Tuesday, January 5, 2016

"ඔබ නැති මා ජීවිතයේ තනි වී"


90 දශකයේ සංගීත ක්ෂේත්‍රය බැබළ වූ තරු අතර ප්‍රින්ස් උදය ප්‍රියන්ත මුල් පෙළේම සිටී. එවකට ඔහුගේ සී.ඩී. තැටි සහ කැසට් පට සඳහා වෙළෙඳ‍පොළේ විශාල ඉල්ලුමක් තිබිණ. නාලිකා තුළ නිරන්තරයෙන් ප්‍රින්ස්ගේ ගීත ප්‍රචාරය කෙරිනි. "කදුලු ගංගා ගලා ,මා එදා කියු දේ, මා හඩවලා ,මහද ප්‍රේමාදරේ ,නිල් වන් ගුවන් ගැබේ , ඔබ හා  ගෙවු අතීතේ , ඔබ හමුවු දිනේ, ඔබ පැ පෙම් සිනා , පෙම්වතුන් සිනා සේ, සාප කරන්න එපා  , සමුදෙන්න සමුගන්න නම් ,   සද කුමාරියක් , සද රේණු වෑහේනා, සිතින් ඉවසන්න බැ ,සුදු මල් පොකුරක් , සුදු වැලි විසිරුනු  , වෙරළ කොනක" වැනි ජනප්‍රිය ගීත ගොන්නක් ප්‍රින්ස් අපට ගයා ඇත.... 

එකල යෞවනියන්ගේ සිහින කුමරා වූ ප්‍රින්ස් උණ රෝගයක් නිසා  පහුගිය දෙසැම්බර් 17 වැනිදා කරාපිටිය රෝහලට ඇතුළත් වුන ප්‍රින්ස් සතියක් විතර දැඩි සත්කාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා අනතුරුව මේවන විට කොළඹ නවලෝක රෝහලේ වැඩි දුර ප්‍රතිකාර සඳහා ඇතුලත් කර තිබෙනවා.ඔහුගේ මතකය අමතකව ඇත.වචන උච්චාරණය අපහසුය.දියරමය ආහාර පමණක් නාලයක් අධාරයෙන් දෙනු ලබයි.


තමන්ගේ අම්මාගේ වියෝව දරාගන්න බැරි වුන ප්‍රින්ස් 2014 අවුරුද්දේ ඇතිවුන කම්පනය නිසා ඩුබායි වලදි රෝහල්ගතව ප්‍රතිකාර අරන් තියෙනවා.මවගේ වියෝවෙන් පසු ප්‍රින්ස් ජීවත් වෙලා තියෙන්නේ තමන්ගේ සහෝදරිය වන ශිරෝමී ප්‍රියංගිකාගේ නිවසේයි .ප්‍රින්ස්ගේ මේ රෝගී තත්ත්වයට අවශ්‍ය එන්නත් වලට විශාල මුදලක් වැය වෙනවා කියලා ප්‍රින්ස්ගේ සහෝදරිය වන ශිරෝමී සඳහන් කරනවා . ඔහුට මේ වෙලාවෙ මුදල් අවශ්‍යයි.ඔහුගේ ජීවිතේ පැවැත්ම ඇත්තේ ඔබ අතේ....කලින් ප්‍රින්ස්ගේ සමකාලින ගායකයෙක් වන "නාමල් උඩුගම" ගායන ශිල්පියාට උදව් උපකාර කල අයුරින්ම අපි එකතු  වී මෙතුමාට උදවු කරමු ..   

ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතාට උදව් උපකාර කළ හැකි කෙනෙක් ඉන්නවා නම් ඔහුගේ සහෝදරිය වන ශිරෝමී ප්‍රියංගිකාට 0769111838 කතාකරලා වැඩිදුර විස්තර දැනගන්න. මෙන්න උපකාර කරනවා ශිරෝමී ප්‍රියංගිකා මහත්මියගේ ගිණුම් අංකය  , ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඇල්පිටිය ශාඛාව ගිණුම් අංක "100948803862".


+++++++++++++++++++++++++++++++++++++++++++++++++

මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ
කියූ වදන් මතකේ තියා ගන්න බැරිදෝ
මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම්
අයෙත් මතක නැති නම් කියන්නේ ම නෑ මයි

කිරි කෝඩු නෑ පෙරදා වගේ
ඔබ දැන් මගේ සොඳුරී ප්‍රියේ
තරහින් නොවේ කීවේ ළ‍ඳේ
වෙනදා වගේ සෙනෙහේ මගේ

මා එදා කියූ දේ...

