද රචනය ඩෝල්ටන් අල්විස් 

06.උදෑසනම පොඩ් අපි දිව එනවා

උදෑසනම පොඩ් අපි දිව එනවා
කොහේද සැඟවී එළියට එනවා
උදේ පාන්දර පාසල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා

දෙබර මුලක් ගල් වැදී සැලෙන සේ
එපා පුංචි ළමයිනි පොරකන්නට
පේළි ගැසී බසයට නැගගත් විට
මුතු ඇමුණුව වාගේ මුතු පොටකට

උදෑසනම පොඩ් අපි දිව එනවා
කොහේද සැඟවී එළියට එනවා
උදේ පාන්දර පාසල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා

මේ පොඩි බස් රිය ඔබේය හිතලා
කුරුටු ගෑම හරි නෑ ඉරි ඇදලා
අසුන් කඩා බිඳ දමා නොයන්නේ
ඔබේය මේ බස්රිය රැකගන්නේ

උදෑසනම පොඩ් අපි දිව එනවා
කොහේද සැඟවී එළියට එනවා
උදේ පාන්දර පාසල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා

ගායනය: ලලිත් සිරිවර්ධන 
පද රචනය: ගාමිණී විජේතුංග 

07.කොටු වැටිච්ච පුංචි සරම

කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා
ගෙදර නිතර දබර කරණ පුංචි මල්ලියා
මගේ මල්ලියා සුරතලා චණ්ඩියා
මගේ මල්ලියා සුරතලා චණ්ඩියා .

සෙල්ලම් ගෙයක් මා විනෝදයෙන් හදයි
ඒවා කඩා පෙරළලා දමා දුවයි
සීනිබෝල කන්න සල්ලි ඉල්ලලා අඬයි
වසයි හරි දඟයි මල්ලියා හරි හොඳයි

කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා
ගෙදර නිතර දබර කරණ පුංචි මල්ලියා
මගේ මල්ලියා සුරතලා චණ්ඩියා
මගේ මල්ලියා සුරතලා චණ්ඩියා

පාසල් ගොසින් බෑගයක් අතින් අරන්
ගල්කූරයක් අරන් ඇවිත් ළඟින් ඉඳන්
පුංචි ගීත පුංචි කමට කියයි ආදරෙන්
නටයි සන්තොසින් මල්ලියා රත්තරන්

කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා
ගෙදර නිතර දබර කරණ පුංචි මල්ලියා
මගේ මල්ලියා සුරතලා චණ්ඩියා
මගේ මල්ලියා සුරතලා චණ්ඩියා

ගායනය: ශිරෝමාලා ප්‍රනාන්දු 
පද රචනය: ක්ලෝඩ් ද සොයිසා 

08.අඟුරුයි කන්නේ

අඟුරුයි කන්නේ
වතුරයි බොන්නේ
කොළඹයි දුවයන්නේ
මහ කඳු බෑවුම්
පල්ලම් පාලම්
දැක නැහැ නවතින්නේ

දර කොට උඩ දැමු පීලි දෙකක් උඩ
දුම් ගුලි දම දම හූ කියලා

අඟුරුයි කන්නේ
වතුරයි බොන්නේ
කොළඹයි දුවයන්නේ
මහ කඳු බෑවුම්
පල්ලම් පාලම්
දැක නැහැ නවතින්නේ

උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක
කිය කිය මොර දෙනවා

කළු කොඩි උස්සන් මිනිසුන් නග්ගන්
දඩි බිඩි ගා ගෙන යයි
තේ වතු මැද්දෙන් පොල් වතු අස්සෙන්
මැද්දෙන් ගොස් නවතී

අඟුරුයි කන්නේ
වතුරයි බොන්නේ
කොළඹයි දුවයන්නේ
මහ කඳු බෑවුම්
පල්ලම් පාලම්
දැක නැහැ නවතින්නේ

දර කොට උඩ දැමු පීලි දෙකක් උඩ
දුම් ගුලි දම දම හූ කියලා

අඟුරුයි කන්නේ
වතුරයි බොන්නේ
කොළඹයි දුවයන්නේ
මහ කඳු බෑවුම්
පල්ලම් පාලම්
දැක නැහැ නවතින්නේ


ගායනය: චන්ද්‍රානි මානෙල් කල්දේරා 

09.හොර පූසෙක්

හොර පූසෙක් (ම්යෑව් ම්යෑව්)
බටු මීයෙක් කටස් කටස්
හොර පූසියි බටු මීයයි තර‍ඟෙට දිවුවා
පූසි වැටිල කිරි හැළියක
මීය වැටිල පැණි හැළියක
අපට හරි හිනා

