Monday, November 16, 2015

"තුරුණු සිතක පැතුම් වැළඳ ඈත පාවෙලා - සිහින නිම්නයේ සැරිසරා"


මොරටුව කටුකුරැන්ද ගමේ වෙළෙඳ ව්‍යාපාරික දොන් ධර්මපාල දසනායක සහ මළලගේ පොඩිනෝනා පිරිස් දෙමව්පියන්ගේ දෙවෙනි දරුවා ලෙස "දීපා මිල්ටන් සරත් දසනායක" උපන්නේ 1942 අගෝස්තු මස 13 වන දින ය. මව ගුරුවරියක් වූ බැවින් මවගේ පාසල වූ නාවලපිටිය අනුරැද්ධ විද්යාලෙයන් අතපොත් තැබූ සරත් දසනායක අනතුරැව ජාඅැල නිවන්දම විද්යාලය, ලක්ෂපතියේ ශික්ෂාදාන විද්යාලය හුණුමුල්ල මැදි විදුහල් පසු කරමින් 1957 දී හොරණ දොන් පේදිරිස් විද්‍යාලයෙන් ජේෂ්ඨ පොදු සහතික පත් විභාගය සමත් විය.1959 ඔක්තෝබර් 08 දින හොරණ ශ්‍රී පාලියට ගිය ඔහුට දැන ගන්නට ලැබුනේ එ දින එඩ්ව්න් සමරදිවාකරයන්ගේ අාදාහනය නිසා නිවාඩු දිනයක් බවය. නමුත් එහි සිටි සංගීත ගුරුවරයෙකු වූ හේවගේ ප්‍රේමදාසයන් හා නැටුම් ගුරුවරයෙකු වූ වීරසේන ගුණතිලකයන් සරත් දසනායක අමතා නැසී ගිය කළාකරු එඩ්ව්න් සමරදිවාකරයන් වෙනුවට නව කළාකරුවෙකු බිහිවේවායි පතමින් සරත් දසනායකයන්ට සංගීත ලොවට පිවිසෙන්නට මග හෙළි කලහ.1960 දශකයේ අග භාගයේ දී රජයේ සංගීත විද්‍යාලයට (සෞන්දර්ය විශ්ව විද්‍යාලය) බැඳුනි.1961 දී ප්‍රවීන සංගීතවේදී අාර් මුත්තුසාමි ගේ වාදක මණ්ඩලයේ සිතාර් වාදකයා ලෙස අැතුල්විමට වාසනාව සරත්ට හිමි විය.බිබිල මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු වශයෙන් 1966 වසරේදී  මුල්ම පත්වීම ලැබූ සරත් දසනායක ඉන් අවුරුදු දෙකකට පසුව පිළියන්දල මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස පත්වීය .ඉන් අනතුරුව අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ සංගීත පරීක්ෂක ලෙස හා 1977 සිට කොළඹ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස සේවය කළේය. "සිතිජය " චිත්‍රපටියේන් සිනමා සංගීතය ආරම්භ කල මෙතුමා"සදහටම ඔබ මගේ" (අමරපෙම් ලතාවේ, වාසනාව දෙර අැරලා, පෙම් රස වෑහන, දෑසේ මාගේ සැතෙපනා) "දිනුම්කණුව" (ඉරට අකීකරු, මියුරැ කල්පනා) ,"කස්තුරි සුවඳ"(පාට පාට පොදක් තිලක ලා, හද විමන් දොරින්, ලස්සන ලෝකෙක) ,"අාවා සොයා අාදරේ"(රොන් සොයා, රන් මසු රන්),"සංගීතා" වැනි චිත්‍ර පටි 125 කට පමණ සංගීත නිර්මාණයෙන් දායක වී ඇත .හැත්තෑව දශකය වන විට හින්දි ගීත ඒකාධිකාරයක් ව තිබු සිංහල චිත්‍රපට ගීතය මුදාගැනීම  සඳහා මුලික වූ මෙතුමා , ශංකර් ජායිකිෂන්ලාව, ලක්ෂ්මිඛාන්ත් පෙයාර්ලාල්ලාව අබිබවා යමින් ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය කරමින් සිනමා සංගීතය හින්දි ඒකාධිකාරියෙන් සිංහල චිත්‍රපට ගීතය මුදවා ගත්තේය.
         
            1970 ලීලා විජේසුන්දර මහත්මිය සමග විවාහ දිවිය ආරම්භ කල මෙතුමා දරුවන් තිදෙනෙකුගේ ආදරණිය පියෙකි .1999 නොවැම්බර් මස 18 වන දින සදහටම මෙලොවින් සමුගත් "සරත් දසනායකයන් " මෙරට කලාලෝකය වෙනුවෙන් නොමැරෙන ලෙස තම නිර්මාණ ඉතිරි කර ඇත ...   
                            සරත් විසින් දසනායක විසින් සංගීතවත් කරනු ලැබූ ගීත සිය ගණනක් විද්‍යුත් මාධ්‍ය මඟින් එක් දිනක් ඇතුලත ප්‍රචාරය කෙරෙන නමුත් එම ගී නිර්මාණය කළ නිර්මාණකරුවාගේ නම සඳහන් කිරීමට තරම්වත් අගැයුමක් තවම සිදු වී නැත.සිංහල සිනමාවට අද්විතීය මෙහෙවරක් කළ සිනමා සංගීත අධ්‍යක්ෂ සරත් දසනායකගේ 16 වැනි ගුණ සමරුව වෙනුවෙන් මෙය උපහාරයක් වේවා !!!


-----------------------------------------------------------------------------------------------------
01.පෙම් රස වෑහෙන 

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ...

නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලග ගී සැරේ මී වද සුවඳ සදා දේ...

පෙම් කතරේදී දෑස නිවාලන
අවාරයේ ආ පිනි වරුසා වේවා...
ඒ පෙම් කතරේ මා එන අතරේ
තනි තරුවක් සේ පාවේවා...

සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා සදාතනික වේවා...
සසරෙන් සසරේ එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා...

පද රචනය - සෝමපාල ලීලානන්ද
සංගීතය -  සරත් දසනායක
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක - ඉන්ද්‍රාණි පෙරේරා
(චිත්‍ර පටය - සදහටම ඔබ මගේ)
-----------------------------------------------------------------------------------------------------
02.රිය පෙරහැරකින්

රිය පෙරහැරකින් මංඟල ගමනින්
පිටගම් ගිය ළඳුනේ
තාමත් ඔබ ප්‍රිය මනාප හදවත
සිහිනෙන් වත් අමනාප නොවේ...

ඕවිට අද්දර බෑවුම් කන්දේ
ළඳු අයිනේ තිබු පුංචි පැලේ
ඒ මල පිපුනේ මටම නොවේදෝ
දොවියනි ඇයි ඔබ සාප කලේ...

ළිහිණි ගිරා කැළ සිංදු අහන්නට
පෙරසේ එනවා කන්ද දිගේ
ගම හැර ගිය දා හෙලූ කඳුළු දැක
තාමත් සඳ නෑ ගමට මගේ...

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - උපාලි ධනවලවිතාන
සංගීතය  - සරත් දසනායක
-----------------------------------------------------------------------------------------------------
03.වක්කඩ ළඟ බැද්ද 

වක්කඩ ළඟ බැද්ද ඉමේ ඉද්ද ගැසී බලා හිඳී
ගමේ ගැටවු නුඹ යන මඟ කඩ පිළ ළඟ බලා හිඳී
කට කොනකින් වත් එපා හිනා නගන්න
නෙත කොනකින් වත් එපා බැලුම් හෙලන්න...

මල්ගෝමර සිහින් බඳේ සුළඟ දකී ටිකිරි නගේ
මුතු දත් පෙල පුරා නටන කොමළ හිනා බිංදු බිංදු
අනේ කොහෙද නුඹේ රුවට මං දැක නැහැ ගමේ ළන්දු

වත පියුමේ රුවට ළඳේ හඳපානත් වියරු වැටේ
ගොම්මන් කළුවර යාමේ තනි මඟ නොම යන් නිරතුරු
ඔය ලස්සන වසා ගනිං දීගෙක යන දා එන තුරු

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - උපාලි ධනවලවිතාන
සංගීතය  - සරත් දසනායක
-----------------------------------------------------------------------------------------------------
04.මියුරු කල්පනා

මියුරු කල්පනා නෙතක දැල් වුනා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
වරෙක නැලැවුනා වරෙක ලතැවුනා
නුපුරුදු ගිණි දහසක් මැද සිතක් මැලැවුනා....

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්...

පිණි බිදකින් මුතු අමුණමි
දිනිසුරුගෙන් සීතල දෙමි
කඩුතුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්...

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය  - සරත් දසනායක
-----------------------------------------------------------------------------------------------------
05.මල් ලියකම් රැඳි පෙම් සිතුවම් ඇඳි

මල් ලියකම් රැඳි පෙම් සිතුවම් ඇඳි
ආදර විජිනි පතින් කවුදෝ
සිහිල් පවන් සලනා
කියා ගන්න බැරි නුහුරු හැඟුම්
ඔබෙ නුවන් පුරා ඇඳෙනා...

ඔච්චම් කර මල් කුමර කුමරියෝ
අප වට කර හිනැහෙන්නා
කිඳුරු කොදෙව්වේ මුතු පායේ
හැංගෙමු අපි දෙන්නා...

රත්තරනින් සැදි කේතකි මං පෙත
අත්වැල් බැඳ යමු රත්තරනේ...
පිච්ච මලින් පිරී ලෝකය අපටයි
ස්වප්න පරාදීසේ සුරංගනාවියනේ...

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
චිත‍්‍රපටය - චූඩා මාණික්‍යය (1979)
-----------------------------------------------------------------------------------------------------
06.ලස්සණ නම් නෑ පෙනෙන්නේ

ලස්සණ නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ...

එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුනත් අමිල සැපතකී
ලස්සන නම් නෑ පෙනෙන්නේ

උකුල් තලා සළා ආ නාරිලතාවෝ
අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ...
වැයූ වගේ හවුල් වී
ගැයූ රඟේ කොවුල් ගී
ගියේ ඔවුන් ළඳුන් කොහේදෝ

සවන් පුරා පිරීලා වස්දඬු රාවේ
සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ...
සිතූ සිතුම් බිඳීලා
පැතූ පැතුම් සිඳීලා
ජීවිතේ ගමන් විලාසේ

ලස්සණ නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ...

එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුනත් අමිල සැපතකී
ලස්සන නම් නෑ පෙනෙන්නේ

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - සරත් දසනායක
(1978 දී තිරගතවූ “විස්මය“ චිත්‍රපටියෙනි)
-----------------------------------------------------------------------------------------------------
07.පැණි කුරුල්ලනේ 

පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ
ගියතැනකින් වරෙල්ලා
පුංචි පුතා ඇවිල්ලා
කැලේ පැන්න මං වගේම බාල සන්දියේ
දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ

අඹ දඔ නාරං ගස් යට
කජු පුහුලන් මොර ගස් යට
අපි වගේම ලුණු පනින්න කැට පොල විදලා
පුංචි පුතා එන්න කලින්
උන් හිටතැන් නැතිවුනදා
ගහට ගහක් මුණ ගැහෙන්න බැද්ද ගිහිල්ලා

පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ
ගියතැනකින් වරෙල්ලා
පුංචි පුතා ඇවිල්ලා
කැලේ පැන්න මං වගේම බාල සන්දියේ
දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ

ඇළේ වතුර නිල් කැටේට
දණ්ඩි කොරලි යන වටේට
කිමිදි කිමිදි පීනන්නට දියබුං ගහලා
පුංචි පුතා එන්න කලින්
කළු දිය දහරා හැළිලා
ඇළට පාර අමතක වී මං මුලා වෙලා

පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ
ගියතැනකින් වරෙල්ලා
පුංචි පුතා ඇවිල්ලා
කැලේ පැන්න මං වගේම බාල සන්දියේ
දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ලූෂන් බුලත්සිංහල
සංගීතය - සරත් දසනායක
-----------------------------------------------------------------------------------------------------
08.කුරුල්ලනේ නුඹලගෙ සංතෝසය 

කුරුල්ලනේ නුඹලගෙ සංතෝසය මඳකට අපිට දියව්
විසල් වනේ හොඳ ලස්සන තැනකට පිවිසෙන අයුරු කියව්

කෝටු කෑලි දර පිදුරු ගෙනත් ඔය කැදැල්ල බඳින නියා
නුඹලයි දන්නේ අප දන්නේ නැත කොයි විලසකද කියා
කොයි විලසකද කියා

කුරුල්ලනේ නුඹලගෙ සංතෝසය මඳකට අපිට දියව්
විසල් වනේ හොඳ ලස්සන තැනකට පිවිසෙන අයුරු කියව්

කිචි බිචි ගාමින් ගී හඬ පතුරන ඉඳගෙන එක අත්තේ‍
සමඟිය සාමය පිළිබඳ පා‍ඩම් කොහොමද දැන ගත්තේ
කොහොමද දැන ගත්තේ

කුරුල්ලනේ නුඹලගෙ සංතෝසය මඳකට අපිට දියව්
විසල් වනේ හොඳ ලස්සන තැනකට පිවිසෙන අයුරු කියව්

පියපත් සළලා රිසිතැන් බලලා කොයිබද ඉගිලෙන්නේ
කවුරුද නුඹලා ගයනා ගීතෙට තනුව සදා දුන්නේ
තනුව සදා දුන්නේ

කුරුල්ලනේ නුඹලගෙ සංතෝසය මඳකට අපිට දියව්
විසල් වනේ හොඳ ලස්සන තැනකට පිවිසෙන අයුරු කියව්

ගායනය - ත්‍රී සිස්ටර්ස්
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - සරත් දසනායක
-----------------------------------------------------------------------------------------------------
09.පුංචි ගෙලට පෙති ගෝමර

පුංචි ගෙලට පෙති ගෝමර
මල් පෙති සේ ඉසුණු නඟේ
තුන් ඉරි ගෙල සරහන්නට
රන් ඇට පොට මොටද නඟේ

පාන්දරින් වෙල් එළියේ
නුඹ එන විට නියර දිගේ
ලා ගොයමට කිරිවදින්න
රන් හිරු රැස් මොටද නඟේ
රන් හිරු රැස් ...
මොටද නඟේ

අත්තන මල සේ ..
කදිමට ..
සුදු සේලේ ඇඳ රැලි කොට
නුඹ එනදා මගේ පැලට
සිරිකත මෙහි වඩිණු කුමට
නුඹ එනදා මගේ පැලට
සිරිකත මෙහි වඩිණු කුමට

නුඹ එනදා මගේ පැලට ..
සිරිකත මෙහි වඩිණු කුමට ..

පුංචි ගෙලට පෙති ගෝමර
මල් පෙති සේ ඉසුණු නඟේ
තුන් ඉරි ගෙල සරහන්නට
රන් ඇට පොට මොටද නඟේ

ගායනය - පණඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
-----------------------------------------------------------------------------------------------------
10.සරා ස‍ඳේ සිනා සේලේ ගිලිහී වැටිලා

සරා ස‍ඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනිවේ අඳුරේ සුසුමේ වෙලිලා

වැතිරී සීත මීදුම් පායේ හදේ වේදනා
හඬා වැටේ එදා ඇසූ ඔබේ ගීතිකා

සරා ස‍ඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා

සැඟවී ඈත මේ හිම යායේ ඔහේ පාවෙලා
මිලාන වී ගියා ද ඒ සිනා වාසනා

සරා ස‍ඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවීලා
තනිවේ අඳුරේ සුසුමේ වෙලිලා

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - සරත් දසනායක
(මිහිදුම් සිහින චිත්‍රපටියෙන්)
-----------------------------------------------------------------------------------------------------
11.ලස්සන ලෝකෙක

ලස්සන ලෝකෙක ඉපදීලා
නූපන් හෙට ගැන නො තැවීලා
හද සැණකෙලියේ වල්මත් වීලා
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ

ජීවන බරකින් පැටලීලා
නෑ නෑ වෙන්නෙ මුලා
සිතු දේ පැතු දේ කරලා
නිම් නැති ගමනක යෙදිලා
අරමුණ කොහිදැයි නෑ දන්නේ
රහයි ජීවිතේ......

දුක සැප කිර කිර බල බලා
ඇතමුන් දිව රෑ තැවේ
පල නැත හෙට ගැන සිත සිතා
හිනැහෙනු ලස්සන ළඳේ
උපතත් කුමට ද රජවී
හඬ හඬ ඉන්නට සිදු වී
විනෝද දහනක අපි ඉන්නේ
රහයි ජීවිතේ........

