Wednesday, January 20, 2016

" පන පලයන් ලබන සුමානේ "


1933 මැයි 14 වැනි දින දෙමටගොඩ කැටවලමුල්ලේදී උපත ලැබු ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන් සිප් සතර හැදෑරුවේ කොළඹ ආනන්ද විදුහලෙනි.ආනන්දයේ මෙත්තානන්ද යුගයේදී එහි සිංහල සාහිත්‍ය සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ලෙස්ලිට මෙත්තානන්ද විදුහල්පතිවරයාගේ ආශිර්වාදයෙන් මහා ගත්කරු මාර්ට්න් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණේ විදුහලෙහි සාහිත්‍ය සංගමයේ කාර්‍යයන් සඳහා උපදෙස් ලබා ගැනීමටය. සාහිත්‍ය විෂය මුල් කරගෙන ආරම්භ වූ එම ඇසුර ලෙස්ලි ආනන්දයෙන් සමුගෙන ජනමාධ්‍ය ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමට අත්තිවාරම දමන ලදී. ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන් මෙරට මුල් පෙලේ පුවත්පත් කතුවරයකු, සිනමා ලේඛකයකු, ගීත නිබන්ධකයකු හා චිත්‍රපට තිරකතා රචකයකු ලෙස ද අගනා මෙහෙවරක් කළ යුග පුරුෂයෙකි.
තිරගත වූ චිත්‍රපට 75 කට පමණ ගීත රචනයෙන් දායක වී ඇති ජෝර්ජ් ලෙස්ලිගේ චිත්‍රපට ගීත බොහොමයක්ම බෙහෙවින්ම ජනප්‍රිය වුණු අතර එම ජනප්‍රියතාවය අද දක්වාම පැවතීම ඔහුගේ නිසඟ කුසලතාව පෙන්නුම් කරන්නකි.පණ්ඩිත් අමරදේවයන් ගයන "සීතල වතුර ගලයි", නන්දා මාලිනිය ගයන "දේදුනු පායා", සුසිල් ප්‍රේමරත්න ගයන "ආදරේ මට නෑ කියා", හරුන් ලන්ත්‍රා -ඉන්ද්‍රානි ගැයූ "හඳපානේ මල් පිපුණා", රූපා ඉන්දුමතී ගැයූ "කුරුල්ලනේ පැණි කුරුල්ලනේ", ෆෙ‍්‍රඩී සිල්වා ගැයූ "පන පලයන් ලබන සුමානේ" ඇතුළු ජනප්‍රිය ගීත සිය ගණනක් ලියූ ජෝර්ජ් වැඩිම ගීත ප්‍රමාණයක් රචනා කර ඇත්තේ ජෝතිපාලයන් වෙනුවෙනි. "සොඳුරු ලොවට මල් වැහැලා, බඹරා වගේ, රන් ඇට පොට රිදී හවඩි, ලස්සන ලෝකෙක ඉපදීලා" වැනි විශාල ගීත ප්‍රමාණයක් වේ.ලෙස්ලි තම මුල්ම ගීතය රචනා කළේ එවකට ගුවන් විදුලි සංස්ථාවේ සංගීත අංශයේ නිෂ්පාදිකාවක් වූ ජනප්‍රිය ගායිකා ජී. ඇස්. බී. රාණි පෙරේරාටයි.ලෙස්ලිගේ චිත්‍රපට ගීත අතරින් පහත දැක්වෙන ගීත වඩාත් කැපී පෙනේ.
හඳපානේ මල් පිපුණා (හිතට හිත)
සුන්දර සුබ සිහින මැකී
සීතල වතුර ගලයි (සීතල වතුර)
පෙම් නැලවිල්ලේ මම් සැනසිල්ලේ (ඉපදුනේ ඇයි)
සොඳුරු ලොවට මල් වැහැලා (අපේක්ෂා)
ලස්සන ලෝකෙක ඉපදීලා (කස්තුරි සුවඳ)
දේදුනු පායා පාට වැටෙනවා(සීයේ නෝට්ටුව)
බඹරා වගේ ඇත තවම විසේ (චණ්ඩි පුතා)
ආදර කිතියෙන් හද සැලුනා (හිතුවොත් හිතුවාමයි)..

