Thursday, May 14, 2015

රුවන් වීරසේකර වෙනුවෙන් මනුස්සකම පාමු......

රුවන් වීරසේකර වෙනුවෙන් මනුස්සකම පාමු..







වයලීනය හා මිතුරු වූ ඔහුගේ අතැඟිලි ලෙළදීමද, සැමවිටම මුවග රැඳුණු සැහැල්ලු සිනහවද අද දකින්නට නොමැතිය. කඩිසරව වයලීනයේ ස්වර ස්පර්ශ කිරීම වෙනුවෙන් දිවයන ඒ අතැඟිලි දෙස බලා සිටින ඔබට ඔබව පවා අමතක වෙන තරමට මිහිරියාවක් එක්කළ ඔහුගේ වයලීන වාදනයෙන් රසවත් වෙන්නට තවත් දවසක් උදාවේද යන සැකයෙන් මුසපත්ව බලා සිටින්නට අද අපට සිදුව තිබේ.

රුවන් වීරසේකර නම් වූ මේ නිහඬ සොඳුරු වාදකයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 43 වැනි වාට්ටුවේ 16 වැනි ගිලන් ඇඳ මත අසාධ්‍ය තත්ත්වයෙන් වැතිර සිටියි.මද සිනහවකින් සැරසුණු රුවන්ගේ හුරුපුරුදු මුහුණ වෙනුවට අද අප දකින්නේ නුහුරු රුවකි.රුවන් අපේ සංගීත ක්ෂේත්‍ර‘යේ නිකම්ම නිකම් වාදකයෙකු නොවේ. වයලීන වාදනයෙහිලා ප්‍රමුඛතම වාදකයෙකු ලෙස පිළිගැනීමක් ඇති ඔහු හඬ පෞරුෂය හරහා ඇතැම් ගීතවලට ලබා දී ඇති දායකත්වයද අමතක කළ යුත්තක් නොවේ.නමුත් දියවැඩියාව යන රෝගී තත්ත්වය හේතුවෙන් තවමත් තරුණ අවධියේ පසුවෙන රුවන් මූර්ජා තත්ත්වයට පත්ව සිටියි. (Diabetic Coma) මේ මූර්ජාව හේතුවෙන් රුවන්ගේ සිහිකල්පනාව, යමෙකු හඳුනාගැනීමේ සහ ශරීරාංග චලනය කිරීමේ හැකියාවද නිද්‍රාවට පත්ව තිබේ.

