90 දශකයේ සංගීත ක්ෂේත්‍රය බැබළ වූ තරු අතර ප්‍රින්ස් උදය ප්‍රියන්ත මුල් පෙළේම සිටී. එවකට ඔහුගේ සී.ඩී. තැටි සහ කැසට් පට සඳහා වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් තිබිණ. නාලිකා තුළ නිරන්තරයෙන් ප්‍රින්ස්ගේ ගීත ප්‍රචාරය කෙරිනි. "කදුලු ගංගා ගලා ,මා එදා කියු දේ, මා හඩවලා ,මහද ප්‍රේමාදරේ ,නිල් වන් ගුවන් ගැබේ , ඔබ හා ගෙවු අතීතේ , ඔබ හමුවු දිනේ, ඔබ පැ පෙම් සිනා , පෙම්වතුන් සිනා සේ, සාප කරන්න එපා , සමුදෙන්න සමුගන්න නම් , සද කුමාරියක් , සද රේණු වෑහේනා, සිතින් ඉවසන්න බැ ,සුදු මල් පොකුරක් , සුදු වැලි විසිරුනු , වෙරළ කොනක" වැනි ජනප්‍රිය ගීත ගොන්නක් ප්‍රින්ස් අපට ගයා ඇත....
එකල යෞවනියන්ගේ සිහින කුමරා වූ ප්‍රින්ස් උණ රෝගයක් නිසා පහුගිය දෙසැම්බර් 17 වැනිදා කරාපිටිය රෝහලට ඇතුළත් වුන ප්‍රින්ස් සතියක් විතර දැඩි සත්කාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා අනතුරුව මේවන විට කොළඹ නවලෝක රෝහලේ වැඩි දුර ප්‍රතිකාර සඳහා ඇතුලත් කර තිබෙනවා.ඔහුගේ මතකය අමතකව ඇත.වචන උච්චාරණය අපහසුය.දියරමය ආහාර පමණක් නාලයක් අධාරයෙන් දෙනු ලබයි.
තමන්ගේ අම්මාගේ වියෝව දරාගන්න බැරි වුන ප්‍රින්ස් 2014 අවුරුද්දේ ඇතිවුන කම්පනය නිසා ඩුබායි වලදි රෝහල්ගතව ප්‍රතිකාර අරන් තියෙනවා.මවගේ වියෝවෙන් පසු ප්‍රින්ස් ජීවත් වෙලා තියෙන්නේ තමන්ගේ සහෝදරිය වන ශිරෝමී ප්‍රියංගිකාගේ නිවසේයි .ප්‍රින්ස්ගේ මේ රෝගී තත්ත්වයට අවශ්‍ය එන්නත් වලට විශාල මුදලක් වැය වෙනවා කියලා ප්‍රින්ස්ගේ සහෝදරිය වන ශිරෝමී සඳහන් කරනවා . ඔහුට මේ වෙලාවෙ මුදල් අවශ්‍යයි.ඔහුගේ ජීවිතේ පැවැත්ම ඇත්තේ ඔබ අතේ....කලින් ප්‍රින්ස්ගේ සමකාලින ගායකයෙක් වන "නාමල් උඩුගම" ගායන ශිල්පියාට උදව් උපකාර කල අයුරින්ම අපි එකතු වී මෙතුමාට උදවු කරමු ..
ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතාට උදව් උපකාර කළ හැකි කෙනෙක් ඉන්නවා නම් ඔහුගේ සහෝදරිය වන ශිරෝමී ප්‍රියංගිකාට 0769111838 කතාකරලා වැඩිදුර විස්තර දැනගන්න. මෙන්න උපකාර කරනවා ශිරෝමී ප්‍රියංගිකා මහත්මියගේ ගිණුම් අංකය , ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඇල්පිටිය ශාඛාව ගිණුම් අංක "100948803862".
+++++++++++++++++++++++++++++++++++++++++++++++++
මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ
කියූ වදන් මතකේ තියා ගන්න බැරිදෝ
මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම්
අයෙත් මතක නැති නම් කියන්නේ ම නෑ මයි
කිරි කෝඩු නෑ පෙරදා වගේ
ඔබ දැන් මගේ සොඳුරී ප්‍රියේ
තරහින් නොවේ කීවේ ළඳේ
වෙනදා වගේ සෙනෙහේ මගේ
මා එදා කියූ දේ...