"යකඩයා, රජ කොල්ලෝ, සව්දම් ජෙමා" ආදී චිත්‍රපටවල තිර රචනය ද කළ රණසිංහයන් විසින් ලංකාදීපයට රචනා කළ ‘සාහසිකයෝ’ නම් වූ චිත්‍ර කතාව පසුව ‘අභිරහස’ ලෙස සිනමාවට ද එක් විය.ලෙස්ලි ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සාමාජිකයකු හා ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කලක් කටයුතු කළේය.ජෝර්ජ් ලෙස්ලි රණසිංහ කලා කටයුතුවලට මුලින්ම දායක වූයේ 1950 දශකයේ මුල් භාගයේදී සිරි අයියාගේ ළමා පිටියට සහභාගී වෙමිනි. පාසල් සිසුවෙකු ලෙස සිරි අයියාගේ ළමා පිටිියට ලෙස්ලි අතින් මුලින්ම රචනා වූයේ කවි හා කෙටි කතාය.1953 දී ලෙස්ලි ලේක්හවුස් ආයතනය ප්‍රකාශයට පත් කළ ‘ජනතා’ නම් වූ සවස පත්‍රයට වාර්තාකරුවෙකු ලෙස පුහුණුවට බැඳෙන්නේ මෙලෙස මාර්ටින් වික්‍රමසිංහ මහතා වෙතින් ලැබුනු අනුග්‍රහය මතය. එකළ වනිතා විත්ති සහ දීපශිඛා සිනමා පුවත්පත් සංස්කරණය කළේ ද ජෝර්ජ් ලෙස්ලි මහතාය. මෙරට සිනමාව ආරම්භක යුගයේ සිට අසූව දශකය දක්වා සිනමා වංශ කතාව පෙළ ගස්වා තම පුවත්පතේ කොටස් වශයෙන් පළ කිරීමට පියවර ගත් ඔහු 2001 වසරේදී නිබන්ධනයක් ලෙස එය එළි දැක් වූයේය.

කළාලොවට අගනා මෙහෙවරක් කල ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන් 2008 ජූලි මස 03 වැනි දින අප අතරින් සදහටම සමු ගත්තේය....
(ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන් විසින් රචිත තෝරා ගත් ගීත කීපයක්)
++++++++++++++++++++++++++++++++++++++++++++++
01.රන් ඇට පොට රිදී හවඩි

රන් ඇට පොට රිදී හවඩි කොහෙන් ගෙනෙන්නේ
මල් වැල් ඉහිරුණු චීත්ත කොහෙන් සොයන්නේ
රෑන් රෑන් දිගට හවරි කොහෙන් ලබන්නේ
ආදරයක් පොදී බැඳගෙන මොටද උපන්නේ ...

ඈත එපිට ලන්දෙ ඉඳන් මුකුළු කරනවා
ඇගේ රුවට දෙවට දිගේ කැකුළු පිපෙනවා
මා තනිවම ඈ තනිවම දෙතැන තැවෙනවා
ඇගේ මුව හසරැලි බලන්න යන්න හිතෙනවා ....

නියර දිගේ නිතඹ සැලෙන රුවක් පෙනෙනවා
ගොයම් කරල් ලජ්ජාවෙන් බිමට හැරෙනවා
දියට ගොසින් දිය නාගෙන මදෙස බලනවා
ආදයරක් ඉවසන හැටි පුදුම හිතෙනවා ...

ඕවිට ළඟ කෙකටිය මල් පියර හලනවා
ඇගේ පලට සමීරයෙන් සුවඳ ගෙනෙනවා
තනිකඩ ජීවිතය මගේ සිහින මවනවා
අත්වැල් නැති ආදරයක් මට හිමිවෙනවා ...

ගායනය - එච් ආර් ජෝතිපාල
ගී පද - ජෝජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - මොහොමඩ් සාලි

++++++++++++++++++++++++++++++++++++++++++++++
02.ලස්සන ලෝකෙක ඉපදීලා

ලස්සන ලෝකෙක ඉපදීලා
නූපන් හෙට ගැන නො තැවීලා
හද සැණකෙලියේ වල්මත් වීලා
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ

ජීවන බරකින් පැටලීලා නෑ නෑ වෙන්නෙ මුලා
සිතු දේ පැතු දේ කරලා
නිම් නැති ගමනක යෙදිලා
අරමුණ කොහිදැයි නෑ දන්නේ
රහයි ජීවිතේ

දුක සැප කිර කිර බල බලා
ඇතමුන් දිව රෑ තැවේ
පල නැත හෙට ගැන සිත සිතා
හිනැහෙනු ලස්සන ළඳේ
උපතත් කුමට ද රජවී හඬ හඬ ඉන්නට සිදු වී
විනෝද දහනක අපි ඉන්නේ
රහයි ජීවිතේ

ගායනය - එච් ආර් ජෝතිපාල
පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - සරත් දසනායක

++++++++++++++++++++++++++++++++++++++++++++++
03.පන පලයන් ලබන සුමානේ

පන පලයන් ලබන සුමානේ
ඔහේ පලයන් මේ මරගාතේ
කපලා කපලා කකුල කැපිලා
මෙව්වා දැකලා අපිට වැදිලා
කොහේ යනවද මේ මරගාතේ ..
කෝන් ගහේ ...///
කෝන් ගහේ වට පාරෙන් ඕන් එනවා ...//

සික්නල් එක වැටිලා නැතිව
රතු එළියක් ඈත එනවා ...
කෝන් ගහේ ...///
කෝන් ගහේ වට පාරෙන් ඕන් එනවා ...//

උකුලේ ඉඳලා නැලවී නැලවී
කරන මුකුළු අතහැරපන්
ම‍ගේ හොද්ද බොර කරන්න
වෙන දවසක් ගල් ගහපන් ...
කෝන් ගහේ ...///
කෝන් ගහේ වට පාරෙන් ඕන් එනවා ...//