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - සරත් දසනායක
-----------------------------------------------------------------------------------------------------
12.නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා

නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා
ඇල් පවනේ මල් සුවඳේ එන්න සොයා
තව නොදුටූ ඔහුටයි මේ අරාධනා
කව්දෝ එයා මෙහි ඇත්දෝ එයා

උතුරු දිගින් දෝ ඔබේ සිනා දකින්නේ
දකුණු දිගින් දෝ සිනාසිසී ඇදෙන්නේ
සිතූ පැතූ සේ නෑකම් කියා

කෙබඳු රුවක් දෝ සිතේ මවා ගනිම් දෝ
කෙබඳු කෙනෙක් දෝ කෙසේ සිතා ගනිම් දෝ
මගේ කතාවේ ඒ පෙම්වතා

නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා
ඇල් පවනේ මල් සුවඳේ එන්න සොයා
තව නොදුටූ ඔහුටයි මේ අරාධනා
කව්දෝ එයා මෙහි ඇත්දෝ එයා

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - සරත් දසනායක
-----------------------------------------------------------------------------------------------------
13.ලිහිණින් රෑන පියා සලන්නේ

ලිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ
සීනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
ලිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ

ගඟ දිය හඬන්නේ විහඟුන් අසන්නේ
නුඹ කොතැනකද කියාලා
පෙර සේ මා සොයාලා මහ දේ ගිනි නිවාලා
ගමට එන්න ඇවිත් යන්න රත්තරන්

මට හිමි මනාලී පිට ගම් ගියාවේ
විරසක නොවෙන් කියාලා
සංසාරේ කොහේ හෝ ඉපදී මුණ ගැහීලා
වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරන්

ලිහිණින් රෑන පියා සළන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
ලිහිණින් රෑන පියා සළන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ

ගායනය - ප්‍රියා සූරියසේන
පද රචනය - ධර්මරත්න පෙරේරා
සංගීතය - සරත් දසනායක
-----------------------------------------------------------------------------------------------------
14.මගේ දිනපොතේහි

මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ
අ‍ප පෙම්කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි
මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ

කවදාක හෝ එක්තැන් වෙලා
සුව හා සුසුම් සමසේ දරා
අත්වැල් බැඳන් යමු ජීවිතේ
ඒ කී වදන් බොල් හීනෙකී

මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ
අ‍ප පෙම්කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි
මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ

පාසැල් සමේ අ‍පි දෙන්නගේ
නම් කුරුටු ගෑ කඩදාසි ඒ
ගිණි අවුළුවා නටබුන් පෙමින්
අපි වෙන්වෙමු දෛවේ ලෙසින්

මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ
අ‍ප පෙම්කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි
මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ

ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
-----------------------------------------------------------------------------------------------------
15.පාවෙනා

පාවෙනා නිල් වලාවේ
නදී තලාවේ රිදී ජලාසේ
ඇගේ සිනාවේ කැළුම් සැඟවුණා දෝ
පාවෙනා නිල් වලාවේ

දියඹ සැලෙන තරඟ පෙළක අතරමං වෙලා
පාළු නිල් දියේ තනිවෙලා
සොයන රුව ඔබේ - අප්සරාවියේ
සොයන රුව ඔබේ - අප්සරාවියේ
පාවෙනා - නිල් වලාවේ

තුරුණු සිතක පැතුම් වැළඳ ඈත පාවෙලා
සිහින නිම්නයේ සැරිසරා
පතන රුව ඔබේ අප්සරාවියේ
පතන රුව ඔබේ අප්සරාවියේ

පාවෙනා නිල් වලාවේ
නදී තලාවේ රිදී ජලාසේ
ඇගේ සිනාවේ කැළුම් සැඟවුණා දෝ
පාවෙනා නිල් වලාවේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - සරත් දසනායක
-----------------------------------------------------------------------------------------------------
16.රෑ දුරු රට මේ

රෑ දුරු රට මේ හිම වරුසා
සීත පාලුවේ
මූදු සතකින් ඈත දේශේ
මා තනිවේ

කල්පනා ලොව පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ රෑ තනි යහනේ
රෑ දුරු රට මේ හිම වරුසා
සීත පාලුවේ

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ රාත්‍රි යාමේ

රෑ දුරු රට මේ හිම වරුසා
සීත පාලුවේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය -අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
-----------------------------------------------------------------------------------------------------
17.සැරයටියෙන් අපි යනෙන තුරා 

සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු

සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු

ජීවන මං පෙත මලින් සැදී ගිය යුගයක නොව ඔබ හමු වුයේ
කටු කොහොලින් පිරි කළල් දියේ මා තනිව මියෙද්දිය හමු වුයේ

මින් පසු මං පෙත මලින් සදන්නෙමි ලතැවුල් සෝ ගී නෑසෙන සේ
පමණක් නොව මේ සංසාරේ හෙට දින වුව මතු සංසාරේ

මතු සංසාරේ මා හුරුබුහුටිව පෙම් කරනා කල එළඹෙන දා
කුළුදුල් නැකතින් හමුවන පැතුමක් පතනෙමු සසරින් නික්මෙන දා

සංසිදුවා සිතු පහන් කරන්නෙමි මේ පෙම කුළුදුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු

ගායනය : විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : සෝමපාල ලීලානන්ද
සංගීතය : සරත් දසනායක
-----------------------------------------------------------------------------------------------------
18.නාඩන් පුංචි හිරමණේ 

නාඩන් පුංචි හිරමණේ
ඇවිදින් ඔන්න වසන්තේ ...
මේ රුහුණුකරේ පොල්වතු බෝමා
මට පාඩගම් පබළු අරගෙන

පොල් මල් පිපිලා දොරකඩ
අර බලපල්ලා ..