හොර පූසෙක්
බටු මීයෙක් කටස් කටස්

පැණි බී මත්වුන මීයා
පරාලෙ උඩ වැනි වැනි උනි
මට දැන් අහුවුනොත් ඒකා
මං එළෙව්ව හොර පූසා

කීතු කීතු වලට ඉරා
වීසි කරනවයි කීවා

මේක ඇහිලා හොර පූසා
කිරි හැළියෙන් ඉහ උස්සා

බැලුවා විතරයි පූසෙක්
වහළෙන් පහළට වැටිලා
තඩි වංගෙඩියක හැපිලා

මහ තඩි වංගෙඩි පතයක්
කකුල ටිකක් උස්සාගෙන

බටු මීයට හැංගෙන්නට ගැනක් කියනවා
හොර පූසී කේන්තියෙන් ඌව හොයනවා
හොර පූසී කේන්තියෙන් ඌව හොයනවා


ගායනය: දමයන්ති ජයසූරිය 

10.ඒයි මොකද මාව කෑවෙ

ඒයි මොකද මාව කෑවෙ මෝඩ මදුරුවෝ
මා දූ රූ වෝ මදුරු‍වෝ

ඒයි මොකද මාව කෑවෙ මෝඩ මදුරුවෝ
ඒකයි මම නියපොත්තෙන් කෙනිත්තුවේ උඹෙ ඔළුව

උඹට රිදුන වගේ තමයි මටත් රිදුනෙ ඒ වෙලාවෙ

උඹට රිදුන වගේ තමයි මටත් රිදුනෙ ඒ වෙලාවෙ
මෙච්චර කල් ගෙදර ඉඳලා බණ පදයක් අහල නැද්ද?
අහල නැද්ද බණ පදයක්?

බොන්න වතුර ළිං වල ඇති
කන්න අහර තැන තැන ඇති

බොන්න වතුර ළිං වල ඇති
කන්න අහර තැන තැන ඇති
මොකද මගේ ඇඟේ වහලා මේ විදියට වද දෙන්නේ

උකුණො මකුණො මදුරුවන්ට විස දළ ඇතිවෙන්න එපා
මහ විසකුරු දළ තිබුනත් අනුන්ට වද දෙන්න එපා

11.හිනැහේවී බෝනික්කා

හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා
නැළවීලා මා උකුළේ
දොයි දොයි දොයි දොයි බබා

ජපන් රටේ උපත ලබා ලංකාවට ආවා
ලස්සණ හැඩ රුව හින්දා අම්මා ගෙන ආවා
උපන් දිනේ මා සනසා තෑග්ගකට දුන්නා
උපන් දිනේ
උපන් දිනේ මා සනසා තෑග්ගකට දුන්නා
මගෙ ලස්සණ බෝනික්කා හිනැහේවී බල බලා
නැළවීලා මා උකුළේ
දොයි දොයි දොයි දොයි බබා

හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා
නැළවීලා මා උකුළේ
දොයි දොයි දොයි දොයි බබා

මල් ගවුමක් අන්දාලා නළලට තිලකය තියා
තෝඩු දෙකක් කණට දමා අතට වළලු දාලා
ගමේ ළමෝ දුව ඒවී සෙල්ලම් කෙරුමට කියා
ගමේ ළමෝ
ගමේ ළමෝ දුව ඒවී සෙල්ලම් කෙරුමට කියා
මගෙ ලස්සණ බෝනික්කා හිනැහේවී බල බලා
නැළවීලා මා උකුළේ
දොයි දොයි දොයි දොයි බබා

හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා
නැළවීලා මා උකුළේ
දොයි දොයි දොයි දොයි බබා


ගායනය: මල්ලිකා කහවිට 
පද: ගුණරත්න අ‍බේසේකර 
තනු: රවි ශන්කර් ශර්මා

12.කුරුම්බැට්ටි මැෂිමේ

කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ
ගවුම් පොඩිත්තක් මහලා ඕනද
කමිස පොඩිත්තක් මහලා ඕනද

කොස් කොළයක් මෙහෙ අරගෙන ආවොත්
රැලි රැලි කපලා ඔපනැලි තියලා
ගවුම් පොඩිත්තක් මහලා දෙන්නම්
කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ

ගවුම් පොඩිත්තක් මහලා ඕනද
කමිස පොඩිත්තක් මහලා ඕනද
කූරටු ඉඳිකටුවෙන් හිල් විදලා
ලේන්සු පොඩියක් මල් මල් සායක්
කොස් කොළ රෙද්දෙන් මහලා දෙන්නම්
කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ

ගවුම් පොඩිත්තක් මහලා ඕනද
කමිස පොඩිත්තක් මහලා ඕනද
කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ .....