හැංගි හැංගි කොයි කවුරුත්
පාක් එකේ සරණ පතා
කට ඇත්නම් ගහක් ගානේ
කියලා දේවි පුදුම කතා ...
කෝන් ගහේ ...///
කෝන් ගහේ වට පාරෙන් ඕන් එනවා ...//

ගායනය - ෆ්‍රෙඩි සිල්වා
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගී පද - ජෝජ් ලෙස්ලි රණසිංහ

++++++++++++++++++++++++++++++++++++++++++++++
04.බඹරා වගේ ඇත තවම විසේ

බඹරා වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්‌කි නැතේ

යාළුවෙලා සිටි අය නැතේ
වැටී ගියත් අප එකා වගේ
ගල්මුල් ආවත් බය නෑ බය නෑ
අපට හිතට දුක නෑ

පැතුම් සැබෑ වෙන ජීවිතේ
අළුත් දසුන් නව ලොවින් මැවේ
මා යන ගමනේ බැමි නෑ බැඳුනේ
ගිමන් පවස නොදැනේ

ගායනය - එච් ආර් ජෝතිපාල
පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - සරත් දසනායක

++++++++++++++++++++++++++++++++++++++++++++++
05.සීතල වතුර ගලයි

සීතල වතුර ගලයි
සිතුවිලි තරඟ නඟයි
නාඹර මල් පෙති මාල පලඳා
දියරැලි සේලෙන් හැඩ වෙනවා

ආයෙත් ලැබිලා වැහි ජය පානේ
සුපුරුදු ගමනින් දිව යනවා
සීතල වතුර ගලයි...

මීවද ඉසිරි ගී හඬ පැතිරී
මංගල සිරියෙන් සරු වෙනවා
ජීවන ගමනේ දුක සැප මෙලෙසේ
සමබර විලසේ පල දෙනවා
සීතල වතුර ගලයි...

ගායනය -ඩබ්.ඩී.අමරදේව
පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
චිත්‍රපටිය-සීතල වතුර,1966
(මෙහි මුල් ගීතය ලබා දුන් ලකිඳු පිරිස් සොයුරාට බොහොමත්ම පිං )

++++++++++++++++++++++++++++++++++++++++++++++
06.සොඳුරු ලොවට මල් වැහැලා

සොඳුරු ලොවට මල් වැහැලා
තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා
පෙමට පායලා //

රෝස මලට හිත වැටිලා
බඹරෙකු සේ මා සොයලා
ඈත හිටන්
ඈත හිටන් ආවදෝ
ඔබ පියඹාලා
මා ආදරේ පායන් හදේ
මා ආදරේ පායන් හදේ

ගුණ සුවඳට මත් වෙනවා
හද මල් උයනක් වෙනවා
සිත උතුරා
සිත උතුරා ගලන පැයේ
ඔබ ළං වෙනවා
මා ආදරේ පායන් හදේ
මා ආදරේ පායන් හදේ

සොඳුරු ලොවට මල් වැහැලා
තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා
පෙමට පායලා
පෙමට පායලා ....

ගායනය - එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
(අපේක්ෂා චිත්‍රපටියෙන්)

++++++++++++++++++++++++++++++++++++++++++++++
07.ලස්සණ තාලෙට තිස්සෙම ගැස්සෙන

ලස්සණ තාලෙට තිස්සෙම ගැස්සෙන
යනවිට ගමන අගේ
ලිස්සන පීල්ලෙ කැරකෙන රෝදේ
දුටුවම පුදුම නැගේ
දුටුවම පුදුම නැගේ

මැණිකෙල බල බල නුවරට යන කල
සුන්දර සිහින මැවේ
තේ වතු පොල්වතු ඈතින් කඳු පෙළ
සැනසිලි සිසිල ගෙනේ
සැනසිලි සිසිල ගෙනේ

උතුරට දකුණට යන විට හැමවිට
සිරි දෙව් දූ හමුවේ
කෙත් බිම් හමුවන තොරතුරු කියැවෙන
දිවයන තිප්පල වේ
දිවයන තිප්පල වේ

උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක
අරගෙන ගිය ගමනයි
රජවරු මැතිවරු මංගල නැකතට
කැඳවා ගිය ගමනයි
කැඳවා ගිය ගමනයි

ගායනය - වික්ටර් රත්නායක
පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව - ප්‍රේමසිරි කේමදාස
(1969 දී තිරගතවූ "නාරිලතා" චිත්‍රපටියෙන්)

++++++++++++++++++++++++++++++++++++++++++++++
08.ආදර කිතියෙන් හද සැලුනා

ආදර කිතියෙන් හද සැලුනා
දැනුනා දැනුනා රස දැනුනා..//

ජීවන සුවදට මල් වැහි වැහැලා
ගලා හැලේ මීවිත උතුරා..//

ආදර කිතියෙන්....

මා හද පොලබා කවුරුද ආවේ
සොයා සොයා ආදර පවසේ..//

ආදර කිතියෙන්....

