Monday, May 25, 2015

"එදා ඇදුර මගේ - මෙදා හිමිය මගේ "


ඕන් හිතේ තිබුන ලොකු බලාපොරොත්තුවක් ඉටු කරගත්තා .ජිවිතේ තිබුන එක එක ප්‍රශ්න නිසා මේ දේ කරන්න හුගාක් කල් ගියා .මොනා උනත් පුළුවන් විදිහට ගොඩ දා ගත්තා .මේ මොනවත් නෙවෙයි .මට මගේ දයාබර බිරිඳ ලවා ගීතයක් කරන්න වුවමනාවක් තිබුනා .ඔන්න එකත් දැන් හරි .මේක පොඩි ටෙස්ටින් 1 , 2 , 3 එකක් වගේ .හැමෝම අහලා බලන්න .අඩු පාඩු පෙන්වා දෙන්න .එය අපිට ලොකු උදව්වක් වේව් ඉදිරියේදී කරන නිර්මාණ වලට .(විශේෂයෙන් ස්තුති කරන්න ඔනෑ පත්තර මල්ලි , මනොෂ් , මනා , අසංකට,නෙළුම් අජිත්  , සහ මේක යු බටේට සෙට් කරලා දුන්න බසු කපල් එකට )

එදා ඇදුර මගේ - මෙදා හිමිය මගේ 
සදා මගේ ලොවේ -ඔබය පහන් කලේ 
අත අල්ලන් ඔහේ - නොගියමි මඟ දිගේ 
මල් ගස් වතු වටේ - පෙම් රැඟුම්ද නැතේ  
නමුදු මෙදා තුරේ - අඩු නැත ආදරේ 
සදා මගේ ලොවේ  -ඔබ සුරගුරු වගේ 
එසේ සිටින කලේ  -ඔබ යයි දෙව් ලොවේ 
මතු භවයද මගේ - අඳුරු වෙයිද සිතේ 
දෙව් ලොවේ යන්න එපා -ඔබ අවැසිම නිසා 
තව භවයක සරා - දෙන්නම යමු පතා ...  

ගී පද - මංගලා රත්නායක අඹේගොඩ




ඔන්න මමත් youtube වීඩියෝ එකක් හැදුවා .බස්සිගෙ එකට අමතරව .එකත් එල්ලනම්





59 comments:

  1. මචෝ සින්දුව තවම ඇහැව්වේ නැ ........... එත් බොක්කෙන්ම සුබපැතුම් !!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අහලාම හොඳ නරක කියපන් මචෝ ,,,,,
      බොහොමත්ම ස්තුතියි මැලේ ...

      Delete
  2. නියමයි සිංදුවො :). තව තවත් හොඳ නිර්මාණ බිහිකිරීමට ලැබේවා. ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා කියල ප්‍රර්ථනා කරනවා.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදී මනාගෙනුත් උදව් වුවමනා වෙයි .....
      ස්තුතියි මචෝ ...

      Delete
  3. මට බොලා මේ සින්දුව එව්වා නේද දවසක්...සමාවෙයං බං..මට තවමත් ඒක අහන්න බැරි උනා...මෙතනට ආවම ඉතින් පාර්ට් ටයිම් බ්ලොග් ස්කයිප් ෆේස බුක් කොච්චර දේද...නොවරදවාම අහලා ඊයක් විදින්නම්....

    ReplyDelete
    Replies
    1. සමා කුමට සිරෝ .....අහලම කියපන් .
      ස්තුතියි සිරෝ ..

      Delete
  4. හදවතින්ම සුබපැතුම් !!! මගේ නම් හිතට වැදුනා දෙපාරක්ම ඇහැවුවා. ගීතයේ තෙරුමටත් කැමති.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හිතට දැනුනා කියලා අහන්නත් සතුටුයි දිනේෂ් .....
      බොහොමත්ම ස්තිතියි ඔබටත් ..