ගායනය: එල්සි රොද්‍රිගෝ 
පද රචනය: ආචාර්ය අජන්තා රණසිංහ 

තනුව: සරත් දසනායක 


 සින්දු ඔක්කොම මෙතැනින් ගන්න

----------------------------------------------------------------------------
ප .ලි

හැමෝටම මෙවැනි ගීත මේ සින්දු ටික අහන කොට මතක් වෙයි .ඒවත් අපි හැමෝම එක්ක බෙදා ගමු .
වැරදි ඇතොත් පෙන්නා දෙන්න ...(ගීත බොහොමයක පද අන්තර්ජාලයෙන් හොයාගත්තේ )
ලොකු ළමයින්ට නම් මේ දවස් වල ඡන්ද බයිලා නිසා මේවා දිරවන එකක් නැ .... :D

51 comments:

  1. අවුලක් නෑ.. මම සිංදු කිව්වා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. ඒකනේ. මේ මාතලගේ වැඩ නිසා මට ඇම් ඇස් නෙමෙයි බයියනුත් එපා උනා.. හැක්..

      Delete
  2. //වහු පැටියා ඉඩගින්නේ බලා ඉන්නවා //
    මේක හදපන් ළමයි නොමග යයි .

    ReplyDelete
    Replies
    1. හැදුවා මචෝ ....බොක්කෙන්ම ස්තුතියි මෙහෙම වැරදි පෙන්නා දීමට .
      (මම බැලුවේ උඹලා හරියට මේවා කියවනවාද කියලා ... හැක් හැක් )

      Delete
  3. මදුරු සින්දුව මරු. :D

    ReplyDelete
    Replies
    1. සින්දුව මරු ,විද්දොත් මරේ මරු ...හැක්

      Delete
  4. මාත් කසාද බැදල, ළමයි ඉන්නකොට මේ සිංදු ටික ඩවුන්ලෝඩ් කරල අහන්න දෙන්න ඕනෙ.
    පලවෙනි සිංදුවේ තේරුම දැනගත්ත දවසෙ ඉදන් ඒ සිංදුව අහද්දි පුදුම දුකක් දැනෙනව.
    //පෙළක් ළමුන් සුවඳ ගොඩයි
    පෙළක් ළමුන් හරිම හැඩයි//
    මේ ඉතිං අපි ගැන කියපුව.

    ReplyDelete
    Replies
    1. මචෝ ඒ වෙනකල් ඉන්න එපා .දැන් ඩවුන්ලෝඩ් කරලා උඹ පාඩම් කරලා කියලා දීපන් :D .
      මචෝ මම හරිම අකැමති සින්දුවක් තියනවා " කියන්න සුලන්ගේ ඔබ සිටදෝ එන්නේ " කියන එක .එක අහලා බලපන් .හුළඟත් එක්ක මල පනිනවා උත්තර විදිහට ..හැක් හැක්

      Delete
    2. @කම්මල
      අනේ පලයන් උඔ බබා..

      Delete
    3. @ මෙන්ඩො , මම උබලගෙන් ඔයිට වඩා ප්‍රතිචාරයක් බලාපොරොත්තු උනා . :D

      Delete
    4. අඩේ උඔ තරහා නෑ නේද මගේ සුදු කම්මලේ උඔ මගේ බෝක්ක නිසා එහම කිව්වේ..ඇත්තටම මම කියන්න හැදුවේ නිත්‍යනුකුල නොවුනාට සිංදු කියලා දෙන්න පොඩි උන් ඉන්නේ කියලා ආයමත් බය හිතුනා ඒක සැර වැඩිද කියලා..
      හිත රිදුනා නම් දසදහස් වාරයක් සමාවෙයන් මස්සිනේ

