Tuesday, February 9, 2016

“ආවේ වන බඹරෙක් වගේ”

ඔහුටම ආවේනික වූ හඬක් සහ රැඟුමක් නිසා ඔහුගේ ගීත අපුරු වෙනසක් ඇති කළේය .1970 දශකයේ සිට මේ දක්වාම තමන්ගේ අනන්‍යතාවය පවත්වා ගනිමින් තවමත් අප අතර ජනප්‍රිය මේ සොඳුරු කළා කරුවා වන්නේ " මඩවල හේවගේ පෝල් ප්‍රනාන්දු " නොහොත් "බයිලා කුමරුය".1951-නොවැම්බර් -24 වන දින උපත ලද මෙතුමා 70 දශකයේ බයිලා ගී දැවැන්තයින් අතර තරුණයෙකු වූ නිසාම පෝල් ප්‍රනාන්දු බයිලා කුමරු (Prince of Baila) ලෙස එවක හැදින්විය .


පාසල් කාලයේ සිටම ගී ගැයීමට දැක්වූ හැකියාව නිසා 1969 දී මොරටුවේ පැවැත්වුව "69 ආධුනික ගීත " තරගාවලියෙන් ගායන අංශයෙන් ජයග්‍රහණය කළේය .එය ඔහුගේ ගායන ජිවිතයේ කඩයිමක් විය ."ලාබම්බාස් " සංගීත කණ්ඩායමේ "ප්‍රියා පිරිස් " පොල්ගෙ දක්ෂතාවය දැක ඔහුට අත දීමට ඉදිරිපත් විය .1970 දී පෝල් තම ප්‍රථම ගීත තැටිය එළි දැක්විය .ඉන් පසු රවී රණසිංහ රචනා කොට මිල්රෝයි ධර්මරත්න තනු නිර්මාණය කල “එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ” ගීතය මහත් ජනප්‍රියත්වයට පත් විය. . "මාලා ඔබ ගැනම සිතාලා" , "තොප්පි වෙළෙන්දා",“සුපුන් සඳක් අහසේ පා වුණා, නෙලුම් කුමාරි” ඔහුගේ ගීත අතර විශේෂ ගීත වේ. 1974 ඔහුගේ කුළුදුල් යුග ගීතය එළි දැක්විණ. “ආවේ වන බඹරෙක් වගේ” ගීතය ඔහු සමඟ ගායනා කළේ අනුලා ප්‍රනාන්දු විසිනි. එම වසරේදීම එළි දැක්වුණු “පාන් මාමා” ගීතය ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය ගීත අතරට එකතු විය."දෝන කතරිනා, මමත් ෆර්නැන්ඩෝ ", “අරුණලු පැතිරෙන, රුවන් මාලිගා නැත මා හට, මගේ පාසල් කාලය, බ්‍රෝකර් බිල්ලා” සහ ඔහු විසින්ම තනු නිර්මාණය කළ “සමන් මලී කොහේ සිටන් ඔබ” ඇතුළු මාධ්‍යවලින් ප්‍රචාරය වූ සහ නොවූ ගීත 150 අධික ප්‍රමාණයක් ඔහු විසින් එළි දක්වා ඇත. ක්ලැර්න්ස් විජේවර්ධන, ලාල් තේනබදු, නිශ්සංක විමල සුරිය, ප්‍රියා පිරිස්, සුනිල් ධර්මසේන ,ස්වින්ටන් ප්‍රනාන්දු,හේමසිරි හල්පිට, රොලින්සන් ප්‍රනාන්දු, ඇතුළු බොහෝ තනු හා ගීත රචකයන් ඔහුගේ නිර්මාණ පිටුපස සිටියහ .."මගේ පාසල් කාලය" ගීතය අදටත් තරුණ වැඩිහිටි කාගෙත් ප්‍රසාදය දිනා ගත් ගීතයක් විය. 70 දශකයේ සිට මේ දක්වා ම එක ලෙස තම ගීතවල ජනප්‍රියත්වය රඳවා ගන්නට පෝල් ප්‍රනාන්දු  නම් අපුරු පුද්ගලයට හැකිවිය .තවත් කාලයක් අපි වෙනුවෙන් ගී ගැයීමට එතුමාට දිඝායුෂ පතමු !!!!

--------------------------------------------------------------------------------------------

රටට ගමට තුති පුදකොට මේ සබයට මන පිනවන්න
රුවට හැඩට යස කදිමට ලළනාවෝ එයිද නටන්න
මී මැස්සෝ රොන් උරන්නේ ගුම් නද දී සුවඳ මල් මැද
නිළ මැස්සෝ මට කියන්න මල් පැණි වල අරුමේ දනීද ...

ලස්සන මල් සොයා මී මැස්සෝ ගියා
කුණු කසලක් සොයා නිළ මැස්සා ගියා ...//

මිතුරා ඔබගේ හතුරා වුනොත් - ඒ මිතුරාට බඳිනවා වෛරෙ
දෙබරා ඔබගේ වෙයි හතුරා - දෙබරගේ කැඩුවොත් දෙබරේ
බඹරා විස ඇති බඹරා - ගල් ගැසුවොත් වැටෙයි කරදරේ
වඳුරා කැලේ වානරයා - වරුණ කරයි වලිගෙ විස්තරේ ..