      Delete
  5. මචං සින්දුවකට පින්තූර දානකොට රූප සෙට් එකක්ම හොයාගෙන පදවලට ගැලපෙන්න දාපං. ටෙක්ස්ට් එකක් විදිහට පද ටිකත් දාපං. මීට වඩා දැනෙන්න දෙයක් කලෑකි. මූවී මේකර් එකෙන් ලේසියෙන්ම පුලුවන්. අඩු පාඩුවකට කිව්වා නෙමේ. එහෙම කලානම් ගති කියලයි කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. මදාවියෝ මට මේ දවස් වල වෙලාවක් හොයාගන්න බැරිව ඉන්නේ .ඉතින් ඒ නිසා මම අපේ බට කොස්සිට කියලා තමයි මේ එක වීඩියෝ එකක් හදා ගත්තේ ...ලොකු දෙයක් කරන්න හිතුවේ නැ ...උඹ කිව්වට පස්සේ තමයි හිතුනේ එහෙම උනානම් ලස්සනයි කියලා ...බොහොම ස්තුතියි මචෝ ...

      Delete
  6. තවම ඇහැව්වේ නෑ. අනිවා අහනවා..
    බොක්කෙන් සුභ පැතුම්..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. එත් මම බැලුවා මොකද මගේ බොක්කේ ෆිට් එක පරක්කු කියලා ....
      ස්තුතියි මෙන්ඩෝ ...
      බ්‍රෑන්ඩ් එක දන්නවානේ ...

      Delete
    2. සෝඩ ගේන්න යන්නේ අටමා

      Delete
    3. අඩෝ මෙන්නෝ අපේ ප්‍රියා ඇවිත් ...ඉකමනට ඇවිත් බයිට් එකට ගනිල්ලා ....
      ප්‍රියා බයිට් එකට අරන් වනචර නැට්ට කොටා ඩයට් එකට ගමු ......

      Delete
  7. අඩා 'සින්දු ඇනී' එළනේ.. ජය වේවා! වැඩි වැඩියෙන් (සිංදු කිරීමට) ලැබේවා!
    බංඩාර ආතාවුදගේ ඔබ ඈත සඳවී පායා සිංදුවට පිලිතුරු ගීයක් වගේ..

    ReplyDelete
    Replies
    1. බොක්කෙන්ම ස්තුතියි කමියෝ .....
      //බංඩාර ආතාවුදගේ ඔබ ඈත සඳවී පායා සිංදුවට පිලිතුරු ගීයක් වගේ..//
      එහෙම දැනෙනවාද ? අයෙත් සින්දුව අහන්න ඔනෑ ...
      (මචෝ දැන් නෙලුම් අජිත් අය්යාගේ වැඩේ කරන්නේ උඹද ? ආයෙමත් ස්තුතියි බොට )

      Delete
    2. //දැන් නෙලුම් අජිත් අය්යාගේ වැඩේ කරන්නේ උඹද ? // ඌ අප්ඩේට් කරන්නේ සුමානෙකට පෝස්ට් දෙක තුනයිනෙ බං.. මම ජජ් පැනල් එකේ ඉන්න නිසා හැම පෝස්ට් එකක්ම කියවන්නත් ඕනි එකේ ඉතින් නෙලුම්යාය ඇඩ්මින් වැඩේකුත් ඔටෝ සෙට් වුනා.. බැඳ ගත්ත බෙරේ දැන් කොහොම හරි ගහන්නත් එපැයි..ලොස් වෙන්න බෑනේ.. හැක්.

      Delete
    3. අරින්න එපා බොස් ....අපි මොකටද නිකම් සේකෙන්ඩ් වෙන්නේ ...හැක් හැක්
      උඹට නෙලුම්යායෙත් ඇම්ඩන් කමක් සෙට් උනාද ?හැමෝම දන්නවානේ උඹ ඇම්ඩන් කියලා ..නැද්ද හා .

      Delete
  8. සින්දු ඇනීට උණුසුම් සුබපැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සියෝ ඔබට සහ බස්සාට මේ කරපු උදව්වට සහ සුභ ප්‍රර්ථනයට .....

      Delete
  9. දිගු ගමනකට සුභ පැතුම් සිංදු හාමිණේ !!!! සිංදුව ලස්සනයි ,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කම්මලේ ....