ඔබ මා ලැබූ මැණිකක් වගේ
රිදවන්නෙ ඇයි මට මේ වගේ
කිසිදා ලොවේ වෙන් වෙන්නෙ නෑ
සිඳිලා මගේ මේ ආදරේ

මා එදා කියූ දේ...

ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
--------------------------------------------------------------------------------

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින් 
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්

පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
දෙතැන තනි වී සදා 
හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්

තිබුණත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
කඳුළු හසරැල් මවා
ම සිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්


ගායනය ; ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සංගීතය ; ජයන්ත දිසානායක
ගී පද ; ලලිත් වසන්ත
--------------------------------------------------------------------------------

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ 
වෙන්වන්නට මුණගැසෙමු යළි 

වෙරලේ හැපෙනා දළ රළ අතරේ
මුමුණයි හෙමිහිට අපේ කථා
රැල්ලට හසුවී වෙනතක ගිය මුත් 
සුදු වැලි මුමුණයි අපේ කතා

ඔබ හා දොඩනට ගත සිත ශක්තිය 
නැති ලෙස හදවත හඬා වැටේ
එනමුදු අප පෙම් කතාව නිම වී 
සමුගන්නම් අද තරහ නොවී

ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
--------------------------------------------------------------------------------

පිණි වැටෙනා මල් යායේ
පාවී යයි සුනිල් වලා
බොඳ මීදුම් කඳු අතරේ
ඔබව සොයා මා එන්නේ

නිල්වන් දෑසින් මා මත් කරනා 
සුන්දර අරුණැල්ලේ
රන්වන් සමනල තටු සලමින් යන 
ඔබ වෙත මා එන්නේ

එකම ඉසව්වක බැඳී සිටින සඳ
හමුවන්නට නොහැකිය ළතැවී
සිත රැඳි පැතුමන් පොදි බැඳ එන අද
ඔබට කියන්නට ප්‍රිය ළඳුනේ

අපේ ලොවක තනි වෙන්නට පැතුමන්
කොතරම් පිරුණත් වරම් නැතේ
බාධක හමුවේ නොසැලී ඉමු අපි
භවය පුරා පෙම්වතුන් ලෙසේ

ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
--------------------------------------------------------------------------------

විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනි වී

සඳ ගිලිලා තරු නිවිලා
මගෙ ලෝකේ මා කඳුලේ ගැලිලා
ඔබ සතුටේ ඇතැයි සිතා
කඳුල තුලින් හිනැහෙමි තවමත් මා

දළු දාලා මල් පිපිලා
ඔබ ලෝකේ හිනැහේවා සැමදා
හදට ඔබේ දුක ආ දා
මම එතැනයි පමා නොවෙමි කිසිදා


ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සංගීතය/ ගී පද - රූකාන්ත ගුණතිලක
--------------------------------------------------------------------------------

පෙම්වතුන් සිනාසේ 
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනියේ
විසඳුම් සොයනු කෙසේ...

මා තුරුළේ හිඳිනා උණුසුම් යහනාවේ
ඉකි බිඳිමින් හැඬුවා මතක ද ගං තීරේ
මගෙ ලොව ඔබ වේ නම් සැකයෙන් ඇයි ද මෙසේ
ඔබ මිස වෙන සතුටක් කොයිබ ද මියුලැසියේ...

මළ හිරු බැස යද්දී සඳු පායා ඒවී
අලුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේ දෝ
අරුණලු උදා වෙලා මුව විකසිත වේ දෝ

ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත
ගී පද: නිහාල් ගම්හේවා
සංගීතය: නිහාල් ගම්හේවා
--------------------------------------------------------------------------------

සමුදෙන්න සමුගන්න නම්
හඬවන්නෙ ඇයි මේ තරම්
නොරිදා සිතින් බැඳිපෙම් නමින්
සමුදෙන්න සමුගන්න නම්

ඔබගේ ලොවෙහි සැතපී දිවා රෑ
මා ගෙව් අතීතේ පුරා
කවුදෝ ඔබේ සිතෙහි සැඟවී
එනිසා මෙසේ වේවිදෝ

සිතුදේම නොමවේ පැතුමන් නිමාවී
කුරිරුයි ඔබේ චේතනා
ළංවී මෙසේ දෑසේ වෙලී
එනිසා මෙසේ වේවිදෝ....

ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත

--------------------------------------------------------------------------------

53 comments:

  1. අනේ පව්, ඉස්සර කටපාඩම් වෙනකම් ප්‍රින්ස්ගෙ සිංදු ඇහුව.
    උදවුවක් කරමු

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ ...උදව් කරමු ...ඒ කාලේ ප්‍රින්ස් ,නාමල් ,දිවුල්ගනේ අපේ හිත්වල රජ කරගෙනනේ හිටියේ ....

      Delete
  2. ජීවිතේ කියන්නේ මොකක්ද කියල හිතෙනවා නේද බං මේ වෙන දේවල් දැකක්ම. හැබැයි අපි ජීවත් වෙන්නේ නං මැරෙන්නේ නෑ වගේ.. ඒත් ඉපදුනු දා ඉදලම මරණයට සුදානම් වෙන එක තමා හොද.. මොකද අනිවා වෙන සංසිද්ධියක් නේ..

    මාත් පොඩි කාලේ හරිම ආසයි ප්‍රින්ස්ට. ලොකු වෙන කොට ප්‍රින්ස් පොඩි උනාට.. මම කෝල් එකක් දුන්නා.. සිංදුවා අකවුන්ට් නම්බර් එක දාලා වැදගත් විදියට මේක කරමු...

    ReplyDelete
    Replies
    1. දේශෝ , ඇත්තටම කලකිරෙනවා මචෝ ...රුවන් වීරසිංහ ,නාමල් , ප්‍රින්ස් ලා දැන් ඉන්න තත්වේ දැක්කාම ජිවිතේ ගැන කලකිරෙනවා ..මැරෙන්න බය නැ ..එත් මේ විදිහට දුක් විදින්න බයයි ..මොකද අනිත් මිනිස්සුත් මේ නිසා පට්ට දුකක් විදින්නේ ..ඔන්න මචෝ ගිණුම් අංකය දාලා අප්ඩේට් කලා ....

      "එපා කිසි විට උඩඟු වන්නට එයින් යහපත නැසෙනවා
      එපා කිසි විට කෝප වන්නට ඔබේ හොඳගති නැසෙනවා
      එපා කෙනෙකුට දුකක් දෙන්නට එයින් හදවත් රිදෙනවා
      එපා ආශා පොදි බඳින්නට මැරෙනවා අපි මැරෙනවා..."

      Delete
  3. ඒ දවස් වල මට මතකයි ප්‍රින්ස්ල චන්දනල නාමල්ල අතුල ශ්‍රි ල පට්ට ගහනව කාලයක් යද්දි ඒ තැන් වලට වෙන අය ආව ඒත් මචං දන්නනවද අර මිනිස්සුන්ට අපේ හිතේ ඇති වුණ ඉඩ ගන්න අර අලුත් සෙට් එකට තාම බැරිවුනා
    එක්කො අල්ත් සෙට් එකේ අවුලකත් නැත්තං අපේ අවුලක්
    කල යුත්තක් හැකි විදයකට කල හැකියි මචෝ උඹ එකවුන්ට් නම්බර් එක දාල තියේනෙ

    ReplyDelete
    Replies
    1. //අර මිනිස්සුන්ට අපේ හිතේ ඇති වුණ ඉඩ ගන්න අර අලුත් සෙට් එකට තාම බැරිවුනා //
      ++++++++++++++++
      මයියෝ මම හිතන්නේ අපේ අවුලක් කියලා මචෝ ..
      මොනා හරි දෙයක් කරමු ..ජයවේවා !!!

      Delete
    2. මටත් හිතු දැං උඹත් කිවෙන
      ඒ්නං කන්ෆර්ම්

      Delete
  4. Replies
    1. ඔව් මචෝ ...මට ප්‍රින්ස් ගෙන් රුවන් වීරසිංහත් පේනවා වාගේ ...