වඳුරට වස්තරේ නැත ඌට කේන්දරේ
වලිගයේ විස්තරේ කියයි වනන්තරේ ...//

බල්ලෙක් කොපමණ බිරුවත් - අවට තියන කඳු පෙරලෙයිද
කොල්ලෙක් කෝප වී බැන්නට -ඤනවන්ත කෙනෙක් කිපේද
මෙ නරියෝ කැලේ හු කිව්වට - සිංහ පැටියා බය සැක වෙයිද
කෙසරයා බඩගින්නට - කියන්න තණකොළ කනවාද ...

කේසර රාජයා අහන්කාරයි සුරයා
නරියා කපටියා කයිවාරු කාරයා .. //

ගෝලයා මුසිලයා - ගියා ගුරත් එක්ක සමග වාදේට
ගුත්තිලයා පඬිවරයා - වැදෙන ජය ගත්තා සැබැට
මේ නාගයා ඇදී ඇදී යන විට - කරබාගෙන ඒකාගේ ගුලට
මෝඩ වෙන්න එපා එපා පාගාලා එකාගේ නගුට ...

මෝඩයා මෝඩයා අහන්කාරයි මෝඩයා
ඉවසිලිවන්තයා එයා  ඤනවන්තයා ....//

ගායනය - පෝල් ප්‍රනාන්දු

--------------------------------------------------------------------------------------------
එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ
මෙගොඩ ගොඩට අත වනනා මල් එතනෝ
එගොඩ මෙගොඩ ඔරු පදිනා මල් එතනෝ
නුඹ කාගෙද නුඹ කාටද මල් එතනෝ

දෙමට කැලෙන් දර අහුලාගෙන එනවා
දෙවැට දිගේ කලයට දිය ගෙන එනවා
ඕළු විලෙන් දිය නා ගෙන ගෙට එනවා
පාළු කුඹුර නුඹ් හින්දම වපුරනවා
මගෙ පාළු කුඹුර නුඹ හින්දම වපුරනවා

කදුරු වෙලෙන් පන් උදුරා ගෙන එනවා
පැදුරු වියා ලස්සන රටා මවනවා
අඳුර මකා හවසට හඳ පායනවා
සොඳුර නිසා ගමටම කිරි උතුරනවා
ප්‍රිය සොඳුර නිසා ගමටම කිරිඋතුරනවා

ගී පද - රවී රණසිංහ 
සංගීතය - මිල්රෝයි ධර්මරත්න 
ගායනය - පෝල් ප්‍රනාන්දු 

--------------------------------------------------------------------------------------------
සඳපාන වගේ ඔබ රුව දිලිසිලා
මට නිතරම පෙනෙනවා මැවීලා
මාලා ඇවිත් මගේ කණට ඔයා ළං වෙලා
කියන්නකො ආදරේ කියාල
මාලා මම ඔබ ගැනම හිතාල
අහසේ රන් මාලිගා තනාල
ඔයා මගේ මං ඔයාගෙ යැයි පතාල
කියන්නකො ආදරේ කියාල

ලස්සන ගී ගයා රස කරලා
මම එන්නම් සොයා සුදු මාලා
අද සිට මං ඔයාගෙයි කියලා
කියන්නකෝ ම‍ගේ සුදු මාලා

සඳපාන වගේ...

පෙම් ලොව සැරිසරා පියඹාලා
ආවේ ඔබ සොයා සුදු මාලා
ගෙල පළඳාලා මල් මාලා
පිළිගන්නම් ඔයා සුදු මාලා

සඳපාන වගේ...

කියන්නකො ආදරේ කියාල... 

සංගීතය -  ප්‍රියා පිරිස්
ගායනය/ගී පද - පෝල් ප්‍රනාන්දු 

--------------------------------------------------------------------------------------------
ගොළු හදවත විවර කරන්න
නොඉඳ හිතේ තද කරන් මට කියන්න
කඳුළු සලන්න ඉඩ නොතබන්න
කඳුළු සලන්න ඉඩ නොතබන්න

මුවගින් සිනා නගනවා 
නෙතගින් බැලුම් බලනවා
බිඳු රහසක් පැවසෙනවා 
වාගේ මට වැටහෙනවා

ගොළු හදවත විවර කරන්න...

දැඩි සෙනෙහසක් තියෙනවා
එය හිත තුල තෙරපෙනවා
ඔබ තනියම දුක් වෙනවා
වාගේ මට වැටහෙනවා

ගොළු හදවත විවර කරන්න...

ගීයෙන් ලොව අමතනවා
මගෙ අදහස පවසනවා
ඔබ නිහඬවම සිටිනවා
මා හදවත වැළපෙනවා

ගොළු හදවත විවර කරන්න...

ගායනය - පෝල් ප්‍රනාන්දු
ගී පද/සංගීතය - රවී රණසිංහ


--------------------------------------------------------------------------------------------
ආවේ වන බඹරෙක් වාගේ
හද මල වෙතට ඔයාගේ
පෙම් ගී නාදය ඔබගේ
හදවත සනසයි මාගේ

ලස්සන ඔබවෙයි මාගේ
මිණිමුතු සේ ඔබව මට අගේ
ඔව් හැම දිනම මා ඔබේ
මිණිමුතු සේ ඔබව මට අගේ

ආවා පෙම්බර රැජිනි කියාලා
පෙම්ලොව රජ මාලිගයේ
මම ඔබ ළඟ සිටිමින්
සැම දින ඔබ රකිනෙමි
ඔබ පෙම් රැජින වේ ප්‍රියේ

මා හා සතුටින් සිනාසෙන්නකෝ
පිපි පෙම් කුසුම මා හදේ
මගේ හදවතට හොරා
ගති මගේ දෙනෙත දරා
බැල්මද මගේ දෙනෙතේ රැදේ

වාගේ...පුන්සද පායනවා වගේ
පෙම් රජදහන ඔප නැගේ
ඔබ ලග සිටිනවා නම්
ඹබ මට සතු නම්
නැත සද එළිය මට අගේ..
ආවේ වන බඹරෙක්..