දොන්ත දොං රබන් පදයට
පංච කිරි කවඩි හිනැහෙන
දවස ඇවිල්ලා
කහට පොතු කකා හමයන
කටින් වාරමක් කියන්න
දත මැදපල්ලා
දත මැදපල්ලා

කොන්ද කොද කැකුළු කදිරන්
පුංචි ඉණට සේල අරන්
එයිද කොබෙයියෝ
රංචාගොඩ කවි සීපද
කන්දීලා මල් යහනට
වඩින්න දෙයියෝ
වඩින්න දෙයියෝ

නාඩන් පුංචි හිරමණේ
ඇවිදින් ඔන්න වසන්තේ ..

ගායනය – ප්‍රදීපා ධර්මදාස
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - සරත් දසනායක
-----------------------------------------------------------------------------------------------------
19.මල් වයසේ මධු සිහිනේ

මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
පෙම් මදිරා ගඟ පිරිලා
උතුරා ගලා හැලේ

ජීවිතේ පුරා ආදරේ පෙරා
දැන් බොනු මැන ජය පානේ ...

බඹරෙකි කුසුමකි 
එක්ව ගී ගැයුවේ
මොණරෙකි උරගෙකි 
නෑ වෙලී රැඟුවේ ...

සඳ වට පරයන පුංචි කැකුළු මල
එනු බොමු ජයපානේ 

අඳුරු ගැබේ කඳු මුදුනේ
පායන සඳ වැන්නේ
අඳුරු මගේ හද මුදුනේ 
හඳ පායාපන්නේ

නුරා රැඟුම් ලොල් හදවත් සසලයි
ආදර සිත නිසලයි 

මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
දුක් නිවිලා
සිත් නිවිලා 
ජීවිත පහන් සැලේ 

මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
ආදරේ . . . ආදරේ . . . ආදරේ
ආදරේ . . . ආදරේ . . . ආදරේ
ආදරේ . . . ආදරේ . . . ආදරේ

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක, එච්.ආර්. ජෝතිපාල සහ එම්.එස්. ප්‍රනාන්දු
පද රචනය - සෝමපාල ලීලානන්ද
සංගීතය - සරත් දසනායක
(කස්තුරි සුවඳ චිත්‍රපටියෙන්)
-----------------------------------------------------------------------------------------------------
20.හිම කඳු යහනේ

හිම කඳු යහනේ
වළා සඳැල්ලේ 
සදා හරිත තුරු සෙවනැල්ලේ

මොහොතක් සැඟවෙමු ලොවින් මුවා වී
අපේ සිහින උයනේ 

දෙසිතක බැඳි රැකවල් ගිලිහී යයි 
තනිවූ සිත් අද නොතනි වෙලා 

ඒ හසරැල් විල මා සිත පිබිදී 
ඔබට පිදෙන්නට මලක් වෙලා 

කඳුළක් නැඟි මොහොතක ඔබ නෙතඟින් 
ළංවෙමි සිටියද කොතැන ලොවේ 

හිනැහෙමි එසඳෙහි කඳුළු මුදාහැර 
ඔබගේ උණුසුම් ළය මඬලේ

හිම කඳු යහනේ
වළා සඳැල්ලේ 
සදා හරිත තුරු සෙවනැල්ලේ

මොහොතක් සැඟවෙමු ලොවින් මුවා වී
අපේ සිහින උයනේ ...

ගායනය - නිරංජලා සරෝජිනී සහ ග්‍රේෂන් ආනන්ද 
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - සරත් දසනායක
(සසර චේතනා චිත්‍රපටියෙන්)

"ගීත සියල්ල මෙතැනින් ගන්න "
-----------------------------------------------------------------------------------------------------
ප.ලි....

නොවැම්බර් 17 වැනිදා පස්වරු 4.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී සමරු උත්සවයක් පැවැත්වේ. මෙහිදී ඒතුමාගේ සංගීත නිර්මාණ හා සියලු ජීව දත්ත තොරතුරු ඇතුළු සවිස්තරාත්මක ග්‍රන්ථයක් ‘සරත් දසනායක සංගීත මෙහෙවර  සිනමාව - ටෙලි නාට්‍ය - සරළ ගී හා ළමා ගී’ නමින් එළිදැක්වේ. සමරු දේශනය මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදු කිරීමට නියමිත අතර ‘සංගීතවේදී සරත් දසනායක සිනමා ගී නිර්මාණ රූපාවලිය’ ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා ඇත. 

45 comments:

  1. හිංදි තනුවලට සිංහල පද ගලපලා කියන සිංදු අහ අහා හිටපු කාලේ, විශේෂයෙන්ම ජනප්‍රිය සිනමා සංගීතය, වෙනස් කරන්න මුල උන සරත් දසනායක මහත්තයා අපිට ලැබුන තවත් දායාදයක්...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් චෙෆ් ,සරත් දසනායක කියන්නේ යුග පුරුෂයෙක් ...(තවත් එහෙම කියාගන්නා කෙනෙක් ඉන්නවා .ලංකාවේ හිටපු දක්ෂ කළා කරුවන් ගොන්නකට කලාව එපා කරවලා එකෙන් ඈත් කරලා දාලා ,එයා විතරයි පොර කියලා හිතාගෙන ඉන්න කෙනෙක් .) කරුමෙකට මේ හැමෝම අපිට වටින්නේ ඉන්නකොට නෙවෙයි නැති කොට ..
      ස්තුතියි චෙපාකි ..