ගායනය - ලතා වල්පොල
පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - සරත් දසනායක
(හිතුවොත් හිතුවාමයි චිත්‍රපටියෙන් )

++++++++++++++++++++++++++++++++++++++++++++++
09.සෙනෙහස රන් සිංහාසන

සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා
මතු සක්විති රජෙක්
මගේ උකුලෙ නිදනවා.....//

සුවඳ පෙවූ යහන්ගැබේ
සෙමෙර සලනවා
වෙසක් මහේ මලක් වගේ
කුමරු නිදනවා

කිඹුල්වතින් එනපවණේ
සුවය් දැනෙනවා
පිණැති පුතුන් උපන් රටට
ඉසුරු පිරෙනවා

මතු ගංගා දෙතොල් අතර
හැපී බිඳෙන්නේ
රුවන් පුළුන් වලා විමන්
මත දැවටෙන්නේ

පොකුරු පොකුරු මල් ගෙන
සුර සේනා එන්නේ
එවන් සිහින දැකලාදෝ
පුතු හිනැහෙන්නේ...

පද මාලාව - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - ආචාර්ය දයාරත්න රණතුංග
ගායනය - ත්‍යාගා එන් එඩ්වඩ්.

++++++++++++++++++++++++++++++++++++++++++++++
10.නොමග නොයන් පුතේ

නොමග නොයන් පුතේ
ඔබට රටක් ඇතේ
රටේ දියුණ සැදුම ඔබට
බාරයි මගෙ පුතේ...

අද කැඩු දේ හෙට ඕනෑ
විය හැකි වන නිසා
රට ට උරුම කිසිම දෙයක්
බිම නොදමන් නසා...

තරුණ සවිය රට නැඟුමට
යොදනු සොඳින් සිතා
ඔබේ උපන් බිම කවදත්
ඔබටයි මගෙ පුතා...

යෝධ මහල් නැහැ කොහෙවත්
එක දවසින් සැදුණේ
ගඩොලින් ගඩොලක් තබලා
සෙමින් සෙමින් බැඳුණේ...

දුර නොබලා ඉක්මන් වී
නෑ නෑ පල ලැබුණේ
යන්නෙ කොහේදැයි නොම දැන
නොයන් ගමන් පුතුනේ...

පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - දයාරත්න රණතුංග
ගායනය - විල්බට් ඇන්තනි

++++++++++++++++++++++++++++++++++++++++++++++
11.පිපිලා හද විලේ

පිපිලා හද විලේ
සුදු සුමුදු කුමුදු ලෙළේ
ගිලෙනා සීතලේ
හසඟනකි කුරුලු කැලේ...

සෝබන අඹර තලේ
පායන තරිඳු දිලේ....
නල වැල් සොරුන්නේ
කොඳුරා කියන්නේ
සංසාරෙ මා දන්න ගී තාලයයි...

ඇල දොළ සිඹලා
විහිදී ගලන්නේ....
ඈත පටන් ආ සුවඳයි...
පිපිලා හද විලේ
සුදු සුමුදු කුමුදු ලෙළේ....
පිපිලා හද විලේ...

දෑසේ උදා වී තෙරපී නටන්නේ
සිහිනෙන් ද මා සෙව්ව ආලෝකයයි
සිසිලස සෙවණේ
අද මා විඳින්නේ....

කාලෙක සිට හුරු සුවයයි..
පිපිලා හද විලේ
සුදු සුමුදු කුමුදු ලෙළේ....
ගිලෙනා සීතලේ
හසඟනකි කුරුලු කැලේ...

සෝබන අඹර තලේ
පායන තරිඳු දිලේ.....
පිපිලා හද විලේ
සුදු සුමුදු කුමුදු ලෙළේ....
මේ මදහසේ....
දේ මධුරසේ................

ගායනය - ලතා වල්පොල / ධර්මදාස වල්පොල
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - පැට්‍රික් දෙනිපිටිය
(සැඟවුණු මැණික (1967) චිත්‍රපටියෙන් )

++++++++++++++++++++++++++++++++++++++++++++++
12.ආශා දහසක්

ආශා දහසක්.. දෑසේ ලියැවේ.. ලියැවේ..
නොඉඳුල් රහසක්.. ඉඟියෙන් කියැවේ.. කියැවේ..
ආශා ...
සරා සඳේ රන්කැලුම් පිපාසෙන්
කැඳවන නයන ඔබේ..
නුරා මතින් කොඳ පිපෙන විලාසෙන්
ඇයි මා උමතු කළේ
ආශා දහසක්.. දෑසේ ලියැවේ.. ලියැවේ..
නොඉඳුල් රහසක්.. ඉඟියෙන් කියැවේ.. කියැවේ..
ආශා ...
ගී හඬ වෙන්න ප්රිියේ දිවි අඹරේ
ආදර සිතාරයේ..//
සහන් එළිය වැටුණා හද මැදුරේ
ජීවන වසන්තයේ...
ආශා ...
අපාර පවසට හද ගිම්හානේ
මල්සර දුනු හදලා..//
තුෂාර සිහිලයි ඔබ හඳපානේ
දෙහදක තුරුළු වෙලා


ගායනය - එච්. ආර්. ජෝතිපාල සමග රංජනී පෙරේරා
පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
(හිතක පිපුණු මල් (1972) චිත්‍රපටයෙනි)
++++++++++++++++++++++++++++++++++++++++++++++
13.දේදුනු පායා පාට වැටෙනවා

දේදුනු පායා පාට වැටෙනවා ජීවන අහස්තලේ...
ආදර පවනේ සුසුම් කුසුම් වැල් මා යන මඟට හැලේ...