ගායනය - පෝල් ප්‍රනාන්දු/අනුලා ප්‍රනාන්දු

--------------------------------------------------------------------------------------------
කුරුලු ලොවේ කුරුළු හඩට මා පිබිදෙනවා
අදුර මැකී දැන් ටික ටික එළිය වැටෙනවා
බයිසිකලේ සීනුව ලග ලගම ඇහෙනවා
පාන්දරින් පාන් මාමා පාන් ගේනවා

පාන්දරින් අපෙ ගේ දොරකඩට ඇවිල්ලා
සීනුව ඔහු  දෙතුන් වරක් නාදය කරලා
පාන් ගෙනත් ඇති බව ඇත සැමට දන්වලා
අහල පහල හැමදෙන එයි හනිකට දුවලා

රෝස් පාන් සීනි බනිස් කන්නට හිතිලා
පුංචි නැඟී මල්ලි මාමා වටේ රොක් වෙලා
සතේ දෙකේ කාසි වලින් ගණන් බේරලා
උනුපාන් බනිස් ගෙදර ගෙනෙයි දෑත පුරවලා

ඊයේ ගත්ත රෝස් පාන් ගෙඩිවල සල්ලි
තරහ නැතිව අදවත් මට දෙන්නකෝ මල්ලි
මෙන්න මාමේ ගන්නකො මන් ගෙනාවා සල්ලි
ඉනේ ඔතන් මාමා යනවා සතුටින් ඉපිලී

වැස්ස පින්න නොබලා උදෙන් අපවෙත එනවා
බයිසිකලේ මහන්සියෙන් පැදගෙන යනවා
කොයි කාටත් සිනා රැලක් පිළිගන්වනවා
පාන් මාමා කවදත් කොහිදීත් වැජඹෙනවා 

ගායනය - පෝල් ප්‍රනාන්දු


--------------------------------------------------------------------------------------------
මාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින
ඈගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට
මං පොඩි කාලේ මාව දැම්ම පාසලේ
ඉගෙන ගෙන වැඩුණේ මගේ මොලේ

පාසලේ පන්තියේ කෙල්ලෙක් වැටුණ මගේ දැලේ
මා ගැයු මේ ගීත ඇසු කලේ
මහ පාරට පැමිණ මං ඇව බලන්න
සිටියා පොත් මිටිය අරගෙන
මුණ ගැසුණු තැන අපි කතා කරමින
ගියා දෙදෙනා පාසල් යන්න

මෙන්න මෙලෙසට අපි ගියේ පාසල් යන්න
ඇය පණ වගේ ආදරෙයි මට
ඇගේ ගෙදරට ගියේ මං ඈයව බලන්න
නමුත් වෛදවේ නැහැනේ අප හට

මේක දැනගෙන අපේ අම්මා මට බැණ
වෙන පාසලකට මාව දැමු තැන
මම කඳුළු සලමින
සිටියාය දුක් විඳ ඇය ගැන කල්පනා කරමින

මාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින
ඈගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට

මිතුරෙක් ආවා ඔහු මෙලෙසට කීවා
ඔයා නැතිව කෙල්ල අඩනවා
මම දැන්මම යනවා මගේ කෙල්ල අඩනවා
ඇසුවත් මගේ පපුව පැලෙනවා

ලිපියක් ලැබිලා මම බැලූවා කියවලා
මේ විදිහට තිබුණා ලියාලා
ඔයා නැති නිසා මම ගනිමි දිවි නසා
ඇවිත් යන්න මාව සනසලා

මාදම් කැලේ මම ගියා කළුවරේ
බලන්න මගේ කුමාරිය බොලේ
මිනිසුන්ව දුටු කළේ අවුල් වුණා මගේ මොලේ
කුමාරි මැරිලාය අතු පැලේ

ලිපිය අරගෙන නැවත කියව බැලූ තැන
ඇය මැරෙනා බව ලියා තිබු තැන
සැමදාම දුක් වුණ නිතර කඳුළු වැගිරුන
අඳුරු ලොවක මාව තනි වුණ

මාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින
ඈගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට...

ගායනය - පෝල් ප්‍රනාන්දු

--------------------------------------------------------------------------------------------
සුපුන් සද පායල නෑ
අහසෙ රන් තරු දිලෙන්නෙ නෑ
ඔබේ ගී හඩ ඇසෙන්නෙ නෑ
සවන් පිනවන්නෙ නෑ

සුවද ඇති මල සතුවෙලා
පිපි මහද මැලවිලා
මව්පියො කී බස අසාලා
ඇයිදො ගියෙ මා දා
සුපුන් සද ........

දිළිඳුකම මා පරදලා
තිබු මැණික නැතිකලා
සදා අදුරේ ගිල්වලා
සිටියෙ ඇයිද බලා
සුපුන් සද ......