      Delete
    5. පිස්සුද බං, අපි ඔරොප්පු වෙන්න. මම හිතුවෙ උබල මට කෙල්ලෙක් සෙට් කරන්න හදයි කියල.
      මට කොල්ලෙකුයි, කෙල්ලෙකුයි ඉන්නව, අනික මම විහිළු වලට තරහ ගන්න එකෙක් නෙමේ. උබ , සිරා , පත්තරේ ,සින්දු ඇනේ බය නැතිව විහිළු කරන්න පුළුවන් උන් කියල දන්නව. //නිත්‍යනුකුල නොවුනාට සිංදු කියලා දෙන්න පොඩි උන් ඉන්නේ // හෙක් ,හෙක් කට කට
      පොඩ්ඩක් හිටපන් , මේ මාසෙ පුරේ එන්ඩ ඉන්නෙ , එතකොට හමුවෙමු
      සන්තෝසයි බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    6. හැමෝටම ස්තුතියි
      ඔබෙත් මගෙත් අපි හැමෝගෙම තේරීම් ......
      බ්‍රෑන්ඩ් එක ගල් .

      Delete
  5. ළමා කාලෙට ඇදිල පාවෙලා ගියා. ගීතා කාන්ති ජයකොඩි ට සින්දු කියන්නත් පුලුවන්නේ.
    සින්දූර්, අපේ දරු පැටවුන් වෙනුවෙන් උඹට ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ලොකු පිනක් මචන් පොඩි උන්ට මේවා අහන්න දෙන එකම ...
      කොහොමද ගිතක්කාගේ හඬ ..

      Delete
  6. මචෝ.. මේ විදියට තේමා වලට ගොනු කරල ගීත පළ කරන එක බොහොම වටිනවා. මේ ගීත ගොනු වල තවත් කොටස් ඉදිරියෙදිත් පළ කරමු. උඹ ලඟ තියෙන ළමා ගීත ලිස්ට් එකෙන් මේ දාල තියෙන්නෙ අබැටක් විතරනේ. ඕකට සෙට් වෙන මරු සිංදු ටිකක් තිබුනා අපේ ලා තණකොල පෙත්තාස් ගෲප් එකේ, මතකද.

    ReplyDelete
    Replies
    1. මචං ටයි මාමාලා කියන්නේ ජාතියේ දරුවන්ගෙ පිනට පහල වෙච්ච මිනිස්සු. අද මොනවද හැදෙන්නෙ?

      Delete
    2. මනෝ කාර්ටුන් වල ගිය සින්දු ටික වෙනම දෙනවා ....
      @VV ...මචෝ අපේ වාසනාවට ඒවා අහන්න හරි පුළුවන් කමක් තිබුනා ..එත් දැන් මොනාද අහන්නේ .මෙන්න මේ වීඩියෝ එක බලපන් . ජාතික වීරයෝ ගැන ළමයි කියන කතා ...

      Delete
    3. ඒ ගැනනම් වෙනමම පෝස්ට් එකකින් කතාකරන්න තරම් කාරණා කෝටියයි නේද බං. ෂහ්..! ඒවයේ තිබුන රහ.

      Delete
  7. අම්පා, පොතක් හදනවා මං බොගේ මේ කොලෙක්සොං එකෙං. ජය වේවා කිව්වා!

    ReplyDelete
  8. 5 සහ 9 ගීත අැර අන් සෑමගීතයක්ම මා අසා අැත...
    මා සතුව අැත
    ඒ් ගැන ප්‍ුංචි කික් ඒකක්තිෙය්...
    ස්තූතියි සිංදු වො...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. කික් එකක් නෙවෙයි හය හතක්ම තියෙන්න ඕනෑ මචෝ මේවා තියනවා නම් ..මගේ ගාව තව සෙට් එකක් තියනවා .ඒ ටිකත් දෙන්නම් .කවදා හරි දවසක් පරණ බඩු (ඇන්ටික් ) කඩයක් වාගේ පරණ සින්දු කඩයක් දාගන්න පුළුවන් වෙයි .
      ජය වේවා !!!

      Delete
  9. කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන..
    සකලබුජං කොට කලසන් තමයි අඳින්නේ..
    මං.... පුංචි වෙළෙන්දා.. ස්වීප් විකුණාලයි ජීවත් වන්නේ...
    දන ගාද්දී ඇවිදින්නට මට අත දුන්න..

    ඔය අන්තිම සින්දුව අපේ මලයා පොඩි කාළේ කියන්නේ. තත තාත්ති ඇවිදින් මට අත දුන්නා.. කියලා

    ReplyDelete
    Replies
    1. සුරතල් නංගියේ අපෙ අම්මා..
      ආදරේ ඇයි පොඩි හඳ මාමේ..
      හඳපානේ වැලිතලා...