      Delete
  2. මිහිරි බව නම් කිමැයි ඇසුවොත්..... මෙන්න උදාහරණ.
    දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනේ මේ සතියේ සරත් දසනායකයන්ගේ ගීත ගැයුවා.රංග දසනායකත් ඇවිත් හිටියා.සම්මතයට පිටින් ස්වර හසුරුවා කල සැබෑ නිර්මාණ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලබ්බෝ ...
      දැන් මට ඔය තරු වැඩසහන් පේන්න බැ ...තරඟය අතරතුර කියන්නේ මේක හදාරලා හොඳ නිර්මාණ කරනවා කියලා පරණ මිනිස්සුන්ගේ ඒවගෙන් ගොඩ යනවා පස්සේ ..අරකයි මේකයි කියලා sms හිගාකනවා ...අන්තිමට අපිට හොඳ නිර්මාණත් නැ , ෂෝ එකකට කතා කලාම අපිටම ගහගන්න හිතෙනවා ....ඕවගෙන් ඇවිත් හොඳ නිර්මාණ කරපු එවුන් ඉන්නේ කියෙන් කීදෙනාද ?

      Delete
  3. අහනව නම් කියවනව නම් මෙන්න ගීත..
    මේ ගී හැමකක්ම නිවාඩුවෙ කියවන්න ඕන පසුව අහන්න ඕනේ..

    සරත් දසනායකයන් ගැන ගුණ සමරුව ගැන 'අද' පත්තරෙත් ලිපියක් තියෙනවා...
    ජයවේ සින්දු!

    ReplyDelete
    Replies
    1. කියවන්නෝ දිනන්නෝ කියලා කියනවානේ වර්ණයෝ ....
      බොහොම ස්තුතියි මචෝ

      Delete
  4. දිනකට සරත් විසින් දසනායක විසින් සංගීතවත් කරනු ලැබූ ගීත ////
    මේක හදන්ට ලොක්කා... අද කලබලේට ලියල වගේ වැරදි කන්දයි.. අවුලක් නෑ අවුලක් නෑ...
    (නැත්තං සිංදුව කියයි හද පෙන්නද්දි ඇගිල්ල දිහ බලනව කියල හෙක් හෙක්)
    අඩේ සරත් දසනායක වැඩිපුරම සිංදු කරල තියෙන්නෙ වික්ටර් රත්නායකටයි ජෝතිටයි ද බං... ඒකත් මල් තමයි නේහ්...
    ස්තූතියි සිංු වො.. උඹම තමයි ඉතිං සිංදුවා ඕ යේස් වෙන කවුද නෙහ්

    ReplyDelete
    Replies
    1. කලබලේට තමයි මයියෝ ලිව්වේනම් ..වැරදි අඩු පාඩු පෙන්නා දෙන්නෝ කියලා දාන්න බැරි උනා මචෝ ..
      මිල්ටන් මල්ලවාරච්චි ටත් ගීත ගොඩක් කරලා තියනවා මචෝ ...
      ස්තුතියි ලොක්කා ..

      Delete
  5. මෙතනින් මම වඩාත් කැමතිම ගීත දෙකක් තමයි අමරදේවයන්ගේ පාවෙනා නිල් වලාවේ-රෑ දුරු රට මේ කියන ගීත.මෙවනි උසස් පදරචකයන් එන්න එන්නම දුලභ වෙනවා.නව පරපුරේ පදරචකයන්ට මෙවනි දක්ෂතා තිබුනත් අද පවතින රැල්ලත් එක්ක ඔවුන්ගේ නිර්මාණවලට තැනක් නොලැබි යන බවක් තමයි පෙන්නේ තිබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. //නව පරපුරේ පදරචකයන්ට මෙවනි දක්ෂතා තිබුනත් අද පවතින රැල්ලත් එක්ක ඔවුන්ගේ නිර්මාණවලට තැනක් නොලැබි යන බවක් තමයි පෙන්නේ තිබෙන්නේ.// +++++++++++++++++++++++++++++++++++++++
      මේකනම් ඇත්ත මනෝ ..බලපන් දැන් "නිලාර් එම් කාසිම් " එහෙමත් ලියන්නේ නැ වාගේ .දයානන්ද රත්නායක නම් ලඟදි ගීත කීපයක් කල බව දැනගන්න ලැබුනා .....ඒ වෙනුවට අර මොඩ් ගොවියා ඉන්නවානේ ....හැක් හැක්‌
      ස්තුතියි මනෝ ..

      Delete
  6. සරත් දසනායක මහතා මැණිකක්... මට මතකයි එතුමාගෙ මරණ දැන්වීම් ගහල තිබුන කොලඹ තාප්ප වල.. වාද්‍ය වෘන්දයක් මෙහෙයවන පින්තූරයක් එක්ක.. ඒක මගෙ හිතේ අදටත් රැඳිල තියනව... එතුමාගේ ප්‍රතිභාව ගැන මගෙ හිතේ තිබුනෙ විශ්මයක්... සින්දුවා... ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ ඒ පින්තූරෙ....

      Delete
    2. //සරත් දසනායක මහතා මැණිකක්//
      ++++++++++++++++++++++++++++++++++++++++++
      කරුමෙකට දැන් මිනිස්සු මැණික් කියලා කියන්නේ තනිකර කිරවනා ගල් වලට මචෝ ..
      ස්තුතියි සජ්ජෝ ..

      Delete
  7. ඔහුට උපහාරයක්ම වේවා . ඇත්තෙන්ම ගීත ඇහුවට කවදාවත් මේ විස්තර දැනගන්න ලැබෙන්න නෑ උඹ නැත්තං

    ReplyDelete
    Replies
    1. උඹත් එක්ක බෑ මචෝ ..හැමදාම එකම කොමෙන්ට් එක පේස්ට් කරනවා ..හැක්
      ස්තුතියි ඉවාන් ..