ගායනය - පෝල් ප්‍රනාන්දු

--------------------------------------------------------------------------------------------
සුපුන් සඳක් අහසේ පාවුනා
වලා රොදක් තුලින් හිනැහුනා
සුපෙම් හදක් කරයි කල්පනා
මගේ හිත වෙත එයි සුදාගේ සුදු මුණේ මල් හිනා ...

එන්න එන්න පෙම් හසරැලි පාලා
දෙන්න දෙන්න දෑත දිගු කරාලා
ඉන්න ඉන්න මා ළඟටම විලා
අපි සදහට ඉමු සැනසිලා ...

එන්න මා සොයා මා සිතෙහි චන්ද්‍රයා
ගීත ගය ගයා සුරංගනාවී ඔයා
පෙම් හසුනක් ලියා ගන්නවද ඔයා
කුමරියේ මන් ඔබේ කුමාරයා ...

ගායනය - පෝල් ප්‍රනාන්දු

--------------------------------------------------------------------------------------------

උසි බාබා කෙකර ගගා මැණිකේ නටනවා
තව සැරයක් විභාගේ මට ගන්න හිතෙනවා
රෑ හීනෙන් නින්ද නැතිව මන් ලතවෙනවා
ගින්දර වාගේ සුන්දර රූපේ පේනවා ...

උකුලේ කලේ නටව නටව රන්මැනිකා ලිඳට ගියෝ
දෙවට දිගේ යන එන මට ටටා ටටා කියලා ගියෝ
ඒක දැකපු කළු නැන්දා පුපුර පුපුර ගෙදර ගියෝ
පහල ලිඳට යන එන එක රන්මැනිකගේ නතර වුනේ

අම්මා අප්පා එපා කියලා කුල සිරිතට පයින් ගහලා
කරට ගත්ත මැණිකේ දැකලා ගමේ එවුන් කතා හදලා
මැණිකේ උඹ ගැනම හිතලා මගේ හදවත ගුල්ලෝ විදලා
දෑවැද්දත් එපා කියලා හඳපානේ යමුද පැනලා

ගායනය - පෝල් ප්‍රනාන්දු
--------------------------------------------------------------------------------------------
ගෙවල් ගානෙ ගිහින් මනාලියන් හොයන්න
කලක ඉඳල හැදුව කසාදයක් බඳින්න
නැකත් හදල පොරොන්දනුත් බැලුව කැපෙන්න
බඳින දවසෙ සිදුවුන ජරමරේ අහන්න

කසාදෙ කසාදේ බැඳගන්නට
බැරි වුනෙ මට මොකද කසාදේ..//

රෑ නින්දට වැටුනා මම හීන බල බලා
නැගිටිනකොට ජූලි හතයි හොඳට එළි වෙලා
අනේ අනිච්චං වෙලාව නැකත පහුවෙලා
පපුව තද වුනා මනමාලියව සිහිවෙලා

හිතා හිටියෙ සැරසෙන්නට උදෙන්ම නාලා
ඒක බැරිවුනා කරන්න පරක්කු වීලා
කමිසෙ ඇඳල හිර කලිසම දඩි බිඩි ගාලා
කකුල් දෙකට බස්ස ගත්තෙ හරි වද විඳලා

අලුත් මේස් කුට්ටම මගෙ කකුලෙ හිර වුනා
සපත්තු දෙක කකුල් දෙකට තදේ බැස්සුනා
දනි පනි ගා ඇවිදින කොට වැඩේ තේරුනා
සපත්තු දෙක මාරු වෙලා බව මට දැනුනා

මුල්ම සැරේ ටයි එක දා ගන්න සැරසුනා
ටයි පටියේ ගැටේ තදට හුස්ම හිරවුනා
කෝට් එකත් ලොන්ඩරියට කුළිය දී ගෙනා
මහ ලොකු තඩි ලෝගුවක්ය කියල වැටහුනා

කසාදෙ කසාදේ බැඳගන්නට
බැරි වුනෙ මට මොකද කසාදේ..//

පොල්තෙල් ගා කොන්ඩය නියමෙට පීරාලා
සුවඳ ගහන සැන්පවුඩර් සේරම දමලා
මගෙ බෝඩිමෙ අයිතිකාර ඇන්ටිට වැඳලා
රූං කියා ඉගිල්ලුනා කාරෙකෙ නැගලා

කාර් එකේ ඇන්ජිම හිටි හැටියෙ ලෙඩ වෙලා
ගමන බකල් ටැක්සියකට හනික ගොඩවෙලා
නියම තැනට යනකොට පැය තුනක් පහුවෙලා
මනාලියයි දෙමව්පියොයි ගෙදර ගිහිල්ලා...

ගායනය - පෝල් ප්‍රනාන්දු
--------------------------------------------------------------------------------------------
"මෙන්න ගීත ගොන්න බාගන්න ...සරිගම වෙතින් "
--------------------------------------------------------------------------------------------
ප.ලි

එක දිගටම පිං පත්තරයක් වාගේ පොස්ට් දාලා වෙනසකටත් එක්ක බයිලාවක් දෙන්න හිතුනා ..කෝ ඒකාලේ කොල්ලෝ කට්ටිය එකතුවෙලා දෙමු බලන්න හොඳ කොමෙන්ටුවක් ....වැරදි අඩු පාඩු තිබේ නම් පෙන්වා දෙන්න ....

61 comments:

  1. ඒ කාලේ කොල්ලෝ දැන් කාලේ වයසක උන්දෙලනේ...
    අප්පේ ඒ කාලේ අපි හිටියේ නෑ නෙව. නැත්නම් දානවා කොමෙන්ටුවක් හිටගෙන.
    උත්සාහය අගය කරනවා සිංදුවෝ...

