Monday, November 9, 2015

"සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ"


1939 ජනවාරි 28 වැනිදා කුරුණෑගල වැලිගන්වත්තේ දී උපත ලද "සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක" නොහොත් "බණ්ඩාර කේ.විජේතුන්ගයන්" බදුල්ල සාන්ත බීඩ් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද  පසුව කොළඹ ආනන්ද විදුහලට ඇතුළු වූයේ ය.ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ ඔහුට ආනන්ද විද්‍යාලය කළා කුසලතා සඳහා තෝතැන්නක් විය .ඔහු ආනන්ද විදුහලේ සිටියදී ලේඛන කලාවෙන් හා චිත්‍ර කලාවෙන් දැක්වූයේ අසමසම කුසලතාවකි.1957 දී අනතර් පාඨශාලීය චිත්‍ර තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තේය .1958 දී "The Anandian" නමැති විද්‍යාලිය සඟරාවේ සම සංස්කාරක ධුරය දැරිය ,හොඳම ස්වතන්ත්‍ර නිර්මාණය ,හොඳම රචනාව ,හොඳම ඉංග්‍රීසි රචනාව ,හොඳම චිත්‍ර නිර්මාණය සඳහා වූ ත්‍යාග වසර ගණනාවක් අඛණ්ඩව දිනා ගත්තේය .
           බණ්ඩාර කලා ක්ෂේත්‍ර කීපයකින් ම ප්‍රතිභාව පෑවේය. ඔහු ලේඛකයෙකි, කවියෙකි, චිත්‍ර ශිල්පියෙකි, අකුරු නිර්මාණ සැලසුම් ශිල්පියෙකි, ගීත රචකයෙකි, නිවේදකයෙකි, චිත්‍රපට ප්‍රචාරක සැලසුම් ශිල්පියෙකි, ගුවන් විදුලි නාට්‍ය රචකයෙකි, සහ ගුවන් විදුලි නාට්‍ය නළුවෙකි.බණ්ඩාර ගේ කුසලතා මුලින් ම මතු වූයේ ලේඛන කලාවෙනි. ශ්‍රීයා රත්නකාර මහත්මිය සංස්කරණය කළ ‘වනිතා විත්ති’ පුවත්පතට ඔහු ලිපි ලිව්වේ "ආනන්දනී විජයතුංග" යන ස්ත්‍රී නාමයෙනි.එකල මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සුනන්දා මහේන්ද්‍ර නමින් ද කරුණාරත්න අමරසිංහ, කරුණා අමරසිංහ නමින් ද, අසෝක කොළඹගේ, අසෝකා කොළඹගේ නමින් ද, අජන්තා රණසිංහ එම නමින් ද එලෙස කාන්තා පුවත්පතක් වූ ‘වනිතා විත්ති’ යට ලිපි ලියූ බව මෙහිදී සිහිපත් කළ හැකි ය.
       