මීට පෙර ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන විටද මොළයට විෂබීජයක් ඇතුළුව තිබීම නිසා මෙනින්ජයට්ස් නම් තත්ත්වයට ගොදුරුව සිටි බව රෝහල් නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේය. කෝමා තත්ත්වය සහ විෂබීජ ඇතුළුවීමෙන් වූ සංකූලතා හේතුවෙන් දැනට කොළඹ ජාතික රෝහලට මාරුකර ඇති රුවන්ට නැවත සිය දෑත් පණගන්වාගන්නට අවස්ථාවක් උදාවේද යන සැකය තුළ රැඳෙන්නට වෛද්‍යවරුන්ටද සිදුව තිබේ.මේ වනවිට යාන්තමින් හිස හා දකුණු කකුල පමණක් සෙලවීමේ හැකියාව රුවන් වෙත පැවතියද මේ ප්‍රතිභාපූර්ණ වයලීන වාදකයාගේ දෑත් පෙර පරිදි ඔහුගේ වයලීනය සමග එක් කරවීමට හැකියාවක් ඇත්ද යන්න මෙතෙක් පැවසීමට නොහැකි අන්දමේ තත්ත්වයක ඔහු පසුවෙයි.රෝගී තත්ත්වයෙන් මිදීමේ ප්‍රගතියක් තවමත් දකින්නට නොමැති අන්දමේ රෝගී බවකින් පෙළෙන රුවන්ට ඔහුගේ රැකියා කටයුතුවල නියැළීමේ බාධාවක් පවතින බැවින් ඔහුගේ අවශ්‍යතා සඳහා වැයකළ යුතු මුදල් වෙනුවෙන් ආධාර පතා මේ වනවිටත් බැංකු ගිණුමක් පිහිටුවා තිබේ.රුවන්ගේ දෑතට යම් සහනයක් උපකාරයක් සලසන්නට කැමති ඔහුගේ හිත මිතුරන්ට, රසික රසිකාවියන්ට ඔහු වෙනුවෙන් කිසියම් ආධාරයක් ලබාදීමේ හැකියාව ඒ හරහා පවතී.මේ හැරෙන්නට දීර්ඝකාලීන ප්‍රතිකාර වෙනුවෙන් යොමුවෙන්නට රුවන්ට සිදුවන බැවින් ඒ සඳහා ආධාර පිණිස කිසියම් ගී ප්‍රසංගයක් පැවැත්වීමටද රුවන්ගේ සුවය පතන කලා ක්ෂේත්‍ර‘යේ මිතුරන් අතර තීරණයක් ඇතිව තිබේ.ජීවිතයේ තරුණ අවධියේම මෙසේ රෝගාතුර වීම හේතුවෙන් සංගීත ක්ෂේත්‍ර‘යෙන් ඈත්වන්නට ඉඩ නොතබා රුවන්ට අවශ්‍යම මොහොතේ උදව් කරන්නට ඔබටද හැකිය. ඒ සඳහා ඉහත සඳහන් දුරකථන අංකයෙන් රුවන්ගේ පවුලේ අය ඇමතීමෙන් රුවන් වෙනුවෙන් මුදල් තැන්පත් කළ යුතු ගිණුම් අංකය හා අදාළ තොරතුරු ලබාගත හැකිය.කලාකරුවන්ගේ සහ රසික රසිකාවියන්ගේ සහභාගීත්වයෙන් රුවන්ට සෙත්පතා බෝධි පූජාමය පිංකම් රාශියක්ද පැවැත්වෙන අතර, දෑතින් හා දෙසවනින් ලෝකය ජයගැනීමේ අභියෝගයේ නිරත වූ රුවන්ගේ අප්‍රාණික දෑත නැවත ප්‍රාණවත් කරවන්නට අද පාඨක ඔබටත් යම් ආධාරයක් කිරීමේ හැකියාව පවතී.

077 6061705/ 011 2635167 මංගල වීරසේකර අැමතීෙමන් ඒ සඳහා ඔබටද එක්විය හැකිය.මේ ප්‍රතිභාපූර්ණ වාදකයාට උදා වී ඇති දුෂ්කර අවස්ථාවේ හැකිතාක් ඔහුට උපකාරයක් වීමට අපි විශේෂ නමක් තබමු. ඒ මනුස්සකමයි.

උපුට ගැනීම ‘අද‘ පුවත්පතිනි.







++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


අපේ කාලයේ තවත් සොඳුරු කලාකරුවෙක් වෙනුවෙන් හැමෝටම කරන්න පුළුවන් උදව්වක් කරන්න බලමු ...

මෙන්න ගිණුම් අංකය සහ විස්තර.අපැහැදිලි දෙයක් තියනවානම් 077 6061705/ 011 2635167 මංගල වීරසේකර මහත්මයා අමතා විස්තර තහවුරු කරගන්න ...

H.M.P WEERASEKARA
SEYLAN BANK - SOYSAPURA BRANCH
A/C NO - 079001127410101 (SAVINGS A/C )


42 comments:

  1. බොහොම ස්තූතියි ළිපියට... යුතුකමක් සේ සළකමු...

    ReplyDelete
    Replies
    1. අනිවා මාතේ ...මෑත කාලයේ බිහිවුන දක්ෂ කලාකරුවෙක් .උදවු කල යුතු මොහොතක් ..

      Delete
  2. සිංදුවට තුති ෙමය බ්ෙලාග් අවකාෙශටත් ෙගනාවට
    හැකි යමක් කළ යුතු ෙදයක් කරන්නම්

    ඔහුට ඉක්මන් සුව ලැබේවා

    ReplyDelete
    Replies
    1. ස්තුය්හි මහේෂ් ..අපි එකතුවෙලා පුළුවන් විදිහට උදවු කරමු ..