      Delete
  10. සින්දුව ඇහුවේ නම් නෑ
    සින්දු ඇනෝගේ ගෙදර ඇත්තෝ සින්දු NOKIA කොහොමද?
    අහලම ආයේ කොමෙන්ට් එකක් දාන්නම්
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ පැමිණීමම මට ලොකු ශක්තියක් තිස්ස අය්යේ ....
      බොහොමත්ම ස්තුතියි ...

      Delete
    2. ඇහුවා...
      සලකනව මදි... හොඳටම සලකනව මදි...උඹට...
      හිතගිය ඒවා කෑලි කපල විග්‍රහ කරන්න තරම් දුකයි... ඒත් කියන්නම්...
      සින්දුව ප්ලේ වෙන්න දාලා පද පෙල ආයෙමත් කියෙව්වා...
      මැදහරියෙදි ටිකක් හෝස් ගාලා බඩ දෑවා.. ඒ කියන්නේ පද වැලේ වැඩේ කෙරිල නේද?
      (මල් ගස් වතු/අතු වටේ? - පෙම් රැඟුමන්/රැඟුම්ද නැතේ?)
      වාද්‍ය භාණ්ඩ ගැන විචාරකගෙ කථාවට පූර්ණව ප්‍රතිපක්ෂයි...
      මේක යසෝදරාවත වාගෙ වැලපුම් ගීයක්... පුරවන්න නාකයි මට තේරෙන හැටියට.. "සවුන්ඩ් ඔෆ් සයිලන්ස්" එකත් මියුසික් එකක් වෙනව එතකොට...
      ගායනය නම් පරිණතයි වගේ දැනුනා... ආධුනිකනම් නෑ කෙසේවත් මට දැනෙන හැටියට...
      මම වාගේ සින්දු අහල නිකම් ඉන්නා කෙනෙක් නොවන වග "ඇන්දු සිනෝ" පෙන්නුවා නේද එහෙමනම්...??
      ජය මචෝ... ජීවන ගීයත් ලස්සනම වේවා මේ හැම දෙයක්ම හරහා..!!

      Delete
    3. තිස්ස අය්යේ මම බලාපොරොත්තුවෙන් හිටියා කොමෙන්ට් එක දාන කල් ....පද වැලේ වැරැද්ද නිවැරදි කළා .මටත් දැනුන දෙයක් තමයි මේකෙදි වොයිස් තව පොඩ්ඩක් උඩට එන්න ඕනෑ කියලා .ඔබ තුමාට මේක දැනුනා කියන්නේ පොඩි හරි දෙයක් ඇති කියලා හිතෙනවා ...බොහොම ස්තුතියි වචනෙන් අපිව දිරිමත් කළාට ....

      Delete
  11. සින්දු හාමිනේට ජය වේවා.තව තවත් නිර්මාණ අපි අතරට රැගෙන එන්න වාසනාව ලැබෙත්වා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුට්ටෝ ඔබේ දයාබර සුභපැතුමට ...

      Delete
  12. සිංදු ඇනොට සහ ඇනිට දිලා බොක්කෙන්ම උණුසුම් සුබපැතුම් පිරිනමනවා.ජය වේවා!! තව තවත් ඉදිරියටම යමු .

    ReplyDelete
    Replies
    1. බොක්කෙන්ම ස්තුතියි දිලිණි ......

      Delete
  13. සින්දු ඇනෝ සින්දු ඇනෝ කිව්වට මෙයත් ලේසි පාසු පුතයෙක් නෙවෙයිනෙ බලං ගියාම .. ඇඹේණියත් ඊට හපන්..

    ReplyDelete
    Replies
    1. අනේ අය්යේ මට හරියට සෘතියට "ස" වත් කියාගන්න බෑ ...ඔන්න එකට ඇඹේණිය නම් කියනවා .මම ෆුල් සපෝට් ...හැක් හැක්
      ස්තුතියි සරත් අය්යේ ....

      Delete
  14. සතතාභ්‍යාසය තුළින් ඉහලට යාමේ ප්‍රවනතාවක් මේ ගායිකාවට තිබෙන බව පෙනෙනවා. පදමාලාව විශිෂ්ඨතම නොවුනත් ආරම්භයක් ලෙස හොඳයි.