    ReplyDelete
    Replies
    1. හුරේ දාලා.... මං එක.

      Delete
    2. සිංහ මචෝ ..ඒ කාලේ කොල්ලෝ වයසට යන්නේ නැ ..තවම ෆිට් පොරවල් හරිය ...හැක් හැක්
      ඔබගේ තෑග්ග ලෙස ඔබ කැමති ගීතයක් හිමිවෙනවා ..එය යතා කාලයේදී ලබා දීමට අනුග්‍රහක භවතුන් ක්‍රියා කරනවා ඇති ...
      ස්තුතියි මචං ...
      ජයවේවා !!!

      Delete
  2. මාත් ආව සිංදුවක් අහන්ඩ.

    ReplyDelete
    Replies
    1. අහමු අහමු .....ඇයි එකක් අහන්නකො ඔක්කොම ...
      සාධරයෙන් පිලිගන්නවා කුකුටෝවා ...හැක් හැක්

      ජයවේවා !!!

      Delete
  3. ගීයෙන් ලොව අමතනවා
    මගෙ අදහස පවසනවා
    ඔබ නිහඬවම සිටිනවා
    මා හදවත වැළපෙනවා.. කොල්ල කාලේ ලොක්කා පට්ට හැන්ඩියා නෙහ්?

    මචං.. මේ සිංදු පට්ටේටම වැදුනේ උඹට මතකද ඒ දවස්වල නන්ස්ටොප් කරෝකේ වීඩියෝ ගැහුවා එක දිගට.. අර හිමාලි සිරිවර්ධනගේ සෙන්සේෂන්ලා නැටුවේ.. අන්න ඒ ටිකෙන් තමයි.. අදටත් කට පාඩම් ඒ නිසාම.. ඒ cd වලින් උන් හොඳට හම්බ කරා ඒ කලේ.. මුල් ගායකයින්ට ඒකෙන් සෙතක් උනේ නැද්ද මංදා..

    වෙනසකටත් එක්ක හොඳයි බයිලා පාර.. වරෙන් නටමු..

    උසි බාබා... අහා..
    උසිබාබා කෙකර ගගා මැණිකේ නටනවා
    තව සැරයක් විභාගේ මට ගන්න හිතෙනවා
    රෑ හීනෙන් නින්ද නැතිව මන් ලතවෙනවා
    ගින්දර වාගේ සුන්දර රූපේ පේනවා ...
    ගිනි..ගිනි.. ගින්දර වාගේ සුන්දර රූපේ පේනවා .../// කැරකිලා...

    ReplyDelete
    Replies
    1. නටමු නටමු ....ඔක්කොම නටන එකේ අපිත් ඔන්න ඔහේ නටමු .සෙන්සේෂන්ලා ඒ දවස් වල අම්බානෙක හම්බ කළා ..කොටුවේ ස්ටේෂන් එක ලඟින් යන්න නැ අර පේව්මන්ට් එකේ දාලා VCD විකුණුවේ ...

      "කුරුලු ලොවේ කුරුළු හඩට මා පිබිදෙනවා
      අදුර මැකී දැන් ටික ටික එළිය වැටෙනවා
      බයිසිකලේ සීනුව ලග ලගම ඇහෙනවා
      පාන්දරින් පාන් මාමා පාන් ගේනවා"

      Delete
    2. සෙන්සේෂන්ලාට ජය වේවා !!!!!

      Delete
  4. පොල් ප්‍රනාන්දුගේ සින්දු වල විශේෂත්වය තමා පට්ට පදමාලා තෝරාගෙන තිබීම. සංගීතය පැත්තෙන් ගත්තොත් 6/8 ම තමා..

    ReplyDelete
    Replies
    1. දෙමාපියෝ දැක්කා වාගේ ජිවන අය්යේ ...
      මේකනේ ඒ දවස් වල මොකා ලිව්වත් ඒක හොඳ පද මාලාවක් වුනා මයේ හිතේ .හැමෝම ඒ ගැන දැනුවත් වෙලා තමයි ඒ දේවල් කලේ ...
      ස්තුතියි ජීවා ..
      ජයවේවා !!!

      Delete
  5. ඒ කාලේ නං මන් ගිය ආත්මෙක ද දන්නෙත් නෑ...හැබැයි ඔය සින්දු ගොඩක් අහල තියනවා...ජයවේවා සින්දුවෝ!!

    ReplyDelete
    Replies
    1. හැබැට ගෙම්බියෝ ඒ කාලේ ඒවා මතකම නැද්ද ..මම කිව්වේ ගිය ආත්මේ ඒවා ...හැක් හැක් මේ ගීත තවමත් ජනප්‍රියයි නගෝ ...එකයි තවම හැමෝටම මතක තියෙන්නේ ..
      ජයවේවා !!!

      Delete
    2. මන් මේ මතක් කරනවා කරනවා අනේ...කොහෙද මගේ මොළ ගෙඩිය අප්ඩේට් වෙන්නෙම නෑ නේ..හිකිස්..

      දැන් හැදෙන හුගක් සින්දු වලට වඩා මිනිස්සු පරණ සින්දු වලට වගේම ගයකයන්ටත් තාම ආදරෙයි...ජය වේවා...!!!!