      Delete
  3. අනේ මචං හිතාගන්නත් බෑ වෙලා තියෙන දේ. ඔහු මගේ ප්‍රියතම වයලින් වාදකයා. ඔහුගේ වාදනයන් මං අහන්නෙ භාවනාවකය සමවැදිල වගෙයි.

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔහුට...

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද මචෝ ..මේක තමයි ජිවිතේ .ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු

      සංසාරේ භවේ දුකා...සිරි සෑසි දෙසූ ලෙසේ...
      දුක සැප දෙක නිති පෙරලේ රිය සක ලෙස ලෝ කුහරේ..
      අද මාවත යන දුගියා... හෙට ලොව අග රජ වෙනවා...
      කළ කර්මය පල දෙනවා...රජු මවත බැස යනවා..
      නව ද්වාරයෙනි ගලනා වු ඕජස්... මේ කුණු සිරුරා...
      මහ පොලවට පස් වෙනවා...සේ ඊර්ෂ්‍යා මාන ලොවේ...

      ගායනය - මයිකල් පිරිස්

      Delete
  4. මම නං අහල නෑ රුවන් ගැන වැඩිය. මේ දවස් වල කියෙව්ව දේ ඇර.. කලාකරුවෙකු වෙනුවෙන් උදව් කරමු.. ජය

    ReplyDelete
    Replies
    1. //කලාකරුවෙකු වෙනුවෙන් උදව් කරමු//
      ++++++++++++++++++++++++++
      ස්තුතියි දේශ්

      Delete
    2. රුවන් නික්ම ගිය වගක් ඊයේ හවස ආරංචි උනා. ඒක ඇත්තද?

      Delete
    3. එහෙම එකක් නැ මචෝ .මම දැන් මංගල වීරසේකරත් එක්ක කතා කළා .රුවන් විරසේකරට තවම සිහිය නැ කියලා තමයි කීවේ ....

      Delete
    4. සොරි බං. ඒ වෙන රුවන් කියන අසරණ දරුවෙක් ගැන.. සමාවෙන්න

      Delete
  5. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමී....!!!

    ReplyDelete
  6. මගේ ප්‍රියතම වයලින් වාදකයා ඔහු. කල හැකි උදව්වක් කරමු හැමෝම. ස්තූතියි සින්දු මේ ලිපියට!

    ReplyDelete
    Replies
    1. //කල හැකි උදව්වක් කරමු හැමෝම//
      +++++++++++++++++++++
      ස්තුතියි බස්සියෝ .හැමෝම උදවු කරමු

      Delete
  7. දුකයි මචං..ප්‍රසංගය ගැන වගේම ඔහුට උදව් කල හැකි බැංකු ගිනුමක් ගැනත් සටහනක් තබන්න.

    ReplyDelete
    Replies
    1. 077 6061705/ 011 2635167 රුවන්ගේ පවුලේ අය ඇමතීමෙන් රුවන් වෙනුවෙන් මුදල් තැන්පත් කළ යුතු ගිණුම් අංකය හා අදාළ තොරතුරු ලබාගන්න පුළුවන් මෙන්ඩෝ ...ස්තුතියි මචෝ .හැමෝටම මෙහෙම උණු වෙන්නේ නැ ...

      Delete
    2. H.M.P WEERASEKARA
      SEYLAN BANK - SOYSAPURA BRANCH
      A/C NO - 079001127410101 (SAVINGS A/C )

      Delete
    3. හැකි පමනින් උදව්වක් කරන්න උත්සහ කරනවා.

      Delete
  8. //දියවැඩියාව යන රෝගී තත්ත්වය හේතුවෙන් තවමත් තරුණ අවධියේ පසුවෙන රුවන් මූර්ජා තත්ත්වයට පත්ව සිටියි. (Diabetic Coma) // පිස්සු හැදෙනවා.. උඹට ඊලඟට මං ගැන මෙහෙම ලියන්න වෙයිද දන්නේ නෑ.. තොරතුරට ස්තූතියි. පුළු පුළුවං විදියට උදව්වක් කරමු.