ඔබ මා ලැබූ මැණිකක් වගේ
රිදවන්නෙ ඇයි මට මේ වගේ
කිසිදා ලොවේ වෙන් වෙන්නෙ නෑ
සිඳිලා මගේ මේ ආදරේ
මා එදා කියූ දේ...
ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
--------------------------------------------------------------------------------
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්
පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
දෙතැන තනි වී සදා
හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්
තිබුණත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
කඳුළු හසරැල් මවා
ම සිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්
ගායනය ; ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සංගීතය ; ජයන්ත දිසානායක
ගී පද ; ලලිත් වසන්ත
--------------------------------------------------------------------------------
වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළි
වෙරලේ හැපෙනා දළ රළ අතරේ
මුමුණයි හෙමිහිට අපේ කථා
රැල්ලට හසුවී වෙනතක ගිය මුත්
සුදු වැලි මුමුණයි අපේ කතා
ඔබ හා දොඩනට ගත සිත ශක්තිය
නැති ලෙස හදවත හඬා වැටේ
එනමුදු අප පෙම් කතාව නිම වී
සමුගන්නම් අද තරහ නොවී
ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
--------------------------------------------------------------------------------
පිණි වැටෙනා මල් යායේ
පාවී යයි සුනිල් වලා
බොඳ මීදුම් කඳු අතරේ
ඔබව සොයා මා එන්නේ
නිල්වන් දෑසින් මා මත් කරනා
සුන්දර අරුණැල්ලේ
රන්වන් සමනල තටු සලමින් යන
ඔබ වෙත මා එන්නේ
එකම ඉසව්වක බැඳී සිටින සඳ
හමුවන්නට නොහැකිය ළතැවී
සිත රැඳි පැතුමන් පොදි බැඳ එන අද
ඔබට කියන්නට ප්‍රිය ළඳුනේ
අපේ ලොවක තනි වෙන්නට පැතුමන්
කොතරම් පිරුණත් වරම් නැතේ
බාධක හමුවේ නොසැලී ඉමු අපි
භවය පුරා පෙම්වතුන් ලෙසේ
ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
--------------------------------------------------------------------------------
විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනි වී
සඳ ගිලිලා තරු නිවිලා
මගෙ ලෝකේ මා කඳුලේ ගැලිලා
ඔබ සතුටේ ඇතැයි සිතා
කඳුල තුලින් හිනැහෙමි තවමත් මා
දළු දාලා මල් පිපිලා
ඔබ ලෝකේ හිනැහේවා සැමදා
හදට ඔබේ දුක ආ දා
මම එතැනයි පමා නොවෙමි කිසිදා
ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සංගීතය/ ගී පද - රූකාන්ත ගුණතිලක
--------------------------------------------------------------------------------
පෙම්වතුන් සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනියේ
විසඳුම් සොයනු කෙසේ...
මා තුරුළේ හිඳිනා උණුසුම් යහනාවේ
ඉකි බිඳිමින් හැඬුවා මතක ද ගං තීරේ
මගෙ ලොව ඔබ වේ නම් සැකයෙන් ඇයි ද මෙසේ
ඔබ මිස වෙන සතුටක් කොයිබ ද මියුලැසියේ...
මළ හිරු බැස යද්දී සඳු පායා ඒවී
අලුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේ දෝ
අරුණලු උදා වෙලා මුව විකසිත වේ දෝ
ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත
ගී පද: නිහාල් ගම්හේවා
සංගීතය: නිහාල් ගම්හේවා
--------------------------------------------------------------------------------
සමුදෙන්න සමුගන්න නම්
හඬවන්නෙ ඇයි මේ තරම්
නොරිදා සිතින් බැඳිපෙම් නමින්
සමුදෙන්න සමුගන්න නම්
ඔබගේ ලොවෙහි සැතපී දිවා රෑ
මා ගෙව් අතීතේ පුරා
කවුදෝ ඔබේ සිතෙහි සැඟවී
එනිසා මෙසේ වේවිදෝ
සිතුදේම නොමවේ පැතුමන් නිමාවී
කුරිරුයි ඔබේ චේතනා
ළංවී මෙසේ දෑසේ වෙලී
එනිසා මෙසේ වේවිදෝ....
ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත
--------------------------------------------------------------------------------
අනේ පව්, ඉස්සර කටපාඩම් වෙනකම් ප්‍රින්ස්ගෙ සිංදු ඇහුව.
ReplyDeleteඋදවුවක් කරමු
අනිවා මචෝ ...උදව් කරමු ...ඒ කාලේ ප්‍රින්ස් ,නාමල් ,දිවුල්ගනේ අපේ හිත්වල රජ කරගෙනනේ හිටියේ ....
Deleteජීවිතේ කියන්නේ මොකක්ද කියල හිතෙනවා නේද බං මේ වෙන දේවල් දැකක්ම. හැබැයි අපි ජීවත් වෙන්නේ නං මැරෙන්නේ නෑ වගේ.. ඒත් ඉපදුනු දා ඉදලම මරණයට සුදානම් වෙන එක තමා හොද.. මොකද අනිවා වෙන සංසිද්ධියක් නේ..
ReplyDeleteමාත් පොඩි කාලේ හරිම ආසයි ප්‍රින්ස්ට. ලොකු වෙන කොට ප්‍රින්ස් පොඩි උනාට.. මම කෝල් එකක් දුන්නා.. සිංදුවා අකවුන්ට් නම්බර් එක දාලා වැදගත් විදියට මේක කරමු...
දේශෝ , ඇත්තටම කලකිරෙනවා මචෝ ...රුවන් වීරසිංහ ,නාමල් , ප්‍රින්ස් ලා දැන් ඉන්න තත්වේ දැක්කාම ජිවිතේ ගැන කලකිරෙනවා ..මැරෙන්න බය නැ ..එත් මේ විදිහට දුක් විදින්න බයයි ..මොකද අනිත් මිනිස්සුත් මේ නිසා පට්ට දුකක් විදින්නේ ..ඔන්න මචෝ ගිණුම් අංකය දාලා අප්ඩේට් කලා ....
Delete"එපා කිසි විට උඩඟු වන්නට එයින් යහපත නැසෙනවා
එපා කිසි විට කෝප වන්නට ඔබේ හොඳගති නැසෙනවා
එපා කෙනෙකුට දුකක් දෙන්නට එයින් හදවත් රිදෙනවා
එපා ආශා පොදි බඳින්නට මැරෙනවා අපි මැරෙනවා..."
ඒ දවස් වල මට මතකයි ප්‍රින්ස්ල චන්දනල නාමල්ල අතුල ශ්‍රි ල පට්ට ගහනව කාලයක් යද්දි ඒ තැන් වලට වෙන අය ආව ඒත් මචං දන්නනවද අර මිනිස්සුන්ට අපේ හිතේ ඇති වුණ ඉඩ ගන්න අර අලුත් සෙට් එකට තාම බැරිවුනා
ReplyDeleteඑක්කො අල්ත් සෙට් එකේ අවුලකත් නැත්තං අපේ අවුලක්
කල යුත්තක් හැකි විදයකට කල හැකියි මචෝ උඹ එකවුන්ට් නම්බර් එක දාල තියේනෙ
//අර මිනිස්සුන්ට අපේ හිතේ ඇති වුණ ඉඩ ගන්න අර අලුත් සෙට් එකට තාම බැරිවුනා //
Delete++++++++++++++++
මයියෝ මම හිතන්නේ අපේ අවුලක් කියලා මචෝ ..
මොනා හරි දෙයක් කරමු ..ජයවේවා !!!
මටත් හිතු දැං උඹත් කිවෙන
Deleteඒ්නං කන්ෆර්ම්
shocking!!! :(
ReplyDeleteඔව් මචෝ ...මට ප්‍රින්ස් ගෙන් රුවන් වීරසිංහත් පේනවා වාගේ ...
Deleteමම නම් බලන්නත් ගියා... පුදුම දුකක් දැනුනේ... මීට කලින් අර කිව්වා වගේ නාමල් ගොඩගත්තා වගේම ප්‍රින්ස් වත් ගොඩ ගන්න බලමු.. නාමල්ට රුවන්ති නිසා දේශපාලන බැක් එකක් තිබුනා.. ඒත් ප්‍රින්ස් අනාථයි.. මෙන්න මේ වගේ වෙලාවට තමයි මහින්ද මහත්තයා මතක් වෙන්නේ.. හිටං මහත්තයට බුකියේ තියෙන මේ වගේ ඒවා පේන්නේ නැද්ද හිටං....