දෑසට දෑසක් හමුවුණු දවසේ
නුපුරුදු හැඟුමක් කියැවේ රහසේ
සිතිවිළි දහසක් එක්තැන් වූයේ
පැතුම් ලොවට මගෙ ඇයි ඔබ ආවේ

මා කැඳවන ගොළු ඉඟියක් දැනුණා
ආදර විමනේ රන් දොර ඇරුණා
පොපියන හදකින් ආශා හිතුණා
පිටුපා යන්නට බැරිබව හැඟුණා

උල්පත් හැදුණේ සිලිල උනන්නයි
මල්කෙමි මැවුනේ රොන් වෑහෙන්නයි
මීවද බැඳුණේ පැණි සුරකින්නයි
හද මැවුණේ ආදරය කරන්නයි

මල්බර තුරු අතු සෙවණ සදනවා
කුරුළු ගීත ආසිරි ගී වෙනවා
තනිවම ගිය මඟ ඔබ හා යනවා
පෙමට ඇරුණු හද ඔබට පුදනවා


ගායනය - නන්දා මාලනී
පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය – ප්රේමසිරි කේමදාස
("සීයේ නෝට්ටුව" (1971) චිත්‍රපටියෙන් )
++++++++++++++++++++++++++++++++++++++++++++++
14.ඔයාට රත්නේ මන් ආදරෙයි

ඔයාට රත්නේ මන් ආදරෙයි
රගන්නේ එකයි විනෝදයෙන්
මොණරා මෙන්න මේ ලෙසේ
කියා රඟයි මගේ ප්‍රියේ
ඔයාට රත්නේ මන් ආදරෙයි
රඟන්නේ ඒකයි විනෝදයේ
මොණරා මෙන්න මේ ලෙසේ
කියා රඟයි මගේ ප්‍රියේ ...

පුංචි පුංචි මල් පිපිලා හරිම ලස්සනයි
රංචු රංචු බඹර රාසි ඒ වටේ දුවයි
රොන් උරන්න රොන් උරන්න තවත් පැණි පිරෙයි
ආදරේට ආදරේම එක වුනා වගෙයි ..

පුන් සඳේ කැළුම් වැදිලා රන් ගොයම් නැටේ
තාරුකා දිලෙන්නේ ඈගේ නෙත් කුසුම් වගේ
සුන්දරිගේ මුණ වාගේ රත් පියුම් දිලෙයි
ආදරේ කියන්න ඔබට මේ පැයේ අගෙයි

ගායනය/සංගීතය - සි ඩි ෆොන්සේකා
ගී පද - ජෝජ් ලෙස්ලි රණසිංහ

++++++++++++++++++++++++++++++++++++++++++++++
15.තක්කිට තරිකිට පදයට

තක්කිට තරිකිට පදයට නටපන් නෑනෝ
නටපන් නෑනෝ
පද්දන ගස්සන උකුළට හැඩදෙන් නෑනෝ
හැඩදෙන් නෑනෝ

අනඟ බැල්මකින් බල බල
පා බැඳි කිංකිණි සල සල
සලිත ලලිත නියදි මවා නටපන් නෑනෝ
නටපන් නෑනෝ

රතට රතේ දෙතොල රඳන
උකුළු මුකුළු කැකුළු පෙරණ
දකින දකින නයන බඳින මොණර කිකිළියේ
මොණර කිකිළියේ

පැද්දෙන පෙරළෙන නැටුමට නිගා දෙවයි හැඩ සුරලට
මෙහෙම රැඟුම් තියෙන ලොවක රස කලතනවා
රස කලතනවා

තෝඩු යුවල සොළව සොළව
දෙබැම රුවට නළව නළව
ගොළු බසකින් කියන රහස හැඟුම් මවනවා
හැඟුම් මවනවා

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
(1971 තිරගතවූ "රන් ඔන්චිල්ලා" චිත්‍රපටියෙන්)
++++++++++++++++++++++++++++++++++++++++++++++
16.කවට කමට ඔබෙයි මගෙයි නම ලියා

කවට කමට ඔබෙයි මගෙයි නම ලියා
යහළු ළමයි විහිලු තහළු මට කියා
ඔබ ආදරේද ඇහුවා
මම දන්නේ නැහැයි කීවා

ඔබෙයි මගෙයි ආලය ගැන කවි ලියා
හොදට කැපෙන ජෝඩුව යැයි ඇත කියා
අමුතු හැඟුම් හිතේ එයින් මතු වුනා
ආදරයේ උණුසුම මට හැඟවුනා
ඔබ ආදරේද ඇහුවා
මම දන්නේ නැහැයි කීවා

පාසල් යන කාලේ ඔබ හැංගිලා
මතකයි මා දෙස බැලු හැටි හිනැහිලා
ඔබේ දිහා බැලු විටදී පෙර දිනේ
ඔයත් බැලු නිසයි දෙනෙත් හමු වුනේ ..
ඔබ ආදරේද ඇහුවා
මම දන්නේ නැහැයි කීවා