 කවියට බෙහෙවින් ඇලුම් කල බණ්ඩාර ‘නෙත් දහස’ නමැති කෘතිය 1963 දී පළකළේය . පෙරද දැක්වූ පරිදි බණ්ඩාර චිත්‍ර ශිල්පියෙක් ද වූයේ ය. ඔහු පාසල් අවදියේ සිට ම චිත්‍ර කලාවෙන් ද දස්කම් පෑවේය. තමාගේ ‘නෙත් දහස’ කාව්‍ය සංග්‍රහයේ මෙන් ම අජන්තා රණසිංහ ගේ ‘තිවංක රේඛා’ ගී සංග්‍රහයේ ද කවර නිර්මාණය බණ්ඩාරගෙනි.
         බණ්ඩාර කේ.විජේතුන්ගයන් ගුවන් විදුලියට හා චිත්‍රපටවලට ගීත රැසක් රචනා කළේය .මුල් කාලයේ දී ක්‍රිස්ටෝපර් පොල් ,ටියුඩර් කඳනආරච්චි, ජෝතිපාල ,ඇස් .බි රානි පෙරේරා ආදීන් ගායනා කල අතර වික්ටර් රත්නායක ,සනත් නන්දසිරි පසු කාලිනවා ගීත රැසක් ගයනා කර ඇත . එච්.ආර්. ජෝතිපාල ගයන ‘මහද නමැති වනබඹරා’ ‘සමන්මල් පියල්ලේ’ ‘මිල්ටන් මල්ලවආරච්චි ගයන ‘හද උතුරා ගංගාවේ’ ‘ඔබ වෙනුවෙන් ලියූ දහසක් ගී’ ‘ඔබයි මමයි මැවූ සිහින’, ‘ක්‍රිස්ටෝපර් පෝල් ගයන ‘රුවන් තොරන් තනා’ ‘මුළු ලෝකේ පුරා’, ජී.එස්.බී. රාණි පෙරේරා ගයන ‘ආයුබෝවන් - ආයුබෝවන්’ වැනි සරල පෙම් ගීත ද වික්ටර් රත්නායක ගයන ‘සඟවා ගනු මැන’ ‘මගෙ හද ඔබෙ ළඟ’ ‘සත්සමුදුරු තරණය කොට’ සනත් නන්දසිරි ගයන මහද පෙම් විලේ’ ‘දිනෙන් දින ඔබ වෙතින්’ ‘හමුවෙමු සුවබර තවත් සැඳෑවක’ වැනි කිසියම් ගැඹුරක් ඇති ගීත ද බණ්ඩාර ලියා ඇත. පණ්ඩිත් අමරදේව හා වික්ටර් රත්නායක ගයන ‘ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා’ ගීතය ද පණ්ඩිත් අමරදේව හා සනත් නන්දසිරි ගයන ‘විකසිත නයනින්’ ගීතය ද බණ්ඩාර ගේ විචිත්‍ර ප්‍රබන්ධය. ‘මිහිදුම් සළු තිර’ (සුනිල් එදිරිසිංහ - නීලා වික්‍රමසිංහ) ‘සබඳකමක් නැති’ (නීලා වික්‍රමසිංහ) ගී දෙක ද බණ්ඩාර ගේ ගීත රචනා අතර වෙයි.බණ්ඩාර ලියූ ගී සියල්ල බොහෝමයක් ම අසම්මත ප්‍රේමය හා ඉන් පැනනඟින විවාහ සංස්ථා අධිකාරය තේමා කරගත්තක් බව පෙනී යයි.ගීතවල පද රචනා බොහෝමයක් ම තම ජීවිතයට සම්බන්ධ වූ ඒවා බව බණ්ඩාර කියා ඇත. ජීවිතයේ අප්‍රමාණ දුක්ඛවේදයිතයන්ට ඔහු මුහුණ දී ඇති ආකාරය එම ගී වලින් පෙනී යයි.
               බණ්ඩාර චිත්‍රපට කීපයකට ම ගීත රචනා කර ඇත. ‘රිදී නිම්නය’, ‘බිත්ති හතර’, ‘ආශා දෑසින්’, ‘මල් කැකුළු’, ‘සුද්දා’ ‘මධු සමය’, ‘දිනුම’ ‘ශ්‍රී මදාරා’, ‘පොඩිමල්ලි’, ‘බංගලි වළලු’ බණ්ඩාර ගී ලියූ සිනමාපට කීපයකි. එයින් ‘රිදී නිම්නය’ චිත්‍රපටයට ඔහු ලියූ ‘සුළඟ වගේ ඇවිදින්’ ගීතය සඳහා 1984 හොඳම ගීත රචකයා සඳහා වූ ජනාධිපති සම්මානය හිමිකර ගත්තේ ය. ‘මා ද ඔබම විය’ (මධුසමය) ‘යාළුයි අපි යාළුයි’ (සුද්දා), ‘විකසිත පැතුමන් ඔබේ ළයේ (ආශා දෑසින්) ‘මල් රොන් වයසේ’ හා ‘ඩිංඩොං ඕ බේබි සින්ග් අ සෝන්ග්’ (දිනුම)
බණ්ඩාර චිත්‍රපටවලට ලියූ ජනකාන්ත ගීත කීපයකි.
                 බණ්ඩාර වෘත්තියෙන් මහ බැංකුවෙත් ජාතික චිත්‍රපට සංස්ථාවෙත් සේවය කළත් ඔහු කාලාන්තරයක් ගුවන් විදුලියේ සහන නිවේදකයකු ලෙස කටයුතු කෙළේ ය. ආනන්ද විදුහලේ ඉගෙනුම ලබන අතරතුරම ඔහු කරුණාරත්න අබේසේකර මෙහෙයවූ ‘සරස්වතී ළමා මණ්ඩපයට’ සහභාගි වූයේ ය. විජිතානන්ද මැණික්දිවෙල මෙහෙයවූ ‘බෝසත් ළමා ළපටියෝ’ සරත් විමලවීර මෙහෙයවූ ‘ළමා රංගපීඨය’, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මෙහෙය වූ ‘රේඩියෝ සඟරාව‘ වැනි විචිත්‍රාංගයන්ට ද බණ්ඩාර නොයෙක් ආකාරයෙන් නිර්මාණශීලී දායකත්වය සැපයූවේ ය.
             බණ්ඩාර කේ අප අතර සිටි දක්ෂතම නිවේදකයෙක් විය .ඔහුගේ උච්චාරණය නිවැරදි හා පැහැදිලි විය ,ගැඹුරු විය .ගුවන් විදුලියේ දී ඔහු නිවේදකයකු ලෙසත් ගුවන් විදුලි නාට්‍ය නළුවකු ලෙසත් දක්ෂතා ප්‍රකට කළේ ය. නිවේදකයකු ලෙස ඔහු සුවිශාල ප්‍රතිභාවක් පෑවේ චිත්‍රපට ප්‍රචාරක ශිල්පයේ ය.ගුවන් විදුලියෙන් බැහැරව ඔහු වඩාත් කැපී පෙනුනත් වික්ටර් රත්නායක ගේ ‘ස’ සංගීත ප්‍රසංගයේ නිවේදකයකු ලෙස ය. තමන්ට ම ආවේණික වූ නිවේදන කලා ශෛලියක් බණ්ඩාරට පිහිටා තිබිණි.‘ගුවන් විදුලි රඟමඩල’ යටතේ නිෂ්පාදිත නාට්‍ය ගණනාවකට ම බණ්ඩාර තම හඬ එක් කළේ ය. විශේෂයෙන් කපිල කුමාර කාලිංග ලියූ සුගතපාල ද සිල්වා නිෂ්පාදනය කළ ‘මකරාගේ තානායම’ නාට්‍යයේ ඔහු නිරූපණය කළ සුදු රැවුලාගේ චරිතය අදටත් ගුවන් විදුලි නාට්‍ය ලෝලයන්ගේ මතකයෙන් ගිලිහී ගොස් නැත.මෙරට ගුවන්විදුලියේ විද්‍යා ප්‍රබන්ධ නාට්‍ය රචනයේ පුරෝගාමියා ඔහු ය.
               1980 දී බණ්ඩාර ගුවන් විදුලියේ වැඩ තහනමට ලක් වුයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එරෙහිව ලියැවුණු පෙත්සමට අත්සන් කිරීමේ විපාක වශයෙනි.අවුරුදු හතකට පසු තහනම ඉවත් කෙරුණි .ගුවන් විදුලියේදී  බණ්ඩාරගේ ජීවිතයට විවිධ ගැටළු ඇතිවිය .එම ගැටළු වලට විසදුම් මධු විත ඇසුරෙන් අමතක කර දමන්නට බණ්ඩාර සිතිය .එහි ප්‍රථිපලය වුයේ අවුරුදු 51 දී මෙලොව හැර යාමට සිදු වීමයි ...මේ පිළිබඳවදිවයින ඉරිදා සංග්‍රහයේ "සේකරගේ කලා සටහන් " තීරුවක මෙසේ සඳහන් ව තිබු බව සුනිල් ආරියරත්න "සුළඟ වගේ ඇවිදින් "කෘතියේ පලකොට ඇත . "බණ්ඩාර මධුවිතට පෙම් කල මිනිසෙකි .එහි රහසක් නැත .ඔහු අපෙන් සමු ගන්නට එයද හේතුවක් වුවා නිසැකය "    
1990 ජනවාරි මස 3 වැනි දින බණ්ඩාර අපෙන් සදහට ම සමුගත්තේ ය.

(තොරතුරු මුලාශ්‍ර - අන්තර් ජාලය සහ සුනිල් ආරියරත්න - "සුළඟ වගේ ඇවිදින් " කෘතියෙන් )



++++++++++++++++++++++++++++++++++++++++++
01.ඇයගේ ඇකයෙහි

ඇයගේ ඇකයෙහි
ඔබ හිස රඳවා
සැණැහුනු මොහොතක ඔබේම දෙනෙතින්
මා ඔබ දු‍ටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ

වසන්ත දෙකොපුල
නිදි වැරු තොල් මල
දසැඟිලි තුඩු අග
පිබිදුණු රනහස
ඇයට ආදරේ ආදරේ මම
ඇයට ආදරේ ආදරේ

ඇගේ සුරත ගෙන
පිණි විල්ලුද මත
ඇයට ඇලුම් බව
ඔබ පැවසූ පසු
පෙරළා ඔබ හට
පෙම් කරණා බව
ඇය මුමුණන සඳ
ඔබ සිත සුවපත් වේ
ඔබ සිත සුවපත් වේ

ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ
ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ
ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක සමග පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය: බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක
-------------------------------------------------------------------------------
02.මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි

මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

වසර ගණනක යොදුන් ගණනක
ගමන් මඟ අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳි වග
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය :  බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
-------------------------------------------------------------------------------
03.දිනෙන් දින ඔබ මා වෙතින්

දිනෙන් දින ඔබ මා වෙතින්
දුරස් වන විට මගේ මනසට
තවත් ළං වනු පමණකිය ඔබ
දිනෙන් දින ඔබ මා වෙතින්

රුදුරු රළ පෙළ හඬක් නොනැඟේ
බිහිරි වී ඇත මගේ දෙසවන
රැයෙහි තරු මල් කිනිති නොපෙනේ
අන්ධ වී ඇත මගේ දෙනයන
දිනෙන් දින ඔබ මා වෙතින්

මලානික හද විලේ ඉවුරේ
ඔබේ පියවර ලකුණු අහුරකි
මිලින කුසුමෙක කඳුළු මල් පිනි
ඔබෙන් නො හැළෙන කඳුළු බිඳු වැනි
දිනෙන් දින ඔබ මා වෙතින්

රුදුරු රළ පෙළ හඬක් නොනැඟේ
බිහිරි වී ඇත මගේ දෙසවන
රැයෙහි තරු මල් කිනිති නොපෙනේ
අන්ධ වී ඇත මගේ දෙනයන
දිනෙන් දින ඔබ මා වෙතින්

ඔබේ හසරැළි සිහින අතරේ
යළිත් මා මන පුබුදු වන්නට
සතුටු සයුරෙන් නැඟෙන සිරිකත
විලස මා වෙත නැවත එනු මැන

දිනෙන් දින ඔබ මා වෙතින්
දුරස් වන විට මගේ මනසට
තවත් ළං වනු පමණකිය ඔබ
දිනෙන් දින ඔබ මා වෙතින්

ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි
-------------------------------------------------------------------------------
04.මගෙ හද ඔබ ළඟ 

මගෙ හද ඔබ ළඟ 
ඔබෙ හද මා ළඟ
එනමුදු මගෙ අත 
වෙනතක බැඳ ඇත
දහසක් බැමි ඇත 
දහසක් ගිනි ඇත
එනමුදු නිවහල් 
ලොවකුත් ළඟ ඇත
මගෙ හද ඔබ ළඟ

විල්ලුද පලසින් රන්මිණි කැලුමින්
සැරසුණු සිරගෙය මා වටකොට ඇත
පිදුරු සෙවිලි කළ ඔබෙ පැල්පත වෙත
එන්නට මට කිසි අවසරයක් නැත

අතීතයේ රස මියුරු සැඳෑවන්
අද මගෙ හදවත හඬවන සුසුමෙකි
මිහිරියෙ අප හට ඉතිරිව ඇත්තේ
අපේ කල්පනා ලෝකය පමණෙකි

මගෙ හද ඔබ ළඟ 
ඔබෙ හද මා ළඟ
එනමුදු මගෙ අත 
වෙනතක බැඳ ඇත
දහසක් බැමි ඇත 
දහසක් ගිනි ඇත
එනමුදු නිවහල් 
ලොවකුත් ළඟ ඇත
මගෙ හද ඔබ ළඟ

මේ සිරගෙය මැද දෙනෙත් පියාගෙන
සිරුරෙන් මියගොස් මා සිටිනා විට
ඔබේ සිඟිති මඳ සිනා උපුල් මල්
මගේ සිහින ලොව දස අත සුපිපෙයි

යදම් පවුරු සහ සීමා අතරෙහි
මිරිකී කුමකට සිත රවටන්නෙද
දෑත දෙපා හා සිතද මුදා හැර
මගේ ලොවට දිව එනු මැන සඳවති

මගෙ හද ඔබ ළඟ 
ඔබෙ හද මා ළඟ
එනමුදු මගෙ අත 
වෙනතක බැඳ ඇත
දහසක් බැමි ඇත 
දහසක් ගිනි ඇත
එනමුදු නිවහල් 
ලොවකුත් ළඟ ඇත
මගෙ හද ඔබ ළඟ

ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක
-------------------------------------------------------------------------------
05.රුවන් තොරන් තනා

රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා
පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා //
රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා
පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා //
රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා

හිරු පායනු බලා
ඔබෙ අත්තටු සලා
මගේ පුංචි කිරිල්ලියේ වරෙන් ඉගිලිලා ...//
බොල්ගොඩ ගඟෙන් එගොඩ වෙලා
දකුණු පැත්ත බලා
ඉතින් හෙමින් ඉගිල්ලියන් මඟ සළකුණු බලා
ගඟෙන් එගොඩ වෙලා
දකුණු පැත්ත බලා
ඉතින් හෙමින් ඉගිල්ලියන් මඟ සළකුණු බලා
ඉතින් හෙමින් ඉගිල්ලියන් මඟ සළකුණු බලාලා

රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා
පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා //
රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා

බෙන්තර ගඟ ළඟින් 
සඳ කිඳුරන් බලන්
ඔබේ වෙහෙස ටිකක් නිවන් කොටු බැම්මට වරෙන් ...//
ගාලු සිරිය බලා ගිං ගඟෙන් ඉගිල්ලිලා
මගෙ ලස්සන කූඩුව වෙත වරෙන් පියාඹලා
ගාලු සිරිය බලා ගිං ගඟෙන් ඉගිල්ලිලා
මගෙ ලස්සන කූඩුව වෙත වරෙන් පියාඹලා
මගෙ ලස්සන කූඩුව වෙත වරෙන් පියාඹලා

රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා
පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා //
රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා
පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා //
රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා

ගායනය " ක්‍රිස්ටෝෆර් පෝල්
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය : ෂෙල්ටන් ප්‍රේමරත්න
-------------------------------------------------------------------------------
06.ඔබයි මමයි මැවූ සිහින

ඔබයි මමයි මැවූ සිහින
ලොවම මැකී යයි
දෙඅත රැගෙන එකම දිනක
අප සමුගන්නයි ...//

සුනිල පළිඟු දියෙන් සපිරි
පොකුණ මා තමයි
රුවද සුවඳ එකම පරිදි
රැගත් මල ඔබයි ...//

ඔබයි මමයි මැවූ සිහින
ලොවම යයි
දෙඅත රැගෙන එකම දිනක
අප සමුගන්නයි ...//

අපට නොමැත නීති රීති
සෙනෙහස පමණි
තවත් ලොවක තවත් දිනක
ඔබෙ අත ගනිමි ....//

ඔබයි මමයි මැවූ සිහින
ලොවම යයි
දෙඅත රැගෙන එකම දිනක
අප සමුගන්නයි ...//

ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක
-------------------------------------------------------------------------------
07.සත් සමුදුරු තරණය කොට