ReplyDeleteබුකියට විසි කරපු බ්‍රා නං පේනවා..
Deleteවැඩක් නැ මාතේ කථා කරලා ....කවුරු හරි නර්ස් කෙනෙකුටවත් කියන්න ඕනෑ ප්‍රින්ස්ට බ්‍රා එකකින් ගහන්න කියලා එක වීඩියෝ කරලා හිටන් බුකියේ දාමු ...
Deleteබොස් නම්බර් එක වැරදියි මේක හරි නම්බර් දෙක
ReplyDelete0769111838 / 0777576128
ඔව් මචෝ එක නොයක් මිස් වෙලා ...මම උදේ කථා කළා
Deleteමේක අප්ඩේට් කරන්නම් ...බොහොම ස්තුතියි ...
ජීවිතය ගැන හිතන්න දෙයක් තියනවද තවත්....?
ReplyDeleteකියන්න වදන් නැ මචෝ ....කලකිරෙනවා ...
Deleteඋඹ මතක් කලාම තමයි මේ සින්දු වලට අපි ඒ කාලේ ආසාවෙන් හිටිය කියල මතක් උනේ, දැන් මේ මිනිස්සුන්ගේ සින්දු යන්නේ නැතිම තරම්නේ...
ReplyDeleteෆොටෝ දැක්කම දුක හිතෙනවා ප්‍රින්ස් ගැන විතරක් නෙමෙයි අපි ගැනත් එක්කම...
පුළුවන් විදිහට උදව්වක් කරන්න බලමු...
පුළුවන් විදිහට උදව්වක් කරන්න බලමු ලොකු ...
Deleteසහෝ ඔබට ඉක්මන් සුවය ලැබේවා!!!
ReplyDeleteපැතුමට ස්තුත්යි මහේෂ්
Deleteහ්ම්ම් අපේ අක්කලාගේ සිහින කුමාරයා.... සබරේ බට්ටා කාලේ නාමල්ගෙයි ප්‍රින්ස්ගෙයි සින්දු කටපාඩම් ඇහිලම
ReplyDeleteහැමෝටම කරන්න පුළුවන් සුළු උපකාරයක් හරි කරමු සබරේ ...
Deleteඋදවුවක් කරනව නම් අපිටත් දන්වන්න සින්දු
Deleteසබරේ ..මෙතැනදී හැමෝම එකතු කරලා පරිත්‍යාගයක් කරන්නේ නම් නැ ..මුදල් ගැන දන්නවානේ ...ඒ නිසා පුද්ගලිකව පුලුවන්නම් ඉහත ගිණුමට කියක් හරි බැර කරන්න..කතා කරලා විස්තර දැනගන්න ..බොහොම ස්තුතියි
Deleteඅනේ අම්මේ........... මිනිස්සුන්ට වෙන දේවල්.... අැත්තට ම හරි ම කණගාටුයි..... අපි පොඩි කාලේ අැහුණ කටහඩවල් තමා ප්‍රින්ස්ගෙයි නාමල්ගෙයි. (සබරේ කිව්වා වගේම)
ReplyDeleteඔව් කුරුට්ටෝ අපිට ඇහුන සුන්දර කටහඬක් අකාලයේ නැතිවෙන්න යන්නේ ...සුළු උදව්වක් කරන්න බලමු ..
Deleteඅපේ ගෙදරට මුලින්ම ගෙනාපු කැසට් පතය ප්‍රින්ස් උදය පියන්තගෙ එකක්. මම ගොඩාක් ආසයි එයාගෙ සිංදු වලට. අපිත්හ් පුළුවන් විදියට උදවුවක් කළා. ස්තුතියි තොරතුරු වලට.
ReplyDeleteබොහොම ස්තුතියි අපුරුමල් .....
Deleteම්,ඉක්මන් සුවය පතනවා.ප්‍රින්ස් කියන්නේ තාරුණ්‍ය අවදි කරපු ගායන ශිල්පියෙක්.
