Tuesday, December 30, 2014

දොළොස් මහක් ගතවී යන මොහොතේ......

අවුරුද්දක් ඉවර වෙලා තව අවුරුද්දකුත් ආවා....ඔන්න සින්දු ඇනෝත් හැමෝටම සුභ පතනවා ලබන්නාවූ 2015 වසර සතුට පිරි  සාමයෙන් සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා  !!!!!!






දොළොස් මහක් ගතවී යන මොහොතේ
අන්තිම දවසේ මැදියම් රෑ
කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා
කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා

අවුරුද්දක් තිස්සේ කළ කී දේ 
මතක් වෙනකොටත් සමහර එව්වට 
මටම හිනා මස්සිනේ
අවුරුද්දක් තිස්සේ කල කී දේ 
මතක් වෙන කොටත් සමහර එව්වට 
මට ඇඬෙනව මස්සිනේ
උඹ අඬන්ටෙපා මස්සිනේ
අඬන එකා දැන හිනැහෙන්ටෙපා මස්සිනේ
උඹ අඬන්ටෙපා මස්සිනේ
අඬන එකා දැන හිනැහෙන්ටෙපා මස්සිනේ


දොලොස් මහක් ගතවී යන මොහොතේ...


හපන්කමක් ඇති අලුත නැගී එන 
කෙනෙක් දුටුවොතින් හිත සන්තෝසෙන් 
අත දීපන් මස්සිනේ
අලුත් කෙනෙක් දුටුවොතින් මමත් හරි ආසයි 
ඒත් ඔය කපන්න බැරි අත 
ඉබින්ටෙපා මස්සිනේ
නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා
නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා
නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා


දොලොස් මහක් ගතවී යන මොහොතේ...


පොළෙන් පොළට ගිය පොල් වෙළඳාමෙන් 
යාන්තමට වගෙ ජාම් බෙරුණා 
ඒත් මදැයි මස්සිනේ
ගොනා පිටේ හකුරුත් පටවාලා 
වක්කඩේ හකුරු හංගා තියලා 
හනේ වෙච්චි දේ මස්සිනේ
දැන් ගිය හකුරට නාඬන්නේ
ඔය තියෙන හකුර රැක ගන්නේ
දැන් ගිය හකුරට නාඬන්නේ
ඔය තියෙන හකුර රැක ගන්නේ

දැන් ගිය හකුරට නාඬන්නේ
ඔය තියෙන හකුර රැක ගන්නේ .....//


ගායනය - රෝහණ බැද්දගේ, බන්ධුල විජේවීර
සංගීතය, ගී පද - රෝහණ බැද්දගේ

මෙතැනින් ගන්න


-------------------------------------------------------------------------
ප :ලි  
බොලොග් කියවන්නෙක් විදිහට අවුරුදු ගානක් ඉඳලා නිකමට පටන්ගත්ත මේ බොලොග් කට්ට නිසා අලුත් ජිවිතයක් ගත කරනවා වාගේ .උදේ හවස මෙතනට ඇවිත් කවුරුද ඇවිත් ඉන්නේ කියලා බැලුවේ නැත්නම් කෑවේ නැ වාගේ .ඒ හැමෝම මට මේ කෙටි කාලය තුල ලබා දුන්නු සහයෝගය නිසයි .අලුත් මිත්‍රයෝ සෙට් එකක්ම මුණ ගැහුන නිසයි .අලුත් අවුරුද්දේ මුණ ගැහෙමු .හැමෝටම බොහොමත්ම ස්තුතියි .හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!

(අපේ මෙව්වා එක ලබන අවුරුද්දෙත් ගල් හොදේ.ජිවත් වෙලා හිටියොත් 15න් පස්සේ එන්නම්  )

55 comments:

  1. ගලක් ගසාපන්
    කොල්ලෝ
    ගලක් ගසාපන්
    පත්තරේට ඩිංගක් දී
    ඔක්කෝම ගහපන්..

    ඔසුනවවේ!!

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ...කාගේත් ඔසුව නොවැ දේශකයෝ ..
      වැඩි වැඩියෙන් අපිට කියවන්න බොලොග් පොස්ට් ලියන්න හැකි සුභ නව වසරක් වේවා මචෝ ..ජයවේවා !!!