      Delete
  8. අපි දන්නේ ඩිංගයි බං මේ මිනිසු්සු ගැන.. බොට ජය..

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත දේශෝ ..අපි දන්නේ බොහොම පොඩ්ඩයි ....
      ස්තුතියි මචෝ .....

      Delete
  9. සරත් දසනායක තමයි අපේ චිත්‍රපටි කලාවට පෙන්වා දුන්නේ, හින්දි තනු කොපි කරන්න ඕනේ නැහැ, අපිට පුළුවන් ඊට වඩා හොඳ තනු හදන්න කියන එක. කස්තුරි සුවඳ කියන්නේ, අපි උසස් පෙළ කරන කාලේ, අපේ හිතේ පෙම් සුවඳ මැවූ, ගීත රාශියක් දායාද කළ චිත්‍රපටියක්. සරත් දසනායක, කෙටි කාලයක් තුළ, මහා සංගීත විප්ලවයක් කළා. මේ කොහෙද යන ජරා හින්දි නිර්මාණ පස්සේ යන අපේ බොහොමයක් උන්නැහේලාට බැරිවුණා, සරත් දසනායකගෙන් ඉගෙනගෙන ඔහු ගිය පාරේම යන්න.

    මොකද බොල ලියනකොට රැයන්නයි රුයන්නයි පටලවාගෙන තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට විචා ...
      මම බැලුවේ කවුද මේක හරියට කියවන්නේ කියලා ...හැක් හැක්
      ඔන්න වැරැද්ද හැදුවෝ සර් ...තරහා අවසර ..

      ජයවේවා !!!

      Delete
  10. පුදුම හිතෙන ලස්සන ගීත ටිකක්. බැලුවම ඔහු සිංහල ගීතනුවේ පුරෝගාමියෙක්.

    ReplyDelete
    Replies
    1. ඔහු සිංහල ගීතනුවේ පුරෝගාමියෙක්.
      +++++++++++++++++++++++++
      සුදික අය්යා ගොඩ කාලෙකින් ...
      බොහොම ස්තුතියි
      ජයවේවා !!

      Delete
  11. හම්මෝ ඇති යාන්තන් මේ පාර නම් සින්දු දාපු පද රචනා වලින් වැඩි හරියක් අහපුවා.

    ReplyDelete
    Replies
    1. ඇති යාන්තම් බේරුනා ...හැක්
      ස්තුතියි සබරේ ..

      Delete
  12. හම්මෝ ඇති යාන්තන් මේ පාර නම් සින්දු දාපු පද රචනා වලින් වැඩි හරියක් අහපුවා.

    ReplyDelete
    Replies
    1. සබරෙ කොහොමද මල්ලි ?

      Delete
    2. කම්මලයාගේ ගෝලයෝ හැමතැනම ..හැක්

      Delete
    3. ඩබොල් වැටුනොත් අයින් කරන්ට සින්දු..... නැත්නම් කම්මල මාව ගෝලයා කර ගනී. ෆෝන් කට්ටෙන් ලොග් උනාම තමයි මේ අලකලන්චි හැම එකක්ම

      Delete
  13. සරත් දසනායක ගැන කඳුලු හැලෙන කමෙන්ට් එකක් දාන්න හිතුනත් මට එච්චර දැනුමක් නැති නිසා නිකං ඉන්නවා. කොහොම හරි හින්දි සින්දු කොපි කාර් කර සිංහල සින්දු හදපු ලැජ්ජා නැති යුගයෙන් එහාට යන්න තල්ල්ලුව දීපු හැමෝටම මම ගරු කරනවා.

    දැං මම උඹට පොඩි අවවාදයක් දෙන්නයි යන්නේ.

    උඹේ බ්ලොගේ home page එකට http://sinduano.blogspot.com ගිහින් බලලා තියෙනවද උඹ? මොකුත් නෑ මාගල වගේ. උඹ දාපු පෝස්ට් ඔක්කොම ගෙඩි පිටිං එක යට එක අනන්තය දක්වා පෙන්නනවා.

    මේකට ලස්සන සරළ විසඳුමකුත් තියෙනවා.

    නිවාඩු වෙලාවල, ආපහු හැම පෝස්ට් එකකටම ගිහින් එඩිට් කරන ගමන් මුල ඉඳන් වාක්‍ය හතර පහකට නැතිනම් පළවෙනි ඡේදයට පස්සේ page break එකක් දාලා save කරපං. දැනට අලුත්ම පෝස්ට් එකේ ඉඳලා ආපස්සට කරපංකෝ. මෙහෙම කරලා බලලා ආපහු home page ගිහින් http://sinduano.blogspot.com බලාපං කොච්චර ගතිද කියලා.


    ReplyDelete
    Replies
    1. අනේ බන් අය්යේ අර කඳුළු හැලෙන එක දාපන් ...මේ ගැන හැමෝම දැනුවත් වෙන්න ..

      ඔන්න උඹ කියපු විදිහට හැදුවා ..මිට කලින් කවුරුත් මෙහෙම කරන්න පුළුවන් කියලා කිව්වේ නැ .
      උඹට බොහොම ස්තුතියි ඩුඩ් අය්යේ මචෝ ...

      Delete
    2. අනේ බං එහෙම කමෙන්ට් එකක් තියෙන නිසා කිව්ව නෙවෙයි. මම ඒ හැටි දන්නේ නෑ සිංහල සංගීතය ගැන.