ReplyDeleteබොහොම ස්තුතියි මනෝජ් ...දැන් හිතවතෙක් පැවසුවා ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙන විත්තිය ..ගොඩක් දෙනෙක් ඔහු වටා එක් වෙලා ඉන්නේ මම හිතන විදිහට ..පුළුවන් ක්‍රමේකට උදව් වෙමු මචෝ ..
Deleteසුදුමල් පොකුරක් අතින් දරා මා..
ReplyDeleteඔබේ සොහොන ලග තනිවී..
ප්‍රින්ස් ජනප්‍රිය වෙන්න ගත්තේ මේ සිංදුවෙන්..
පුළුවන් උදව්වක් කරමු..
මගේ කැමතිම ගීතයක් විදානේ ඒක ...
Deleteහැමෝම පුළුවන් විදිහට උදව් කරමු ...
සිංදු උඹ කරේ ලොකු පිනක්.මට මතකයි මං ඇටිකිච්චා කාලේ අපේ නැන්දා කෙනෙක් කියනවා ප්‍රින්ස් ඇක්සිඩන්ට් එකකින් කකුල කැඩිලා කරාපිටියෙ ඉඳලා සනීප වෙලා යද්දි වෝඩ් එකටම එයාගේ කැසට් පීස් බෙදුවා කියල.එතකොට ප්‍රින්ස් පීක් එකේ..නිහතමානී මනුස්සයෙක් කියලත් කිව්වා.එහෙම එකා හැමදාම අනාතයි.. ඕකනේ මචං තිත්ත ඇත්ත.
ReplyDeleteමං හිතන්නේ ප්‍රින්ස්ගෙ අන්තිමට හිට් උනේ සීගිරියේ කුරුටු ගීත,කැලෑ මලේ කොහේ ගියාදෝ කියන සිංදු.බොළඳ නොවී ප්‍රේම කරන ප්‍රබුද්ධයෝ බොළඳ ගායකයෙක් කියලා ප්‍රින්ස්ව ලේබල් කරලා හිටියත් පේනවනෙ අවුරුදු ගානක් ගිහිල්ලත් "මිනිස්සුන්ගෙ" හිත්වල ඉන්න අපූරුව...
//අවුරුදු ගානක් ගිහිල්ලත් "මිනිස්සුන්ගෙ" හිත්වල ඉන්න අපූරුව.//
Delete+++++++++++++++++++++++++++
එකඟයි උඹත් එක්ක ...90 දසකයේ සෙට් එකෙන් පස්සේ මෙහෙම අපිට සෙට් වුන අය ඉන්නේ කීයෙන් කීදෙනාද ?
ප්‍රින්ස්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteඋඹේ සේවය ගොඩක් වටිනවා සින්දුවෝ
පුළුවන් විදියට උදව් කරන්නම් මාත්...
ස්තුතියි මචෝ ...ජයවේවා !!!
Deleteකණගාටුයි. රූපවාහිනී ප්‍රවෘත්ති වලත් දැක්කා. මේ සැරේ පඩි ගත්තම් අවශ්‍ය දේ කරන්නම්.
ReplyDeleteබොහොම ස්තුතියි විචා .....ජයවේවා !!
Deleteමෑත කාලීන ගායකයන්ගෙන් මා කැමතිම ගායකයා.ඔහුගේ සුදුමල් පොකුරක් ගීතය හැමදාම මගේ හිතේ නොමැකී පවතිනවා.සිදුවූ දේ ගැන හරිම කණගාටුයි.ඔබ කරපු දේත් හරි අගෙයි හැකි අයුරින් උදව්වක් කරන්නම්.
ReplyDeleteහැමෝම කැමති සින්දුවක් ....කරන්න පුළුවන් දේවල් කරමු ..අන්තිමට ඒ ගැන හරි සන්තෝස වෙන්න පුළුවන් ...
Deleteහුඟක් අසාවෙන් අහපු සිංදු.