      Delete
    2. දේශ බොන්නෙ කෝක් නෙවැ :D

      Delete
  2. ඊළග අවුරුද්දෙත් මේ වගේෆුල් ජොලියෙ ඉදන් ෆට්ට සිංදු ටික්කුත් එක්ක අපි හම්බෙන්ට එන්න
    ආතල් බේරෙන සොමිබර පැණි වෑහෙන ගල් රස දෝරෙ යන
    සුභම සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් ජොලියේ ඉන්න පුළුවන් නව වසරක් වේවා මචෝ ...

      Delete
  3. එළඹෙන 2015 නව වසර සිංදු ඇනෝටත් ගොඩාක් සිංදු අපට දෙන්නට හැකිවෙන සුබම සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. හැලප කතා වැඩි පුර ලියවෙන නව වසරක් ඔබ තුමාටත් පතනවා හැලපයියේ ..

      Delete
  4. සින්දු පනස්දාහක් විතර මතක් වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. සින්දු නම් මොනාද බන් .අන්න පවුලිෂා පාලු වෙලා .වැඩි පුර ලියන්න පුළුවන් නව වසරක් වේවා මචෝ ..

      Delete
  5. අනේ අම්මේ කටට කෙල උනනවා..
    සුභ අලුත් අවුරැද්දක් වේවා..
    අර විදුරැ 4
    මම පත්තරේ බුට් ඇනෝ කම්මල තෝ බිපිය බෝතලේ කටේ තියාගෙන.

    ReplyDelete
    Replies
    1. වීදුරු හතරට හලල ඉතුරු කොටේ හොයහන් මෙන්ඩියෝ.

      Delete
    2. මට නැතත් උඹලාට තියනවානම් ඒ ඇති මචෝ ..ජයවේවා !!
      බ්‍රෑන්ඩ් එක නම් ගල් ..

      Delete
    3. කොල්ල හෙට අනිද්ද එනවා !!!!

      ගහමු කුඩු කෑලි යන්ඩ…

      Delete
  6. සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා අපේ සින්දු මැශිමටත්.. නව වසරෙදී අපි බොමු ජය පානේ!

    ReplyDelete
    Replies
    1. කට්ටියම සෙට් වෙලා බොමු ජය පානය මචෝ .උඹටත් සුභ නව වසරක් වේවා !!

      Delete
  7. බෝතලේ ගල්. වීදුරුවල කොමඩු.

    සුභ අලුත් අවුරුද්දක් වේවා සින්දු පවුලටම.
    වරෙන් 15 වෙනකන් ඉන්නැතිව.

    ReplyDelete
    Replies
    1. කොමඩු නෙමෙයි සෝඩා වැඩිපුර දාල. මල් පැණි වගේද ගල් ,පැණි කිරිල්ලියේ.

      Delete
    2. මදාවියෝ බොටත් සුභ නව වසරක් වේවා !!
      කම්මලේ මචෝ උඹට විතරයි තේරුනේ හිටන්.

      Delete
    3. මදාවියෝ මේ කුණු දේශපාලන කතා නිසා බ්ලොග් ටිකත් පාලු වෙලා මචෝ .මේවා කියවනවාට වඩා හොදයි ඉවර උනාම එන එක ..

      Delete
    4. උඹ අපේ පැත්තෙ ආවෙත් නෑ. කෙහෙල් කැන් ඉදි ඉදී වැටෙනවා.

      Delete
  8. උඩ තියන බෝතලෙන් කැවුම් හදල අවුරුදු කන්න ඕනේ.
    වැඩි වැඩියෙන් සින්දු පොස්ට් දාන්න ලැබේවා !!! සුබ නව වසරක් වේවා !!!!

    ReplyDelete
    Replies
    1. බෝතලේ හිස් කරලා පොල් තෙල් ගෙනත් කැවුම් හදමු මචෝ ..
      බොටත් සුභ නව වසරක් වේවා !!

      Delete
  9. Replies
    1. නිමෝ ජය වේවා .උඹටත් සුභ නව වසරක් පතනවා .
      බ්‍රෑන්ඩ් එක ගල් ..

      Delete
  10. ලබන්නාවූ 2015 නව වසර සින්දු ඇනෝට ජයෙන් ජයම ලැබෙන සහ මේ බ්ලොග් එක කියවන සැමට ගොඩක් සින්දු ගැන දැන ගැනීමට ලැබෙන සුබම සුබ නව වසරක් වේවා!!! ලබන අවුරුද්දෙ එහෙනම් සෙටාර් වෙමු ඈ ;). ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අපේ ගිටාර් සර්ටත් වැඩි වැඩියේන් පොස්ට් දාන්න පුළුවන් සුභ නව වසරක් වේවා !!!