සත් සමුදුරු තරණය කොට
දුරු රටකට වඩින්නියේ ...//
මගේ හිතයි මගේ හදයි
ඔබත් සමඟ රැගෙන යන්න

එරට නුහුරු පරිසරයක
විලාසිනියෙ ඔබ තනිවේ දෝ
එවිට සිතනු මැනවි ලියේ //
ඔබෙ තනියට හිතක් ඇතේ
ඔබෙ තනියට හදක් ඇතේ

සත් සමුදුරු තරණය කොට
දුරු රටකට වඩින්නියේ ...//
මගේ හිතයි මගේ හදයි
ඔබත් සමඟ රැගෙන යන්න

එරට මහරු විසිතුරු මැද
මෙරට ඔබට අමතක වේ දෝ
එසේ වුවොත් නොපැතු ලෙසේ //
මට ඉන්පසු හිතක් නැතේ
මට ඉන්පසු හදක් නැතේ

සත් සමුදුරු තරණය කොට
දුරු රටකට වඩින්නියේ ...//
මගේ හිතයි මගේ හදයි
ඔබත් සමඟ රැගෙන යන්න

ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක
-------------------------------------------------------------------------------
08.මහද පෙම් විලේ

මහද පෙම් විලේ
නිබඳ නුරා රැඟුම් රඟා
සුසුම් රැළි නගාලා
පොපියන පියුමි ප්‍රිය ලඳේ
මහද පෙම් විලේ

නයන යුග ඔබේ
දිළෙන මැණික් විලස දිසේ 

නළල් සඳ නවාලා
දෙව්දුනු දෙබැම ඔප නැගේ 

මහද පෙම් විලේ
නිබඳ නුරා රැඟුම් රඟා
සුසුම් රැළි නගාලා
පොපියන පියුමි ප්‍රිය ලඳේ
මහද පෙම් විලේ

සසර සැරිසරා
යුගෙන් යුගේ උපත් ලබා 

නිතොර ඔබ පතාලා
එන්නෙමි සිහින ගඟ වගේ

මහද පෙම් විලේ
නිබඳ නුරා රැඟුම් රඟා
සුසුම් රැළි නගාලා
පොපියන පියුමි ප්‍රිය ලඳේ
මහද පෙම් විලේ

ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි
-------------------------------------------------------------------------------
09.විකසිත නයනින් මා හිනැහෙන විට

විකසිත නයනින් මා හිනැහෙන විට
ලොවම සිනාසෙයි මා සමඟින්

ඔබේ ඇතුළු හද වැලපෙන මොහොතේ
ලොවක කඳුළු නැත ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්

තුරුණු සැඳෑවක ලහිරු තලාවක
මිතුරු සමාගම ඔකඳවෙවී ඇත

අඳුර ගලා විත් ලොවම වැසූ කල
නෙත් සඟවා ගෙන තනිව නිදයි

විකසිත නයනින් මා හිනැහෙන විට
ලොවම සිනාසෙයි මා සමඟින්

ඔබේ ඇතුළු හද වැලපෙන මොහොතේ
ලොවක කඳුළු නැත ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්

ගීත ලතාවක දිගැසි ඉනාවක
දෙතොල් අමා විත පිරී ඉතිර ඇත

දෙනෙත් ඇඳිරි වී දෑත් සැළෙන දින
ඔබට ඔබත් නැත
ඔබට ඇයත් නැත

විකසිත නයනින් මා හිනැහෙන විට
ලොවම සිනාසෙයි මා සමඟින්

ඔබේ ඇතුළු හද වැලපෙන මොහොතේ
ලොවක කඳුළු නැත ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්

ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි
-------------------------------------------------------------------------------
10.සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව ගැටෙතැයි
මා හද බිය වී
සැලී සැලී යයි

මහ වනපියසෙක අඳුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්
හිරු රැස් බිඳැකුදු ඔබැ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරැවේ මා හද

සොමි සඳවත ලෙස රුසිරු නොවී නම්
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත
එනමුදු ඊයේ මට පෙන් වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත

පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : වික්ටර් රත්නායක
-------------------------------------------------------------------------------
11.ඔබ ම මාද විය

ඔබම මාද විය - මාද ඔබම විය
සාගර වෙරළක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවූ දිනක්‌ ඇත
ඒ රන් හිරු රැස විහිදුණු මොහොතේ
ඔබ ම මාද විය මාද ඔබම විය

පවසා ගන්නට දහක් වදන් ඇත
පෙන්විය නොහැකි වූ දහස්‌ දසුන් විය
ඒ සැම මැද්දේ සිත් කය සිරවුණු
අහිංසකාවිය පමණ ද ඔබ ළඳ

ඔබමය මා සිත ඔබමය මා ගත
සිතින්ද සිරුරෙන්ද පොබ කළ හිමියනි
ඔබෙන් රකින්නට රහස්‌ කිසිත් නැත
එවන් කලෙක මා එපා නොකල මැන

පද රචනය: බණ්ඩාර කේ. විජේතුංග
ගායන: විශාරද මාලනී බුලත්සිංහල
සංගීතය: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
චිත්‍රපටිය: මධුසමය
-------------------------------------------------------------------------------
12.සුළඟ වගේ ඇවිදින්

සුළඟ වගේ ඇවිදින්
සුළඟ වගේ ඇවිදින්
කොහි සිටදෝ - කොතැනටදෝ
සුළඟ වගේ ඇවිදින්

මවකගෙ කඳුළක් මුතු ඇටයක් වී
දුවකට සුර සැප සැදුවාදෝ

පියෙකුගෙ ඩහදිය සිප් සයුරක් වී
පුතෙකුගෙ මනසක් පිරුවාදෝ

පද රචනය: බණ්ඩාර කේ විජේතුංග
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායන: විශාරද මාලනී බුලත්සිංහල /ටී.එම්. ජයරත්න
චිත්‍රපටය: රිදී නිම්නය
-------------------------------------------------------------------------------
13.යාළුයි අපි යාළුයි

යාළුයි අපි යාළුයි හැමදාමත් යාළුයි
එක ඉත්තක එකට පිපුණු පුංචි යාළුවෝ

සුදු වැල්ලේ පිය සටහන් අපි කාගෙත් එක වාගෙයි
දුවන පනින හෙවණැල්ලත් අපි කාගෙත් එක වාගෙයි
සුදුත් එකයි කළුත් එකයි ඉරත් හඳත් අපෙයි අපෙයි
ඉරත් හඳත් අපෙයි අපෙයි

නිල් මුහුදයි නිල් අහසයි කැලෑ රොදයි කුරුල්ලනුයි
මල් සුවඳයි වලාකුළයි අපිත් එක්ක යාළු වෙලා
සුදුත් එකයි කළුත් එකයි
ඉරත් හඳත් අපෙයි අපෙයි
යාළුයි අපි යාළුයි
හැමදාමත් යාළුයි
එක ඉත්තක එකට පිපුණු පුංචි යාළුවෝ
යාළුයි අපි යාළුයි

පද රචනය: බණ්ඩාර කේ විජේතුංග
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
චිත්‍රපටය: "සුද්දා"
-------------------------------------------------------------------------------
14.මිහිදුම් සළු තිර

මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල
සෙවනැල්ලේ මුළු ලොවින් සැඟවගමු
නිකෙළෙස් හද බැඳී විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට....