    සංගීත භාණ්ඩ අවම මට්ටමෙන් යොදාගෙන තිබෙන නිසාදෝ ගීතය පිරුණු බවින් තරමක් අඩුයි. වයලීනය සහ තබ්ලාවට පමණක් ප්‍රමුඛත්වය දීම සුදුසු මදි. ගීතයේ හඬ මිශ්‍රණය ඩිජිටල් ක්‍රමයට කර ඇද්ද නැද්ද කියා මා දන්නේ නැහැ. නැති බවයි පෙනෙන්නේ.

    නොනවතින්න, ඉදිරියට යන්න. නැවත නැවත නිර්මාණ කරන්න. අඩුපාඩු සොයාබලා නිවැරදි කරගන්න ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බෙහෙවින්ම ස්තුතියි විචාරක සර් ....මෙහෙම අඩුපාඩු පෙන්නවා දීම ඉදිරියේදී කරන නිර්මාණවලට ලොකු ශක්තියක් වෙයි ......

      Delete
    2. ඇයි ඔක්ටපෑඩ් එක :D

      Delete
    3. අනේ මචෝ ජිවනයගෙන් ගුටි කන්න බෑ ...
      මෙන්න මචෝ මරු ඔක්ටෝ පෑඩ් පොරක් ...
      https://www.youtube.com/watch?v=BsCUDSyOtic
      https://www.youtube.com/watch?v=SFRMPzGFAAY

      Delete
    4. මේ බලපං.. පොඩි එකාගෙ උනන්දුව .. :D

      https://youtube.com/watch?v=mjlIOlUaSLY

      Delete
  15. ඇසුවෙමි, බොහෝ රස වින්දෙමි.ගායිකාවට මගේ සුබ පැතුම්!
    (ඇත්තටම සිංදු ඇනෝ මෙච්චර සිත පහන් කරවන ගීතයක් අහන්න හිතාගෙන ආවෙ නෑ.නමුත් බලාපොරොත්තු වුවාට වඩා හරි ඉහළයි.)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලප අය්යේ ...මේ දවස් වල හැමෝම "බිස්කට් කුඩු " සංගීතයෙන් හෙම්බත් වෙලානේ ඉන්නේ ...ඔබලාට පොඩ්ඩක් හරි මේක දැනුනා නම් අපි තරමක් සාර්ථකයි කියලා හිතෙනවා ...

      Delete
  16. අපි මේ සතුට සමරලා සෙලිබෙරෙට් බැරිනම් කැලිබෙරෙට් කරලා බෝතලයක් ගහන්න ඔනේ හිතවතුනේ.
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. මේක කො‍ටු කො‍ටු දාලා කපන්නෙ නැත්තෙ ඇයි ?

      Delete
    2. හිකිස් ...සරත් අය්යේ දැන් කොටු දාන්නේ නැ ...."රජයේ අවවාදය ඔබගේ කුඩා දරුවන් මෙවැනිදේ සඳහා යොමුවිය හැක " කියලා දානවා වගේ මතකයි ....මට තියන බය මුන් ගල් ගල් කියලා වෙන වෙන බ්‍රෑන්ඩ් පාවිච්චි කරයි කියලා ...හැක්

      Delete
  17. දඅගටම යන්න හැකිවේවා...!

    mp3 එකක් නැතැයි? අපිට යූටියුබ් බ්ලොක්... :-(

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩ්‍රැකීයෝ ............මෙන්න මචෝ

      Delete
  18. ආයෙ මක්කද බං බොක්කෝ ..

    ආඩම්බරයි !!!!!!!!

    ReplyDelete
    Replies
    1. මොකද යකෝ පරක්කු උනේ ....උඹලා දෙන සහයෝගය නිසා තමයි මචෝ ...බොහොම ස්තුතියි පත්තරේ ...

      Delete
  19. මචෝ මට කියන්න තියෙන්නෙත් හැලපේ කිව්ව එකම තමයි...

    වල්ලා පට්ට... පට්ට රහයි... හුඟ කාලෙකින් බොහෝම රසවත් ගීතයක් ඇහුවේ මේ ආකාරයේ...