      Delete
  11. සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා සින්දූර්ර්ර්...!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා මචෝ ..
      ජය වේවා !!

      Delete
  12. එසේම වෙව්වා....!!!

    බ්‍රෑන්ඩ් එක ගල්...
    අතුරුපසට ගෝලිප්...

    ReplyDelete
    Replies
    1. වැඩි වැඩියෙන් පොස්ට් ලියන්න පුළුවන් සුභ නව වසරක් වේවා මාතලන් අය්යේ ...
      ස්තුතියි
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  13. අර බුකියෙ ෂෙයා වෙන "ලංකාවෙ ගල් වැඩපලක දුර්ලභ දර්ශනයක්" කියන ෆොටෝ එක මත උනා!

    සුභ නව වසරක්!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභම සුභ නව වසරක් වේවා සිංහයෝ ..
      බ්‍රෑන්ඩ් එක නම් ගල් ..

      Delete
  14. ගල්යායක් මැද අවුරුද්දම ඉන්න ලැබේවා.....

    ReplyDelete
    Replies
    1. අන්න පැතුම කසුට්ටෝ ..ජය වේවා !!
      උඹටත් වැඩි වැඩියෙන් ලියන්න පුළුවන් නව වසරක් වේවා !!

      Delete
  15. සුබ ඵල උදාකරන ගීත අහන්න ලැබෙන සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එහෙම වේවා විචාරක තුමෝ ...

      Delete
  16. දොළොස් මහේ පහන වාගේ කියල සිංදුවකුත් තියෙනවා නේද? සුභ අලුත් අවුරුද්දක් වේවා සින්දු ඇනෝ.
    කවුරුත් දන්නවද අර බදුල්ලේ නාය යාම ගැන ලියපු මල්ලිට මොකද වුනේ කියල. කරදරයක් නැතිද?

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අජිත් අය්යේ ..

      Delete
    2. කමියාට අවුලක් නෑ අජිත් අයියේ.දැන් ඌ ඉස්කෝලේ කෙල්ලන්ට ලියුම් දෙනවා.....
      http://kalahitha.blogspot.com/

      Delete
    3. මම එක නෙළුම යායට දැම්මට කලහිතයි ලිව්වේ කියල අමතක වෙලා හිටියේ. එහෙනම් කමක් නැහැ. සුභ අලුත් අවුරුද්දක්.

      Delete
  17. උඹ විතරයි සබ්ජෙක්ට් එකට ගැලපෙන පෝස්ට් එකක් දැම්මෙ. මාත් එකක් දැම්මා. බලපංකො.
    උඹට සුබම සුබ ගීතවත් අවුරුද්දක් වේවා.....!

    ReplyDelete
    Replies
    1. විසිටරයෝ බොටත් සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ ..

      Delete
  18. ලබන දොලොස්මහටත් සින්දුවලින් සින්දුඇනෝට අඩුවක් නොවේවා......හැම බ්ලොගකටම සින්දු කමෙන්ට්ස් දාන්න හයි හත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඕන්....
    බ්‍රෑන්ඩ් එක VX හොඳේ...!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අය්යේ ..ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

      Delete
  19. සින්දුවෝ.........................

    සින්දු කියැවන.... සින්දුවෙන් ම ගත වෙන..... රාග තාල ගානට ෆිට් වෙන
    සුභම සුභ නව වසරක් වේවා................................

    කුගැගීප

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුරේ හැමෝටම සුභ නව වසරක් වේවා !!!

      Delete
  20. සිංදු ඇනෝ...ලැබුවා වූ මේ නව වසරට සුබපැතුම් සමග මගේ හදපිරි මෙව්ව එක!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා දිලිනි ...

      Delete
  21. බොක්කා !!!! සිය පවුලටම මේං මගෙ සුභපැතුම් …

    සිංදු ටික රිලීස් කරපිය මැරුං නොකා

    ReplyDelete
  22. පත්තර පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  23. නව වසර සිංදු ඇනෝටත් සුබම සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා තුෂානි ....

      Delete
  24. දයාබර සහෝ... ඔබටත් ආදරේ කරන හැමෝටමත් මේ නව වසර සුබම සුබ වේවා!!

    ReplyDelete
    Replies
    1. මනෝටත් ,කවි කාරිටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා !!!

      Delete