වන ගැබ වන පළ නෙළා ගෙනෙන්නම්
වනමල් දහරින් මාල ගොතන්නම්
පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම්
තුරු සෙවනැල්ලක මල් අතුරන්නම්....

ඕනෑ නැත අන් කිසිවක් මිහිමත
පාරාදීසය මෙහි ඉදිවී ඇත
මානවිකාවෙනි හෙට හිරුකිරණට
ටිකිරි සිනාවක් මුසුකරලනු මැන .....

පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග 
සංගීතය : නිමල් පෙරේරා
ගායනය : සුනිල් එදිරිසිංහ සමග නීලා වික්‍රමසිංහ
-------------------------------------------------------------------------------
15.සඳ උතුරා ගංගාවේ

සඳ උතුරා ගංගාවේ
ඔබෙ රුවදෝ මැවුණේ.......

ඇය නිදනා කුටිය කරා
හමන මඳනලේ
මා තනි වී මේ ඔරුවේ
ගෙවන තනි රැයේ
පවත ඇගේ හද නොසලා
සවනැ ලූ මැනේ.....

දෙගොඩතලා යන වතුරේ
මෙගොඩ පෙනි පෙනී
ඇය නොලබා සිතිනි ලබා
සිහින මැවි මැවී
ගඟ මැද්දේ තනි ඔරුවේ
අද ද රැය ගෙවේ.......

ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය: බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය : සෝමපාල රත්නායක
-------------------------------------------------------------------------------
16.කිසිවක් නොකියන

කිසිවක් නොකියන කිසිවක් නොඅසන
මුනිවත රකිනා ලඳුනි පබා
කල්පිතයක් මැද තනිවූ පමණින්
මුවගුළුලාගෙන හිඳිනු එපා

කියාගන්න බැරි දහසක් දේ ඇත ජීවිතයට
සිතා ගන්න බැරි දහසක් දේ ඇත ඔබ අප වට
එනමුදු සොදුරිය....
ඔබේ සිතත් මගේ සිතත්
දෙකම එකක් කල අපට රහස් නැත
මුවගුළුලාගෙන හිඳිනු එපා

තනිවූ මොහොතක කුණාටුවක් මැද සාගරයක
එක්වූ මොහොතක තරු වියනක් යට මල් යායක
ඉදුනිල් ලෙළැසියෙ ...
ඔබේ සිතත් මගේ සිතත්
දෙකම එකක් කල අපට රහස් නැත
දොරගුළුලාගෙන සිටිනු එපා

පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය/ගායනය : සනත් නන්දසිරි ගායකයානන්ගේ
-------------------------------------------------------------------------------
17.විකසිත පැතුමන්

විකසිත පැතුමන් ඔබෙ ලයේ
සෙනෙහස මීවිත පිරී
එනමුදු අදමෙන් මගේ ලොවේ
දැල්වුනු පහනද නිවී
මා මත් වෙලා...

නීල නෙතු ඇ‍ගේ පෙර මගේ
ඒ දෙනෙත් අද ‍අනෙතුගේ
සිත් තුල සුපිපුණ සෙනෙහස් මල් දම්
මිලින වී... වියොගේ ලං වීලා...
මා මත් වෙලා...

මා නොලද ඒ ආදරේ
ඔබේ හද තුල මෝදුවේ
එක්කල අතගිලි යළි වෙන් නොවෙනට
වසග වී ...පෙම් සිනහ නැන් වේවා
මා මත් වෙලා...

විකසිත පැතුමන්......

ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය : සරත්දසනායක
චිත්‍රපටය :ආශා  දෑසින්
-------------------------------------------------------------------------------
18.සබඳ කමක් නැති

සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි
මා තේරුම් ගනු ඔබට නොහැකි නම්
ඔබ තේරුම් ගනු මටද නොහැකි නම්

වසර ගණන් කල් සිනාසුනෙමු අපි
වසර ගණන් කල් කතාකලෙමු අපි
එහෙත් කවුද ඔබ එහෙත් කවුද මා
ඔබත් නොදන්නෙහි මමත් නොදන්නෙමි

අත්වැල් බැඳගෙන මහවැලි ඉවුරෙහි
පෙරදින සැන්දෑ සාමය ගෙවී ගිය
නමුදු කවුද ඔබ ඔබට කවුද මා
ඔබත් නොදන්නෙහි මමත් නොදන්නෙමි

ගායනය : නීලා වික්‍රමසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය: බණ්ඩාර කේ. විජේතුංග
-------------------------------------------------------------------------------
19.සමන් මල් පියල්ලේ

සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
පී‍්‍රතී වලාවන් එක්වී සංගීත රාවෙන් මත්වී
මගේ රංගනීයේ....
සමන් මල් පියල්ලේ.....

වනේ මල් නෙළාලා ඔබේ ගෙල බඳින්නම්
රීදී පිනි දියෙන් මා ඔබේ නෙත් තෙමන්නම් ආ..ආ..
ආදරෙන් සොයාලා නිල් නෙලුම් ගෙනැල්ලා
ඔබගේ වරලේ ගසලා ලස්සන බලන්නම්
සමන් මල් පියල්ලේ....

සුදෝ සුදු වලාවෙන් සිහින් ඉඟ ඔතන්නම්
ගංගාව ඉවුරේ ළං වී ඉඳින්නම් ආ...ආ..
අමරණීය ප්‍රේමේ සිහසුන් දරාලා
ඔබගේ කවදා හෝ මං දෑතම ලබන්නම්
සමන් මල් පියල්ලේ....

පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
ගායනය :  එච්. ආර්. ජෝතිපාල
-------------------------------------------------------------------------------
20.මහද නමැති වන බඹරා 

මහද නමැති වන බඹරා
ළංවී කණට ඔබේ
ආදරේ කියයි මෙසේ
හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම්

මලින් මලට ඉගිලිලා - රොන් උරන්නේ නෑ මෙමා
ඉගිල එන්නේ ඔයා ලඟටනේ
කටු අත්තක හැංගිලා - අයින් වෙන්නේ ඇයි ඔයා
රෝස මලට පමණි ආදරේ
රස මියුරූ සැන්දෑවේ - ආදරේ කියයි මෙසේ
හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම්

සිඟිති ඔබට වෙහෙස දී  - හිරු නැගෙන්නෙ පළමුවෙන්
ජීවන රස මිහිර විඳගමූ
හෙටක්‌ නොමැති අප ලොවේ - අද පමණයි හමුවුණෙ
ඉතින් මොකද තව ලතැවෙන්නේ
රස මියුරූ සැන්දෑවේ - ආදරේ කියයි මෙසේ

පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
ගායනය :  එච්. ආර්. ජෝතිපාල
සංගීතය : සරත් ද අල්විස්


"ගීත සියල්ලම මෙතැනින්"
---------------------------------------------------------------------------------------

ප .ලි
වැරදි අඩු පාඩු පෙන්වා දෙන්න ...සොඳුරු මතකයන් බෙදාගන්න ...