මිතුරන් හින්දා පෙම් හිත් ඈදුනා
අපගේ එක්වීමට මග පෑදුනා
කවට කමට නොවෙයි හැබෑවට අපේ
ආදර මල් ගොමුවේ දැන් මල් පිපේ
ඔබ ආදරේද ඇහුවා
මා ආදරේ යැයි කීවා

ගායනය/සංගීතය - සි ඩි ෆොන්සේකා
ගී පද - ජෝජ් ලෙස්ලි රණසිංහ
++++++++++++++++++++++++++++++++++++++++++++++
17.හඳපානේ මල් පිපුණා

හඳපානේ මල් පිපුණා
කිරි මුහුදේ රැල් නැඟුණා
අප දෙන්නා ඒ වගේ බැඳුණේ ආදරේ
බැඳුණේ ආදරේ....

ජීවනයේ මී වදයේ පැණි පිරුණා ආදරේ...
ඒ පැණි බොන බඹර මමයි ප්‍රේම මී වදේ...
ප්‍රේම මී වදේ...//

ඔබගේ සෙවණැල්ල ලෙසේ
එන්නෙමි හැමදාම මෙසේ...
මේ දෛවේ තීරණේ....
මතු අනාගතේ...
මතු අනාගතේ...

සීන සැබෑ වෙන්න මෙසේ....
පෙරුම් පුරා ආවෙදෝ...
සිහින සැබෑ වන්න මෙසේ...
පෙරුම් පුරා ආවෙදොa....

මා උපන්නේ ප්‍රේම ලොවේ...
ඔබ පතා ප්‍රියේ....

ගායනය - හරුන් ලන්ත්‍රා/ඉන්ද්‍රණි විජය බණ්‌ඩාර
සංගීතය -සිසිර සේනාරත්න
ගී පද - ජෝජ් ලෙස්ලි රණසිංහ
(හිතට හිත 1965 චිත්‍රපටියෙන්)


ගීත ටික මෙතැනින් ගන්න ...
++++++++++++++++++++++++++++++++++++++++++++++
ප.ලි 
වැරදි අඩුපාඩු ,යෝජනා ,චෝදනා සතුටින් බාර ගනිමි .....

42 comments:

  1. සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා
    මතු සක්විති රජෙක්
    මගේ උකුලෙ නිදනවා.....//

    ආසම සින්දුවක්.. මෙතුමා මෙච්චර පරාසයක සින්දු ලියලා තිබුණු බවක් අහල තිබුනේ නෑ.. හැමදාමත් වගේ ස්තුතියි සිංදුකෝශයට :)

    ReplyDelete
    Replies
    1. මමත් අහන්න කැමති ගීයක් කමියෝ ...
      හැමදාම වාගේ ස්තුතියි උඹටත් වචනෙන් හරි කරන දිරිගැන්වීමට ..
      ජයවේවා !!!

      Delete
    2. // සිංදු කෝශය // ඒක මරු..

      Delete
    3. // සිංදු කෝශය // ඒක මරු..

      Delete
  2. “හඳපානේ මල් පිපුණා” සිංදුවේ වචනත් දාපන්කෝ පුළුවන් නම්."පන පලයන් ලබන සුමානේ " සිංදුව ගිය සතියේ දවසක රුපවාහිනියේ ස්ටාර් ගායකයෙක් කියනවා දැක්කා.ඊයේ ජාතික රුපවාහිනියේ ගියා "සෝමදාස ඇල්විටිගලයන්" ගැන වැඩ සටහනක් එක බලද්දී මට උඹව මතක් වුනා හිටං.

    ReplyDelete
    Replies
    1. ඔන්න මනෝජ් එකතු කළා ...මට "සෝමදාස ඇල්විටිගලයන්"ගේ වැඩසටහන බලන්න බැරිවුනා ..
      ස්තුතියි මචෝ ..
      ජයවේවා !!

      Delete
  3. ජොජ් ලෙස්ලි හරිහැටි හඳුනාගන්න සැලැස්සුවේ ඔබයි

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි ගුණසිංහ සහෝ ....එක් අයෙක් හරි මේ ගැන දැනුවත් වෙනවා කියන්නේ මගේ උත්සාහය තරමක් හරි සාර්ථකයි කියලා ..
      ජයවේවා !!!

      Delete
  4. වාව්. තැන්කිව් මේ හැම ගීතයකම වචන සරලයි. පැහැදිලි මන් හරි කැමතියි.
    සොදුරු ලොවට මල් වැහැලා මම ආසම සිoදුවක්. ඔයා සෑහෙන්න කාලයක් වැයකරලා තියෙනවා ලිපිය වෙනුවෙන්.ගොඩක් ස්තූතී

    ReplyDelete
    Replies
    1. බොහොම කාලෙකින් ඕමා දැක්කේ ...
      "රෝස මලට හිත වැටිලා
      බඹරෙකු සේ මා සොයලා
      ඈත හිටන්
      ඈත හිටන් ආවදෝ
      ඔබ පියඹාලා
      මා ආදරේ පායන් හදේ
      මා ආදරේ පායන් හදේ"
      හැක් හැක් ..
      ජයවේවා !!