    ReplyDelete
    Replies
    1. බොලා කට පරිස්සම් කොර ගත්තොතින් අවුලක් වෙන්නැති වෙයි...(මම කිව්වෙ කෑම.. කෑම ගැන..)

      Delete
    2. ඕන් ලබ්බා කියලා තියනවා කියන්න තියන එක සිංහලෙන්ම උඹට ....හැක්
      පුළුවන් විදිහට හැමෝම උදව් කරමු මචෝ ...

      Delete
  9. අපේ ජාතික ගීය මට වැඩිය සෙට් වෙන්නෙ නෑ.ඒත් ඒක දැනෙන විදිහට ඇහුවෙ රුවන්ගෙ වයලීන් හඬෙන්.පණ පිහිටුවලා වාදනය කරන්න පුලුවන් දක්ෂයෙක්.ඔහුට ඉක්මන් සුවය සහ ඒ සඳහා අවශ්‍ය ශක්තිය ලැබේවා..
    හොඳ වැඩක් සින්දු ඇනෝ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වයලින් වාදකයෝ කොච්චර හිටියත් අපිට දැනෙන්න වාදනය කරන අය ඉන්නේ ටික දෙනයි මචෝ ..
      මේ වෙලාවේ අපි හැමෝම ඔහුට ශක්තියක් වෙමු ..

      Delete
  10. මොහුට ඉක්මන් සුවය ලැබේවා..

    අපි හැමෝම ඔහුට ශක්තියක් වෙමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විභියෝ ...අනිවා අපි ඔහුට ඝ්ක්තියක් වෙමු !!!

      Delete
  11. මේවා තමා යුතුකම් සින්දුවා.

    ඔහුට ඉක්මන් සුවය පතමි.
    හැකි අයුරින් දෙයක් කරමි.

    ReplyDelete
    Replies
    1. ඉටුකොට කළයුතු යුතුකම්
      ලැබුනත් ලෝකෙන් ගැරහුම්
      ඉවසන්නට පුලුවන් නම්
      පුතා නුඹයි මගේ උතුම්..!!

      ස්තුතියි මාධවියෝ ....

      Delete
  12. අසන්නන් දැහැනකට සමවද්දන්න ඔහුට තිබුනේ පුදුම ප්‍රතිභාවක්.. මට ඒ වාදනය බලා ඉද්දි ලෝකෙම අමතක වෙනවා.පුළුවන් පුංචි දෙයක් හෝ ඔහු වෙනුවෙන් කරමු.දැනුවත් කලාට ස්තුතියි සිංදු ඇනෝ...

    ReplyDelete
    Replies
    1. ඔහුගේ හැකියාව ගැන නම් කුමන කථාද ? ..ස්තුතියි දිලිනි.අපි හැමෝම උදවු වෙමු ...

      Delete
  13. ඉක්මන් සුව පතනවා . කරන්න පුළුවන් දෙයක් කරන්නම්..

    ReplyDelete
  14. මාත් ගොඩක් කැමති වාදකයෙක්. ගොඩක් දක්ෂයි. ලිපියට ස්තුතියි සිංදුවෝ. කරන්න පුළුවන් උදව්වක් කරමු. ඔහුට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. මේ වගේ මිනිස්සු තව කාලයක් මේ රටේ සංගීත ක්‍ෂේත්‍රයට ඉන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. වටිනා මිනිස්සු ඉක්මනින් යනවා බන් ....