57 comments:

  1. සින්දුවෝ උඹට පිං මචන් ඇත්තටම මං වගේ ගී පද රචනා කරන නවකයින්ට මේ වගේ දක්ෂ පද රචකයන්ගේ ගී පද මාලා දැකගන්නට අසන්නට සලසනවට. අපි වගේ ගී පද රචකයන්ගේ වාග් මාලාව හදාගන්න, අනුභූතින් නිර්මාණය කරගන්න මේ වගේ පද මාලා කියවීම ඇසීම ගොඩක් උපකාරි වෙනවා.
    දිගටම මේ වගේ ලිපි පළ කරන්ඩ ලැබේවා
    උඹට ජය සින්දුවෝ !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වර්ණයෝ ....එක් කෙනෙක්ට හරි මේ දේවල් වලින් වැඩක් වෙනවානම් මට ඒ හොඳටම ඇති ... ජයවේවා !!!

      Delete
  2. බණ්ඩාර කේ වීජේතුංග කියන්නේ මම වඩාත්ම ප්‍රිය කරන කට හඬක් තිබිච්ච සිංහල නිවේදකයා. ප්‍රියතම ඉංග්‍රීසි නිවේදකයා රවිජෝන්, නිවේදිකාව නො එලීන් හොන්ටර්.

    ඒ කටහඬේ පුදුම තේජාන්විත ගතියක් තිබුනේ. ඇත්තෙන්ම කටහඬ අයිති මේ පුද්ගලයාටද කියලා පුදුම හිතෙනවා පින්තූරයක් දැක්කාම.

    ඒ එක්කම සිංහල ගුවන් විදුලි වෙළඳ දැන්වීම් කලාව උඩු යටිකුරු කරපු පුද්ගලයෙක්. මුලින්ම ගීත්, අභිමාන් වගේ හින්දි චිත්‍රපටවලට සිංහලෙන් වෙළඳ දැන්වීම් ඉදිරිපත් කිරීමෙදි කැපීපෙනෙන වැනසක් ඇති කලේ ඔහුගෙ කාලයේ.

    "හදබැඳි විකසිත ආදරයේ තේමා ගීතය - ඊස්ට්මන් වර්ණ ගීත්"

    "ඔවුන් දෙදෙන එක්කලේද සංගීතයයි. වෙන් කලේද සංගීතයයි..."

    ඔහු ගැන රේල් පීල්ලක පිපුණු රෝස මලක් වගේ කතාවකුත් තියෙනවා මට යන්තම් මතකයි...

    ඒ වගේම...කරටි කැඩෙන්න ගැහිල්ලත් ඔහුගේ ජීවන විලාසිතාවක් මම දන්න තරමින්.

    ReplyDelete
    Replies
    1. රවී ජෝන් මගෙත් කැමති නිවේදකයෙක් ඩුඩ් අය්යේ ..
      "ඔබත් මමත් උපදින්නේ පිහිනන්නේ එකම මුහුදක .ඔබත් මමත් මිය යන්නේ එකම වෙරළක වැල්ලක " (බඹරු ඇවිත් )
      "පිරිමියෙකු ඉදිරියේ නිර්වස්ත්‍ර කරන ලද ගැහැණියකගේ කතාව" (සුද්දිලාගේ කතාව )
      "එක් වැසිබර අඳුරු රැයක් තෙක් ඇය පිවිතුරු වතුසුදු මලක් " (එයා දැන් ලොකු ළමයෙක් )
      වාගේ ගොඩක් තියනවා නේද ?

      ස්තුතියි ඩුඩ් අය්යේ මචන් ... ජයවේවා !!

      Delete
    2. ඔය තියෙන්නේ!
      "අමිත්ත වීරසිංහගේ සිනමා නිර්මාණය..."
      ඔහු සිංහල උච්චාරණය කරන විදියට සිංහල ගැන ආසාවක් ඇතිවෙනවා කිව්වොත් නිවැරදියි.

      Delete
    3. "ඔවුන් දෙදෙන එක්කලේද සංගීතයයි. වෙන් කලේද සංගීතයයි..."

      කෝ මේ සිංදුවා … හැක හැක

      Delete
    4. මෙන්න ආවෝ ...

      ‘ඔවුන් දෙදෙන එක් කළේ ද ගීතයයි , ඔවුන් දෙදෙන වෙන් කළේ ද ගීතයයි (අභිමාන් චිත්‍රපටිය )
      ‘ළඳුනි මට සමාවන්න’. මා ඔබට ද්‍රෝහි වූවා නොවේ’ පියකු නැති දරුවකුට පියෙක් වූවා පමණි’ (දාග් චිත්‍රපටිය)

      "පතිවත රකිනා කුල කුමරියන් ද ලොව ඇත...? අපි එසේ සිතමු "...වික්ටර් රත්නායකගේ ‘මාලිනියේ’ ගගීතය හදුන්වලා තියන විදිහ ..

      Delete
  3. Thanks Macho

    දැන් මේ වගේ සින්දු ලියන්න එකෙක් ඇත්තෙම නැද්ද...?

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මාතයියේ මටත් තියන ප්‍රස්නේ ....අර උඹ කියනවා වාගේ "විශ්ම කර්මයෝ " සෙට් එකම ඉඳලා තියෙන්නේ එකම කාලේක ...ඉතින් ඒ හැමෝම දෙයක් ගැනම ලියලා කරලා දැන් ඉන්න එවුන්ට ඉතුරු කරලා නැ ....
      ස්තුතියි මචෝ ....

      Delete
    2. " විශ්ම කර්මයෝ "

      රෙෂ්පට් මාතලං බොස් !!!!!

      Delete
    3. මෙහෙම තමයි කියන්න වෙන්නේ ....