      Delete
  5. සින්දුවා මේ පෝස්ට් එක දැම්මේ නැත්නම් මේ වගේ දක්ෂ පුද්ගලයෙක් හිටියද කියලා අපි දන්නෑනේ.වර්තමාන පරම්පරාත් කැමති ගීත මෙතන තීයනවා..
    බබරා වගේ,ලස්සන ලෝකෙක ඉපදීලා යන ගීත මම ගොඩක් ආස ගීත මෙතුමාගේ කියලා දැනගෙන හිටියේ නෑ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වගේම සතුටුයි මහේෂ් ..තව කෙනෙක් මේ ගැන දැනුවත් වීම ගැන ..
      ජයවේවා !!

      Delete
  6. නියමයි සින්දුවෝ...............

    අැත්තට ම මේ කලාකාරයෝ ගැන පළමු පාරට දැනගන්නෙත් උඹෙන්... මෙහෙම ගැටලුවක් අපි අතර තියෙනවා තමා... අපි දන්නේ ගායකයා විතරයි.... තිරය පිටිපස්සේ ඉන්නා බොහොමයක් දෙනා ගැන අපි අහලාවත් නැහැ... අපි ඒ ගැන හොයන්න උනන්දු වෙන්නෙත් නැහැ.... මේක අපේ ලොකු වරදක් කියලා උඹ තේරුම් කරලා දෙනවා.... නිර්මාණයක් කනට මිහිරි වෙන්න කීප දෙනෙක් ම මහන්සි වෙනවා නේද????

    ReplyDelete
    Replies
    1. //අපි දන්නේ ගායකයා විතරයි.... තිරය පිටිපස්සේ ඉන්නා බොහොමයක් දෙනා ගැන අපි අහලාවත් නැහැ... අපි ඒ ගැන හොයන්න උනන්දු වෙන්නෙත් නැහැ.... මේක අපේ ලොකු වරදක් කියලා//++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      මේ ටිකට මම ලයික් මචෝ ......මම උත්සහ කරන්නේ පද රචකයා ,තනු නිර්මාණ කරුවා ගැන වැඩියෙන් විස්තර හොයන්න ..මොකද ගායකයා ගැන හැමෝම දන්නා නිසා ..
      ස්තුතියි ...

      Delete
  7. ඒ කාළේ උන්න ටැලන්ට සාගරයක්...

    ReplyDelete
    Replies
    1. උඹේ වචනෙන්ම කියනවා නම් "විශ්මකර්මයෝ " මාතේ ...
      බොහොම ස්තුතියි ...
      ජයවේවා !!!

      Delete
  8. හැමදාම කියනවා වගේ මේ ගීත අහපු, මේ චිත්‍රපටි බලපු කාලයට, මනසින් ආපහු ගියා. ඒ සුන්දර අතීතයේ සුවඳ වින්දා. බොහොම ස්තුතියි සින්දුවෝ.

    මේ ගීතවල විශේෂත්වයක් තියනවා. චිත්‍රපටි පසුබිම් ගායනා වශයෙන් ලියවුන ගීත වුනත්, චිත්‍රපටිය නොබැලූ කෙනෙකුට වුනත්, සරල ගීයක් ලෙස රස විදින්න පුළුවන්.

    සී.ඩී. ෆොන්සේකාගේ ගීත එකතුවක් මා ළඟ තියනවා. දැන් එක දාගන්නවා, අහන ගමන් ජාලයේ සැරිසරන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විචා ..ඔබලාගේ මතකයන් අත්දැකීම් බෙදා ගන්න තමයි මම නම් කැමති ..මොකද අපි නොදන්නා විස්තර ඔබතුමාලාගේ කාලේ තියෙන නිසා ..
      සී.ඩී. ෆොන්සේකාගේ විස්තර සමග ලිපියකුත් ඉදිරියේදී බලාපොරොත්තුවන්න ....
      ජයවේවා !!!!

      Delete
  9. අනේ බං මම ඉතාම ප්‍රියකරන ගීත බොහොමයක් ලියා ඇත්තේ මෙතුමායි. මේ ගැන අප සියලු දෙනාම දැනුවත් කිරීම ගැන උඹට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලප අය්යේ ....මට මේ ගැන පොස්ට් එක දාන්න ඉක්මන් වුනේ ලෙස්ලි රණසිංහයන්ගේ "මුනුබුරා " මට මුණ ගැනුන නිසා ..ඔහු ගුවන් විදුලි වාදන වෘන්දයේ දක්ෂ වයලින් වාදකයෙක් ....

      Delete
  10. මම ප්‍රියකරන ගීත රාශියක පදවැල් දක්නට ලැබීමෙන් ම මගේ දෑස පින් කර ඇති බව දැනුනි. ඒත් මා සතුව නොමැති ඇතැම් ගීත බාගත නොහැකිවීම දුකකි.