      යකෝ උඹ ඒ ටිකට ඒක හදලනේ. නියමයි. මම මේ කමෙන්ට් එක දාන්න කලින් ගිහිල්ල බලලා ආවා. උඹට තව ඔප්ෂන් එකක් තියෙනවා homepage එකේ පෝස්ට් කීයක් පෙන්නන්න ඕනෙද කියලා ‍තෝරන්න. දැනට මම හිතන්නේ උඹ ‍තෝරලා තියෙන්නේ 5යි. මම ගැන්නේ නෑ. ඒකත් කරලා බැලුවෑකි උඹට.

      Delete
    3. එකත් කරලම බලන්න ඕනෑ ඩුඩ් මචෝ ...

      Delete
  14. සිංදු ටික නං එකකට එකක් පරදින්නෙ නෑ බං.සරත් දසනායක මා ඉතාම අගය කරන සංගීතවේදියෙක්.එවැනි අය නැවතත් බිහිවන්නේත් නෑ.මේ වගේ දෙයක් දුන්නොත් සිංදුවෝ උඹම තමා.

    ReplyDelete
    Replies
    1. //එවැනි අය නැවතත් බිහිවන්නේත් නෑ//
      ++++++++++++++++++++++++++
      බොහොම ස්තුතියි හැලපයියේ .....මම එත් බැලුවා මොකද පරක්කු කියලා ..

      Delete
  15. පොඩ්ඩක් පරක්කු වුනා...ටක් කලා කඩලා ගනින් බෝතලය දෙකක් දාලා මෙතන තියන එල ද බ්‍රා සිංදු දෙකක් තුනක් කියමු..
    මෙතනින් සිංදු දෙක තුනක් මම කොපි කරගන්නද?

    ReplyDelete
    Replies
    1. මෙන්ඩෝ උඹ දැන් හොඳටම එන්න පරක්කු වෙනවා ...සින්දු දෙක තුනක් නෙවෙයි බොලොග් එකම ගනින් මචෝ ....මේවා උඹලගේ දේවල් ..
      එලද බ්‍රා මෙන්ඩෝ ...

      Delete
  16. මචන් ඊයෙ මැසේජ් එක දැක්කට දැන් තමයි නිවනක් ලැබුනේ.. ඔෆිස් එකේ හයියෙන් සින්බදු අහන්න බැරි උනාට පද වැල් ටික දිහා බලාගෙන ඔක්කොම සින්දු ටික මිමිණුවා.. :)
    මම නිකමට කල්පනා කරේ මෙතන තියෙන සින්දු ටික අරං බලපන්.. එකකට එකක් කොච්චර වෙනස් නිර්මාණද? සක්.. දැන් අහන සමහර 'අඬවැඩියා' එක්ක බැලුවම අපි පින් කරලා මදි කියල හිතෙනවා බං 'අලුත්' මොනවා හරි අහන්න බලන්න දකින්න විඳින්න.. රංග දසනායක අද ඉන්න යමක් කමක් කරන්න පුළුවන් එකෙක්.. ඒත් මිනිහගේ තාත්තා තරම් නම් දක්‍ෂ නෑ කියල හිතෙනවා..

    සවන් පුරා පිරීලා වස්දඬු රාවේ
    සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ...

    වැතිරී සීත මීදුම් පායේ හදේ වේදනා
    හඬා වැටේ එදා ඇසූ ඔබේ ගීතිකා.....

    ස්තුතියි සරත් මහත්මයා.. ස්තුතියි සින්දුවා මහත්මයා.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ මිත්‍ර මහත්තයෝ ...උඹලාගේ අදහස් නැති උනාම පොස්ට් එකක් දාන්න හිතෙන්නේත් නැ..මොකද මේ සින්දු වල පද වැල් බලන්න එන්නේ මොකාද කියලා හිතෙනවා ...
      එත් මෙහෙම අදහස් දක්වන කොට තවත් කළා කාරයෙක් ගැන කියන්න හිතෙනවා ...
      රංග දසනායක පොඩ්ඩක් බටහිර පැත්තට බර වැඩයි නේද ? තවම දැනෙන්න නිර්මාණයක් කලේ නැද්ද මන්දා .
      ස්තුතියි කමියෝ ....

      Delete
  17. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදු සෙට් එකක්... සරත් දසනායක මහත්මය ගැන විස්තර මෙච්චර දැන ගත්තේ අදයි... අර ලක්ෂ්මිඛාන්ත් පෙයාර්ලාල් කියන නම ඉස්සර රේඩියෝ එකේ නිතර ඇහෙනවා වගේ මතකයි.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අම්මේ පැතුම් ගොඩක් කාලෙකට පස්සේ ගොඩවෙලා ....
      "ලක්ෂ්මිඛාන්ත් පෙයාර්ලාල්" ගැන නිතරම කියනවා "භාරත ගී" ගෙනාව රන්ජිත් අයියා ....
      බොහොම ස්තුතියි

      Delete
    2. ["භාරත ගී" ගෙනාව රන්ජිත් අයියා ] හරියට හරි.. මට ඔය නම ඇහෙද්දී මතක් වෙන්නේ ඔය වැඩසටහන තමයි..

      Delete
  18. බොහොම කාලෙකින් එන්න උනේ. ඔය 1ට තියන සින්දුව මගේ ප්‍රියතම සින්දුවක්.
    https://www.youtube.com/watch?v=fJpKavgTu7g&feature=related
    සරත් දසනායක ගැන බොහොමයක් දැනගත්තේ මේකෙන්.

    ReplyDelete
  19. දැනුත් යුටියුබ් එකේ සින්දුව අහන ගමන්.

    ReplyDelete
  20. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1697-2015-11-26-21-53-34

    ReplyDelete
  21. හිම කඳු යහනේ ගීතය ගායබා කලේ ග්‍රේෂන් ආනන්ද

    ReplyDelete