      Delete
  6. මේ සින්දු ඒක විදිහක අනන්‍යතාවයක් සහිත ඒවා.. අැත්තට ම වෙලාවකට ඒ ගීත විතරක් ම දාගෙන අහන වෙලාවල් තියෙනවා. ඒ අතරදි තෝරා ගන්නා ගීත කීපයක් ම මෙහි තියෙනවා. හරිම අගෙයි සින්දුවෝ............

    ReplyDelete
    Replies
    1. මටනම් මේවා දවසේ ඕනෑම වෙලාවක අහන්න පුළුවන් ගීත ...පෝල්ගේ මම කැමතිම "මෝඩයා " ගීතයට ..හැක්
      ස්තුතියි කුරුට්ටෝ ..

      Delete
  7. නියම සින්දු ටික. ඒ දවස් වල පාටි වලදී කිව්වේ මේවා. අවුරුදු 20කට 25 කට කලින්.

    ReplyDelete
    Replies
    1. //අවුරුදු 20කට 25 කට කලින්.//
      අම්මෝ අපි ඉපදිලත් නැ ඒ කාලේ අජිත් අන්කල් ...හැක් හැක්
      ඒ කාලේ මේ කාලේ කියලා වෙනසක් නැ ..මේ ගීත තමයි තවමත් පාටි වලදී කියන්නේ ...
      ජයවේවා !!!

      Delete
  8. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2830-2016-02-09-23-03-59

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි නැවතත් ....

      Delete
  9. සඳපාන වගේ ඔබ රුව දිලිසිලා,ගොළු හදවත විවර කරන්න,ආවේ වන බඹරෙක් වාගේ කියන සිංදු ටික මාර විදියට ජනප්‍රිය වුනා.අපේ තාත්තලා බජව්වක් එහෙම දානකොට ඔය සිංදු ටික කියනවා.පරණ බයිලා සිංදු කියලා කිව්වට මේ සිංදුවලට අද තරුණ පරපුරේ අයත් කැමතියි.මට හිතෙන්නේ පදමාලාවයි ගායන ශෛලයයි වෙන්න ඇති ඒකට හේතුව.

    ReplyDelete
    Replies
    1. ඇයි බොලව් සිංදු වතුර :D

      Delete
    2. මනෝ ...මේ ගීත තමයි තවමත් අපේ කට්ටිය කාපු බීපු වේලාවට කියන්න පටන් ගන්නේ ..මොකෝ දැන් තියන ගීත බජව් වල කියන්න මතක තියෙන්නේ කාටද බන් ..සරල පදමාලාව එක්කම තනුව කට හඬ වාගේ හැමදේම ගැලපුනා .බොහොම ස්තුතියි මනෝ ..ජයවේවා !!!

      Delete
    3. පත්තරයෝ ඒ මොනාද මචෝ ...නැටුන් තෙල් වාගේ එකක්ද ? හැක් හැක්

      Delete
  10. පලවෙනි වතාවට තමයි සිංදු ඇනෝ ගෙ බ්ලොග් එකට ගොඩවුනේ.. පෝල් ප්‍රනාන්දු කියන්නේ මම ආස කරන ගායකයෙක්... එගොඩ ගොඩේ මල් නෙලනා කියන ගීතය අමතක නොවෙන ගීතයක්..

    ReplyDelete
    Replies
    1. සාධරයෙන් පිලිගන්නවා අම්බලන්ගොඩයෝ .....අපේ කාලයේ හැමෝම කැමති ගායකයෙක් මචෝ ...
      ජයවේවා !!!!

      Delete
  11. ඇත්තමයි සින්දුවෝ මං ඔතනින් සිංදු දෙකයි අහලා තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ ...ඇත්තටම උඹ කවුද කැමෝ ...මම කරගන්නේ පුදුම පිනක්නේ මචෝ උඹට සින්දු අහන්න දීලා .........හැක්
      ජයවේවා !!!

      Delete
    2. සුපිරිම පොත් පිස්සෙක් මචෝ... සිංදු අරහං...

      Delete
  12. උඹ නිසා හැමදාම සිංදු සම්බන්ධව ඔළුවේ තියෙන වැරදි මත ඉවත් වෙනවා, ඒකම මදෑ...
    "එගොඩ ගොඩේ" සිංදුව මම හිතාගෙන උන්නේ වෙන කාගේහරි සිංදුවක් විදිහට. හැබැයි ඒ කවුද කියල මට මතක නැහැ...

    ReplyDelete
    Replies
    1. පුදුම ආඩම්බරයක් යකෝ දැනෙන්නේ මේවා දකින කොට ..හැක්
      මතක් කරලා කියපන් හිතාගෙන හිටපු ගායකයා ...ඒ ගැනත් ලියමු ..
      ස්තුතියි මචෝ ..
      ජයවේවා !!!

      Delete
  13. මේ සිංදු ටික සහ ගායකයට මමත් ආසයි. කරුමේ කියන්නෙ සීඩීයක් හරි මෙමරියක් නැත්නම් ගුවන් විදුලි නාලිකාවකින් නම් මෙව්ව අහනව බොරු.

    ReplyDelete
    Replies
    1. අනිවා තෙලියෝ ...මේවා දැන් තියන fm වලින් අහනවා බොරු මචෝ ..මමත් කරන්නේ මෙමරියකට මේවාගේ සින්දු දාගෙන අහන එක ...වෙළඳ සේවේ පොඩ්ඩක් තවම පරණ සින්දු ටිකක් යනවා මචෝ ..
      ජයවේවා !!