      Delete
  5. මම නම් බලන්නත් ගියා... පුදුම දුකක් දැනුනේ... මීට කලින් අර කිව්වා වගේ නාමල් ගොඩගත්තා වගේම ප්‍රින්ස් වත් ගොඩ ගන්න බලමු.. නාමල්ට රුවන්ති නිසා දේශපාලන බැක් එකක් තිබුනා.. ඒත් ප්‍රින්ස් අනාථයි.. මෙන්න මේ වගේ වෙලාවට තමයි මහින්ද මහත්තයා මතක් වෙන්නේ.. හිටං මහත්තයට බුකියේ තියෙන මේ වගේ ඒවා පේන්නේ නැද්ද හිටං....

    ReplyDelete
    Replies
    1. බුකියට විසි කරපු බ්‍රා නං පේනවා..

      Delete
    2. වැඩක් නැ මාතේ කථා කරලා ....කවුරු හරි නර්ස් කෙනෙකුටවත් කියන්න ඕනෑ ප්‍රින්ස්ට බ්‍රා එකකින් ගහන්න කියලා එක වීඩියෝ කරලා හිටන් බුකියේ දාමු ...

      Delete
  6. බොස් නම්බර් එක වැරදියි මේක හරි නම්බර් දෙක

    0769111838 / 0777576128

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ එක නොයක් මිස් වෙලා ...මම උදේ කථා කළා
      මේක අප්ඩේට් කරන්නම් ...බොහොම ස්තුතියි ...

      Delete
  7. ජීවිතය ගැන හිතන්න දෙයක් තියනවද තවත්....?

    ReplyDelete
    Replies
    1. කියන්න වදන් නැ මචෝ ....කලකිරෙනවා ...

      Delete
  8. උඹ මතක් කලාම තමයි මේ සින්දු වලට අපි ඒ කාලේ ආසාවෙන් හිටිය කියල මතක් උනේ, දැන් මේ මිනිස්සුන්ගේ සින්දු යන්නේ නැතිම තරම්නේ...
    ෆොටෝ දැක්කම දුක හිතෙනවා ප්‍රින්ස් ගැන විතරක් නෙමෙයි අපි ගැනත් එක්කම...
    පුළුවන් විදිහට උදව්වක් කරන්න බලමු...

    ReplyDelete
    Replies
    1. පුළුවන් විදිහට උදව්වක් කරන්න බලමු ලොකු ...

      Delete
  9. සහෝ ඔබට ඉක්මන් සුවය ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පැතුමට ස්තුත්යි මහේෂ්

      Delete
  10. හ්ම්ම් අපේ අක්කලාගේ සිහින කුමාරයා.... සබරේ බට්ටා කාලේ නාමල්ගෙයි ප්‍රින්ස්ගෙයි සින්දු කටපාඩම් ඇහිලම

    ReplyDelete
    Replies
    1. හැමෝටම කරන්න පුළුවන් සුළු උපකාරයක් හරි කරමු සබරේ ...

      Delete
    2. උදවුවක් කරනව නම් අපිටත් දන්වන්න සින්දු

      Delete
    3. සබරේ ..මෙතැනදී හැමෝම එකතු කරලා පරිත්‍යාගයක් කරන්නේ නම් නැ ..මුදල් ගැන දන්නවානේ ...ඒ නිසා පුද්ගලිකව පුලුවන්නම් ඉහත ගිණුමට කියක් හරි බැර කරන්න..කතා කරලා විස්තර දැනගන්න ..බොහොම ස්තුතියි

      Delete
  11. අනේ අම්මේ........... මිනිස්සුන්ට වෙන දේවල්.... අැත්තට ම හරි ම කණගාටුයි..... අපි පොඩි කාලේ අැහුණ කටහඩවල් තමා ප්‍රින්ස්ගෙයි නාමල්ගෙයි. (සබරේ කිව්වා වගේම)

    ReplyDelete
    Replies
    1. ඔව් කුරුට්ටෝ අපිට ඇහුන සුන්දර කටහඬක් අකාලයේ නැතිවෙන්න යන්නේ ...සුළු උදව්වක් කරන්න බලමු ..

      Delete
  12. අපේ ගෙදරට මුලින්ම ගෙනාපු කැසට් පතය ප්‍රින්ස් උදය පියන්තගෙ එකක්. මම ගොඩාක් ආසයි එයාගෙ සිංදු වලට. අපිත්හ් පුළුවන් විදියට උදවුවක් කළා. ස්තුතියි තොරතුරු වලට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අපුරුමල් .....