      Delete
  15. මා ඉතාම කම්පා උනා මේ තොරතුර දැන් තමයි දැනගත්තෙ. ලංකාවෙන් එපිට ඉන්න නිසා සමහර ප්‍රවෘත්ති ලැබෙන්නෙම නෑ...තවත් දේ පරක්කු වෙලා ලැබෙනවා...ඔහුගේ හැකියාව ගැන කියන්න දෙයක් නෑ..මම ලංකාවෙ ඉන්න කාලෙ රියලිටි වැඩසටහන් වල වාදකයෙක් ලෙස ඔහු කටයුතු කරපු ආකාරය දැක තිබෙනවා. මගේ මතකය නිවැරදි නම් සුපර් ස්ටාර් වේදිකාවෙත් ඔහු වාදනය කලා. හිතාගන්න බෑ ඒ සොදුරු මනුස්සයට මොනවා උනාද කියලා. හැකි යමක් කරමි. ස්තූතියි ඔබට..

    ReplyDelete
    Replies
    1. වැඩක් නැ සිරෝ කතා කරලා ...මේ දවස් වල කළාකාරන්ට හොඳටම අපල ...බලපන් මචෝ දයා අල්විස් නැති උනා .කිසිම ප්‍රචාරක් නැ .හරුන් ලන්ත්‍රා මහත්තයා නැති උනා .එතුමාගේ ගෙදර කඩාපු දවසේ තිබුන තරම් වත් ප්‍රචාරයක් නැ .අනේ මන්දා බන් .මෙහෙම වෙන්නේ ඇයි කියලා හිතා ගන්න බැ ...

      Delete
    2. සිංදු.. නිකමට ඔය ඔරියන්ටල් මියුසික් ප්ලේ කරන එකෙක් ගෙන් අහල බලපන් මේ දවස් වල වැඩ තියෙනවාද කියලා.. නෑ මචෝ... වෙඩින් ටිකත් යන්තන් ඩී.ජේ කාරයෝ දාගෙන කරනවා නොකර බැරි කමට.රසාස්වාදය අමතක වෙලා.මිනිස්සු දෙගිඩියාවෙන් තක්බීර් වෙලා ඉන්නෙ.කලාකාරයාට තැනක් නැත්තෙ ඒ නිසයි.

      Delete
    3. ගොඩ ගිහින් ඉන්නෙ කලාකරුවො නෙමෙයි..කලා මරුවො..මම ඔය ලිපියකුත් ලිව්වෙ කලින් දවසක...අද ලංකාවෙ කලාව මෙහෙයවන්නෙ අතලොස්සක් මුදලාලිලා විසින්..කෙල්ල දාලා ගියා කියලා වැලපෙන පොන්නයන්ගෙ සින්දු අහන්න බැරි කමට මම ඔන්ලයින් ලංකාවෙ එෆ් එම් අහන එකත් නැවැත්තුවා...

      Delete
  16. http://nelumyaya.com/?p=2482
    දැම්ම එක හොඳයි සින්දුවෝ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් අය්යේ ...මේවා අපේ යුතුකම් ....

      Delete
  17. සින්දුවෝ.........................

    අැත්තට ම බ්ලොග් සහෘදයන් හැටියට අපිට පුළුවන් දෙයක් කරමු.... කලාකරුවෙක් වෙනුවෙන් සහ ජීවිතයක් වෙනුවෙන්නේ... වටිනා ලිපියක් සින්දු.............

    ඒක නෙමෙයි..... කුරුටු සින්ඩිය දාලා තියෙන තැන උඩ ලියලා තියෙන්නේ කුගැගීපවුර කියලා නෙමෙයිනේ... ඔය පොතේ අයිතිකාරිය දැක්කොත් මල ජංජාලයයි.... පොතයි පවුරයි පටලාගෙන නොවැ......

    ReplyDelete
    Replies
    1. අනිවා මචං අපිට් පුළුවන් විදිහට උදව් කරමු .....

      හැක් ..මචෝ වැරදිලා නම් නෙවෙයි ඔය නම දැම්මේ .මම ඔතැන දාලා තියන හැම ගැජට් එකකටම සින්දුවක් කෑල්ලක් තමයි දැම්මේ .ඉතින් උඹලගේ සින්ඩියටත් එහෙමම කළා .දැන් තමයි මීටර් උනේ ඒ නමින් බෝගක් තියන බව .බලපන් දැන් වෙන සින්දුවක් හොයන්න වෙනවා ...

      Delete