      Delete
  14. උඹට හුග දවසක ඉදල කියන්න හිතාගෙන ඉන්නවා බං ගැන්විල් ගැන ලියන්න කියලා.. උඹ ලිව්වද කියල නං මට මතක නෑ දැං..

    ReplyDelete
    Replies
    1. ඔය "ගැන්විල්" ලියලා කියන්නේ ග්‍රැන්විල් රුද්‍රිගූටනම් ,මමත් අත්දෙකම උස්සනවා ඒ යෝජනාවට.අපි දන්න අතීතයම විතරක් නෙමෙයි.කේමදාස මාස්ටර් එක්ක එකතුවෙලා "කිලර් " කරපු අවදියේ ඉඳලම ලියපන්.

      Delete
    2. ලියමු ලියමු මචෝ ....
      මතකද මේක ...

      "මගේ යටත් වැසියෝ සියලු දෙනාම
      මුලු දවස පුරා සිනාසිය යුත්තෝය.
      මේ රජ අණ කඩ කරමින් කඳුළක් හෙළන ඕනෑම අයෙකු
      රාජ ද්‍රෝහියෙකු ලෙස සලකා
      බරපතල දඬුවම් පමුනු වනු ලැබේ.
      ඒකාධිපති ජිංජිස්කෑන් මහ රජු‍ගේ
      අලුත්ම නියෝගයයි ඒ.

      ගායනය - ග්‍රැන්විල් රොඩ්‍රිගෝ

      Delete
    3. මැති ඇමතිවරු සීරුවෙන්...සීරුවෙන්..
      පෙන්වාදෙති වැසියනට
      ලෙහෙසි නැති පහසු නැති
      කාරියක්බව රට පාලනය...රට පාලනය....

      Delete
    4. ඔකේ අන්තිම ටික ....

      "අපි හැමෝම තකතීරුවෝ
      අන්න ඒක නිසා තමයි
      කෙස් පැලෙනා මොළකාරයෝ
      අතළොස්සක් ඔන අපට"

      Delete
  15. ඔන්න මං ආවෙ නෑ හරි :D

    ReplyDelete
    Replies
    1. ආවත් වැඩක් තියන එකක්යැ ....හැක් හැක්

      Delete
  16. මමත් බොහොම ආසාවෙන් අහන ගායකයෙක්. ඒ වගේම 70 දෂකයේ ගීත කියන්නෙ මම හරිම ආසාකරන ගීත. මේ ආසාව නිසාම සින්දු තොගයක්ම එකතු කරං ඉන්නව. ඒ අතරට පෝල් ප්‍රනාන්දුගෙ සින්දුත් තියෙයි. ඒවයෙ අර මැදින් රහසින් වගේ කුනුහරප කියල නෑ. ඔර්ජිනල් බඩු හරිය?

    ReplyDelete
    Replies
    1. 70 දෂකයේ ගීත කියන්නෙ තවමත් බොහෝ දෙනෙක් ආදරය කරන ගීත කසුනෝ ...//ඔර්ජිනල් බඩු හරිය?// උඹ තියාගෙන තනියම අහපන් එතකොට හරි ...හැක්

      ජයවේවා !!!!

      Delete
  17. මේ සින්දුවලින් වැඩි හරිය මේ දැනුත් ඇහෙනවා ඇහෙනවා වගේ. වැඩිපුරම කියවෙන්නේ ට්‍රිප් ගියාම. ඊ ලඟට බිව්ව්වාම.

    ReplyDelete
    Replies
    1. 100% පෙරාපු ඇත්ත ඩුඩ් ...C.T , M.S පෝල්ලා මතක් වැඩියම මතක් වෙන්නේ ඔය කියන වෙලාවට තමයි ...

      ජයවේවා !!!

      Delete
  18. පෝල් ෆර්නෑන්ඩු කියන්නේ අපේ කාලේ ගායකයෙක්... ඒ වගේම මාතලන්ගේ ප්‍රියතම ගායකයෙක්... පොඩ්ඩක් අවුට් වගේ ගිහින් ආයෙත් හොඳින් ඉන්නවා කියලා ආරංචියි... මොරටුවේ ආතල් පොරක්... ප්‍රසාංගික කලාව ඉහලින්ම තියෙන උන්ගෙන් එකෙක්..

    ReplyDelete
    Replies
    1. මාතේ දැන් නම් ආයෙත් ඕපන් ස්ටේජ් වල ගීත ගායනා කරනවා.මම හිතන්නේ දැන් හොද වෙලා ඇති .මොරටුවෙන් බිහිවුන තවත් ආතල් පොරක් . මෙන්න මෙතැන බලපන්

      Delete
  19. දෙකක් දා ගත්තම මේ සින්දු තමයි මතක් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අර උඩින් ඩුඩ් කියලා තියෙන්නේ මචෝ සිංහලෙන්ම ..හැක්
      අලුත් තැන උඹට දැන් නිදහස තියනවාද ආයෙත් බ්ලොග් එන්න ..
      ජයවේවා !!!
      එලද බ්‍රා ...

      Delete
    2. නිදහස ටිකක් විතර අඩුයි එත් හොදයි. මම බ්ලොග් දාලා යන්නේ නැහැ බන්. උබ දන්නවද මේ ජොබ් ඒක පටන් ගන්න මට අපේ බ්ලොගේර්සලා ටික දෙනෙක් උදව් කරා ඒ අතරින් කෙනෙක් අසීමිතව මගේ පස්සෙන් ඉදලා මට මෙතනට එන්න උදව් කරා.