      Delete
    2. මෙන්න පොරවල් ...නියමයි මාතේ අය්යේ .පුංචි වෙළෙන්දා කැසට් එකේ සින්දු කට පාඩම් .ස්කොලේ හැම මාසෙම අන්තිම සිකුරාදා තියන සමිතියේ මේ සින්දු සෙට් එකම ඇහෙනවා .තව ,
      "අකුරට යනවයි කියලා"
      "පේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා "
      "සීනි කෝපි තේ කිරි තේ "
      "අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි."
      "කළුම කළූ කට්ට කළූ " වාගේ සින්දු ගොඩක් තියනවා ...

      මන් පුංචි වෙළෙන්දා...
      සුයිප් විකුණාලයි ජීවත් වෙන්නේ...
      මාමේ නැන්දේ අයියේ අක්කේ
      එන්න සූරාලා බලන්න...
      මන් පුංචි වෙළෙන්දා...
      සුයිප් විකුණාලයි ජීවත් වෙන්නේ...
      අපේ රටේ සංවර්ධනේ...
      පුංචි අපේ වර්ධනේ....
      සුළු මුදලක් හොයා ගන්න
      පාසල් ගොස් ඉගෙන ගන්න..
      මන් පුංචි වෙළෙන්දා...
      සුයිප් විකුණාලයි ජීවත් වෙන්නේ...
      දන්නවාද මුදලාලිව... ඉහල ගමේ පොසතා
      ලොතරැයියක් ඇදිලා තමයි.. ඔය හැටි පොසතෙක් උනේ..
      ලක්ෂේ දිනුම ඔබේ අතේ..
      එහෙම නැතත් රටට සෙතේ....

      ගායනය - රුවන් ශ්‍රී ලාල්

      Delete
    3. ඉස්සර අත්තම්මලාගෙ ගෙදර ජනප්‍රියම කැසට් පටය. ඕක අහන් ඉඳල මාත් පොඩිකාලෙ තාත්තට කියල එම්ප්ටි කැසට් එකක් ගෙන්න ගෙන රෙකෝඩින් එකක් කලා ගෙදර ඉඳලම.

      Delete
  10. මචං..උඔ නම් දෙයියෙක් නෙමෙයි දේවාල ගෙනවා නැවක්..ගෑනි හැමදාම කියනවා පොඩි මෙන්ඩියාට ළමා සිංදු ටිකක් ගෙනත් දෙන්න කියලා..අද මේ ටික පොඩි මෙන්ඩියාට දෙනවා සිංදු ඇනෝ මාමා දුන්නා කියලා.
    එල ද බ්‍රා
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. මෙන්ඩෝ මම උඹට කිව්වා නේද පොඩි මෙන්ඩියාට තෑග්ගක් දෙනවා කියලා ...මෙන්න මේවා තමයි මචෝ දෙනවා කිව්වේ ....

      ස්තුතියි
      බ්‍රෑන්ඩ් එක ගල් (ගල් පත්තරයා , වනචර ප්‍රියා /ඌරා මුන් කොහෙද බන් )

      Delete
    2. ගල් ගහල, කානු පල්ලවල් වල වැටිල ඇති.

      Delete
    3. අපේ එකා දැනටත් කියනවා
      මගේ ස්විට් කෙල්ල මිහිරි මැනික මම ඔන්න ආවා උමම ඔිනේ.
      මම කැමති නෑනාට නෑනා කැමති නෑ මට
      මම කැමති පූසාට පූසා කැමති නෑ මට

      පත්තරයා ලංකාවට ඇවිත් පටන් ගන්න බිස්නස් එකක් ගැන කිව්වා එකට බිසිද දන්නේ නෑ

      Delete
    4. ඒකට බිසී වෙන්ඩ බෑ. බඩු ටික රිදම් ගහපු සීය ගාව තියනව.

      Delete
    5. රිදම් ගහපු සීයා ?????
      කව්ද බන් ඒ ...මෙන්ඩියාද

      Delete
    6. නෑ බං , පත්තරේලගෙ ආත ( සීය ) උන්දැට අවුරුදු 180 වෙනවලු. ෆ්ලෑෂ් බෑක් එකේ රිදම් ගහල තියෙන්නෙ.