      Delete
  13. ම්,ඉක්මන් සුවය පතනවා.ප්‍රින්ස් කියන්නේ තාරුණ්‍ය අවදි කරපු ගායන ශිල්පියෙක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝජ් ...දැන් හිතවතෙක් පැවසුවා ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙන විත්තිය ..ගොඩක් දෙනෙක් ඔහු වටා එක් වෙලා ඉන්නේ මම හිතන විදිහට ..පුළුවන් ක්‍රමේකට උදව් වෙමු මචෝ ..

      Delete
  14. සුදුමල් පොකුරක් අතින් දරා මා..
    ඔබේ සොහොන ලග තනිවී..

    ප්‍රින්ස් ජනප්‍රිය වෙන්න ගත්තේ මේ සිංදුවෙන්..

    පුළුවන් උදව්වක් කරමු..

    ReplyDelete
    Replies
    1. මගේ කැමතිම ගීතයක් විදානේ ඒක ...
      හැමෝම පුළුවන් විදිහට උදව් කරමු ...

      Delete
  15. සිංදු උඹ කරේ ලොකු පිනක්.මට මතකයි මං ඇටිකිච්චා කාලේ අපේ නැන්දා කෙනෙක් කියනවා ප්‍රින්ස් ඇක්සිඩන්ට් එකකින් කකුල කැඩිලා කරාපිටියෙ ඉඳලා සනීප වෙලා යද්දි වෝඩ් එකටම එයාගේ කැසට් පීස් බෙදුවා කියල.එතකොට ප්‍රින්ස් පීක් එකේ..නිහතමානී මනුස්සයෙක් කියලත් කිව්වා.එහෙම එකා හැමදාම අනාතයි.. ඕකනේ මචං තිත්ත ඇත්ත.

    මං හිතන්නේ ප්‍රින්ස්ගෙ අන්තිමට හිට් උනේ සීගිරියේ කුරුටු ගීත,කැලෑ මලේ කොහේ ගියාදෝ කියන සිංදු.බොළඳ නොවී ප්‍රේම කරන ප්‍රබුද්ධයෝ බොළඳ ගායකයෙක් කියලා ප්‍රින්ස්ව ලේබල් කරලා හිටියත් පේනවනෙ අවුරුදු ගානක් ගිහිල්ලත් "මිනිස්සුන්ගෙ" හිත්වල ඉන්න අපූරුව...

    ReplyDelete
    Replies
    1. //අවුරුදු ගානක් ගිහිල්ලත් "මිනිස්සුන්ගෙ" හිත්වල ඉන්න අපූරුව.//
      +++++++++++++++++++++++++++
      එකඟයි උඹත් එක්ක ...90 දසකයේ සෙට් එකෙන් පස්සේ මෙහෙම අපිට සෙට් වුන අය ඉන්නේ කීයෙන් කීදෙනාද ?

      Delete
  16. ප්‍රින්ස්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...
    උඹේ සේවය ගොඩක් වටිනවා සින්දුවෝ
    පුළුවන් විදියට උදව් කරන්නම් මාත්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ ...ජයවේවා !!!

      Delete
  17. කණගාටුයි. රූපවාහිනී ප්‍රවෘත්ති වලත් දැක්කා. මේ සැරේ පඩි ගත්තම් අවශ්‍ය දේ කරන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විචා .....ජයවේවා !!

      Delete
  18. මෑත කාලීන ගායකයන්ගෙන් මා කැමතිම ගායකයා.ඔහුගේ සුදුමල් පොකුරක් ගීතය හැමදාම මගේ හිතේ නොමැකී පවතිනවා.සිදුවූ දේ ගැන හරිම කණගාටුයි.ඔබ කරපු දේත් හරි අගෙයි හැකි අයුරින් උදව්වක් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. හැමෝම කැමති සින්දුවක් ....කරන්න පුළුවන් දේවල් කරමු ..අන්තිමට ඒ ගැන හරි සන්තෝස වෙන්න පුළුවන් ...

      Delete
  19. හුඟක් අසාවෙන් අහපු සිංදු.

    ඔහු ගැන ඇත්තටම දුකයි. එක වෙලාවකට හිතෙනවා ලංකාවේ කලාකාරයන්ගේ තත්වේ මේකයි නේද කියලා. කලාවට කැප වුනා මිසක් හම්බකර ගත්ත දෙයක් නෑ. එහෙම මිනිස්සු අවසානයේ දුක් විදිනවා. ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දිනේෂ් ලංකාවේ පරණ කලාකරුවෝ හැමෝගෙම වාගේ තත්වේ මේක තමයි ...එයාලගේ නිර්මාණ කොල්ලකාලා පොරවල් වෙන එවුන් කෝටිපතියෝ ...ඔන්න ඔක්ක තමයි ඇත්ත ..ජයවේවා !!