      Delete
  20. අපි පාසල් සිසුන් මෙන්ම රැකියා නියුක්ත තරුණයන් ලෙස සිටි අවධියේ පැවැත්වුණු සංගීත සංදර්ශන වල එක්තරා රටාවක් තිබුනා. දැන් වගේ පටන්ගත්ත තැන ඉඳලා කකුල් දෙකට සින්දු කිව්වේ නැහැ. මුළු සංදර්ශනයෙන් හතරෙන් තුනක්ම වෙන්වුණේ ශාස්ත්‍රීය සහ සරල ගී ගායනා වලටයි සංදර්ශනයේ අවසාන භාගය තමයි පෝල් ප්‍රනාන්දු මහතා වැනි ජනප්‍රිය පෙලේ ගායකයන්ට ලැබුණේ. ඒ වේග රිද්ම පරිඡේදය රස විඳින වෙනම පිරිසක් සිටියා. ඒ නිසා එවැනි ගීත ප්‍රිය නොකරන යට ඉවත්වී යන්නට අවස්ථාව ලැබුනා. (අපිනම් සංදර්ශනය ඉවරවෙලත් තවත් ටිකක් වෙලා ඉන්නවා ගායක ගායිකාවන් පිටවෙලා යනතුරු)

    මේ වගේ ගායකයන්, කවදාවත් අනුන්ගේ ගීත කියා ජනප්‍රියත්වයක් ලබන්න උත්සාහ නොකිරීම, කොපි ගීත ගායනා නොකිරීම, අගය කලයුතුයි.

    ReplyDelete
    Replies
    1. සංගීත ප්‍රසංග ගැනනම් කොච්චර කතා කලත් ඉවර වෙන්නේ නැ විචා ..ඒ කාලේ අපි විඳපු සුන්දර අතීතය ගැන තවම ලෝබයි ...
      //මේ වගේ ගායකයන්, කවදාවත් අනුන්ගේ ගීත කියා ජනප්‍රියත්වයක් ලබන්න උත්සාහ නොකිරීම, කොපි ගීත ගායනා නොකිරීම, අගය කලයුතුයි//
      ++++++++++++++++++++++++++++++++++++++++++++
      කියන්න දෙයක් නැ
      ජයවේවා !!!!

      Delete
  21. ඒ කාලෙ කොල්ලො කිව්වෙ දැං කාලෙ මොක්කුද බංස්??

    වෙනස හොඳයි.අලුත් කලෙක්ශන් එකක් එකතු උනා මගෙ ගීත ගොන්නට.

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ ත් කොල්ලොම තමයි මනෝ ..උන් වයසට යන්නෙම නැ ..හැක්
      කොහොමද වෙනස සැපද ? හැක් හැක් ......

      Delete
  22. මේ සිංදු හුඟක් අහලා නෑ. අද කාලේ රෙඩියෝ වල මේවා ඉතින් යන්නෙත් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. අනේ දිනේෂ් දැන් කාලේ රේඩියෝ ගැන කතා කරලා වැඩක් න මචෝ ...

      Delete
  23. sajeewi geetha set ekak sindhuwo. gaayakayan miyagiyath mewani geetha miyayanne naha.
    post eke thiyana sindhu set ekama man kamathi danna aasawen gayana geetha.

    Fernando kiyana geethayata wisesa kamaththak dakwanawa,
    trip ekak ehema giyama fernando geethaya tikak wadipura saddeta gayanawa,
    mokada ape trip eke enne wadipura fernandola.
    godaak isthuthi sinduwoo....

    ReplyDelete
    Replies
    1. ෆර්නැන්ඩෝ කියන ගීතය තවමත් ගොඩක් ජනප්‍රිය ගීතයක් මචෝ ..70 දශකයේ ගීත තවමත් සජීවී ගීත නේද ? ...මොන මගුලක් කරන්න ගියත් කියවෙන්නේ මේ ගීත ටිකමනේ ...
      බොහොම ස්තුතියි මචෝ
      ජයවේවා !!!!

      Delete
  24. උඹ නං මේක අහන්ට අකමැති වෙයි
    ඒත් බයිල කියන්නෙ මට පෙන්නන්ටම බැරි දෙයක් පට්ට දවාලක බයිල සිංදුවක් ඇහෙනව කියන්නෙ කාන්තාරෙක ඉදගෙන පරණ පාං කෑල්ලක් හපනව වගේ මෙලෝ රහක් නැති දෙයක්..
    ට්‍රිප් යද්දින් මෙයාලගෙ සිංදු කියනව ඕසෙට මං කරන්නෙ පැත්තක ඉදං අප්පුඩි පුඩි පුවත්තා කියල අප්පුඩි ගහනෙක
    එලස් හොද පෝස්ට් එකක් දන්න කෙනෙක්ගෙ නොදන්න දේ ටිකක් දැනග්ට පුලුවං වුණා

    ReplyDelete
  25. හරිම අව්‍යාජ කලාකරුවෙක්...ඔහු ගීත ගායනා කරන්නෙ කිසිම මහන්සියකින් තොරව...ඉතාම සරල පද රචනා..ගීත වල තනුත් එහෙමයි...

    ReplyDelete
  26. මම ආස කරන සින්දු ටිකක් සහ ගායකයෙක්

    ReplyDelete