      පින්තාලිය හැදුවේ අපෙ බෝසත් විදානේ
      පැන් බිව්වේ මගී දන සිතු ලෙසානේ
      දෙව්ලොව වැඩිය පසු ඒ ගුණ කඳාණෝ
      පින්තාලිය බින්ඳෙ දෙව්දත් පුතාණෝ

      පිනට ලැබුණි පැන් හැමතැන ඒ කාලේ
      දනට පිනට බණටත් තිබුණයි ආලේ
      මිලට පැන් ගන්ට වී ඇති මේ කාලේ
      අපේ පවට මොනවා කරමුද රාළේ

      නපුරු කලට එන දුක් නිම නැතේයා
      සතුරු විපත් හැම පැත්තෙන් එතේයා
      හොඳ මිනිසුන් සුර ලෝකෙට යතේයා
      දෙව්දත් පුතුන්ගෙන් දුක් පැමිණෙතේයා

      ගී පද - ඩබ්ලිව්. ඒ. අබේසිංහ
      ගී තනු - එච්. එම්. ජයවර්ධන
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete
  4. එල ද බ්‍රා
    බ්‍රැන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. එලද බ්‍රා මචෝ
      ස්තුතියි ...

      Delete
  5. ගිය සැරේ පොස්ට් එකේ කමෙන්ට් වලට උත්තර දිපන්..

    ReplyDelete
    Replies
    1. අනේ මචෝ එකට දෙන්න වත් වෙලාවක් තිබුනේ නැ ..මම හිටියේ මාස්ටර් ගේ මල ගෙදර නිසා ....

      Delete
  6. මේ වගේ මිනිස්සු මේ ලෝකෙට එන්නේ කෙටි කලක් ඉඳලා, මිනිස්සුන්ගේ හිතට මිනිස්කම කවලා, ආපහු ඒ මිනිස්සුන්ට අයිති දිව්‍ය ලෝකවලට යන්න. නමුත් ඒ කෙටි කාලය තුළ, මේ වගේ මිනිස්සු කරන සමාජ මෙහෙවරෙන් දහයෙන් එකක්වත්, අපිට කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් 100% ක් ඇත්ත විචාරක තුමෝ ..මොකද මේ හැමෝම හාෆ් සෙන්චරිය ගහපු ගමන් යනවා ...
      අඩුම තරමින් අපිට පුලුවන්ද ඔවුන් කල නිර්මාණයක් විදින්නවත් ...
      බොහොම ස්තුතියි ..
      ජයවේවා !!

      Delete
    2. //..මොකද මේ හැමෝම හාෆ් සෙන්චරිය ගහපු ගමන් යනවා ... //

      යකෝ පිස්සු කෙලින්නෙපා :D සෑර් අපේ ආවුසත් අරං ජීවත් වෙන්ඩ ඕනැ .. හැක් හැක්

      Delete
    3. නයිස් බිස්කට්ද? මාරිද?

      Delete
    4. මේ දවස්වල එකදිගටම මල ගෙවල්

      Delete
    5. මගේ යාලුවෙක් බ්ලොග් කියවලා මළා

      Delete
  7. //සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි
    මා තේරුම් ගනු ඔබට නොහැකි නම්
    ඔබ තේරුම් ගනු මටද නොහැකි නම්//
    පෙම් පලහිලවුවක් අවසානයේ ආ ලිපියක මෙම පද ටික තිබුන අද වගේ මතකයි. ඒත් අද තමයි දැනගත්තෙ මේ ටිකේ නියම අයිතිකාරය.
    ස්තූතියි සිංදු මචං...

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් ...අන්න බලහන් ...දැන් තියෙන එකක වචන දෙක තුනක් කියපන් මතක නම් ...
      දැන් තියන සිහින තරු තරඟ වල මේ සින්දු පට්ට ගහනවා ...නිර්මාණය කාගේද කියලාවත් දන්නේ නැ
      ස්තුතියි මචෝ
      ජයවේවා !!

      Delete
    2. // මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
      මනින්නට ඔබ උගෙන නැත තව
      මගේ අවසන් සුසුම පමණද
      අවැසි ඔබ හට මා දකින්නට
      මගේ අවසන් සුසුම පමණද
      අවැසි ඔබ හට මා දකින්නට
      මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
      මනින්නට ඔබ උගෙන නැත තව//

      මේ ටික දැනගෙන හිටියනම් වැඩේ ගොඩ දාගන්නත් තිබුන.

      Delete
    3. චැහ් …

      දැංවත් මේලක් දාහං .. හැබැයි දෙකක් එපා එකයි ඈ :D

      Delete
    4. "මගෙ හද ඔබ ළඟ -ඔබෙ හද මා ළඟ
      එනමුදු මගෙ අත -වෙනතක බැඳ ඇත
      දහසක් බැමි ඇත -දහසක් ගිනි ඇත
      එනමුදු නිවහල් - ලොවකුත් ළඟ ඇත
      මගෙ හද ඔබ ළඟ"

      Delete
  8. //සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි
    මා තේරුම් ගනු ඔබට නොහැකි නම්
    ඔබ තේරුම් ගනු මටද නොහැකි නම්//
    පෙම් පලහිලවුවක් අවසානයේ ආ ලිපියක මෙම පද ටික තිබුන අද වගේ මතකයි. ඒත් අද තමයි දැනගත්තෙ මේ ටිකේ නියම අයිතිකාරය.
    ස්තූතියි සිංදු මචං...

    ReplyDelete
    Replies
    1. ඩබෝල් ආදිපාද තුමා ...

      රුවන් තොරන් තනා
      රන් තැඹිලි පොකුරු ගසා
      පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා //

      Delete
    2. අපි එන පාර දෙපස පුන් කලස් තිබ්බොත් බඩුම තමයි.

      Delete
    3. අපි එන පාර දෙපස පුන් කලස් තිබ්බොත් බඩුම තමයි.

      Delete
    4. දෙපසම තියන්න ඕනෙනෙ ඔබතුමාට

      Delete
    5. පුන් කලස් ඩබොල් වෙයි එතකොට.

      Delete
    6. පුන් කලස් "තුන් හුලස් " වෙයිද දන්නේ නැ ප්‍රසා ...කම්මලයට තියන ලෙඩේ හැටියට ..හැක්

      Delete
    7. දිලීප අබේසේකර රන් FM එකෙ මතක පද වලදි මේ ගීතය ගැන අපූරු කතාවක් කීවා..

      විජේතුංගයන් මේ ගීය රචනා කර ඇත්තේ සරල ගී වැඩ සටහනකට ලු. එ දිනයට පෙර දිනයෙ ඔහු ‍රැය පහන් කර ඇත්තේ ගුවන් විදුලි සංස්ථාව අසලම තිබෙන නිදහස් චතුරස්‍රයේ ලු.(කලින් දවසෙ බීල වැඩි වෙලා ඒ අමාරුවට බුදියගෙනලු ඕං) කොහොම හරි ඇහිරිලා තියෙන්නේ චතුරස්‍රයේ හිටි පෙම්වතුන් දෙන්නෙකුගේ දෙබසක් සමගයි.ඒ පෙම්වතුන් දෙන්නා වෙන් වෙන්න කතා කරගත් දෙබස අසා සිටි විජේතුංගයන් එදින හවස මෙ ගීතය රචනා කලේ ලු.