ReplyDeleteඔහු ගැන ඇත්තටම දුකයි. එක වෙලාවකට හිතෙනවා ලංකාවේ කලාකාරයන්ගේ තත්වේ මේකයි නේද කියලා. කලාවට කැප වුනා මිසක් හම්බකර ගත්ත දෙයක් නෑ. එහෙම මිනිස්සු අවසානයේ දුක් විදිනවා. ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
ඇත්තටම දිනේෂ් ලංකාවේ පරණ කලාකරුවෝ හැමෝගෙම වාගේ තත්වේ මේක තමයි ...එයාලගේ නිර්මාණ කොල්ලකාලා පොරවල් වෙන එවුන් කෝටිපතියෝ ...ඔන්න ඔක්ක තමයි ඇත්ත ..ජයවේවා !!
Deleteප්‍රින්ස් වගේ ගායකයෝ අපි අතරට ආවේ දක්ෂතාවයෙන්මයි.අද දවසින් තරුවක් වෙන්න චාන්ස් තිබුනට එදා එහෙම තිබුනේ නෑ.අපි පුලුවන් විදියට ප්‍රින්ස් වෙනුවෙන් උපකාරයක් කරමු...
ReplyDeleteදවසින් බිහිවෙන තරු කරන්නේ මෙවැනි ගායකයන්ගේ නිර්මාණ කොල්ල කාලා ගොඩ යන එකනේ මචෝ ....පුළුවන් විදිහට දෙයක් කරපන් මනෝ ...ජයවේවා !!
Deleteගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති
සැපට වැඩුණු කය පොළොවට දිරා යති
අපට නොවේ බඹුටත් මරු ළඟාවෙති
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති
මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුණාම
ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුණාම
ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුණාම
දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම
කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම
කන බොන කෑම තනියම වළඳන්න එපා
අසරණ කෙනෙකු ආ විට එළවන්න එපා
අනුවණ කමින් පව් සිදුකරගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා
ගී පද -ඇරැව්වල නන්දිමිත්‍ර
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
මේක ලිව්වට ස්තුතියි.. බුකියේ මේ සීන් එක දැක්කට account number එකත් එක්ක පිළිවෙලකට මේ ගැන ලියල තියෙන එක වටිනවා.. මම පොඩි උපකාරයක් කළා.. හැබැයි සම්පත් බැංකුවේ විශ්ව සේවාවේ ඇල්පිටිය කියල බ්‍රාන්ච් එකක් පෙන්නන්නේ නෑ.. මම කොයි එකටත් head office තෝරලා දැම්ම... අවුලක් නැති වෙයි කියල හිතනවා..
ReplyDeleteප්‍රින්ස් ගේ සිංදු පිස්සුවෙන් වගේ ඇහුවා ඒ කාලේ... ආයේ ඒ හඬ අහන්න ලැබේවා කියල හිතමු..
බොහොම ස්තුතියි පැතුම් ...
Deleteමේක ලිව්වට ස්තුතියි.. බුකියේ මේ සීන් එක දැක්කට account number එකත් එක්ක පිළිවෙලකට මේ ගැන ලියල තියෙන එක වටිනවා.. මම පොඩි උපකාරයක් කළා.. හැබැයි සම්පත් බැංකුවේ විශ්ව සේවාවේ ඇල්පිටිය කියල බ්‍රාන්ච් එකක් පෙන්නන්නේ නෑ.. මම කොයි එකටත් head office තෝරලා දැම්ම... අවුලක් නැති වෙයි කියල හිතනවා..
ReplyDeleteප්‍රින්ස් ගේ සිංදු පිස්සුවෙන් වගේ ඇහුවා ඒ කාලේ... ආයේ ඒ හඬ අහන්න ලැබේවා කියල හිතමු..
ස්තුතියි ඔබේ ලිපියට , විශේෂයෙන්ම දැන ගත යුතුම තොරතුරු සියල්ල විශ්වාසවන්තව ලබා දීම වෙනුවෙන් !
ReplyDeleteජයවේවා !!!
Deleteප්‍රින්ස්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteස්තුතියි හංසි ...
Deleteජයවේවා !!
මම අහලා නැහැ මේවා. මේ පැතුම් ලා කොල්ල කළේ අහපු සින්දු වගේ. සින්දු ඇනෝ ඔබට සම්මනයක් තිබේ.
ReplyDeleteඅජිත් අය්යේ මේවා 90 දශකයේ ජනප්‍රිය ගීත ...මෙයාලා අපේ කාලයේ ගායකයෝ නොවැ ..සම්මානයට බොහොම ස්තුතියි ..
Deleteජයවේවා !!!