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ මාතේ අය්යේ උඹට දැනුනා කියන්නේ ආයේ කියන්න දෙයක් නැ ...බොහොම ස්තුතියි .උඹේ කොමෙන්ට් එක එනකල් තමයි බලන් හිටියේ ...

      Delete
  20. මේකට කියන්නෙ මචෝ 'ජාඩියට මූඩිය' කියලද? කොහොම උනත් උඹලා දෙන්නම කතා දෙකක් නෑ තකට තක!!

    පට්ටයි බං. සිරාවටම කාලෙකට පස්සෙ ඇස් දෙක වහගෙන රසවිදින ගමන් අහන්න පට්ට සිංදුවක්!

    උඹලා දෙන්නටම ඉදිරියෙන් ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනව මචෝ.!!!

    ReplyDelete
    Replies
    1. අම්මෝ ප්‍රියෝ ....දෙමාපියෝ දැක්ක වගේ මචෝ .මොකද බන් දැන් බ්ලොග් පැත්තේ එන්නේ නැත්තේ .බාත්රූම් එකේ තවම හිර වෙලාද ඉන්නේ .යකෝ දැන් බාත්රූම් වල ඉන්නේ ප්‍රවේසමෙන් .පොලොන්ඟු ඉන්නවා .හැක්
      බොහොමත්ම ඉස්තුතියි ප්‍රියා .උඹලට දැනුනා නම් ඒ හොඳටෝම ඇති .මේ දිරි ගැන්වීම් තමයි තව නිර්මාණයකට යන්න උත්තේජනයක් වෙන්නේ ..නැවතත් ස්තුතියි මචෝ ..

      Delete
  21. // එසේ සිටින කලේ -ඔබ යයි දෙව් ලොවේ
    මතු භවයද මගේ - අඳුරු වෙයිද සිතේ
    දෙව් ලොවේ යන්න එපා -ඔබ අවැසිම නිසා
    තව භවයක සරා - දෙන්නම යමු පතා ... //

    පද වල ඔන්න ඔය ටික පොඩ්ඩක් අවුල් වගේ. මොකද මුල තීන අපූරු සුන්දර තාලය සහ ගොඩනැගෙන අදහසත් එක්කත් ටිකක් විතර ක්ලෑෂ් වෙනව කියල හිතුන.

    ගායිකාවගෙ හඬ, සරළ සංගීතය බොහොම සුබ ආරම්භයක මග පෙන්නනව. මට සංගීතෙ ගැන එහෙමට දන්නෙ නෑනෙ බං. ඒත් මම මේ වොයිස් එකට ආසයි. උඹෙ හාමිනේට තීන්නෙත් යම් ශෝකී හඬක් වගේ. විරහ ගීයක් කියහන් ඊලඟට.

    මොන තරම් අපහසුතැනක උන්නත් මේකට කමෙන්ට් එකක් දැම්මෙ මට මේ වැඩේ බොක්කටම වැදුන නිසාය කියලත් ලියාගනින් මලේ.

    ReplyDelete
    Replies
    1. පොස්ට් එකක් සම්පුර්ණ වෙන්න නම් උඹලාගේ කොමෙන්ට් එකක් තියෙන්නම ඕනෑ ඉන්දික අය්යේ .
      උඹලා පෙන්නලා දෙන අඩුපාඩු තමයි අපිට හොද නිර්මාණයකට යන්න පාර පෙන්නන්නේ ...බොක්කෙන්ම ස්තුතියි වෙනවා අය්යේ ........

      Delete
  22. ඇත්තටම හිත නිවන සංගීතයක් සහ ඒ සමග අපූරුවට ගලායන ලයාන්විත කටහඬක්. ජය පතනවා ඔබ දෙපලටම , පහුගිය කාලේ ටිකක් එකල මෙකල වෙවී හිටපු නිසා බැරිවුනා මේ පැත්තේ එන්න . ගමේ කමට ආඩම්බරයි මුලින්ම .

    ReplyDelete
    Replies
    1. එත් මම බැලුවේ මොකද ගමේ එකා පරක්කු උනේ කියලා ....
      ස්තූතියි මචෝ ...

      Delete