      Delete
  9. සිංදු ගැන නොදන්නවා වුනාට මං ආසයි ශිල්පීන්ගේ , ගීතවල හා ඉන්ඩස්ට්‍රි එකේ ඉතිහාසය හැන කියවන්න. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රා ... මමත් කැමති මෙහෙම නිර්මාණයක් බිහිකරපු නිර්මාණ කරුවන් ගැන දැනගන්න ...

      Delete
  10. විවිධ තරාතිරම්වල ගායකයින්ට සින්දු ලියල තියෙනව වගේ.

    ReplyDelete
    Replies
    1. හැමෝටම ලියලා ප්‍රසා ..
      (කන බොන එකාගේ හොදයි කියලා කතාවක් තියනවා .හැක් ...)
      ජයවේවා !!

      Delete
  11. සින්දුවෝ මේ අැත්තට ම ගීතාංග රචකයෙක්... අර චරිතාංග නළුවෝ කියනවා වගේ...... හැම කෙනෙක්ට ම හැම තරාතරමකට ම ගීත ලියලා...... සැබෑ හැකියාවක්.....

    ReplyDelete
    Replies
    1. "පවසා ගන්නට දහක් වදන් ඇත
      පෙන්විය නොහැකි වූ දහස්‌ දසුන් විය"

      මාතලන් ගේ වචනෙන්ම කියනවානම් "විෂ්ම කර්මයෝ " කියන්නේ මෙන්න මේ අයට කුරුට්ටෝ ..
      ස්තුතියි ..

      Delete
  12. සින්දුවෝ...හැමදාම කියන්නා වගේ උඹ කරන්නෙ මේ සමාජ මෙහෙවරක්.. ඔය ඔක්කොම පැත්තක දාල නිවේදකයා කියන භූමිකාව ගැන කිව්වොත් එදා නිවේදකයො එක්ක අද උන් අහසට පොලව වගේ.. සින්දු ලියන උනුත් එහෙමයි..

    ReplyDelete
    Replies
    1. සජ්ජෝ //නිවේදකයා කියන භූමිකාව ගැන කිව්වොත් එදා නිවේදකයො එක්ක අද උන් අහසට පොලව ව// මෙන්න මේකට හොදම නිදසුන පහුගිය දවසක නිරෝෂා විරාජනී ස්වර්ණ වාහිනියේදී "ඩෝල්ටන් අල්විස් " ගැන කරපු ප්‍රකාශයක් නිවැරදි කරන්න එතැන හිටපු නිවේදකයෙකුට බැරි උනා ..මොකද උන් දන්නේ ගිරව් වාගේ කියවන්න විතරයි ...අඩුම තරමින් එතැන හිටිය එකෙක් වත් දන්නේ නැ ඩෝල්ටන් මැරිලා කියලාවත් ...

      Delete
  13. මෙතන තියෙන හුඟක් සිංදු මට නම් අළුත්.. ඒ හන්දා සෑහෙන්න වටිනවා මේ පෝස්ට් එක නම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් .....බොහොම සතුටුයි

      Delete
  14. මේ සිංදු අහලා තිබුනත් පද රචනය කාගෙද කියලා දැනගෙන හිටියේ නැ.පදමාලා වගේම මේ ගීත ගායනා කරපු ගායකයන්ගේ තරතිරම බලපුවම වැටහෙනවා මොහු ඉතා දක්ෂ ගී පද රචකයෙක් කියන එක.වර්ථමානයේ මේ වගේ පද රචකයන් සොයා ගැනීම ඉතාමත්ම අපහසු කාරණයක්..

    ReplyDelete
    Replies
    1. වර්ථමානයට නිර්මාණ කරන්න දෙයක් ඉතිරි කරලා නැ මනෝ මේ මිනිස්සු ..එකයි අද වල් පල් දේවල් ලියවෙන්නේ ...
      ස්තුතියි මචෝ ...

      Delete
  15. උඹේ පොස්ට් එකක් කියෙව්වම පුදුම හිතිලා නැතිමට මල පනිනවා , මල පනින්නේ හැමදාම දැන් වෙන්නේ එකම කමෙන්ට් එක නිසා , ඒක තමා යකෝ අපි මේ දේවල් දැනගන්නේ උඹෙන්නේ හැමදාම කියන එක

    ReplyDelete
    Replies
    1. අනේ බුදු අය්යේ මේවා ප්‍රසිද්දියේ කියන්න එපා ..බුකියේ එකෙක් දැක්කොත් ඉවරයි .."චාමර" වෙනුවට මාව බයිට් එකට ගනියි ...හැක් හැක්
      ස්තුතියි ඉවාන් ...උඹලා නිසා තමයි මෙහෙම පොස්ට් දාන්න හිතෙන්නේ ..වෙලාවකට හිතෙනවා "ගී පද" දානකොට මේවා බලන්න මොකාද එන්නේ කියලා, එකෙක් හරි කියවන්න එයි කියලා හිතාගෙන ඔන්න ඔහේ දානවා ..

      Delete
  16. මේකෙන් අහල තියෙන්නේත් කිහිපයයි සින්දු...
    ඒ නිසා සින්දු ටික අහන්න ඕනි

    ReplyDelete
    Replies
    1. අහලාම එන්නකෝ "සරමේ ඇනෝ " ...තව ගීත මදි නම් කියන්න .
      ආයේ මොකෝ මදි පාඩු තියාගන්නේ ..
      ස්තුතියි මචෝ ...

      Delete
    2. අනෙ නම වෙනස් කරන්ට එපා සින්දු......

      Delete
    3. හැක් ...සොරි වේවා !!මචෝ

      Delete
  17. ස්තුතියි සින්දුවා.. මේවා හරිම වටින වැඩ.. මාත් කැමතිම ගීත කීපයක්ම මෙතන තිබුනත් නිතරම ඇහුවත් බණ්ඩාර ගැන හාංකවිසියක් මතක තිබුනේ නැහැ. උඹට ස්තුතියි. අපි වගේ අමනයින්ට මුල පාදල දෙනවට..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශෝ ...මම මේ කරන්නේ උඹලාගේ පරණ මතක ටික අවුස්සන එක .මම ගොඩක් වෙලාවට ලියන්න කැමති මෙහෙම අපිට අමතක වෙලා ඉන්න වටිනා කියන මිනිස්සු ගැන ..

      Delete
  18. රුදුරු රළ පෙළ හඬක් නොනැඟේ

    බිහිරි වී ඇත මගේ දෙසවන

    ReplyDelete
  19. රන්දෙනිගල සිංහයා චිත්‍රපටයට ග්‍රේෂන් /කල්හාරි ගයන ,තරු මුතු යායේ සෙනෙහෙ හිමි නැගණී ගීතයද රචනා කලේ මොහුයි

    ReplyDelete