      Delete
  20. ප්‍රින්ස් වගේ ගායකයෝ අපි අතරට ආවේ දක්ෂතාවයෙන්මයි.අද දවසින් තරුවක් වෙන්න චාන්ස් තිබුනට එදා එහෙම තිබුනේ නෑ.අපි පුලුවන් විදියට ප්‍රින්ස් වෙනුවෙන් උපකාරයක් කරමු...

    ReplyDelete
    Replies
    1. දවසින් බිහිවෙන තරු කරන්නේ මෙවැනි ගායකයන්ගේ නිර්මාණ කොල්ල කාලා ගොඩ යන එකනේ මචෝ ....පුළුවන් විදිහට දෙයක් කරපන් මනෝ ...ජයවේවා !!

      ගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති
      සැපට වැඩුණු කය පොළොවට දිරා යති
      අපට නොවේ බඹුටත් මරු ළඟාවෙති
      පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති

      මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුණාම
      ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුණාම
      ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුණාම
      දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

      කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
      බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
      දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
      යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම

      කන බොන කෑම තනියම වළඳන්න එපා
      අසරණ කෙනෙකු ආ විට එළවන්න එපා
      අනුවණ කමින් පව් සිදුකරගන්න එපා
      නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා

      ගී පද -ඇරැව්වල නන්දිමිත්‍ර
      ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete
  21. මේක ලිව්වට ස්තුතියි.. බුකියේ මේ සීන් එක දැක්කට account number එකත් එක්ක පිළිවෙලකට මේ ගැන ලියල තියෙන එක වටිනවා.. මම පොඩි උපකාරයක් කළා.. හැබැයි සම්පත් බැංකුවේ විශ්ව සේවාවේ ඇල්පිටිය කියල බ්‍රාන්ච් එකක් පෙන්නන්නේ නෑ.. මම කොයි එකටත් head office තෝරලා දැම්ම... අවුලක් නැති වෙයි කියල හිතනවා..

    ප්‍රින්ස් ගේ සිංදු පිස්සුවෙන් වගේ ඇහුවා ඒ කාලේ... ආයේ ඒ හඬ අහන්න ලැබේවා කියල හිතමු..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පැතුම් ...

      Delete
  22. මේක ලිව්වට ස්තුතියි.. බුකියේ මේ සීන් එක දැක්කට account number එකත් එක්ක පිළිවෙලකට මේ ගැන ලියල තියෙන එක වටිනවා.. මම පොඩි උපකාරයක් කළා.. හැබැයි සම්පත් බැංකුවේ විශ්ව සේවාවේ ඇල්පිටිය කියල බ්‍රාන්ච් එකක් පෙන්නන්නේ නෑ.. මම කොයි එකටත් head office තෝරලා දැම්ම... අවුලක් නැති වෙයි කියල හිතනවා..

    ප්‍රින්ස් ගේ සිංදු පිස්සුවෙන් වගේ ඇහුවා ඒ කාලේ... ආයේ ඒ හඬ අහන්න ලැබේවා කියල හිතමු..

    ReplyDelete
  23. ස්තුතියි ඔබේ ලිපියට , විශේෂයෙන්ම දැන ගත යුතුම තොරතුරු සියල්ල විශ්වාසවන්තව ලබා දීම වෙනුවෙන් !

    ReplyDelete
  24. ප්‍රින්ස්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හංසි ...
      ජයවේවා !!

      Delete
  25. මම අහලා නැහැ මේවා. මේ පැතුම් ලා කොල්ල කළේ අහපු සින්දු වගේ. සින්දු ඇනෝ ඔබට සම්මනයක් තිබේ.

    ReplyDelete
    Replies
    1. අජිත් අය්යේ මේවා 90 දශකයේ ජනප්‍රිය ගීත ...මෙයාලා අපේ කාලයේ ගායකයෝ නොවැ ..සම්මානයට බොහොම ස්තුතියි ..
      ජයවේවා !!!

      Delete