      Delete
  11. අපේ ෆැක්ට්‍රියේ කෙනෙක් අද මගෙන් ඇහුවා ළමා ගී ටිකක් හොයාගන්න ඕනි පොඩි එකාට අහන්න දෙන්න කියලා. මට හොයල දෙන්න පුලුවන්ද ඇහුවා. මං උඹේ සිංදු ටික සේරම දුන්න මචං. බලහං උඹේ වටිනාකම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි
      බ්‍රෑන්ඩ් එක ගල් ...

      Delete
  12. මරු බං. පොඩිකාලෙ මේ සමහර සින්දු විභාගෙට කිව්ව මතකයි.

    ReplyDelete
    Replies
    1. කට්ටියටම පොඩි කාලේ මතක් වෙලා වගේ ....

      Delete
  13. අපේ අම්මා කොළඹ ගිහිල්ලා ගීතයට සමකාලීන ගීතයක් තියනවා,

    "කළු මැණිකගෙ ගල්ලෑල්ල කළුම කළු වගෙයි - කොටු වැටිලා ඉරි ගසාල ඒක හරි අගෙයි" කියලා.

    ඒ ගීතයත් පුලුවන්නම් හොයලා දාන්න.

    මේ ගීත අන්තර්ජාලයේ තියන තැන් වලට ලින්ක් දෙන්න හෝ sound cloud වගේ ක්‍රමයකින් මේ ලිපියේම දාන්න පුලුවන්නම් බොහොම අගෙයි.

    ReplyDelete
    Replies
    1. මම ඒ සින්දුවත් හොයලා දාන්නම් ..
      විචාරක මහත්තයෝ සින්දු ඔක්කොම පොස්ට් එක පහලම දාලා තියෙන්නේ ....

      Delete
  14. නියමයි සින්දු මචං...............

    ළමයින්ට වුණත් වැදගත් ලිපියක්.... හරිම වැදගත්........

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතින් පොඩි ළමයි තමයි හරිය ...
      අපි අපේ සයිස් එකට නොවැ වැඩ කරන්නේ ...හැක් හැක්
      (මේ දවස් වල හැම බොලොග් එකකම 18+ තියනවා හොදේ .එනිසා මම හොරෙන් තමයි බලන්නේ .no comment )

      Delete
  15. ජය වේවා මචෝ...
    මමත් ටික කාලෙකට කලින් පොඩි කලෙක්ෂන් එකක් හැදුවා
    මෙතන ඇති සින්දු පොතත් එක්කම තවත් සින්දු ටිකක්
    http://hadageepotha.blogspot.ae/p/normal-0-false-false-false-en-us-zh-cn.html

    ReplyDelete
    Replies
    1. තිස්ස අය්යේ බොහෝම ස්තුතියි ...ඔබ තුමාගේ ලිපියත් එක්ක මේක හෝඩි පොතක් තරම්වත් නැ .මම එතන තියන සින්දු වලත් පද පේලි ටික මෙතනට ගන්නම් ...

      Delete
  16. සින්දු ඇනෝ තුමනි... මා ගාවත් කාලෙකට කලින් ගිය ළමා ගී වැඩසටහනකින් පටිගත කරගත් ඉතා අඩු හඬ තත්වයේ ළමා ගී කීපයක් තිබේ..බෙදා ගැනීමට විදියක් දන්වන්නෙ නම් මැනවි.ඊ තැපෑලෙ ලිපිනයක් ලබා දෙන්නේ නම් එයට යොමු කල හැකිය. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ ..... මෙන්න මගේ මේල් ඇඩ් එක ........
      sinduano@gmail.com

      Delete
    2. google drive එකේ share කලා ඈ... :)
      https://drive.google.com/open?id=0B6zKk2J_YRnVc1hvWi0yUmoxNFk
      පටිගත කිරීමේ දැනුමේ අඩුපාඩු නිසා හඬ තත්වය නම් ඉතා දුර්වලයි. ඒ ගැන sorry වේවා

      Delete
  17. ගයාත්‍රීSeptember 20, 2016 at 11:48 AM

    පින් සිදු වන්ෙන් අෙන් බාල ළමුන්ෙන් සිංදුවට මෙග් දු හරි අාසයි. අෙන් ඒ් සිංදුව ෙහායලා ෙදන්න

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. මෙතනින් බාගන්න.
    http://www.topsinhalamp3.com/mp3-downloads/download-mp3.php?download=pinsidu-wanne-mp3-song&type=mp3&id=1793&music=gOhOklO

    download mp3 ලෙස සඳහන් පින්තූරය click කරන්න

    ReplyDelete