    ReplyDelete
    Replies
    1. හසිත ,අපි නිතරම අහන ගීත කීපය මම අප්ලෝඩ් කලේ නැ ..අනික් ගීත ටික තියනවා ..මට කියන්න වුවමනා ගීත ටික .මම දෙන්නම් ..
      ජයවේවා !!!

      Delete
  11. කාලෙකින් සින්දුගෙ බ්ලොග් එකේ කමෙන්ට් කරන්නෙ. උඹ දන්නවනේ මං මේවට කියන දේ.. ඒ හින්දා කියන්න ඕනෙ නෑ නේද මචෝ...?

    ReplyDelete
    Replies
    1. කාලෙකින් කැමා දැක්කේ ..කොහෙද ඉතින් හතර වටෙන්ම උඹට නෙලනවානේ එලියට ආව ගමන් නේද ? හැක්
      ...දැන් හරි ඇහුවනේ ..ඒ ඇති ..ස්තුතියි මචෝ

      Delete
  12. යකඩෝ බලන් ගියාම දන්නා කියන නගලම යන පරණ සින්දු වලින් බාගයක්ම ලියලා තියෙන්නේ මෙතුමානේ .....
    උබට පින් සින්දු ඇනෝ මේවා අපිට කියලා දෙනවට

    ReplyDelete
    Replies
    1. මැලයො තව අපි නොදන්නා මෙවැනි මිනිස්සු කී දෙනෙන් ඇතිද ? බලමු මචෝ පුළු පුළුවන් වෙලාවට ඒ උදවිය ගැනත් ලියන්න ....
      උඹට බොහොම ස්තුතියි ..
      ජයවේවා !!!

      Delete
  13. අහලවත් නැ මං මෙතුමා ගැන. උඹ නැත්නම් අයියණ්ඩී අපි සදා අනාතයි....

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න මේකා ඉන්නවා ..යකෝ උඹත් අහලා නැ කීවාම පුදුමයි ...අවුලක් නැ අද දැන ගත්තානේ ..
      ස්තුතියි මනෝ ..
      ජයවේවා !!!!!

      Delete
  14. ඇත්තටම ඔහු ගැන දැන ගත්තෙත් මේ සටහනෙන්. ස්තූතියි ඒ නිසාම.

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි දිනේෂ් දැනුවත් වීම ගැන ...
      ජයවේවා !!!!

      Delete
  15. මේ වගේ වටිනා පද රචකයෝ එකිනෙකා අපෙන් වෙන් වෙලා යනවා.අලුත් පරපුරේ ඉන්න දක්ෂ පද රචකයොන්ටත් තැනක් නෑ.මෙහෙම ගියොත් ඉදිරියේදි මේ ක්ෂේත්‍රයට මොනව වෙයිද

    ReplyDelete
    Replies
    1. මනෝ මෙන්න මෙහෙම තමයි කියන්න වෙන්නේ ...

      සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා
      මියුරු බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා
      උදේ හවා දෝත නගා එතෙරට වැඳ පුදල්ලා
      කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා

      වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා
      බීපු ‍ළිඳේ දිය බොරකර මූදට ආ වඩල්ලා
      දනින් වැටී නළල ඔබා නිළතල අර ගනිල්ලා
      කල දුටු කළ වල ඉහගෙන මඩි තඩි කරගනිල්ලා

      දෙස බස රැස සුරකින ගරු වියතුනි මෙහෙ වරෙල්ලා
      කවුසිළුමිණ අමාවතුර කසල ගොඩට දමල්ලා
      සුකිරි බටිල්ලන් එක්කල බයිල පොලට අැවිල්ලා
      රවිකිඤ්ඤා තාල අනුව කපිරිඤ්ඤා ගයල්ලා

      ගී පද- මහාචාර්‍ය සුනිල් ආරියරත්න
      ගායනය -නන්දා මාලනී.

      Delete
  16. නෙලුම්යායේ සම්මානයට සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. හුටා ....මේ මන් තුමාට ....බොහොම ස්තුතියි ඉයන් ...
      ජයවේවා !!!!

      Delete
  17. නෙළුම් යාය සම්මානයට හද පත්ලෙන් සුභපැතුම් මචෝ! දෙයක් වේනම් යම් සුදුස්සාටම අයිති විය යුතු!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුවෝ ...
      ජයවේවා !!

      Delete
  18. උඹ මට ලිංක් එක එවල නං අවුරුද්දක් විතර ඇති. දැං තමා වැඩ ඉවරයක් වුණේ..
    හැමදාම වගේ අනර්ඝයි. වැදගත්ම දේ අහල නැති සිංදු කීපයකුත් තියන එක..

    සම්මානයකුත් හම්බුණ එකේ ඈලි මෑලි නැතිව ලියපං...
    ජයෙන් ජයම වේවා බොක්කා

    ReplyDelete
    Replies
    1. අනේ මේ උඹටයි මටයි තියන වැඩ ...
      බොහොම ස්තුතියි මයියෝ ....
      ජයවේවා !!

      Delete
  19. Replies
    1. ස්තුතියි මේනක ....සාධරයෙන් පිලිගන්නවා ඔබව මගේ බ්ලොග් එකට ...!!!

      Delete